ජල සම්පත ඉස්ලාමීය විමසුමක්

0

අතීතයේ මානව ශිෂ්ඨාචාරයේ ඇරඹුම සිදුවන්නේ ද ‘ජලය‘ මූලික කරගෙනය. ගංගා ආශ්‍රත ප්‍රදේශ එනම්, ටයිග්‍රීස් සහ යුප්‍රටීස් ගංගා මූලිකව ඇරඹූ මෙසපොටේමියා ශිෂ්ඨාචාරය මෙයට එක් හොඳ නිදසුනකි. ශිෂ්ඨාචාරයක ඇරඹුමට මූලිකව වූ ඒ ජලය අද මානවයාගේ තර්ජනයට හේතුවක් වී ඇතැයි. මා මෙහි පැවසුවේ නම් එය පුදුමයට කාරණයක් විය නොහැක. මන්ද 2009 කල ගණනය කිරීමකට අනුව 2030 වන විට ලෝක ජල අවශ්‍යතාවය සැපයුමට වඩා 50% කින් අභිබවා යන බව පෙනීයන බැවිණි. එය පසුගිය මාර්තු22 ‘ලෝකජල දිනයට‘ යොදා තිබූ “ජල හිඟයට මුහුණ දීම” යන තේමාව මනාව කියාපායි. මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වන ජලය අවශ්‍ය ප්‍රමාණයෙන් මිනිසාට නොලැබීම තුල ගැටළු රාශියක් දිනෙන් දින ලොව තුල නිර්මාණය වෙමින් ඇත. මිහිතල මත මිලකල නොහැකි එකම සම්පත වන ජල සම්පත මිහිපිට සමස්ථ ජීවයේ ඉරණම තීන්දු කරන ප්‍රබල සාධකයකි. මිනිස් සිරුර තුල හයිඩ්‍රජන්(H) සහඔක්සිජන්(O)ලෙස එකට බැදී ශරීරයෙන් වැඩි කොටසක් ද මේ (H2O) ජලය වීම තුල මිනිසාට ඇති අනාගත අවදානම ද මෙයින් මනාව කියාපායි.

ආසන්න වශයෙන් පෘථිවියෙන් 71% ක් මේ ජලයෙන් පිරී ඇත. අප දිය, පැන්, වතුර, ජලය… යනාදී ලෙස හදුන්වන්නේ එහි ‘ද්‍රව‘ අවස්ථාව වූවත්, එහි අයිස්සහ, ජල වාෂ්පහෝහුමාලයයන්න ද ජලයේම විවිධ අවස්ථාවන්මය. මෙතරම් විශාල ජල කඳක් පෘථිවිය සතුව පැවතුනත් මිනිසා පරිභෝජනයට සුදුසු ජලය එයින් 0.67% ක් පමණක් බව මෙහි සටහන් කලයුතුම කාරණයකි. සූර්‍යග්‍රහ මණ්ඩලයේ ‘නිල් ග්‍රහයා‘ නම් විරුදාවලිය හිමි අප පෘථිවියට මේ තරම් විශාල ජල කඳක් ලැබුණේ කොහින්ද? මෙයයි අද මෙම ලිපිය තුලින් විමසා බලන්නේ. කවදත් විද්‍යාත්මක කරුණු ආගමික ඉගෙන්වීමන් හා සංසන්ධනාත්මකව බලන ‘යහමඟ‘ අඩවිය මේ විෂය ද විද්‍යාත්මක හා ආගමික දෘෂ්ඨියෙන් මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.

පෘථිවිය මත ඇති ‘ජලය‘ සම්බන්ධයෙන් විවිධ වූ මතවාද විවිධ කාලවල දක්නට ලැබුණි. නමුත් ජලය පිලිබදව වූ නූතන අනාවර්ණයන් විමසා බැලීමේ දී එහි ප්‍රධාන පැනයන් දෙකක් මතු වේ. එනම්, මේ ‘ජලය‘ මිහිතලය මතට ආවේ කොහින්ද ? කෙසේද? යන්නයි. නමුත් මේ පැනයන් තවදුරටත් වලංගු නොවේ. මන්ද ජලයේ ඉතිහාසය අප පෘථිවියට වඩා නැත… නැත… එය අප සූර්‍යයාටත් වඩා ඈත අතීතයට දිව යන බැවිණි. ‘ඔව්, ඔබ මෙය විශ්වාස නොකලත් ජලයේ ඉතිහාසය ඒ තරම්ම ම පැරණිය. මෑතක් වනතුරු පෘථිවියේ ඇති ‘ජලය‘ පිලිබදව විද්‍යාත්ඥයින් දැරූ ජනප්‍රිය මතවාදය වූයේ,

  • වසර බිල්ලියන 4.5 කට පමණ පෙර මේ පෘථිවිය ගිනි කඳුවලින් පිරුණු ග්‍රහයෙක් විය. එම ගිණිකදුවලින් පිටවූ ජලවාෂ්ප අවකාශයේ පිරී තිබූ අතර පෘථිවිය සිසිල් වීමත් සමඟ අවකාශයේ තිබූ ජලවාෂ්ප ඝනීභවනය වී වර්ෂාව ලෙස නැවත පෘථිවියෙහි පතිත වී පෘථිවිය මත ජලය නිර්මාණය වූ බව,
  • දැඩි උෂ්ණත්වයක් සහිතව පැවති පෘථිවිය මත විශ්වයේ ගමන් කරමින් තිබෙන ජලය පිරි උල්කාපාත, වල්ගාතරු ගැටී පෘථිවිය මතට මහා ජල කඳක් ලබාදෙන ලද අතර ඒ තුල එක සෛල ජීවියකු බිහි වී පසුකාලීනව පරිණාමයත් සමඟ අද දකින සියළු ජීවී කොට්ඨාශ එහි නිර්මාණය වූ බව,

නමුත් පෘථිවියේ ඇති ජලය සම්බන්ධයෙන් වූ නූතන විද්‍යාත්මක අනාවර්ණය මෙතෙක් පැවතී මතවාදයට වඩා සම්පූර්ණ වෙනස් වූ එකකි. එය මෙසේය,

  • එක්සත් ජනපදයේ මිචිගන් සරසවියේ කණ්ඩායමක් විසින් සිදු කල නවතම පරීක්ෂණයකප්‍රතිඵලය මගින් පෘතුවිය සතු ජලයෙන් 50% ක් පමණ වයස අපගේ සුර්යයාගේ වයසටවඩා වැඩි බව හෙළි වී තිබේ. මිචිගන් සරසවියේ මහාචාර්ය එල්. ඉසදෝර්ක්ලීව්ස් ( L. Ilsedore Cleeves ) විසින් මෙහෙයවන ලද කණ්ඩායමක් මගින් කලසොයාගැනීමකට අනුව අප සෞරග්‍රහ මණ්ඩලයේ පැතිර තිබෙන ජලයේ ආයුකාලය අප මෙතෙක් කල් සිතා සිටියාට වඩා බෙහෙවින් වැඩි බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටින්නේ අධි බල දුරේක්ෂ සහ සංඛ්‍යාත්මකශිල්පක්‍රම (numerical techniques) භාවිතා කරමින් එවන් තාරකා ආදිය අධ්‍යනයකරමින් ලබාගන්න තොරතුරු මත ග්‍රහලෝක උපත ලබන පරිසරය (මුල-ග්‍රහ තැටි) අපට හදුනාගත හැක. විශ්වයේ ඇති ඝනීභවනය වුන ජලය, එහෙම නැත්නම් අයිස් වල බොහෝදුරටඩ්යුටීරීයම් (Deuterium – හයිඩ්‍රජන් පරමාණුවේ එක්‌ න්යුට්‍රෝනයක් සහිතසමායවිකයක්) අඩංගු වෙනවා. මෙම ඩ්යුටීරීයම් අඩංගු ජලය බැර ජලය කියලහඳුන්වනවා. බැර ජලය සෞරග්‍රහ මණ්ඩලයේ අයිස්මය චන්ද්‍රයන්,වල්ගාතරු උල්කාආදී ජලය ඇති ඕනෑම ස්ථානයක හමුවෙනවා. මහාචාර්ය ක්ලීව්ස් සහ ඇයගේ කණ්ඩායම අපගේසෞරග්‍රහ මණ්ඩලය ඇති වන විට ඇතිවිය හැකි බැර ජලය ප්‍රමාණය ආදර්ශනය කලා.එහිදී ඔවුන්ට ලැබුන අගය ඔවුන් සිතුවාට වඩා අඩු අගයක් වුනා. එවිට ඔවුන්ට ඇතිවූ ගැටළුව වුයේ මේ තරම් ඩ්යුටීරීයම් අඩංගු ජල අණු ප්‍රමණයක් (බැර ජලය)ලැබුනේ කෙසේද යන්නයි. තරු අතර පවතින වායු මගින් ඩ්යුටීරීයම් අඩංගු ජල අණුසෞරග්‍රහ මණ්ඩලයට ලැබුනේද නැතහොත් මූල-ග්‍රහ තැටියේ සුන්බුන් මගින්ග්‍රහලෝක හටගැනීමේදී සිදුවූ රසායනික ප්‍රතික්‍රියා වල ප්‍රතිඵලයක් ලෙසඩ්යුටීරීයම් අඩංගු ජල අණු සෞරග්‍රහ මණ්ඩලයට ලැබුනේද යන්න දැනගැනීම සඳහාඔවුන් යොමු වුනා. එහිදී ඔවුන්ට ලැබුණු පිළිතුර වුයේ මුල-ග්‍රහ තැටි මගින් සැලකිය යුතුතරම් බැර ජලය ඇති නොවූ බවත් එම නිසා එය අප පෘතුවිය සහ සෞරග්‍රහ මණ්ඩලය සතුජලයේ මුලාශ්‍රය බව සැලකිය නොහැකි බවත් ය. මේ පිලිබඳ අදහස් දක්වන මහාචාර්යක්ලීව්ස් පවසා සිටින්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අයිස් ජලය ඇති වුයේ අපගේසූර්යයා ඇති වීමටත් පෙර තිබු ඉතා අඳුරු සහ ශීත වායුන් ඇසුරෙන් බවයි.

නූතන විද්‍යාඥයින් අද තාක්ෂණයේ ඉනිපෙත්තේ හිඳ ‘ජලයේ ඉතිහාසයත්‘ එය පෘථිවිය මත තැන්පත් වූ ආකාරයත් පිලිබදව ඉඟි පවසද්දී මීට වසර 1400 කට පෙර පහල වූ දිව්‍යමය වදන් මේ පිලිබදව කුමක් පවසනවාද?. යන්න මොහොතක් විමසා බලමු.

තවද, අහස් සහ මහපොළොව (විශ්වය) දින හයක් තුළ මැව්වේඔහු(අල්ලාහ්)ය-(ඊට පෙර) ඔහුගේ අර්ෂ්(පරමාසනය) ජලය මත තිබුණේය…

ශුද්ධ වූ කුර්ආනය 11-7

ඉහත 11-7 වාක්‍යයට අනුව එක් කාරණයක් පැහැදිලිය. එනම්, අහස පොළොව එනම් විශ්වය මැවීමටත් ප්‍රථම අල්ලාහ් (දෙවි) විසින් ‘ජලය‘ මවා තිබූ බවයි. මන්ද විශ්වය මැවීමට ප්‍රථම මවන ලද අර්ෂ් (හෙවත් සිංහාසනය) ඒ වනවිටත් ජලය මත තිබූ බව දෙවියන් පවසයි. මෙය ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයකට අමතරව මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන් (හදීසය)කින් ද අනාවර්ණය වේ. එනම්,

අතීතයේ (ආරම්භයේ) අල්ලාහ් (දෙවි) පමණක් සිටී අතර ඔහු හැර වෙන කිසිවක් නොතිබුණි. (පසුව මවන ලද) ‘අර්ෂ්‘ (සිංහාසනය) ජලය මත තිබුණි. අනතුරුව ‘ලව්හුල් මහ්ෆූල්‘ නම් පුස්තකය සියල්ල සටහන් තබන ලදී. අනතුරුව අහස හා පොළොව මවන ලදී

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත දිව්‍යමය අනාවර්ණය අනුව ‘ජලය‘ යන්න මේ විශ්වයේ මැවීමටත් පෙර සිදුකරන ලද මූල්ම මැවීමන් කිහිපය අතර ප්‍රධාන එකක් බව පැහැදිලිය. තවත් සරලව පවසනවා නම්, දෙවියන් මුලින්ම මවන ලද්දේ ‘අර්ෂ් (සිංහාසනය)‘ ද? ජලය ද? නිශ්චය නොවූවත් දෙවියන් විසින් කරන ලද ප්‍රථම මැවීමන් දෙක අතර ‘ජලය‘ ද එකක් වූ බව නම් පැහැදිලිය. එය පෘථිවිය, සූර්‍යයා, ක්ෂීරපථය නොව විශ්වය මැවීමට බොහෝ පෙර සිදුවු බව පහත ශුද්ධ වූ වාක්‍යය මඟින් ද පැහැදිලි වේ.

අල්ලාහ් (දෙවි) විශ්වය මැවීමට වසර 50,000 කට පෙර (සියළු) මැවීමන්ගේ ඉරණම (නොහොත් ‘දෛවය‘ ලව්හුල් මහ්ෆූල් නම් පුස්තකයේ) සටහන් තබන ලදී. එවිටත් ඔහුගේ සිංහාසනය ජලය මත පැවතුණි.

මූලාශ්‍ර ග්‍රන්ථය- මුස්ලීම්

ඉහත අල්කුර්ආන් වාක්‍යය හා හදීසයන් හොදින් අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වන්නේ අහස, පොළොව නිර්මාණය කිරීමට පෙර සිට ‘ජලය‘ යන්න නිර්මාණය වී පැවතී බවයි. ආගමික ඉගෙන්වීමන් කෙරෙහි විශ්වාසයක් හා ආගමික විනයක් පවතින සමාජයකට මෙම අනාවර්ණයන් ප්‍රබල සාධක වූවත්, විද්‍යාව තුල කොටුව අදේවවාදයේ සරණ යන සමාජයට නම් මෙය තවම එතරම් ප්‍රබල සාධක විය නොහැක. මේ හේතුව නිසාම මේ විෂය පිලිබදව තවත් නූතන විද්‍යාත්මක අනාවර්ණයක් වෙත ඔබේ බුද්ධිමත් අවදානය යොමු කරන්නට අදහස් කරමි. එනම්,

  • ඇමරිකාවේ WHOI (Woods Hole Oceanographic Institution)හෙවත් සාගර ගවේෂණ ආයතනයට සම්බන්ධ ගවේෂක පිරිසක් පෘථිවිය මත පතිතව ඇති උල්කාපාතයන් හි ‘කාබන්‘ පරීක්ෂණ සිදු කරන ලදී. මන්ද මෙම උල්කාපාත සෞරග්‍රහ මණ්ඩලය බිහිවන කාලය තරම් ඉපැරණි එකක් වන බැවිණි. මීට අමතරව ‘වෙස්ටා‘(asteroid vesta) ලෙස හදුන්වන ක්ෂූද්‍ර ග්‍රහයන් සිට පෘථිවියට පතිත වූ උල්කාශ්මයන් හි ජලය සම්බන්ධ පරීක්ෂණයන් සිදුකරන ලදී. ඒ එම ක්ෂූද්‍ර ග්‍රහයන්ද පෘථිවිය බිහිවූ සමකාලීනව බිහිවූ ග්‍රහවස්තූන් වන බැවිණි. මෙලෙස පරීක්ෂා කිරීමේ දී ඔප්පූ වූයේ පෘථිවිය බිහිවන විටත් එහි ජලය (තෙතමනය) ද පැවතී බවයි. මේ පිලිබදව 2014/12/17 දින ඇමරිකාවේ පැවතී “භූ භෞතික සම්මේලනයේ“( American Geophysical Union ) දී ඉදිරිපත් කරන ලද ගවේෂණ වාර්ථාවේ සදහන් වේ.

එනම්, පෘථිවිය බිහිවන මොහොතේම ජලය ද භූගතව පැවතුණි. කාලයත් සමඟ භූ තල චලනය (Plate Movements) වීමේ දී එම භූගත ජලය පොළොව මතුපිට ට පැමිණ තැන්පත් වී සාගරයන් පොළොව මත නිර්මාණය වන ලදී. මීට වසර 480 පමණ අතීතයකට ගියේ නම් එවකට විද්‍යාඥයින් හට භූගත ජලය පිලිබදව පැහැදිලි මතවාදයක් නොතිබුණි (වැඩි විස්තර කියවන්න ‘භූගත ජලය‘) නමුත් අද ඔවුන් පෘථිවි අභ්‍යන්තර ඇති ජලය පිලිබදව ප්‍රබල මතවාද ඉදිරිපත් කරයි. කොතරම් විශාල ජල කඳක් පෘථිවි අභ්‍යන්තරයේ ගැබ්ව පවතිනවාද යන්න ඔවුන් පැහැදිලි කරයි. නමුත් මේ භූගත ජලය සම්බන්ධයෙන් වූ නූතන විද්‍යාත්මක අනාවර්ණයන් සිදුවීමට වසර 1400 කට පෙර මෙම අනාවර්ණය ශුද්ධ වු කුර්ආනය සිදුකරයි. ඒ ඊටත් වසර දහස් ගානකට පෙර මේ මිහිමත විසූ ජන සමූහයක් විනාශ කල ආකාරය එහි විස්තර කරමිනි. එනම්, මීට වසර 4200 කට පෙර විසූ (බයිබලයේ සදහන් – නෝවා හෙවත්) නූහ් නම් වක්තෘවරයාගේ ජන සමූහය අල්ලාහ් (දෙවි) ජල ගැල්මකින් විනාශ කල බවත්, එය සිදුකල ආකාරයත් ශුද්ධ වූ කුර්ආනය පහත ආකාරයට විස්තර කරයි. එනම්,

  • අපගේ අණ පැමිණ, ලිපෙන් වතුර ඉණූවිට සෑම (ජීවියකුගෙන්ම) දෙපාර්ශවයෙන් (ගැහැණු පිරිමි) දෙදෙනකු බැගින්ද ඔහු විශ්වාස නොකරන්නේ යැයි (අපගේ) වචනයපෙරටුව ගිය අය හැර, නුඹගේ පවුලද, තවද විශ්වාස කළ අයද නැවට ගොඩකරවා ගනුයිඅපි (නූහ්ට) කීවෙමු. තවද ඔහු සමඟ ටික දෙනකු මිස විශ්වාස නොකළහ.

ශුද්ධ වූ කුර්ආනය 11-40

ඉහත 11-40 වාක්‍යයෙහි ‘ලිපෙන්‘ (Oven) යන්නට අල්ලාහ් (දෙවි) භාවිතා කරන අරාබි වචනය ‘අත්තන්නූර්‘ යන්නයි. මෙම වචනයට ‘ලිප‘ යන අරුථය ඇත. නමුත් එම අරුථයට අමතරව ‘මතුපිට පෘෂ්ඨය‘ යන අරුථ ද ඇත. ඉස්ලාමීය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ විද්වතෙකු මෙන්ම මුහම්මද් (සල්) තුමාගේ සමකාලීන අනුගාමිකයෙක් වන ඉබුනු අබ්බාස් (රලි) තුමා ඉහත වාක්‍යයට අරුත් ලබාදීමේදී ‘මතුපිට පෘෂ්ඨය‘ යන්න ලබාදී ඇත. ඒ අනුව එම වාක්‍යය මෙසේ ද පරිවර්ථනය කල හැක. එනම්, “අපගේ අණ පැමිණ, (පෘථිවි) මතුපිට පෘෂ්ඨයෙන් වතුර (උඩට මතු වී) උතුරා…“ යනුවෙනි. මෙහිදී ඉහත වාක්‍යයට ‘ලිප‘ යන අරුථ ලබාදීම වැරදි යන්න මින් අදහස් නොවේ. මන්ද අල්ලාහ් (දෙවි) ලිපක් තුලින් වූවද ජල උල්පත් මතු කිරීමට බලසම්පන්න වන බැවිණි. මෙය තවත් කොණයකින් සිතුවේ නම්, අදටත් පෘථිවි සංයුතිය සැලකූවිට එහි අභ්‍යන්තරයේ ඇත්තේ “ලාවා“ නම් ගිනි පුපුරුය. ඊට මතුපිටින් ඇත්තේ දිය උල්පත්ය ඊටත් ඉහලින් ඇත්තේ සාගරයන්ය. මේ දිය දාරාවන් සියල්ල අභිබවා පොළොව මතුපිට හා මුහුදු පතුලේ “ලාවා“ ගලන්නේ නම්, භුගත ජලය ලිපක් තුලින් මතුවීම පමණක් සිදුවිය නොහැක්කක් උපකල්පනය කල නොහැක. එය කෙසේ වෙතත් එනම්, ඉහත ‘අත්තන්නූර්‘ යන්නට ‘ලිප‘ යන අරුථ දුන්නද, ‘මතුපිට පෘෂ්ඨය‘ යන අරුථ දුන්නද එයින් පෘථිවි අභ්‍යන්තරයෙන් (භූගත) ජලය මතු වූවා යන්නෙහි පරස්පරයක් ඇති නොවේ. එය ශුද්ධ වූ කුර්ආනය තවත් වාක්‍යයක් ඉතා පැහැදිලිව මෙසේ අනාවර්ණය කරයි. එනම්,

  • එහෙයින් අපි ධාරානිපාත වැසි සහිතව අහසේ දොරටු විවෘත කළෙමු. තවද මහපොළොව පලා උල්පත් ඇති කළෙමු. එවිට පෙර නියමය පරිදි ජලය එකතු විය.

ශුද්ධ වූ කුර්ආනය 54-11 හා 12

නූතන විද්‍යාත්මක අනාවර්ණය අනුව පෘථිවිය හා සූර්‍යයා නිර්මාණය වීමටත්, ප්‍රථම නිර්මාණය වූ ජලය පෘථිවි අභ්‍යන්තරයේ මෙතරම් විශාල ප්‍රමාණයකින් කෙසේ තැන්පත් වූවාද?. යන්න බුද්ධිමත් සමාජය විමසා බැලිය යුතු විශ්මිත කාරණයකි. එපමණක් නොව අප දකින සාගරවලට වඩා විශාල ජල කඳක් මේ පෘථිවි අභ්‍යන්තරයේ භූගත ජලය ලෙස රුදී තිබෙන බව ද අප අමතක නොකලයුතු කාරණයකි. එදා මුළු පෘථිවියම ගිලීයන ලෙස මතුව ආ ඒ භූගත ජල කඳ නැවතත් පෘථිවිය අභ්‍යන්තයේ තැන්පත්ව ඇති බවද අප අමතක නොකල යුතුය. එය ශුද්ධ වූ කුර්ආනය මෙසේ පවසයි.

මහපෙළොව! ජලය ගිල ගනු. අහස්කුස! වැසි නතර කරනුයි (අල්ලාහ් විසින්) අණ කරනලදී. (මේ අනුව) ජලය (මහපොළොවට) ගිලා බැස්සේය. තවද, ආඥාව ක්‍රියාත්මක විය.එසේම නැව ජූදි කන්ද මත රැඳුණි. (එවිට) අපරාධකාරයෝ විනාශ වී ගියහයි කියනලදී.

ශුද්ධ වූ කුර්ආනය 11-44

මේ සියල්ලටම වඩා 21 වන සියවසයේ විද්‍යාව ඉතා අපහසුවෙන් තෝරා බේරා ගන්නා මෙම කරුණු මීට වසර 1400 කට පෙර ඉතා සරලව හා පැහැදිලිව ශුද්ධ වූ කුර්ආනය පවසන්නේ කෙසේද? යන්න වර්ථමාන බුද්ධිමත් සමාජය නැවත නැවතත් විමසා බැලිය යුතුව ඇත. එසේම අවසාන වශයෙන් නූතන විද්‍යාඥයින් 2030 වර්ෂය වන විට ලොවපුරා ඇති වන ජල හිඟ අවදානමත්, ශුද්ධ වූ කුර්ආනය 67-30 වාක්‍යය තුලින් ජලය මඟින් කරන පහත අනතුරු ඇඟවීමක් ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මේ ලිපිය අවසන් කරමි. එනම්,

ඔබලාගේ ජලය (හදිසියේම එක් දවසකදී) භූමිය (තුලට ඇදී එය) සිඳී ගියහොත්, පසුව ජලයෙහි (වෙනත්) උල්පතක් ඔබට ගෙන එන්නාකවුරුන්දැයි අවධානය කළෙහුද?

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *