ධර්ම ද්වීපයේ ඉරණම – 2

10

ඉහත මාතෘකාව දකින යහමඟ පාඨක ඔබලා අතුරින් බොහෝ දෙනෙකු හ‍ට එම මාතෘකාව සම්බන්ධයෙන් ගැටළු රාශියක් ඇති වීමට පුළුවන. මෙවැනි මාතෘකාවන් මෙම අඩවිය තුල ලිපියකට යෙදීම පිලිබදව යහමඟ ට ද එකඟතාවයක් නැත. ඒ පිලිබදව මීට ඉහත අන්තවාදී නොවී බුද්ධිමත් විමසුමට යන ලිපිය තුලින් ද මෙම අඩවිය තුල කරුණූ පැහැදිලි කොට ඇත. නමුත් මේ මොහොතේ මෙම ලිපිය සදහා මීට වඩා සුදුසු මාතෘකාව යෙදීමට නොහැකි තරම් එය අනිවාර්‍ය මාතෘකාව වී ඇත. මන්දයත් මෑත කාලයක පටන් බ්ලොග් අවකාශය තුල නවතම ආකාරයේ ජාතිවාදී කල්ලි රාශියක් බිහිව ඇති අතර ඒ අතුරින් එක් කල්ලියක් වන්නේ “ධර්ම ද්වීපයේ ඉරණම” නම් බෝඩ් ලෑල්ල යොදාගත් ජාතිවාදී වියරු වැටුණූ කල්ලියයි. ඔවුන්, තමන් හෙළයන්, බෞද්ධ අයිතීන් හා බුදුදහම වෙනුවෙන් පෙනීසිටින බව පවසා ගන්නා කල්ලියකි.  මෙලෙස බෞද්ධයා වෙනුවෙන් පෙනීසිටිනා බව පවසාගන්නා මොවුන්ගේ සැබෑ න්‍යායපත්‍රය කුමක්ද? යන්න ඔවුන්ගේ ලිපි හා ක්‍රියාකාරකම් හොදින් අධ්‍යනය කරන සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකු හට අවබෝධ කරගැනීම අපහසු කාර්‍යයක් නොවේ.

“..ඔවුන් උඬඟුකමින් භූමියෙහි නපුරු ක්‍රියාවන් කිරීමට කුමන්ත්‍රණ කළෝය. නපුරු කුමන්ත්‍රණ එම කුමන්ත්‍රණකරුවන් මිස වෙන කිසිවකු වටකර ගන්නේ නැත… ”

ශුද්ධ වු කුර්ආනය 35-43


“ඉස්ලාම් දහමත් මුස්ලීම් සමාජයත් කෙසේ හෝ විවේචනය කලයුතුයි, ශ්‍රී ලාංකාව තුල වෙසෙන එම ජන කොට්ඨාශයට එරෙහිව මේ රට තුල සමාජ මතවාදයක් ගොඩනැඟිය යුතුයි” යන්න එකම තේමාව කරගෙන ක්‍රියාකරන ඔවුන්ගේ වියරු වැටුනු අන්තවාදීත්වයට නිදසුන් අපමණය. ඔවුන්ගේ මතවාදය ශ්‍රී ලාංකීය සමාජය තුල වැපිරීම සදහා ඔවුන් ගන්නා උත්සාහයන් තුල “මිත්‍යා ප්‍රහාරයන්” ද එවැනි එකකි. එම චෝදනාවන් කොතරම් බොළද හා පදනම් විරහිත ඒවාද යන්න මෙම අඩවිය තුලින්ම කිහිප අවස්ථාවක අනාවර්ණය කොට ඇත. එවැනි ලිපි දෙකක් නැවත ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,

මෙලෙස කිහිප අවස්ථාවක ඔවුන්ගේ නිරුවත ශ්‍රී ලංකීය සමාජයට යහමඟ  අනාවරණය කරද්දී අප රටේ සැබෑ බෞද්ධයන් ද යහමඟ හා අත්වැල් බැදගෙන ඔවුන්ගේ නිරුවත බෞද්ධ දෘෂ්ඨිකෝණයෙන්ම මිත්‍යා ප්‍රහාර යන මැයෙන් සමාජයට අණාවර්ණය කලා ඔබට මතකයේ ඇතැයි සිතමි. බෞද්ධයකුගේ එම පැහැදිලි කිරීම රටේ සුළු ජාතීන් වන අපට එය ඉමහත් සැනසිල්ලක් වූ අතර සැබෑ බෞද්ධයෙකු හට ද එම අනාවරණය තුල අවබෝධ කරගතයුතු බොහෝ දෑ විය. නමුත් ඒ සියළු ගඟට කැපූ ඉණිමෙන් නිෂ්පල කොට සුපුරුදු මඩ ව්‍යාපාරයේ මේ පිරිස තවදුරටත් නිරතව සිටින්නේ බුද්ධ ඉගෙන්වීමන් කෙරෙහි තමන්ගේ අවනතභාවය කොතරම්ද? යන්න ශ්‍රී ලාංකීය සමාජයට මනාව කියාපාමිණි.

ඒ අනුව ධර්ම ද්වීපයේ ඉරණ ගැන කිඹුල් කඳුල් සලමින් මුස්ලීම් සමාජයට එරෙහිව කටයුතු කරන ඉහත කල්ලිය මෙවර ඒ සදහා යොදාගත්තේ අලුත්ම ක්‍රමවේදයකි. එය මෙසේය…

Let’s Burn Qur’an in SL – රටපුරා කුරාණය ගිනිතබමු. රට දැය සමය ගැන සංවේදී බව ගොඩ නගමු!

This is how Heroes in SL respond to Islam attacks on our nation. Check the great video.

මේ පුණ්‍ය කර්මය හෙළය වෙනුවෙන් කල හෙළයන්ට මුරගල අපගේ උත්තමාංග නමස්කාරය. රට පුරා මෙය සිදු කරමු. කිසිවෙකුටත් හෙළයා ගොනාට ඇන්දීමට ඉඩ නොදෙමු!

මෙතෙක් කලක් විවිධ මිත්‍යා ප්‍රහාරයන් තුලින් මුස්ලීම් සමාජයට එරෙහිව බෞද්ධ සමාජය ප්‍රකෝප කිරීමට වෙහෙසුනු ඔවුන් ඒ තුල විශ්වාස භංගවීම නිසාදෝ, මෙවර ඔවුන්ගේ අරමුණ ඉටුකරවා ගැනීම සදහා යොදාගත්තේ නව ක්‍රමවේදයකි. එනම් මුස්ලීම් සමාජය ශුද්ධත්වයෙන් සලකන කුර්ආන් ග්‍රන්ථය ගිනිබත් කිරීම පිලිබදව වූ වීඩියෝ දර්ශනයකි. මේ තුලින් පැහැදිලි ලෙස ඔවුන් අපේක්ෂා කරන්නේ මුස්ලීම් සමාජය බෞද්ධ සමාජයට එරෙහිව කිසියම් ප්‍රකෝපකාරී ක්‍රියාවකට පොළොඹවා ගැනීමයි. ඇත්තෙන්ම මෙය මුස්ලීම්වරුන්ට සංවේදී අවස්ථාවක් යන්නෙහි තර්කයක් නැත. නමුත් මේ මොහොතේ හැඟීමන්ට වහල් නොවී සියළු පාර්ශවයන් බුද්ධිමත් ලෙස මෙම කාරණය විමසා බැලීම තමා අත්‍යඅවශ්‍ය වන්නේ. ඒ සදහා කරුණූ කිහිපයක් ඔබගේ අවධානයට මා ගෙන එන්නට කැමැත්තෙමි.

  • බෞද්ධ සමාජය සමඟ දීර්ඝ කාලීන ඉතිහාස බැදීමක් ඇති මුස්ලිම් ජනතාවට අතීතයේ කිසිදු දිනෙක නොදුටු මෙවැනි දෑ මෑත කාලීනව දකින්න ලැබීම තුලින් පැහැදිලි වන්නේ මෙය සංවිධානාත්මක කුමන්ත්‍රණයන් බව නොවේද?
  • අතීතයේ කිසිදු දිනක නොඇසූ විවේචන හා චෝදනා වර්ථමානයේ මුස්ලිම්වරුන්ට එරෙහිව ගොඩනැඟීම තුල ඉහත කුමන්ත්‍රණය වඩ වඩාත් තහවුරු වෙනවා නොවේද?
  • ඉහත වීඩියෝ දර්ශනය තුලින් මතු කරන සිදුවීම සත්‍යයක් වුවත්, එය බුදුදහමේ ඉගෙන්වීමක් විය හැකිද?
  • මා අවබෝධ කරගත් බුදුදහමට අනුව “තවත් ආගමික ග්‍රන්ථයක් ගිනිබත් කිරීම පුණ්‍යකර්මයක්” බව පවසන්නට තරම් බුදු දහම පහත් තැනකට වැටී ඇතැයි මා නොසිතමි. ඔබද එය විමසා බැලිය යුතු කාරණයක් නොවේද?
  • “රටේ අන්‍ය ආගමික ග්‍රන්ථ ගිනිබත් කොට ඒ තුලින් ධර්ම ද්වීපයේ ඉරණම” තීන්දු කරන්න හදන මොවුන්ගේ මානසික විකෘතිභාවයට මීටත් වඩා සාක්ෂි අවශ්‍යද?
  • රටපුරා මෙවැනි ක්‍රියාවන් දියත් කොට ඒ තුලින් රටපුරා සංවේදී බවක් ‍නිර්මාණය කිරීමට යෝජනා කරන මොවුන්ගේ බොළදකමට අනුකම්පා කිරීම නොවේද? මුස්ලිම්වරුන් වන අප කලයුත්තේ.
  • “හෙළයා ගොනාට ඇන්දීම ඉඩ නොදෙමු!” යනුවෙන් පවසමින් සමස්ථ හෙළයාම ගොනාට අන්දවා පමණක් නොව බුදු දහමත් ප්‍රශ්නාර්ථයක් කර ඇත්තේ කව්ද?

මේ ආකාරයට ඉහත වීඩියෝව පදනම් කරගෙන ශ්‍රී ලාංකීය බුද්ධිමත් ප්‍රජාවගේ අවධානයට තවත් කරුණූ ගණනාවක් පෙලගැසීමට හැක. නමුත් “ධර්ම ද්වීපයේ ඉරණම” තීන්දු කරන්නට හඳන ඉහත පිරිසගේ න්‍යාය පත්‍රය කුමක්ද? යන්න තීන්දු කිරීමට බුද්ධිමත් ප්‍රජාවට ඉහත එක් කරුණක් වුවද ප්‍රමාණවත් යයි සිතන නිසා එතැනින් නතර කරමි.

කෙසේ වෙතත් අවසාන වශයෙන් මුස්ලිම් සමාජයේ අවධානයට ද කරුණූ කිහිපයක් පැවසිය යුතුව ඇත. වර්ථමානයේ බෞද්ධකම බෝඩ් ලෑල්ලට පමණක්ම සීමා කරගත්, රටේ සුළු ආගම් විවේචනය කිරීම තමා සැබෑ බෞද්ධකම යනුවෙන් දහම අවබෝධ කරගත්, විකෘති මානසික ආබාධයන්ගෙන් පෙලෙන ඉහත ආකාරයේ කල්ලීන් හතුපිපෙනවා සේ රටපුරා බිහිවෙමින් පවතී. ඔවුනට මඟපෙන්වීම සදහා වැදි බණ කියන විද්වතුන් ද දිනෙන් දින වැඩිවෙමින් පවතී. එවන් පසුබිමක අද ශුද්ධ වූ කුර්ආනය ගිනිබත් කරන වීඩියෝ දර්ශනයක් පෙන්වන මෙම පිරිස හෙට දිනයේ මීටත් වඩා දරුණූ ක්‍රියාවන්ට ද යොමු නොවනු ඇතැයි කිව නොහැක. ශුද්ධ වූ කුර්ආනය ගිනිබත් කිරීම තුලින් හෝ එවැනි වෙනත් ක්‍රියාදාමයන් තුලින් ඉස්ලාම් දහමේ වර්ධනය හා ව්‍යාප්තිය අඩාල කලහැකි යයි කිසිවකු සිතන්නේ නම් එය විහිළුවකි. මෙවැනි සිදුවීම් ලොවපුරා අනන්තවත් සිදුවනවා යන්න තිත්ත වූ සත්‍යයකි. මීට කලකට ඉහත ද ඇමරිකාවේ මෙවැනි ක්‍රියාවක් සිදුකිරීමට සූදානම් වූ පුවත කුර්ආනය ගිනිතැබීමට ඉදිරිපත් වූ දේවගැතිවරයා යන ලිපිය තුලින් ඔබේ අවධානයට ගෙන ආවා මතකයේ ඇතැයි සිතමි. එවැනි සිදුවීමන් සමඟ මෙම වීඩියෝ දර්ශනය ද තවත් එකක් පමණි.

කුර්ආනය ගිනිතැබීමට ඉදිරිපත් වූ දේව ගැතිවරයා

කුර්ආනය ගිනිතැබීමට ඉදිරිපත් වූ දේව ගැතිවරයා

මෙහිදී මුස්ලීම් සමාජයේ අවධානයට තවත් අනාවරණයක් කලයුතුව ඇත. ඒ මෙහි ඉදිරිපත් කරන වීඩියෝව ශ්‍රී ලාංකීය සමාජය තුල සිදුවුවාක් නොවන බවයි. බොරුව හා ජාතිවාදය පමණක් පදනම් කරගත් ඉහත කල්ලීන්ට මේවා තමා බෞද්ධකම වී ඇත්තේ. මෙවැනි පිරිසගේ ක්‍රියාකලාපයන් හමුවේ සැබෑ බෞද්ධයන් විශේෂයෙන් බෞද්ධ දහමේ වගකිව යුතු පාර්ශවයන් පවා නිහඩව සිටීම සැබැවින්ම මවිතයට කාරණයකි. කෙසේ නමුත් මුස්ලීම් ප්‍රජාවගේ අවධානයට පැවැසිය යුතුව ඇත්තේ ඉස්ලාමීය ඉතිහාසය හොදින් විශ්ලේෂණය කලේනම් මෙවැනි කුමන්ත්‍රණ අඩුවක් නැතුව අතීතය පුරාවට දක්නට ඇත. ඒ හැම අවස්ථාවකම වෙන අවස්ථාවන්ට වඩා ඉස්ලාම් දැඩි ජනතා අවධානය හා ආකර්ශනය දිනාගෙන ඇත. මන්ද මෙවැනි සිදුවීමන් තුල බුද්ධිමත් ජනතාවගේ අවධානය එහි ඉගෙන්වීමන් වෙත යොමුවීම අනිතුක් කාලවලට වඩා හොදින් සිදුවන බැවිණි. ඒ සදහා සමීපතම නිදසුනක් පවසනවා නම් ඇමරිකාව තුල මෑත කාලයේ ඉස්ලාම් සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීමට ඇමරිකාවට එදා එල්ල වූ ගුවන් ප්‍රහාරය හා එම චෝදනාව ඉස්ලාම් දහමට එල්ල වීම ප්‍රධාන හේතුවක් වු බව එරට සමීක්ෂණවලින් අනාවරණය වී ඇත. එසේනම් මෙවැනි කුමන්ත්‍රණ හමුවේ මුස්ලිම්වරුන් වන අප කලබල වීමට අවශ්‍ය නොවේ. විශේෂයෙන් එවැනි කුමන්ත්‍රණකාරී පිරිසගේ තත්වයට වැටී ඔවුනට පිලිතුරු දීමට ද කිසිවිටෙක නොපෙලඹිය යුතුය. කලයුතුව ඇත්තේ අල්ලාහ් (දෙවි)ගෙන් මුස්ලීම් සමාජයේ යහපත හා ආරක්ෂාව උදෙසා ප්‍රාර්ථනා කිරීම මෙන්ම නිර්මල ඉස්ලාම් දහම තම ජීවිතය තුල ක්‍රියාවට නැංවීම පමණි. එසේ ඉස්ලාම් පවසන දිව්‍යමය ආදර්ශය සෑම මුස්ලිම්වරයෙකුම තම ජීවිතය තුල ක්‍රියාවට නංවන්නේ නම්, මෙවැනි කුමන්ත්‍රණ නියත වශයෙන්ම ඉස්ලාම් දහමට ආශිර්වාදයක් වනු ඇත. මන්ද මෙවැනි කුමන්ත්‍රණකාරී පිරිස් සම්බන්ධයෙන් අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ 9-32 වාක්‍යයෙන් මෙසේ පවසයි.

“ඔවුන් අල්ලාහ්ගේ ආලෝකය (නම් දහම) මුවින් (පිඹ) නිවන්නට අදහස් කරන්නෝය. එහෙත් එම ප්‍රතික්ෂේප කරන්නන් අකමැති වුවද අල්ලාහ් ඔහුගේ ආලෝකය (නම් දහම) පරිපූර්ණ නොකර නොහරින්නේය”

ඉහත කල්ලීන් අල්ලාහ් (දෙවි) ආලෝකය මුවින් පිඹ නිවීමට දිවා රෑ මහත් පරිශ්‍රමයක් ගන්නා බව දැන් ඔබට පැහැදිලි කාරණයකි. ඒ සදහා රටේ බහුතර සහය ලබාගැනීම සදහා “බෞද්ධකම” නම් සළුව පොරවාගෙන එම අසහය උත්සාහයේ නිරත වන බවද පැහැදිලිය. අවසාන වශයෙන් ඉහත කල්ලියට එක් කාරණයක් පමණක් අවධාරණය කරමින් මෙම ලිපිය අවසන් කරමි.

සැබෑ බෞද්ධකම ඇත්තේ තම බ්ලොගයට යොදන බෝඩ් ලෑල්ල හෝ එහි වර්ණ භාවිතය එසේත් නැත්නම් එහි ලිපිවලට ඉදිරිපත් වන අදහස් දැක්වීම් (comments) කොතරම්ද? යන්න මත  නොව එහි පැවසෙන කරුණූ කොතරම් නිවරුදි ද ධර්මයට අනුකූලද යන කාරණය මතය. ඒ අනුව වෛරය හා මුසාව පමණක් පදනම් කරගත්  පන්සිල් පදයවත් ආරක්ෂා කිරීමට නොහැකි ඔබ වැනි පිරිස් බුදුදහම කථා කිරීම මේ ධර්ම ද්වීපයේ ආනාගත ඉරණම සැබැවිණ්ම කියාපෑමකි.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 10 යි.

  1. යථාර්තය 2013-01-12 at 16:43

    @ abuarshed
    අබූ අර්ශද් හැකි නම් කූරගල මුහුදු මහා විහාරය මෙන්ම අකුරණ ටවුන් 1 තුළද ඇති වී ඇති වාතාවරණය ගැන සොයා බලා ඊට ඔබේ දහම තුලින් කල හැකි දෙයක් පිළිබ‍ඳව පිළිතුරක් බලාෙපාෙරෙත්තු ෙවමි

    • අබූ අර්ශද් 2013-01-13 at 20:07

      එම ස්ථානය පිලිබදව හෝ එහි ඉතිහාසය පිලිබදව මට අවබෝධයක් නැත. නමුත් පැහැදිලිව කිවහැකි කාරණයක් නම් කුරගල යන්න ඉස්ලාමීය උරුමයක් හෝ පූජනීය ස්ථානයක් නොවේ. එහි මුස්ලීම්වරුන්ගේ අයිතීන් තිබෙනවාද? යන්න මා නොදනිමි. එය මගේ විෂය පථයට ද අදාල නොවේ. ඉස්ලාමීය ස්ථාවරය පවසනවා නම් අන්‍ය ආගමික සිද්ධස්ථානයක් විනාශ කිරීමට හෝ එයට අපහස කිරීමට ඉස්ලාම් දහම තුල අයිතියක් නැත.

  2. NAMBADAL 2012-06-01 at 19:44

    අබූ, ඔයා මොකද කුරගල, මුහුදු මහා විහාරය වගෙ තැන් ගැන කියන්නෙ? මේ වෙබ් අඩවිය පවත්වාගෙන කාගේ උවමනාවට දැයි ඔබ නොදැන සිටිය නොහැක. මුස්ලිම් සාධාරණත්වය ඔප්පු කරන්න හොඳ අවස්ථාවක්. අවංක උත්තරයක් දෙන්න බලන්න. ධම්මික 200% ක් හරි. චීනයට ජන්ගහනය වැඩි නිසයි “පවුලකට එකම දරුවෙක් පමණක් නීතිය අනිවාර්ය කර තිබෙන්නෙ. දෑනට අවුරුදු 20 කට පෙර ලංකාවේ මුස්ලිමානුවන්ට නොතිබූ මේ අලුත් ඇඳුම් (අරාබියට පමණක් ගෑලපෙන )විලාසිතා වලින් උත්සාහ දරන්නෙ තමන්ටම වෙනම (මුස්ලිම්) අනන්‍යතාවයක් ලබා ගැනීමයි. මීට අවුරුදු 20 කට පෙර සිංහල දෙමළ මිනිසුන් අඳින පලඳින විදියට ම ඇඳුම් ඇන්ද ඔබලා මේ වෙනසක් ඇතිකරගන්න උත්සාහ කරන්නෙ ඇයි? මම ඉගෙනගත්තෙ මුස්ලිම් ළමයි එක්ක අදත් එ අය මගේ යාලුවො. ඉස්සර එ ගෙවල් වලට අපි ගිහින් අපේම ගෙවල් වල වගේ හැසිරෙනවා. දැන් ඒවා අනික් පැත්ත හැරිලා. එයින් අසමගිය ඇතිවෙනව. ඔබල මේයිට වඩා නුවණින් කටයුතු කල යුතු බවඉ මගේ හැඟීම.

    • abuarshed 2012-07-30 at 20:49

      තරමක් ප්‍රමාද වී මෙම අදහසට ප්‍රතිචාර දැක්වීම පිලිබදව මා ප්‍රථමයෙන් කණගාටුව ප්‍රකාශ කරනවා,
      මගෙන් විමසන ප්‍රථම පැනය කුරගල හා මුහුදු විහාරය සම්බන්ධවයි. ඇත්තෙන්ම මේ විෂය පිලිබදව මා මේ දක්වා අධ්‍යනයක් කොට නැහැ.එයට හේතුව මෙම විෂය බොහෝ පිරිස් ගැඹූරින් කථා කලනිසා එම විෂයට මා ද වැඩි අවධානයක් ලබාදීම අනව්‍ශ්‍ය යයි සිතූ නිසාය. නමුත් එක් කාරණයක් පැහැදිලිව කිව හැක. එනම් මෙම කුරගල හෝ මුහුදු විහාරය සිංහල ජනතාවගේ උරුමයන් නම් එය කවුරුන් අත්පත් කරගත්තත් වැරදි යන්නත් මුස්ලීම්වරයෙකු එය සිදු කොට ඇත්නම් එය ඉස්ලාම් අනුමත නොකරනවා යන්නත්ය.
      මීලඟට මතු කරන ‘රටේ ජනගහනය’ සම්බන්ධ පැනයට කිව යුත්තේ මෙය ඉතා බොලද තර්කයන් යන්න පමණී. රටක ජනගහන වර්ධනය නිසි ලෙස කළමණාකරණය කලේනම් එය රටක සම්පතක් මිස ගැටළුවන් නොවේ. මෙහිදී චීනය පූර්වාදර්යක් නොවේ. වර්ථමන අප රටේ ජනගහන වර්ධනය උනන්දු කරවන ආකාරයේ නීතිරීති පවා සකස් වී ඇති ආකාරය බුද්ධීමත් ලෙස විමසා බලන්න. මෙහිදී ගැටළු වී තිබෙන්නේ මුස්ලීම් ජනගහනය වර්ධනය වෙද්දී සිංහල ජනගහනය වර්ධනය ‍ෙනාවීමයි. මෙයට හේතුව බුද්ධිමත් ලෙස විමසා බලන්න රටේ ආර්ථිකය ගැන හිතලාද මේ ආය උපත් පාලනය කරලා තියෙන්නේ කියලා. අනික මේ මුස්ලීම් ජනගහන වර්ධනය වැඩි යන ජාතිවාදී පිලිලය සමාජය තුල වැපිරෑ පිරිස් අතර අනගාරික ධර්මපාල හා සොම හිමි ප්‍රධාන තැනක් ගන්නවා. එම පිරිස් ‘සිංහලයනි ළමයි හදන්න එපා’ යයි කිව්වේ නැහැ ‘නුඹලාත් දහපන්ලා’ යනුවෙන් තමා කිව්වේ. එම නිසා මුස්ලීම් ජනතා වර්ධනය ‘රටේ ජනගහන වර්ධනය’ ගැටළුවක් යයි ඊනියා මතවාදයක් ගොඩනැගීම ජාතිවාදී මතවාදයක් පමණී. (මේ පිලිබදව දීර්ඝ ලෙස ලඟදීම කථා කිරීමට අදහස් කරමි)
      මීලඟට මුස්ලීම්වරුන‍්ගේ ඇදුම් විලාසය පිලිබදව තර්කයක් මතුකරයි. මෙහිදී ඔබ පවසන කාරණය ‘විලාසිතාවක්’ නම් එය ඕනෑම අවස්ථාවක වෙනස්කරගත හැක නමුත් ඉස්ලාම් දහමින් පනවා ඇති කොන්දේසිවලට යටත්ව කෙනෙකු ඇදුම් අදින්නේ නම් එය වෙනස් කල නොහැක. අනික් කාරණය මුස්ලීම්වරුන් අදින විලාසය මඟින් අනිකුත් සමාජයට ඇති බලපෑම කුමක්ද? මෑත කාලයේ අප රටේ බොහෝ කාන්තා හිංසනයන්ට හා දූෂණයන්ට හේතුව මේ ඇදුම් විලාසය යන්න පුළුල්ව කථා කරයි. එසේ තිබිය දී මුස්ලීම්වරුන් අදින ඇදුම් විලාසය අනිකුත් පිරිස් මෙන් වෙනස් කරගන්න යනුවෙන් පැවසීම බුද්ධිමත් තර්කයක් ද?. මෙහි හාස්‍ය ජනකම කාරණය වන්නේ ඇරගෙන ඉන්නා අයගැන නොව වසා සිටින අය ගැන වදවීමයි. අනික් කාරණය අරාබියට පමණක් ගැලපෙන විලාසිතා යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? යන්න මට නොතේරේ. ඔබට හැකි නම් ශ්‍රී ලංකාවට පමණක් ගැලපෙන විලාසිතාවක් පිලිබදව මට අදහසක් දෙන්න.
      මීළඟට ඔබ පවසනවා මෙවැනි ඇදුම් විලාසය නිසා ජාතීන් අතර අසමඟියක් ඇති වෙලා කියා මෙය සම්පූර්ණයෙන් වැරදි අදහසක්. අසමගිය ඇති වෙලා තියෙන්නේ අද ජාතිවාදී ආගම්වාදී හෝ අන්තවාදී ලෙස මෙම කාරණයන් දෙස බැලීම නිසා මිස ඇදුම් විලාසය වෙනස් වූ නිසා නොවේ. අතීතයේ ජාතීන් අතර පැවති සමඟිය, අප රටේ මෑතක බිහිවූ ජාතිවාදී හා ආගම්වාදී කල්ලි විසින් විනාශ කොට එකින් එකා අතර වියරුවක් අද නිර්මාණය කරලා. මේ නිසා අද අපට එකින් එකාගේ ආගමික මතවාද ගරු කරමින් ජීවත්වීමට තරම් විවෘත මනසක් නැති වෙලා

  3. NAMBADAL 2012-06-01 at 19:15

    මොහොමඩ් සහෝදරයා, මුස්ලිමානුවන් සාධාරණය යනුවෙන් අදහස් කරන්නෙ තමන්ට ලැබෙන ලාභයයි. මෙම වෙබ් පිටුවත් ලංකාව අල්ලා ගැනීමට දරන උත්සාහයේම කොටසක් බවයි මට හැඟෙන්නෙ. ඔබ අවංක නම් මට කියන්න පොතුවිල් අවට මුහුදු මහා විහාරය, කුරගල වගේ ඉතිහාසගත බෞද්ධ ස්ථාන බලෙන් අල්ලා ගෙන ඒවාට මුස්ලිම් මුහුනුවරක් දීම හරිද?ඉතිහාසයේ අවුරුදු 400 කටත් පෙර සිට මෙහි පදිංචි දෙමළ අයවත් මෙහෙම කරන්නෙ නෑ.

    • abuarshed 2012-06-07 at 08:08

      ඔය සහෝදරයාගේ ආවේගය මට තේරුම් ගන්න පුවවන්. මෙම වෙබ් අඩවිය සම්බන්ධයෙන් ඔබ දරණ මතය වැරදි බව මුලින්ම සදහන් කලයුතුයි. මෙම අඩවිය තුල ඇති ලිපි හොදින් විශ්ලේෂණය කලේනම් එය ඔබට පැහැදිලි වනු ඇත. ඊලඟට ඔය සහෝදරයා ‘…පොතුවිල් අවට මුහුදු මහා විහාරය, කුරගල…‘ සම්බන්ධයෙන් විමසන පැනය සරල කාරණයකි. එනම් එය සැබැවින්ම ඉතිහාසගත බෞද්ධ ස්ථාන නම් එසේත් නැත්නම් එය බෞද්ධ ප්‍රජාවගේ උරුමයන් නම් එවැනි තැන් මුස්ලීම්වරුන් ආක්‍රමණය කර ඇත්නම් එය සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක් වන අතර ඉස්ලාම් දහමට අනුවද එය වරදකි (පාපයකි). මෙහිදී සදහන් කලයුතු වැදගත් කාරනයක් ඇත. එනම් මෙවැනි අවස්ථාවලදී වෙබ් අඩවි තුලින් හෝ වෙනත් අන්තවාදී ක්‍රියාමාර්ගයන් හෝ කැලෑපත්තර වැනි පහත් ක්‍රමවේදයන්ට යොමු නොවී කලයුතු වන්නේ රටේ නීතිය හමුවට එම ප්‍රශ්න ගෙන ඒම හෝ වගකිවයුතු පිරිස් හමුවට එම ගැටළුව යොමු කොට සාමකාමී විසදුමක් ලබාගැනීමයි. මෙවැනි ක්‍රියාවක මුස්ලීම්වරුන් නිරත වී ඇත්නම් එය ‘යහමඟ‘ කිසිසේත් අනුමත කරන්නේ නැත.එපමණක් නොව එවැනි පිරිසට එරෙහිව හඩක් නැඟීමට පසුබට වන්නේත් නැත. මොකද ‘යහමඟ‘ පෙනීසිටින්නේ මුස්ලීම් සමාජය වෙනුවෙන් නොව ඉස්ලාම් දහම වෙනුවෙන් පමණක් වන නිසාය.

  4. mohamed 2012-02-18 at 03:13

    ධම්මික මහත්මයා මෙහි පවසනාකරයට ‘සම්පත් අර්බුදය’ යනු අප මත බලෙන් පටවපු දෙයකි. අදින් පරම්පරා දෙකක් හෝ තුනක් පසු පසට ගොස් බැලුවේ නම් සිංහල සමාජයේද දරුවන් බහුලව හැදීම සාමාන්‍යයෙන් දක්නට ලැබිය හැකි වු දෙයකි. එනමුත් මේ හැම දෙයක්ම වෙනස් වුයේ විවෘත ආර්ථිකයේ ආගමනයත් සමගය. අපගේ සංස්කෘතීන්, සම්ප්‍රදායන් හැම දෙයක්ම ‘ධනවාදයට’ පූජා කලේ අපී නොදැනුවත්මය. තවද ඒ මහතා මෙහිදී ඇමරිකාව ප්‍රමුඛ යුරොපීය ප්‍රජාවට ජනගහනය අධීක වීම හිසරදයක් සේ පවසා ඇත. එය එසේ නම් වසරින් වසර ලක්ෂ ගනනින් ග්‍රීන් කාඩ් වැනි කාඩ් නිකුත් කරනුයේ කුමක් නිසාද? ජනගහනය වැඩිවීම, රටක සංවර්ධනයට රුකුලක් වනු මිස බාධාවක් නොවේ. චීනය හා ඉන්දියාව මෙයට හොඳම නිදසුන් දෙකකි. බාධාවක් වනුයේ එය නිසි පරිදි කළමණාකරනය කල නොහැකි වූ විටදී පමනි. ඉස්ලාමය අවධාරනය කරන්නේද මෙයය්. නමුත් අවාසනාවට අප සමාජයේ පවතින නුගත්කම මෙයට බාධකයක් වී ඇත.

  5. Dammika 2012-02-16 at 01:38

    http:???(සමාවන්න මෙම අදහස් දැක්වීම් තුල වෙබ් ලිපිනයන් පලකරන්නේ නැත)???
    මම නම් හිතන්නේ මුස්ලිම් අයගෙ පැත්තෙනුත් මේවට වගකියන්ඩ ඕනේ. ඔවුන් ඉවක් බවක් නැතිව දරුවන් හැදීම නිසා පාරම්පරික නිජබිම් හිමි ජාතීන් භීතියට පත් වෙලා තියෙනවා. මේකට ඒ අය කියන්නෙ ජන ගහන ජිහාඩය කියලා. මෙය පල්ලියේ ලෙබ්බේලා දැනුවත්ව කරන දෙයක්. ලෝක ජන ගහනය බිලියන 7 ඉක්මවලා ඇති මොහොතක සම්පත් පිලිබද දැවැන්ත අර්බුදයක් ඇති මොහොතක, මුස්ලිම් ප්‍රජාව ඉවක් බවක් නැතිව තිරස්චීන ලෙස දරුවන් හැදීම නැවත් විය යුතුයි. මෙය අද ඇමරිකාව ප්‍රමුක යුරෝපීය ප්‍රජාවට ඇති මහත් හිසරදයක්. සිංහල මිනිසුන් පවා මේ ජනගහන ජිහාඩයට බිය වී ඇති තරම මනාව පෙනේ. ඔබලා කොතරම් දරුවන් හැදුවත් ලොව සම්පත් ඊට සමානව වැඩිවීමක් නැත​. මේ බව තේරුම් ගෙන උපරිම 3ක් ලෙසවත් ඔබලාගේ දරුවන් හැදීම සීමා කිරීම අද දවසේ මේ ලෝකයට කරන මහගු සේවයකි. නොඑසේනම් මෙවැනි ප්‍රහාර ඔබලාට එරෙහිව ඉදිරියටත් සිදුවනු වැලක්විය නොහැක. අතීත බෞද්ධ රාජ්‍යන්ව පැවති ඇෆ්ගනිස්ථාන​, පකිස්ථාන​, බංග්ලාදේශ් අත්දැකීම් දන්නා වර්ථමාන ලාංකීය සිංහලයන් මේ ආක්‍රමණික (කඩුවෙන්,ජනගහන් ජිහාඩයෙන්) ප්‍රහාරයෙන් භීතියෙන් ඇලලී ගොස් ඇති බව මධ්‍ය්ස්ත ලෙස මේ දෙස බැලීමේදී පෙනී යයි. අඩුම වශයෙන් උපරිම දරුවන් හැදීම වත් පාලනකට ඒම ඔබලා ගේ පැත්තෙන් කල යුතුම දෙයකි. අනෙක් ජාතීන්ට දරුවන් හැදීමට බැරි එකට බැරි එකට අපි පලිද කියා තමන් ගේ වරද සාධාරණිය කරගැනීම අනාගත සම්පත් අර්බුදයේදී මෙයට වඩා ඔබලාට එරෙහිව නැගී සිටීමකට අත වැනීමකි. ඒ අතරම ඔබලාගේ ආගමේ මෑත කාලයේ සිට අන්තවාදීව නැගී සිටීම මේ සමාජයේ පැහැදිලිවම දැක ගත හැකිය​. පෙරදා විවිද වර්නයෙන් යුතු පර්දාවෙන් සැරසී ගිය මුස්ලිම් යුවැතියන්, පුරුෂ බලහත්කාරය නිසා සියොලගම වැහෙන ලෙස, පොඩි ලමයින් පවා භීතියෙන් ඇලෙන හිජාබයට මාරුවී ඇත​. ඉස්සර මේ තරම් අන්තවාදයක් ඔබලා තුල අපි දැක්කේ නෑ. අද යන්තම් තරුණ විය එලබි ගමන් ඔබලාගේ මුස්ලිම් තරුණයින් ගෝත්‍රිකයන් ලෙසා ඉතා අප්‍රසන්න, පෙරේතයන් ලෙස රැවුල් වවාගෙන ගවුමක් වැනි ඇදුමක් ඇගලා පාරේ ගමන් කිරීම ඉතාම පිලිකුලකි. ඉස්සර ඔය තරම් අන්තවාදයක් අපි ඔබලා තුලින් නොදැක්කෙමු. නමුත් මෑතක සිට මේ ප්‍රවනතාවය දැඩිවී ඇත​. ඉතින් ජනගහන ජිහාඩය​, සංස්ක්‍රුතික ජිහාඩය ආක්‍රමනය වැනි හේතුන් නිසා ප්‍රදාන ජාතිය ඔබලා කෙරේ වපර ඇහෙන් බැලීමට පටන් ගෙන ඇත​. මම පැහැදිලිවම කියනවා ඉස්සර ඔය තරම් අන්තවාදයක් ඔබලාතුල තිබ්බේ නෑ. මේ මෑතක ඉදන් තමා ඔබලා තලේබාන් පන්නයේ අන්තවාදී, මූලධර්ම වාදයකට තල්ලුවී ඇත්තේ. ඔබලාගේ පැත්තෙන් මෙයට දෙන උත්තර මොනවාද​? අඩුම තරමේ ජන ගහනයවත් පාලනය කිරීමක් කල යුතුවම ඇත​.

    • abuarshed 2012-02-16 at 19:04

      දම්මික සහෝදරයාගේ අදහස් දැක්වීම තුල එකඟවිය නොහැකි කරුණූ කිහිපයක් ම ඇත. විශේෂයෙන් ‘ඉවත් බවත් නැතුව දරුවන් හදන‘ යන චෝදනාව හාස්‍ය ජනක චෝදනාවක් මම ඔබට ආරාධනා කරනවා අහඹූලෙස පවුල් 100 ක් ගෙන මේ පිලිබදව අනිකුත් සමාජය සමඟ සංසන්ධනාත්මක විමසා බලන්න. ඔබ මේ තර්ක ඉදිරිපත් කරන්නේ ඉස්ලාම් විරෝධී වෙබ් අඩවිවලින් උපුටාගත් කරුණූ පදනම් කරගෙනය. ඔබ තරමක් මධ්‍යස්ථව හිතන සහෝදරයෙක් මෙම කාරණයේදීත් පක්ෂපාතී නොවී විමසා බලන්න. හැබැයි මෙම කාරණය සම්බන්ධයෙන් ‘යහමඟ‘ ස්ථාවරය නම් ළමයි වැඩිපුර හැදීමේ වරදක් නොමැත යන්නයි. ළමයි යනු රටට සම්පතක් දිර්ඝ කාලීන ආයෝජනයක් නමුත් ඒ සම්පත ජාතිවාදී කණ්ණාඩි තුලින් බැලීම තමා මෙහි ඇති ගැටළුව (මේ පිලිබදව යහමඟ දීර්ඝ වශයෙන් ඉදිරියේ දී කථා කිරීමට අදහස් කරමි. එසේ නැතුව ඔබ පවසනවා සේ වර්ථමාන ලෝක ජනගහනයත් සම්පත් ප්‍රමාණයත් පිලිබදව කථා කිරීම අනවබෝධයකි. මෙම කාරණය මීටවඩා බුද්ධිමත් ලෙස විමසා බලන්න. අනික් කාරණය ඔබ වෙබ් අඩවියක පලවූ ලිපියක් ගෙනහැර දක්වමින් කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමට උත්සාහ කරන බවක් පෙනුනා ඔබ ඉදිරිපත් කල එම ලිපිය කොතරම් අන්තවාදී ලිපියක්ද? යන්න ඔබට ඇයි අවබෝධ නොවන්නේ. කිසියම් පවුල් ඒකකයක සිදුවුනා යයි පැවසෙන සිදුවීමක් පදනම් කරගෙන සමස්ථ මුස්ලීම් සමාජයටම එරෙහිව මතවාදයන් නිර්මාණය කරන්නට හදන එම පිරිසට එම පිරිස පූර්වාදර්ශයට ගෙන එවැනි නොව ඊටත් වඩා දරුණූ සිදුවීමන් සිංහල ජාතියට එරෙහිව ඉදරිපත් කිරීමට නොහැකි යයි සිතනවාද? නමුත් ඒවා පහත් වැඩ කිසියම් සිද්ධියකට ජාතිවාදී හෝ ආගම්වාදී මුහුණූවර ලබාදී සැබෑ ප්‍රවෘත්ති අනාවර්ණයක් නොවේ.
      මීලඟට ඔබ මුස්ලීම්වරුන් අදින ඇදුම් විලාසය පිලිබදව කථා කොට ඇත. එහිදී ද පලමුවෙන් කිවයුතු මීට පෙරම යහමඟ අවධාරණය කල කාරණයක් ඇත. ඒ වර්ථමාන ශ්‍රී ලංකාව තුල මුස්ලීම්වරුන් භාවිතා කරන ඇදුම් ඉස්ලාම් අවධාරණය කරන ඇදුමක් නොවන බවයි. ඉස්ලාම් විලාසිතාවක් හදුන්වා දී නැත ඇදුමක් තුලින් සැපිරිය යුතු අවශ්‍යතාවයන් පවසා ඇත. එම අවශ්‍යතාවය සපුරාලන ආකාරයේ ඕනෑම ඇදුම් විලාසිතාවක් තෝරාගැනීමේ වරදක් නැත. අනික් කාරණය නම් සැමෝටම එකඟ වියහැකි ඇදුම් විලාසිතාවක් ලෝකේ කොහේවත් නැත. මුස්ලීම්වරුන් අදින ඇදුම් සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය තුලත් සංවාද තිබෙනවා, මුස්ලීම් නොවන සමාජය අදින ඇදුම් සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය තුල ප්‍රබල විවේචන තිබෙනවා. නමුත් ඒ පිලිබදව කථා කලහැක්කේ සීමාවක් තුල හිද පමණි. මුස්ලීම් සමාජය මෙම කාරණය සම්බන්ධයෙන් අනිකුත් සමාජයන්ට ඇඟිලි දිගු නොකිරීම තුල ඔවුන්ට ඔබ වැනිම විවේචන නැතැයි සිතීම අනවබෝධයක්
      මීලඟට ඔබ පවසන කාරණය තරමක් දුරකට මා පිලිගන්නවා ඒ ‘ඉස්සර ඔය තරම් අන්තවාදයක් ඔබ තුල තිබ්බේ නෑ‘ යන්නයි. මෙම කාරණය විමසා බැලිය යුත්තේ ඒකපාක්ශිකව නොව මධ්‍යස්ථව හිඳය. අද අන්තර්ජාලය තුල හා ජනමාධ්‍යයන් හැසිරෙන ආකාරය මොහොතක් බුද්ධිමත්ව විමසා බලන්න. ඒ තුල මුස්ලීම් සමාජයට කොතරම් නම් පහර ගහනවාද? (මේ පිලිබදව දිර්ඝ ලෙස මෙම අඩවිය තුල ලිපි කිහිපයකින්ම කථා කොට ඇත) මුස්ලීම් සමාජයේ මූලික විශ්වාසයන්, අයිතීන් කොතරම් අපහසයට හා විවේචනයන්ට ලක්කරනවාද? ඔබ ඉදිරිපත් කරන වෙබ් අඩවියත් එයට හොද නිදසුනක් මෙවැනි වෙබ් අඩවි අද සියගණනින් ශ්‍රී ලංකාව තුල අද වනවිට ක්‍රියාත්මකයි. මුස්ලීම්වරුන් පවත්වාගෙන යන එකදු වෙබ් අඩවියක් ඔබට පවසන්න පුළුවන්ද? මා අභියෝග කරනවා පුළුවන්නම් හේතු සහිතව එවැනි එක් අඩවියක් නම් කරන්න. මෙවැනි අන්තවාදී හා ජාතිවාදී ක්‍රියාදාමයන් තුල මුස්ලීම් සමාජය නිහඩව හා කිසිවක් නොවූ ගානට සිටිය යුතු යයි කවුරුන් හෝ සිතන්නේ නම් එය මනුෂ්‍යයන් ලෙස පාලනය කල නොහැක්කක් මෙය හරියට ‘නිදා උන්නු දරුවා අඬවා ඔන්න අඬනවා‘ යයි පැවසුවා සේ නොවේද?.
      අවසාන වශයෙන් කිවයුතුව ඇත්තේ මුස්ලීම් සමාජය 100% නිවරුදි සිංහල සමාජය 100% වැරදි යයි මා කිසිවිටෙක නොපවසමි. එලෙස පවසන්නේ නම් එයත් තවත් අන්තවාදී හා ජාතිවාදී ප්‍රකාශයක් පමණි. මෙම විෂය සාපේක්ෂ ලෙස තමා බැලිය යුත්තේ එසේ සාපේකෂව බැලීමේ දී තීන්දු තීරණ ගැනීම අපහසු නොවේ. කෙසේ වෙතත් මෙම තත්වයෙන් අපේ රට මුදවැ ගැනීමට නම් මේ සියළු පාර්ශවයන් තම තමන්ගේ අඩුපාඩු දකිමින් ඒවා නිවරුදි කරමින් ඉදිරියට හඬත් නැගිය යුතුයි. එසේ නොමැතිව ඔවුන් කරන ඕනෑම පහත් ක්‍රියාවක් ආවඩන්නේ නම් එහි ප්‍රතිපලය ඉතා අවාසනාවන්ත තැනකට රට ගෙනයනු ඇත යන්න පමණක් පැවසිය හැක. …බුද්ධිමත් ලෙස විමසා බල්නන…

  6. ලොක්කා 2012-02-14 at 09:16

    ටෙර්රි ජෝන් දැන් ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයෙක්ලු(සල්ලි හම්බ කරන්නද දන්නේ නැහැ ),ධර්ම ද්වීපයේ ඉරණමේ කට්ටියත් ලගදීම ලංකාවේ ජනාධිපතිවරණයට තරග කරයි වගේ

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp