අව්වයි වැස්සයි – සිනහවයි කදුළයි

0

(මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි )

අහස කළු වෙලා…. විදුලි කොටලා… ගොරවලා… නා කපන වැහි වැටෙද්දි… සතුටු වෙන හිත් ඕනෑ තරම්… ඒ වගෙම දුක්බරවෙන හදවතුත් ඕනෑ තරම්… ඒත් එක දවස දවස් දෙක වෙලා දින සති ගණන් එක දිගට වහින කොට අපිට වැස්ස එපා වෙලා යනවා… අපි වැස්සට දොස් කියනවා… කෙළවරක් නෑ වහිනවා කියලා අපි වැස්සට ගතු කියන්න පටන් ගන්නවා… මහ වැස්සට කළින් වැටුන හීන් පොද වැස්ස හිමිහිට බිම තෙමලා අපිට ගෙනාව නැවුම් සුවද අපිට අමතක වෙනවා… අපිට වැස්ස එපාම වෙනවා… ඔන්න ඔහොම වැහැලා වැහැලා වැස්ස නවතිනවා…
ටික ටික අහස පෑදිලා වැහිබීරම මකාගෙන ඉර හිනැහෙන්න පටන් ගන්නවා… දවසින් දවස ඉර හිනාවෙද්දි ඔන්න අපට ඉවසන්න බැරි තරම් උණුහුමක් දැනෙනවා. දාඩිය පෙරාගෙන අපහසුවෙන් අපි දවස ගෙවා ගන්නවා… රස්නෙ ඉවසන්න බැහැ… ඔන්න අපි ආයෙම ඉරට බනින් පටන් ගන්නවා… ඉර අව්ව අපිට වදයක් වෙනවා… මහ වැස්සට පිරිලා ඉතිරුණු ළිං, ගංගා ඇළ දොළ අන්තිම අඩියටම හිදිලා යනවා… පොළොව ඉරිතලලා උල්පත් වේලිලා යනවා… අපි පුරුදු විදිහටම ඉරට…ඉර අව්වට බනිනවා…
හරි පුදුමයි… අපිට අව්වයි වැස්සයි ඇතුවත් බෑ නැතුවත් බෑ…හිතන්න මේ අව්වයි වැස්සයි අපේ ජීවිතේට ගලපලා හිතුවොත් කොහොම තියෙයිද…? හරියට හිනාවයි කදුළයි වගේ… මේ දෙකම ජීවිතේට ඇතුවත් බැරි නැතුවත් බැරි දේවල්…
ටිකක් හිතන්න අපිට ජීවත් වෙනවා කියලා හිතන්න මතක් කරන්නේ හිනාවයි කදුළයි නේද…? සතුටට හිනාවෙන අපි ඇතැම්විට සතුටේ උපරිම මට්ටමේදී කදුළු එනතුරු හිනාවෙනවා… ඒවගෙම දුකේදී අඩන අපි ඇතැම් විට දුක දරා ගන්නම බැරි වෙලාවක අඩලා අඩලා අවසානෙදි අපිටම හිනාවෙනවා… මේ සිනහව කදුළ ජීවිතේට කොයිතරම් සමීපද බලන්න… මේ දෙක හරියට මිනිස් නිර්මානයෙදි අපිට ජීවත්වන බව සිහිකරන්න නිර්මාණය කරපු මතක් කිරීමේ උපක්‍රමයක් වගේ…
ඒත් බලන්න ඇතැම් විට අපි සිනහවටත් දොස් කියනවා…කදුළටත් දොස් කියනවා… අපි එහෙම කලාට මේ සිනහව කදුළ ජීවිතේ කොයිතරම් ආශිර්වාදයක්ද කියලා බලන්න… කදුළු නොතිබෙන්න අපිට සිනහව වටින්නේ නැහැ. සිනහව නොතිබෙන්න අපිට කදුළු ගැන මතක්වෙන්නේ නෑ… මේ දෙකම නොතිබුනානම් අපිට ජීවිතේ ඉලක්කයක් නෑ… ජීවත්වෙනවා කියලා දැනෙන්නෙ නෑ…
බලන්න අපේ ජීවිත ඇතුළේ තියන අපි වැඩිපුර නොහිතන පුංචි පුංචි දේවල් අපේ ජීවිත වලට කොයිතරම් ලොකු ආශිර්වාදයක්ද කියලා… ඇත්තමයි අපි මේ දේවල් දිහා චුට්ටක් සුභවාදීව බැලුවනම් ජීවිතේ කොයිතරම් ආශිර්වාදයක්ද..? කොයිතරම් සරලව ජීවත්වෙන්න පුළුවන්ද..? හිතට කොයිතරම් සැනසිල්ලක්ද…?
ඒ නිසා අපි ජීවිතේ පුංචි පුංචි දේවල් තුලින් ජීවිතේ දිහා සුභවාදීව බලන්න පටන්ගනිමු… එතකොට අපිට ජීවිතේ ආශිර්වාදයක් වෙනවා… අපි ජීවිතේට අත්වැලක් වෙනවා…

“මාගේ දයාලු බාවය සියලුදේ කෙරෙහි ව්‍යාප්තය .”

ශුද්ධ වූ කුර්ආනය – අල් අ:රාෆ් : 156

 

ෆාතිමා ශාමිලා

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *