උපවාසයක් ගැන කතා කරන එකම දහම ඉස්ලාම් ද ?

0

උපවාසය, නම ඇසු පමණින් ඔබගේ සිතට බෝහෝ දේ සිහිවනු ඇත. පසුගිය දිනවල ශ්‍රී ලාංකීය අපට උණුසුම් පුවතක් බවට පත්ව තිබුනේ මේ උපවාසයයි. අද මා මෙම යහමඟ අඩවිය හරහා කථා කරන්නේ ඒ දේශපාලකයන්, දේශපාලන ක්ෂේත්‍රයේ කරන උපවාසය පිලිබදව නොව වාර්ෂිකව කිසිදු ඉල්ලීමක් පෙරදැරි නොකර අල්ලාහ් (දෙවියන්) වෙනුවෙන් පමණක් ඉස්ලාම් භක්තිකයන් මාසයක් පූරාවට ඉටුකරන උපවාසය පිලිබදවයි. දිනකට නියමිත කාල සීමාවක් ආහාර ගැනීමෙන් හා ජලය පානය කිරීමෙන් වැලකී ඉටුකරන මෙම උපවාසයට දීර්ඝ වූ ඉතිහාසයක් ඇත.

මීට වසර 1440 කට පමණ පෙර විසූ සමාජයක් මධ්‍යයේ මුහම්මද් (සල්) තුමාණන් මගින් වර්ථමාන ඉස්ලාම් දහම හා එයතුල උපවාසය ප්‍රකාශයට පත්වුවද ඊටත් වඩා දීර්ඝ ඉතිහාසයක් මෙම උපවාසයට ඇත. මෙය අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 2-183 වාක්‍යය මගින් ද මෙසේ අවධාරනය කරයි.

“විශ්වාසවන්තයනි (මුස්ලීම්වරුනි) !, නුඹලාට පෙර විසූ ජන (සමාජය)ට අනිවාර්ය කලාසේම, නුඹලාටත් උපවාසය රැකීම අනිවාර්ය කර ඇත. ඒ එය තුලින් නුඹාලා (අල්ලාහ් (දෙවියන්ට)) බියබැතියන් වනු පිණිසය.”

ඉහත කුර්ආන් වාක්‍ය යෙන් අල්ලාහ් (දෙවියන්) පැහැදිලිවම මෙය අතීතයේත් පැවතී ආගමික කටයුත්තක් යන්න පැහැදිලිවම සදහන් කරයි. මෙහිදී එම උපවාස ක්‍රමය වර්ථමාන මුස්ලීම් සමාජයේ පවතින උපවාස ක්‍රමයෙ මෙන්ම පැවතියා යන්න පැවසිය නොහැක. එසේ නොවේ යයි ද පැවසිය නොහැක. මන්ද අතීත එම සමාජවලත් උපවාස ක්‍රමයක් පැවතුනා යන්නට ශුද්ධ වූ කුර්ආනයේ 2-183 වාක්‍ය සාක්ෂි දැරුවද, එය මෙම උපවාස ක්‍රමයම යන්නට හෝ එසේ නොවේ යන්නට පැහැදිලි සාක්ෂි නොමැත. එයට ප්‍රධාන හේතුව වන්නේ එම සමාජවලට පහල වූ දේව අනපනත් නිසි ලෙස ආරක්ෂා නොවී පැවතීමයි. ඒ අනුව එම සමාජවල පැවතී උපවාසයන් පිලිබදව අනුමානයන් පමණක් සිදුකල හැකි අතර එය වර්ථමාන මුස්ලීම් සමාජය උපවාසය රැකීමට අත්‍ය අවශ්‍ය කාරණයක්ද නොවේ. එනමුත් මුස්ලීම් නොවන ප්‍රජාව සුපුරුදු පරිධි මුස්ලීම්වරුන් මාසයක් පුරාවට ඉටුකරන මෙම උපවාසයට ද විවිධ අපහසයන්, චෝදනාවන් හා විවේචනයන් ඉදිරිපත් කරයි. මේ හේතුව නිසා මෙම කාරණය පිලිබදව තරමක පුළුල් ගවේශනයක් කිසිදු කිරීම කාලීන යයි සිතේ. කවදත් ලාංකීය සමාජය පදනම් කරගෙන සාකච්ඡාවන් ගොඩනඟන  යහමඟ අඩවිය තුලින් මෙම කාරනය වෙතද අවධානය යොමු කලේ නම්, වර්ථමාන ලාංකීය සමාජයේ ඉස්ලාම් දහම හැරුණු කල විවිධ ආගම්, ඇදහිලි හා විශ්වාසයන් තුල ද උපවාසයන් ක්‍රියාත්මක වේ. ඉන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • ඉන්ද්‍රිය දමනය පිණිස උපවාසය
  • සාර්ථක තපස් දිවියක් ගොඩනඟා ගැනීමට උපවසය කිරීම
  • උපවාස තුලින් අහිංසාව ලබාගැනිම
  • කතෝලිකයන් අළු බදාදා හා මහ සිකුරාදා යන දෙදින උපවාස රැකීම
  • දුෂ්කර ක්‍රියා මඟින් සත්‍ය මාර්ග අවබෝධ කරගැනිම සදහා උපවාසය රැකීම

මීට අමතව විවිධ වූ දේශපාලන, වෘතීය හා වෙනත් අයිතීන් දිනාගැනීම අරමුණින් ආයුධ සන්නද්ධ යුධමය ක්‍රියාදාමයක් වෙනුවට මෙම උපවාසය ආයුධයක් ලෙස යොදාගත් අවස්ථාවන්ද දක්නට ලැබේ. ඉන් කිහිපයක් ඔබේ මතකයට ගෙන එන්නේ නම්,

  • මහත්මා ගාන්ධිතුමා තම ඉල්ලීම් දිනා ගැනීමේ දී විප්ලව ආදී හිංසාකාරී ක්‍රම ප්‍රතික්ෂේප කොට උපවාසය වැනි ක්‍රම අනුගමනය කළේ ය.
  • දකුණු වියට්නාමයේ නිදහස තකා සටන්කළ ගිහි පැවිදි නායකයෝ රැසක් උපවාසය නිසා මරුමුවට පත් වූ හ.
    ඉන්දියාවේ 1952 දී ආන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රාන්ත රාජ්‍යයක් ඇති කරන ලෙස ඉල්ලා දැඩි උපවාසයේ යෙදුණු ජෝති ශ්‍රී රාමුලු නමැත්තා 58 වන උපවාස දිනයෙහි මියගියේය.
  • පංජාබ්හි මහජන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සික් ජනනායකයකු වූ දර්ශන සිංහ පෙරමන් නමැත්තා චන්දිගාර් නගරය පංජාබ් ප්‍රාන්තයට පවරන්නැයි ඉල්ලා උපවාසයෙහි යෙදී 74 වන දින (1969.10.27 දින) මිය ගියේ ය.
  • අප රටේ මාරාන්තික උපවාසයක් මරණයෙන් කෙළවර වූ අවස්ථාවක් ඇත. ඒ එල්.ටී.ටී.ඊ සංවිධානයේ යාපනයේ දේශපාලන අංශ ප්‍රධාන තිලීපන් නල්ලූර් කෝවිල අසල පැවැත් වූ උපවාසයෙන් මරණයට පත්වීම ය. දින 12 ක උපවාසයෙන් පසු තිලීපන් 1987 සැප්තැම්බර් මස 26 වන දා මිය ගියේ ය.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කළ ත්‍රිපුද්ගල උපදේශක කමිටුව ඉවත් කැර ගන්නා ලෙස බල කිරීම පිණිස ජාතික නිදහස් පෙරමුණේ නායක සහ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා හා නිවාස අමාත්‍ය විමල් වීරවංශ මහතා මාරාන්තික උපවාසයක 2010.07.08 දින නිතරවන ලදී.

මේ ආකාරයට උපවාසය සමාජය තුල විවිධ මුහුණුවර ගෙන ක්‍රියාත්මක වූ බවට අපට අත්දැකීම් රාශියක් ඇත. නමුත් මෙම ලිපියෙන් උපවාසය සම්බන්ධ ආගමික පැත්ත කථා කරන නිසා, ඉහතින් මා පවසන කරැණු පදනම් විරහිත ඒවා ලෙස සලකා ඉස්ලාම් විවේචකයන් හට බැහැර කල හැක. මේ හේතුව නිසාම මෙම උපවාසය පිලිබදව ආගමික මූලාශ්‍රයන් හි කුමක් සදහන් වෙනවාද? යන්න පිලිබදව දැන් කෙටි අවධානයක් යොමු කලේ නම්,

කිතුණු දහමේ.

කිතුණුවන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන “බයිබලයේ නව ගිවිසුම්” හි උපවාසය සම්බන්ධයෙන් මෙසේ සදහන් වේ,

‍”ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දොම්නස් මුහුණ ඇතිව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔවුහු මුහුණු විරූප කරගනිති සැබැවින්ම මම ඔබට කියමි, ඔවුන්ගේ පලවිපාක දැනටම ඔවුනට ලැබී ඇත. එහෙත් (17) , ඔබ උපවාස කරන කල, හිසතෙල් ගල්වා මුහුණ සෝදා ගන්න (18) මෙසේ රහසිගත ව වසන ඔබේ පියාණන් වහන්සේට මිස ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට පලවිපාක දෙන සේක.” (මතෙව් 6-16 සිට 18 දක්වා)

යුදෙව්වන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන “බයිබලයේ පරණ ගිවිසුම්” හි උපවාසය සම්බන්ධයෙන් මෙසේ සදහන් වේ,

“සියොන් කන්දේ හොරනෑව පිඹින්න, උපවාසයක් පනවා, අයැදුමට සෙනඟ රැස්කරන්න.” (ජෝවෙල් 2-15)

“දේශයේ සෙනඟටත් පූජකයන්ටත් කථා කොට, ඔවුන් මේ අවුරැදු හැත්තෑව තුල දී පසවන හා සත්වන මාසවල උපවාසය පවත්වා වැලපෙමින් උපවාස කලේ මා උදෙසාද?”  (සකරියා 8-5)

හින්දු දහමේ,

හින්දු දහමේ ආගමික මූලාශ්‍රයන් හි ද උපවාසය පිලිබදව බොහෝ කරුණු කාරණා සදහන් වන අතර වර්ථමාන ලාංකීය හින්දු භක්තිකයන් අතර පවා දැනටත් උපවාස ක්‍රමයක් ක්‍රියාත්මකව පවති.

(මෙම ලිපිය සිංහල භාෂාවෙන් ලියවෙන නිසා මෙහි මේ පිලිබදව කරුණු දැක්වීමක් සිදුනොකරන අතර මේ පිලිබදව වැඩිදුර විස්තර info@yahamaga.com වෙත ඊමේල්යක් යැවීම මඟින් ලබාගත හැක.)

බුදු දහමේ,

යම් මනුෂ්‍යයෙක් තෙම මා වැන්නෙක් වන්නේද, නොහොත් මා විසින් පැමිණෙන ලද සම්පත්තියට පැමිණෙනු කැමති වන්නේද, හෙතෙම තුදිස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද, පක්‍ෂයෙහි අටවක් දිනයෙහිද, ප්‍රාතිහාර්ය පක්‍ෂයෙහිද, ගුණාඬගයකින් යුක්තවූ උපොසථ සීලයෙහි උපවාසය කරන්නේය. (සක්කභාසිත සූත්‍රය)

යම් අඹ ඵලයක් මධුර වූ රසයෙන් අගවූ සිත්කළුවූවක් වී ද මහා ජලයෙහි බැසයන්නා වූ යමක් මම දියෙන් ගොඩ ගතිම්ද, එය මා වියලවා ඒකාන්තයෙන් මට මරණය එළවන්නේය. යම්හෙයකින් මම උපවාසය කෙරෙම්ද, මත්සයින්ගෙන් යුක්ත වූ දිගු පුළුල් ඇති සිත් කළුවූ ගඟ බලා හුන්නෙම්ද, මා විසින් ඒ සියල්ල ඔබට කියන ලදී. (තිංස නිපාතය)

ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේ ඉස්ලාම් දහම, මුහම්මද් (සල්) තුමාණන් මඟින් සමාජයට ප්‍රකාශ වීමට පෙර සමාජවල පවා මෙම උපවාසය යන්න ක්‍රියාත්මක වූ බවයි. මෙය වඩාත් හොදින් ඔප්පුවන සාක්ෂියක් ලෙස ගෞතම බුදුන් විසින් ආරම්භ කාලයේ සිදුකලා යයි පවසන දුෂ්කර ක්‍රියාව සදහන් කලහැක. එහි දී මාස දෙකක පමණ කාලයක් අඛන්ඩ උපවාසයේ නිරත වූ බව ඉතිසායේ සදහන් වේ. මෙම උපවාස ක්‍රිමය එදා සමාජයේ පැවතී උපවාස ක්‍රමයක් යන්න ද ඉතිහාස පොත්පත්වල සදහන් වේ.  මේවා තුලින් උපවාසයට දිර්ඝ ඉතිහාසයක් පවතින බව සහා ඉහත 2-183 ශුද්ධ වූ කුර්ආනයේ පවසන ආකාරයට පෙර සමාජවලත් මෙය පැවති ඇති බව මනාව පිළිඹිබු වේ.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *