නවසඳ බැලීම නම් අවුරුදු චාරිත්‍රය

0

-moon-a“…ඉස්ලාම් දහමට අනුව හඳ උත්තරීතර වස්තුවකි, එහි දෙවියන්ගේ වාසස්ථානය ඇති බව ඔවුන්ගේ පිලිගැනීම වේ…”

“ඉස්‌ලාම් භක්‌තිකයන්ට දහවැනි මාසයේ පළමු සඳ දකින්නට වලිකන්නේ ඒ සඳ දැක්‌මෙන් තමන්ට වැඩිවැඩියෙන් ධනය ලැබෙතැයි හැඟීමෙන් බවට මතයක්‌ ඇත.”

මෙහි මා ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ මුස්ලීම් සමාජයේ පවතින ආගමික චාරිත්‍රයක් වන ‘නවසඳ බැලීම’ නම් චාරිත්‍රයට මුස්ලීම් නොවන ශ්‍රී ලාංකීය සහෝදර සමාජයේ සමහරක් ඊනියා විද්වතුන් ඉදිරිපත් කරන මතවාද කිහිපයකි. ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනතාව අතීතයේ පටන් මේ දක්වා අඛණ්ඩව ඉටුකරන ආගමික චාරිත්‍ර අතර ‘නවසඳ’ බැලීම ද ප්‍රධාන තැනක් ගනී. මෙහි ඇති වැදගත්කම නිසා මෙන්ම ඒ මුස්ලීම් චාරිත්‍රයට එල්ල වන ඊනියා මතවාද නිසාම ‘යහමඟ’ අඩවිය තුල පවා මේ විෂය පිලිබදව නොයෙක් අවස්ථාවල නොයෙක් මාතෘකා යටතේ කරුණු සාකච්චා කොට ඇත. නිදසුන් කිහිපයක් පවසනවා නම්,

බොහෝ විට උපවාස සමයේ හෝ අවුරුදු උත්සව සමයේ කථා කරන මෙම විෂය මේ මොහොතේ සාකච්චාවට ගන්නේ කුමක් නිසාද? යන කුතුහලය සමහර විට ඔබ තුල දැන් මතු වන්නට පුළුවන.

ඔව්, මෙවැනි ලිපියක් තුලින් මෙම විෂය අද දවසේ කථා කිරීමට හේතුවක් ඇත. ඒ, ඉහත ආකාරයට මුස්ලීම් සමාජයේ නවසඳ බැලීමේ චාරිත්‍රය අපහසයටත් උපහසයටත් ලක් කරන පාර්ශවයන් පහතින් ඉදිරිපත් කරන කරුණු කාරණා පිලිබදව කොතරම් දුරකට දැනුවත්ද? යන්න හා එකඟද? යන්න විමසා බැලීම පිණිසය. ඒ සදහා පිවිසුමක් ලෙස පසුගිය 2014/04/07 දින අපේ රටේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන ‘දොරමඩලාව’ නම් වැඩසටහනේ දී ජනප්‍රිය විද්වතුන් අතුරින් කෙනෙකු වන අත්තනායක එච් හේරත් මහතාගේ විග්‍රාහයකින් අරඹන්නේ නම්,

ඉහත විග්‍රාහය අනුව උදාවන සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල ‘නවසඳ’ බැලීම යන්න තීරණාත්මක සාධකයක් යන්න සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පවා අවබෝධ කරගැනීම අපහසු කාර්‍යයක් නොවනු ඇත. එය තවදුරටත් සරලව අවබෝධ කරදීම සදහා 2014 වර්ෂ බක්මහා උදාව සදහා නවසඳ බැලීමට නියම කොට තිබූ ආකාරය සදහන් කල හැක. එනම්,

  • නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ශය සඳහා 2014ක් වු අප්‍රේල් මස 04 වෙනි සිකුරාදා දින ද, අභිනව සූර්ය වර්ශය සඳහා මැයි මස 01 වන බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි.

  • Viewing the New-moon

Viewing the new moon for the new lunar year 04th of April & solar year 1st of May is good.

මේ අනුව ‘නවසඳ’ බැලීමේ චාරිත්‍රය මුස්ලීම් සමාජයේ මිත්‍යා ඇදහිල්ලක් යනුවෙන් කිසිවකු සිතන්නේ නම්, එය සම්පූර්ණ වැරදි අවබෝධයක් යන්නත්, චන්ද්‍ර මාස අනුව කටයුතු කරන සෑම කෙනෙකුම ‘නවසඳ’ උදාව නිර්ණය කිරීම තුල පමණයි නිවරුදිව එම මාසයේ ආරම්භය හා අවසානය නිර්ණය කලහැකි වන්නේ යන්නත්, මෙහි අවදාරණය කරන අතර මෙම නවසඳ බැලීමේ චාරිත්‍රය ඉස්ලාම් දහමට හා මුස්ලීම් සමාජයට පමණක් ආවේනික චාරිත්‍රයක් නොව ලොවපුරා බොහෝ ආගම්වල අදටත් පවතින ආගමික චාරිත්‍රයක් යන්න වටහා ගතයුතුව ඇත. එය තවදුරටත් අවබෝධ කරගැනීම පිණිස අප රටේ මහාචාර්‍ය වරයෙකු වන අනුරාධ සෙනෙවිරත්නයන් ‘ඥාන දර්ශන’ නම් කෘතියෙහි සඳහන් කරුණ මෙහි සදහන් කලහැක. එනම්,

‘මුස්ලිම්වරුන්ගේ රාමසාන් උත්සවයට පාදක වී ඇත්තේ චන්ද්‍ර මාස ක්‍රමය යි. රාමසාන් දිනයේ දී සඳ බැලීම හා නවසඳ අනුව අවුරුද්ද නියම කිරීම අදත් මුස්ලිම් බැතිමතුන් අතර පවතින චාරිත්‍රයයි. ක්‍රිස්තු භක්තිකයන්ගේ පාස්කු මංගල්‍යය පිළියෙළ වී ඇත්තේ සූර්ය චන්ද්‍ර මාස ක්‍රමය අනුව ය. බෞද්ධයන්ගේ මාස ක්‍රමය සකස් වී ඇත්තේ වෙසක් පුර පසළොස්වක දා ඇරැඹෙන පෝය මාසයත් සමඟයි. හින්දු ජනයා ගේ තෛපොංගල් දිනය පිළියෙළ වී ඇත්තේ සූර්ය මාස ක්‍රමය මත සකස් වූ චිත්තරෙයි නම් වූ බක් මාසයේ ආරම්භයත් සමඟ ය. බක්මාසයේ දී දෙමළ – හින්දු ජනයා විසින් ඉමහත් උත්කර්ෂවත් ලෙස සමරනු ලබන අවුරුදු උත්සවය පිළිගත් සිංහල ජනයා දැන් එය ඔවුන්ගේ ජාතික උත්සවය බවට පත්කරගෙන ඇතිවා පමණක් නො ව සිංහල ජාතියේ උපත සිදු වූ දා සිට පවත්වා ගෙන එනු ලබන ජාතික උත්සවයක් බවට කරුණු දීමට තරම් ජාතිමාමක වී ඇති බව සමහරුන් දක්වන විකාර අදහස්වලින් මනාව පැහැදිලි වේ. වර්තමානයේ දී සිංහල අලුත් අවුරුද්ද අපේ‍්‍රල් මාසයේ 13 හා 14 වන දිනවල දී පැවැත්වෙන නමුත් ආරම්භයේ දී හෝ එය බක් මාසයේ පුර පෑලවියෙන් හෝ බක් මාස පළමුවන දිනයේ දී පවත්වා ඇති බවට ද සාධක ඇත. මාර්තු 25 වන දා පැවැත්වූ සිංහල අවුරුදු උත්සවයක් ගැන ද තොරතුරු අනාවරණය වේ’

ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනතාව නවසඳ බලමින් මාසයක ආරම්භය හා අවසානය නිර්ණය කිරීමේ ක්‍රමවේදය අනවබෝධයෙන් උපහාසයට හා අපහසයට ලක්කල හා කරන සියළු පාර්ශවයන් විශේෂයෙන් මේ බක්මහා උත්සවය සමරණ්න හා එහි චාරිත්‍ර වාරිත්‍ර පිලිපදින්න බලාසිටින සියළු පාර්ශවයන් ‘නවසඳ බැලීමේ චාරිත්‍රය’ පිලිබදව නැවතවරක් විමසා බැලිය යුතුව ඇත. ඒ සදහා පහත ලිපියන් ඔබට පිටුවහලක් වේ යයි මා සිතමි. එනම්,

මේ අනුව අවසාන වශයෙන් සිංහල අලුත් අවුරුදු සමයේ එහි අවුරුදු චාරිත්‍රවල දී ඊනියා සම්ප්‍රදායන් තුල කොටු නොවී අවබෝධයෙන් හා නිවරුදි ලෙස එම චාරිත්‍ර ඉටුකිරීමට නුවණැස පෑදේවා! යනුවෙන් ද, සහෝදර සමාජවල පවතින ආගමික චාරිත්‍ර විවෘත මනසින් හා බුද්ධියෙන් බලන්නට කරුණාව හා මෛත්‍රිය පහල වේවා! යනුවෙන් ද, ප්‍රාර්ථනා එක් කරමින් මේ ලිපියට විරාමය තබමි.

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *