දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේද? – පූර්විකාව

0

ආගම් හා දර්ශනයන් නාමයෙන් පීඩාවට පත්කරන ලද මිනිසා අවිද්‍යාවෙන් මිදෙන බවට වහසි බස් දොඩමින් විද්‍යාවේ සරණ පැතීය. ගින්දර යුගයේ සිට අගහරු යුගයටත් එතැනින් 21 වන සියවසයට පා තබන මිනිසා භෞතික වශයෙන් අනේක විධ යෝධ පියවරවල් තබමින් තාක්‍ෂණික ලොවට අවතීරණ විය. භෞතිකමය වශයෙන් දියුණුවේ ඉනිපෙත්තටම ගිය මිනිසා සිත දියුණු කිරීමේලා එවැනි යෝධ පියවරවල් තබන්න අසමත් විය. මිනිස් දියුණුවේ සාර්ථකත්වය පවතින්නේ භෞතික මෙන්ම අධ්‍යාත්මිකව ලබාගන්නාවු දියුණුවේය. ඒ අනුව මිනිසා තමා හා විශ්වය පිලිබදව ලබාගන්නා දැනුම අනුව සැලකීමේදී කිසියම් සීමාවක කොටුවී ඇති බවක් පෙනීයයි. එනිසයි 1961.04.12 දින ප්‍රථමයෙන් අභ්‍යාවකාෂය තරණයකල යුරි ගගාරින් (ජීවත්වු කාලය 1934-1968) නැවත පෘථිවියට පැමිණි අවස්ථාවේ පැවසුවේ “මා අහස පුරාම දෙවියන් සෙව්වෙමි නමුත් එහි කිසිදු දෙවියකු දක්නට නොලැබුනි” යනුවෙනි.

අදේව වාදීන්ට එනම් දෙවියෙක් නැතැයි යන විශ්වාසය මත පමණක් පදනම් වුවන්ට සහා ස්වයං වාදය එනම් සියල්ල ඉබේ ඇතිවුවක් යනුවෙන් විශ්වාස කරන ජනයාහට මෙය ඉතා හොද ප්‍රකාශයක් මෙන්ම සාක්‍ෂියක් විය. නමුත් මේ පිලිබදව බුද්ධිමත් ආකාරයෙන් සිතන විට එය නිවරුදි තර්කයක් නොවන බව පැහැදිලි වනු ඇත. විශ්වයේ විශාලත්වය සමග මොහු ගිය ගමන සැලකුවේ නම් එය සැලකිය නොහැකි තරම් කෙටිම කෙටි දුරකි. අදටත් විශ්වයේ විශාලත්වය විද්‍යාවට නිර්ණය කිරීමට නොහැකිව ඇත. විශ්වයේ විශාලත්වය සම්බන්ධයෙන් බුදුදහමේ පවසන කරුණ බහුතරයක් බෞද්ධයන් සිටින රටක් නිසාත් දෙවියන් පිලිබදව බෞද්ධයන් අතර පවතින්නේ මීට සමාන වු මතයක් නිසාත් එය ඉදිරිපත් කරමි.

අංගුත්තර නිකායේ රෝහිතස්ස සුත්‍රයේ මෙසේ සදහන්වේ,

“බුදුන්වහන්සේ ලගට පැමිණී රෝහිතස්ස බමුණා පවසනවා ‘ස්වාමිණී මම ඉස්සර ආත්මයේ රෝහිතස්ස නමින් තවුසෙක් වෙලා හිටියා මට ප්‍රබල සෘද්ධි බලයක් තිබුණා. එතකොට මට පුලූවන් වුනා දක්‍ෂ දුනු ශිල්පියකු තල් කොලයක් සිදුරුවෙන්න විදින්න කොයිතරම් කාලයක් ගතවේද ? ඒ තරම් සුඵ කාලයක් ඇතුළත එක් ලෝකදාතුවක් විනිවිද ගමන් කරන්න. ඉතින් මට හිතුනා විශ්වයේ කෙලවර සොයන්න. මම අවුරුදු 100 ක් අර වේගයෙන් විශ්වයේ උඩට ගමන්කලා අවසානයේ ඉම සොයාගන්න බැරුව මම උඩදීම මියගියා.’ ”

මේක තමයි විශ්වයේ අවසානය සොයා ගිය ගමනේ වැඩිම දුරක් ගිය පැරණිතම වාර්තාව. එයින් පෙනීයන්නේ බුදුදහමට අනුව බැලූවත් විශ්වයේ විශාලත්වය අනන්ත බවයි. ඉතින් එතරම් විශාල විශ්වයේ පවතින කෝටි ගනන් ග්‍රහ වස්තුවලින් එකක් වන මෙම පෘථිවියේ සිට ඉතා කෙටිදුරක් වන කිලෝමීටර් 327 ක් අහසට ගිය යුරි ගගාරීන් ගුවනේ රුදී සිටියේ ද ඉතා කෙටිකාලයක් වන විනාඩි 108 ක් පමණි. දියුණු තාක්‍ෂණ උපකරණ පවා නොමැති අවදියක විශ්ව ගවේෂණයේ යෙදුණු මොහුගේ ප්‍රකාශණය දෙස බැලීමේදී මොහු බුද්ධිමතෙක් යයි පවසනවාද? එසේත් නැත්නම් අන්ඥානයෙක් යයි පවසනවාද? මේ මොහතේ සුප්‍රකට දාර්ශණයකු වන ප්‍රරන්සිස් බැකම් කියු කියමනක් සිහියට නැගේ එනම්,

“විද්‍යාව සම්බන්ධයෙන් අවම දැනුමක් ඇති පුද්ගලයෙක් අදේවවාදයට තල්ලූවේ. නමුත් විද්‍යාව ගැඹුරින් අධ්‍යනය කල විද්‍යාඥයින් කිසිදු දිනක දේවවාදය ප්‍රතික්‍ෂේප නොකරයි.”

මේ අනුව මෙම දේවවාදය පිලිබදව විවිධ වූ පැතිකඩයන් ඔස්සේ එකින් එක දැන් අවධානය යොමු කරමු.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp