ශ්‍රි ලාංකීය මුස්ලීම්වරුන් සදහාම වූ වේදිකාව

0

අද වනවිට නව සමාජ ජාල සංස්කෘතියක් අන්තර්ජාලය තුල නිර්මාණය වී හමාරය. මේ පිලිබදව අදහස්, වාදවිවාද, විවේචන… අප නිතර අසන්නෙමු දකින්නෙමු. විශේෂයෙන් (Facebook) ෆේස්බුක් සමාජ ජාල අඩවිය සැලකූවිට එය අද වෛරීය පුවත් වාර්තාකරුවන්ගේ තෝතැන්නක් වී ඇත. වර්ථමානයේ ජාතිවාදය හා ජාතීන් අතර විරසකය ගොඩනගන්න ජාතිවාදීන් මෙය ප්‍රධාන මාධ්‍යයක් කරගෙන ඇත. එපමණක් නොවේ තරුණ තරුණියන්ගේ වටිනා කාලයේ වැඩිහරියක් නිකරුණේ කාදමන බහිරවයෙකු බවට මෙම සමාජ ජාල අඩවි පත්ව ඇත. ඔවුන් අතුරින් බොහෝ දෙනෙකුට අවසානයේ ඉතිරි වන්නේ පසුතැවීම පමණි. මෙම සමාජ ජාල අඩවි සමාජය යහමග ගැන්වීම වෙනුවට ඔවුන් වැරදි ඉසව්වකට රැගෙන යාම සිදුකරමින් සිටී. වඩාත් පලදායි සමාජ මෙහෙවරක් සදහා යොදාගත හැකි මෙවන් සමාජ ජාල අඩවි අද එහි මුඛ්‍ය අරමුණින් බැහැරව සල්ලාලයින්ටත්, මානසික විකෘතියෙන් හා වියරුවෙන් පෙලෙන රෝගීන්ටත් වේදිකාවක් තනා දී ඇත. අද මෙය පටු අරමුණු වෙනුවෙන් විවිධ පුද්ගලයන්ට බලපෑම් කරන මාධ්‍යයක් විදියට ජනප්‍රිය වෙමින් ඇත. එය වඩාත් තහවුරු වන සමීපතම උදාහර්ණය  වන්නේ පසුගිය දිනවල අප රටේ ෆේස්බුක් ගිණූම් 3200 ක් අවලංගු කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කිරීමයි.

මෙම සමාජ ජාල රුල්ලෙහි අවාසනාවන්තම තත්වය වන්නේ මුස්ලීම් තරුණ තරුණියන් අතුරින් බහුතරයක් මේ රුල්ලට හසුවී වල්මත් වී විනාශය කරා පියනඟමින් සිටීමයි. මේ පිලිබදව මුස්ලීම් සමාජයේ විද්වතුන්ගේ හා වැඩිහිටියන්ගේ දැඩි අවදානය කඩිනමින් යොමු වියයුතුව ඇතත් ඒ පිලිබදව වූ උනන්දුවක් පියවරක් කිසිදු පාර්ශවයකින් ගත්බවක් දක්නට නැත.

මෙවන් අවදියක යහමග ද ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් පමණක් ඉලක්ක කොට සමාජ ජාල අඩවියක් ‘SLMN‘ නමින් මෙලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කොට ඇත. මෙය සමාජ ජාල අඩවියකට එහා ගිය ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් සදහා වූ වේදිකාවක්. මේ තුල ඉදිරිපත් වන්නේ හා සංවාදයට ගැනෙන්නේ ජාත්‍යන්තර හෝ ජාතිකතලයේ මුස්ලීම්වරුන්ගේ අවදානයට යොමු වියයුතු නොඑසේ නම් ඔවුනට ප්‍රයෝජනවත් කරුණූ කාරණා පමණි. සැබැවින්ම මෙය ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ ඔන්ලයින් සංගමයක්‘.

විශේෂයෙන් ඉස්ලාමීය රාමුව තුල පමණක් කටයුතු කරන මෙම අඩවිය සදහා ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් වන ඔබ සියළුදෙනාට විවෘත ආරාධනාවක් කරමි. ඔබත් මෙහි ගිණුමක් විවෘත කොට මේ මෙහෙවරට ඔබේ දායකත්වයත් ලබාදෙන්න.  මෙය සිංහල / දමිල / ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය සදහාම විවෘත වන බව සතුටින් දන්වා සිටින අතර මෙම අඩවියේ සාර්ථකත්වය සදහා ඔබගේ වටිනා අදහස් හා යෝජනා අපෙක්ෂා කරන බව ද අවසාන වශයෙන් සටහන් කරමි.

 

ඉබුනු සහීර්

 

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *