ඉස්ලාම් පවසන නබිවරුන් හෙවත් වක්තෘවරුන්

0

ඈත අතීතයේ සිටම ලොව ඉදිරිපත් වු ආගම් හා දර්ශණයන් සදහා ශාස්තෘවරුන්, උපදේශකයින් හා දාර්ශණිකයන් දක්නට ලැබුණි. උදාහරණයක් ලෙස බුදුදහමේ ගෞතම බුදුන්, ක‍්‍රිස්තුස් දහමේ යේසුස් තුමා, මාක්ස් වාදයේ කාල්මාක්ස්, යුදෙව් ආගමේ මෝසස් තුමා. ඉස්ලාම් දහමේ මුහම්මද් තුමා සදහන් කල හැක. මෙම ශාස්තෘවරුන් හා උපදේශකයින් අතර ඉස්ලම් දහම ද ශාස්තෘවරුන් පිලිබදව දසහන් කරයි. මෙි ශාස්තෘවරුන් කවිරුන්ද? ඉස්ලාමි දහම තුල ඔවුන්ගේ භූමිකාව කුමක්ද? මේ කාරණයන් පිලිබදව නිසි අවබෝධයක් නොමැති සමහර ඉස්ලාමි නොවන විද්වතුන් අනිකුත් ආගම් හා දර්ශණයන්වල ශාස්තෘවරුන් දකින ආකාරයට ඉස්ලාම් දහම පවසන ආගමික ශාස්තෘවරුන් ද උපකල්පනය කරමින් ඉස්ලාමි දහමට විරුද්ධව විවිධ ආකාරයේ විවේචනයන් ඉදිරිපත් කරයි. එමනිසා මේ කාරණය පිලිබදව සමාජය දැනුවත් කිරීමේ අනිවාර්‍ය වගකීම මුස්ලීම්වරුන් වන අපට පැවරී තිබේ.

ඉස්ලාම් දහමේ ආගමික ශාස්තෘවරයා “වක්තෘ”, “Prophet”ලෙස හදුන්වයි. මෙහි අරුථ “දේව වාක්‍ය විස්තර කරන්නා, අනාගත වාක්‍ය දන්වන්නා” යන්න වේ. එසේම ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව මෙම වක්තෘවරුන් විශ්වාස කිරීම ඉස්ලාමයේ මුලික අංගයක් ද වේ. එමනිසා මෙම කාරණය පිලිබදව පුලුල් අවබෝධයක් සමාජයට ලබාදීමද අත්‍ය අවශ්‍ය වේ. එ සදහා මෙම කාරණය පිලිබදව විවිධ කෝණයන්වලින් අවදානය යොමු කිරීම ද අවශ්‍ය වේ. එනම්,

  • ඉස්ලාමි හි වක්තෘ විශ්වාසයේ ආකාරය කුමක්ද?
  • මෙම වක්තෘවරුන් කව්රුන්ද?
  • ඔවුනහට මෙම දහම තුල ඇති භූමිකාව කුමක්ද?
  • මෙවැනි වක්තෘවරුන්ගේ අවශ්‍යතාවය කුමක්ද?
  • වක්තෘවරුන් අදටත් පහල වන්නේද?

ඉහත කරුණු එකින් එක දැන් සවිස්තරව අවධානය යොමු කරමු.

ඉස්ලාම් හි වක්තෘ විශ්වාසයේ ආකාරය

ඉස්ලාම් දහමෙහි විශ්වාසයට අනුව වක්තෘවරුන්ගේ මෙහෙවර වන්නේ දෙවියන්ගෙන් ලබාගන්නා පණිවුඩය පොදු ජනතාවට ප‍්‍රකාශ කොට ඒ අනුව ජීවත් වී ආදර්ශමත් ජීවන මාර්ගයක් පෙන්වාදීමයි. මෙම දේව පණිවුඩ මිනිසාට පහලවීම වක්තෘවරයාණන් වන මුහම්මද් තුමාට පමණක් සිදුවුවක් නොවේ. ඉස්ලාමීය විශ්වාසයට අනුව ලක්‍ෂයකටත් අධික වක්තෘවරුන් සංඛ්‍යාවක් මෙම මෙහෙවර සදහා එනම් දේව පණිවුඩය ප‍්‍රකාශකොට පොදුජනයා යහමාර්ගයට පමුණුවාලීම සදහා දෙවියන් විසින් පොළොවෙි තෝරාපත් කර ඇත. එහි ආරමිභකයා වන්නේ මුල්ම මිනිසා වන ආදම් (අෙලෙ තුමාය. මෙම ආදමි (අෙලෙ තුමාව දෙවියන් විසින් මවා පොළොවට යවන ලදී. එසේ යැවීමේ දී “යන්න නුඔට අවශ්‍ය ආකාරයට ජීවත්වන්න් ස්වමත අනුව පොලොවෙහි ක‍්‍රියාකරන්න” යයි එවා පොළොවෙහි අසරණකර නොදමා, මේ විශ්වයේ සියල්ල සැලසුම් සහගත ලෙස මැවු දෙවියන් වහන්සේ මනුෂ්‍යා සදහාද ජීවිත මාර්ගයක් සැලසුමි කර එය ලබාදී එවන ලදී. එය ශුද්ධ වු අල්කුර්ආනයේ පැවසීමේ දී 20-123, 2-38 හි වාක්‍යයන්වලින් මෙසේ පවසයි.

“මා හමුවේ සිට නුඹට මගපෙන්වීමක් එනු ඇත. එයයි නුඔ අනුගමනය කල යුත්තේ.”

මේ අනුව ලොව මුල්ම මිනිසා මෙන්ම වක්තෘවරයානන් වන ආදම් තුමාගේ පටන් සියලූ මනුෂ්‍යයන් ක‍්‍රියාකල යුත්තේ ස්වමත අනුව නොව දෙවියන් වහන්සේගේ දේව නියෝගයන් හා මගපෙන්වීමන් අනුව යන්න පැහැදිලි වේ. මෙය ආදම් තුමාට පමණක් සුවිශේෂවු කාරණයක් නොවන අතර අවසාන වක්තෘ මුහම්මද් තුමා දක්වා සියලූම වක්තෘවරුන්ට පොදු වු නියෝගයකි. ඉස්ලාමීය විශ්වාසය අනුව මෙම නියෝගයයි විවිධ කාලවල පැමිණි සියලූම වක්තෘවරුන් එ එ ජන කොටිඨාශවලට ඉටුකලේ.

මෙම වක්තෘවරුන් කව්රුන්ද?

මෙසේ දේව පණිවුඩය ජනතාවට ප‍්‍රකාශ කිරීම සදහා විවිධ කාලවල විවිධ ජන කොට්ඨාශයන් සදහා වක්තෘවරුන් දෙවියන් විසින් තෝරාපත්කර ඇත. මෙහිදී විශේෂයෙන් සදහන් කල යුත්තක් තිබේ. එනම් ලොව පහල වු සියලූම ශාස්ත‍්‍රවරුන් හා දාර්ශණිකයින් ජනයා අතර තමන්ට යයි යම් ස්ථානයක් ගොඩනගා ගන්නේ ඔවුන්ගේම උත්සාහය තුලිනි. උදාහරණයකට පවසනවා නම් බුදුන් වහන්සේ බුද්ධත්වය ලබාගත්තේ බොහෝ දුෂ්කර ක‍්‍රියාවන් කිරීමෙන්ය. නමුත් ඉස්ලාම් දහම පවසන “නබිත්වය හෙවත් වක්තෘත්වය” ඔවුනට හිමිවන්නේ ඔවුන්ගේ උත්සාහයෙන් නොව දෙවියන්ගේ කැමැත්තට අනුවයි. මෙය ශුද්ධ වු අල්කුුර්ආනයේ 6-124, 17-86 වාක්‍යයෙන් අවධාරනය කරයි. මේ ආකාරයට දෙවියන්ගේ කැමැත්ත අනුව තෝරාපත් කල වක්තෘවරුන් සංඛ්‍යාව ලක්‍ෂයකටත් අධික යන්න ඉස්ලාම්හි විශ්වාසයයි. මෙපමණ විශාල සංඛ්‍යාවක් වක්තෘවරුන් මේ පොළොව මත ජීවත් වී මියගියද ශුද්ධ වු අල්කුර්ආනයේ, නම් සදහන් වන්නේ ඔවුන්ගෙන් 25ක ගේ පමණි. එනම්,

  • ආදම් Adam
  • ඉද්රීස් Enoch
  • සුලෙයිමාන් Solomon
  • හාරූන් Aaron
  • සකරීයා Zechariah
  • යහ්යා John the Baptist
  • අය්යුබි Job
  • යුනුස් Jonah
  • යුසුෆ් Joseph
  • ඉල්ලියාස් Elijah
  • අල්යසා Elisha
  • දුල්හිෆ්ල් Ezekiel
  • ශුයෙබි Jethro
  • සාලිහ් Saleh
  • හුද් Eber
  • ඉබ‍්‍රාහීම් Abraham
  • ඉස්මායිල් Ishmael
  • ඉසහාක් Isaac
  • යාකුබ් Jacob
  • ලූත් Lot
  • දාවුද් David
  • නුහ් Noah
  • මොසස් Moses
  • ඊසා Jesus
  • මුහම්මද් Muhammed යන්න වේ.

මෙසේ විශාල සංඛ්‍යාවක් වු වක්තෘවරුන් අතරින් කිහිපදෙනෙකුගේ පමණක් නමි සදහන්වීමට හේතුවක් ඇත. එනමි එ් සමාජයේ එම වක්තෘවරුන් කිහිපදෙනාගේ මෙහෙවර වර්ථමාන සමාජයට ද ආදර්ශමත්, ප‍්‍රයොජනවත් වන නිසා මිස අනිකුත් වක්තෘවරුන් මීට වඩා පහත් යයි සලකන නිසා හෝ ඉහත නම් සදහන් වක්තෘවරුන් ඔවුන්ට වඩා උසස් යයි සලකන නිසා හෝ නොවේ. උදාහරණයක් ලෙස ලූත් (අෙලෙ)නම් වක්තෘවරයානන් මෙහෙවර සැලකුෙවි නමි ඔහුගේ ජන සමාජයේ තිබු පාපකි‍්‍රයාවකි සමලිංගික ඇසුර. මෙය ඉතාමත් දරුණු අන්දමින් ප‍්‍රසිද්ධියේම සිදුකෙරුණි. මෙම වක්තෘවරයානන්ට සිදුවයේ මෙම පාපක‍්‍රියාවේන් ජනයා මුදවා ගැනීමයි. එ් සදහා ඔහු විවිධ ආකාරයේ අවවාද අනුශාසනා කරමින් කටයුතු කරන ලදී. අවසානයේ එ් අවවාද අනුශාසනා පිලිනොගත් ඒ ජන කොට්ඨාශය ජීවත් වු නගරයම උඩුයටිකුරු කොට දෙවියන් වහන්සේ විසින් විනාශ කරන ලදී. මෙම සමලිංගික ඇසුර වර්තමාන සමාජයේද දක්නට ඇත. එමනිසා වර්ථමාන සමාජයට අවවාදයක් ලෙසත් අනතුරු ඇගවීමක් ලෙසත් එදා ලූත් (අෙලෙ) තුමාගේ සමාජයට එතුමා අවවාද කල ආකාරයත් එය පිලිනොගැනීම නිසා ඔවුන් විනාශකල ආකාරයත් අල්කුර්ආනයේ පැවසීමේදී එ් වක්තෘවරයාගේ නම සදහන් කරයි. මීට අමතරව ඉතිහාස සත්‍යන් විකෘතිකොට පවසන විට හා මන:කල්පිත විශ්වාසයන් ජනයා අතර පවතින විට ශුද්ධ වු අල්කුර්ආනය එය නිවරුදි කිරීමේදී ද වක්තෘවරුන්ගේ නම් සදහන් කරයි. උදාහර්ණයක් ලෙස යේසුස් Jesus (ඊසා (අලෛ)) තුමා යනු ඉස්ලාමීය විශ්වාසයට අනුව වක්තෘවරයෙකි. මොහු සම්බන්ධයෙන් ක‍්‍රිස්තියානිවරුන්ගේ බයිබලයේ විවිධ කරුණු සදහන් වේ. මෙතුමාව දේවත්වයෙන් ක‍්‍රිස්තියානි බයිබලයේ සදහන් වේ. මීට අමතරව ත‍්‍රිත්වය නම් සංකල්පයක් ද ඉදිරිපත් කරයි. ශුද්ධ වු අල්කුර්ආනය මේවා ප‍්‍රතික්‍ෂේප කරමින් සත්‍ය තත්වය ලොවට පවසයි. එසේ පැවසීමේදී වක්තෘවරයානන් වන ඊසා Jesus (ඊසා (අලෛ)) තුමාගේ නම අල්කුර්ආනයේ සදහන් වේ.

ඔවුනහට මෙම දහම තුල ඇති භූමිකාව කුමක්ද?

මෙසේ පැමිණි සියලූම වක්තෘවරුන්ගේ මෙහෙවර වුයේ ජනයාහට දේව පණිවුඩය ප‍්‍රකාශ කොට එ් ඔස්සේ ජනයා මෙහෙයවමින් එකම දෙවියා වෙත මග පෙන්වීමයි. මෙය ශුද්ධ වු අල්කුර්ආනයේ (16-36) වාක්‍ය මගින් මෙසේ පවසයි. “අල්ලාහ් දෙවියන් නමදින්නෟ, නපුරන්ගෙන් ඈත්වන්නෟ යයි අවවාද කරන්නන් ලෙස සියලූ ජන කොට්ඨාශයන්ට වක්තෘවරුන් අප යැව්වෙමු” මෙම මෙහෙවර සදහා සමහරක් අවස්ථාවන්වල දී එකම අවස්ථාවේ එකකට වඩා වක්තෘවරුන් සංඛ්‍යාවක් තෝරාපත්කල අවස්ථාවන්ද ඉතිහාසයේ දක්නට ඇත. උදාහර්ණයක් ලෙස ශුද්ධ වු අල්කුර්ආන් 36-13, 10-75, 19-53, 20-30 වක්‍යයන්වල මේ බව සදහන් වේ. මේ ආකාරයට විවිධ අවස්ථාවල විවිධ සංඛ්‍යාවන්ගෙන් වක්තෘවරුන් පොළොවෙහි පත්කොට ඔවුන් මාර්ගයෙන් සෑම මිනිස් කොට්ඨාශයක්ම අවවාද අනුශාසනා කරන ලදී. මේ පිලිබදව දෙවියන් වහන්සේ ශුද්ධ වු අල්කුර්ආනයේ

“සෑම ජන කොට්ඨාශ්‍යකටම අප වත්කෘවරයෙක් යැව්වෙමු” (10-47)

“සෑම භාෂාවකටම වක්තෘවරයෙක් (නබිිවරයෙක්) එවන ලදී.” (14-4)

මේ අනුව සෑම ජන කොට්ඨාශයක්ම වක්තෘවරයෙක් මගින් අවවාද අනුශාසනා ලබා ඇත යන්න ඉස්ලමීය විශ්වාසයයි. එසේ අවවාද අනුශාසනා නොකල කිසිදු ජන කොට්ඨාශයක් නොමැති බව ශුද්ධ වු අල්කුර්ආනයේ 35-24 වාක්‍ය අවධාරනය කරයි. එනම්,

“ඇත්තෙන්ම, ශුභාරංචි පවසන්නෙකු ලෙසත්, අවවාද කරන්නෙකු ලෙසත් සත්‍යවාදී නුඔව (මුහමිමද්) අප යැව්වෙමු. මෙසේ අවවාද කරන අනුශාසකයින් නොඑවු කිසිදු ජනාවක් නොවීය”

ඉහත කාර්‍යයට අමතරව එනමි අවවාද අනුශාසනා කරණවාට අමතරව මෙම වක්තෘවරුන්ට තවත් කාර්‍යයක්ද පැවරී තිබු බව ශුද්ධ වු අල්කුර්ආනයේ 3-50,51 මගින් පවසයි. එනමි

“මාහට පෙර ජිවත් වු වක්තෘවරුන් ගෙනආ දහමන් සත්‍ය කරණු පිණිසද, නුඔලාට මීට පෙර තහනම් කල සමහරක් සදහා අවසර ලබාදීම පිණිසද, අල්ලාහ් පමණි මාගේත්, නුඔලාගේත් දෙවියා එමනිසා ඔහුට පමණක් වන්දනා මාන කරන්න. මෙයයි සත්‍ය මාර්ගය යයි පවසනු පිණිසද”

වක්තෘවරුන් එවන ලද බව සදහන් වේ. මේ අනුව වක්තෘවරුන්ගේ කාර්‍යභාරය ඉහත අල්කුර්ආන් වාක්‍යයෙන් පැහැදිලිය. එනමි,

  • ”එකම දෙවියා අල්ලාහ් පමණි” යන්න අවධාරනය කරණු පිණිස,
  • ”වන්දනාමාන කලයුත්තේ අල්ලාහ්ට පමණි” යන්න අවධාරණය කරනු පිණිස,
  • පෙර විසු වක්තෘවරුන් සත්‍ය කරණු පිණිස,
  • පෙර විසු වක්තෘවරුන්ගේ දේශන, නියෝග සංශෝධනය කරනු පිණිස,
  • ඉස්ලාම් සත්‍ය මාර්ගයක් යයි අවධාරනය කරනු පිණිස,
  • තමන් විසින් සමාජය පවසන මාර්ගය ප‍්‍රයෝගිකව ජනතාවට පෙන්වනු පිණීස,

මෙවැනි කරුණු බොහෝමයක් මුල් කරගෙන දේව වක්තෘවරුන් මේ පොළොවේ දෙවියන්ගේ නියෝජිතයන් ලෙස තෝරා පත්කරන ලදී.

මෙවැනි වක්තෘවරුන්ගේ අවශ්‍යතාවය කුමක්ද?

මිනිසාට යහපත් ජීවිතයක් ගතකිරිමට මාර්ගයක් අවශ්‍ය බව අප දනිමු. එම මාර්ගය දෙවියන් විසින් සකසා දුන් මාර්ගයක් නම් එය වඩාත් නිවරුදි වන බවද අප අවබෝධ කර සිටින්නෙමු. එසේ නම් දෙවියන් විසින් සකසා දුන් එම මාර්ගය මිනිසාහට ප‍්‍රකාශවන්නේ කෙසේද? මෙය ආකාර දෙකකට සිදුවිය හැක. එනමි,
ත්‍ දෙවියන් පැමිණ පොදු ජනයාහට නියෝගයන් හා අවවාදයන් ප‍්‍රකාශ කොට එ්වා ක‍්‍රියාවට නැංවීම.
ත්‍ දේව නියෝජිතයකු පත්කොට ඔවුන් තුලින් ජනයාට දේව පණිවුඩය ප‍්‍රකාශයට පත්කිරීම. මෙයද තවත් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.

  • මනුෂ්‍යාගෙන් නියෝජිතයකු පත්කිරීම
  • මනුෂ්‍යවර්ගයෙන් බැහැරව නියෝජිතයෙක් පත්කිරීම

ඉහත ප‍්‍රධාන කරුණු හා උප කරුණු පිලිබදව කෙටි අවධානයක් යොමු කලේනම් දේව නියෝජිතයා මනුෂ්‍යාගෙන් බැහැරව වෙන කුමන ආකාරයට පැමිණියත් එහි විවිධාකාර ගැටඑ කිහිපයක් මතුවේ. ඉන් ප‍්‍රධාන ගැටඑව වන්නේ මෙම දේව නියෝග හා ප‍්‍රකාශන සියලුදෙනා සදහා ප‍්‍රායෝගික බව ඔප්පුකර පෙන්විය යුතුයි. මෙය මනුෂ්‍යාගෙන් බැහැර වුවකුගෙන් ප‍්‍රකාශවන්නේ නමි, ක‍්‍රියාවට නැගෙන්නේ නම් තර්කයක් ගොඩනැගෙනු ඇත. එනම් “මෙය මනුෂ්‍යාට ප‍්‍රයෝගික නැහැ” යනුවෙන් පවසනු ඇත. මෙය ශුද්ධ වු අල්කුර්ආනයේ 6-8,9 වාක්‍යද අවධාරණය කරයි. එනම්,

“මොහු සමග දේව දුතයෙක් නොයැව්වේ මන්ද? යයි ඔවුන් පවසති. (එයට දෙවියන් වහන්සේ) දේව දුතයෙකු පහල කලද ඔවුන් මිනිස් රුවින්ම පහල කරන්නෙමු”

යනුවෙන් දෙවියන් වහන්සේ පිලිතුරු ලබාදෙන්නේ මේ කාරණය නිසාය. මෙයට හොද උදාහර්ණයක් අද අප සමාජයේ දකින්නෙමු. එනම් මුස්ලීම්වරුන් ඉටුකරන උපවාසය සැලකුවේ නම් මෙම උපවාසය දෙස ඉස්ලාම් නොවන්නන් මවිතයට පත්ව

“මෙය කරන්න පුලූවන් දෙයක්ද? දුෂ්කර කාර්‍යයක් නොවෙිද?”

යනුවෙන් ප‍්‍රශ්න කරයි. නමුත් ඉස්ලාමි දහම පිලිපදින කුඩා ළමයින්හට මෙය අනිවාර්‍ය නොවුවත් ඔවුන්ද මෙය ඉතා සතුටින් ඉටුකරයි. එයට හේතුව ඉස්ලාම් දහම පිලිපදින අපට එය මුහම්මද් (සල්) තුමාත් ඊට පෙර පැමිණි වක්තෘවරුනුත් ප‍්‍රායෝගිකව ඉටුකර පෙන්වා ඇති බව අප අවබෝධ කරගෙන සිටින බැවිනි. මෙම ආදර්ශය මනුෂ්‍යයන්ගෙන් බැහැර වු වෙනත් කිසිවකු විසින් පෙන්වුයේ නමි මුස්ලීමිවරුන්ට ද මෙය ප‍්‍රශ්නයක් වන්නට තිබුණි. නමුත් එසේ නොවී මුහමිමද් (සල්) තුමා මෙය ප‍්‍රායෝගිකව පෙන්වුවා යන විශ්වාසය නිසා මුස්ලීම්වරුන් වන අපට එය දුෂ්කර කාර්‍යයක් නොවේ. මේ අනුව වක්තෘවරුන් පැමිණිමත් ඔවුන් මනුෂ්‍යන්ගෙන් වීමත් ඉතා වැදගත් වේ.

වක්තෘවරුන් අදටත් පහල වන්නේද?

මෙම ප‍්‍රශ්නයට පිලිතුරු ලබාදීමට ප‍්‍රථම අවබෝධ කරගත යුත්තක් තිබේ. එනම් වක්තෘවරයෙකුගේ පැමිණීමෙන් අනතුරුව තවත් වක්තෘවරුන්ගේ පැමිණීමේ අවශ්‍යතාවය කුමක්ද? මෙයට හේතු කිහිපයක් තිබිය හැක. එනම්,

  • තවදුරටත් දහමේ සංශෝධනයන් සිදුවිය යුතුවීම එනම් දහම සම්පුර්ණ නොවීම.
  • එදා වක්තෘවරුන් දේශනා කල දේශනයන් එ් අයුරින්ම අදටත් ආරක්ෂා නොවීම.

ඉස්ලාම් දහමේ විශ්වාසයට අනුව මුල්ම මිනිසා මෙන්ම ප‍්‍රථම වක්තෘවරයාණන් වන ආදම් (අෙලෙ) තුමාගේ පටන් අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්* තුමා දක්වා පැමිණි සියලූම වක්තෘවරුන් ජනතාවට දේශනා කලේ ඉස්ලාම් දහමයි. මෙය ශුද්ධ වු අල්කුර්ආනයේ 4-163 වාක්‍යයෙන්,

නුහ් වෙතද ඔහුගෙන් පසු පැමිණි වක්තෘ වන ඉබ්රාහීම්, ඉස්මායිල්, ඉස්හාක්, යාකූබ්, ඊසා, අයියුබ්, යුනුස්, හාරූන්, සුලෙයිමාන්, දාවුද් යන පිරිසට දේව පණිවුඩය පහල කල ආකාරයටම නුඹටත් (මුහමිමද්ටත්) දේව පණිවුඩය පහල කලෙමු

යනුවෙන් පවසයි. මෙසේ දහස් ගනන් වක්තෘවරුන් මගින් විවිධාකාර සංශෝධනයන් කරමින් මේ දක්වා පැමිණි දහම තමා ඉස්ලාම් බවත් එය දෙවියන් විසින්ම තෝරා දුන් දහම බවත් ශුද්ධ වු අල්කුර්ආනයේ 3-19 වාක්‍යයෙන් මෙසේ පවසයි

“නියත වශයෙන්ම ඉස්ලාම් පමණි අල්ලාහ් විසින් පිළිගනු ලැබු දහම”.

එසේම ශුද්ධ වු අල්කුර්ආනයේ තවත් ස්ථානයක වක්තෘවරුන් මගින් පහලකල මෙම දහම අවසානයේ සම්පුර්ණ කලබවත්, දෙවියන් හමුවේ අනුමත දහම ඉස්ලාම් බවත්, දෙවියන් වහන්සේ 5-3 වාක්‍යයෙන් පවසයි. එනම්,

“අද දින මම නුඹලාට නුඹලාගේ දහම පරිපුර්ණ කලෙමු. නුඹලාට සන්මාර්ගයක් ලෙස ඉස්ලාම් දහම සතුටින් තෝරා දුන්නෙමු”

මෙම සහතිකය එනම් “පරිපුර්ණ කලෙමු” යන්න පැවසීම තුල තවදුරටත් දහමෙහි සංශෝධනයන් සිදුනොවන බව පැහැදිලිය. එසේම ශුද්ධ වු අල්කුර්ආනයේ 15-9 වාක්‍යයෙන්

“අපය මෙය පහල කලේ අපමය මෙය ආරක්ෂා කරන්නේ”

යනුවෙන් දෙවියන් වහන්සේ පැවසීම තුල මෙම ශුද්ධ වු අල්කුර්ආනය සැමකලටම ආරක්‍ෂා වී ඇතිබවද ඒකාන්තය. මේ අනුව ලොව මීට ඉහත පැවසු දහමන්වලට අත්වු ඉරණම එනම් එහි පවසන කරුණු ආරක්ෂා නොවීම මෙන්ම විකෘත්ති වීම වැනි දෑ අල්කුර්ආනයට සිදුනොවන අතර එය එසේ සිදුනොවීමට හේතුව මෙය ආරක්ෂාවීම මිනිස් ක‍්‍රියාකාරකම්වලින් බැහැර වු දේව නියමයක් බැවිනි. එයයි ශුද්ධ වු අල්කුර්ආනයේ 15-9 වාක්‍යය අවධාරනය කරන්නේ.

මේ අනුව ඉස්ලාමීය විශ්වාසයට අනුව මෙම දේව ග‍්‍රන්ථය වන ශුද්ධ වු අල්කුර්ආනය ආරඏා වී ඇත යන්න හා ඉස්ලාම් දහම පරපුර්ණ වුවා යන්න ඉහත දේව වාක්‍යයන් වන 5-3, 15-9 මගින් තහවුරු වේ. මේ අනුව එනම් ඉස්ලාමි දහම සම්පුර්ණවීමත්, ආරක්ෂාවීමත් තුල වක්තෘවරුන්ගේ පැමිණීමට තිත තැබෙන බව තහවුරු වේ. මේ අනුව මුහම්මද් (සල්) තුමා යන්න අවසාන වක්තෘවරයා යන්න ද පැහැදිලි වේ. මෙය මුහම්මද් (සල්) තුමාණන් ලස්සන උදාහර්ණයකින් පැහැදිලි කරන ලදී. එනම්,

“පිරිසක් ඉතා අලංකාර වු මාලිගාවක් නරඹමින් ගමන්කරන විට එහි එක් ස්ථානයක බිත්තියේ ගඩොලක අඩුවක් දකී එය දුටු එම පිරිස ’කොතරම් අලංකාර වු මාලිගාවක්ද? එහී මේ ස්ථානයේ ගඩොලත් තිබුණේනම් මේ නිර්මාණය සර්ව සම්පුර්ණ වනවා නොවේද?’ යයි පවසන ලදී යයි පවසා “ඒ ගඩොල තම මාගේ පැමිණීම මාගේ පැමිණීමත් සමග එම මාලිගාව සර්ව සම්පුර්ණ වුවාසේ ඒ ආකාරයට මාගේ පැමිණීමත් සමග ඉස්ලාම් දහම සම්පුර්ණ වී වක්තෘ මෙහෙවර අවසාන් වේ”

යනුවෙන් පවසන ලදී. ඒ අනුව මින් මතුවට වක්තෘවරැන් හෙවත් නබිවරැන් පැමිණිමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් ඉසලාම් මින් මතුවට වක්තෘවරැන් පහල නොවන බව පවසයි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *