ඉස්ලාමයට කැපයි බුදු දහමට නම් අකැපයි ද?

9

ඉහත මාතෘකව දුටු පමණින්  එය තරමක් බෞද්ධකරණය වූ මාතෘකාවක් ලෙස ඔබට පෙනෙනු ඇත. නමුත් මේ මාතෘකාව පෙරදැරි කොට ‘යහමඟ‘ අඩවිය මෙහි සාකච්චා කරන්නට යන්නේ බුදු දහම ගැන නම් නොවේ. බුදු දහම ගැන නොවුවත් මෙම ලිපිය තුලින් කථා කරන විෂය බෞද්ධ සමාජයේ දැඩි අවධානයට යොමු වියයුතු යන්න මාගේ අදහසයි. එම විෂයට අවතීරණය වීම සදහා මෙහිදී ඌනපූරණයක් ලෙස පසුගිය දින කිහිපය මුළුල්ලේ ඉස්ලාමීය ලෝකයේ ආන්දෝලනාත්මක මාතෘකාව වූ ‘මුහම්මද් (සල්) තුමාණන්ට අපහස කරන ආකාරයට නිර්මාණය කල චිත්‍රපටය‘ යන්නට ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජය දැක්වූ ප්‍රතිචාරය මෙන්ම පසුගිය දිනවල ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයට අන්තර්ජාලය තුල උණුසුම් මාතෘකාවක් වූ ‘බුදු දහමට නිගා කරන බ්ලොග් තහනම් කරන්නයි පැමිණිල්ලක්‘ යන ලිපියත් මෙම ලිපිය සදහා පදනම් කරගන්න අදහස් කරමි.

මුහම්මද් (සල්) තුමාණන් අපහස වන ආකාරයට නිර්මාණය කල ඉහත සදහන් චිත්‍රපටයට එරෙහිව ලෝකය පුරා දියත් වූ මුස්ලීම්වරුන්ගේ විරෝධතා ව්‍යාපාරයන් සමඟ අප රටේ සමහරක් බ්ලොග්කරුවන්ට ද එය උණුසුම් මාතෘකාවක් විය. ඉස්ලාමීය ලෝකයේ මෙම කැලඹීම වෙනුවෙන් කිඹුල් කඳුලු සැලූ අප රටේ සමහරක් වෙබ් අඩවි තම ශෝකය ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට ප්‍රකාශ කර සිටියේ ඉහත සදහන් චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකීය ජනතාවට වඩාත් පහසු කරවමිනි. ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනතාව එම වීඩියෝව ඉවත් කරගන්නා ලෙස ආයාචනා කරන විට අප රටේ ජාතිවාදීන්,  ඉස්ලාම් විරෝධීන් හා ආගමික අන්තවාදීන් ඉහත වීඩියෝව තම බ්ලොගය හරහා නැරඹීමට අවස්ථාව සලසා දුන්නා පමණක් නොව ඒ සදහා ‘පාඨක ප්‍රතිචාර‘ (comments) අවස්ථාවද විවෘත කොට එම අදහස් සදහා මනාප (Rank) කිරීමේ අවස්ථාව ද සලසා දී ඒ තුලින් අති විශාල ඉස්ලාම් විරෝධි හා මුස්ලීම් විරෝධි මෙන්ම ජාතිවාදී පාඨක අදහස් ප්‍රමාණයක් ගොඩගසමින් හා එම අදහස් සදහා ධනාත්මක ප්‍රතිචාර (Rank) සිය ගණනින් ගොඩගසමින් බ්ලොග්කරුවන් හා එහි ප්‍රතිචාර දැක්වූ පිරිස් කාලකන්නි සතුටක්, වින්දනයක් ලබා ගන්නා ලදී. මෙතැන දී විශේෂයෙන් මතක් කලයුතු කාරණයක් ද ඇත. ඒ මෙවැනි ඉස්ලාම් විරෝධී චිත්‍රපට, පිංතූර හෝ ලිපි ලෝකය තුල ඉදිරිපත් වන හෝ ඒවාට අප රටේ බ්ලොග් කාක්කන් ඉහත ආකාරයට ආවඩන පලමු අවස්ථාව මෙය නොවේ. මෙය මෑත කාලීනව ශ්‍රී ලාංකීය සමාජය තුල සුලභ දසුන් බවට පරිවර්ථනය වෙමින් ඇත. එම කාරණය ඔබේ බුද්ධිමත් අවධානයට සටහන් කරන මේ මොහොතේ මෙහි සදහන් කලයුතුම තවත් කාරණයක් ද ඇත. ඒ ඉහත ආකාරයේ ඉස්ලාම් විරෝධී ව්‍යාපාර දියත් වන අවස්ථාවල ජාති, ආගම් භේද නොතකා සාධාර්ණය වෙනුවෙන් නැඟී සිට හඬ නඟන, රටේ සුළු ජාතින් වන අපට සහය පලකරන පිරිස් ද සහෝදර සමාජය තුල නැතුවා නොවේ. අප රට තුලම පවා ඉස්ලාම් විරෝධි ව්‍යාපාරයන් සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින මේ වකවානුවේ පවා මෙවැනි පිරිසක් මේ රට තුල සිටිනවා යන්න මුස්ලීම්වරුන් වශයෙන් මෙතැන දී මතක් කරන්නේ හඳපිරි සතුටින් හා ගෞරවයෙනි. එහි එක් අවස්ථාවක් ලෙස සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කරන කඹුරුගමුවේ වජිර හිමියන් වහන්සේ සිදුකල පහත අනුශාසනාව සදහන් කල හැක.

ඉහත වීඩියෝ සමස්ථ ජාතියේ බුද්ධිමත් අවධානයට යොමු කරන ගමන් නැවතත් මාතෘකාවට යොමු වන්නේ නම්, පසුගිය දිනවල ඉස්ලාමීය ලෝකය තුල නිර්මාණය වූ ඉහත අවාසනාවන්ත තත්වයන් තුල කාලකන්නි සතුටක් වින්දනයක් ලැබූ අප රටේ බ්ලොග් කාක්කන්ගෙන් අරම්භයේ දීම පැනයක් විමසන්නට කැමැත්තෙමි. ඒ ‘ජාත්‍යන්තරය තුල අපහසයට ලක්වන එකම දහම ඉස්ලාම් යන්න සිතා තම බ්ලොග්වල පිටු ගණන් වෙන්කරන මෙම බ්ලොග්කරුවන් (කාක්කන්)ට හෙට දවසේ බුදු දහම එරෙහිව මෙවැනි මඩ ව්‍යාපාර දියත් නොවේ යන්නට ඇති සහතිකය කුමක්ද?’ යන්නයි. අද ඇමරිකානුවෙකු විසින් දියත් කරන ලද මෙම ඉස්ලාම් විරෝධි ව්‍යාපාරයට ආවඩන ඔබ හෙට දවසේ එවැනි බෞද්ධ විරෝධි ව්‍යාපාරයක් දියත් වුයේ නම් එයට එරෙහි වන්නේ කෙසේද?. එදාට ඔබ ‘ ඉස්ලාම් දහම නම් කැපයි බුදු දහම නම් අකැපයි’ යනුවෙන් පවසනවාද?. නොඑසේ නම් කිසිවක් නොවූ ගානට නිහඬව ඉන්නවාද?. මා මෙසේ ප්‍රශ්න නැඟීමට සාධාර්ණ වූ හේතු බොහෝමයක් ඇත. නිදසුනක් සහිතව පවසනවා නම්,

ඉහතින් මා සදහන් කලාසේ මෑත කාලීනව ශ්‍රී ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහම සෘජුවම හා ඉතා පහත් අන්දමින් එසේම මිත්‍යා කරුණූ පදනම් කරගෙන විවේචනය කිරීම හා අපහස කිරීම සුලභ දසුනකි. අද වන විට එවැනි බ්ලොග් හා වෙබ් අඩවීන් (යහමඟ නෙත ගැටුනු අඩවීන්) 20 කටත් අධික ප්‍රමාණයක් සිංහල භාෂාවෙන් අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වෙමින් ඇත. මීට අමතරව මුස්ලීම් සමාජය ඉලක්ක කරගෙන ක්‍රමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාත්මක වන වෙබ් හා බ්ලොග් අඩවීන් විශාල සංඛ්‍යාවක් ද ඇත. රටේ බලධාරීන් හා වගකිවයුතු ආගමික නායකයන් මේ සියල්ල ඉදිරියේ මුනිවත රුක බුදු දහමට එරෙහිව ක්‍රියාත්මක එක්තරා බ්ලොග් අඩවියකට එරෙහිව ‘බුදු දහම නිගා කරන බ්ලොග් අඩවිය තහනම් කරන්න’ යයි පවසමින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ස්වාමින් වහන්සේ නමක් වන හෑගොඩ විපස්සි හිමියන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම්, මේ කියන්නේ ‘බෞද්ධයන් අනිකුත් ආගම් අපහසයට ලක්කිරීම කැපයි නමුත් ඔබලාට එය අකැපයි’ යන්නද?. ආගමක් හෝ දර්ශනයක් සම්බන්ධ බුද්ධීමත් තර්ක විතර්ක ඉදිරිපත් කිරීම විනා අපහසයට කරුණූ දැක්වීම නොකලයුත්ක් යන්නත්, මෙවැනි කටයුතු නීතිය තුලින් හෝ වැලැක්විය යුතු යන්නත් ‘යහමඟ’ අඩවියේ ද ස්ථාවර යයි. එම කාරණය හොදින් මතකයේ රදවාගෙන ඉහත සදහන් පැමිණිල්ලේ අන්තර්ගය මොහොතක් බුද්ධිමත් ලෙස පහතින් විමසා බලන්නේ නම්,

බුදු දහමට නිගා කරන බ්ලොග් අඩවිය තහනම් කරන්නයි පැමිණිල්ලක්

1.ඉන්දියාවේ මයිසුර්හි ශ්‍රවන බෙල්ගොලාහි තිබෙන ජෙයින සාදුවරයන්ගේ ගලින් නෙලූමහා ප්‍රතිමාව බුදුරජාණන්ගේ රූපකාය ලෙස දැක්වීම
2.බුදුරදුන්ට නිග්‍රහ වන සේනිර්වස්ත්‍ර කාන්තා රුපයක් දැක්වීම
3. භික්ෂුන් වහන්සේලාට අපහස වන විවිධ අසභ්‍ය දර්ශන දැක්වීම
4. සිංහල බෞද්ධ ජනතාව විසින් මිනීමැරුම් වංචා දුෂණ කලයි අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීම
5.ලෝකයේ විවධ රටවල කල ම්ලේච්ජ ක්‍රියා සිංහල බෞද්ධ ජනතාවගේ ක්‍රියා ලෙස හුවා දැක්වීම.

ඉහතින් අවධාරණ කලාසේ මෙම ලිපිය තුලින් විපස්සි හිමියන් පොලිස්පතිවරයාගේ අවධානයට ගෙන එන කාරණය පිලිබදව ‘යහමඟ’ අඩවියට විරුද්ධ මතයක් නැත. මන්ද රටක ජාතීන් අතර සමඟියක් ගොඩනැඟීමට නම් ඔවුන් අතර අවබෝධයක් මෙන්ම මතවාද ගරුකිරීමක් පැවතීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. එම තත්වය විකෘති කිරීමට කිසියම් පාර්ශවයක් ක්‍රියා කරන්නේ නම් එයට එරෙහිව නීතිමය පියවර ගැනීම නිවරුදි හා අගය කලයුතු ක්‍රියා මාර්ගයකි. නමුත් එය මෙතැනදී කිසියම් ජාතියකට හෝ ආගමකට පමණක් සීමා කොට කථා කරන විෂයක් නොවිය යුතුය. ඉහතින් මා සදහන් කලාසේ  ඉහතින් මා සදහන් කලාසේ අද අප රටේ සෘජුවම ඉස්ලාම් දහමට හා මුස්ලීම් සමාජයට නිගා කරන වෙබ් (හා බ්ලොග්) අඩවි විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් ඇත. මේවා මෙහෙයවන බහුතරය බෞද්ධයන් වන අතර ප්‍රසිද්ධ දේශපාලඥයින් ද ඒ අතර ඇත. මොවුන්ගේ ක්‍රියා කලාපය තුල ඉහත ලිපිය තුලින් විපස්සි හිමියන් අවධාරණය කරන කාරණා අමු අමුවේ උල්ලංඝනය වෙමින් ඇත. අසත්‍ය තොරතුරු, සත්‍ය විකෘති කොට ඉදිරිපත් කරන තොරතුරු, මිත්‍යා ප්‍රහාර… මේ අතුරින් කිහිපයකි. විශේෂයෙන් ඉහත ලිපිය තුලින් දක්වන අවසාන කරුණූ 03 ඉස්ලාම් දහම සම්බන්ධයෙන් ද අමු අමුවේ උල්ලංඝනය වෙමින් ඇත. මෙයට සරල හා සමීපතම නිදසුන් දෙකක් ගෙන එන්නේ නම්,

බුදු දහමට හෝ බෞද්ධ සමාජයට එරෙහිව දියත් වන මිත්‍යා ප්‍රහාරයන්ට ‍ එරෙහි නැඟීසිටීමට සෑම බෞද්ධයෙකුටම අයිතිය තිබෙනවා සේම ඒ බෞද්ධයන් අතින් රටේ සුළු ආගම්වලට එරෙහිව දියත්වන මිත්‍යා ප්‍රහාරවලට එරෙහිව නැඟීසිටීමේ යුතුකමක්ද ඔවුනට තිබෙනවා යන්න මාගේ විශ්වාසයයි. මෙම තත්වය අවබෝධ කරගත් සුළු පිරිසක් හෝ අන්තර්ජාලය තුල තවමත් සිටිනවා යන්නත් මෙහි සදහන් කලයුතු කාරණයකි. එසේම ඔවුනට හැකි පමණීන් මෙවැනි තත්වයන් වෙනස් කිරීමට යම් යම් ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටිනවා යන්න ද සදහන් කලයුතුම කාරණයකි. එයට එක් නිදසුනක් ලෙස ‘යහමඟ’ අඩවියට පාඨක නිර්මාණ ලෙස ඉදිරිපත් වූ ‘මිත්‍යා ප්‍රහාර‘ යන ලිපිය සදහන් කලහැක. නමුත් ඉස්ලාම් දහමටත් මුස්ලීම් සමාජයටත් එරෙහිව අප රට තුල මේ වනවිට දියත් වෙමින් පවතින මිත්‍යා ප්‍රහාරයන් හමුවේ මේ  උත්සාහයන් සියල්ල සැලකිය යුතු තරම් නම් නොවේ. ුදුදහමට එරෙහිව කිසියම් පාර්ශවහෑගොඩ විපස්සි හිමි යනු අප රටේ සමාජීය අවබෝධයෙන් හා සමාජ යහපත උදෙසා ක්‍රියා කරන ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේගේ අවධානයට ‘බුදු දහමට නිගා කරන පිරිස හසුවූ ආකාරයටම අනිකුත් ආගම්වලට නිගා කරන බෞද්ධ පිරිස් ද හසුවිය යුතුයි’ යන්න ‘යහමඟ’ පැතුමයි. මම මෙහිදී බෞද්ධ විරෝධී ව්‍යාපාරයන් නොසලකා හැරිය යුතු බව කිසිවිටෙක නොපවසමි. නමුත් ඊට සාපේකෂව ඉස්ලාම් හා මුස්ලීම් විරෝධී බෞද්ධ සමාජයේ ක්‍රියාකාරකම් උග්‍ර තත්වයන්ට පත්වෙමින් ඇත. මෙවැනි තත්වයන් හමුවේ ‘මේවා සියල්ල අපට කැපයි ඔබලාට අකැපයි’ යයි පැවසිය නොහැක. තවත් සරලව පවසනවා නම්, බුදුදහමට එරෙහිව කිසියම් පාර්ශවයක් ක්‍රියා කරන විට එයට එරෙහිව නැඟීසිටින බෞද්ධයන් තවත් දහමකට එරෙහිව බෞද්ධ සමාජයේම කොටසක් ක්‍රියා කරන විට එයට ද එරෙහිව නැඟීසිටිය යුතුය. මෙය තමා බෞද්ධ ඉගෙන්වීම යන්න මාගේ විශ්වාස යයි. නමුත් අවාසනාවකට ඉහතින් සදහන් බ්ලොග් කාක්කන්ට නම්, මේ කිසිවක් පිලිබදව කිසිදු තැකීමක් නැත. මේ බ්ලොග්කරුවන්ගේ ක්‍රියා කලාපය පිලිබදව බෞද්ධ සමාජයට ද කිසිදු අවබෝධයක් නැත. මේ හේතුව නිසා අද අප රටේ බෞද්ධ සමාජයේ සැලකිය යුතු පිරිසක් මෙවැනි බ්ලොග් කාක්කන් පසුපස යමින් මේ ද්වීපය ‘ධර්ම ද්වීපයක්’ කිරීමට සිහින දකී. නමුත් ඒ පාර්ශවයන් කොතරම් පටු අරමුණූවල හා න්‍යායපත්‍රයන් තුල ක්‍රියා කරනවාද? යන්න බුද්ධීමත් ලෙස විමසා බැලීම අත්‍යඅවශ්‍යය. ඒ සදහා කරුණූ කිහිපයක් ඔබේ අවධානයට තබමින් මෙම ලිපිය අවසන් කිරීමට අදහස් කරමි.

මේ දේශය ‘බුදුන්ගේ දේශය’ යයි පවසා ගනිමින් රටේ සුළු ජාතීන් ගරහන ඉහත බ්ලොග් කාක්කන් හට බෞද්ධ ඉගෙන්වීම කුමක්ද? බුදුන්ගේ මඟපෙන්වීම කුමක්ද? යන්න පිලිබදව කිසිදු තැකීමක් නැත යන්න මාගේ මූලික චෝදනාවයි. මා එසේ පවසන්නට හේතූ ගණනාවක් ඇත. විශේෂයෙන් රටක ජාතිය හෝ කුලය යන්න දහමක මහිමය තීරණය කලහැකි කාරණයක් නොවේ යන්න බෙද්ධ ඉගෙන්වීමයි. එපමණක් නොව තවත් දහමක් දර්ශනයක් ගැරහීම හෝ නිගා කිරීම තුලින් ලබාගත හැකි විමුක්තියක් බුදු දහම ඇතුළු කිසිදු දහමක් ලෝකයාට දේශනා කොට ද නැත යන්න මාගේ විශෟවාසයයි. එසේ තිබිය දී අප රටේ සමහරක් පිරිස් මේ ද්වීපය ‘ධර්ම ද්වීපය’ හෝ ‘බුදුන්ගේ දේශය’ කරන්නට යන්නේ ඉහතින් සදහන් කල විශ්මිතයන් පාමිනි. මෙහි හාස්‍ය ජනකම කාරණය එය නොවේ. බුදු දහම හා බෞද්ධ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින බව පවසා ගන්නා එසේම ඉහතින් සදහන් ඉස්ලාම් විරෝධි එම වීඩියෝ පටය පදනම් කරගෙන පිටු ගණන් ලියූ හා ලියන මේ බ්ලොග්කරුවන් මේ වන විටත් ජාත්‍යන්තරයේ දියත් වූ බෞද්ධ විරෝධි ව්‍යාපාරයන් සදහා තම බ්ලොග් හෝ වෙබ් අඩවි තුල පිටූ කීයක් නම් වෙන්කොට තිබෙනවාද?. යන්නයි. මෙහි තවත් හාස්‍ය ජනකම කාරණය වන්නේ ඉස්ලාම් විරෝධි ඉහත වීඩියෝවට ‘හුරේ…’ කියමින් ආවඩන මෙම පිරිසට ඇමරිකාවේ එක්තරා පාවහන් කර්මාන්ත ශාලාවක බුදු දහමට නිගා වන ආකාරයට නිෂ්පාදනය කල පාවහන් පිලිබදව ලෝකයම කථා කරද්දී ‍මේ කාක්කන් කිසිදු වචනයක් කථා නොකිරීමයි. එපමණක් නොව පහත පිංතූර දෙස බලන්න.

ඉහත පිංතූර තුල දැක්වෙන්නේ මීට කලකට ඉහත ලන්ඩන් වෙළද පොලේ අලෙවියට තබා තිබූ ඉටිපන්දම් විශේෂයක්. ලොවපුරා ශාඛා පිහිටුවා ගෙන යන ‘බුද්ධා බාර්’, ගැහැණූ හා පිරිමි යට ඇදුමට බුද්ධ රූප මූද්‍රණය කිරීම, බුද්ධ රූපය මුද්‍රිත ඇමරිකාවේ නිෂ්පාදිත පාවහන් හා පසුගිය දිනවල ප්‍රංශයේ අසභ්‍ය පුවත් සඟරාවක් බුද්ධ රූපය උපයෝගි කරගෙන බුදු දහමට නිගා වන ආකාරයට නිර්මාණ එලි දක්වා ඇති ආකාරයයි. (මෙහි සදහන් කොට ඇත්තේ කිහිපයක් පමණි) මේවා පිලිබදව ඉහත බ්ලොග්කරුවන් තම බ්ලොග් තුල කුමක් හෝ කථා කොට තිබෙනවාද?. මෙවැනි ක්‍රියාවන් ‘යහමඟ’ අඩවිය එදා පටන් හෙලාදැක ඇත. (ඉහත පිංතූර පවා එම ලිපිවලින් උපුටාගත් ඒවාය) නමුත් බුදුන්ගේ දේශය නිර්මාණය කරන්නට උත්සාහ කරන බ්ලොග් කාක්කන් මෙම යුතුකම කොතෙක් දුරකට ඉටුකොට තිබෙනවාද? යන්න බුද්ධීමත් බෞද්ධ සමාජය විමසා බැලිය යුතුය. ඒ කිසිවක් පිලිබදව කිසිදු තැකීමක් නොකොට ‘පොඩි එකාගේ රචනාව‘ මෙන් එසේත් නැත්නම් ‘සෙක්කුවේ බැදි ගොනා‘ මෙන් ඉස්ලාම් විරෝධි ව්‍යාපාරයන් සමාජය තුල නිර්මාණය කරමින්, ඒවාට ආවඩමින් හා එයට එරෙහිව මිත්‍යා ප්‍රහාර දියත් කරමින් තව තවත් කුණූ කන්දල් සොයමින් සැරිසරන බ්ලොග් කාක්කන්, තම මෙහෙවර ‘බුදු දහම හා බෞද්ධ අයිතීන් වෙනුවෙන්’ යයි  බෝඩ් ලෑල්ලක් යොදා ගැනීමෙන් පමණක් එය සැබෑ බෞද්ධත්වයක් හෝ නොඑසේ නම් එය නිර්මල බුදුදහමක ඉගෙන්වීමක් බවට පත්වේද? යන්න ඉහතින් සදහන් කාක්කන් නොව බුද්ධිමත් බෞද්ධ සමාජය තීන්දු කලයුතුය.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 9 යි.

  1. Rරවීඳු 2012-11-19 at 08:00

    @ අබූ අර්ශද්
    ඒක තමයි මන් කිව්වේ ආගම නිසා දුක් විදින කෙල්ලෝ කියල.බුද්ධාගම නාමයෙන් දුක් විදින කෙල්ලෝ ගැන ඔබ අසා තිබේද……

    • අබූ අර්ශද් 2012-11-20 at 14:28

      මා කියන කාරණය ඔබට නොතේරෙනවාද? නොඑසේ නම් තේරුම් නොගන්නවාද? කියා මට තවම පැහැදිලි නැහැ. කෙසේ වෙතත් නැවතත් කියන්න තියෙන්නේ ඉස්ලාම් නමින් මුස්ලීම් සමාජයේ සිදුවන යම් යම් සම්ප්‍රදායන් පදනම් කරගෙන ඉස්ලාම් විවේචනය කිරීම බුද්ධිමත් ක්‍රමවේදයක් නොවේ. ඉස්ලාම් කාන්තාව පිලිබදව කියන කරුණූ මෙම අඩවිය තුල ‘කාන්තාව්’ යන ගොනුවෙන් කියවා බලන්න. එතකොට ඉස්ලාම් කාන්තාව සම්බන්ධයෙන් දක්වන මැදිහත්වීම අව‍ෙබා්ධ කරගත හැකි වේවි

  2. Rරවීඳු 2012-11-19 at 07:58

    ඔව් ඉතින් ලිංක් දැම්මොත් ඔක්කොම ඉවරයි නේ…පව් ….යහමග .කොම්

  3. Rරවිඳු 2012-11-15 at 04:07

    @ අබූ අර්ශද්
    ලංකා ඊ නිව්ස් පමණක් නොව ස්වර්ණවාහිනී නාලිකාව මගින්ද මෙම දැරිය පිළිබද විස්තරය පෙන්වන ලදී.ලංකාව තුල බුදු දහම නිසා ඉස්ලාම් කාන්තා හිංසනය අඩු වුවද අරාබි රටවල නම්,…දුක හිතෙනවා .පව් අහිංසක කෙල්ලෝ.මා මෙයින් කියන්න හදන්නේ බෞද්ධයන් සර්ව සාධාරණ කියා නොවෙයි.ආගම නිසා දුක් විදින මුස්ලිම් කෙල්ලෝ ගැනය……
    ලංකාවේ මුස්ලිම් කෙල්ලෙක් ගැන විස්තර පහත Link එකෙන් බලන්න……මෙම සිද්ධිය අරාබි රටක වුනා නම්……..දුක කියන්න ඉන්නේ කොහෙවත් නැති දෙවියෙකුට පමණි…..
    (ප්‍රතිපත්තියක් ලෙස link පල නොකන නිසා එම link එක ඉවත් කරන ලදී)

    • අබූ අර්ශද් 2012-11-15 at 13:54

      ඔබ ඉහතින් ශ්‍රී ලාංකාවේ ‘…මුස්ලිම් කෙල්ලෙක් ගැන…’ විස්තරයක් ඉදිරිපකත් කරලා තිබෙනවා. ඒක සත්‍යයක් ලෙස උපකල්පනයකලත්, එයින් සමස්ථ මුස්ලීම් සමාජය හෝ ඉස්ලාම් දහම පිළඹිබු නො‍වේ. තවත් සරලව පවසනවා නම් ඔබේ ඔය ක්‍රමවේදය පූර්වාදර්ශයකට ගෙන බෞද්ධ සමාජයේ කිසියම් කාන්තාවක් කරන පහත් ක්‍රියාවක් පදනම් කරගෙන මා බෞද්ධ සමාජය හෝ බුදුදහම විවේචනය කලේනම් එය ඔබ බුද්ධිමත් තර්කයක් ලෙස දකිනවාද? අන්තවාදී අදහසක් ලෙස දකිනවාද? තීරණය ඔබට භාරයි

  4. Ahamed 2012-10-13 at 05:20

    ඇයි ලංකවෙන් සාමාන්‍ය විදියට මෙම වෙබ් අඩවිය බලන්න බැරි? ලංකාවේ මේක බ්ලොක් කරලා. බ්ලොක් කරපු අඩවි වලට ඇතුල් වෙන්න තියෙන උපක්‍රමයක් භාවිත කරලා තමි මම මේකට ආවේ….

    • අබූ අර්ශද් 2012-10-13 at 11:28

      ඔබ පවසන ආකාරයේ තත්වයක් දක්නට නැත. පසුගිය දිනවල ‘යහමඟ’ අඩවියේ අභයන්තර වෙනස් කිරීමන් කිහිපයක් සිදුකල නිසාත්, ඔබ පැරණි link තුලින් යහමඟ අඩවියට පිවිසෙන්න උත්සාහ දරණ නිසාත් මෙවැනි තත්වයන් ඇතිවිය හැකි යන්න මාගේ අදහසයි. කෙසේ වෙතත් මේ පිලිබදව තවදුරටත් ඔබේ සහයෝගය අපේක්ෂා කර සිටිමි.

  5. The Lion Heart 2012-10-11 at 07:58

    ඉගෙනගන්න ඉල්ලූ දැරියකට තලේබානුවෝ වෙඩි තබති

    ගැහැණු ළමුනට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කළ දාහතර හැවිරිදි පාකිස්තාන දැරියක් වෙඩි පහරට ලක්වී ඇත. වයඹ දිග පාකිස්තානයේ වෙසෙන මලාලා යුසුෆ්සායි ජාත්‍යන්තර සාම ත්‍යාගයක් සඳහා නාම යෝජනා ලබා සිටියාය.

    පාසල අවසන්ව නිවස බලා එමින් සිටියදී හඳුනා නොගත් තුවක්කු කරුවන් ඇයගේ බෙල්ලටත් ඔලුවටත් තුවාල සිදු කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

    තාලිබාන් පරිපාලනය විසින් ගැහැණු ළමුන්ට පාසල් අධාපනය ලැබීම තහනම් කොට ඇත.

    වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූ මලාලා යූසුෆ්ෂායි නම් පාසල් දැරිය පෙෂවෝර් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය දැරියගේ හිසෙන් පතරොමක උණ්ඩයක් ඉවත් කිර තිබේ.

    පාසල් දැරියට වෙඩි තැබීමේ වගකීම තාලිබාන් ව්‍යාපාරය විසින් භාර ගෙන ඇත. වෙඩි තැබීමට ලක් වූ දැරිය වෙනුවෙන් සහයෝගය පළ කරමින් දහස් ගණනක් ජනතාව පණිවුඩ එවා තිබේ.

    • අබූ අර්ශද් 2012-10-11 at 13:47

      වර්ථමානයේ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට එරෙහිව මිත්‍යා මතවාදයන් සමාජය තුල නිර්මාණය කරමින් මඩ ව්‍යාපාරවල නිරත වන ජාතිවාදී වෙබ් අඩවි අතර ‘ලංකා ඊ නිවුස්’ නොව ‘ලංකා චී නිවුස්’ ද එකකි. ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ එවැනි ප්‍රවෘත්තියකි. වාදයකට එම ප්‍රවෘත්තිය සත්‍ය යයි උපකල්පනය කලත් මෙවැනි සිදුවීමක් පදනම් කරගෙන ජාතියක් ආගමක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගතහැකිද? මෙය ආභාෂයට ගෙන අප රටේ සතිපතා පුවත්පත්වල ඉදිරිපත් වන මෙවැනි සිදුවීමක් ගෙන කිසිවකු අප රටේ බුදුදහම හෝ සිංහල ජාතිය පිලිබදව තීන්දු තීරණ ගන්නේ නම් එය බුද්ධිමත් ක්‍රියාවක් ලෙස බෞද්ධ ජනයා දකිනවාද? අන්තවාදී ක්‍රියාවක් ලෙස දකිනවාද? ද? අවසාන වශයෙන් ඉහත ප්‍රවෘත්තියට ආවඩමින් බොරු නම්වලින් ප්‍රතිචාර ලියන පිරිසගේ බුද්ධිමත් අවධානයට පහත වීඩියෝව ඉදිරිපත් කරමි.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *