ජය පරාජය නිහතමාණීව විද ගනිමු

0

  • ජාතිවාදී
  • ආගම්වාදී

මුහුණුවර ලබාදීම සුවිශේෂි ලක්ෂණයක් විය. මැතිවර්ණයක් තුල ජය පරාජය එහි අපේක්ෂකයන් හට සතුටට කාරණයක් විය හැක. නමුත් රටේ පුරවැසියන් වශයෙන් රටෙත් ජාතියෙක් ජය පරාජය තීරණය වන්නේ ඉහත අපේක්ෂකයන්ගේ ක්‍රියාකලාපයන් මත මිස මෙම ප්‍රථිපලය මත නොවේ. මනුෂ්‍යයන් වශයෙන් ජීවිතයේ ජය පරාජය නිරන්තරයෙන් උරැම වූ කාරණයකි. එම නියමයෙන් ලොව කිසිවකුටත් මිදීමට හැකි වී නැත. එසේ නම් ඡන්ද අපේක්ෂකයන් මෙන්ම ඡන්ද දායකයන් වන අප කලයුතුව ඇත්තේ මෙම ජය පරාජය නිහතමානිව පිලිගැනීමයි. එ‍ෙස් නොමැතිව පරාජිත පිල අපහසයන්ට හා හිංසනයන්ට පත්කරමින් ජයග්‍රාහී පිල පරාජිත පිලහි දුක තම සතුට බවට පත්කරවා ගැනීම නො‍වේ. මෙවන් වූ මොහොතක මිනිසුන් ක්‍රියා කලයුතු ආකාරය පිලිබදව ඉස්ලාම් අලංකාර වූ ක්‍රියා පිලිවෙතක් පේනවා දේ. එනම් ජය පරාජය හා එය තුල ක්‍රියාකල යුතු ආකාරය ශුද්ධ වූ කුර්ආනයේ 57-23 මගින් මෙසේ පවසයි,

“ඔබගෙන් අත්මිදුණු දෑ ගැන ඔබ දුක් නොවීම පිණිසද, ඔබ ලද දෙය පිලිබදව උඩගු නොවීම පිණිසද දෙවියන්ගේ පෙර නියමය පරිදි සියල්ල සිදුවන්නේය යයි සිතනු. උඩගු වී ආඩම්බර බස් දොඩන කිසිවකු දෙවියන් ප්‍රිය නොකරන්නේය”

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය අලංකාර ක්‍රියා පිලිවෙතක් අපට පෙන්වා දේ. එනම් යම්කිසි සිදුවීමක් තුල අපට සතුටක් ඇති වේ නම් ඒ පිලිබදව අප උඩගු නොවනු පිණීසත්, එසේම අපෙන් මිදුනු එසෙත් නැත්නම් අපට අහිමි වූ කිසිවක් පිලිබදව අප දුක් නොවනු පිණිසත් මේවා සියල්ල දේව නියමය පරිදි සිදුවුවා යයි සිතීම පමණයි කල යුතුව ඇත්තේ. මෙය ඉස්ලාම් මුස්ලීම්වරැන් හට පෙන්වා දෙන අලංකාර ක්‍රියා පිලිවෙතකි. නමුත් මුස්ලීම් නොවන සමාජයට ද මෙහි ආදර්ශයක් ඇත. ඉස්ලාම් පවසන ඉහත ආකාරයේ වූ කර්මය අන්‍ය සමාජය පිලිනොගත්ත ද බෞද්ධ සමාජය ද කර්මය පිලිබදව විශ්වාස කරයි. ඒ අනුව ජය පරාජය කර්මය අනුව තමා සිදුවන්නේ යයි මුස්ලීම් නොවන සමාජය පිලිගත්ත ද එය බුදුදහමට අනුකූලය. එය පිලිනොගෙන සමාජය තුල උඩගු වී ආඩම්භරව කටයුතු කරන්නේ නම් එය බුදුන්ගේ ඉගෙන්වීම් ප්‍රතික්ෂේප කිරීමකි. මේ අනුව කුමණ ආකාරයෙන් බැලුවද මෙම ජයග්‍රාහණයන් තුල උඩගුවීමට හෝ ආඩම්භරවීමට කාරණයක් නොමැති බව පැහැදිලිව අවබෝධ කරගත යුතුය. එසේම මෙම මැතිවර්ණ ප්‍රථිපල ප්‍රකාශවීමත් සමග දකින තවත් ක්‍රියාවලියක් වන්නේ පාරජිත පිලෙ හි දුක තමන්ගේ සතුටට හා විනෝදයට හේතුවක් කරගැනීම. කෙනෙකුගේ දුක තවත් කෙනෙකු සතුටට කාරණයක් කර ගැනීම මනුෂ්‍යත්වය ගරැකරන සමාජයක් අනුමත නොකරන මිලෙඡ්ච ක්‍රියාවකි. මේ පිලිබදව ඉස්ලාම් දහම දැඩිව පිලිකුල් කරයි. මේ පිලිබදව වරක් නබිතුමාණන් පැවසීමේ දී,

”නුඹගේ සහෝදරයෙකුගේ දුකෙ හි නුඹ සතුටු නොවන්න!, (එසේ කලේ නම්) අල්ලාහ් ඔහුට භාග්‍යයන් ලබා දී (ඒ තුලින්) නුඹව පිරික්සනු ඇත”

ග්‍රන්ථය තිර්මිදි

ඉහත ඉස්ලාමීය ඉගෙන්වීම් අපට අලංකාර ආදර්ශයන් පෙන්වා දේ. එහි ජය ග්‍රාහිකයා හට උඩගුවීමටත් පරාජිතයා අවේගකාරී අයුරින් ක්‍රියා කිරීමටත් කිසිවක් නොමැති බව පැහැදිලිවම පෙන්වා දේ. මුස්ලීම්වරැන් වන අප මෙය පැහැදිලිව අවබෝධ කරගෙන සමාජය තුල ක්‍රියා කලයුතුය. මන්ද සමහරක් ආගම්වාදී හා ජාතිවාදී පිරිස් හා සංවිධාන මෙම තත්වයන් අවස්ථාවන් කරගනිමින් ඔවුන්ගේ පටු අරමුණු වන ලාංකීය සමාජය තුල මුස්ලීම්වරැන් හුදෙකලා කිරීමේ හා එම ජන කොට්ඨාශයට එරෙහිව සමස්ථ සමාජය මෙහෙයවීමේ කුමණ්ත්‍රණකාරී ක්‍රියා පිලිවෙතක් දියත් කරමින් සිටි. එහි තවත් එක් සංධිස්ථානයක් තමා මා පෙර සදහන් කලා සේ මැතිවර්ණ ප්‍රථිපලයට ජාතිවාදී හා ආගම්වාදී මුහුණුවර ලබාදෙමින් සිදුකරන ප්‍රථිපල සමාලෝචන. මෙයට උදාහරණයක් ලෙස 2010 ජනාධිපති වර්ණයෙන් පසු ඊලාම් සිතියම හා ප්‍රථිපල සංසන්ධනය කරමින් සිදුකල මාධ්‍ය සාකච්චාවන් හා පුවත්පත් ලිපි (මෙහි දැක්වෙන්නේ 2010/01/31 දිවයින පුවත්පතෙ හි පලවු පිංතූරයයි) අපට අමතක කල නොහැක. මේවා තුල සෘජුව හා වක්‍ර ආකාරයට මුසලීම් ප්‍රජාවට ද ඇගිලි දිගු කල බව සමස්ථ ලාංකීය සමාජයම අවබෝධ කරගත යුතුය.

ප්‍රතිපල හා ඊලාම් සිතියම් සංසන්දනය

රටක් වශයෙන් මෙන්ම ජාතියක් වශයෙන් ද මෙවන් තත්වය පිලිබදව දෙවරක් සිතා බැලිය යුතුය. එදා වනචාරීන් කැලෑව තුල “එක් මගේ මෙක උඹේ” යයි වෙන්කර ගත්තා සේ අද දියුණුවේ ඉනිපෙත්තෙ හි සිටින බව ආඩම්භරයෙන් පවසා ගන්නා ලොව දියුණුම සංස්කෘතියකට උරැමකම් කියන බව පවසා ගන්නා අප ඉහත ආකාරයේ පටු සීමාවල කොටුවීම අනවබෝධයකි. රටක මැතිවර්ණය යනු එම රටේ ජනතාව තම නැණ පමණින් තමන්ට ආවේනික වූ කරැණු පදනම් කරගෙන නිදහසේ තීන්දු තීරණ ගන්නා අවස්ථාවයි. එම අයිතිය කිසිවකුටත් අභියෝගයකට හෝ අපහසයකට ලක්කල නොහැක. එය රටේ ලියාපදිංචි දේශපාලන පක්ෂ එකකට වඩා වැඩි සංඛ්‍යාවක් පැවතීම තුල ද එම අයිතිය රටේ ජනතාවට නීතියානුකූලව තහවුරැ කර ඇත. මේ අනුව කිසිවකු ආණ්ඩු පක්ෂයෙන් පරිභාහිරව තම ඡන්දය ප්‍රකාශ කිරීම, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වැලැක්වීම, අපහසයට හා අභියෝගයට ලක්කිරීම සැබැවින්ම මිනිසාගේ මූලික අයිතිය උදුරා ගැනීමකි.

මෙම කාරණය සම්බන්ධයෙන් මෙපමණ අප කථා කිරීමට සිදුව ඇත්තේ සෑම මැතිවර්ණයක් අවසානයකදීම එහි ප්‍රථිපලයත් සමග රටේ ප්‍රධාන චූදිතයන් බවට රටේ සුඑ ජාතීන් වන දමිල හා මුස්ලීම් ජන කොට්ඨාශය පත්වන නිසාය. මෙය අතීතයේ සිට නොපැවතුණු වර්ථමානයේ සමාජය තුල සීඝ්‍රයෙන් හා ප්‍රබලව වර්ධනය වෙමින් පවතින තත්වයකි. වි‍ෙශ්ෂයෙන් ආගම්වාදී දේශපාලන පක්ෂ බිහිවීමත් සමග ඇති වූ තත්වයකි. මේ පිලිබදව බලධාරීන්ගේ මෙන්ම ජාතියේ අවධානය ක්ෂණිකව යොමු විය යුතු යන්න අපගේ අදහසයි. මන්ද මේ තත්වය නිසා මහා ජාතීන් හා සුඑ ජතීන් අතර දිනෙන් දින වෛරයක් හා ක්‍රෝධයක් නිර්මාණය වෙමින් පවතී. එදා සහයෝගයෙන් හා සමගියෙන් කටයුතු කල ලාංකීය සමාජය අද විවිධ ජාතී, ආගම් හා මතවාද ඔස්සේ බෙදීයමින් පවතී. මේවා කෙරෙහි සමාජය අන්තවාදී නොවී අවදියෙන් සිටිය යුතුය.

ඉහත චූදිත පිරිස් අතර මුස්ලීම් ප්‍රජාව ද ප්‍රධාන තැනක් ගෙන සිටීම ඉතා කණගාටුදායක තත්වයකි. අතීතයේ පටන් ලාංකීය අනෙකුත් සමාජය හා සහෝගයෙන් කටයුතු කරමින් ශ්‍රී ලාංකීය දියුණුවට සැලකිය යුතු දායකත්වයක් සැපයූ මුස්ලීම් ප්‍රජාවට මේ ආකාරයෙන් ඇගිලි දිගු කිරීම ඉහත සදහන් පිරිස් හා සංවිධාන සැලසුම් සහගතව ඉතිහාසය වසන් කිරීමකි. මෙහි දී මුස්ලීම් ප්‍රජාව බුද්ධිමත්ව කටයුතු කලයුතුය. ඉහත පිරිසගේ ඉත්තන් හා පෙළඹවීමන්ට හසු නොවීමටත් මුස්ලීම්වරැන් වන අප වගබලා ගතයුතුය. ලාංකීය ඉතිහාසය තුල මෙම වර්ථමාන මෙම තත්වය අපට අලුත් වුවත් ඉස්ලාමීය ඉතිහාසය තුල මුස්ලීම්වරැන් හට සිදුකල එදිරිවාදිකම් අපට අලුත් කාරණයක් නොවේ. මේ පිලිබදව ශුද්ධ වූ අල්කුර්ආන්ය 85-8 මගින් මෙසේ අවධාරණය කරයි.

“අල්ලාහ් (දෙවියන්) විශ්වාස කිරීම (මුස්ලීම්වරයෙකු වීම) විනා අන් කිසිවක් නිසා නොව ඔවුන් දඩුවම් වින්දේ”

ඉහත වාක්‍යයෙන් අතීතයේ විවිධ වදහිංසා විදිමින් විනාශ වූ ජන සමාජයක් පිලිබදව අපට අල්කුර්ආනය පැවසීම තුල මෙවන් තත්වයන් ඉදිරියටත් නිර්මාණය වන බව අප අවබෝධ කරගත යුතුය. මෙවන් වූ තත්වයක අප කලයුතුව ඇත්තේ බුද්ධිමත්ව හා ඉවසීමෙන් කටයුතු කිරීම පමණි. එසේ නොවී ඔවුන් අපේක්ෂා කරන ආවේගකාරී තත්වයන්ට අප පත්වන්නේ නම් එය මුස්ලීම් සමාජයටම කරන හානියක් වන අතර ඉස්ලාමීය ඉගෙන්වීමන්ට ද එරෙහිවීමකි. ඉස්ලාම් ඉවසීම දැඩිව අවදාරනය කරන දහමකි. ඒ අනුව අප ඉස්ලාමීය ඉගෙන්වීමන් ට අනුකූලව කටයුතු කල යුතුය.

ඉස්ලාම් මුස්ලීම්වරැන් හට ඉස්ලාමීය පලානයක් පමණක් අවධාරනය කරන දහමක් නොවේ. නමුත් බෞද්ධයන් තම ආගමික ඉගෙන්වීම් අනුව පාලනයක් රට තුල නිර්මාණය විය යුතුයයි අපේක්ෂා කරන ආකාරයටම මුස්ලීම් ජනතාව ද ඉස්ලාමීය ඉගෙන්වීම් අනුව රටේ පාලනය සැකසිය යුතුයයි අපේක්ෂා කිරීම වරදක් නොවේ. මන්ද මේ බිම තුල අප සුඑතරයක් වුවද බෞද්ධයන්ගේ මෙන්ම අප ද එහි උරැම්ක්කාරයන් වන නිසාත්, යහපාලනය ඇත්තේ ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශයන් තුල පමණක් යයි අප විශ්වාස කරන නිසාත්ය. නමුත් මෙහිදී මුස්ලීම් සමාජය මෙන්ම අනිකුත් සමාජය අවබෝධ කරගතයුතු කාරණයක් ඇත. එනම් මෙම අපේක්ෂාව හුදෙක් චින්තන හා ආකල්ප වෙනසකින් නිර්මාණය කලයුතු තත්වයක් මිස එය කුමණ්ත්‍රනකාරීව, විප්ලවකාරීව, ජාතිවදීව හෝ ආගම්වාදීව අර්බුදයන් නිර්මාණය කරමින් දිනාගත යුතු කරැණක් නොවන අතර එසේ කිසිවකු කිරීමට පෙළඹේ නම් එය ඉස්ලාම් දහම දැඩිව ප්‍රතික්ෂේප කරන බරපල වරදක් හා පාපයක් බව සමස්ථ සමාජයම අවබෝධ කරගත යුතුය. මන්ද ඉස්ලාම් රටේ පාලනයට අවනතව සිටීම දැඩිසේ අවධාරනය කරන දහමකි. මේ පිලිබදව මුහම්මද් නබිතුමාණන් පැවසීමේ දී, 

තමා කැමති දෙයක් පිලිබදව හෝ අකමැති දෙයක් පිලිබදව තම රටේ පාලකයන් විසින් අනකල හොත් එයට සවන්දීම හා අවනතවීම මුස්ලීම්වරයෙකුගේ වගකීමකි. එහෙත් පාපයක් කරන ලෙස අනකරන්නේ නම් එයට අවනතවීම අවශ්‍ය නොවේ

දන්වන්නේ –  අබ්දුල්ලා බින් උමර් (රලි) තුමා

ග්‍රන්ථය – බුහාරි

මේ අනුව ඉස්ලාම් දහමට එරෙහිව යමක් අන නොකරන තාක් එම රාජ්‍ය පාලනයට අවනතව කටයුතු කිරීම සෑම මුස්ලීම්වරයෙකුටම අනිවාර්‍ය කාරණයක් බව ලාංකීය සමාජයේ මුස්ලීමවරැන් මෙන්ම අනිකුත් ප්‍රජාවද පැහැදිලිව අවබෝධ කරගත යුතු වේ.

මේ අනුව ජාතිවාදී හා ආගම්වාදී පටු සීමාවන් තුල මෙම මැතිවර්ණය ප්‍රථිපල කොටු නොකොට රටේ බහුතර අපේක්ෂාව වන ”විශ්වාසනීය වෙනසක් ඇති සුභ අනාගතයක්” සදහා ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස සමගියෙන් අත්වැල් බැද ඉදිරි පියවරයන් තබන්නට අධිශ්ඨාන කරගනිමු.

(සියල්ල හොදින් දන්නේ අල්ලාහ් පමණි)

 

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *