ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය

2

ඉස්ලාම් දහමේ මූලාශ්‍රයක් මෙන්ම දිව්‍යමය පුස්ථකය ලෙස ශුද්ධ වූ කුර්ආනය සැලකේ. මේ ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය හා එහි පසුබිම පිලිබදව ශ්‍රී ලාංකීය මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයට ද ඇත්තේ අවම වූ දැනුමකි. මේ හේතුව නිසා මුස්ලීම් නොවන සමාජය එම දිව්‍යමය පුස්තකය පිලිබදව මුල, මැද, අග නොදැන විවේචනය කිරීමත්. මුස්ලීම් සමාජය ඒ සියල්ල හමුවේ මුනිවත රුකීමත් නිතර දකින්න ලැබෙන ඛේදවාචකයකි. මේ හේතුව නිසාම ‘යහමඟ‘ අඩවිය ඔස්සේ මේ විෂය පිලිබදව තරමක් ගැඹුරින් හා විස්තරාත්මක ලෙස කථා කිරීමට අදහස් කලෙමි. (මෙම ලිපිය මීට ඉහත කථා කල ශුද්ධ වූ ග්‍රන්ථ හා එහි වලංගුභාවය යන ලිපියේම තවත් කොටසකි.) ඒ ප්‍රධාන මාතෘකා කිහිපයක් ඔස්සේය. එනම්,

  • ශුද්ධ වූ කුර්ආනය පිලිබදව හැදින්වීමක්,
  • මුහම්මද් (සල්) තුමාණන්ගේ සාක්ෂරතා ඥානය කොතරම්ද?,
  • ශුද්ධ වූ කුර්ආනය ප්‍රකාශ වූ සමාජය මොනවගේද?,
  • දේව පණිවුඩ පහලවීම ඇරඹිම හා අවසන්වීම,
  • ශුද්ධ වූ කුර්ආනය ග‍්‍රන්ථාරූඩ වු ඉතිහාසය,
  • ලිඛිත ග‍්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම,
  • මුල් භාෂාව අදටත් ආරක්‍ෂා වී පැවතීම,
  • ආරම්භයේ සිට සංශෝධනයන් සිදුනොවී පැවතීම,
  • දේශනා කල කාලය හා ග‍්‍රන්ථාරූඩ වු කාල අතර අන්තරයක් නොතිබීම,
  • කුර්ආන් පිටපත් ගැනීම,
  • ‘ඇයි ලොව අනිකුත් දහමන් හා දර්ශනයන් හි ඉගෙන්වීම්න් ආරම්භයේ පටන් ආරක්ෂාවෙලා නැද්ද?’ යන්න,
  • ‘ලොව අනිකුත් ආගමික මූලාශ්‍රයන් ආරම්භයේ සිට ආරක්ෂා වී නැද්ද?’ යන්න,

ශුද්ධ වූ කුර්ආනය පිලිබදව හැදින්වීමක්

ප්‍රථමයෙන් අවබෝධ කර ගතයුතු කාරණය නම්, අල්කුර්ආනය එකවර අහසින් පොළොවට පහල වූ ග්‍රන්ථයක් නම් නොවන බවයි. දේවදූතයෙකු (ජිබ්රීල් – බයිබලයේ සදහන් ආකාරයට ගේබ්‍ර්යල්) මඟින් විටින් විට නබිවරයා (මුහම්මද් (සල්) තුමා)ට පහල කරන ලද දේව වාක්‍යයන්වල එකතුවයි ‘අල්-කුර්ආනය’ ලෙස හැදින්වෙන්නේ. මෙය ශබ්ද (sound) ආකාරයට පහල වූ අතර එය ලිවීම සදහා ම පත්කොට තිබූ ලේඛකයන් මඟින් එය ලේඛන ගත කරන ලදී. ඒ අනුව පියවරින් පියවර සමාජයේ ඇතිවන විවිද වූ ගැටළු සදහා විසදුම් ලෙසත්, මිනිස් සමාජයට අවවාද අනුශාසනා ලෙසත් වසර 23 ක කාලයක් මෙම දේව වාක්‍ය මුහම්මද් (සල්) තුමාණන්ට පහල වූ අතර එය එතුමාණන් විසින් සමස්ථ මිනිස් සමාජයට ප්‍රකාශ විය. එසේ වසර 23ක් මුළුල්ලේ පහල වී ලේඛනගතව පැවතී දේව වාක්‍යයන් සියල්ල එක්කොට නිර්මාණය කරන ලද ග්‍රන්ථයයි අද ‘අල්-කුර්ආනය’ ලෙස හදුන්වන්නේ. මෙම අල්කුර්ආනය මුලික කරගෙනයි ඉස්ලාමීය නීතිරීති, වත්පිලිවෙත් සියල්ල සැකසී තිබෙන්නේ. ඒ අනුව කුර්ආනය යනු දෙවියන් වහන්සේගේ වචන පමණක්ම අන්තර්ගත ශුද්ධ වු ග‍්‍රන්ථයක් යන්නත්, එය මිනිස් චින්තනයන්ගෙන් සුවිශුද්ධ වූ ග්‍රන්ථයක් යන්නත් මුස්ලීම්වරුන් වන අපගේ විශ්වාසයයි.

මෙය මනුෂ්‍ය චින්තනවලින් බැහැර වූ ශුද්ධ වූ ග්‍රන්ථයක් යන්න තහවුරු කරන බොහෝ සාක්ෂීන් මෙම කුර්ආනය තුලම අන්තර්ගතව ඇත. මෙහි ඉගෙන්වීමන් බුද්ධිමත්ව විමසා බලන්නේ නම් අප මවිත කරවන බොහෝ සාක්ෂි ඒ තුල දක්න ලැබේ. එදා අරාජිකව පැවතී නොදියුණු සමාජයකට පහල වු මෙම කුර්ආනය එදා සමාජයට ගැලපුනාසේම වර්ථමාන දියුණු මිනිස් සමාජයටත් කිසිදු පරස්පරතාවයකින්, නොගැලපීමකින් තොරව ඊයේ අද පැවසුවා සේ ගැලපීම මෙය දේව වාක්‍යයක් යන්නට හොදම හා ප්‍රමාණාත්මක සාක්ෂියකි. මේ ආකාරයට නිවරුදි හා සර්වකාලීන සැලසුමක් සකස් කිරීමට වර්ථමානය මෙන්ම අනාගතය පිලිබදව පූර්ණ ඥානයක් පැවතිය යුතුය. එදා නොදියුණු සමාජයක් දෙස බලමින් කල ප්‍රකාශන වසර 1400ක් පමණ පසුකාලීන දියුණු අද සමාජයටත් එකසේ ගැලපෙන්නේ නම් එය කිසිසේත් මනුෂ්‍යා නිර්මාණයක් විය නොහැක. මෙම ලිපිය මුල් කොටස වන ‘ශුද්ධ වූ ග්‍රන්ථ හා එහි වලංගුභාවය‘ යන ලිපිය තුලින් රටක බුද්ධිමතුන්ගේ සාමූහික ප්‍රයත්නයක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා විවිධ පුද්ගල දර්ශනයන්ට කාලයත් සමඟ අත්වෙන ඉරණම කථා කලෙමු. ඊට අමතරව මෙයට තවත් ප්‍රබල සාක්ෂියක් ඉදිරපත් කරන්නේ නම් ශ්‍රී ලාංකිය ප්‍රකට විද්‍යාඥයෙකු මෙන්ම අනාවැකි පැවසීම පිලිබදව ලෝක ප්‍රසිද්ධියක් දැරු ආතර් සී ක්ලාක් මහතා විසින් මීට වසර 20කට පමණ පෙර ලියන ලද ‘2001’, ‘2010’ වැනි පොත් සදහන් කල හැක. අනාගත අනාවැකි පවසන මෙම පොත් ප්‍රකාශනයට පත් වූ සමයේ ලොව තුල විශාල ආන්දෝලනයන් පවා ඇති කිරීමට සමත්විය. නමුත් 2010 වර්ෂයට පා තබා සිටින අද එම පොත් පිලිබදව කිසිවක් පවසන්නට ඉතිරිව තිබේද?. අද එම පොත් කියවන විට එය මොන තරම් බොලද මනක්කල්පිත නිර්මාණයක්ද? යන්න ඔබට සිතෙනු ඇත.

මෙම ඉරණම ලොව අත්වුයේ ‍මේ පොත්ට පමණක් නොවේ. ලොව සෑම මනුෂ්‍ය නිර්මාණයකම අවසාන ප්‍රථිපලය මෙයයි. එවන් වු පසුබිමක ශුද්ධ වූ කුර්ආනයට වසර 1400 ක පමණ කාලයක් ගත වී තිබුණ ද එය මිනිස් සමාජය හමුවේ ගාම්බීරව නැගීසිටින්නේ ශුද්ධ වු දේව වාක්‍යයක් නිසාම මිස අන්කවරක් නිසාවත් නොවේ. එය දේව වාක්‍යක් නොවී මිනිස් නිර්මාණයක් වුවා නම් මේ වන විටත් එහි නොගැලපීම්, පරස්පරතාවයන් බොහෝමයක් මතු වී සමාජය හමුවේ ප‍්‍රතික්‍ෂෙප වී යනු ඇත. මීට වසර 1430කට පෙර නුගත් නොදියුණු සමාජයක සාක්‍ෂර දැනුම පවා නොමැති මුහම්මද් නම් පුද්ගලයෙකු දේව පණිවුඩ යයි ප්‍රකාශ කල කුර්ආනය අදටත් පරස්පරතාවයන් හා නොගැලපීමන්වලින් තොරව පැවතීම පිලිබදව  ශුද්ධ වු කුර්ආනය ම 4-82 වාක්‍යය මඟින් මෙසේ පවසා සිටී.

“කුර්ආනය අල්ලාහ් (දෙවියන්)ගෙන් හැර වෙන කව්රුන් හෝ ගෙන එනු ලැබුවේ නම් එහි බහුල වශයෙන් පරස්පරතාවයන් දකිනු ඇත.”

ශුද්ධ වූ කුර්ආනය 4-82

ඉහත අල්කුර්ආන් වාක්‍ය තුලින් අල්ලාහ් (දෙවි)  මිනිස් සමාජයට පණිවුඩ දෙකක් ලබාදෙයි. එනම්,

  1. මෙය දේව වාක්‍යයක් යන්න්,
  2. “හැකි නම් මෙහි පරස්පරතාවයක්, නොගැලපීමක් පෙන්වන්න” යන්න,

මේ අභියෝගය වසර 1400 ක් මුළුල්ලේ පවතී. එපමණක් නොව මේ ලෝකය විනාශ වන මොහොත දක්වා මෙය වලංගුව පවතී. ශුද්ධ වු කුර්ආනයට මෙසේ අභියෝග කිරීමට හැකි වී ඇත්තේ එය මිනිස් චින්තනයන්ගේ බැහැර වු දේව සැලැස්මක් නිසාම මිස මිනිස් නිර්මාණයක් නිසා නම් නොවේ. ලොව එලිදක්වන ඕනෑම කෘතියක අප නිතර දකින සම්මතයක් ඇත. එනම්, එය එලි දැක්වීමේ දී එයට පෙරවදනක් එක් කරමින් ‘මෙම කෘතියේ වැරදි ඇත්නම් පෙන්වාදෙන්න’ යයි ආයාචනා කිරීමයි. මන්ද වැරදීම්, අතපසුවිම් හා අමතකවීම යනු මනුෂ්‍යා හට ස්වභාවයෙන් උරුම වූ දුර්වලතාවයන් බැවිනි. නමුත් ශුද්ධ වූ කුර්ආනය මින් පියවර ගනනාවක් ඉදිරියට ගොස් බුද්ධිමත් මිනිසාට අභියෝග කරයි. එවැනි එක් වාක්‍යයක් කුර්ආනයෙන් උපුටා දක්වන්නේ නම්,

“මෙය (එනම් කුර්ආනය මුහම්මද්) ගොතන ලද්දක් බව ඔවුන් (ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන්නන්) පවසයි. නුඔලා (ප්‍රතික්ෂේප කරන්නන්) සත්‍යවාදිහු නම්, මේ ආකාරයේ (එක්)වාක්‍යයක් ගෙන එන්න ඒ සදහා අල්ලහ් දෙවියන් හැර නුඔලාහට හැකි සියල්ලන්ගේ සහය ද ලබාගන්න”

ශුද්ධ වූ කුර්ආනය 10-38

මෙසේ අල්ලාහ් (දෙවියන්) අභියෝග කරන්නේ ශුද්ධ වූ කුර්ආනයේ 10-38 වාක්‍යෙයන් පමණක් නොවේ. මීට අමතරව 2-23, 11-13, 17-88, 28-49, 52-34… යනාදී වාක්‍යන් රාශියක් මගින් ද ශුද්ධ වූ කුර්ආනය මේ ආකාරයේ වූ අභියෝගයන් රාශියක් ඉදිරිපත් කරයි. මෙම අභියෝගයන් වසර 1400 කට අධික කාලයක පටන් සමාජගතව පවතී. නමුත් මේ වනතුරු සර්වකාලීන ප්‍රායෝගික ජීවන මඟක් නොව අඩුම තරමින් එක් නීතියක් ලොව තුල මනුෂ්‍යා සදහා නිර්මාණය කිරීමට හැකි වී නැත. කුර්ආනය පවසන මෙම අභියෝගය අදටත් විවෘතව පවතින අභියෝගයකි.

යම් යම් කාලවල මෙම අභියෝගය සමහරක් විද්‍යාඥයන් බාරගෙන කුර්ආනයට එරෙහිව යමක් ගෙන ඒමට උත්සාහ දරණ ලද අවස්ථාවන් අතීතයේ දක්නට ඇත. නමුත් එහි අවසාන ප‍්‍රථිපලය වුයේ ඔවුන් ඉස්ලාම් දහම වැලද ගැනීම පමණි. මෙයට උදාහර්ණ ලෙස ආචාර්ය මොරිස් බුඛෙයිල් (Maurice Bucaille) මෙන්ම ලොවට ප්‍රථම කුර්ආන් ඉංග‍්‍රීසි පරිවර්ථනය දායාද කල එම්. පික්තාල් (M Pickthall) යන මහත්වරුන් මෙහි සදහන් කල හැක. එසේනම් මෙය මනුෂ්‍ය බුද්ධියකින් ජයතග නොහැකි අභියෝගයක් යන්න ඔබට පැහැදිලි විය යුතුය. නියත වශයෙන්ම එය මනුෂ්‍ය චින්තනයෙන් බැහැර වු දේව වාක්‍යයක් ම මිස වෙන නැත.

මෙම ශුද්ධ වූ කුර්ආනය එදා අරාබි සමාජයේ භාවිතයේ පැවති අරාබි භාෂාවෙන් පහල විය. මා එය මෙහි පවසන්නට විශේෂ වූ හේතුවක් ඇත. එනම්, අරාබි භාෂාව පිලිබදව විද්වතුන්ගේ මතය අනුව මෙම කුර්ආනය අරාබි සාහිත්‍යයේ ඉනිපෙත්තටම ගිය සාහිත්‍ය නිර්මාණයකි. (මෙය අවබෝධ කරගැනීම සදහා අරාබි භාෂා දැනුම අපට අත්‍යඅවශ්‍ය වේ) මෙහි ඇති විශ්මයට කාරණය වන්නේ සමහරක් මුස්ලීම් නොවන පිරිස් පවසන ආකාරයට ‘මෙය මුහම්මද්ගේ වචන’ නම් සාක්ෂර ඥානය ශූන්‍ය පැවතී  මුහම්මද් (සල්) තුමාණන් මෙවන් වූ ශ්‍රේෂ්ඨ සාහිත්‍යමය කෘතියක් නිර්මාණය කලේ කෙසේද? යන්නයි.

දැන් මතුවන මීළඟ ප‍්‍රශ්නය

මුහම්මද් (සල්) තුමාණන්ගේ සාක්ෂරතා ඥානය කොතරම්ද?

මෙය බැලු බැල්මට මාතෘකාවට අදාල නොවන කාරණයක් ලෙස පෙනෙනු ඇත. නමුත් මෙය මෙම මාතෘකාවට සෘජුවම බලපාන කාරණයක් බව මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට තහවුරු වනු ඇත. මෙම ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතිය සමාජයට ප්‍රකාශ කල මුහම්මද් (සල්) තුමාණන්ගේ සාක්ෂරතා ඥානය ශූන්‍ය මට්ටමක පැවතුනා යයි මා පැවසුව හොත් සමහර විට ඔබ මවිත වනු ඇත. එසේම මුහම්මද් (සල්) තුමාණන්ගේ මෙම නොහැකියාව එතුමාගේ මහිමයට ද මදිකමක් ලෙස සිතෙනු ඇත. නමුත් එයයි සැබෑව, එපමණක් නොවේ එතුමාණන්ගේ ඒ නොහැකියාව ඉස්ලාමයට ලොකු ආශිර්වාදයක් මෙන්ම ශුද්ධ වූ කුර්ආනය දේව වාක්‍යයක් යන්නට තවත් ප්‍රබල සාක්ෂියකි. මන්ද ඉස්ලාම් විරෝධීන් පවසන ආකාරයට මෙම කුර්ආනය මුහම්මද් (සල්) විසින් ගොතන ලදක් නම්, සාක්ෂරතා ඥානයක් නොතිබූ මුහම්මද් (සල්) තුමාණන් කොහොමද අරාබි සාහිත්‍ය යේ ශ්‍රේෂ්ඨතම නිර්මාණයක් මෙන්ම සර්වකාලීන වලංගු ජීවන මාර්ගයක් ස්වමතයෙන් සමාජයට ප්‍රකාශ කරන්නේ? එසේනම්, දැන් එතුමාගේ සාක්ෂරතා ඥානය පිලිබදව කෙටි විමසුමක් කර බලමු.

එතුමාගේ සාක්‍ෂරතා දැනුම හොදින් අවබෝධ කරගත හැකි. සිදුවීමක් ලෙස ඉස්ලාමීය ඉතිහාසයේ සිදුවු ‘හුදෙයිබියා’ නම් ගිවිසුම සකස් කල මොහොත සදහන් කල හැක. ඉස්ලාමීය ඉතිහාසයේ, ඉස්ලාම් විරෝධීන් හා මුස්ලීම්වරුන් අතර සිදු වූ තීරණාත්මක ගිවිසුමක් ලෙස හුදෙයිබියා නම් ගිවිසුම සදහන් වේ. මෙහිදී මුහම්මද් (සල්) තුමාගේ පාර්ශවය (මුස්ලීම්වරුන්) වෙනුවෙන් ගිවිසුම ලියන ලද්දේ එතුමාගේ බෑනා වන අලි (රලි) තුමා විසිනි.

මෙසේ ගිවිසුම සකස් කිරීමේ දී එම ගිවිසුමේ මුහම්මද් (සල්) තුමාණන්ගේ නම සටහන් කිරීමේ දී එම නමට ඉදිරියෙන් ‘වක්තෘ’ (දේව නියෝජිත) යන්න ‘වක්තෘ මුහම්මද් (සල්)’ ලෙස ලියන ලදී. මෙය දුටු දෙවන පාර්ශවය (ඉස්ලාම් විරුද්ධවාදීන්) මෙම ගිවිසුම ක්‍රියාවට නැංවීමට නම් එහි සදහන් ‘වක්තෘ’ යන කොටස ඉවත් කලයුතු යයි ඔවුන් තරයේ පවසා සිටින ලදී. ඒ අනුව එය ඉවත් කිරීමට තීරණය කල නබිතුමාණන් තම බෑනා වන අලි (රලි) තුමාට එය මකාදමන ලෙස පවසන ලදි. නමුත් මුහම්මද් (සල්) නබිතුමාණන් කෙරෙහි දැඩි ආදරයක් හා ගෞරවයක් දක්වන අලි(රලි) තුමා ඇතුළු එම ස්ථානයට රැස්ව සිටී සමස්ථ මුස්ලීම්වරුන් එය ප්‍රතික්ෂේප කරන ලදී. අලි (රලි) තුමාද එකහෙලා පවසා සිටියේ ‘ඔබතුමා සැබැවින්ම අල්ලාහ් (දෙවියන්)ගේ දුතයා ඉතින් කුමකට ද එය මකා ඉවත් කරන්නේ එය මට කල නොහැකි’ යයි පවසන ලදී. එම මොහොතේ මුහම්මද් (සල්) තුමාණන් විමසා සිටියේ ‘මේ ගිවිසුමේ එසේ සටහන් ‍වී ඇති තැන මාහට පෙන්වන්න මා එය මකා දමන්නම්’ යනුවෙනි. මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ එතුමාණන්ගේ නම පවා සොයාගැනීමට තරම්වත් සාක්‍ෂරතා ඥානයක් නොතිබුණා යන්න නොවේද?. මෙය වඩාත් හොදින් තහවුරු කරන කාරණයක් ලෙස එතුමාගේ කාලයේ එතුමාගේ මූලිකත්වයෙන් විවිධ ප‍්‍රදේශවල රජවරුන්, පාලකයන් හා ප‍්‍රභූවරුන් වෙත ලියා යවන ලද ලිපි ගෙනහැර දැක්විය හැක. මෙහි දැක්වෙන් ඉන් එක් ලිපියකි

නබිතුමාණන් විසින් යවන ලද ලිපියක්…

එම ලිපිවල මුහම්මද් (සල්) තුමාණන් අත්සන් යොදනවා වෙනුවට කලේ තම නම කොටා තිබූ මූද්‍රවක් භාවිතා කොට සලකුණක් යෙදීමයි. මේ තුලින් එතුමාගේ සාක්‍ෂර නොහැකියාව මනාව පිළිඹිබු වේ. මෙය කියවන විට සමහරක් පිරිසට ප්‍රශ්නයක් මතුවිය හැක. ඒ “එම සමාජය කොහොමත් සාක්ෂරතා ඥානයක් නොපැවතුනු සමාජයක් වන්නට ඇති” යන්නයි. නමුත් සැබැවින්ම එම සමාජය එවැනි අඥාන සමාජයක් නොවේ. එයට බොහෝ සාක්ෂි මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට දැකගත හැකිවනු ඇත. මෙහි දී අවබෝධ කර ගතයුතු තවත් කාරණයක් ඇත. ඒ මෙම කුර්ආනය ප්‍රකාශ වූ සමාජය කවර ආකාරයේ වූ සමාජයක්ද?” යන්නයි.

දැන් මතුවන මීළඟ ප‍්‍රශ්නය

ශුද්ධ වූ කුර්ආනය ප්‍රකාශ වූ සමාජය මොනවගේද?

මීට වසර 1430 කට පමණ පෙර අරාබි සමාජයේ ජීවත් වූ “මුහම්මද්” (සල්) කාගෙත් ආදරයට, ගෞරවයට හා විශ්වාසයට පාත‍්‍ර වු පුද්ගලයකු විය. මේ නිසාම එතුමාව එම සමාජය “අස්සිද්ධික්”, “අල්අමීන්” (විශ්වාසවන්තයා, සත්‍යවන්තයා) යන ගෞරව නාමයන්ගෙන් ආමන්ත‍්‍රණය කරන ලදී. මෙසේ කාගෙත් සිත් දිනාගෙන කටයුතු කල එතුමාණන්ට තම සමාජයේ ක්‍රියාකලාපයන් පිලිබදව තිබුණේ දැඩි කලකිරීමකි. එයට ප‍්‍රධාන හේතුව වුයේ එදා එම සමාජයේ පැවති මිත්‍ය ඇදහිලි, මන:කල්පිත විශ්වාසයන්, විවිධ අනාචාරයන්, මිලෙච්ඡ ක්‍රියාවන්… යනාදී කාරණයන්ය. එම අරාජික සමාජයේ පැවතී එවැනි ක්‍රියා කලාපයන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • ගැහැණුන් දුර්භාග්‍යයක් ලෙස සලකා කුඩාකලම ඝාතනය කිරීම.
  • දුප්පත්කමට බියේ දරුවන් ඝාතනය කිරීම.
  • විවාහය නමින් විවිධ ආකාරයේ අනාචාරයන් (බහු ලිංගික සම්බන්ධතාවයන්) සිදුකිරීම.
  • පිලිම වන්දනාව (බහු දේව විශ්වාසය, දිනකට එක් දෙවියෙකු බැගින් දෙවිවරු 365ක් වන්දනා) කිරීම.
  • සියළු ක්‍රියාවන් ජෝතිෂ්‍ය විශ්වාසයන් මත පදනම් කරගැනීම,
  • මියගිය පුද්ගලයින්ගෙන්, තම අවශ්‍යතාවයන් ඉල්ලා සිටීම හා ඔවුන්ට වන්දනාමාන කිරීම.
  • ගැහැණුන්ට විවිධ වූ වධහිංසාවන්ට ලක්කිරීම.
  • සමස්ථ සමාජයම සුරාවෙහි ඇල්බ සිටීම.
  • නිර්වස‍්‍රව දේව වන්දනයේ නිරතවීම.
  • පියා මියගිය හොත් පියගේ බිරිද (කුඩම්මා) තමා (පුතා) විවාහ කරගැනීම
  • කුලවාදය දරුණුවට ක්‍රියාත්මක වීම,
  • මනුෂ්‍ය ඝාතනය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබීම,
  • අරාබි භාෂාව පමණක් භාෂාවක් ලෙස සැලකීම

මේ ආකාරයට අරාජිකව පැවති සමාජය දෙස කලකිරීමෙන් බැලූ එතුමා එම සමාජයෙන් ඈත්වී “හීරා” නම් ගල් ගුහාවක හුදකලාව ජීවත්වීමට හුරුවිය.

දේව පණිවුඩ පහලවීම ඇරඹිම හා අවසන්වීම

ඉහත ආකාරයට හිරා නම් ගුහාවක් තුල කල්ගෙවද් දී දිනක් තමා ඉදිරියෙන් පෙනී සිටී “ජිබ්රීල්” නම් දේව දුතයෙකු මුහම්මද් වන ඔබව අල්ලාහ් (දෙවියන්) වහන්සේ වක්තෘවරයෙකු වශයෙන් තොරාගෙන ඇති බව දැනුම් දෙන ලදී. මීට පෙර මෙවැනි අත්දැකීමක් ලබා නොතිබූ එතුමාණන් මෙම පණිවුඩය අසා විශ්මයට හා බියටපත්ව නිවසට දුවවිත් තම බිරිද වන කදීජා තුමියට සිදුවූ සියල්ල පවසන ලදී. එය අසා කලබල නොවු එතුමාණන්ගේ බිරිද එම කාලයේ විවිධ ආගම් පිලිබදව ගවේශණයන් කරමින් එම සමාජයේ ජීවත් වු “වරකා” නම් විද්වතෙකු වෙත මුහම්මද් තුමාණන්ව කැදවාගෙන ගොස් සිදුවු සිද්ධිය සවිස්තර පවසන ලදී. සාවදානව අසා සිටී ඔහු (වරකා) බිය වියයුතු කිසිවක් නැති බවත්, මේ පිලිබදව මීට පෙරද සදහන් වී ඇති බවත්, ඔබ හමුවීමට පැමිණියේ ජිබ්රීල් නම් දේව දූතයෙකු බවත්, මුහම්මද් වන ඔබව දේව වක්තෘවරයෙකු ලෙස අල්ලාහ් (දෙවියන්) විසින් තෝරාගෙන ඇති බවත් දැනුම් දෙන ලදී. මේ ආකාරයට තමා වක්තෘවරයෙක් බව අවබෝධ කරගත් මුහම්මද් (සල්) තුමාණන් තම දහම ප්‍රචාරය ඉහත සදහන් අරාජික සමාජය මධ්‍යයේ අරභන ලදි. එතුමාණන් වයස අවුරැදු 40 දී ප්‍රථම දේව පණිවුඩය පහල වූ අතර එතැන් පටන් සමාජයේ ඇති වූ විවිධ ගැටළුවලට විසදුම් ලෙසත්, මනුෂ්‍යාට අවවාද අනුශාසනා කරණු පිණිසත්, යහපත් දිවියකට මඟපෙන්වනු පිණිසත් වසර 23ක් මුළුල්ලේ විවිධ අවස්ථාවල මෙම දේව පණිවුඩ පහල විය. මෙය අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 17-106 වාක්‍යයෙන් මෙසේ අවධාරනය කරයි.

“නුඹ කුර්ආනය මනුෂ්‍යයනට පවසනු පිණිස අපි එය කොටස් කළෙමු. අපි එය කඩින් කඩ පහළ කෙළෙමු.”

මෙලෙස පහල වු දේව පණිවුඩ මුහම්මද් (සල්) තුමාණන්ගේ වයස අවුරුදු 63 දී (අවුරැදු 23 කින්) අවසන් වූයේ පහත සදහන් 5-3 කුර්ආන් වාක්‍යය පහලවීමත් සමගිනි. එනම්,

අද දින නුඹලාගේ දහම නුඹලා වෙනුවෙන් සම්පූර්ණ කරන ලදී

ඉහත සදහන් ආකාරයට වසර 23ක් මුළුල්ලේ පහල වූ කුර්ආන් වාක්‍යයන් එසේ පහල කිරීමේ අරමුණ ද කුර්ආනයේ අල්ලාහ් (දෙවියන්) විසින් පැහැදිලිව සදහන් කරයි. එනම්,

  • මිනිසාට සත්‍යයෙන් අසත්‍ය වෙන්කර යහමඟ පැහැදිලි කිරීම පිණිස, (2-185)
  • (ඉස්ලාමය පිලිගෙන එය) විශ්වාස කරන්නන් හට සුභාරංචි පවසනු පිණිස, (16-102)
  • ලොව සියළු ජනයාට අවවාදයක් වනු පිණිස (25-1)
  • (මිනිස් සමාජයට) අනුශාසනා කරනු පිණිස (36-6)
  • සිත්වල ඇති රෝගයන් (ගැටළු) සදහා ප‍්‍රතිකාරයක් වනු පිණිස (10-57)
  • (දෙවියන්ට)බියබැති පිරිසට උපදේශයක් වනු පිණිස (20-3)
  • මිනිසාට යහමඟ පෙන්වීම පිණිස (2-185)
  • (සමස්ථ සමාජයට) අවවාදයක් පිණිස (26-103)
  • දෙවියන් වහන්සේ විසින් පෙර පහල කල වක්තෘවරුන්ගේ උපදේශයන් සත්‍ය කරනු පිණිස, (11-120)

මේ ආකාරයේ ශ්‍රේෂ්ඨ අරමුණ පෙරදැරිව පහල වූ කුර්ආනයේ දේව වාක්‍යයන් 6500 කටත් අධිකය. මේ ආකාරයට අල්ලාහ් (දෙවියන්) විසින් මුහම්මද් (සල්) වක්තෘවරයාණන් හට පහල කරන ලද කුර්ආනයේ වලංගුභාවය කොපමණද?. මෙයයි මෙම ලිපිය තුලින් අවධානය යොමු කරන ප්‍රධාන කාරණය. යම් දහමක පවසන නීතිරීතීන්, වත්පිලිවෙත්, අවවාද, අනුශාසනා ආරම්භයේ සිටම ආරක්‍ෂා වී පවතිනවාද? යන්න එම දහමේහි වලංගුභාවයට සෘජුවම බලපාන සාධකයකි. එසේම එම දහමේ හෝ දර්ශනයේ ඉගෙන්වීමන් ආරම්භයේ පටන් ආරක්‍ෂා වී ඇති ආකාරය ද එනම් වාචිකවද?, සම්ප‍්‍රදායිකවද?, ලිඛිතවද? යන්නත් එම දහමට සෘජුවම බලපාන සාධකයක් යන්න අප ඉහතින් කථා කලෙමු. එසේනම් දැන් අප ඉදිරියේ ප්‍රශ්නයක් ඇත. එනම් “අද ලොව පවතින දහමන් හා දර්ශනයන් පවසන මූලාශ්‍රවල තත්වය කුමක්ද?” එපමණක් නොව “ඉස්ලාම් දහමේ මූලාශ්‍රය වන ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරෑඩ වූ ඉතිහාසය කුමක්ද?” යන්න දැන් විමසා බලමු.

ශුද්ධ වූ කුර්ආනය ග‍්‍රන්ථාරූඩ වු ඉතිහාසය

කිසියම් දහමක් හෝ දර්ශනයක් පිලිබදව විශේෂයෙන් එහි ඉගෙන්වීමන් පිලිබදව කථා කිරීමේ දී පිලිගත හැකි සාක්ෂී ඇතුව කථා කිරීම අනිවාර්ය මෙන්ම සදාචාරා සම්පන්න ක්‍රියාවක් වේ. එසේ කථා කිරීමට එම දහම හෝ දර්ශනය ට පිලිගත හැකි මූලාශ්‍රයක් පැවතීම ද අත්‍ය අවශ්‍ය වේ. එසේ වූ විටයි අනිකුත් දහමන් හා දර්ශනයන් සමඟ සංසන්ධනාත්මකව හා තාර්කිකව කථා කිරීමට හැකි වන්නේ. ඒ අනුව ශුද්ධ වූ කුර්ආනය අද දක්වා සිදුවූ විකාශනය කවරේද? එහි ආරම්භය සිදුවුයේ කෙසේද? යන්න දැන් අවධානය යොමු කරමු.

ඉහත මා සදහන් කලාසේ දේව වාක්‍යයන් පහලවීම මක්කා නම් නගරයේ හීරා නම් ගල් ගුහාවක් තුල ඇරඹුණි. මෙසේ දේව පණිවුඩ මනුෂ්‍යා හට ප්‍රකාශ වීම අරාබි භාෂාවෙන් “වහී” යනුවෙන් හදුන්වයි. මේ ආකාරයට දෙවියන්ගේ පණිවුඩ එක් මිනිසෙකු හට පහල වී ඔහු තුලින් සමස්ථ සමාජයටම ප්‍රකාශ වීම යන්න මුහම්මද් (සල්) තුමාණන් මඟින් පමණක් සිදුවුවාක් නොවේ. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුවත් බයිබලයේ සදහන් සමහරක් කරැණුවලට අනුවත් ආරම්භ මිනිසා (වන ආදම්‍)ගේ පටන් මෙම වහී හෙවත් දෙවියන්ගේ පණිවුඩ මිනිස් සමාජයට ප්‍රකාශ වීම සිදුවී ඇත. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව මුල්ම මිනිසා වන ආදම් (අලෛ) තුමාණන්ගේ පටන් අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා විවිධ කාලවල, විවිධ ජන ගෝත්‍රවලට මේ ආකාරයට වක්තෘවරැන් ලක්ෂයකටත් අධික සංඛ්‍යාවත් මේ පොළොව මත තොරා පත්කොට මෙම මෙහෙවර එනම් දේව පණිවුඩ සමාජයට ප්‍රකාශ කිරීම සිදුකොට ඇත. එසේ දෙවියන් විසින් තෝරා පත්කරන ලද වක්තෘවරැන් කිහිප දෙනෙකුගේ නම් ශුද්ධ වූ කුර්ආනයේම සදහන් වේ. එනම්,

  • ඉබ‍්‍රාහීම්
  • ඉස්මායිල්
  • ඉසහාක්
  • යාකුබ්
  • ලූත්
  • දාවුද්
  • නුහ්
  • මොසස්
  • ඊසා

මේ සියලූම වක්තෘවරුන් හට පැවරී තිබු ප්‍රධාන කාර්යය වන්නේ දෙවියන්ගේ පණිවුඩ ජනතාවට ප‍්‍රකාශ කොට එකම දෙවියා වන “අල්ලාහ්” දෙවියන් වෙත සමස්ථ සමාජය කැදවීමයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 21-25 වාක්‍යය මඟින් මෙසේ පවසයි.

“මා හැර වෙන දෙවියෙක් නැත. යන්න පවසා මිස දේව දුතයන් (වක්තෘවරැන්) නොයැව්වෙමු.”

මේ අනුව සෑම සමාජයකටම වක්තෘවරයෙක් යැව්වා යන්නත්, එහි අවසාන වක්තෘවරයා මුහම්මද් (සල්) තුමාණන් යන්නත් ඉසල්මීය ඉගෙන්වීමයි. එතුමාණන් හට පහල කල දේව වාක්‍යයන් හි එකතුව තමා ශුද්ධ වූ “කුර්ආනය” ලෙස හදුන්වන්නේ. අප අද දකින කුර්ආනය ඒ ආකාරයටම පහල නොවූ බව අප ඉහතින් පැහැදිලි කලෙමු. දැන් ආගමික මූලාශ්‍රයක් සම්බන්ධයෙන් තිබිය යුතු අනිවාර්ය අංග කිහිපයක් කුර්ආනය හා අනිකුත් ආගම් සංසන්ධනය කරමින් දැන් අවධානය යොමු කරමු.

ලිඛිත ග‍්‍රන්ථයක් පැවතීම, ලිඛිත ග‍්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම, මුල් භාෂාව අදටත් ආරක්‍ෂා වී පැවතීම, ආරම්භයේ සිට සංශෝධනයන් සිදුනොවී පැවතීම, දේශනා කල කාලය හා ග‍්‍රන්ථාරූඩ වු කාල අතර අන්තරයක් නොතිබීම, ලිඛිත ග‍්‍රන්ථයක් පැවතීම,

මෙහිදී අප සාකච්ඡාවට ගැනෙන ඉස්ලාම් හා ශ්‍රී ලාංකීය අනිකුත් දහමන් සැලකූවිට ඉස්ලාමයට ශුද්ධ වූ කුර්ආනය මෙන්ම ත්‍රපිටකය, බයිබලය, බගවත්ගීතය… යනාදී වශයෙන් ආගමික මූලාශ්‍රයන් සෑම ආගමකටම දක්නට ලැබේ. සුළු සුළු ආගම් හා විවිධ ඇදහිලි ආගමික මූලාශ්‍රයන් නොමැතිව ලාංකීය සමාජයෙත් පැවතුනත් මෙම ලිපියෙහි දීර්ඝ වීම සැලකිල්ලට ගෙන එවැනි මිත්‍යා විශ්වාසයන් නොසලකා ප්‍රධාන ආගම් කෙරෙහි පමණක් අවධානය යොමු කරමි. ඒ අනුව ආගමික මූලාශ්‍රයක් පැවතී සම්බන්ධයෙන් විවාදයක් නැත.

ලිඛිත ග‍්‍රන්ථය එහි මුල් භාෂාවෙන් පැවතීම

ඕනෑම ආකාරයක ප්‍රකාශනයක්, තොරතුරක්, ඉගෙන්වීමක්, වාර්ථාවක් එය ප්‍රකාශ වූ මුල් භාෂාවෙන් පැවතීම අත්‍ය අවශ්‍ය කාරණයක් වේ. මෙය දහමක් හෝ දර්ශණයක් පවසන ශූද්ධ වු ලියවිල්ලක් සදහා පමණක් නොව, ඕනෑම ග‍්‍රන්ථයක් එහි මුල් භාෂාවෙන් පැවතීම ඉතා වැදගත් වේ. මන්ද යමක් පරිවර්ථනය සිදුවීමේ දී පරිවර්ථනය කරන පුද්ගලයාගේ,

  • මානසික තත්වය
  • ඔහු ජීවත්වන පරිසරය
  • ඔහුගේ භාෂා නිපුනතාවය
  • ඔහු එම විෂය කෙරෙහි දක්වන උනන්දුව
  • එම විෂය කෙරෙහි ඔහුට තිබෙන දැනුම

යනාදී කරුණූ හේතුවෙන් 100% ක් නිවරුදි පරිවර්ථනයක් සිදුකිරීම අපහසු කාර්යයක් වේ. ඉහත ආකාරයේ දුර්වලතාවයන් හේතුවෙන් මුල්කෘතියේ පවසන කරුණු පරවර්ථනයකින් නිවරුදිව ලබාදීමට නොහැකි වන අතර එය නිවරැදිව අවබෝධ කරගැනීම ද පහසු නොවේ. මෙය සරල පරීක්‍ෂණයක් මගින් වටහා ගත හැක. ඉස්ලාම් දහම සම්බන්ධයෙන් ඉංග‍්‍රීයෙන් ලියවුනු ග‍්‍රන්ථයක් ගෙන බෞද්ධයකුට, ක‍්‍රිස්තු භක්තිකයකුට හා ඉස්ලාම් භක්තිකයකුට ලබාදී එය සිංහලට පරිවර්ථනය කරන ලෙස පැවසුවා යයි සිතමු. නියත වශයෙන්ම පරිවර්ථන තුනම එක සමාන නොවේ. එය මා ඉහතින් සදහන් කරැණු මත තීරණය වනු ඇත. එම තත්වය වඩාත් හොදින් වටහා ගැනීමට ඉහත සදහන් සිංහල පරිවර්ථන තුන නැවත එහි මුල්භාෂාව වන ඉංග්‍රීසියට පරිවර්ථනය කිරීමට සැලැස්වුයේ නම් නියත වශයෙන්ම එය මුල්කෘතිය හා 100% ක් නොගැ‍ලපෙනු ඇත. මේ අනුව පරිවර්ථනයක් තුලින් නිවරැදි අවබෝධයක් ලබාගත හැක යන්න ප්‍රායෝගික නොවන කාරණයක් යන්න පැහැදිලිය. පරිවර්ථනයක දී මෙලෙස විකෘතිතාවයන් ඇතිවන්නේ නම් යමකිසි දේශනයක් වසර ගනනාවක් මුඛ පරම්පරාගතව පැවතවිත් පසුකාලීනව එය ලේඛනගත වනවිට මීටත් වඩා බොහෝ විකෘතිතාවයන් ඇතිවිය හැක. වි‍ශේෂයෙන් ඉහත දුර්වලතාවයන් සෘජුවම බලපාන අතර මීට අමතරව එහි ලේඛකයා එම උපදේශයන්ගෙන් වැඩි කැමැත්තක්, උනන්දුවක් දක්වන කාරණයට වැඩි අවධානයක් ඇතුව හා අනිකුත් කාරණයන් වෙත අවම අවධානයක් ඇතුව ක්‍රියා කිරීමක් සිදුවිය හැක. මේ නිසාද එහි නියම තත්වය ඔහු තුලින් ඉදිරියට නොයනු ඇත. මෙයට සරල උදාහර්ණයක් එක්තරා ලිපියකින් උපුටා දැක්වීමට කැමැත්තෙමි.

පසුගිය දිනක මහාවංශය ගැන “මහාවංසයට හිමි විය යුතු තැන සහ එයට දී තිබෙන තැන” යන මැයෙන් ලියවුණු දීර්ඝ ලිපියක මාහට හමුවිය එහි එක්තරා ස්ථානයක මේ සදහන් වේ.

“…මේ සියල්ල තිබුණා නම් අපට වඩා විශාල තොරතුරු ප්‍රමාණයක් එක් ‍රැස් කරගන්න තිබුණා. ඒත් ඒ තොරතුරු මතත් අපිට වඩා දියුණු ඉතිහාසයක් ලියන්න අමාරුවෙයි. හේතුව මේව ලිව්වේ භික්ෂූන්. ඔවුන්ගේ උවමනාවන් වෙනස්. සාමාන්‍ය ජන ජීවිත ගැන ලියන එක ඔවුන්ට උවමනා කළේ නෑ. ඒකට ඒ අයට දොස් කියලත් වැඩක් නෑ. ඒ අය ක්‍රියා කළේ එදාට වැදගත් ය කියල පෙණුනු දේවල් වෙනුවෙන් මිස අද අපට වැදගත්ය කියල පෙනෙන දෙවල් වෙනුවෙන් නෙවෙයි…”

මේ අනුව යම් තොරතුරක්, පණිවුඩයක් ලියන පුද්ගලයා ද එහි නිරවද්‍යතාවයට බලපාන බව පැහැදිලිය. මේ නිසා යම් කෘතියක එසේත් නැත්නම් ලිපියක පවසන කරුණු නිවරුදිවම අවබෝධ කරගැනීම සදහා එය මුල් භාෂාවෙන් ම පැවතීම ඉතාමත්ම වැදගත් කාරණයක් වේ. මන්ද පරිවර්ථනයකින් යම්තාක් දුරට අවබෝධයක් ගතහැකි වුවත් ඉන් 100% ක නිවරුදි අවබෝධයක් ලබාගත නොහැක. නමුත් අවාසනාවන්ත තත්වය වන්නේ මෙම ඛේදනීය ඉරණමට ඉස්ලාම් දහම පවසන ශුද්ධ වූ කුර්ආනය හැර ලොව සෑම දහමක් දර්ශනයක්ම ගොදුරැ වුවා යන්නයි. කොතරම් එය අවාසනාවන්ත තත්වයකට පත්වුවා ද යයි පවසනවා නම් සමහරක් ආගමික මූලාශ්‍රයන් ප්‍රථම වරට ලියවෙන්නේ එය ප්‍රකාශ වූ මුල්භාෂාවෙන් නොව වෙනත් භාෂාවකිනි. පසු කාලීනවා තමා එය මුල්භාෂාවට පරිවර්ථනය වන්නේ උදාහර්ණයට “බයිබලය” සදහන් කල හැක. යේසූස් වහන්සේ මිනිස් සමාජයට අනුශාසනා කරන්නේ “සුර්යානි” නම් භාෂාවකිනි. නමුත් ප්‍රථම‍ බයිබලය ලියවෙන්නේ ග්‍රීක භාෂාවෙනි. ක්‍රි. ව 200 දී තමා එය සුර්යානි භාෂාවට පරිවර්ථනය කරන්නේ. බයිබලය එවැනි ඉරණමකට හසුවෙද් දී සමහරක් ආගමික මූලාශ්‍රයන් හි මුල් භාෂාව කුමක්ද? යන්න පිලිබදව පවා වාද විවාද කරන අවාසනාවන්ත තත්වයට පත් වූ ආගම් ද ලාංකීය සමාජයේ දක්නට තිබීමේ අවාසනා වන්ත තත්වය පැහැදිලිව වටහාගත යුතුය. එසේ නම් මේවා තුල එම ආගම් හෝ දර්ශනයන්ට කොතරම් නම් විකෘතිතාවයන් දැන හෝ නොදැන එක් වී තිබෙන්නට පුළුවන්ද?

මුල් භාෂාව අදටත් ආරක්‍ෂා වී පැවතීම

ඉහතින් ඕනෑම ඉගෙන්වීමක් එහි මුල්භාෂාවෙන් පැවතීමේ වැදගත්කම අවබෝධ කරගත්තෙමු. ඒ ආකාරයටම වැදගත් තවත් කාරණයක් තමා එහි මූල්භාෂාව අදටත් ආරක්ෂා වී පැවතීම. යම්කිසි ඉගෙන්වීමක් එහි මුල්භාෂාවෙන් පැවතුනත්, එම භාෂාව ආරක්ෂා වී නැත්නම් එහි ඉගෙන්වීමන් වටහා ගැනීම අපහසු වේ. භාෂාව ආරක්ෂා වී පැවතුනත් එය සමාජයේ භාවිතයේ නැත්නම් ඉන් පැහැදිලි අවබෝධයක් ලබාගැනීම දුෂ්කර කාර්යයක් වේ. යම්කිසි ඉගෙන්වීමක් හොදින් අවබෝධ කරගැනීමට නම් එහි භාෂාව ව්‍යවහාරයේ පැවතීම අත්‍ය අවශ්‍ය වේ. සමහරක් අවස්ථාවල දී වචනයට තිබෙන සෘජු අර්ථය නොගෙන වක්‍ර අර්ථ ගනුලබන අවස්ථා ඕනෑම භාෂාවක දක්නට තිබෙන ලක්ෂණයකි. මෙය අවබෝධ කර ගැනීමට අනිවාර්යයෙන්ම සරල ලෙස එම භාෂා භාවිතය අත්‍ය අවශ්‍ය වේ. නමුත් ඉහතින් සදහන් කලාසේම අවාසනාවන්ත තත්වය වන්නේ ඉස්ලාම් දහම ප්‍රකාශ වූ අරාබි භාෂාව හැර වෙන කිසිදු ආගමික මුල් භාෂාවක් ආරක්ෂා වී නැත. මෙහි අවසානාවන්තම තත්වය වන්නේ සමහරක් ආගමික මුල්භාෂාව කුමක්ද? යන්න පවා සොයැගත නොහැකිව පැවතීමයි. නමුත් ඉස්ලාම් දහම හෙවත් දෙවියන්ගේ පණිවුඩය දේවදූතයාණන් වන “’ජිබ්රීල්’” විසින් මුහම්මද් (සල්) තුමාණන් හට ප්‍රකාශ කල අතර එය එම සමාජයේ භාවිතයේ පැවතී අරාබි භාෂාවෙන්ම පහල විය. ශුද්ධ වූ කුර්ආනය පහල වූ ඒ අරාබි භාෂාවෙන්ම තම අදටත් එය ආරක්ෂා වී පවතින්නේ. එපමණක් නොව අදටත් මැදපෙරදිග බොහෝ රටවල ප‍්‍රධාන භාෂාව අරාබි භාෂාවයි. ඒ අනුව ඉස්ලාම් එම දුර්වලතාවයෙනුත් සුවිශුද්ධ ව පවතී.

ආරම්භයේ සිට සංශෝධනයන් සිදුනොවී පැවතීම

මෙම කාරණය එනම් ආරම්භයේ පටන් සංශෝධනය නොවී පැවතීම යන්නත් ඉස්ලාම් දහම හැර ලොව අන් කිසිදු දහමකට ප්‍රායොගික වී නැත. එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට පැහැදිලි වනු ඇත.

දේශනා කල කාලය හා ග‍්‍රන්ථාරූඩ වු කාල අතර අන්තරයක් නොතිබීම

මෙම කුර්ආන් වාක්‍යයන් පහල වු එදා සමාජය, එනම් මීට වසර 1430කට පෙර පැවතී සමාජයේ ලේඛන කලාව නොදියුණු මට්ටමක පැවතුන ද සාක්‍ෂර හැකියාව දියුණු මට්ටම පැවතුණි. මෙය අරාබි දේශයේ පමණක් නොව එම කාල වකවාණුවේ මුළු ලොවපුරාම මෙම තත්වය පැවතුණි. එය ලාංකීය සෙල් ලිපි වඩාත් හොදින් තහවුරු කරයි. ඒ අනුව ශුද්ධ වූ කුර්ආනය අද පවතින ආකාරයට අලංකාර වු ග‍්‍රන්ථයක් ආකාරයට එදා නොපැවතුන ද එහි සදහන් කරුණු ආරම්භයේ පටන් ලිඛිතව ආරක්‍ෂා වි පැවතුණි. මෙය තහවුරැ කරන බොහෝ සාක්ෂි අපට ඉතිහාසයෙන් හමුවේ. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා කුර්ආනය ලේඛනගත වූ ආකාරය පිලිබදව මොහොතක් අවධානය යොමු කරමූ.

මා ඉහතින් සදහන් කල ආකාරයට මුහම්මද් (සල්) තුමාණන් හට සාක්‍ෂරතා හැකියාවක් නොතිබු නිසා තමාන්ට පහල වන දෙවියන්ගෙන්ගේ පණිවුඩය ඒ මෙහොතේම ලිඛිතව සටහන් කර ගැනීමට එවකට සාක්‍ෂර හැකියාවන් පැවතී ලේඛකයන් 04 දෙනෙකු පත්කරන ලදී. ඔවුන් වන්නේ,

  1. සෙයිද් බින් සාබිත් (රලි)
  2. උබෙයි ඉබුනු කව්බ් (රලි)
  3. මුආද් ඉබුනු ජබල් (රලි)
  4. අබුසෙයිද් (රලි)

මේ සතර දෙනා හට මෙම වගකීම පැවරූ මුහම්මද් (සල්) තුමාණන් විසින් ඔවුනට විශේෂි නියෝගයක් ද පනවන ලදි. එනම් මෙම 04 දෙනාහට “වහී” හෙවත් දේව පණිවුඩ හැර වෙන කිසිවක් කිසිදු මොහොතක නොලිවිය යුතු යන්නයි. එයට හේතු වන්නේ කුර්ආන් වාක්‍යයන් හා වෙනත් කිසිවක් මිශ‍්‍රවීම වලක්වා ගැනීම පිණිසය. මෙලෙස ආරම්භයේ ලේඛනගත වූ මෙම කුර්ආන් වාක්‍යයන් එදා ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම් වැනි විවිධ ද්‍රව්‍යන්වල සටහන් කෙරුණි. මීට අමතරව මුහම්මද් (සල්) තුමාණන්හට දෙවියන් විශේෂ වරප‍්‍රසාදයක් ද ලබාදී තිබුණි. එනම් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් පහල වු සැනින් එය මුහම්මද් (සල්) තුමාණන්හට අමතක නොවන ආකාරයට සිතෙහි තැන්පත් කිරීමයි. එය ශුද්ධ වූ කුර්ආනයේ 87-6 හි මෙසේ පවසයි.

“අප නුඹට කුර්ආනය පාරායනය කර පෙන්වන්නෙමු. නුඹ එය අමතක නොකරන්නේය”

මෙසේ මුහම්මද් (සල්) තුමාණන්ගේ සිතේ දේව කැමැත්ත අනුව මෙම දේව වාක්‍යයන් තැන්පත් වු අතර එදා ජීවත් වූ මුස්ලීම්වරැන් ද (ඔවුන් “සහාභාවරුන්” (අනුගාමිකයින්) යයි හැදින්වේ) මෙම දේව වාක්‍යයන් වනපොත් කිරීමට ද පුරුදු පුහුණු වී සිටියේය. එය එදා සමාජයේ පමණක් නොවේ අතීතයේ පටන් අද දක්වාම සෑම මුස්ලිම්වරයෙකුම ශුද්ධ වු කුර්ආනයේ කොටසක් හෝ වනපොත් කර සිටි. මිට අමතරව මෙම මුළු කුර්ආනයම වනපොත් කල පිරිස් ද සමාජයේ බොහෝමයක් වෙති. උපකල්පනයකට මේ මොහොතේ ලෝකයේ තිබෙන සියළුම කුර්ආන් (ග්‍රන්ථ, softwares, mp3… යනාදී) සියල්ල විනාශ කලත් ඊලඟ විනාඩියේ ශ්‍රී ලංකාවේ ඕනෑම ගමකින් මෙම කුර්ආනය නිවරැදිව ග්‍රන්ථාරෑඩ කලහැක. මන්ද සෑම මුස්ලීම් සමාජයකම (ගමකම, නගරයකම, රටකම) මෙම කුර්ආනය වනපොත් කල කුඩා දරැවන් විශාල සංඛ්‍යාවක් සිටී. මෙය ද ලොව අන්කිසිදු දහමක හෝ දර්ශනයක දකින්නට නොලැබෙන සුවිශේෂි අංගයකි. මෙසේ මුස්ලීම්වරැන් මෙම කුර්ආනය වනපොත් කිරීම මහත් ගෞරවයක් ලෙසත් උතුම් ක‍්‍රියාවක් ලෙසත් සලකති. මෙය දෙවියන් විසින් මිනිසුන්ගේ සිත්වල ඇති කරන ලද යහපත් හැඟිමකි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 29-49 වාක්‍යය මගින් දෙවියන් මෙසේ අවධාරනය කරයි.

“එය (අල්කුර්ආනය) නුවණ ඇත්තාවුන්ගේ සිත්හි පැහැදිලි ආයාවෝය.”

නැවත මාතෘකාවට අවදානය යොමු කලේ නම්, මා ඉහතින් සදහන් කල ආකාරයට අතීත ආරම්භ සමාජයේ මුස්ලීම්වරුන්ගෙන් කොටසක් දේව වාක්‍යයන් ලියා තබන විට තවත් පිරිසක් මෙය වනපොත් කර තිබුණි. ඒ අනුව මෙම ශුද්ධ වූ කුර්ආනය ලිඛිතව හා වනපොත් කිරීම යන ආකාර දෙකෙන්ම ආරම්භ කාලයේ ආරක්‍ෂා වුවා යන්න හොදින් පැහැදිලි වේ. ඉහතින් සදහන් කල ආකාරයට ආරම්භයේ පටන් මෙම කුර්ආනය ආකාර දෙකකට ආරක්ෂා වී පැවතුන ද එය ග්‍රන්ථාරෑඩ නොවීය. එම සමාජයේ සියළු දෙනා මෙය වනපොත් කොට සිටී බැවින් එවැනි අවශ්‍යතාවයක්ද එම සමාජයට ඇති නොවිය. නමුත් මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයත්, එතුමාගේ අභාවයෙන් පසුව විවිධ අවස්ථාවල මෙම දේව වාක්‍යයන් වනපොත් කොට සිටී මුස්ලීම්වරැන් ඉස්ලාම් විරෝධීන් අතින් ඝාතනය වීමත්, විශේෂයෙන් “’යමාමා” නැමැති සටනේ දී කුර්ආනය වනපොත් කර සිටී මුස්ලීම්වරැන් (සහාභාවරුන්) විශාල පිරිසක් ඝාතනය වීමත් සමග ශුද්ධ වූ කුර්ආනය ග‍්‍රන්ථාරූඩ කලයුතු බවට එවකට එහි පාලකයා වශයෙන් සිටි අබුබක්කර් (රලි) තුමාණන් වෙත යෝජනාවන් ඉදිරිපත් විය. මුහම්මද් (සල්) තුමාණන්ගෙන් පසු ප්‍රථම පාලකයා හෙවත් ජනාධිපතිවරයා වන මෙතුමාණන් ආරම්භයේ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කල අතර පසුකාලීනව එහි අවධානම් තත්වය තේරැම් ගෙන ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරෑඩ කිරීමට එකඟ විය.

ඒ අනුව මෙම ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරූඩ කිරීමේ කාර්‍යභාරය මුහම්මද් (සල්) තුමාණන් විසින් ආරම්භයේ කුර්ආන් වාක්‍යයන් ලිවීමට පත්කල 04 දෙනාගෙන් කෙනෙකු වන සෙයිද් බින් සාබිත් (රලි) තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවත් පත්කොට ඔවුනට එය භාර කරන ලදී. ඒ අනුව මෙම කමිටුව එකල දේව වාක්‍යයන් වනපොත් කොට සිටි මුස්ලීම්වරැන්ගේ (සහාභාවරැන්ගේ) සහය ද හා එවකට විවිධ ද්‍රව්‍යයන් මත ලියා තබන ලද පිටපත්වල සහය ද ඇතිව ප‍්‍රථම වරට දේව වාක්‍යයන් සියල්ල එක්කොට තනි ග‍්‍රන්ථයක් සකස් කරණ ලදී. මෙහෙදී කිසියම් ගැටළුක් සමහරැන්ට ඇතිවිය හැක. ඒ කුර්ආන් වාක්‍යයන් ආරම්භයේ සිට ලිඛිතව ආරක්ෂා වූවා නම්, වනපොත් කල පිරිසගේ සහය ලබාගත්තේ කුමකටද? යන්නයි. මෙහි දී වටහා ගතයුතු කාරනය වන්නේ මෙම කුර්ආනය (ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම් වැනි) විවිධ ද්‍රව්‍යයන් මත ලියාතිබූ නිසා එහි පිලිවලක් සකසා ගැනීම තරමක දුෂ්කර කාර්‍යයකි. නමුත් වනපොත් කරන විට එය මුහම්මද් (සල්) තුමාණන්ගේ අධීක්ෂණය යටතේ හා එතුමාණන්ගේ මගපෙන්වීම යටතේ සිදු වූ නිසා කුර්ආනය නිසි ලෙස පෙල ගස්සවා ගැනීමේ දී මෙම වනපොත් කල පිරිසගේ සහය මහත් පිටුවහල් වනු ඇත. ඒ අනුව මෙම කුර්ආනය ග්‍රන්ථාරූඩ කිරීමේ දී වනපොත් කල පිරිසගේ සහය ද ලබාගන්නා ලදි. මෙසේ නිර්මාණය කල ග්‍රන්ථය තමා “කුර්ආනය” යන නමින් හදුන්වන්නේ.

කුර්ආන් පිටපත් ගැනීම

ඉහත සදහන් ආකාරයට ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරූඩ කර එය රටේ පාලකයා (ජනාධිපතිවරයා) භාරයේ තබන ලදී. මෙසේ කාලයක් ගතවීමත් සමග විශේෂයෙන් තුනවන පාලකයා වන උස්මාන් (රලි) තුමාණන්ගේ කාලය වන විට ඉස්ලාමීය රාජ්‍යය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. ඒ සමඟ මෙම කුර්ආනීය පණිවුඩය සෑම ප්‍රදේශයකටම යැවීම සදහා කුර්ආනයේ පිටපත් ගැනීම අවශ්‍ය විය. ඒ අනුව මෙම ශුද්ධ වූ කුර්ආන් ග්‍රන්ථයෙන් පිටපත් 07ක් ලබාගත් අතර එතුවක් කල් සමාජ භාවිතයේ තිබූ කුර්ආන් වාක්‍ය අඩංගු ශාක පොතු, සත්ව ඇට, මැටි පුවරු, ගල් පුවරු සහා සත්ව හම් යන සියල්ල එක්රැස් කොට මෙතුමාණන් විසින් විනාශ කරන දමන ලදී. එසේ විනාශ කිරීමට මුලික හේතුව වුයේ එවකට සමාජය මෙම කුර්ආන් වාක්‍යයන් ලියන ලද ද්‍රව්‍යයන් අපිලිවලකට ලඟ තබාගෙන ඒවා පාරයානය කිරීමට පුරුදු පුහුණු වී සිටීමයි. ඉහත සදහන් ආකාරයට ශුද්ධ වූ කුර්ආනය පිටපත් 07 ක් ලබාගෙන එය විවිධ ප‍්‍රදේශවලට යවන ලදී. එසේ ගන්නා ලද පිටපත්වලින් 02ක් අදටත් ලොව ආරක්ෂා වී පවතී. එය තුර්කිය රටේ ස්තම්බුර් කෞතුකාගාරයේ සහා රුසියාවේ තාෂ්කන්ඞ් කෞතුකාගාරයේ ජනතා ප්‍රදර්ශනය සදහා ආරක්ෂිතව තබා ඇත. (මෙහි පහතින් දැක්වෙන්නේ එහි ඡායාරෑපයයි)

මෙහි දැක්වෙන්නේ ශුද්ධ වූ කුර්ආනයේ පැරණී පිටපතකි

මේ ආකාරයට ශුද්ධ කුර්ආනය ග්‍රන්ථාරූඩ වූ ඉතිහාසය හා එතැන් පටන් මේ දක්වා කුර්ආනය පැවත ආ ඉතිහාසය පවසන විට මෙවැනි ආරක්ෂිත ග්‍රන්ථයක් පිලිබදව කිසිදු ආකාරයක අත්දැකීමක් නොමැති අන්‍ය (මුස්ලීම් නොවන) සමාජයට තමන්ට සාපේක්ෂව කිසියම් සැකයක් ඇතිවිය හැක. ඒ එදා ආරක්ෂා වූ බව සැබෑවක් වන්නට පුළුවනි. එම ග්‍රන්ථය හා වර්ථමාන කුර්ආන් ග්‍රන්ථයන් අතර කිසිදු පරස්පරතාවයක් නැතැයි පවසන්නේ කෙසේද?. මෙයට මා පිලිතුරැ දෙනවාට වඩා මේ පිලිබදව පුළුවල් පරියේෂණයක් කල පරියේෂණ වාර්ථාවක් ඉදිරිපත් කිරීම සුදුසුබව සිතමි. ශුද්ධ වූ කුර්ආනය පිලිබදව ජර්මනියේ මියුනිච් විශ්වවිද්‍යාල පරියේෂණ කණ්ඩායමක් සිදුකල එම පරික්ෂණය පහත ආකාරයට වේ.

මියුනිච් (Munich) විශ්ව විද්‍යාලයේ පරියේෂක කන්ඩායමක් කුර්ආන් පිටපත්වල ඇති වැරදි හා සංශෝධන පිලිබදව පරියේෂණයක් සිදුකරන ලදි. ඔවුන්ගේ පරියේෂණවල මූලික අරමුණ අද සමාජ භාවිතයේ පවතින කුර්ආනය හා අදටත් කෞතුකාගාරයේ ආරක්‍ෂා වි පවතින මුල් කුර්ආනය අතර කිසියම් වෙනසක්, පරස්පරතාවයක් පවතිනවාද? යන්නයි. මෙම පරියේෂණය සදහා ඔවුන් විසින් විවිධ කාලවල විවිධ රටවල් මුද්‍රණය කරන ලද කුර්ආන් පිටපත් 42000ක් පමණ උපයෝගි කරගන්නා ලදී. මෙසේ පුලූල් පරියේෂණයක නිරත වු එම කන්ඩායම අවසාන ප‍්‍රතිඵල වාර්ථාව ඉදිරිපත් කලේ මෙසේය.

“හිජ්රි පලමුවන සියවස (ඉස්ලාමීය දින දර්ශනයට අනුව මුල් සියවස)යේ සිට 14 වන සියවසය (මේ ගෙවීයමින් පවතින්නේ 14 වන සියවසයයි එනම් මේ හිජ්රි 1431යි) දක්වා ලියන ලද සියලූම කුර්ආන් ග‍්‍රන්ථයන් අතුරින් සමහරක් මුද්‍රණ දෝෂ හැර වෙන කිසිදු ආකාරයක දෝෂයක්, වෙනසකමක් දක්නට නොමැත”

මේ ආකාරයට මෙම කුර්ආනය ආරක්‍ෂා වී පැවැතීම මෙම පරියේෂක කන්ඩායමේ මෙන්ම මුස්ලීම් නොවන සමාජයේ බොහෝ දෙනෙකු මවිතයට හේතුවක් වුවත් එයයි සැබෑව. මෙම කුර්ආනයේ අන්තර්ගතය පිලිබදව පුළුල් ගවේශණයක් සිදුකල විද්‍යාඥයෙකු වන ආචාර්‍ය මොරිස් බුකෙයිල් (Maurice Bucaille) තම “ද බයිබල්, ද කුර්ආන් ඇන්ඞ් සයන්ස්” (The Bible, The Quran and Science) යන කෘතියෙහි එක්තරා ස්ථානයක මෙසෙ පවසයි.

“…අල්කුර්ආනය මුහම්මද් තුමාගේ කෘතියක් යයි පවසන්නන්ගේ කල්පිතය, සාවද්‍ය සහගත බව ඉහත සදහන් කරුණුවලින් පෙනේ. අකුරු නොදත්තෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ටතම සාහිත්‍යධරයා විය හැක්කේ කෙසේද? තත්කාලයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටී තරමේ අල්ප මාත‍්‍ර වරදකින් තොරව එබදු විද්‍යාත්මක සත්‍යයක් හෙලිදරව් කල හැක්කේ කෙසේද?” (පිටු අංක 125)

මේ මුස්ලීම් නොවන සමාජය මවිත කරවන කරැණක් වුවද මෙය මනුෂ්‍ය ශක්තිය ඉක්ම වූ දේව සැලැස්මක් යයි විශ්වාස කොට සිටින මුස්ලීම්වරැන් වන අපට පුදුමයට කාරණයක් නොවේ. එයට තවත් හේතුවක් වන්නේ මෙම කුර්ආනය ආරක්ෂා කිරීමේ වගකීම දෙවියන්, තමන් විසින්ම භාරගෙන සිටීමයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 15-9 වාක්‍යයෙන් මෙසේ අවධාරනය කරයි.

“ඇත්තෙන්ම අපමය කුර්ආනය පහල කලේ, ඇත්තෙන්ම අපමය එය ආරක්‍ෂා කරන්නේ”

මේ අනුව කුර්ආනය ආරම්භයේ පටන් කිසිදු වෙනසක් නොවී අද දක්වාත්, ලෝක විනාශය දක්වාත් පැවතීමේ රහස මනුෂ්‍යගේ හැකියාව හෝ සැලැස්මෙහි ප්‍රථිපලයක් නොවේ. එසේ එය මනුෂ්‍ය සැලැස්මක ප්‍රථිපලයක් නම් ලොව සෑම දහමක දර්ශනයක ආගමික ඉගෙන්වීමන් මෙලෙස ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතිය යුතුය. නමුත් මෙම භාග්‍යය ඉස්ලාම් දහමට පමණක් උරැම වන්නට හේතුව වුයේ එය දේව වාක්‍යයක් වීම හා එය ආරක්ෂා කිරීමේ වගකීම දෙවියන් භාරයේ තිබීම පමණි. මෙසේ මා පවසන විට ඔබට ගැටළුවක් ඇතිවිය හැක.

ඔබට ගැටළුවක්

ඇයි ලොව අනිකුත් දහමන් හා දර්ශනයන් හි ඉගෙන්වීම්න් ආරම්භයේ පටන් ආරක්ෂාවෙලා නැද්ද?

මෙය තමා මෙම ලිපියෙන් දෙවන අදියර වශයෙන් අවධානය යොමු කලයුතු මාතෘකාව වන්නේ. ඊට ප‍්‍රථම ඌනපුර්ණයක් කලයුතුව ඇත. එනම් මේ ලිපියෙහි ආරම්භයේ මා පැවසුවා සේ “සියලූ මාර්ගයන් එකයි, සියල්ලගේ අවසාන ඉලක්කය එකයි” යන විශ්වාසය පිලිබදව කෙටි අවධානයක් යොමු කලයුතුව ඇත. වර්ථමාන සමාජයේ (ලාංකීය සමාජයේ) පවතින ආගම් පිලිබදව කෙටි විමසුමක් සිදුකලේ නම්, එහි මූලික ඉගෙන්වීමන්වල පවා විවිධ වූ පරස්පරතාවයන් හා නොගැලපීමන් දක්නට ලැබේ. වාදයකට එය එසේ නොවේ යයි උපකල්පනය කලත් ඒ සමග මතු වන බරපතල ගැටඑ කිහිපයක් ඇත. එනම්, විවිධ කාලවල පැමිණි ආගමික ශාස්ත‍්‍රවරුන්, වක්තෘවරුන් හා දාර්ශණිකයින් එකින් එකට පරස්පර වූ දර්ශනයන් හා නියෝගයන් ජනයා ඉදිරියේ පවසා මේ මිනිස් සමාජය එකම මාර්ගයකට යොමු නොකොට භේදබින්න කලාද? යන්නයි. එසේ ඔවුන් කලා නම් සමාජයක් බේද බින්න කොට ලබාදෙන විමුක්තිය කුමක්ද? උදාහර්ණයක් ලෙස ක‍්‍රි: පු: 1500 දී මෝසස් පැවසු දහම නිවරුදි නම් ක‍්‍රි: පු: 563 දී බුදුන්ගේ අවශ්‍යතාවයත්, ක‍්‍රි: ව: 01 දී යෙසුස් වහන්සේගේත්, ක‍්‍රි: ව: 571 දී මුහම්මද් තුමාගේත් අවශ්‍යතාවය ඇති නොවේ. මේ අනුව මේ සියළු මාර්ගයන් නිවරුදි යන්න ස්ථිර නිගමනයකට පැහැදිලිවම එළඹිය නොහැක. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා මෙම වාදය පැති කිහිපයක් ඔස්සේ අවධානය යොමු කල හැක. එනම්,

  • සියළු මාර්ගයන් හි අවසාන ඉලක්කය එකයි,
  • සියළු මාර්ගයන් හි අවසාන ඉලක්කය එකම නොවේ,
  • සියළු මාර්ගයන් හි අවසාන ඉලක්කය එකම වේද? නොවේද? යන්න නොදනිමු.

ඉහත පළමු ප්‍රශ්නයට පැහැදිලි පිලිතුරක් ලබාගත හැකි නම් මේ සියළු වාද විවාදයන් අවසන් වේ. නමුත් සමාජය දෙස බලන කල එවැනි සමානතාවයක් දක්නට නැත. නිදසුන් කිහිපයක් ගෙනහැර පෙන්වන්නේ නම්, එක් දහමක් බහුදේව වාදය පවසද්දී තවත් දහමක් ඒක දේව වාදය ඉදිරිපත් කරයි. මරණින් මතු ජීවිතය පිලිබද විවිධ ආගම් විවිධ වූ එකින් එකට පරස්පර වාදයන් පවසයි. ස්වර්ගය අපාය පිලිබදව විවිධ වූ මත දරයි. මේ අනුව වර්ථමානයේ පවතින සියළු ආගම් හි අවසාන ඉලක්කය එකයි යන්න ප්‍රතික්ෂේප වී යයි. වර්ථමාන ආගමික ඉගෙන්වීමන් පදනම් කරගෙන මා ඉහත කාරණය තහවුරැ කලද මෙහි සැබෑ තත්වය එය නොවේ.

එසේ නම් සෑබෑ තත්වය කුමක්ද?

මෙහි සැබෑ තත්වය වන්නේ ඉහත තුන්වන කාරනයයි. එනම් “සියළු මාර්ගයන් හි අවසාන ඉලක්කය එකම වේද? නොවේද? යන්න නොදනිමි” යන්නයි. මන්ද ඉහත පළමු වාදය වන “සියළු මාර්ගයන් හි අවසාන ඉලක්කය එකයි” යන්න පැවසීමට හෝ දෙවන වාදය වන “සියළු මාර්ගයන් හි අවසාන ඉලක්කය එකම නොවේ” යන්න පැවසීමට පැහැදිලි සාක්ෂි අත්‍ය අවශ්‍ය වේ. ඒ සදහා ආරම්භයේ සිට ආරක්ෂා වූ ආගමික මූලාශ්‍රයන් අවශ්‍ය වේ. අද ආරම්භයේ සිට ආරක්ෂා වූ දේව ග්‍රන්ථයකට ලොව තිබෙන්නේ “ශුද්ධ වූ කුර්ආනය” පමණි. මෙය පමණක් පදනම් කරගෙන ඉහත ප්‍රශ්නවලට පිළිතුරැ හෝ නිගමනයන් ලබාගත නොහැක. දැන් ඔබට ගැටළුවක් මතුවෙනු ඇති. ඒ “ඇයි ලොව අනිකුත් ආගමික මූලාශ්‍රයන් ආරම්භයේ සිට ආරක්ෂා වී නැද්ද?” යන්නයි.

ලොව අනිකුත් ආගමික මූලාශ්‍රයන් ආරම්භයේ සිට ආරක්ෂා වී නැද්ද?

අප මෙම ලිපිය ඔස්සේ ලොව තුල පවතින “ශුද්ධ වු ග‍්‍රන්ථ හා එහි වලංගුභාවය” යන්න කථා කරමින් සිටින්නෙමු එහි මුල් අදියර වශයෙන් මුස්ලීම්වරැන් ශුද්ධත්වයෙන් සලකන “කුර්ආනය” ග්‍රන්ථාරෑඩ වූ ඉතිහාසය කථා කලෙමු. දැන් දෙවන අදියර වශයෙන් ලොව අනිකුත් දහමන් හි මූලාශ්‍රයන් හි තත්වය කුමක්ද? යන්න අවධානය යොමු කරමු. මෙය සමාජයට තරමක අමිහිරි මාතෘකාවක් වන්නට පුළුවනි. එයට හේතුව සමාජයට එලි නොවූ, සමාජය තුල කථා බහ නොවන, එසේම සමාජයෙන් වසන් වී පවතින බොහෝ කරැණු කාරණා මේ තුලින් කථා කිරීමට සිදුවන බැවිනි. ලාංකීය සමාජය පදනම් කරගෙන කථා කරන මෙම මාතෘකාවේ ඉහත කාරනය එනම් “අනිකුත් ආගමික මූලාශ්‍රයන් ආරම්භයේ සිට ආරක්ෂා වී නැද්ද?” යන්න කථා කිරීමේ දී ශ්‍රී ලාංකීය ප්‍රධාන ආගම් හා එහි මූලාශ්‍රයන් පිලිබදව අවධානය යොමු කලයුතුවේ. එනම්,

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *