දික්කසාදය නීති පිලිබද විමසුමක් I

0

අද යහමඟ අඩවිය තුල කථා කරන මාතෘකාව මෙතෙක් සාකච්ඡා නොවූ තරමක වෙනස් එසේම අමිහිරි වූ මාතෘකාවකි. “දික්කසාදය” නම් මාතෘකාවයි. මෙම මාතෘකාව මා විසින් තෝරාගැනීමට විශේෂ හේතූන් කිහිපයක් ඇත. ඉන් මුඛ්‍ය කාරණය නම්, මෙම විෂය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමට ද කිසියම් ආකාරයක ඇඟිලි දිගුවීමක් සිදුවීමයි. ඒ හේතුව නිසා මෙන්ම ලෝක කාන්තා දිනය අභියස සිටින අද දවසේ මෙය කථා කලයුතු කාලීන මාතෘකාවකි. විශේෂයෙන් මෙය මුස්ලිම්වරුන් සංවාදයට ගතයුතු කාලීන මාතෘතාවකි. ඒ ඉස්ලාම් දහමට චෝදනා නඟන අන්තවාදී පිරිස් සේම, මේ විෂය පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන අවබෝධය නොමැති පිරිස් හඩනඟන මාතෘකාවක් වන බැවිණි. නමුත් යහමඟ කවදත් ආගමික ඉගෙන්වීමන්ට වඩා යමක් සමාජයට ලබාදෙන්නට උත්සාහ කරන වෙබ් අඩවියක් ලෙස මෙම විෂය සම්බන්ධයෙන් ද ඉස්ලාමීය ඉගෙන්වීම සාකච්චා කිරීමට මත්තෙන් ශ්‍රී ලාංකීය සමාජය තුල එහි විකාශනය එනම් එදා සහා අද පිලිබදව කෙටි අවධානයක් යොමු කිරීම ඔබට ඉස්ලාමීය ඉගෙන්වීම සංසන්ධනාත්මකව සලකා බැලීමට පිටිවහලක් වන නිසා ඒ පිලිබදව කෙටි විමසුමක් ප්‍රථමයෙන් සිදු කරමි.

මේ “දික්කසාදයේ” ඉතිහාසය පිලිබදව කෙටි විමසුමක් කරන විට මෙම “දික්කසාදය” යන වචනය “කසාදය” යන වචනයෙන් නිර්මාණය වන්නාක් බව අනාවරණය වේ. නමුත් මෙම “කසාදය” හා “දික්‌කසාදය” යන වචන දෙක පෘතුගීසි භාෂාවෙන් සිංහල භාෂාවට එක් වූ වචනයක් බවට ද විශ්වාසක් පවතී. ඒ පෘතුගීසීයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි “කසාදෝස්‌” නම් වූ ජන කොට්ඨාශය පදනම් කරගෙනය. පෘතුගීසි බසින් “කසාර්” යනු ගෙයයි. ගෙයක්‌ නඩත්තු කරන්නා විවාහකයාය යන අරුතින් “කසාර්” යන වචනය ව්‍යවහාරයට පත් වූ බවත් කසාදයෙන් වෙන්වීම “දික්‌ කසාර්” නොහොත් “ඩිෂ්කශාඩෝ” එසේත් නැත්නම් සිංහල උච්චාරණයට අනුව “දික්‌කසාදය” නමින් ව්‍යවහාරයට ආ බවත් පැවසේ.

මේ දික්කසාදය අතීතයේ විවිධ සමාජවල ක්‍රියාත්මක වූ ආකාරයත් ඒහා විශ්වාසයන් පිලිබදවත් කථා කරන විට හින්දු සමාජයේ සම්ප්‍රදායන් නොසලකා හැරිය නොහැක. ඔවුන් මෙය සලකන ලද්දේ “තම භාර්යාව වනාහි ස්‌වාමියා විසින් අත්හැරියද, ඔහු වෙනත් භාර්යාවක පාවාගත්තද, විකුණා දැමුවද වෙන්වීමක්‌ සිදු නොවිය යුතුය” යනුවෙනි. මෙයට මූලික හේතුව වුයේ වැන්දඹුවට හෝ දික්‌කසාද ස්ත්‍රීයට එදා සමාජයේ කිසිදු පිළිගැනීමක්‌ නොවූ බැවිනි. මෙය එදා හින්දු සමාජයේ පමණක් නොව ලොව සෑම සමාජයකම දක්නට තිබූ කාරණයක් බව ඉතිහාසය අධ්‍යනය කරන විට දැකගන්නට ලැබේ. විශේෂයෙන් බෞද්ධ සාහිත්‍යයන්හිද මෙබඳු ස්ත්‍රීන් එනම් නිගාවට ලක්‌වූවෝ පිලිබදව සදහන් වේ. එයට නිදසුනක් ලෙස බෞද්ධ සාහිත්‍යයේ එන පහත කරණය සදහන් කලහැක.

“නග්ගා නදී අනුදකා – නග්ගං රට්‌ඨං අරාජිකං
ඉත්ථිපී විධවා නග්ගා – යස්‌සාපි දස භාතරො”

එනම් “දියනැති ගඟක්‌ මෙන්ද, රජකු නැති රටක්‌ මෙන්ද, සහෝදරයන් කොතෙක්‌ සිටියද වැන්දඹුව නග්නය. නොහොබනේය” බෞද්ධ සාහිත්‍යයේ වැන්දඹුව ගැන සඳහන් වන්නේ එසේය. මීට අමතරව මෙම දික්කසාදය සම්බන්ධයෙන් අතීතයේ ලංකාවේ පැවතී නීතිරීති පිලිබදව පවසන්නේ නම්, 1952 උඩරට විවාහය පිළිබඳ ආඥාපනතට අනුව දෙදෙනාගේ (විවාහක යුවලගේ) කැමැත්ත දික්‌කසාදයට හේතුව ලෙස ප්‍රමාණවත් විය. එදා දික්‌කසාදය කොතරම් සරළ දෙයක්‌ ලෙස සැලකුවාද යයි පවසනවා නම් ඇඟිලි දෙක ගැට ගැසීමේ විවාහ චාරිත්‍රය පවා නොසලකා හරින ලද බව නොක්‌ස්‌ මහතා සඳහන් කරයි. තවත් තැනක සදහන් වන්නේ මනාලිය සැමියා සමග සම්භෝගයේ (සංසර්ගයේ) යෙදෙන මුල් සතිදෙක පරීක්‍ෂා කර බැලීමේ කාලයක්‌ ලෙස සැලකූ අතර මේ පරීක්‍ෂණ කාලයෙන් පසු විවාහය ස්‌ථිර කරනවාද නැද්ද යන්න තීරණය විය. එනම් ඇයගේ කන්‍යාභාවය එහිදී සැලකියයුතු සාධකයක් නොවු බව පැහැදිලිය. (මෙහි ඡායාව අදත් බෞද්ධ සමාජෙය් පවතී) එපමණක් නොව යම් පුරුෂයකු සිය භාර්යාව ගර්භනීව සිටියදී හෝ දරුවකු ලැබ සිටියදී දික්‌කසාද කරන ලද නම් නඩත්තු ගෙවිය යුතු වූයේ හයමාසයකට පමණක් බවට නීතිරීති පැවතුනු අතර එලෙස නඩත්තු ගෙවීමට කෙනෙකු නොවූ විටක උඩරට ගම්සභාව මගින් එම ස්ත්‍රීන්ට රෙදි ලබාදුන් බව ද සඳහන් වේ. උඩරට අධිකරණ කොමසාරිස්‌ ඡේමිස්‌ මහතා ප්‍රකාශ කරන්නේ පුරුෂයකුට තම බිරිය එපා වූ විට ඇය එනවිට රැගෙන ආ දේ සමග හය මාසයකට සෑහෙන කෑම බීමද සමග ඇගේ ගමට ඇය පිටත්කරලීමෙන් දික්‌කසාද කළ හැකි බවයි. මීට අමතරව ස්ත්‍රීයාක් දික්කසාද කිරීම සදහා ඉහත කරුණුවලට අමතරව තවත් සුවිශේෂි කරුණු කිහිපයක් නීතියානුකූලව පුරුෂයන්ට හිමිව තිබුණු ඒ තම බිරිඳ වඳනම්, කට සැරනම්, වනචර නම්, මත්පැන් පානය කරයි නම්, ගැහැනු දරුවන් පමණක්‌ වදයිනම්, සැරපරුෂ නම්, රෝගපීඩාවලින් පෙලෙයි නම් ඇය දික්‌කසාද කර වෙන බිරිඳක්‌ ගෙනඒමේ අයිතිය සැමියකුට හිමිවිය.

මේ තොරතුරු අනුව අතීතයේ ශ්‍රී ලාංකීය සමාජයේ කාන්තාවට හිමිව පැවතී තැන කොතැනද? යන්න අවබෝධ කරගැනීම ඔබට අපහසු නොවනු ඇත. කාන්තා නිදහස ඉස්ලාම් දහම උදුරාගන්නවා යයි පවසන සමාජය එදා ඇයට ලබාදී තිබූ තැන දැන් ඔබට අවබෝධ වනු ඇත. එදා පමණක් නොව අදටත් දික්කසාදයට මුහුණ දුන් කාන්තාව (වැන්දඹු) ඔවුන් දැකීම අසුභ සලකුණක් ලෙසත්, ඔවුන් කිසිදු සුභ කටයුත්තකට සහභාගි කර නොගැනීම තුලත් කාන්තා නිදහස ලාංකීය සමාජය පවා වචනයට පමණක් සීමා කොට ඇති බව මනාව සනාථ කරයි. මෙවන් සමාජ පසුබිමක ඉස්ලාම් කාන්තාවට ලබාදී ඇති නිදහස අභියෝගයට ලක් කරන පිරිස එය කොතරම් අනවබෝධයෙන් කරනවාද? යන්නට මෙම අඩවිය තුල මීට පෙර සාකච්ඡා කල පහත ලිපියන් හොදම නිදසුනකි.

  • කාන්තාවට හිමිවිය යුත්තේ සමතැනද? නිසිතැනද?
  • ඉස්ලාමීය කාන්තා දේපල බෙදීමේ නීතිය

එම ලිපියන්ට අමතරව මෙම ලිපිය ද ඉස්ලාම් කාන්තාවට ලබාදී ඇති ස්ථානය ඔබට තවත් හොදින් තහවුරු කරනු ඇත.
ඉස්ලාම් දහම තුල දෙවියන් අකමැත්තෙන් අනුමත කල අවසරයක්…

මෙම ලිපියෙහි ඉතිරි කොටස

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *