ජාත්‍යන්තරය තුල කාන්තාව එදා සහ අද

3

කාන්තාව සම්බන්ධයෙන් ලෝකයා දැක් වු ප‍්‍රතිචාරයන් විවිධ කාලවල දී විවිධ මුහුණුවර ගෙන ඇත. එහිදී ඇයගේ අයිතීන් වෙනුවෙන් ඇය දැක්වු සක‍්‍රිය ක‍්‍රියා පිලිවෙත විශේෂයෙන් සදහන් කලයුතුය. මෙම කාන්තා අයිතිය පිලිබදව ඇයගේ සක‍්‍රිය අවදානය යොමු කාල වකවානුව පිලිබදව ඉතිහාසය කථා කරන්නේ නම්, එය වසර ගනනාවක් අතීතයට දිවයයි. එහි ආරම්භයට නිශ්චිත තැනක් මායිම් කර දැක්විය නොහැකි වුවත්, ලොව තුල පිඹීදීමන් හා සලකුණු කල සිදුවීමන් හා අවස්ථාවන් ඉතිහාසයේ පැහැදිලිව සදහන්ව ඇත. එවැනි ඉතිහාසගත කාන්තා භූමිකාව පිලිබදව වර්ථමාන කාන්තාවට කිසිදු අවබෝධයක් නැතිවීමත්, සිතාමතාම එම ඉතිහාසය ඇයගෙන් වසන් කිරීමත් තුල ඇයට බලවත් අසාධාරණයක් සමාජය සිදුකොට ඇත. එවැනි පසුබිමක් තුල කාන්තාව ඇයගේ ශුද්ධ වු අරමුණුවලින් බැහැරව සම අයිතිය, ගර්භාෂ නිදහස… වැනි ඇයගේ ප‍්‍රතිරූපයන් බිද දමන තේමාපාටයන් පෙරදැරිව විමුක්තිකාමි යයි පවසමින් විවිධ අරඟලයන් හි නිරතව සිටී. මෙවන් මොහතක කාන්තා විමුක්ති සංවිධානවල ආරම්භය එහි අරමුණ හා එය බිහිවීමේ ඉතිහාසය පිලිබදව කාන්තා සමාජය දැන සිටීම මෙම මාතෘකාව වඩාත් හොදින් අවබෝධ කරගැනීමට උපාකාර වනු ඇත.

කාන්තා විමුක්ති සංවිධානයන් බිහිවීමේ ඉතිහාසය

මෙම කාන්තා විමුක්ති සංවිධානයන් රටින් රටට විවිධ අරමුණු පෙරදැරිව බිහිවිය. ඔවුන්ගේ ඉල්ලිම් ද විවිධ විය එසේම ඔවුන් අරගලයන් තුලින් දිනාගත් අයිතීන්ද රටින් රටට විවිද විය. මේ නිසා එවැනි රටවල් කිහිපයක කාන්තා සංවිධානයෙහි ක‍්‍රියාකාරීත්වය හා ඔවුන්ගේ අරගලයන් ක‍්‍රියාත්මක වූ ආකාරයත් ඒ තුලින් ඔවුන් දිනාගත් අයිතීන් පිලිබදවත් කෙටි අවදානයක් යොමු කලේනම්,

ජාත්‍යන්තර අවධානය ලොව බලගතු එසේම කාන්තා හිංසනය හා අයිතිය වෙනුවෙන් කිඹුල් කදුඑ සලන රාජ්‍යයන් කිහිපයක් පෙරදැරි කරගෙන අවදානය යොමු කලේ නම්, පසුගිය සියවස් දෙකට පෙර සිටම බ්‍ර්තාන්‍ය තුල කාන්තා විමුක්ති හා අයිතීන් ඉල්ලා උද්ඝෝශණ ව්‍යාපාරයන් ක‍්‍රියාත්මක විය. ඔවුන්ගේ ප‍්‍රධානම ඉල්ලීම් වුයේ ද “කාන්තාව යනු ලිංගික කෙලි භාණ්ඩයක්” ලෙස සලකා සමාජ, ආර්ථික, දේශපාලන තත්වයන් හි ඔවුන්ව ප්‍රතික්ෂේප නොකරන ලෙසයි. මේ ආකාරයේ පහත් තැනකට කාන්තාව ඇද දමා ඔවුන්ට සිදුකරන අසාධාරණයට හා අපරාධයට එරෙහිව ඔවුන් නැගී සිටින ලදී. කාන්තා පිරිමි දෙපාර්ශවයම සමයි පිරිමින්ට සේම කාන්තාවන්ටත් සමාජීය ආර්ථික හා දේශපාලන අයිතිය හිමි වියයුතු යන්නත් ඒ සදහා අවශ්‍ය නීතිමය ආරක්‍ෂාව සැලසිය යුතු යන්නත් ඔවුන්ගේ තවත් ඉල්ලීමකි. මේ අරමුණු පෙරදැරිව තමා බි‍්‍රතාන්‍ය තුල කාන්තා සංවිධාන බිහිවුයේ,

බි‍්‍රතාන්‍ය – මෙම අරමුණ ජනතාව ඉදිරියට විශේෂයෙන් කාන්තාව හමුවට ගෙනයාමට මූලිකත්වය ගෙන කටයුතු කලේ වර්ෂ 1792 (එනම් මීට වසර 215 කට පෙර) දී මේරි වූල්ස්ටෝන් ක‍්‍රබට් නැමැති කාන්තාවයි. එම අරඟලයේ දී “කාන්තා අයිතීන් සුරකීමේ විප්ලවය” Vindication of the Rights of Women)යනුවෙන් ප‍්‍රකාශනයක් ද නිකුත් කරන ලදී.

ඊට පසු 1903 දී කාන්තා දේශපාලන සංවිධානයක් කාන්තාවට ඡන්ද අයිතිය අවශ්‍ය බව පවසමින් එමලින් පාංගියුස්ට් (Emmeline Pankhurst) නැමැති කාන්තාවගේ ප‍්‍රධානත්වයෙන් “කාන්තා සමාජ හා දේශපාලන සංගමය” (Women’s Social and Political Union – WSPU) නැමැති සංවිධානය ආරම්භ විය. මෙම සංගමයේ කාන්තාවන් වයස් භේදයකින් තොරව සාමාජිකත්වය ලබා ගන්නා ලදී. මෙසේ තම අයිතීන් වෙනුවෙන් කටයුතු කල එම කාන්තාවන් එවකට පාලකයන් විසින් සිරගත කරන ලදී. එම කාන්තාවන් රැස්වන ගොඩනැගිල්ල පවා රජය විසින් මූද්‍ර තබන ලදි. රජයේ මෙම ක‍්‍රියාදාමයට එරෙහිව එම කාන්තා සංවිධාන සාමාජිකයන් රටේ පාර්ලිමෙන්තුව වටකරගත් අවස්ථාවක ඔවුනට දැඩි ලෙස වද හිංසා පමුණු වන ලදී. මෙසේ විවිධ අරගල මධ්‍යයේ කාලය ගතවෙද්දි වර්ෂ 1914 දී පලමු ලෝක යුධ ආරම්භ විය. මේ මොහොතේ එම කාන්තා සංවිධානයන් යුධ අවස්ථාවක රටට කාන්තාවගේ ශ‍්‍රම දායකත්වය අවශ්‍ය යන පදනමෙන් තම උද්ඝෝෂණයන් පසෙකලා යුධ කටයුතුවලට අවශ්‍ය සහය දක්වන ලදී. මේ හේතුව නිසා රජය මගින් එම කාන්තා සංවිධානයන්ට එල්ල වු විරුද්ධත්වයන් යහපත් දිශාවකට යොමු වීමටත් ඉන් තමන්ට වාසි සහගත ලෙස රජය පොළොඹවා ගැනීමටත් ඔවුනට හැකි විය. මොවුන්ගේ අඛන්ඩ උද්ඝෝෂණයන් මගින් 1918 දී වයස අවුරුදු 30 ට වැඩි කාන්තාවන්ට ප‍්‍රථම වතාවට ඡ න්ද වරම හිමි වු අතර 1928 දී ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවම වයස වශයෙන් වයස අවුරුදු 21 ක දක්වා අඩුකර ගැනීමට ඔවුනට හැකි විය.

බි‍්‍රතාන්‍ය අදටත් කාන්තාවක් වන එලිසබෙත් පවුලෙන් පාලනය කරනු ලබන රටක් යන්න කව්රුත් හොදින් දන්නා කාරණයකි. කාන්තාවක් පාලනය කරන රටකම කාන්තාවට ඡන්ද අයිතිය ලබාගන්නට සියවස් 2 ක් ගත වී ඇත යන්න කොතරම් කනගාටුදායක කාරණයක්ද?. මොවුන් තමා වර්ථමානයේ කාන්තා අයිතිය පිලිබදව ලොවට හඩ නගමින් මුස්ලීම ලෝකයට ඇඟලි දිගු කරන්නේ.

ඇමෙරිකාව – ඇමෙරිකාව කෙරෙහි අවදානය යොමු කලේ නම් ඇමරිකාවේ කාන්තා සංවිධානයක් ප‍්‍රථමයෙන්ම ආරම්භ වන්නේ 1848 දි එලිසබෙත් කේඩි ස්ටෙන්ටන් නැමැති කාන්තාවකගේ ප‍්‍රධානත්වයෙනි. 1848 දී ප‍්‍රථම වතාවට රැස්වු මෙම සංගමය නීග්‍රෝ වහල්ලූන් (අදටත් මොවුන් ඇමරිකාවේ බොහෝ ප‍්‍රදේශවල වහල්ලූන් ලෙස ජීවත් වේ) නිදහස් කිරීමේ ඉල්ලීමක් ප‍්‍රමුඛ කරගෙන කාන්තා නිදහස හා කාන්තා අයිතීන් සුරැකීමේ ප‍්‍රඥප්තියක් එලිදක්වන ලදී. ඉන්පසු 1850 දී ලූසී ස්ටෝන් Lusee Ston නැමැති කාන්තාවගේ ප‍්‍රධානත්වයෙන් ජාතික කාන්තා අයිතීන් සුරැකීමේ සම්මේලනයක් පවත්වන ලදී. ඉන්පසු ඉහත කාන්තා සංවිධාන දෙකම එක්වී ශූසෙන් බී අන්තොනී Shusen B Antone නැමැති කාන්තාවගේ නායකත්වය යටතේ “කාන්තා දේශාභිමාණි සංගමය” ආරම්භ කරන ලදී. 1878 දී කාන්තාවන්ට ඡන්ද අයිතිය අවශ්‍ය බව පවසමින් එය නීතිගත කරන ලෙස රජයෙන් ඉල්ලීම් කරන ලදී. මෙම කාන්තා විප්ලවයන් හි ප‍්‍රථීපලයක් ලෙස ඇමරිකාවේ ඇති ප‍්‍රාන්ත අතුරින් වියෝමිං ප‍්‍රාන්තය ප‍්‍රථම වතාවට 1890 දී කාන්තාවට ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය ලබා දෙන ලදී. ඉන් අනතුරුව තවත් ප‍්‍රාන්ත කිහිපයක එම ආයිතිය කාන්තාවට හිමිවිය. නමුත් මෙම ඡන්ද අයිතිය ප‍්‍රාන්ත කිහිපයකට සීමා වු නිසා “ඇමරිකානු ජාතික කාන්තා ඡන්ද අයිතීන් සංගමය” නමින් සංගමයක් 1900 දී ගෙරී ජෙප්මෙන් කාට් නැමැති කාන්තාවගේ නායකත්වයෙන් අරම්භ කරන ලදී. මෙම සංගමය කල බොහෝ උද්ඝෝෂනයන්, රැස්වීමන්, සම්මේලනයන් එවකට ඇමරිකානු සමාජයේ උගත් කාන්තාවන්ගේ හා ඉහල පැලැන්තිවල කාන්තාවන්ගේ දැඩි අවදානයට ලක්වීය. එසේම සර්ව කාලීන දේශපාලන මෙහෙයන් ඉටුකිරීමටත්, සංගමයේ ඉදිරි කටයුතු සදහා විශාල අරමුදලක් තරකර ගැනීමටත් මෙම සංගමය සමත් විය. මේ නිසා මෙම සංගමයේ ප‍්‍රචාරන කටයුතු රටේ සෑම ප‍්‍රදේශයක්ම ආවර්ණය වන ආකාරයට සිදුවිය. අවසානයේ ශූසෙන් විසින් ගෙන එන ලද කාන්තා අයිතීන් ඉල්ලීමේ ප‍්‍රකාශනය 19 වන නීතිය යන නමින් 1920 දී ඇමරිකානු පාර්ලිමෙන්තුව විසින් අනුමත කරන ලදී. ඒ අනුව සමස්ථ ඇමරිකානු කාන්තාවන්ටම ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය හිමිවිය. කාන්තා අයිතීන් වෙනුවෙන් ප‍්‍රථම වතාවට අනුමත කල මෙම නීතිය 1920 සිට 1960 දක්වා තවත් බොහෝ කාන්තා අයිතීන් සුරකීමේ සංවිධානයන් බිහිවීමට හේතු කාරණා විය. මෙසේ බිහිවු සංගම් අතුරින් වැදගත්ම සංගමයන් ලෙස 1920 දී බිහි වු “කාන්තා ඡන්දලාභින්ගේ සංගමය” League of Women Voters හා 1935 දී බිහි වු “ජාතික නීග්‍රෝ කාන්තා කෞන්සලය” National Council of Negro Women සදහන් කල හැක.

ඉහත සංගමයන් හා සංවිධානයන් කාන්තාව සම්බන්ධයෙන් වු විවිධ ඉල්ලීමන් එනම් කාන්තා/පිරිමි සම අයිතිය හා නිදහස යනදී තේමාවන් පෙරදැරි කරගෙන රට තුල ප‍්‍රචාරණයන් හා උද්ඝෝෂණ ව්‍යාපාරයන් දියත් කරන ලදී. විශේෂයෙන් 1923 දී “ජාතික කාන්තා සංගමය” කාන්තාවන්ට, පිරිමින් හා සම අයිතිය දැඩිව ඉල්ලා සිටින ලදී. නමුත් රටේ පාලකයන් වසර 50 ක පමණ කාලයක් තිස්සේ මෙම ඉල්ලීම කුණු කූඩයට දමා තිබුණි. මේ ආකාරයට කාන්තා සංවිධානයන් ජාත්‍යන්තර මට්ටමින් සක‍්‍රිය වනවාත් සමගම මේ විෂය කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවදානය ද යොමු විය. ඒ අනුව 1945 දී පැවැත් වු එක්සත් ජාතීන්ගේ සංගමයේ කාන්තා අයිතිය හා කාන්තා හා පිරිමි සම අයිතිය පිලිබදව එහි ආරම්භක දේශනයෙන් හුවාදක්වන ලදී. පසුව 1948 දී කාන්තාවන් සම්බන්ධයෙන් ගතයුතු තීරණයන් පිලිබදව සොයා බැලීමට හා අධ්‍යනය කිරීමට කොමිසමක් පත්කරන ලදී. එහි ප‍්‍රථිපලයක් ලෙස 1952 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය “කාන්තා දේශපාලන අයිතිය” යන මැයෙන් සමුළුවක් පවා පවත්වන ලදී. නමුත් 1960 වන විට ඇමරිකාවේ කාන්තා සංවිධානයන් තරමක අන්තවාදී ක‍්‍රියා පිලිවෙතක් අනුගමනය කරන්නට විය. එයට ප‍්‍රධාන හේතුව වුයේ එවකට කාන්තාව සම්බන්ධයෙන් ලියවී පල වු ලිපියන්ය. ඉන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • The Second Sex (1953) By Simone De Beauvoir
  • The Feminine Mystique (1963) By Betty Friedan
  • Sexual Politics (1969) By Kate Millet
  • The Female Eunuch (1970) By Gamaine Gree

මෙම ලිපියන් කාන්තා සංවිධානවලට දැඩි බලපෑමක් ඇත කරවන්නට හේතුව වුයේ මේ වන විට මෙම කාන්තා සංවිධාන දේශපාලන අයිතිය දිනාගැනිමට වඩා සමාජ ගෞරවය දිනා ගැනිම කෙරෙහි වැඩි අවදානයක් යොමුව පැවතීමයි. එසේම මොවුන්ගේ තවත් අරමුණක් වුයේ කාන්තාවට එරෙහිව නිකුත් කරන ප‍්‍රකාශන හා සමාජය තුල කාන්තාව පිලිබදව තිබෙන මිත්‍යාවන් ඉවත් කර කාන්තාව කෙරෙහි ගෞරවණීය අවදානයක් දිනාගැනීමයි. මේ වෙනුවෙන් ක‍්‍රියා කල සංවිධාන අතුරින් ප‍්‍රධාන කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • National Organization for Women (NOW) ජාතික කාන්තා සංවිධානය
  • National Women’s Political Caucus – 1971 ජාතික කාන්තා දේශපාලන සංවිධානය

යන සංවිධාන සදහන් කල හැක. ඉන් පසු 1973 දී,

  • The Equal Rights Amendment Ratification Coun ඇදුම් සම අයිතිය නීතිගත කිරීමේ හා ක‍්‍රියාවට නැගීමේ කෞන්සලය
  • Coalition of Labour Union Women කාන්තා සමුහ සේවක සංගමය

යනාදී සංගම් ද බිහිවිය. National Organization for Women (NOW) යන සංගමය පැවැත්තු රැලි හා උද්ඝෝෂණ හේතුවෙන් “කාන්තා සම අයිති” නීතිය 1971 ඇමරිකානු ප‍්‍රාන්ත සභාවත් 1972 දී ඇමරිකානු රාජ්‍ය සභාවත් පිලිගැනීමට එකගවිය. නමුත් 1982 ජූනි 30 දින මෙම නීතිය සදහා පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් සිදුකල අතර එහි දී ඡන්ද 38 ක් ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම නීතිය පාරාජයට පත්විය. ඉන් පසුවද මෙම නීතිය නීතිගත කිරීමට ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක විය.

මේ ඔබ දුටුවේ ලෝක බලවතුන් මෙන්ම ලොවටම නීතිය උගන්වන්න හදන ඇමරිකාව තුල මීට වසර දහස් ගනනකට පෙර නොව මීට වසර කිහිපයකට පෙර කාන්තාවට අත්වින්ද ඉරණමයි. මොවුන් තමා අද “අප කාන්තාවන්ගේ ආරක්‍ෂකයන්” යයි පවසාගෙන කාන්තා අයිතීන් වෙනුවෙන් කිඹුල් කදුළු සලන්නේ.

පසු විපරම…

මේ ආකාරයට කාන්තා අයීතීන් සුරැකීමේ සංවිධානයන් හරහා කාන්තාව පසුගිය සියවස් හි කුමන අයිතීන් වෙනුවෙන් සටන් ඇරඹුවේද?. එනම් ඇයත් පණ ඇති. හැඟීම් දැණිම ඇති, මනුෂ්‍ය ගනයට අයත්, පිරිමින් හා සම අයිතිය සමාජය තුලත්, දේශපාලනය තුලත්, හිමවිය යුතු බවටත් තමන්ට ලිවීමේ, කථාකිරීමේ, දේපල අයිතිය යනාදී සමාජ අයිතීන් සියල්ල හිමවිය යුතු බවටත් පවසමින් සටන් අරඹා අද වනවිට ඔවුන් කිසියම් ආකාරයක ජයග‍්‍රහණයන් දිනාගෙන සිටියද අදටත් තවත් බොහෝ රටවල් එම අයිතීන් ඔවුනට පූර්ණ වශයෙන් ලබා දී නැත යන්න ද මෙහි සදහන් කලයුතුමය.

එසේම යහපත් අරමුණු පෙරදැරිව ඇරඹු මෙම කාන්තා අයිතින් සුරකීමේ ක‍්‍රියාවලිය අද වන විට ඉතා සංවීධානාත්මකව එහි සටන් පාඨයන් වෙනස් කරමන් මෙම කාන්තාවන් නොමඟ යවා ඇත. කාන්තාවගේ අඩනිරුවත් ඇදුම් ඇදීමත්, වේදිකාවල අන්පිරිමීන්ට ආකර්ශණීයව හැසිරීමත්, පිරිමින්ගේ ආකර්ශණය දිනාගත් ප‍්‍රදර්ශන භාණ්ඩයක්වීමත් වර්ථමානයේ කාන්තා නිදහස බවට පරිවර්ථනය කර සමාජගත කොට ඇත. ස්වභාවයෙන්ම සංවේදී වු මේ කාන්තාව තමන් නොදැනම පිරිමින්ගේ ආකර්ශණීය වදන්වලටත් සිතුවිලිවලටත් කාන්තා නිදහස නමින් බිලිවෙමින් සිටී. සැබෑ කාන්තා නිදහස අමතක වු මොවුන් පිරිමි සමාජය සතුටු කරවන “බෝනික්කන්” තත්වයට අද පත්ව සිටී. විශේෂයෙන් මෙහි දී මුස්ලීම් කාන්තාවන් තම ශරීර අලංකාරය පිටතට නොපෙනෙන සේ වස්ත‍්‍රයකින් වසා සිටීමත් (ෆර්දාව), සමාජයේ පිරිමින්ගේ කාමුක බැල්මන්ගෙන් ඉවත්ව හා දුරස්ව සිටීමත්, බොලද ආකර්ශණීය වදන්වලට හසු නොවී ගෞරවාන්විතව තමන්ටම සුවිශේෂ වු ආකාරයට ජීවත්වීමත් මුස්ලීම් කාන්තාවන් වහලූන් ලෙස පවත්වාගෙන යන බවට ඉහත බොලද කාන්තා අයිතීන් සුරකින සංවිධානයන් හඩඟන තැනට ඔවුන් පත්ව ඇත. තමන් ආරම්භයේ සමාජය ඉදිරියේ තැබු සටන් පාඨයන්ගෙන් බැහැරවී කාන්තා විරෝධි කුමන්ත‍්‍රණවලට හසුවී තම අරමුණුවලට යනවා වෙනුවට පිරිමීන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරවමින් හා ඒ වෙනුවෙන්ම කටයුතු කරමින් සිටී. මාගේ මෙම ප්‍රකාශය තවදුරටත් තහවුරු වන්නේ වසර 30 ක පමණ කාලයක් මුළුල්ලේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඩක් නගන ග්‍රීර් Germaine Greer නැමැත්තිය පැවැත්වූ සංවාදයයි. එනම්,

1970 වේ සිට කාන්තාවගේ නිදහස වෙනුවෙන් සටන් කරමින් සිටින ජෙර්මන් ග්‍රීර් නැමැති කාන්තාව 1999 මාර්තු 07 දින ලන්ඩනයේ පැවැත් වු ලෝක කාන්තා සම්මේලනයට සහභාගි වෙමින් එහි දේශනයක දී පවසා සිටියේ “තවම කාන්තාව වහල්භාවයෙනුත්, පිරිමින්ගේ හිංසනයන්ගෙන් හා අනවශ්‍ය අතපෙවීමන්වලිනුත් මිදුනේ නැත. අද පවුල් ජීවිතයේ කාන්තාව ස්වාමියා විසින් හිංසාකාරීව පවත්වමින් සිටී. නිවසේම ඔවුන්ව කිසිවකටත් එරෙහිවීමට නොහැකි ආකාරයට අසරණ තත්වයට පත්කොට ඇත. එසේම බාහිර ලෝකයේ ඔවුන් පිරිමින්ගේ කෲර ආශාවන්ටත් විනෝදකාමී ක‍්‍රියාවන්ටත් විනෝද භාණ්ඩයක තත්වයට පත්ව තිබේ. තවද වෙළද භාණ්ඩ අලෙවි කරණයේ ප‍්‍රදර්ශන භාණ්ඩයක් තත්වයට ද පත්කර තිබේ.” යයි පවසන ලදී.

ඇය විසින් රචිත ග‍්‍රන්ථයක් වන The Whole Women හි ඇය පවසා සිටින්නේ “ප‍්‍රථමයෙන්ම අප ආරම්භ කල ‘පිරිමියාට කාන්තාව සමයි’ යන විප්ලවිය තේමාව අද වන විට පරාජය අත්විද ඇත. එපමණක් නොවේ එය කාන්තාව නොයෙක් ආකාරයේ දරුණූ ඉරණමයන්ටද යොමු කොට ඇත” යනුවෙනි. ඕස්ටේ‍්‍රලියාවේ උපන් ඇය බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාලයක සේවය කරන අතර ඉහත අදහස් දැක්වීම සිදුකලේ ආරාබි දේශයේ හිද නොව. “කාන්තා අයිතිය වෙනුවෙන් හඩ නගන ඉස්ලාමිය කාන්තා නිදහස හා ඉස්ලාමීය ආගමික නීති රීතිවලට එරෙහිව සටන්වදින ත්ස්ලීමා නස්රීන්වරුන් වෙනුවෙන් හඩ නැගීමට සිටින්නෙමු” යයි පවසාගන්නා ලෝව දියුණුම සමාජය යයි පවසා ගන්නා බ්‍රිතාන්‍යයේ සිටය. මෙම ප‍්‍රකාශය මඟින් කාන්තාවද ලොව හිමි තැන මනාව පිළිඹිබු කරන අතර කාන්තාව වෙනුවෙන් කිඹුල් කඳුළු සලන පිරිසගේ වෙස්මූහුණු ද මින් ගැලවෙනවා නොවේද?

මේ ආකාරයට වෙස්මූණු පැලද කාන්තා හිංසනය හා අයිතිය වෙනුවෙන් හඩනගන බොහෝ රටවල කාන්තාවගේ ඉරණම පෙළ ගැසිය හැක. නමුත් නියදියක් ලෙස අවබෝධය සදහා ලොව බලගතු ලොවටම වැදි බණ දෙසන රාජ්‍ය දෙකක කාන්තාවට අත්ව තිබෙන ඉරණම අවබෝධ කර ගැනීම මගින් අනිකුත් රටවල කාන්තාවගේ ඉරණම අවබෝධ කරගැනිම අපහසු නොවනු ඇත යන්න මාගේ විශ්වාසයයි. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ කාන්තාව දීර්ඝ කාලීනව කල උද්ඝෝශණ, ජනරැලි, පෙලපාලී… යනාදී ක‍්‍රියාමාර්ගයන් තුලින් අද ඇය දිනාගත් එකම අයිතිය “ලෝක කාන්තා දිනය” නම් කාන්තාවන් සදහා වු ජාත්‍යන්තර එක් දිනයක් යන්න පමණි. වසරේ දින 365න් ඇය වෙනුවෙන් එක් දිනයක් නම් කිරීම තුල යම් ආකාරයක ඇයට අසාධාරණයක් වී ඇති බව බොහෝ කාන්තාවන් අවබෝධ කර නොගනී. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට ඇය වෙනුවෙන් වෙන්කල එම දිනයම හොදම සාක්‍ෂියයි. එනම් ඇය වෙනුවෙන් වෙන්කල එම දිනයෙ පවා තවමත් ඇය උද්ඝෝශණය කරනවා යන්න ඇයට නිදහස නොලැබුනා යන්නට හොදම සාක්‍ෂිය නොවේද?

ඉදිරියට කියවන්න

මෙම ලිපියේ මුල් කොටස

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 3 යි.

  1. kelum 2012-04-28 at 08:02

    කුරානයේ මුහම්මද් ගේ අල්ලා දෙවියන් අත්අඩංගුවේ සිටින ගැහැනුන් දූෂණය කිරීම නිත්‍යානුකූල කර ඇත. එනම් ඊනියා “දකුනු අතට අයිති” ගැහැනුන් දූෂණය කිරීම, ඔවුන් ඉන් ‍පෙර විවාහයට පත් අය වුවත්, වලංගුවන බවයි.

    කුරානය 4:24. විවාහවූ ස්ත්‍රීන් ඔබට තහනම් වුවත්, ඔබගේ දකුණු අතට අයිති (යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන්) විවාහකයන් වුවත් ඔවුන් සමඟ ලිංඟිකව හැසිරීමේ තහනම් නොවේ.

    කුරානය 33.50. “ ඕ මුහම්මද්, අප ඔබට දෑවැද්දක් දී විවාහ වූ ගැහැණුන් නිත්‍යානුකූල කර ඇත්තෙමු. එ‍මෙන්ම ඔබගේ දකුණු අතට අයිති යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන් ‍ගෙන් ඔබට දුන්අයද නිත්‍යානුකූල ‍වෙති.

    කුරානය 4.3. … ඔබට ප්‍රිය මනාප ස්ත්‍රීන් සමඟ විවාහ වන්න, දෙ‍දෙ‍නෙකු, තුන් ‍දෙනකු හෝ හතර ‍දෙනකු සමඟ. … හෝ ඔබගේ දකුණු අතට අයිති යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන් සමඟ….. 5. මුහම්මද් ඔබ සියලු දෙනා දික්කසාද කළේ නම්, ඔබ සියල්ලන් වෙනුවට ඔහුගේ දෙවියන් ඔහුට වඩා හොඳ භාර්යාවන් ලබා දෙනු ඇත. එම භාර්යාවන් මුස්ලිම් (අල්ලාට යටහත්), විස්වාශයෙන් යුතු, අල්ලාට කීකරු, පසුතැවිල්ලෙන් අල්ලා දෙසට හැරෙන, අවංකවම අල්ලා දෙවියන්යදින හා උපවාස කරන අය හෝ මුහම්මද් සමඟ මක්කා නගරයෙන් (අල්ලා දෙවියන් උදෙසා) පිටවූ අය වන අතර ඔවුන් කලින් විවාහ වූ සහා කන්‍යාවන් වනු ඇත. (කුරානය: 66. 1 සිට 5 දක්වා)

  2. Gambler 2012-03-27 at 13:06

    Pleainsg to find someone who can think like that

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *