කොහෙන් පටන් ගත්තත් ඉවරවෙන් අපෙන්

8

යහමඟ‘ අඩවිය ආරම්භ කල දා පටන් නිතර නිතර විවිධ ලිපි තුල පැවසෙන කථාවක් ඇත. ඒ ‘පොඩි එකාගේ පොල් ගස ගැන වූ රචනාව වගේ‘ යන්නයි. නොයෙක් අවස්ථාවල ඉහත කථාව පැවසුවත් එම කථාවට පසුබිම් වූ සිද්ධිය කුමක් ද? යන්න මෙම අඩවිය තුල පැවසූ මතකයක් නම් මාහට නැත. පසුගිය දිනක අප රටේ සිදුවූ එක්තරා සිදුවීමක් මුල් කරගෙන පොල් ගස පිලිබදව වූ එම රචනාව නැවත මගේ සිහියට නැඟුණි. මේ හේතුව නිසා එම සිදුවීම පිලිබදව අවධානය යොමු කිරීමට මත්තෙන් ඒ ‘පොල් ගස ගැන වූ රචනාව‘ පිලිබදව වූ කථාව ඔබේ විමසුමට ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

එක්තරා පාසැලක ප්‍රාථමික පන්තියේ ඉගෙනුම ලබන ළමුන් හට එහි විෂය බාර  ගුරුතුමිය විසින් රචනාවක් ලියන්න කියූ සෑම විටම එම පන්තියේ එක්තරා දරුවකු ලියන්නේ ‘පොල් ගස‘ ගැන වූ රචනාවකි. මන්ද එම දරුවා දන්නේ පොල් ගස ගැන පමණක් වන නිසාය. මෙම කාරණය අවබෝධ කරගත් ගුරුතුමිය දිනක් එම පන්තියේ දරුවන් හට ‘එළදෙන‘ ගැන රචනාවක් ලියන ලෙස පවසන ලදී. එවිට ඉහත සදහන් දරුවා රචනාව ලියා තිබුණේ ‘අපේ ගෙදර එළදෙනෙක් සිටියාය. තාත්තා එම එළදෙන ගෙන ගොස් ගෙවත්තේ තිබූ පොල් ගසේ බැන්දේය. එම පොල් ගස උසය. එහි ගෙඩි ගොඩාක් තිබේ. එම පොල් ගසින් ගන්නා පොල් අතුවලින්…‘ යනුවෙන් සුපුරුදු පරිධී එළදෙනගෙන් ආරම්භ කොට ‘පොල් ගස‘ ගැනමය.

එම දරුවා කුඩා අවධියක නොදන්නාකමට කල එම කාරණය මෙහිදී අපට පවසන්නේ කුමකට ද? යන කුතුහලය සමහර විට ඔබට ඇතිවීමට පුළුවන. ඒ නොදරුවා එදා නොදන්නාකරමට එසේ කිරීම වරදක් ද? නොවේද? යන්න මෙහි කථා කිරීමට මා උත්සාහ කරන්නේ නැත. නමුත් මෑතක සිට අපේ රටේ සමහරක් පිරිස් ඉහත නොදරුවාගේ තත්වයට වැටී ක්‍රියා කිරීම නොදන්නාකමක්ද?, නොඑසේ නම් වියරුව හේතු කොටගෙන බුද්ධිය නොදරුවෙකුගේ තත්වයට වැටීද? යන්න තවම සිතාගත නොහැකිව ඇත. ඒ පිලිබදව නිදසුනක් මඟින් කරුණූ කිහිපයක් පාඨක ඔබේ අවධානයට ගෙන ඒමට අදහස් කරන අතර ඒ සදහා සමීපතම නිදසුනක් ලෙස පහත වීඩියෝ ඉදිරිපත් කරමි.

ඉහතින් ඔබට නැරඹීමට සලසා දී ඇත්තේ දකුණු අධිවේගි මාර්ගයේ සිදුවූ එක්තරා සිදුවීමක කිරුළපන නන්ද හිමි නම් ස්වාමින්වහන්සේ නමක් හැසිරුණූ ආකාරය සංස්කරණය නොකල විඩියෝ දර්ශනයකි. මෙහි සංස්කරණය කල විඩියෝ දර්ශනය පසුගිය 2012.06.11 දින ස්වර්ණවාහිනී නාලිකාවේ live@8 ප්‍රවෘත්ති මඟින් ප්‍රථමවරට විකාශනය විය. මා එම විඩියෝ දර්ශනය එහිදී නැරඹු අතර ‘ධර්ම ද්වීපයට දෙවියන්ගේම පිහිටයි‘ යනුවෙන් සිතා එම සිදුවීම එතැනින් අමතක කර දමන ලදී.  නමුත් ඉහත (සංස්කරණය නොකල) විඩියෝ දර්ශනය එක්තරා වෙබ් අඩවියක පලකොට ඇති බවත්, එහි මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් යම් යම් කරුණු පැවසෙන බවත් ‘යහමඟ‘ පාඨකයෙකු විසින් මා දැනුවත් කිරීමේන් අනතුරුව එම වීඩියෝව මා විසින් නැවත නරඹූ අතර එහිදී එම ස්වාමින්වහන්සේ ගේ කථාව අසා මා මවිතයට පත්වූ අතර එම අවස්ථාවේ මට සිතුණේ ‘බුදුන්ගේ දේශය අනුරාධපුර සොහොනක් බිඳීමතුල සුළු ජාතීන්ට දෙවියන්ගේම පිහිටයි‘ යනුවෙනි. අප රටේ ස්වාමින්වහන්සේලා මේ ආකාරයට හැසිරුණූ පලමු අවස්ථාව මෙය නොවේ. මෙවැනි අමිහිරි අත්දැකීම් බොහෝමයක් ශ්‍රී ලාංකීකයන් හට ඇත. එම නිසා ‘යහමඟ‘ එම සිද්ධිය පිලිබදව මෙතැන දී කථා කිරීමට අදහස් නොකරන අතර එය ‘යහමඟ‘ විෂය පථයට අදාල කාරණයක් ද නොවේ. නමුත් ඉහතින් සදහන් පොඩි එකාගේ රචනාව මෙන් සිද්ධියට කොහෙත්ම සම්බන්ධ නැති මුස්ලීම් ජනතාව සම්බන්ධ කරගෙන (ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක මුස්ලීම් විරෝධි ජාතිවාදීන් හා ආගම්වාදීන් මුස්ලීම් ජනතාව හදුන්වන නම) ‘හම්බයන්‘ යයි මෙතැන දී බැන වැදීම ඉතා පහත් ක්‍රියාවකි. එපමණක් නොව ඉහතින් සදහන් ජාතිවාදීන් මෑතක සිට නීතිය ඉදිරියේ නීතිය අතට ගෙන ක්‍රියාකරන ආකාරය පිලිබදව අමිහිරි මෙන්ම සදා නොමැකෙන මතකයන් රාශියක් මේ රටේ මුස්ලීම් ජනතාවට ඇත. විශේෂයෙන් අනුරාධපුර සොහොනක් බිද දැමීමේ දී පොලිසියේ නිලධාරීන් ක්‍රියා කල ආකාරය එයට හොද නිදසුනකි. එසේ තිබිය දී ඉහත (විඩියෝ දර්ශනයේ) ආකාරයට පොලිසියට දෝශාරෝපන නඟමින් කියන්නේ කුමක්ද?. සමස්ථ රටේ නීතියම මෙවැනි ජාතිවාදී වියරුවෙන් විකාර කරන නොදරුවන් සමඟ අත්වැල් බැදගතයුතු යන්නද?.

අවසාන වශයෙන් බුද්ධිමත් ප්‍රජාවගේ අවධානයට ගෙන ආයුතු කාරණයක් ඇත. එනම්, රටේ මහා ජාතිය මෙන්ම පූජ්‍ය පක්ෂය නියෝනය කරන ස්වාමින්වහන්සේලා රටේ සුළු ජාතීන්ට එරෙහිව මෙවැනි ජාතිවාදී ප්‍රකාශ නිකුත් කල පලමු අවස්ථාව මෙය නොවේ. මෙවැනි සිදුවීම් විශාල සංඛ්‍යාවක් විටින් විට ‘යහමඟ‘ පාඨක අවධානයට ගෙන ආ බව ඔබ දන්නවා ඇති. සමීපතම සිදුවීමන් ලෙස ‘දඹුල්ලින් රටටම වැරදි ආදර්ශයක්‘ (මෙම සිදුවීම මුල්කරගෙන ඉදිරිපත් කල ධර්ම ද්වීපය තුල සුළුජාතීන්ගේ ඉරණම)යන ලිපිය සදහන් කල හැක. මෙවැනි සිද්ධීන් තුලින් ජාතිවාදී පිරිස් කාලකන්නි සතුටක් ලබනවා යන්නේහි සැකයක් නැත. නමුත් රටේ සාමය හා ජාතියේ එකමුතුව සදහා ක්‍රියා කලයුතු පාර්ශවයන් මෙලෙස වියරු වැටී ක්‍රියා කිරීම බුද්ධිමත් ප්‍රජාව බුද්ධිමත් ලෙස විමසා බැලිය කාලීන අවශ්‍යතාවයකි. ජාතිය ආගම මුල්කරගෙන ඕනෑම පහත් ක්‍රියාවකට ආවඩනවාට වඩා සාධාර්ණය හා අසාධාර්ණය මත තීන්දු තීරණ ගෙන මෙවැනි තත්වයන් ඉදිරියට රට තුල නිර්මාණය නොවීමට හඬක් නැඟීම මේ රටේ සුභ අනාගතය වෙනුවෙන් දැවෙන අවශ්‍යතාවයකි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 8 යි.

  1. sf.azeem 2013-07-08 at 04:37

    මේ ස්වාමින්වහන්සේ කිරුල්ලපන නන්ද හිමි නොවෙඉ නේද ?

  2. abuarshed 2012-07-07 at 12:26

    @ Dammika
    ධම්මික සහෝදරා බොහෝ විට විමසන්නේ මෙවැනි පැනයන් තමා. ධම්මික සහෝදරයාට ‘සුන්නත් කිරීම (ඡර්ම චේදනය)’ අලුත් කාරණයක් එසේත් නැත්නම් සංකීර්ණ කාරණයක් වුනාට මෙය අද වෛද්‍ය විද්‍යාවේ සමාන්‍ය ප්‍රතිකාර අංගයක් බවට පත්වෙලා. අවශ්‍ය නම් ලාංකීය සමාජයේ දිනපතා මෙවැනි ඡර්ම චේදන බෞද්ධ සමාජය තුල කොතරම් සිදුවෙනවාද? යන්න සොයා බලන්න. වෙනසකට ඇත්තේ ඒක ‘සුන්නත් කරලා’ යයි නොපැවසීම පමණි. නැවතත් ධම්මික සහෝදරයාට පවසන්නට ඇත්තේ මෙවැනි කිසිදු පදනමක් නැති විවේචනයන් උපහාසයන් අපහාසයන් පසෙක දමා ශීෂ්ඨසම්පන්න ආකාරයට බුද්ධීමත් සංවාදයට එන්න යන්න පමණි.

  3. nisreen u.s.a 2012-06-25 at 01:45

    to indika27 සහෝදරය : අපි වන මුස්ලිම් අයුරු අපේ ආගමික පූජකවරුන් එවෙනි වචනයක් කොහදෙවත් උපයෝගී කර නොවනි බවට සහතිකයක් දෙන්නට පුළුවනී

  4. indika27 2012-06-20 at 23:23

    ඕනෑම ආගමක් අදහන පිරිස සහ පූජක පිරිස අතර අදාල නැති දේවල් කරන සෝබන කාරයින් සිටිනවා..මුස්ලිම් ආගමික නායකයින් එසේ නොමැතියැයි ඔබට සහතිකයක් දෙන්න පුලුවන් කමක් තිබෙනවාද නෑනෙ??
    අපිට බුදුබනේ කියල තියෙන්නෙ බුදුන් වහන්සේ සරන ගිහින් ඉන්පස්සෙ දහම් වල සරණ ගිහින් අවසන සංඝයා වහන්සේගේ සරණ යන්න කියලා…
    යම් සංඝයා වහන්සේ කෙනෙක් වරදක් කලා කියලා හෝ ඒක ප්‍රසිද්ධ උනාය කියල අපි මුලු සංඝ සමාජයම දිහා ඒ විදියට බලන එක වැරදියි නේද??

    • abuarshed 2012-06-23 at 07:41

      ඔබගේ කරුණු දැක්වීමට මා එකඝයි. ඒ සම්බන්ධ විරුද්ධ මතයක් නැහැ. ඔය සහෝදරයා පවසන ආකාරයට මම බුදුදහමට හෝ සංඝ සමාජයට චෝදනා කලෙත් නැහැ. කරන්නෙත් නැහැ. හොද ආගමික විනයක් තුල කටයුතු කරන සංඝයාවහන්සේලා මේ රටේ තවම ඉන්නවා. නමුත් මෑතක පටන් අප රට තුල කුමක්දෝ අවාසනාවන්ත තත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා එම තත්වය තමා මෙවැනි ලිපි ගණනාවකින් මා සාකච්චා කරන්නේ ඒ තුලින් සමස්ථ බෞද්ධ සමාජයට හෝ සංඝ සමාජයට වරදක් සිදුවී ඇත්නම් මා එයට සමාව අයදිනවා

  5. kjfjz 2012-06-20 at 07:47

    සිංහලයන් හිතන්නේ එයාලා මහා ලොකු පැලන්තිකාරයෝ අනිත් ජාතින් පහත් උන් කියලද ,එයාලගේ හිතේ තියෙන තරමක් තියෙන්නේ ද්වෙසය,කුහකකම.අපිටත් පුළුවන් එයාලා වගේ ද්වෙසයෙන් කතා කරන්න එහෙත් අපි කතා කරන්නේ නැහැ මොකද අපේ ආගමේ අන් අයට නිගරු කිරීමට හෝ ද්වෙසයෙන් කතා කරන්න කියල දීල නැහැ.අපි හා එයාලා අතර ඇති වෙනස උගත් සහ නූගත්තු අතර ඇති වෙනස වගේ.

  6. සුදේශ් ජයන්ත ( Jeddah ) සිට 2012-06-17 at 10:15

    ඔය ස්වාමින් වහන්සේ ලේබල් ගහල කතා කල ආකාරයට මමත් ” දැන් හම්බයෙකි” . මිට පෙර බෞධ්ධයෙකි. හම්බයන්ගේ ආගම ට අදාල ආගමික මුලාශ්‍ර අද්‍යනය කර ඒ අතර තුර බුදු දහම , කිතු දහම , හින්දු දහම ගැනත් මද්යස්තව අද්‍යනය කර, මමත් හම්බයෙක් ලෙස ලේබල් ගසන ‘මුස්ලිමෙක්” උනා. ඔබේ ලිපියට දිය හැකි මගේ අදහස මෙයය්.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *