ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ‍්‍රහාම් ලින්කන්තුමා සිය පුතුගේ පාසලේ මුල් ගුරුතුමාට යැවු ලිපිය

0

සියලූ මිනිසුන් සාධාරණ නොවන බැවි, සියලූ මිනිසුන් සැබෑ නොවන බැව් මාගේ පුතු දැනගත යුතුය. සෑම අධමයකු අතර වීරයකුත් සෑම ආත්මාරථකාමී දේශපාලනඥයකු අතර සේවයට ඇප කැපවු පරාර්තකාමී නායකයෙකුත් සිටින බැව් ඔහුට කියාදුන මැනවි. උපයාගත් ඩොලරය නිරායාසයෙන් ලැබෙන ඩොලර් දහසකට වැඩියෙන් වටිනා බැව් ඔබට හැකිනම් ඔහුට කියාදුන මැනවි. ඒ සදහා කාලය ගතවන බැව් ද අවබෝධ කරවන්න. පාඩුව අත්විදීමටත්, දිනුම නිහතමානීව භුක්ති විදීමටත් ඔහුට උගන්වන්න. ඊර්ෂ්‍යාවෙන් ඔහු ඈත් කරන්න. ඔබට හැකිනම් නිහඩ සිනාාවේ රහස ඔහුට කියා දෙන්න. ඉතාමත්ම පහසුවෙන් පරාජය කල හැක්කේ දුර්මුඛ කලහැක්කේ අන්‍යයන් මඩවන්නන් බැව් වේලාසනින්ම ඉගෙන ගැනීමට ඉඩ සලස්වන්න.

ඔබට හැකිනම් ඔහුට පොත් පතේ ආශ්ච්‍යීය උගන්වන්න. එහෙත් අහසේ පියාඹන කුරුල්ලන්, හිරුඑලියේ මුමුණන මී මැස්සන් සහා හරිත වර්ණ කදු බෑවුමක පිපි පොපියන මල්ගොමු පිලිබද සනාතන සෞන්දර්යේ ආශ්වාදය උදෙසා ඔහුට වැඩි කාලයක් ලබා දෙන්න. වංචා කිරීමට වඩා පරාජය වීම හා පාඩු විදීම ඉතා ගෞරවනීය බැව් ඔහුට පාසලේ දී කියාදෙන්න. සියලූ දෙනාම යමක් වැරදි යයි කියා සිටියත් තමාගේම අදහස ගැන විශ්වාස ඇතිකර ගැනීමට ඔහුව දිරිගන්වන්න. මුදු අයට මුදු වීමටත්, දැඩි අයට වඩාත් දැඩිවීමටත් ඔහුට උගන්වන්න. සියලූදෙනා වාසිසහගත ජනප‍්‍රිය පැත්තට ගලායාමේ දී සමුහය පසුපස අන්ධානුකරයෙන් හඹා නොයනසේ මගේ පුතුට අවශ්‍ය ශක්තිය දීමට උත්සාහ කරන්න. සියලූ මිනිසුන්ට ඇහුම්කන් දීමට ඔහුට උගන්වන්න. එහෙත් අසන දේ සත්‍යය නැමති පෙරහනෙන් පෙරන්න ඔහුට කියා දෙන්න. නෙතට නැගෙන කදුඑ අතරින් සිනාවක් මතුකර ගැනීමට ඔහුට උගන්වන්න. අධමයින්ට සාවඥව සැළකීමටත්, කෙනෙක් දක්වන වැඩි ඇගඑම්කමෙන් ප‍්‍රවේශම් වීමටත් ඔහුව දැනුවත් කරන්න. සිය කායික ශක්තිය හා බුද්ධි ප‍්‍රභව වැඩිම ඉල්ලූමට තක්සේරු කිරීමටත්, එහෙත් කිසිවිටක සිය හදවත හා ආත්මය මිළ නොකරන ලෙසත් ඔහුට කියාදෙන්න.

කෑ මොරදෙන අසංවර පිරිස් ඉදිරියේ දෙසවන් වසා ගැනීමටත්, තමා නිවැරදි යයි සිතන කාරණයක් සදහා නිර්භීතව සටන් වැදීමටත් ඔහුට කියා දෙන්න. ඔහුට මුදු මොළොක් ලෙස සළකන්න. එහෙත් ඔහු හුරතල් නොකරන්න. මක්නිසා ද යත් හොදම වානේ බිහිවන්නේ හොද ගිනි පිරික්සුමක් උපකාරයෙනි. එඩිතරකම ද ඔහු ඉවසිලිවන්තව ලැබිය යුතුය. තමාගැන උතුම්ම විශ්වාසය තබාගැනීමට ඔහුට උගන්වන්න. මක්නිසාද එවිට ඔහුට මිනිස් වර්ගයා, ගැන උතුම් වු ආත්ම විශ්වාසය තැබිය හැකි හෙයිනි. මගේ පුතා කදිම පුංචි පැටියෙකි. ඔබට ඔහු වෙනුවෙන් කළ හැකි උපරිම දේ කරන්න.

ස්තුතියි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *