සම්බුද්ධ ජයන්තියක් සමරණ්න ලහි ලහියේ සූදානම් වන ශ්‍රී ලාංකීය බෞද්ධ ප්‍රජාවගේ අවධානයට මේ මොහොතේ කාලයක් මුළුල්ලේ මා සිත පැවතී බුද්ධ ඉගෙන්වීමන් යයි පැ‍වසෙන ත්‍රපිටකයේ සදහන් කරුණු කිහිපයක් පාඨක ඔබේ බිද්ධිමත් විමසුමට හා සංවාදයට ඉදිරිපත් කිරීමට අදහස් කරමි. ඒ වෙන කවරදාකටත් වඩා ඒ සදහා සුදුසුම කාලවකවානුව මෙය වන බැවිණි. සමයාන්තර විෂය පිලිබදව දීර්ඝ කාලයක් මුළුල්ලේ මා කරන ලද ගවේෂණවල ප්‍රථිපලයක් ලෙස මීට වසරකට පෙර ‘යහමඟ‘ නමින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ මූලික අරමුණවුයේ ද මෙවැනි කරැණු කාරණයන් පිලිබදව ශ්‍රී ලාංකීය සමාජය තුල කිසියම් සංවාදයක් ගොඩනඟමින් ඒ තුලින් බහු ආගමික පිරිස් අතර කිසියම් ආකාරයක ආගමික අවබෝධයක් නිර්මාණය කිරීමයි.
එහි පලමු පියවර ලෙස අද බෞද්ධයන් අතර මාංශ අනුභවය සම්බන්ධයෙන් පවතින මතවාදය හා ඒ මතවාදය පදනම් කරගෙන අනිකුත් සුළු ආගම් අභියෝගයට ලක්කිරීම රටේ පවතින සෑම (ලිඛිත හා විද්‍යුත්) මාධ්‍යයක් ඔස්සේ නිරන්තරයෙන් දකින්නට ලැබෙන කාරණයකි. එහිදී එම සංවාදයන් තුල අභියෝග, අනාවැකි, ආදර්ශ…. යනාදියෙහි නම් අඩුවක් නැත. නමුත් ඒ සියල්ල කල්පිතයන් පදනම් කරගත් තර්ක යයි මා පැවසුවේ නම් නියත වශයෙන්ම ඔබ එකඟ නොවනු ඇත. එසේම එවන් සංවාදවල මුලික අරමුණ වුයේ බුදුදහම ප්‍රචාරය කරනවාට වඩා රටේ සුළු ආගම් අපහසුවට ලක්කිරීම යයි මා පැවසුවේ නම් එයටත් ඔබ එකඟ නොවනු ඇත. නමුත් සැබෑව එයයි. (එය මෙම ලිපිය ඉදිරියට කිවීමේ දී ඔබට අවබෝධ වනු ඇත) මෙම කාරණයේ දී සෘජුව හා වක්‍ර ආකාරයට දැඩි අපහසයන්ට හා උපහසයන්ට ලක්වන පිරිස් අතර ප්‍රධාන තැනක් හිමිව ඇත්තේ මුස්ලීම්වරුන්ට යන්න වගකීමක් ඇතුවම ප්‍රකාශ කලහැක. ඒ අනුව මෙම විෂය පිලිබදව එනම්, “බුදුදහම, මාංශ අනුභවය හා වර්ථමාන සමාජය” යන මාතෘකාව ඔස්සේ කරුණු දැක්වීමේ සදාචාරාත්මක අයිතිය මුස්ලීම්වරුන්ට ඇත. මෙම ‘යහමඟ’ වෙබ් අඩවිය මීට පෙරද මෙම විෂය සම්බන්ධයෙන් ඉස්ලාම් දහම කෙරෙහි ලාංකීය බෞද්ධ ප්‍රජාවගේ දුර්මතය සමාජයෙන් තුරන් කිරීමට (සත්ව හිංසාව හා ඝාතනය, මනුෂ්‍ය ශරීරයට මාංශ අත්‍යඅවශ්‍යද?, සුළු ආගම්වලට එරෙහිව ආගම් හැසිරවීම …….යනාදී ලිපි තුලින්) විවිධ උත්සාහයන් හි නිරත වුවා යන්න පාඨක ප්‍රජාව හොදින් දන්නා කාරණයකි. නමුත් ඒ සියල්ල “ඟගට කැපූ ඉනි මෙන්” නිෂ්පල වුයේ (බෞද්ධ) ආගමික විද්වතුන් හා පූජකවරුන් බහුතරයක් මෙම (නිර්මාංශ) මතවාදය සමාජය තුල වැපිරීමේ ක්‍රියාවලිය තුල පෙරමුණ ගෙන සිටීම හේතුවෙනි. මෙවන් පරිසර තත්වය තෝතැන්නක් කරගත් සමහරක් (ආගමික විද්වතුන් හා පූජකවරුන් පමණක් නොව) විෂය දැනුම නොමැතිව අන්තවාදී බෞද්ධ පිරිස් පවා මෙම (මාංශ අනුභවය සම්බන්ධ) කාරණයේ දී ඉස්ලාම් දහම කිසිදු පදනමකින් තොරව විවේචනය හා අපහස කරන පිරිසක් බවට පත්විය. එහි අවසාන ප්‍රථිපලය නම්, ශ්‍රී ලාංකීය සමාජය තුල කෘරිරු හා හිංසාවාදී ජන කොට්ඨාශයක් ලෙස මුස්ලීම්වරැන් හුවාදැක්වීමයි. වෙන කවරදාකටත් වඩා ඉහලින් “යහපත් රටක්” පිලිබදව කථා කරණ වර්ථමානයේ යහපත් රට උදාකරන්න සුදානම් වන්නේ මා ඉහත සදහන් ආකාරයට නම් එය රට අවාසනාවන්ත ඉරණමකට යොමු කිරීමකි. බහු ආගමික රටක් වන අප අපේ රට යහපත් රටක් ලෙස ගොඩනැඟීමට නම් අත්‍යඅවශ්‍යම සාධකය වන්නේ එකින් එකා අතර අවබෝධය හා ගරුත්වය ගොඩනැඟීමයි. මෙය තමා “යහමඟ” අඩවිය ආරම්භ කිරීමේ අරමුණු අතර මුඛ්‍ය අරමුණ වුයේ. එය සදහා සුදුසුම කාලය තමා මේ උදාවන සම්බුද්ධ ජයන්තිය යන්න මාගේ විශ්වාසයයි. අද බහුතරයක් බෞද්ධ පිරිස් බුදුදහම නමින් දන්නේ බුදුන්ගේ දේශනවලට වඩා දහම නමින් කියවෙන කට කථාවන් පමණි. (මේ පිලිබදව යහමඟ මීට පෙරත් සාකච්චා කොට ඇත) මේ සම්බුද්ධ ජයනිතියේ පටන් හෝ බුදුන්ගේ දේශනයන් පදනම් කරගත් බෞද්ධ සමාජයක් නිර්මාණය වන්නේ නම් එය මා මේ දකින බෞද්ධ සමාජයට වඩා හාත්පසින්ම වෙනස් වූ සමාජයක් වෙනවා යන්න මා දුටු ත්‍රපිටකය තුලින් මට අවබෝධ කරගැනීමට හැකිවුණි. ඒ සදහා කලයුතුව ඇත්තේ සරල ක්‍රියාදාමයකි. ඒ බුදුන්ගේ දේශනය යයි පවසන ත්‍රපිටකය පොදු ජනතාවට නිරාවර්ණය කිරීමයි. එය කොතරම් දුරට බෞද්ධ ඔබට නිරාවර්ණය වී තිබෙනවාද? යන්න පහත ත්‍රපිටක වාක්‍යයන් තුලින් ඔබට ඔබව විනිශ්චය කරගත හැකි වනුඇත.

මෙහි දී සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් ඇත. පහතින් මා ඉදිරිපත් කරන ත්‍රපිටක වාක්‍යයන් වගකීමක් ඇතුව ඉදිරිපත් කරන අතර එහි අරමුණ ඉහත සදහන් කල පිරිස් මෙන් බුදුදහම පහත් අන්දමින් අපහසයන්ට හා උපහසයන්ට ලක් කිරීම නොවේ. (එවැනි පහත් තැනකට “යහමඟ” කවරදාකවත් අතීතයේදීත් කටයුතු කර නැති අතර ඒ සදහා ඉදිරියටත් අනුබල නොදෙනවා යන දැඩි ස්ථාවරයේ යහමඟ සිටී). නමුත් මෑත කාලයේ ශ්‍රී ලංකාව තුල බිහිවූ සමහරක් ජාතිවාදී හා ආගම්වාදී සංවිධාන සමාජයට හදුන්වා දුන් නව චින්තනයන් එනම් ‘බුදුන්ගේ දේශය’ හා ‘බෞද්ධ රාජ්‍ය’ යන බෝඩ් ලෑලි මතවාද වපුරමින් ජාතීන් මෙන්ම ආගම් අතර වෛරයක් නොසතුටක් නිර්මාණය කරවීමේ ප්‍රථිපලයක් ලෙස මෙවැනි මාතෘකාවන් පිලිබදව “යහමඟ” අඩවිය තුල කථා කිරීමේ මුඛ්‍ය වගකීමක් බවට ඔවුන් විසින් පත්කර ඇත.

මෙහි දී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව කිසිදු මුස්ලීම්වරයෙකුට තවත් ආගමික් විශ්වාසයක් අපහසයට හෝ විවේචනයට ලක්කල නොහැක. නමුත් බුද්ධිමත් සංවාදයන් සදහා එහි ඉඩ නැතැයි යන්න මින් අදහස් නොකෙරේ. එවැනි සංවාදයන් හි අවශ්‍යතාවය ශුද්ධ වූ කුර්ආනයේ වාක්‍යය (16-125) පවා මෙසේ අවධාරනය කරයි.

…තවද ඔවුන් සමඟ (තර්ක කිරීමට සිදුවුවහොත්) ඔබ (ගෞරවාන්විතව හා) අලංකාර ආකාරයෙන් තර්ක කරනු…

බුද්ධිය මුල්කරගෙන තමා දහම අවබෝධ කර ගතයුතු යන්න පිලිබදව ශුද්ධ වූ කුර්ආනය පැවසීමේ දී තවත් තැනක එනම් 25-73 වාක්‍යයේ මෙසේ පවසයි.

තවද ඔවුන් තම දෙවියන්ගේ වාක්‍යයන් පැවසූ විට එය බිහිරන් ලෙසත් අන්ධයන් ලෙසත් (පිලිගෙන) එහි කටයුතු නොකරයි (බුද්ධිමත්ව සිතාබලා කටයුතු කරයි)

ඉහත වාක්‍යයන් අනුව දහමක් අවබෝධ කරගැනීමේ දී බුද්ධියට ඉඩ දියයුතු යන්නත් එහි දී සංවාදයන් ගොඩනැඟීම අත්‍යඅවශ්‍ය කාරණයක් යන්නත් එය “අලංකාරව හා ගෞරවාන්විතව” කිරීම ඉස්ලාම් අවධාරණය කරන කාරණයක් යන්නත් පැහැදිලිය. මෙහි දී “අලංකාර” යන පදයට ඉස්ලාම් ලබාදෙන නිර්වචනය වන්නේ “ඉවසීම හා විෂය දැනුම” යන්නයි. ඒ අනුව විෂය දැනුම හා ඉවසීම ඇතුව සංවාදයන් ගොඩනැඟීම තුලින් ඇති වන අවබෝධය නිසා එකින් එකා අතර මතවාදයන් ගරුකිරීමේ විවෘත මනසක් ඇති වේ. එහි දී ශ්‍රී ලාංකීයන් වශයෙන් වෙනස් ආගමික මත දැරැවද ඒකීය සමාජයක් ලෙස අවබෝධයෙන් හා සහයෝගයෙන් ක්‍රියා කිරීම අපහසු නොවනු ඇත. මේ ආකාරයට එකින් එකා අතර යහපත් අවබෝධයන් ගොඩනැ‍‍ඟෙන විට එම පිරිස් අතර වෛරයක් නොසතුටක් කිසිදු විටෙක ඇති නොවන අතර එම ආදර්ශය ‘ත්‍රපිටකය තුල ද කිසියම් දුරකට සදහන්ව තිබෙනවා යන්න එම ත්‍රපිටක ග්‍රන්ථය කියවීමෙන් මට පසක්විය. නමුත් අවාසනවාකට වැරදි මඟපෙන්වීම නිසා මෙම කාරණන් පවා බෞද්ධ ප්‍රජාවගෙන් වසන්වී ඇති බවනම් සැබෑවක් ලෙස ස්ථීරවම පැවසිය හැක. ඊට මූලික හේතුව මෙම ලිපියෙහි වස්තු බීජය වන පහත කාරණයයි.

මාංශ අනුභවය සම්බන්ධයෙන් බුදුදහම කුමක් පවසනවාද? යන්න (බෞද්ධ) ආගමික විද්වතුන් හා පූජකවරැන්ගෙන් නොව බුදුන්ගේ දේශනය අන්තර්ගත ලියවිල්ල යයි පවසන “ත්‍රපිටකයෙන්” විමසා බැලුවෙමි. එහිදී එම කාරණය සම්බන්ධයෙන් බොහෝ කරැණු මාගේ නෙත ගැටුණි. එයින් කිහිපයක් පහතින් ඉදිරිපත් කරමි. (මෙම සටහන් මා විසින් ‘මෙත්තා’ යන වෙබ් link එක තුලින් උපුටාගත් අතර එහි මාගේ අදහස් කිසිවක් අංශු මාත්‍රයකින්වත් එක්කොට නැත) මෙහි දී විශේෂයෙන් සදහන් කලයුතු කාරණය නම් මා මෙම කාරණයන් මෙහි ඉදිරිපත් කරන්නේ රටේ බෞද්ධ ප්‍රජාව අපහසුතාවයකට ලක්කිරීම සදහා නොව මේවා බෞද්ධ සමාජයට අනාවර්ණය නොවී පවතින කාරණා යන්නත්, මේවාට ඉහතින් මා සදහන් කල විද්වතුන් හා පූජකවරු දෙන විග්‍රහය කුමක්ද? යන්න දැනගැනීම සදහාත්, ඒ තුලින් ජාතීන් අතර එකඟවිය හැකි පොදු කාරණයන් පවතින්නේ නම්, එහි දී සාමුහිකව ක්‍රියාකිරීමට එය පිටුවහලක් වන නිසාත්ම පමණි. මේ අභියෝගය ජයගැනීමට හැකිවේ නම්, නියත වශයෙන්ම බෞද්ධ ප්‍රජාවගේ සම්බුද්ධ ජයන්තිය රටේ යහපත් හෙට දවස වෙනුවෙන් අර්ථවත් වනු නොඅනුමානය.

මෙතැන දී සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම් මෙවැනි කරුණු දැක්වීමක් තුලින් “රටේ සමස්ථ බෞද්ධ ප්‍රජාව මාංශ අනුභව කලයුතුයි” යන්න හෝ “සමස්ථ මුස්ලීම් ප්‍රජාවට සත්ව ඝාතනය සදහා රජය පූර්ණ නිදහස ලබාදිය යුතුයි” අදහස් නොවේ. නිර්මල බුදුදහම පවතිනවා යයි පවසන ලාංකීය සමාජය තුලම,

කෙනෙකු “මාංශ ආහාරයට කිසිසේත් නොගතයුතුයි” යයිද,

කෙනෙකු “මාංශ ත්‍රිකෝටික ශුද්ධත්වයෙන් පවතී නම් ගතහැකි” යයිද,

කෙනෙකු “මාංශ අනුභව කලාට කාරි නැහැ” යයිද

පවසයි දැන් ඇති ගැටළුව මෙහි සැබෑ තත්වය කුමක්ද? යන්නයි. එනම් මේ පිලිබදව බුදුදහමේ ඉගෙන්වීම කුමක්ද? යන්නයි. එය සොයා ගැනීමට අපට ඇති එකම උරගල “ත්‍රපිටකය” යන්න බව මාගේ විශ්වාසයයි. එහි බෞද්ධ ප්‍රජාවට ද මතභේදයක් පැවතිය නොහැක යන්න ද මාගේ විශ්වාසයයි.

එසේ නම් දැන් ඒ වෙත අවධානය යොමු කරමු………

(මෙහි භාෂා ශෛල්‍ය තරමක් සංකීර්ණ වුවත් එය සරල කිරීමට යාම පවා ත්‍රපිටකයේ අන්තර්ගතය විකෘති කලා යන චෝදනාවට යටත් වන්නට සිදුවන වරදක් වියහැකි නිසා එය ඒ අකාරයටම පලකරමි)








මා ඉහත ඉදිරිපත් කර ඇත්තේ තවත් කියවන්නට ලිපියක් නොව සංවාදයට අනිවාර්යයෙන් ගතයුතු මාතෘකාවකි. මෙම ත්‍රපිටක වාක්‍යයන් පිලිබදව කිසියම් කෙනෙකු විග්‍රහයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ නම්, ඒ සදහා “යහමඟ” අඩවිය සතුටින් ඉදිරිපත් වන්නටත්, අවශය ඉඩ පහසුකම් මෙම අඩවිය තුල ලබා දෙන්නටත් සූදානම්. එසේම ඉල්ලීමක්ද කරන්නට අවශ්‍යයි. ඒ මෙම ලිපිය සදහා comments ඉදිරිපත් කිරීමේ දී මෙම ලිපියෙහි අරමුණ හා එහි අන්තර්ගතය සැලකිල්ලට ගෙන සංයමයකින් එය ඉදිරිපත් කිරීමට වගබලා ගන්න යන්නයි.

අබූ අර්ශද්



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *