කිතුනු දහම ගැන බුද්ධිමත් ගවේෂණයක්

2

ලොව අත්තාවූ සියළු ආගම් අතුරෙන් වැඩිම බැතිමත් පිරිසකින් යුක්ත් විශාලම ආගම් දෙක වන්නේ ඉස්ලාම් ආගම සහ ක‍්‍රිස්තියාණි ආගමයි. ලොව පුරා කිතුනු දහම අදහන්නන්ගේ සංඛ්‍යාව කෝටි 200ත් ඉක්මවන අතර ඉස්ලාම් බැතිමතුන් කෝටි 150ටත් වඩා අධික වෙති. මෙම ආගම් දෙකම සැමිටික් ආගම් වේ. එනම් සෙමිටික් ජාතීන් අතරින් ලොවට ලැබූ ආගම් සෙමිටික් ආගම් ලෙස හඳුන් වනු ලැබේ. බයිබලයට අනුව නෝවා (නූහ්) නැමැති අනාගත වක්තෘ තුමාගේ පුතෙකු වන ෂෙම් නැමැත්තාගේ පරම්පරාවෙන් පැවත එන්නන් සැමිටි ජාතිකයෝ වෙති. අරාබි, හීබ්රු, පෙනීසියානු වැනි ජාතීන් සැමිටි ජාතිකයෝ වෙති.

සෙමිටික් ආගම් අතුරෙන් ප‍්‍රධානම ආගම් දෙක වන ඉස්ලාම් හා  ක‍්‍රිස්තියාණි යන මෙම ආගම් දෙක අතර පසුගිය දශක කිහිපයක සිටම දෙපාර්ශවයේම ප‍්‍රතිපත්ති, ඇදහිලි හා ආගමික මූලාශ‍්‍රයන් පිළිබඳ විවිධ සංවාද, සාක‏ච්ඡ හා විවාද සිදුවෙමින් තිබේ. මෙයට හේතුව වන්නේ මෙම දෙපාර්ශවයටම පොදු වූ කරුණු රැසක්ම පැවතීමයි. මුළු විශ්වයම මවා පාලනය කරන්නා වූ ඒකක දෙවි කෙනෙක් ගැන මෙම දෙපාර්ශවයම විශ්වාස කරති. ආරම්භයක් හෝ අවසානයක් නොමැති සර්වබලධාරී, සදාතනික ජීවමාන වූ එම දෙවි විසින් මානව වර්ගයාව යහමග යොමුකිරීම පිණිස අනාගත වක්තෘවරුන් රාශ්යක් එවන ලද බවත් මෙම දෙපාර්ශවයම විශ්වාස කරති. යේසුස් වහන්සේ ද සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේ වන අල්ලාහ් විසින් මානව වර්ගයාව යහමග යොමුකිරීම පිණිස එවන ලද අනාගත වක්තෘවරුන් අතුරින් ප‍්‍රබල වක්තෘවරයෙක් බව මුස්ලිම්වරුද විශ්වාස කරති. එතුමාට අල්ලාහ් විසින් ඉන්ජීල් නැමැති සත්‍ය පුස්තකය(මෙය කිනුනුවන් අද ප‍්‍රචාරය කරන බයිබලය නොවේ.) ලබාදුන් බවද මුස්ලිම්වරු විශ්වාස කරති. යේසුස් වහන්සේ අල්ලාහ්ගේ වචනය බවත් අල්ලාහ්ගේ අවසරය මත ප‍්‍රාතිහාරයන් රැසක් සිදුකළ බවත් මුස්ලිම්වරු ද විශ්වාස කරති.(යේසුස් වහන්සේ පිළිබඳ ඉස්ලාමීය දෘෂ්ඨිකෝණය යන මාතෘකාව යටතේ මෙය ඉදිරියේදී පසුව සාකච්චා කෙරේ.

මෙසේ මෙම දෙපාර්ශවයේම ප‍්‍රතිපත්ති හා විශ්වාසයන් අතර එකඟතා පැවතීම හේතුවෙන් මත‍භේද වන කරුණුවලදී නිවැරදි වන්නේ කවුරුන්දැයි සාමාන්‍ය ජනතාවට අවබෝධක් ලබාදීමත් එවැනි මතභේද වන කරුණු වලදී පවා සමථයකට පැමිණිය හැකිදැයි සොයා බැලීමත් මෙම සාකච්චාවල ප‍්‍රධාන අරමුණයි. මෙසේ 1970 වර්ෂයේ වත්තික්කානයේ කතුනු විශාරදයින් හා ඊජිප්තුවේ මුස්ලිම් විශාරදවරුන් අතර රෝමයේදීත් 1974 හා 1978 වසරවල කයිරෝ නගරයේදීත් සාකච්චා පැවැත් වුණි. එසේම සෞදි අරාබියේ මුස්ලිම් විශාරදවරුන් හා වතිකාන් කිතුනු විශාරදවරුන් අතර සාකච්චාවක් 1974 දී රෝමයේ පැවැත් වුණි. මෙවැනි මුස්ලිම් කිතුනු සංවාදවල ස්වර්ණමය යුගයක් වූයේ අහමදි ඞීඩාඞ් මහතාගේ වකවානුවයි. එතුමා කිතුනු පූජකවරුන් මෙන්ම විශාරදවරුන් කිහිපදෙනෙක් සමගම සාකච්චා මෙන්ම ප‍්‍රසිද්ධ විවාද කිහිපයක්ම පවත්වා කිතුනු ලොවේ ආගමික පුනරුදයක්ම ඇති කළ බව රහසක් නොවේ.

මෙම සංවාද හා සකච්ඡවල ප‍්‍රතිපඵය වූයේ ඉස්ලාම් දහම ලෝකයේ කුනාටුවක වේගයෙන් වර්ධනය වීමයි. 1934 සිට 1984 දක්වා වූ පනස් වසරක කාලය තුලදී ලෝකයේ ඇති ප‍්‍රධාන අගම් වල වර්ධනය දක්වන සංඛ්‍යා ලේඛනයක් 1983 වර්ෂයේදී ”රීඩර්ස් ඩයිජස්ට්(Reader`s Digest)” සඟරාවේ වාර්ෂික කලාපය වන ”අල් මනාක් (Almanac&)”හි පළ කර තිබිණ. මෙම ලිපියම ”ද ප්ලේන් ටෘත්˜(The Plain Truth) නැමැති ක‍්‍රිස්තියාණි මාසික සඟරාවේ 1984 පෙබරවාරි කලාපයේද ප‍්‍රකාශයට පත්කර තිබිණි. එම සංඛ්‍යා ලේඛනයට අනුව ක‍්‍රිස්තියාණි ආගම 47% කින් වර්ධනය වන විට ඉස්ලාම් දහම 235% ක වේගයෙන් වර්ධනය වී ඇත. එනම් කිතුනු දහම මෙන් පස් ගුණයකින් ඉස්ලාම් දහම වර්ධනය වී ඇත. එසේම ඇමෙරිකා එක්සත් ජනපදයේ 1970දී ලක්‍ෂයක් ව තිබූ මුස්ලිම් ජනගහනය අද කෝටියද ඉක්මවා තිබීම  ඉස්ලාම් දහමේ වර්ධනයට කදිම නිදසුනකි. බටහිර ලෝකය දෙස අවධානය යොමුකරන විට එහි මුල්බසිමින් ඇති ප‍්‍රධානම බලවේගය බවට ඉස්ලාම් දහම පත්වී හමාරය. බටහිර රටවල මුස්ලිම් දේවස්ථාන හා ඉස්ලාමීය සංවිධාන විශාල සංඛාවක් ඇති අතර එහි ගනන දිනෙන් දින ශීඝ‍්‍රයෙන් ඉහල යයි. බටහිර ජාතීන් තමාට උපතින්ම ලැබෙන ස්වභාවික දහම වූ ඉස්ලාමයට ආපසු පැමිණීම සාමාන්‍ය සිද්ධියක් වී ඇත. මෙහිදී බටහිර ජාතීන් තම ආගම වෙනස් කරගනිතියි කියා සඳහන් නොකර තමා උපතින්ම ලබන ස්වභාවික ආගමට ආපසු පැමිණෙතියි කියා සඳහන් කිරීම බොහෝ පාඨකයින්ට කුතුහලයක් වනු ඇත. නියත වශයෙන්ම සෑම කෙනෙක් ම උපත ලබන්නේ දෙවිට (අල්ලාහ්ට) අවනත වීමෙහි ය. එනම් ඉස්ලාම් හි ය. සෑම දරුවෙකුගේම ස්වභාව්ක උපත සිදුවන්නේ මෙලෙස ය. නමුත් ඔවුන්ව යුදෙව් ආගමට හෝ කි‍්‍රස්තියානි ආගමට හෝ වෙනත් ආගමකට, නැතිනම් අදේවවාදීන් බවට වෙනස් කරන්නේ ඔවුන්ගේ දෙමාපියන්ය. නැතහොත් ඔවුහු වෙසෙන සමාජය යි. සෑම ළදරුවෙක්ම ඉස්ලාම් යන තත්වයේම ඉපදෙන නිසා මෙහිදී අපි මදක් ඉස්ලාම් යනු කුමක් දැයි විමසා බලමු.

ඉබුනු ජෙමීල්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. මුහම්මද් අකීල් 2014-08-10 at 11:19

    Sheikh Abu Arshad
    I Am From Riyadh
    I want to Ask Some details About this Web site
    Can U Give Me Ur Contect Number Please

    • අබූ අර්ශද් 2014-08-10 at 12:14

      අස්සලාමු අලෙකුම්,
      ඔබ තුමාට මා සමඟ කථා කිරීමට අවශ්‍ය නම්, 077 22 00 474 දුරකථන අංකය භාවිතා කල හැක. එසේම මේල් කරන්නේ නම්, admin@yahamaga.com ඊමේල් ලිපිනය භාවිතා කලහැකි අතර කලින් වෙලාව වෙන්කරගෙන skyp ඔස්සේ ද කථා කල හැක.
      වැඩි විස්තර – යහමඟ සමඟ කථා කරන්න…

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *