අභියෝගය ඉස්ලාමයටද? විද්‍යාවටද?

4

නූතන ලෝකයේ ආකර්ශණීය මෙන්ම ජනප්‍රිය මාතෘකාවක් වේ නම් ඒ “විද්‍යාව” යන්නයි. එයට ප්‍රධාන හේතුව නූතන මිනිසා සියල්ල විද්‍යාව තුලින් දකින්නටත්, අසන්නටත් ඒ තුලින් තාර්ක ගොඩනැඟීමටත් හුරුවී සිටීමය. මෙය වරදක් ලෙස හෝ දුර්වලතවයක් ලෙස කිසිවකුටත් පැවසිය නොහැක. මන්ද මිහිමත වෙසෙන බුද්ධිමත්ම ජීවියා වන මානවයා සියල්ල බුද්ධිමත් ලෙස දැකීම ඔහුටම ආව්ණීක සුවිශේෂි ගුණාංගයක් වන බැවිණී. එසේ නමුත් මෙහිදී බුද්ධිමත් මානවයා දැන හෝ නොදැන අතපසු කරන කාරණයක් ඇත. ඒ “ආගමක හෝ දර්ශනයක වලංගුභාවය තීරණය කිරීමේ දී එහි ‘විද්‍යාව’ යන්න තීරණාත්මක සාධකයක්ද?” යන්නයි.
මෙහිදී ඉස්ලාම් දහම පදනම් කරගෙන මෙය සාකච්චාවට ගත්තද මෙම විෂය ඕනෑම ආගමක් දර්ශනයක් පදනම් කරගෙන විමසා බැලිය හැක. නූතන මිනිසා සියල්ල විද්‍යාව තුලින් දකින්නටත් අසන්නටත් සූදානම් වුවත් ඒ සදහා “විද්‍යාව තවම පූර්ණ ලෙස සූදානම් නැත” යන්න තමා සත්‍යය. “විද්‍යාව” යනු මිනිස් බුද්ධියට හා ශක්තියට පමණක් සීමාව ගමන් කරන විෂයකි.එය දිනෙන් දින දියුණූ වෙමින් එසේම තමන් ලබාගත් නිගමනයන් හි සංශෝධනයන් සිදු කරමින් ඉදිරියට ගලා යන විෂයකි. සරලව පවසනවා නම් එයට අවසාන ඉලක්කයක් හෝ සීමාවත් නොමැත. තවත් සරලව පවසනවා නම් වර්ථමානයේ විද්‍යාව දිනාගෙන ඇති ජයග්‍රහණ සාමාන්‍ය ජනතාවට මහත් ජයග්‍රහණයන් ලෙස පෙනුනද විද්‍යාඥයින්ගේ හා විද්වතුන්ගේ නිගමනය වන්නේ විද්‍යාව තවම ප්‍රථමික අවධියක යන්නයි. විද්‍යාව ජය ගතයුතු බොහෝ අභියෝගයන් විද්‍යාඥයින් හමුවේ තවම නොවිසදුනු පැනයන් ලෙස ඉතිරිව ඇත. මෙය විද්‍යාවේ වර්ථමාන තත්වයයි. මීට දශක 05 කට පෙර අවධිය සැලකූ වේ නම්, එදත් පොදු ජනයා සිතන්නට ඇත්තේ විද්‍යාව එහි උපරිමයට ලඟා වී ඇත යනුවෙන් වන්නට පුළුවන. විද්‍යාවේ වර්ථමාන දියුණූව දකින අපේ මුතුන් මිත්තන් අද එය විශ්මිත ලෙස බලාහිදීම තුල එය මනාව පිලිඹිබු කරයි. මේ සියල්ල තුලින් පැහැදිලි වන්නේ විද්‍යාව හමුවේ ඇති අභියෝග සමඟ අද විද්‍යාව සිටින තැන සැලකිල්ලට ගත්තේ නම් එය තවම තම ප්‍රාථමික අවධිය පසු කරනවා යන්න පමණි.


මෙසේ ප්‍රාථමික අවධියක සිටින විද්‍යාව එතැන් සිට ආගම් එසේත් නැත්නම් දර්ශනයන් අභියෝගයට ලක් කරමින් මත ප්‍රකාශ කිරීම හා තර්ක ඉදිරිපත් කිරීම කොතරම් බුද්ධිමත් ක්‍රියාවක්ද? යන්න මොහොතක් විමසා බැලුවේ නම්, එහිදී ඉහතින් මා සදහන් කලාසේ විද්‍යාවට අවසාන ඉලක්කයක් සීමාවක් නොවුවත් ආගමකට එසේ නොවේ. ඉස්ලාම් දහම පදනම් කරගෙන පවසන්නේ නම්, එය මීට වසර 1400 කට පෙරම පරිපූර්ණ දහමක් වී අවසානය. එතැන් පටන් අද දක්වාත්, මෙතැන් පටන් ලෝක අවසන් දිනය දක්වාත්, එහි නව එක් කිරීමක්, අඩු කිරීමක් හෝ සංශෝධනයන් සිදු කිරීමේ අවශ්‍යතාවයන් ඇති නොවේ. (එවැනි අවශ්‍යතාවයන් ඇති වීම යන්න ද එම දහම පරිපූර්ණ දහමක් නොවනවා යන්නට ප්‍රමාණවත් සාධකයකි) ඒ අනුව ඉස්ලාම් දහම එහි අවසාන ඉලක්කයේ එසේත් නැත්නම් උපරිම සීමාවේ සිටී. දැන් උපරිමය කරා පැමිණ සිටින ආගමට, එම ඉලක්කය කරා පියමණිමින්, එයට ලඟා වීමට පෙරුම්පුරණ “විද්‍යාව” අභියෝග කිරීම බුද්ධිමත් ක්‍රියවක්ද? යන්න බුද්ධිමත් ලෙස විමසා බැලීම බුද්ධිය ඇති ඔබට භාරය. එය කොතරම් අනුවනක්කාර ක්‍රියාවක්ද යන්න හොදින් අවබෝධ කර ගැනීම පිණීස තවත් පවසනවා නම්,

නුතන විද්‍යාව සැලකූ විට එය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. එය ඔප්පු කරන ලද විද්‍යාත්මක කරුණූ සහා උපකල්පනය මත තීන්දු තීරණ ගත් විද්‍යාත්මක කරුණූ යනුවෙන් වේ. මේ දෙකම පොදුවේ “විද්‍යාව” යනුවෙන් තමා හදුන්වන්නේ. නමුත් මේ දෙක අතර විශාල පරස්පරතාවයන් ඇත. උදාහර්ණයකට විශ්වයේ උපත සිදුවූ ආකාරය පිලිබදව විද්‍යාවට තවම ඇත්තේ උපකල්පනයන් පමණි. මෙම උපකල්පන ඉදිරියට ප්‍රතික්ෂේපවීමක් හෝ සංශෝධනයවීමක් සිදුවිය හැක. විද්‍යාවේ ගමන් මඟ ආපසු හැරී බලන ඕනෑම කෙනෙකු හ‍ට එවැනි අඳුරු මතකයන් අනන්තවත් දැකිය හැක. ඒ අනුව එවැනි උපකල්පනයන් පදනම් කරගෙන තර්කයන් ගොඩනැගීම බුද්ධිමත් ක්‍රමවේදයක් නොවේ. උපකල්පන මත පදනම් වූ විද්‍යාත්මක කරුණූ මෙසේ වුවද විද්‍යාත්මක ලෙස ඔප්පු කරන ලද කරුණු එසේ නොවේ යයි පැවසිය නොහැක. මන්ද අද වනවිට ලොව ඔප්පුකල විද්‍යාත්මක කරුණූ පවා අභියෝගයන්ට ලක්වෙමින් පවතී. ඔප්පු කල කරුණූ නිවරුදි ද එහි කිසියම් අතපසුවීමක් වැරදීමක් සිදුව ඇතිද? යන පැනය මතු වෙමින් පවතී. සරලව පවසනවා නම් සමස්ථ විද්‍යාවම ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙමින් පවතී.

නූතන විද්‍යාවට වර්ථමානයේ අත්ව ඇති ඉරණම ඉහතින් මෙලෙස සරලව පැහැදිලි කලද මීට ඉහත ද මෙම අඩවිය තුල දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරනවාද? යන මාතෘකාව ඔස්සේ මේ පිලිබදව දීර්ඝ ලෙස සාකච්චා කොට ඇත. මෙතෙක් සාකච්චා කල කරුණූ අනුව හා ඉතිහාසය කියාපාන කරුණූ අනුව “විද්‍යාව” යන්න අතීතයේ පටන් ආගමික විද්වතුන්ට, පූජකවරුන්ට, චින්තකයන්ට, දාර්ශනිකයන්ට… මහා හිසරදයක් වුවත් ඉස්ලාම් දහමට එය එසේ නොවේ. මෙය ඉතිහාසයේ ආගම් නමින් ඝාතනයට හා වද හිංසනයට ලක් වූ ශ්‍රේෂඨ විද්‍යාඥයින්ගේ ජීවිත කථාව හොදින් කියාපායි. විද්‍යාවේ පුනරුදය හමුවේ බුද්ධියට විලංගු දමා ලෝක ඉතිහාසය ආගම් නමින් අමිහිරි මතකයන්ගෙන් එලෙස සරසද්දී ඉස්ලාම් දහම මිනිස් බුද්ධියට ආමන්ත්‍රණය කරන ආකාරය වර්ථමා‍නයේ ඉස්ලාම් විරෝධි ව්‍යාපාරයන් හි නිරත අන්තවාදී පිරිස් අවංක ලෙසත්, බුද්ධිමත් ලෙසත් විමසා බැලිය යුතුය.
ඒ සදහා ඉස්ලාමීය ඉගෙන්වීමන් කිහිපයක් බුද්ධිමත් විමසුමට ඉදිරිපත් කරමි.

“ඉස්ලාම් දහම මිනිස් බුද්ධියට නිදහසට ඉඩ නොදෙන ආගමක්” යන්න බොහෝ විවේචකයන් ඉදිරිපත් කරන ප්‍රධාන මතයකි. ඔවුන් පවසනවා සේ ඉස්ලාම් දහම විද්‍යා විරෝධි දහමක් නොවේ. ඉස්ලාම් මනුෂ්‍ය බුද්ධියට කථා කරන එම බුද්ධියෙහි අවශ්‍යය‍තාවය අවධාරනය කරන දහමකි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ සදහන් වාක්‍යයන් හොදින් අධ්‍යනය කරන්නේ නම් ඔබට ම මනාව වටහා ගතහැක. එවැනි කුර්ආන් වාක්‍ය කිහිපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්නේ නම්,

  • භූමියෙහි සැරිසර නිර්මාණයන් කෙසේ උත්පාදනය කරන්නේද? බලනු… (අල්කර්ආන් 29-20)
  • සැබැවින්ම මෙම කුර්ආනය අධ්‍යනය කරනු පිණිස පහසු කොට ඇත්තෙමු. මෙය අවබෝධ කරගන්නෙකු සිටීද? (අල්කුර්ආනය 54-17)
  • තවද ඔවුන් මෙම කුර්ආනය අධ්‍යඅනය නොකරන්නේ ද? එසේ නොකිරීමට ඔවුන්ගේ සිත් හි අගුල් දමලාද? (අල්කුර්ආනය 47-24)
  • ඔවුන් මෙම කුර්ආනය පිලිබදව සිතිය යුතු නොවේද? මෙය අල්ලාහ් හැර වෙන කිසිවකු නිර්මාණය කලේ නම් එහි අප්‍රමාණ පරස්පරතාවයන් දකිනු ඇත. (අල්කුර්ආනය 4-82)
  • තවද ඔවුන් (මුස්ලිම්වරුන්) හට තම දෙවියන්ගේ වාක්යයයන් (කුර්ආන් වාක්යගයන් ගෙනහැර) පැවසූ විට එය බිහිරන් ලෙසත් අන්ධයන් ලෙසත් (පිලිගෙන) එහි කටයුතු නොකරයි (බුද්ධිමත්ව සිතාබලා කටයුතු කරයි) (අල්කුර්ආනය 25-73)
  • මීට අමතරව ශුද්ධ වූ කුර්ආනයේ 2-44, 2-73, 2-76, 2-242, 3-65, 3-190,191, 3-118, 6-32, 6-151, 7-169, 10-16, 11-51, 12-02, 12-109, 21-10, 21-67, 23-80, 24-61, 26-28, 28-60, 36-62, 37-138, 40-67, 43-3, 57-17, 67-10, 29-43, 2-164, 2-170, 2-171, 5-58, 5-103, 8-22, 10-42, 10-100, 13-4, 16-12, 16-68, 22-46, 23-15, 25-44, 29-35, 29-63, 30-24, 30-28, 36-68, 39-43, 44-38, 45-05, 4-113, 16-78, 17-85, 20-114, 46-23, 49-16, 55-3,4, 96-4,5…

වාක්‍යයන් මගින් ද ඉහත ආකාරයට මිනිස් බුද්ධිය හා එය භාවිතයේ අවශ්‍යතාවය ඉස්ලාම් දැඩිව අවධාරණය කරයි.

මේ අනුව නූතන විද්‍යාව අද සිටින තැන හා ඉස්ලාම් දහම මීට වසර 1400 පෙර සිට අද දක්වාත් ලෝක අවසාන දිනය දක්වාත් සිටින තැන අතර විශාල අවකාශයක් ඇත. විද්‍යාව අදට වඩා හෙට දවසේ තවත් යෝධ පියවරයන් තබමින් ඉදිරියට යනවා යන්නෙහි දෙගිඩියාවක් නැත. නමුත් එය විද්‍යාව ප්‍රාථමික අකුරු කරන අවධියක ප්‍රකාශ වූ ඉස්ලාම් දහම අද ලබා ඇති ඉලක්කය, සීමාව ලඟාවීමට තරම් හෝ එය ඉක්මවා යාමට තරම් ප්‍රමාණවත් වනු ඇත්ද? යන්න විද්‍යාව ඉදිරියේ ඇති පැනය හා අභියෝගයයි. ඒ අභියෝගාත්මක ගමන් මඟ තුල විද්‍යාව අනාවර්ණය කරන සෑම කාරණයක්ම ලොව අනිකුත් දහමන් හා දර්ශනයන් ට මාරක අභියෝගයක් වුවත් එය ඉස්ලාම් දහමට අශිර්වාදයක් වෙනවා නොඅනුමානය. (එවැනි නිදසුන් බොහෝමයක් මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ඇත.) ඒ ආශිර්වාදාත්මක ගමන් මඟ තුල විද්‍යාවට ඉස්ලාම් දහම ලබාදෙන ඉඟි නූතන විද්වත් අවධානයට ලක් වියයුතුය. එසේ නොවන්නේ නම් ඉස්ලාම් දහම හමුවේ විද්‍යාව අභියෝගයට ලක්වන කාලය වැඩි ඈතක නොවේ.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 4 යි.

  1. Dammika 2012-02-01 at 05:29

    සර්ව බලධාරී අල්ලා ලෝකය මැවුවානම්.
    (01)ජුරාසික් යුගයට අයත් යෝද උරගයන්, ඩයිනෝසරයන් මැවුවේ ඇයි.
    (02)උපතින්ම ආභාදිත​, අංග විකල දරුවන් බිහි කරන්නේ ඇයි.
    (03)2004 සුනාමි උවදුර හා සර්ව බලධාරී දෙවියන් ගේ මැදිහත් වීම කුමක්ද​? ඉන්දුනීසියාවෙම ලක්ශ 3ක මුස්ලිම් මිනිසුන් මිය ගියානේද​?
    (04)සියල්ල සිදුවන්නේ දෙවියන් ගේ කැමැත්තට අනුව නම් ලොව පුරා මුස්ලිම් මිනිසුන් දවස ගානේ අමු අමු වේ මිය යන්නේ කුමන් කැමැත්‍තකට අනුවද​?
    (05)මිනිසා සද මත පය තැබීම නිසා ඔබලා ගේ ආගම විහිලුවක් උනා නේද​?

    • abuarshed 2012-02-01 at 10:45

      ඉහත පැනයට අදාල කරුණූ යහමඟ අඩවිය තුල දීර්ඝ ලෙස විටින් විට කථා කොට ඇත. කෙසේ වෙතත් පසුගිය දිනවල (යහමඟ පැරණී අඩවියට) ඉහත පැනය යොමු වීම නිසා ‘දෙවියන් මිනිසුන්ට සමානව නොසලකන්නේ ඇයිද?‘ යන ලිපියත් ඉහත පැනයට අදාල විග්‍රහයත් මෙම අඩවිය තුල මීට දින කිහිපයකට පෙර ඉදිරිපත් කරන ලදී. එය ඔබේ පැනයට පිලිතුරු තුලින් ඔබට කියවීමට හැක.
      නමුත් ඉහත පැනය තුල අළුත් කාරණයක් මෙහිදී එකතු කොට ඇත. ඒ ‘මිනිසා සදමත පා තැබීම තුල ආගම් විහිළුවක් උනා නේද?’ යන්නයි. ඇත්ත මේ කාරණය තුල ලොව බොහෝ ආගම් විහිළුක් වූ බව සැබෑවක් නමුත් මීට වසර 1400 කට පෙරම අභ්‍යාවාකාෂ තරණය පිලිබදව මිනිසා හීනකින්වත් නොසිතූ සමයක සඳට පමණක් නොව අභ්‍යාවාකාශයේ තවත් තැන්වලට යාමට පුළුවන් බව ඉස්ලාම් දහම පැවසීම තුල ඉස්ලාම් දිව්‍යමය දහමක් බව තව තවත් තහවුරු කොට ඇත. කෙසේ වෙතත් ඔබ ‘විහිළුක් උනා’ යයි පැවසීමට පදනම් කරන කාරණය මෙහි ඉදිරිපත් කරන්නේ නම් එයට ද පැහැදිලි කිරීමන් ඉදිරිපත් කල හැක. දම්මික සහෝදරයා එම කාරණය ඉදිරිපත් කරණු ඇතැයි යහමඟ බලාපොරොත්තු වෙමි.

  2. Dammika 2012-01-30 at 23:31

    හරි ඉස්ලාම් අහමට අනුව ලෝකය මැවුවේ මෙයින් වසර කීයකට පෙරද​?
    මිනිසාව මැවුවේ මෙයින් වසර කීයකට පෙරද​?

    • abuarshed 2012-01-31 at 08:15

      ඔබ අසන ඉහත පැනයන් 02 කින් පලමු පැනයට මීට දින කිහිපයකට උඩදී මෙම අඩවිය තුල පිලිතුරු ලබාදුන්න ද නැවතත් සරලව පවසනවා නම් මෙම ප්‍රශ්නය කිසිදු පදනමක් නැති පැනයකි. මන්ද වර්ථමාන කාලය මැනීම ආරම්භ වන්නේ සූර්යයා හා පෘථිවිය නිර්මාණය වීමෙන් අනතුරුවය ඒ අනුව වර්ථමාන කාලයට සාපේකෂව ඉස්ලාම් කාලවකවානු කථා කරන්නේ ඉන් අනතුරුවය. ඊට පෙර එනම් විශ්වය බිහිවූ මොහොතේ පටන් වූ කාලය ඉස්ලාම් කථා කරන්නේ වර්ථමාන පැය 24 දිනයට සාපේක්ෂව නොවේ. මේ පිලිබදව දීර්ඝ ලෙස විස්තර මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත. ඉහත පැනය තුල පැහැදිලි වන්නේ ඔබගේ අනවබෝධය පමණි. ඔබ විමසන දෙවන පැනය සදහා වූ පිලිතුර පහත සදහන් ලිපිය කියවීම තුලින් ලබාගත හැකිවනු ඇත.
      මිනිසා මැව්වේ මීට වසර කීයකට පෙරද?

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *