ත්‍රස්ථවාදී චොදනා මත Dr සාකිර් නායක් බ්‍රිතාන්‍යයට ඇතුල්වීම තහනම් කරයි.

1

ජාත්‍යන්තයේ මෙන්ම ශ්‍රී ලාංකීය සමාජයෙත් ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන ප්‍රධාන චෝදනාව වන්නේ “ඉස්ලාම් ත්‍රස්ථවාදය අනුමත කරනවා” යන්නයි. මේ චොදනාව විවිධ කාලවල දී විවිධ මුහුණුවරින් සමාජගත වේ. ලාංකීය සමාජයේ පුවත්පත්, මාධ්‍ය සාකච්චා, ආගමික දේශන… යනාදීය තුලින් නිරන්තරයෙන් පුකාශ වේ. මේවා පිලිබදව යහමඟ මඟින් කිහිප විටක් ඔබ දැනුවත් කොට ඇත. කිසිදු පදනමක් නොමැති නිරන්තරයෙන් මොවුන් කරන මෙම චොදනාව දෙස බලන විට සිතෙන්නේ මේ හැර ඉස්ලාමයට එරෙහිව කිසිදු ‍චෝදනාවක් ඔවුනට නැති ද යන්නයි.ඔවුන් තුල ඇති එකම පදනම ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය අඩාල කිරීමයි.මොවුන්ගේ මෙම චෝදනා දකින මුස්ලිම්වරුන් වන අපට පැහැදිලි වන්නේ මොවුන්ගේ තිබෙන “කෙසේ හෝ ඉස්ලාම් විවේචනය කලයුතුයි” යන අන්තවාදීත්වය හා ආගමික බංකලොත්තුබාවය පමණි.

එම ක්‍රියාවලියේ තවත් සංධිස්ථානයක් ලෙස ත්‍රස්ථවාදී චෝදනා මත ඉස්ලාම් ආගමික විද්වතෙකු වන සාකිර් නායක් මහතා බ්‍රිතාන්‍යයට ඇතුල්වීම 2010 ජුනි මස 18 දින තහනම් කිරීම සදහන් කල හැක. ඒ සදහා ඔවුන් පදනම් කරගෙන ඇත්තේ ඔහු විසින් විවිධ අවස්ථාවල කරන ලද දේශනයන් හි ‘අඟ මුල ඉවත් කොට’ සකස්කල ප්‍රකාශයන්ය. මෙය ශ්‍රී ලාංකීය අපට අළුත් දෙයක් නොවේ. මන්ද පසුගිය මැතිවරණ සමයේ මෙවැනි සංස්කරණය කරන ලද දේශපාලන ප්‍රකාශනයන් අනන්තවත් අප දුටුවෙමු. ඊට අමතරව පසුගිය යුධ සමයේ විදේශ මාධ්‍යයක් හරහා විකාශනය කල වීඩියෝ පටය අපට තවම අමතක වී නැතැයි සිතමි. ශ්‍රී ලාංකීය රජය පැහැදිලිවම ප්‍රකාශ කර සිටියේ මෙය සත්‍ය විකෘති කිරීමක් බවයි. මා මෙහි දී පවසන්නට උත්සාහ කරන්නේ වර්ථමාන තාක්ෂණ දියුණුවත් සමග මෙවන් ක්‍රියාවන් ඉතා සරල වූ කාර්‍යයන් යන්න තාක්ෂණ අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකු හට වටහාගත හැක.

නමුත් මේ පිලිබදව තාක්ෂණ ඥානයක් නොමැති බහුතර පිරිසට මේවා ප්‍රබල සාක්ෂීන් බවට පත්වේ. තාක්ෂණ දියුණුවත් සමඟ මේ ඇති වී තිබෙන ප්‍රවණතාවය ආගම්වලට එරෙහිව යොදාගැනීම ඉතා පහත් පෙළේ ක්‍රියාවන් වේ. ඉස්ලාමයට එරෙහිව මෙවැනි ක්‍රියාදාමයන් සිදුකිරීම තුලින් ඉස්ලාමයට යම් හානියක් වේවි යයි කිසිවකු සිතන්නේ නම් එය ඔහුගේ තිබෙන අනවබෝධය පමණි. ඉහත සදහන් සාකිර් නායක් මහතාට එරෙහිවද සිදුකර ඇත්තේ මෙවැනි ක්‍රියාවලියකි. මීට අමතරව බ්‍රිතාන්‍ය රජය මේ තුලින් කිසියම් දේශපාලන වාසියක් ලබන්නට ද උත්සාහ කරන බවට ද යම් යම් ප්‍රකාශනයන් ඉදිරිපත් වේ. මේ පිලිබදව බී. බී. සී. මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වූ ප්‍රවෘත්තිය පහතින් ඉදිරිපත් කරමි.

ඉහත වීඩියෝ දර්ශනය ඉස්ලාමයට එරෙහිව ප්‍රබල සාක්ෂියක් කර ගනිමින් එම පහත් පෙළේ ක්‍රියාවට කිසිවකු ආවඩයි නම් ඒ පිලිබදව පැවසීමට ඇත්තේ එය දියුණු මිනිසාගේ මිලෙච්ඡ ක්‍රියාවක් යන්න පමණි. මෙය බුද්ධිමත් සමාජය පැහැදිලිවම අවබෝධ කරගත යුතුය. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා පසුගිය කාලයේ එනම් 2006.10.02 දින බී.බී.සී ගුවන් විදුලි ප‍්‍රවෘත්ති විකාශනය වූ ප්‍රවෘත්තියක් ගෙනහැර දැක්විය හැක. එනම්,

“1816 දී ඉංග්‍රීසි ජාතිකයින් දේශද්‍රරෝහින් යයි නම් කල වයඹ පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 280 ක් රණවිරු පවුල් වශයෙන් නම් කරන්න රජය තීරණය කර ඇත.’’

මේ ආකාරයට එකම පිරිසගේ එකම ක‍්‍රියාව දෙපිරිසක් දෙවිදියකට හැදින්වීම එනම් පිරිසක් ඔවුන් ත‍්‍රස්ථවාදීන් ලෙස හදුන්වන විට තවත් පිරිසක් ඔවුන් නිදහස වෙනුවෙන් සටන්කල විමුක්තිකාමීන් ලෙස හැදින්වීම බුද්ධිමත්ව සිතාබැලිය යුතු කාරණයකි. ‘ලංකාව ආක‍්‍රමණය කරන්න සුද්දන්ට අයිතියක් ඇතැයි’ සිතන කෙනෙකුට ඔවුන් ත‍්‍රස්ථවාදීන් විය. සුද්දන්ට ‘ලංකාව ආක‍්‍රමණය කරන්න කරන්න අයිතියක් නැතැයි සිතන පුද්ගලයින් හට ඔවුන් විමුක්තිකාමීන් විය’.

දැන් ඉහත ප්‍රවෘත්තියේ  එනම් “1816 දී ඉංග්‍රීසි ජාතිකයින් දේශද්‍රරෝහින් යයි නම් කල වයඹ පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 280 ක් රණවිරු පවුල් වශයෙන් රජය නම් කරයි.” කොටස සංස්කරණය කොට “දේශද්‍රරෝහින් 280 ක් රණවිරු පවුල් වශයෙන් රජය නම් කරයි” යයි ඉදිරිපත් කලේ නම් පැහැදිලිවම දේශද්‍රේහීන් වෙනුවෙන් රජය සහය පලකරනවා යන්න ඉන් පිලිඹිබුවේ. මෙය සත්‍ය ප්‍රවෘත්තියක් විකෘති කිරීමකි. මේ ආකාරයට විකෘති කල ප්‍රකාශනයන් පදනම් කරගෙන ඉස්ලාම් දහමට චෝදනාවන් ගොඩනැගීම හා එහි ප්‍රචාරණයන් වැලැක්වීම අසාර්ථක වෑයමක් වන අතර නියත වශයෙන්ම මෙවැනි ක්‍රියාදාමයන් තුලින් සිදුවන්නේ ඉස්ලාම් තවත් සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම පමණි. මන්ද මෙවැනි බොළද ප්‍රචාරණයන් නිසා ජනතාව මේ පිලිබදව තව තවත් සොයන්නට පෙළඹෙන අතර ඒ තුලින් සත්‍ය අවබෝධ කරගනී. මෙය ඉතිහාසය පුරා ලොවට කියාදෙන සත්‍යයකි.


අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණ ආගමික වැඩමුළුවක් කර ගිය සාකිර් නායක් මහතාගේ මෙම තහනම ලාංකීය සමහරකගේ ද සතුටට මෙන්ම ආගමික මණ්ඩපවල ප්‍රධාන මාතෘකාවන් බවට ද ඉදිරියේ දී පත්විය හැක. ඊට ප්‍රථම සමස්ථ ලාංකීය මුස්ලීම් මෙන්ම මුස්ලීම් නොවන ප්‍රජාවගේ අවධානයට ලක් කලයුතු  කාරණයක් ඇත. එනම්, සාකිර් නායක් මහතා යනු ඉස්ලාම් දහමට පූර්වආදර්ශය නොවේ. ඔහු ඉස්ලාම් දහම ප්‍රචාරණයට පූර්ණකාලීනව ඉදිරිපත් වී සිටින විද්වත් ප්‍රචාරකයෙකු පමණි. ඔහු ත්‍රස්ථ ක්‍රියාවන්ට කිසියම් ආකාරයකට අනුබල දී ඇති නම් එය ඉස්ලාම් විරෝධි ක්‍රියාවක් යන්න හි විවාදයක් නැත. නමුත් “ත්‍රස්ථවාදියා” යන බෝඩ් ලෑල්ල පෙරදැරි කරගෙන ඉස්ලාම් දහමේ ප්‍රචාරණය හා ව්‍යාප්තිය මැඩලීමට කිසිවකු උත්සාහ දරන්නේ නම් ඒ වෙනුවෙන් මනුෂ්‍යත්වය අගයන සියළු දෙනා ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකිරීම අනිවාර්‍ය වගකීමක් වේ.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. mohammednauzer 2012-12-20 at 13:50

    බ්‍රිතාන්යය , ඇමරිකාව කියන්නේ ඉස්ලාමයේ ප්‍රබල සතුරන් .උන් ජාකිර් නායික්ට රටට ඇතුල්වෙන්න ඉඩනොදුන්නේ එරටවල අය ස්ත්‍යයය දැනගනී කියන බයට .උන් කෙතරම් වැටවල් දැම්මත් අද තත්වය වෙනස් .දිනෙන් දින ඒ රටවල්වල ඉස්ලාමය කරා ඇදී එන මිනිස් සංක්‍යාව අදිකවී තිබෙනවා .

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *