දියුණු ළමා පරපුරකට මාංශ අනුභව අවශ්‍යයි.

0

මාංශ අනුභවයඅද දින යහමඟ අඩවිය තුලින් අවදානය යොමු කරන්නේ අප රටේ ජනප්‍රිය ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පත පසුගිය දිනක ඉදිරිපත් කල ලිපියක් සම්බන්ධවයි. 2014 ජූනි 08 ඉරිදා දින ‘දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම්, මාංශ අනුභව කළ යුතුයි’ යන මැයෙන් පල වී තිබූ එම ලිපිය අප රටේ ජනප්‍රිය එසේම විශේෂඥ වෛද්‍යවරයෙකු වන ආරියසේන යූ ගමගේ මහතා සමඟ රාවය පුවත්පත කරන ලද සංවාදයකි. මෙය නිර්මාංශ ප්‍රතිපත්තිය සමාජය තුල වැපිරීමට හා එය නීතිගත කරන්න වියරුවෙන් හා අන්ධ භක්තිකව කටයුතු කරන සියළුදෙනා බුද්ධිමත්ව විමසා බැලිය යුතු කාලීන ලිපියකි. මේ හේතුව නිසාම ‘පුවත් විමසුම‘ නම් ගොනුව යටතේ මෙම ලිපිය යහමඟ අඩවිය තුල මෙලෙස ඉදිරිපත් කරමි.

උපුටාගත් එම ලිපිය මෙසේය…

පෝෂණ විද්‍යාව අනුව මාංශ ආහාරයක් මිනිස් ශරීරයට කොතරම් වැදගත් ද කියන තැනින් මේ කතාබහ ආරම්භ ‍කළොත්…

පෝෂණ විද්‍යාව විද්‍යාවක් විදියට දියුණු වෙලා තවම අවුරුදු සීයක්වත් නැහැ. පෝෂණ විද්‍යාව එන්න කළින් අපි ආහාරයක්‍ වර්ග කළේ බොහෝ වේලාවට සීත උෂ්ණ කියලා. නැත්නම් පිත අඩුවැඩි ආහාර කියලා ලංකාව වගේ රඑටක් නම් තුන්දොස් මත පදනම් වෙලා තමයි ආහාර වර්ග කලේ. එහෙත් මිනිසාගේ වර්ධනය විද්‍යාත්මකව අධ්‍යනය කලායින් පසුව මේක වෙනස් වුනා.

බැරිබැරියාව කියන රෝගී තත්ත්වය බොහෝ වේලාවට හැදෙන්නෙ නාවිකයින්ට. ඒ කාලේ ඕලන්ද වෛද්‍යවරයක් නිවුඩු සහල් දුන්නාම මේ රෝගය මර්දණය කරන්න පුඵවන් කියල සොයාගත්ත. ඒක තමයි විටමින් වල උපත. මේ හින්ද මිනිසාගේ වර්ධනයට පෝෂණය ඉතාමත්ම වැදගත්. මිනිසාගේ ඒ ඒ වර්ධන අවශ්‍යතාවයන්ට අනුකූලව පෝෂණය කෙලෙසක විය යුතුද කියල පෝෂණ විද්‍යාව කියනවා.

මිනිසෙක් මුලින්ම සීඝ්‍රලෙස වර්ධනය වෙන්නේ මවගේ කුස ඇතුලත දී. ඊළඟට පලමු වසර පහ තුලදී, ඊලඟට යොවුන් වියේදී පලමු වසර පහ ඇතුලේ දරුවෙක් එයාගේ බර උපතේ බර වගේ තුන්ගුණයක් වැඩිකර ගන්නාවා. 12-16 අතර දී දෙගුණයකින් වැඩිකර ගන්නවා. මේ කාලවලට හොද පොෂනයක් අත්‍යඅවශ්‍යයි. මේ සදහා අත්‍යඅවශ්‍ය ආහාර මොනවාද? පෝෂක මොනවාද? වර්ධක ආහාර ඕනෑ, ඒකියන්නේ ‘ප්‍රෝටීන’. ශක්ති ජනත ආහාර ඕනෑ. කාබොහයිඩ්‍රේට්, තෙල් සහා මේදය, ශූද්‍ර පෝෂක ඒකියන්නේ විටමින, ඛණිජ ලවණ. මේ අහාර වලින් ප්‍රෝටීන සහිත ආහාර ඉතාමත් වැදගත්. ඒක අත්‍යඅවශ්‍යයි. මොකද අපේ ශරීරය අපේ ඉන්ද්‍රයන් වර්ධනය කරන වර්ධක ද්‍රව්‍ය වන්නේ ප්‍රෝටීන. අපේ මාංශ පේශිවල බොහොමයක් තියෙන්නේ ප්‍රෝටීන. අපේ රුධිරයේ ප්ලස්මාවේ තියෙන්නෙත් ප්‍රෝටීන. ප්‍රෝඨින ශාක හා සත්ව කියලා ඛාණ්ඩ දෙකකට වර්ග තරන්න පුළුවන්. මේ වර්ග දෙක අතුරිනුත් ඉස්තරම් ම වර්ගයේ නැත්නම් ප්‍රධාන ප්‍රෝටීන වර්ගය වෙන්නේ සත්ව ප්‍රෝටීන. ඒ අතරිනුත් බිත්තර සහා කිරි සුවිශේසයි.

මිනිසාගේ මොළය වර්ධනය සහා මාංශ ආහාර අතර සම්බන්ධය මොකක්ද?

අපිට දැනුම සදහා වගේම හැමදෙයක්ම සදහාම හොද ක්‍රියාශීලි නිරෝගි මොළයක් අත්‍යඅවශ්‍යයි. මොළයේ වැඩි කොටසක් සෑදිලා තියෙන්නේ කොලෙස්ට්‍රෝල්වලින්. කොලෙස්ට්‍රරෝල් තියන්නේ සත්ව තෙල් වර්ගයක් මේ තෙල් නිෂ්පාදනයටත් මාංශ ආහාරයට එකතු කරගැනීම ඉතාමත් වැදගත්. දරුවෙක් හැමදාම වර්ධනය වෙනවා. ඒ ඒ දවසට අවශ්‍ය පෝෂණය එයාට ඒ දිනයේදීම අනිවාර්‍යයෙන්ම ලැබිය යුතුයි. නැත්නම් එතන මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවෙන එක වලක්වන්න බැහැ. කායික වර්ධනයට වගේම මානසික වර්ධනයටත් ප්‍රෝටීන අත්‍යඅවශ්‍යයි. මේ නිසා මොළයේ වර්ධනය හා මාංශ ආහාර අතර සෘජු මැදීමක් තියෙනවා.

සත්ව ප්‍රෝටීන වලට ආදේශකයක් විදියට ශාක ප්‍රෝටීන භාවිතා කරන්න බැරිද?

පුළුවන්. එහෙත් ප්‍රශ්නයක් තියෙනවා. සත්ව ප්‍රෝටීන භාවිතා කරන කෙනෙකු ප්‍රමාණයට ශාක ප්‍රෝටීන භාවිතා කරන කෙනෙකු වැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. එතනදී යම් මන්දපොෂන තත්ත්වයක් ඇතිවිය හැක්යි. ආහාරමය සංස්කෘතිය ඇතුලේ මස් මාංශ විවිධත්වය වැඩි වුණාම පොශණය හොදින් සිද්ධ වෙනවා. ශාකමය ආහාර තුලින්ම පමණක් අපිට වැඩිය හැකි. නමුත් ප්‍රවේනිකව අපිට උරුම තැනට අපට ලඟාවන්න බැහැ. මෙතනදී අපිට විටමින් බී12 වගේ දේවල්, සමහරක් ඇමයිනෝ අම්ල පිටතින් දෙන්න වෙනවා. රටක් ජාතියක් විදියට දියුණු ළමා පරපුරක් ගැන සිතනවානම්, අපි මාංශ අනුභව කලයුතුයි. මොකද? අපි සර්ව භක්ශක සත්ව කොට්ඨාසයක්. අපේ දත් ඇන්දේ උල් දත් මොකටද පිහිටලා තියෙන්නේ?. මාංශ ඉරාගෙන කෑම සදහා ඒ නිසා මාංශ ඉතාමත් වැදගත්.

මාංශ ආහාර අතර හරක් මස් ප්‍රමුඛ වෙන්නේ කොහොමද?

හරක් මස් ලේ වඩනවා කියන පිලිගැනීම අපේ සමාජයේ එදි ඉදලම තිබුණනේ. ලේ අඩුකමට පීකුදු ඉතාමත්ම ගුණයි කියලා කියනවා. සිංහල ග්‍රාමීය කෘෂි කාර්මික සමාජය දිහා බලන්න, අතී ගම්වල හැම ගෙදරකම වාගේ හරක් ඇති කලා උන්ගෙන් කිරිටික ගොමටික ගත්තා. වයස්ගත වුනාම මොකද කලේ, ගමට එන මුස්ලීම් වෙළන්දන්ට විකුණලා දැම්මා. පස්සේ මස් පීකුදු කඩෙන් ගෙනල්ලා කෑවා. අතීතයේ දරුවෙන් කොටහළු වුනාම මඟුලකදී මළගෙදරකදී සල්ලි අවශ්‍යතාවයක් ආවාම ගෙදර ගොනා විකුණලා සල්ලි ගත්තා. ඝවඝාතක පනතක් තියෙනවා. ඒ පනතට අදාලව ටෙන්ඩර් ක්‍රමයට ඒ කඩ පවත්වාගෙන යනවා. මම නම් හිතන්නේ මේ පවත්වාගෙන යන ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාම රටක පෝෂණය ගැන සිතන කාටවුණත් වැදගත්. ‘ගව ඝාතනයෙන් වැලකෙමු’ වගේ සටන් පාඨවලට වඩා අපේ තරුවන් මීට වඩා පෝෂණය කල හැකි ක්‍රමයක් ගැන සීතීම වැදගත්.

අද දවසේ මාධ්‍ය ඉස්සරහට එන විශේෂඥ වෛද්‍යවරු කියනවා හරක් මස් අනුභවය මඟින් මඩවැල් ආශ්‍රත පිලිකා තත්ත්ව ඇතිවනවා කියලා. මේ මතය පිලිගත් නිවරුදි මතයක්ද?

නැහැ. කොහෙත්ම නැහැ. අද වෛද්‍යවරු එයාලගේ ආගම, සංස්කෘතිය හැදුන වැඩුන පරිසරය වගේ දේවල් පදනම් කරගෙන යම් යම් ප්‍රකාශ කරන බව පේනවා. ඒක ලංකාවේ සුලබ තත්ත්වයක්. මේ කියන කිසි දෙයක් පරියේෂණාත්මකවත් සායනිකවත් ඔප්පුකල දේවල් නොවේ. එනිසා එවැනි මත ප්‍රචාරය වීම සමාජයට හොද නැහැ. දැන් සමහරක් පිලිකා වර්ග තියෙනවා ඒවා දුම්පානය කරන පුද්ගලයෝ අතර එතරම් සුලබ නැහැ. එතකොට අපිට කියන්න පුළුවන්ද? ‘දුම්පානය හොදයි ඒ මඟින් පිලිකා මර්ධනය වෙනවාය’ කියලා. එනිසා වැරදි මත සමාජය මත මුදාහැරීම රටකට හොද නැහැ.

අද සමාජයේ තියෙන හරක් මස් විරෝධය තුල තිබෙන්නේ බෞද්ධ බලපෑමට වැඩිය හින්දු බලපෑම නේද?

ඒක ඇත්ත ලෝකයේ වැඩිම බෞද්ධයන් ප්‍රමාණයක් ජීවත් වන රට ටිබෙටය. ටිබෙටයේ මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය තමයි හරක් මස් ටිබෙටයේ මිනිස්සු ඇදුම් මසා ගන්නේ හරක් හමෙන් බුදු මැදුරුවල පහන් පත්තු කරන්න ගන්නෙත් හරකාගෙන්ම ගන්න තෙල්. ටිබෙටයට අමතරව තායිලන්තය, බුරුමය, වියට්නාමය වගේ බෞද්ධ රටවල බෞද්ධ මිනිසුත් හරක් මස් කනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. දානයටත් පිලිගන්වනවා. මම එක ගමනක් තායාලන්තයේ ශෙන්හයි කියන නගරයට ගියාම එහේ නගරාධිපති මගෙන් ඇහැව්වා ඔයාලට තිබෙන ලොකුම පොෂණ ගැටළු මොනවාද කියලා. මම කිව්වා අපිට ප්‍රෝටීන සහා කැලරිවල මන්දපෝෂණ තත්ත්වයක් තියෙනවා කියලා. එතකොට ඔහු කියනවා මම කීප සැරයක් නුවර මාලිගාවට ගියා, ඒ යන එන අවස්ථාවලදී පාර දෙපැත්තේ විශාල වශයෙන් බල්ලෝ ඉන්නා දැක්කා ඇයි බල්ලන්ගෙන් ඔබ අවශ්‍යතාව පිරිමසාගන්නේ නැත්තේ කියලා. තායිලන්තය කියන්නෙත් බෞද්ධ රටක්. එහේ බලුමස් හදන ස්ථාන තිබෙනවා මේ හින්දා මටත් හිතෙනවා මේ හරක් මස් විරෝධය හින්දු සංස්කෘතියෙන් ඉන්දියාවෙන් ණයට ගත් එකක් කියලා. හැබැයි මේකත් අමතක කරන්න එපා, ඉන්දියාව හරක් මස් කෑවේ නැති උනාට එයාලා ලෝකයට හරක් මස් අපනයනය කරන රටවල් අතරින් ඉහලින්ම ඉන්නවා. හරක් මස් කියන්නේ අද ඉන්දියාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක්.

අද හරක් මස් විරෝධයක් බෞද්ධයන් අතර ගො‍ඩනැගුවත් මේ තුල තිබෙන්නේ පටු ජාතිවාදී හැඟීම් සමුදායක්. හරක් මස් විරෝධය රට තුල ආගමික සහජීවනය වගේම ජාතික සමගියටත් ප්‍රබලව බලපානවා. අනික් පැත්තෙන් මේක ජාතියේ පෝෂණයටත් වක්‍රව බලපාන තත්ත්වයක්.

ඔව්, ජාතික සමඟිය වගේම නිදහස සැලකුවාම මෙතන ලොකූ ගැටළුවක් තියෙනවා අපි සංහල බෞද්ධයෝ හරක් මස් කන්නේ නැහැ කියලා මුස්ලීම් මිනිසාට කතොලිකයාට නොකා ඉදපන් කියන්න බැහැ. අපි මස් වෙළදාම කරන්නේ නැහැ කියලා එයාලාට වෙළදාම් කරන්න එපා කියන්නත් බැහැ. මේ සේරටම වැඩිය ලොකු ගැටළුවක් මම මෙතන දකිනවා. මමත් සිංහල බෞද්ධයෙක්. සිංහල බෞද්ධ අපි නිර්මාංශ වෙමු කියූ ගමන් අපි අනික් ජාතීන්ට වඩා පිටුපසට යනවා පෝෂණය පැත්තෙන්. මෙහෙම මේක දිගටම ගියොත් අපේ දරුවන්ගේ බුද්ධි වර්ධනය අනෙක් ජාතීන්ට සාපේක්ෂව පහලට යාවී. මුස්ලීම් දරුවන්, කතොලික දරුවන් විශ්විද්‍යාලවලට වැඩිපුර ඇතුල් වනකොට අපිට ආයෙත් පිකට් කරන්න වෙයි මෙතන හොරයක් තියෙනවා කියලා. මම බෞද්ධ ධර්මය ගැන ලොකු බුද්ධිමතෙක් නොවෙයි. හැබැයි ප්‍රාණ ඝාතන අකුසලය ගැන හිතුවොත් අපිට ගහක්වත් කපන්න වෙන්නේ නැහැ. පණූ බෙහෙත් පෙත්තක්වත් බොන්න බැහැ. ඒ නිසා හැම දෙයක්ම ගැනම අපි විවෘතව කල්පනා කලයුතුයි කියලයි මම නම් හිතන්නේ. පටු ජාතිවාදී සීමාවල හිර නොවී.

දිනය – 2014 / 06 / 08 ඉරිදා

උපුටාගැනීම – ‘රාවය’ පුවත්පත

පිටුව – 18

උපුටා ගැනීම අවසානයි.

 

ඉහත විෂයට අදාලව යහමඟ අඩවිය තුල මීට පලකරන ලද ලිපි ‘මාංශ ආහාර‘ නම් ගොනුව යටතේ කියවන්න…

 

ඉදිරිපත් කිරීම – අබූ අර්ශද්

 

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp