ජාතිවාදය යලි හිසඔසවයි !

0

විශ්වාසවන්තයණි!, අල්ලාහ් (දෙවි)ට අවනත වී, සාධාර්ණය වෙනුවෙන් සාක්ෂිකරුවන් වන්න!, එක් සමාජයක් කෙරෙහි පවතින නොසතුට, නුඹලා (ඔවුන් හට) සාධාර්ණයක් නොකරන්න උනන්දු නොකරත්වා!, සාධාර්ණ වන්න!, එය තමා දේව අවනැතියට ඉතා සමීප (ක්‍රමවේදය) වන්නේ. අල්ලාහ් (දෙවි)ට බියවන්න!, අල්ලාහ් (දෙවි) නුඹලා කරන සියල්ල හොදින් දන්නේය (ශුද්ධ වූ කුර්ආනය 5-8)… යන මෙම ශුද්ධ වූ වාක්‍යය පෙරදැරි කරගෙන අද ‘යහමඟ‘ අඩවිය තුලින් කථා කරන්නට යන්නේ යලිත් සක්‍රිය වෙමින් තිබෙන අප රටේ ජාතිවාදී ව්‍යාපාරයන් පිලිබදවය.

රටේ සුළු ජාතීන්ට එරෙහිව විශේෂයෙන් මුස්ලීම් ජනයාට එරෙහිව නන්දෙසින් නැඟී ආ ජාතිවාදී ව්‍යාපාරයන් පසුගිය දිනවල හිටී හැටියේ නිහඬවීම පිලිබදව බොහෝ පිරිසකට තිබුණේ විශ්මයක් මෙන්ම කුතුහලයකි. මේ නිහැඩියාව පිලිබදව ‘යහමඟ’ ට එදා පැහැදිලි මතවාදයක් පැවතුණි. එය මීට ඉහත මෙම අඩවිය තුල පලකල ‘කැසීනොව හා ජාතිමාමක නිහැඩියාව‘ නම් ලිපිය තුලින් පහත ආකාරයට ඉදිරිපත් කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. එනම්,

…ජාතිවාදී ව්‍යාපාරයන් ‘හිරු දුටු පිණි බිංඳු මෙන්’ හිටිහැටියේ නිහඬවීම පිලිබදව සමහරක් පිරිස් විශ්මිතව බලා සිටින අතර තවත් සමහරක් ඒ නිහඬියාව පිලිබදව විවිධ මතවාදයන් ඉදිරිපත් කරයි. මේ අතර සමහරක් නිවට දේශපාලඥයින් වත්මන් තත්වය සම්බන්ධයෙන් මහා උජාරුවෙන් හා ආඩම්භර ලීලාවෙන් පුරසාරම් දොඩවයි. ඒ කෙසේ වෙතත් මෙම වර්ථමාන තත්වය සම්බන්ධයෙන් ‘යහමඟ‘ ට ද අදහසක් ඇත. ඒ, ‘මෙය තාවකාලික විරාමයක් පමණි’ යන්නයි. ‘යහමඟ‘ අදහස අනුව එම ජාතිවාදී පිරිස් සක්‍රිය වන කාල විරාම Countdown (අවරෝහණ ක්‍රමයට ගණනය කිරීම්) මඟින් මෙලෙස ඉදිරිපත් කලහැක…

එහි අවරෝහන ගණනය කිරීමක් (Countdown) ද එම ලිපියට එක් කරමින් මා ඉහත අනාවැකි පලකලේ මේ නිහැඬියාව 2013 නොවැම්බර් 17 පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව නිමාව දක්වා පමණක් පවතිනු ඇති බවටය. එදා පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවත් සමඟ ජාත්‍යන්තර අවදානය අප රටට සෘජුවම යොමුව පැවතීම එම නිහැඩියාවට එකම හේතුව යන්න මාගේ දැඩි විශ්වාසයයි. එය එසේම නම් දැන් යලිත් ඊනියා මුස්ලීම් අන්තවාදය, ත්‍රස්ථවාදය, මූලධර්මවාදය…  පිලිබදව කථා කරන ජාතිවාදීන් සක්‍රීය වන කාලවකවානුව වැඩි ඈතක නැත. එහි මඟ සලකුණුය පසුගිය දිනවල ජාතිවාදීන් විසින් මුස්ලීම් දේවස්ථානවලට යලි පහරදීම තුලින් හා 23 දින දෙවනගලට ගිය ‘සිංහල රාවය’ තම එම ගමන සදහා වූ ප්‍රචාරය තුලින් කියාපෑවේය. පසුගිය දිනවල අන්තර්ජාලය තුල විශේෂයෙන් ෆේස්බුක් (Facebook) හරහා ඉහත සංවිධානය දෙවනගල ගමන ප්‍රචාරය කර තිබූ ආකාරය ‘යහමඟ‘ පාඨකයෙකු මඟින් මට ද දැකගන්නට ලැබුණි. එය මෙසේය.

‘හෙළයේ ප්‍රථම මරාගෙන මැරෙන හමුදාව’ යන තේමාව යටතේ ඉතිරිපත් කර තිබූ ඉහත පෝස්ටරය තුලින් සමස්ථ ජාතියාට කියන්නට යන්නේ කුමක්ද? යන්න හා දිනාදෙන්නට යන්නේ කුමක්ද? යන්න පැහැදිලි ‍නැත. අද ‘මරාගෙන මැරෙන්න’ කථා කරන මේ ඊනියා වීරයෝ එදා වසර 30ක් මරාගෙන මැරෙන ප්‍රහාරයේ නියලී සිටී කොටි ත්‍රස්ථවාදීන් හමුවේ අන්ධයින් ගොළුවන් මෙන් මුළුගැන්වී අද මරාගෙන මැරෙන්න කථා කිරීම විහිළුවකි. මෙහි විශ්මය ජනකම කාරණය එය නොවේ. මේ පිරිස මරාගෙන මැරී දිනාගන්නට හඳන්නේ කුමක්ද? යන්නයි. බලන්න පහත වීඩියෝ ඒ දෙවනගල ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනයා මේ මරාගෙන මැරෙන ව්‍යාපාරයට දක්වන ප්‍රතිචාරය. මෙම විඩියෝව ඉදිරිපත් කිරීමට පෙර ප්‍රාර්ථනාවක් ද එක් කරමි. ඒ මෙහි කථා කරන ප්‍රදේශවාසී සිංහල බෞද්ධ ජනයාට හෙට ‍දිනයේ ‘දේශද්‍රේහි’, ‘බෞද්ධ විරෝධි’ වැනි අවමන් අත්නොවේවා! යන්නයි.

ජාතියක් අවදිකරන බව පවසමින් ජාතිවාදය අවදිකරමින් සිටින එසේම ‍සමහරක් දේශපාලඥයින්ගේ අතකොලු බවට පත්වී සිටින මෙවැනි ව්‍යාපර ජාතීන් අතර සමඟිය ගොඩනඟනවාද? නොසේනම් වෛරය විරසකය ගොඩනඟනවාද? යන්නට ඉහත සිදුවීම පමණක් නොව අප රටේ පසුගිය කාලවල සිදුවූ අනෙකුත් ජාතිවාදී සිදුවීම් හොදම සාක්ෂියකි. ඒ සදහා පසුගිය කාලවල සිදුවූ සිදුවීම් කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුම සදහා පහතින් පෙලගසන්නේ නම්,

මුස්ලිම්වරුන්ට විරුද්ධව සිදුකරන ලද කලහකාරී ක්‍රියා

  • 2010-05-20          කුරුණෑගල කොකරුල්ල හම්බන් පොළ නූරානියා ජුම්මා දේවස්ථනයට පහරදීම
  • 2011-09-01          අනුරාධපුර ඕට්ටුප්පල්ලම් දර්ගාව පොලිසිය ඉදිරිපිට ජාතිවාදීන් විසින් කඩා දමන ලදී
  • 2011-10-31          බලපිටිය මුස්ලිම් පුද්ගලයෙකුගේ කඩය සොරකම් කිරීම සඳහා ගිය සොරුන්ව අල්ලා පොලිස්සියට බාරදුන් විට සොරුන්ව ඇල්ලූ මුස්ලිම් අයට පොලිස්සිය බැන වාදී අවවාද කර පිටමං කිරීම
  • 2011-10-31          ඉහත බලපිටිය සිද්ධයට සම්බන්ධ මුස්ලිම් පුද්ගලයෙකුගේ නිවස ගිනි තබා විනාශ කිරීම
  • 2011-10-31          04/11/2011 දිනට පෙර බලපිටිය මුස්ලිම්වරු තම වෙළෙඳ සැල් වසා දමා පිට විය යුතු යැයි තර්ජනය කිරීම
  • 2011-11-04          බලපිටිය සිද්ධියට සම්බන්ධ මුස්ලිම් පුද්ගලයින් ගම අතහැර පිට විය යුතු යැයි හිමිවරු උද්ඝෝෂණය කළහ. මේ හේතුවෙන් පවුල් 04ක් ගම අතහැර ගියහ.
  • 2012-01-06          තලවකැළ ජාමිඋල් අස්හර් මද්රසාව ගිනිබත් විය. විදුලි කාන්දුව මෙයට හේතුව බව පොළිස්සිය විසින් දක්වන ලද හේතුවයි.
  • 2012-02-17          බොලුබල සේනා මහරගම රැලිය වාරතා කිරීමට ගිය නවමනි පුවත් පත් වාර්තාකරු අහමඩ් රූමි, බිබීසී ලෝක සේවයේ වාර්ථාකරු චාල්ස් හෙක්ලන්ඩ් සහ ඔහුගේ සහායක වාර්ථාකරු අසාම් අමීන් යන අයට තර්ජනය කිරීම.
  • හලාල් සහතිකයට විරුද්ධව මහරගමේදී බොදුබල සේනාවේ රැලිය පැවැත්විය.
  • 2012-03-22          ලංකාවට විරුදධව ඇමරිකා‍ව විසින් ජීනීවා මානව හිමිකම් සමුළුවේ දී යෝජනාව සම්මත වූ විට මඩවල තෙල්දෙණිය මාර්ග වටරව්මේදී අන්‍යාගමිකයෙකු මාර්ගයෙන් රතිඤ්ඤා පුපුරුවා හැර, ලංකාව ජීනීවා වලදී පැරදුණු නිසා මුස්ලිම්වරු රතිඤ්ඤා පත්තුකරති යනුවෙන් බොරු ප්‍රචාරයක් රටපුරා ප්‍රචලිත කිරීම
  • 2012-04-19          දඹුල්ල හයිරීයා පල්ලිය පැට්රල් බෝම්බ ප්‍රහාරයට ලක්වීම හා ගල්වලින් පහර දීම
  • 2012-04-20          දඹුල්ල රන්ගිරි රජ මහා විහාරාධිපති ඉනාමලුවේ සුමංගල හිමිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පෙළපාලියක් ලෙස පැමිණ දඹුල්ල හයිරීයා ජුම්ආ දේවස්ථානයට පහර දීම
  • 2012-05-13          2012-05-13 දිනට පෙර දඹුල්ල ප්‍රදේශයේ ජීවත් වන මුස්ලිම්වරු දඹුල්ල ප්රයදේශය අතහැර පිටත් විය යුතු බවට තර්ජණය කර ලියුම් යැවීම
  • 2012-05-25          කොළඹ දෙහිවල ගල් විහාර  වීදියේ පිහිටා තිබෙන දාරුර් රහිමාන් දේවස්ථානය ඉවත් කරන මෙන් ඉල්ලා බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් උද්ඝෝෂණ පැවැත් වූ අතර දේවස්ථානය පහරදීමට ලක් විය.
  • 2012-05-28          කුරුණෑගල දිස්ත්රි ක්කයේ ආරිය සිංහලවත්තේ පිහිටා ඇති උමර් ඉබ්නුල් හත්තාබ් කුර්ආන් මද්රසාවෙහි සලාත් කිරීම නවත්වන මෙන් බොද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් උද්ඝෝෂණ පැවැත් වූ අතර එහි සලාතය ඉටුකිරීම වහා නවත්වන ලදී
  • 2012-06-21          ගාල්ල අනුලා දේවී විද්‍යාලයට මුස්ලිම් ගුරුවරුන් පත් නොකරන මෙන් ඉල්ලා දෙමාපියන් උද්ඝෝෂණයක නිරත වීම
  • 2012-07-24          කුරුණෑගල, දෙදුරු ඔයගම දාරුල් අක්රම් තක්කියාවේ රාත්රී  නැමදුම් නවත්වන මෙන් ඉල්ලා බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් උද්ඝෝෂණ පැවැත් වූ අතර නැමදුම් කිරීමද අත්හිටුවන ලදී
  • 2012-07-26          කොළඹ දෙහිවල පීරිස් මාවතේ පිහිටා තිබෙන දාරුල් අක්රම් කුර්ආන් මද්රසාවේ සලාතය ඉටුකිරීම ආණ්ඩුව විසින් නිල වශයෙන්ම නවතා දැමීම.
  • 2012-7-29            කොළඹ රාජගිරිය ඔබේසේකර පුර ජාමිඋ දාරුල් ඊමාන් දේවස්ථානයේ රාත්රී් නැමැදුම් ඉටුකිරීමට විරුද්ධව බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් උද්ඝෝෂණ පැවැත් වූ අතර නැමැදුම් කිරීමත් නවතා දැමීම
  • 2012-08-30          කොළඹ වැල්ලම්පිටිය කොහිලවත්ත දේවස්ථානයට ගොඩ වූ ඇතැම් බෞද්ධයින් පල්ලියට පහරදෙන බවට තර්ජණය කිරීම
  • 2012-10-27          අනුරාධපුර මල්ලවත්ත ඔය පාරේ පිහිටා ඇති දේවස්ථානයට බෞද්ධ අන්තවාදීන් විසින් පහර දීම
  • 2012-11-22          බදුල්ල දීන් පෙන්සි නැමැති මුස්ලිම් ව්‍යාපාරිකයාට අයත් වෙළඳ සැලේ බුදුන් වහන්සේගේ රූපයෙන් යුත් අත්වැසුම් ඇති බව පවසා ජාතීවාදීන්ගේ ඉල්ලීමට අනුව පොලීසිය විසින් වෙළෙඳසැල් හිමිකරු අත්අඩංගුවට ගැනීම
  • 2012-11-23          එම වෙළෙඳසැල් හිමියා නිදහස් කිරීමට විරුද්ධව ජාතිවාදීන් උද්ඝෝෂණයේ නිරතවීම
  • 2012-11-24          බදුල්ල බදුලුපිටියේ මුස්ලිම්වරයෙකුට අයත් එළුවන් 6ක් සොරකම් කිරීම හා එයින් එක් එළුවෙක් කෑලි කෑලි වලට කපා දැමීම. මේ සම්න්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කිරීම
  • 2012-11-30          නැගෙනහිර මුස්ලිම් අන්තවාදීන් විසින් බෞද්ධ පෞරාණික වස්තු විනාශකරන බව පවසා කොළඹ මහරගම නාවින්න රජමහා විහාරයේ මුස්ලිම්වරුන්ට විරුද්ධව රැලියක් පැවැත් වීම.
  • 2012-12-03          මහනුවර කුන්ඩසාල කෘෂිකර්ම විද්‍යාලයේ ඉගෙනුම ලබන මුස්ලිම් ශිෂ්‍යයින්ට ඌරු මස් දීම
  • 2012-12-08          මහනුවර මුස්ලිම් ව්යා-පාරිකයින්ට විරුද්ධව පෝස්ටර් ඇලවීම හා ජංගම දුරකථන හරහා කෙටි පණිවිඩ යැවීම
  • 2012-12-20          ජෙමීල් නැමැති මුස්ලිම් ව්‍යාපාරිකයාගේ නිවසට කණ්ඩායමක් ඇතුළු වී රණ්නාභරණ හා ජංගම දුරකථනය පැහැරගෙන යෑම
  • 2012-12-23          රත්නපුර දිස්ත්රිැක්කයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට බෞද්ධ ජාතිවාදීන් විසින් පහරදීම හා 24 වැනිදා එම ස්ථානයේම මුස්ලිම්වරුන්ට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වීම
  • 2012-12-24          බදුල්ල දිස්ත්රික්කයේ මහියන්ගන ප්‍රදේශයේ පිහිටා ඇති දේවස්ථානයේ අලුත් වැඩියා කටයුතු නොකරන මෙන් පවසා බෞද්ධ අාගම්වාදීන් විසින් පෝස්ටර් ඇලවූ අතර අත් පත්රතකාද බෙදාහරින ලදී.
  • 2012-12-26          උඩු නුවර පුවෙලිකට්ට දේවස්ථානය අසල පිහිටි නිවස අසල නවතා තැබූ වෑන් රථයේ අයිතිකරු හා එහි සිටී සිංහල අය අතර සිදුවූ ප්‍රශ්නය
  • 2012-12-29          උඩු නුවර පුවෙලිකට්ට මුස්ලිම් කඩයකින් සිගරට් ගත් සිංහල තරුණයින් සිගරට්වලට මුදල් නොගෙවා කලබල ඇති කිරීම
  • 2012-12-30          එම ග්රාොමයේම මුස්ලිම් පුද්ගලයෙකුට අයත් ගොඩනැගිල්ලහි බලහත්කාරයෙන් ශබ්ද විකාශන යත්රා සවිකර පිරිත් විකාශනය කිරීම
  • 2013-01-05          අනුරාධපුර මල්වතු පාර දේවස්ථානයට එරෙහිව හිමිවරු උද්ඝෝෂනයේ නිරත වීම
  • 2013-01-07          අනුරාධපුර දිස්ත්රිාක්කයේ මල්වතු ඔය පාරේ දීර්ඝ කාලීනව ජීවත් වන මුස්ලිම්වරුන්ව එම ප්රපදේශයෙන් පිටමං කරන ලෙස ඉල්ලා බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් උද්ඝෝෂණ පැවැත්වීම
  • 2013-01-07          නීති විද්යාැලයට තේරීපත් වූ මුස්ලිම් ශිෂ්යහයින්ගේ සංඛ්යා ව අඩුකරන මෙන් ඉල්ලා කොළඹ නීති විද්යායලය ඉදිරිපිට බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් උද්ඝෝෂණ පැවැත්වීම
  • 2013-01-7            හලාල් විරෝධී ප්රයකාශ ඇතුලත් දිනදර්ශණයක් බොදු බල සේනාව විසින් ප්‍රකාශයට පත්කිරීම
  • 2013-01-08          මුස්ලිම් විවාහ ලියාපදිංචි ගාස්තුව ඉහල දැමිය යුතු යැයි ජාතික සංඝ සභාව දැනුම්දීම
  • 2013-01-08          නීති විද්යාවලය ඉදිරිපිට පැවැත් වූ උද්ඝෝෂණයේදී මුස්ලිම් පුද්ගලයෙක් යැයි සිතා සිංහලයෙක් සිංහල රාවය සංවිධානයේ පහර කෑමට ලක්වීම
  • 2013-01-09          දහවල් දෙකට තරුණපිරිසක් විසින් අනුරාධපුර මල්වතු පාර දේවස්ථානයට තෙවන වතාවටත් පහර දීම
  • 2013-01-09          නීති විද්‍යාලයට මුස්ලිම් ශිෂ්යලයින් වැඩි පිරිසක් තේරීපත්වීමට විරුද්ධව විභාග දෙපාර්තුමේන්තුව ඉදිරිපිට බොදු බල සේනාව උද්ඝෝෂනයේ නිරත වීම
  • 2013-01-15          අල්ලාහ්ට කැපකළ හලාල් ආහාර බෞද්ධයින් වන අපට‍ එපා යන මැයෙන් කොළඹ නගරයේ පෝස්ටර් ඇලවීම
  • 2013-01-19          කොළඹ මහරගම ප්රඇදේශයේ පිහිටි මුස්ලිම් ව්යා පාරිකයෙකුට අයත් නෝලිමිට් ආයතනය වසා දමන ලෙස ඉල්ලා බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් උද්ඝෝෂණ පැවැත්වීම හා එම ආයතනය කඩා විනාශ කිරීමට තැත්කිරීම
  • 2013-01-20          කුලියාපිටිය ප්ර දේශයේ හලාල් විරෝධී අත් පත්රිෂකා බෙදාහැරීම
  • 2013-01-20          මුස්ලිම් හෝටල්වල සිංහලයන්ට පරිභෝජනය කරනු ලබන ආහාරවල වඳභාවය ඇති කරන රසායන ද්ර්ව්ය් එක්කරන බව පවසමින් මුස්ලිම් හෝටල්වලින් ආහාර අනුභවය වහා නවත්වන මෙන් ඉල්ලා අනුරාධපුර නව නගයේ මුස්ලිම්වරුන්ට විරුද්ධව පෝස්ටර් ඇලවීම හා අත් පත්රි්කාද බෙදාහැරීම.
  • 2013-01-22          අලුතින් සෑදූ සියලු දේවස්ථාන ජීහාදයේ පුහුණු කඳවුර යැයි බොදුබලසේනා සංවිධානය විසින් ප්රදකාශයට පත් කිරීම
  • 2013-01-22          කොළඹ මහ නගර සභා ශාලාවේ සිට ජනාධිති මාලිගාව දක්වා ජාතික සංඝසභාව රිසානාගේ මරණ දඬුවමට විරුද්ධත්වය ප්රමකාශ කරමින් සහ කාන්තාවන් සෞදි යැවීම නවත්වන මෙන් ඉල්ලා පාගමනක නිරත වීම
  • 2013-01-22          කොළඔ බොදු බල සේනාවේ මාධ්ය2 හමුවක් පැවැත් විණි. මෙහි ඉස්ලාමීය සමාජසේවා සංවිධාන දහයක් අන්තවාදී සංවිධාන බවට බොරු චෝදනාවක් ඉදිරිපත් කිරීම සහ දින හතක් ඇතුලත ඉස්ලාමීය දේවස්ථාන වල ලයිස්තුවක් ආර්ක්ෂක අමාත්යංහශ්යව විසින් තම සංවිධානයට ලබාදිය යුතු බවට පැවසීම
  • 2013-01-23          ලංකාව තුළ මුස්ලිම් මූලධර්මවාදී සංවිධාන ක්රි්යාත්මක වන බවත් එවා තහනම් කළ යුතු බවත් දේශ හිතෛෂි ජාතික ව්යාරපාරය ප්රවකාශයට පත් කිරීම
  • ලංකාව තුළ වහාබි හා සලෆි අන්තවාදය ව්යානප්ත වන බව නෙත් එ‍ෆ් එම් වැඩසටහනට සහභාගී වෙමින් බොදු බල සේනාව ප්ර‍කාශ කිරීම
  • 2013-01-23          කළුතර දිස්ත්රිීක්කයේ බේරුවල ප්ර්දේශයේ පිහිටා ඇති මුස්ලිම් හෝටලයකට බෞද්ධ හිමිවරු විසින් පහර දී අලාභ හානි සිදුකිරීම
  • 2013-01-24          කුරුණෑගල දිස්ත්රිරක්කයේ කුලියාපිටිය ප්රශදේශයේ මුස්ලිම් විරෝදී උද්ඝෝෂණයක් හෙළ සිහල හිරු නැමැති සංවිධානය විසින් සංවිධානය කර එහි නබි නායක තුමණ්ට නිගා කරමින් ලියන ලද බෝඩ් ප්රනදර්ශනය කිරීම හා පඹයෙකුට අල්ලාහ් දෙවි යැයි පවසමින් පුළුස්සා දැමීම
  • 2013-01-29          ඉස්ලාමීය ෂරීආ නීතියට විරුද්ධව ඇමෙරිකාව ජිනීවා වල යෝජනා ඉදිරිපත් කළ යුතු බව ජාතික හෙළ උරුමයේ එල්ලාවල මේධානන්ද හිමි විසින් ප්ර කාශ කිරීම
  • 2013-01-30          LOLC ආයතයේ වෙළඳ දැන්වීමක් හිදායත් ගූප් ඔෆ් කොම්පැණී නම් ආයතය ප්රCදර්ශනය කිරීමට විරෝධතාව පළකරමින් සිහල රාවය සංවිධානය තර්ජණය කිරීම
  • 2013-01-31          බදුල්ල දිස්ත්රි්ක්කයේ ජාතිවාදයට විරුද්ධව සම අයිතිවාසිකම් සංවිධානය අත් පත්රිනකා බෙදා හරින විට එම සංවිධානය දරුණු පහර දීම් වලට ලක්වී තර්ජණය කිරීම
  • 2013-02-01          මහනුවර සිද්ධි ලෙබ්බ මාවත (නාම පුවරව විනාශ කර) විද්යායර්ථ මාවත යැයි නම් වෙනස් කිරීම
  • 2013-02-01          ජාති ආගම් බාලක බාලිකා ලෙස මින් පසු පාසල් වෙන් නොකරන බව නුගේවල මධ්ය‍ මහා විද්යාබලයේ දී අධ්යාසපන අමාත්යව බන්දුල ගුණවර්ධන මහතා ප්රමකාශ කිරීම
  • 2013-02-04          ගාල්ල සමගි වත්ත මුස්ලිම් ජනයාට විරුද්ධව බොදු බල සේනා සංවිධාන විසින් අත් පත්රි කා බෙදා හැරීම
  • 2013-02-06          මුහුණ ආවාරනය කරමින් මුස්ලිම් කතක් මෙන් වෙස් ගත් හමුදා සෙබලෙක් මහනුව බැංකුවක් කොල්ල කෑම සඳහා පැමිණි විට අත්අඩංගුවට ගැනීම
  • 2013-02-07          2013-02-10 දක්වා නාරම්මල මුස්ලිම් ව්යාහපාරික ස්ථාන වලට නාන්දුනන කල්ලියක් විසින් 2013 මාර්තු මසින් පසු නුඹලාට විනාශ යැයි සඳහන් කරමින් ලිපි යැවීම
  • 2013-02-07          2013 වසර හලාල් වර්ජන වසර බවට බොදුබල සේනාව ප්රකකාශයට පත්කිරීම හා තම වැඩසටහන් ඉදිරියට ගෙන යෑම සඳහා ජනාධිපති තුමාගේ ආශිර්වාදය ද හිමි වී ඇති බව ප්රනකාශ කිරීම.
  • 2013-02-09          මාතර ගන්දර නම් ප්රිදේශයේ මුස්ලිම් දේවස්ථානය සිංහල තරුණයින්ගේ පහර දීමට ලක් වීම හා එහි ජීවත් වන අය බිය ගැන්වීම
  • 2013-02-09          කුරුණෑගල දිස්ත්රිවක්කයේ වරකාපොළ ප්රගදේශයේ බෞද්ධ හිමිවරුන්ගේ නායකත්වයෙන් මුස්ලිම්වරුන්ට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වීම
  • 2013-02-10          කුරුණෑගල නාරම්මල හොරොම්බාව ප්රණදේශයේ සුබහ් සලාතය සඳහා ගිය කෙනෙක් පහරදීමට ලක්වීම
  • 2013-02-11          කුරුණෑගල රඹුක්කන ප්ර-දේශයේ හලාල් වි‍රෝධී පෝස්ටර් ඇලවීම
  • 2013-02-11          කුරුණෑගල නාරම්මල නගරයේ මුස්ලිම් ව්යාලපාරිකයින් ‘පර තම්බිලාට මාර්තු මස තුල මරණය’  යන මැයින් තර්ජණ ලිපි ලැබීම හා මෙම ලිපි බෞද්ධ සංවිධානවල එකමුතුව යන නමින් යවා තිබීම
  • 2013-02-12          සිංහල බෞද්ධයින්ව රබර් වත්තේ රබර් ගස්වලටත් සුළු ජාතික මුස්ලිම්වරුන් එම වත්තේ කුඩා පැලෑටි වලටත් උපමා කර බොදුබල සේනාව ප්රාකාශ නිකුත් කිරීම
  • 2013-02-13          කුරුණෑගල දිස්ත්රි-ක්කයේ නාරම්මල පොලිස් බල ‍ප්ර දේශය තුල සියඹලාගස් කොටුව කිලින්පොල නැමැති ග්රාතමයේ  මුස්ලිම්වරුන්ට අයත් කඩවල් හතරක් කඩා විනාශ කිරීම
  • 2013-02-14          ලබන සිංහල අළුත් අවුරුද්දට පෙර හලාල් සහතිකය ඉවත් කළ යුතු බවටත්, එසේ නොවන විට බෞද්ධ විප්ලවයක් මතු වන බවටත් ජාතික හෙළ උරුමයේ නායක අමාත්යත පාඨලී චම්පික රණවක විසින් අවධාරණය කිරීම
  • 2013-02-14          මහනුවර දිස්ත්රිවක්කයේ දිගන ප්රීදේශයේ මුස්ලිම්වරුන්ට විරුද්ධව අත් පත්රි‍කා බොදු බල සේනා සංවිධානය විසින් බෙදා හැරීම
  • 2013-02-14          කොළඹ විශේෂ අමාත්යි මණ්ඩල රැස්වීමේදී මුස්ලිම්වරුන් පිළිබඳ ජනාධිපති තුමා සැක පහළ කිරීම
  • 2013-02-14          මහනුවර කැප්පැටිපොළ පරපුර නම් සංවිධානය විසින් මුස්ලිම් ජනතාවට හා හලාල් සංකල්පයට විරුද්ධව අත් පත්රි්කා බෙදා වෙන්කිරීම
  • 2013-02-16          ගාලු නගරය තුල මුස්ලිම් ජනාතාවට එරෙහිව පෝස්ටර් ඇලවීම සහ මුස්ලිම් කඩ වර්ජනය කරන මෙන් පවසා පෝස්ටර් ඇලවීම
  • 2013-02-17          මුස්ලිම්වරුන්ට විරුද්ධව වාරියපොලේදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය පොලීසිය විසින් තහනම් කිරීම
  • 2013-02-20          කුරුණෑගල පරගහදෙනිය රක්අන්දරාජ පන්සල ඉදිරිපිට මුස්ලිම්වරුන්ට එරෙහි පෝස්ටර් ඇලවීම
  • 2013-02-21          අම්බලන්තොට මුස්ලිම් ව්යානපාරිකයෙකුට අයත් හාඩ්වෙයාර් ආයතනයකට තිදෙනෙක් පැමිණ තර්ජනය කිරීම
  • 2013-02-21          ගාල්ල හිරිඹුර ජුම්ආ දේවස්ථානයට රාත්රීා 2.00ට පමණ ගල්මුලි වලින් පහර දීම
  • 2013-02-27          හලාල්, ෂරීආ, ඉස්ලාමීය බැංකු ක්රයම ඉවත් කරන මෙන් පවසා මාධ්යල හමුවක් බොදුබල සේනා සංවිධානය විසින් පැවැත්වීම
  • 2013-03-01          කොළඹ දෙමටගොඩ ප්රෂදේශයේ (රජයේ නිල අවසරයෙන්) පවත්වාගෙන යන හරක් මරණ ස්ථානය බොදු බල සේනාව විසින් වැටලීම
  • 2013-03-02          අලුත්ගම (රජයේ නිල අවසර ලත්) හරක් මරණ ස්ථානය බස් රථ දෙකින් පැමිණ බොදුබල සේනා සංවිධානය විසින් වැටලීම
  • 2013-03-03          කුරුණෑගල මෙල්සිරපුර ප්රසදේශයේ මුස්ලිම්වරුන්ට විරුද්ධව බොදුබල සේනා සංවිධානය විසින් උද්ඝෝෂණ පැවැත්වීම
  • 2013-03-03          මහනුවර මීවදුරේ ප්රැදේශයේ මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙක් විසින් පවත්වාගෙන ගිය නේවාසිකාගාරය බොදු බල සේනාව විසින් වටලා අයිතිකරුට විරුද්ධව නඩු පැවරීම
  • 2013-03-03          රත්නපුර දිස්ත්රිුක්කයේ ඔපනායක මුහියද්දීන් ජුම්ආ දේවස්ථානයේ කණ්නාඩිවලට ගල්ගසා අලාභ හානි සිදුකිරීම
  • 2013-03-03          මුස්ලිම්වරුන්ට එරෙහිව හම්බන්තොට දිස්ත්රිුක්කයේ සිංහල රාවය ජාතික සංඝවිධානය විසන් උද්ඝෝෂණ පැවැත්වීම
  • 2013-03-04          කාලි අධිකරණ අහෝසිකළ යුතු බවට බොදු බල සේනා සංවිධානය විසින් ප්ර කාශයට පත් කිරීම
  • 2013-03-05          මහර හිරගෙදර භූමිය තුල පිහිටා ඇති දේවස්ථානය මෙමස 30 වැනිදාට පෙර වසා දැමිය යුතු බවට ??????? අමාත්යස චන්ද්රවසිරි ගජදීර මහතාගේ උපදෙස් අනුව මහර හිරගෙදර අධ්යභක්ෂක දේවස්ථාන දායක සභාවට ලිඛතව දැනුම් දීම
  • 2013-03-05          පානදුර එලුවිල්වේකඩ බෞද්ධාලෝක විද්යායලයේ අධ්යානපනය ලබන මුස්ලිම් ශිෂ්යා ව පර්දා ඇඳුම ඇඳීමට තහංචි පැනවීම සහ එම ශිෂ්යාදව ගුරුවරුන්ගේ පාමුල වැඳ නමස්කාර කළ යුතු යැයි විදුහල්පති විසින් අනිවාර්ය කිරීම
  • 2013-03-06          හලාල් ඇත්ත නැත්ත යන මෙයින් ජාතික හෙළ උරුමය විසින් පොතක් ප්රපකාශයට පත්කොට ඉස්ලාම් දහම හා මුස්ලිම්වරු පිළිබඳ වැරදි මත ප්ර්චාරය කිරීම
  • 2013-03-11          හලාල් සහතිකය අහෝසිකරන බවට ජම්ඉයතුල් උලමා සභාව විසින් දැනුම් දීම
  • 2013-03-17          හිජාබ් ඇඳුමට විරුද්ධව මහනුවර බොදු බල‍ සේනා සංවිධානය විසින් උද්ඝෝෂණ පැවැත්වීම
  • 2013-03-18          පොළොන්නරුව මන්නම්පිටියේ දී හිජාබ් ඇඳුමෙන් යුත් මුස්ලිම් කාන්තාව පහරදීමට ලක්වීම
  • 2013-03-19          තමිල්නාඩුවේදී බෞද්ධ හිමිවරු පහරකෑමට ලක් වීමට හේතුව තමිල් නාඩු තවුහීද් ජමාත් සංවිධානය හා ශ්රීම ලංකා තවුහීද් ජමාත් සංවිධානය බවට පදනම් විරහිත චෝදනාවක් ඉදිරිපත් කරමින් එම සංවිධානය තහනම් කළ යුතු බව ප්රංකාශ කරමින් බොදු බල සේනාව විසින් මාධ්යම හමුවක් පැවැත්වීම
  • 2013-03-22          සිංහල ත්රීනවිල් රියදුරෙක් මහනුවර ගල්හින්න ප්රවදේශයේ මද්රසා මෞලවී කෙනෙකුගේ තොප්පිය උදුරා පාගා දැමීම
  • 2013-03-24          හිජාබ් ඇඳුමට විරුද්ධව බොදු බල සේනා සංවිධානයේ රැළියක් පානදුර ප්රශදේශයේ පැවැත්වීම
  • 2013-03-26          කළුතර දිස්ත්රිික්කයේ සිංහල පාසලක සේවය කරන මුස්ලිම් ගුරුවරයකගේ හිජාබ් ඇඳුම ගලවන මෙන් ගුරු උපදේශක හිමි නමක් තර්ජනය කිරීම
  • 2013-03-28          කෙකිරාව ප්ර?දේශයේ වහාබිවාදය ත්ර?ස්තවාදයක් සංවිධානය කරන බවට බොරු ප්රිචාරයක් ඇති කිරීමට බොදු බල සේනාවේ රැළියක් පැවැත් වීම
  • 2013-03-30          පැපිළියාන ෆැෂන් බග් ආයතනය හිමිවරුන් ද ඇතුළු කල්ලියකගේ පහර දීමට ලක් වී දරුණු අලාභ හානි සිදුකිරීම
  • 2013-03-31          කොළඹ (වයිට් පාර්ක්), කැලණිය, පන්නල යන ස්ථානවල හිජාබ් විරෝධී රැළි බොදු බල සේනාව විසින් පැවැත් වීම.
  • 2013-04-01          ඇල්පිටිය ප්ර0දේශයේ ගිවිසුම මත කුලී කඩවල ව්යා,පාරික කටයුතු කරන මුස්ලිම් ව්යාිපාරිකයින්ගේ ගිවිසුම අහෝසි කරන මෙන් බොදු බල සේනාව අවවාද කිරීමෙන් පසු මුස්ලිම් ව්යාාපාරිකයින් 13 දෙනෙකුගේ ගිවිසුම් අහෝසි කිරීම
  • 2013-04-01          මොනරාගල හා බදුල්ල දිස්ත්රි?ක්කවල ජාතිවාදය ඇවිස්සෙන ආකාරයේ අත් පත්රි කා බෙදාහැරීම
  • 2013-04-01          මඩකලපු දිස්ත්රි්ක්කයේ මුස්ලිම් ජනයාට විරුද්ධව හර්තල් වල නියලෙන මෙන් ‘පිපිදෙව්! දමිල සිංහල ජනයිනී! යන මෙයින් ආදි ද්රාුවිඩ සේනා සංවිධානය විසින් අත් පත්රිදකාවක් මඩකළපු නගරයේ දෙමල ව්යාකපාරිකයින්ට තැපැල් මාර්ගයෙන් යවා තිබීම

(පහත පෙලගැසීම අප රටේ ද්‍රවිඩ භාෂාවෙන් මාසිකව පලවන ‘අලෙයිප්පු’ නම් සඟරාවකින් උපුටා ගන්නා ලදී.)

කෙසේ වෙතත් මා තවමත් විශ්වාස කරනවා මේ ර‍ටේ නීතිය ආරක්ෂා වී ඇති බවට එමනිසා කිසියම් ගැටළුවක් අසාධාර්ණයක් සිදුව ඇත්නම් එය නීතිය හමුවට ගෙන ගොස් විසදා ගැනීමයි කලයුතු වන්නේ. එසේ නොමැතිව එම ගැටළුවට ජාතිවාදී මුහුණුවරක් ලබාදී තම පටු න්‍යායපත්‍රය ක්‍රියාවට නංවන්නට සැරසීම ශිෂ්ඨසම්පන්න බුද්ධිමත් සමාජයක් කිසිසේත් අනුමත නොකරනු ඇත. එපමණක් නොවේ, තමන් නිර්මල දහමකට උරුමකම් කියන බව නිතර පවසන පිරිසක් මේ ආකාරයට වියරුවෙන් ක්‍රියාකිරීම පිලිබදව බුද්ධිමත් එසේම සැබෑ බෞද්ධ ප්‍රජාව අනේකවාරයක් විමසා බැලිය යුතුව ඇත. මෙවැනි ජාතිවාදී ව්‍යාපාරයන් බුදුදහමේ පිබිදීමක් ලෙස හා එම ව්‍යාපරයේ නියලී සිටින්නන් ජාතියේ වීරයන් බවට සමහරක් බ්ලොග් අඩවීන් හා ෆේස්බුක් අඩවින් වර්ණනා කිරීම අද වනවිට දක්නට ඇත. එ‍ය එසේ වියහැකිද?. ‘යහමඟ’ අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කල පහත වීඩියෝව නැවතත් බුද්ධිමත්ව විමසා බලන්න.

මෙහිදී මෙවැනි අවස්ථාවල රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිලිබදව වචනයක් හෝ පැවසිය යුතුව ඇත. සියළු ජාතීන් සාමාකාමී ලෙස ජීවත්වන දෙවනගලට ‘මරාගෙන මැරෙන්න’ ආරාධනා නඟමින් ඒ සදහා දුරකථන අංක ද ප්‍රසිද්ධ කරමින් මේ ආකාරයට අන්තවාදී පිරිස් ක්‍රියා කරන විට රටේ නීතිය නිහඬ ඇයි ද? යන්න විශාල ගැටළුවකි. කිසියම් ජාතියකට, ජන කොට්ඨාශයකට, ගමකට, පුද්ගලයෙකුට තවත් ජාතියක්, ජන කොට්ඨාශයක්, ගමක්, පුද්ගලයෙකු මඟින් අසාධාර්ණයක් සිදුව ඇත්නම් එය නීතිය ඉදිරියට ගෙන නොගොස් විසදා ගැනීමයි කලයුතු වන්නේ එසේ නොමැතිව තමන් මහා ජාතිය වූ පමණින් ම නීතිය තම අතට ගෙන ක්‍රියා කිරීමත් එය රටේ නීතිය, සාමය ආරක්ෂා කරන්නන් බලා සිටීමත් කොතරම් අවාසනාවන්ත මෙන්ම ඛේදජනක තත්වයක්ද?. මෙය මේ රටේ වගකිවයුතු පාර්ශවයන් දෙවරක් සිතාබැලිය යුතුය.

අවසාන වශයෙන් ආරම්භයේ සදහන් කල ශුද්ධ වූ කුර්ආන් පාඨයකින් හා නබිවදන (හදීසය)කින් මෙම ලිපියට විරාමය තබන්න අදහස් කරමි. දිව්‍යමය දහමකට උරුමකම් කියන මුස්ලීම්වරුන් වන අපට ශුද්ධ වූ ආගමික විනයක් ඇත. එය ක්‍රියාවෙන් පෙන්වූ මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් අපට ඇත. අන් සමාජයන් තුල සමහරක් පිරිස් ක්‍රියා කරන ආකාරයට හැඟීමන්ට වහල් වී වියරුවාදී හෝ අන්තවාදී තීන්දු තීරණවලට යාමට ඉස්ලාම් දහම තුල මුස්ලීම්වරුන් වන අපට අවසර නැත. මෙයයි ශුද්ධ වූ කුර්ආනය ඉතා සරලව මෙසේ පවසන්නේ,

විශ්වාසවන්තයණි!, අල්ලාහ් (දෙවි)ට අවනත වී, සාධාර්ණය වෙනුවෙන් සාක්ෂිකරුවන් වන්න!, එක් සමාජයක් කෙරෙහි පවතින නොසතුට, නුඹලා (ඔවුන් හට) සාධාර්ණයක් නොකරන්න උනන්දු නොකරත්වා!, සාධාර්ණ වන්න!, එය තමා දේව අවනැතියට ඉතා සමීප (ක්‍රමවේදය) වන්නේ. අල්ලාහ්ට බියවන්න!, අල්ලාහ් නුඹලා කරන සියල්ල හොදින් දන්නේය.

ශුද්ධ වූ කුර්ආනය 5-8

එසේනම් ඉහත වාක්‍යයෙන් පවසන ආකාරයට ජාතිවාදී හා අන්තවාදී පිරිස් අපට එරෙහිව කොතරම් කුමණ්ත්‍රන සිදුකලත් ඒ කිසිවක් හමුවේ නොඉවසිල්ලේ ක්‍රියා කිරීමට, ඔවුනට අසාධාර්ණයක් කිරීමට හෝ නොසතුටින් ඔවුනට ප්‍රතිචාර දැක්වීමට මුස්ලීම්වරුන් වශයෙන් අපට අවසර නැත. අප කලයුතු වන්නේ ‘යාඅල්ලාහ් !, මේ කුමණ්ත්‍රනකාරී පිරිසට සත්‍යය හා සාධාර්ණ දකින්න තරම් විවෘත මනසක් ලබාදෙත්වා!,’ යයි ප්‍රාර්ථනා කරන ගමන් ඉතා ඉවසිලිවන්තව රටේ නීතිය හමුවට ඔවුන්ගේ කුමණ්ත්‍රන ගෙනයාම පමණි. එසේ වු විට පහතින් අල්ලාහ් (දෙවි) පවසන ආකාරයට ලෞකිකව පමණක් නොව ලෝකොත්තරව ද මුස්ලීම්වරුන් වන අප ජයග්‍රාහයක් වනු ඇත.

‘ආදම්ගේ දරුවනේ!, ගැටළුකාරී (මෙන්ම අර්බුදකාරී) තත්වයන් ඇති වනවිට එහි ආරම්භයේ පටන් ඉතා ඉවසීමෙන් කටයුතු කරන්න. ඒ තුලින් මා හමුවේ සිට ඔබ කුලියක් බලාපොරොත්තු වන්නේ නම්, එහි කුලිය ලෙස ‘ස්වර්ගය’ ලබාදීම මිස අන් කිසිවක් සදහා මා උනන්දු නොවෙමි.’ යයි අල්ලාහ් (දෙවි) පැවසූ බවට නබිතුමාණන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – ඉබුනුමාජා

ඉහත ඉගෙන්වීමට අනුකූලව ආගමික විනයක් තුල මෙන්ම රටේ නීතියට ගරුකරමින් මුස්ලීම්වරුන් තවම ක්‍රියා කොට ඇති බව මේ තත්වයන් දෙස මධ්‍යස්ථව හිඳ බලන සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එසේනම්, තවදුරටත් ඒ ආගමික විනය තුල හිඳ එලෙසම ක්‍රියා කිරීමට මුස්ලීමවරුන්ට ශක්තිය ධෛර්‍ය ලැබේවා!, යනුවෙන් ද ‘යාඅල්ලාහ් !, මේ කුමණ්ත්‍රනකාරී පිරිසට සත්‍යය හා සාධාර්ණ දකින්න තරම් විවෘත මනසක් ලබාදෙත්වා!,’ යනුවෙන් ද ප්‍රාර්ථනා කරමින් මේ ලිපිය සදහා ද විරාමය තබමි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *