ඔබ අප හමුව යහහමුවක් වේවා!

5

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව ශ්‍රී ලාංකීය සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම ‘යහමඟ’ වෙබ් අඩවියේ මුඛ්‍ය අරමුණ වේ. එම අරමුණ කරාවූ ගමන් මඟ තුල පැවතී විශාල අඩුවක් වූයේ ආගමික විෂයන් කථා කරන වෙබ් අඩවීන් බොහෝමයක් අන්තර්ජාලය තුල දක්නට ලැබුණත්, එහි ආගමික මූලාශ්‍ර ඉදිරිපත්වීමක් දක්නට නොලැබීමයි. ආගමික මූලාශ්‍රයන් තුලින් කිසියම් ඉගෙන්වීමක් සෘජුවම ඉදිරිපත් වන නමුත් ලිපියක් තුලින් හෝ එහි ඉදිරිපත් කරන විග්‍රහයන් තුලින් එවැනි සෘජු හා නිවරුදි ඉදිරිපත් වීමක් අපේක්ෂා කල නොහැක. මේ හේතුව නිසා ද ආගමික මූලාශ්‍රයන් පහසුවෙන් කියවීමට හැකි ආකාරයට ඉදිරිපත් වීම අනිවාර්‍ය මෙන්ම කාලීන ද අවශ්‍යතාවයකි. ඒ අනුව එදා විශේෂයෙන් ඉස්ලාමීය මූලාශ්‍රයන් වන ‘ශුද්ධ වූ කුර්ආනය’ හා ‘හදීසය’ සිංහල භාෂාවෙන් කථා කරන වෙබ් අඩවීන් කිසිවක් නොමැති අවධියක එම අඩුව දුරු කිරීමේ පලමු පියවර ලෙස ‘ශුද්ධ වූ කුර්ආනය‘ වාක්‍යයෙන් වාක්‍යයට සිංහල භාෂා පරිවර්ථනය ඉදිරිපත් කිරීමේ මෙහෙවර 2012/02/25 දින බොහෝ පිරිසකගේ සහය ඇතුව ‘යහමඟ‘ ආරම්භ කරන ලදී.

අන්තර්ජාලය තුල ශුද්ධ වු කුර්ආනය සිංහල භාෂාවෙන් පහසුවෙන් කියවීම සදහා නිසි වැඩ පිලිවලක්  නොපැවති අවදියක එම අඩුව නිරාකරණය කිරීම සදහා බොහෝ පිරිසකගේ හා බොහෝ වෙබ් අඩවිවල මෙන්ම ශුද්ධ වූ කුර්ආන් සිංහල භාෂා පරිවර්ථන පොත්පත්වල සහය ඇතුව අරම්භ කල ඒ ශුද්ධ වූ මෙහෙවරේ එක් අදියරක් සාර්ථකව දැන් නිමාකොට ඇත. ශුද්ධ වු කුර්ආන් වාක්‍යයන්, වාක්‍යයෙන් වාක්‍යයට පහසුවෙන් කියවීමට හැකි ආකාරයට මෙන්ම සෙවීමට හැකි ආකාරයට ඉදිරිපත් කරන ‘යහහමුව’ (www.yahahamuwa.info) නම් වෙබ් අඩවිය ඉස්ලාමීය ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේ දී ඉමහත් පිටුවහලක් වනු ඇත යන්න මාගේ දැඩි විශ්වාසයයි.

විශේෂයෙන් ශුද්ධ වූ කුර්ආන් පාඨයන් පිලිබදව විවිධ වූ මතවාද ඉදිරිපත් කරමින් ඒවාට විවිධ විග්‍රහයන් ඉදිරිපත් කරමින් සංවාදයන් ගොඩනඟන පිරිසට මෙම ‘යහහමුව’ අඩවිය ඒ සදහා වේදිකාවක් කරදීමට මෙම අඩවිය තුලින් මා අදහස් කොට ඇත. එයට තවත් හේතුවක් ද ඇත. එනම් කිසියම් ග්‍රන්ථයක් එහි මුල්භාෂාවෙන් පරිවර්ථන ඉදිරිපත් කිරීමේ දී විවිධ හේතු මත එහි පරිවර්ථන දෝෂ ඇතිවීමට පුළුවන. එවැනි දුර්වලතාවයන් අවම කරගැනීම පිණිස මෙම ‘යහහමුව’ අඩවිය තුල ඉදිරිපත් කරන සෑම කුර්ආන් වාක්‍යයක් සදහා ම අදහස් එක් කිරීමේ අවස්ථාව මේ තුල සලසා දී තිබීම ඔබට පහසුවකි. ඊට අමතරව එම වාක්‍යයන් සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන පිරිසටත් එම විවේචනයන්ට ප්‍රතිචාර දක්වන පිරිසටත් මෙම අඩවිය විවෘත වේදිකාවක් කර දී තිබිම තවත් සුවිශේෂත්වයකි. එම නිසා අවංක වූ ප්‍රතිචාරයන් ශිෂ්ඨසම්පන්න ආකාරයට ඉදිරිපත් කරන්න ‘යහහමුව’ වෙත ඔබ සියළුදෙනාට ආරාධනා කරන අතර මෙම අඩවිය තුල ඔබ අප හමුව යහහමුවක්ම වේවා! යනුවෙන් ද ප්‍රාර්ථනා කර සිටිමි.

මෙහිදී අද විශේෂයෙන් සදහන් කලයුතු තවත් කාරණා කිහිපයක් ද ඇත. එනම් 2012/02/25 මෙම මෙහෙවර ආරම්භ කරන විට මේ ආකාරයේ වෙබ් අඩවියක් අන්තර්ජාලයේ දක්නට නොලැබුණි. නමුත් අල්හම්දුලිල්ලාහ්, ‘යහහමුව’ අඩවිය ඉදිරිපත් කරන මේ මොහොත වනවිට එවැනි වෙබ් අඩවීන් ගණනාවක් අන්තර්ජාලය තුල ඉදිරිපත්ව ඇත. එවැනි වෙබ් අඩවීන්වල සහය ද ‘යහහමුව’ ලබාගැනීම නිසා ඉතා ඉක්මණින් මෙම අඩවිය මෙලෙස ඉදිරිපත් කිරීමට අද හැකි වී ඇත. ඒ අනුව සෘජුව හා වක්‍ර ආකාරයන්ට මෙම අඩවියේ සාර්ථකත්වයට සහය ඒ සියළු පාර්ශවයන්ට ‘යහමඟ‘ ස්තූතිය පුදකරන අතර මෙවැනි මෙහෙවරයන්ට තව තවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා!, යනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනාවක් ද  කරමි.

අවසාන වශයෙන් මෙම අඩවියේ සාර්ථකත්වය සදහා මෙන්ම වඩාත් පලදායි ආකාරයට මෙය පාඨක ඔබට සමීප කිරීම සදහා මෙම අඩවිය පිලිබදව පාඨක ඔබේ බුද්ධිමත් අදහස් හා යෝජනා අපේක්ෂා කර සිටිමි. ඒ සදහා ඔබේ ප්‍රතිචාර ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර මේ දක්වා වූ ගමන්මඟ තුල ‘යහමඟ’ හා අත්වැල් බැඳගෙන නන්අයුරින් සහය වූ සියළු පාර්ශවයන්ට ‘යහමඟ’ ස්තූතිය ද පුදකර සිටිමි.

අදහස් යොමු කරන්න :-
admin@yahamaga.com

වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
www.yahahamuwa.info

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 5 යි.

  1. Aravinda 2013-03-25 at 17:25

    “Islam” – සිංහලෙන් ලිවීමේදී බොහෝ තැන්වල “ඉස්ලාම්” ලෙස ලියා තිබෙනු දැකිය හැක. “ස්ලාම්” ලෙස ලිවිම නිවැරදිද ? වැරදිද ? අඩුපාඩු සහිතද ?

    • අබූ අර්ශද් 2013-03-25 at 18:13

      ඔබ විමසන කාරණය සරල ලෙස පෙනුනත් එය සරල පැනයක් ම නොවේ. නමුත් මා පිලිගන්නා සත්‍යයක් ඇත. ඒ භාෂාව යනු තම අදහස් ප්‍රකාශ කරන තවත් එක් මාධ්‍යයක් යන්නයි. ඒ අනුව අප සමාජයේ බහුතරය islam යන්න සිංහලෙන් තිවීමේ දී ‘ඉස්ලාම්’ ලෙස ලිවීම දැකිය හැක. පාසැල් පොත්ප්වල පවා ඇත්තේ එලෙසය. ඒ අනුව මා ද විශ්වාස කරන්නේ ‘ඉස්ලාම්’ යයි ලිවිම නිවරුදි යන්නයි. නමුත් එයින් ‘ස්ලාම්’ යයි ලිවීම වැරදි යන්න එයින් අදහස් නොවේ.

  2. අබූ අර්ශද් 2013-01-28 at 17:52

    මෙහි ලිපිය ආරම්භයේ ඇති පිංතූරය වෙනුවට වෙනත් පිංතූරයක් කිසිවකු විසින් එක්කර තිබීම නිසා ඔබට එහිදී සිදුවූ අපහසුතාවයට මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

  3. Allah & Akbar 2013-01-27 at 13:31

    අලිය නොයන මග – ඉනිමග
    හම්බය නොයන මග – යහමග

    • අබූ අර්ශද් 2013-01-28 at 13:14

      මෙය මුස්ලීම් සමාජයට (ඔබේ භාෂාවෙන් හම්භයන්ට) අභියෝගයක්ම වේවා!,

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *