නූතන ලෝකයට එදා මුස්ලිම් වරුන්ගේ දායකත්වය

9

අද වනවිට ලෝකය පුරා ප්‍රබල ලෙස මුල්බැස ඇති මතවාදයක් නම් “නූතන ලෝකයේ නව සොයාගැනීම් වලටත්, විද්‍යාවේ පුනරුදයටත් පූර්ණ දායකත්වය ලබාදුන්නේ බටහිර ජාතීන්” යන්නයි. මේ සදහා විවිධ වූ තර්ක විතර්ක පවා විවිධ අවස්ථාවන් හි ඉදිරිපත් වනවා අප දකින්නෙමු. සැබැවින්ම වර්ථමාන ලෝකය දෙස විමසුම් ඇසින් බැලුවේ නම් එම කාරණය පැහැදිලිව දක්නට ද ඇත. වෛද්‍ය ක්ෂේත්‍රය, තාක්ෂණික ක්ෂේත්‍රය, පරිගණක ක්ෂේත්‍රය, ඉන්ජිනේරු ක්ෂේත්‍රය… යනාදී ඕනෑම ක්ෂේත්‍රයක් සැලකූවිට එහි ඉදිරියෙන් සිටින්නේ බටහිරවාදීන්ය. ඒ අනුව ඉහත මතවාදය තුල කිසියම් දුරකට සාධාරණයක් පවතිනවා යන්නෙහි විවාදයක් නැත.

මෙසේ සමස්ථ ලෝකයේ ගෞරවය තමා වෙත ආකර්ශණය කරගන්නා බටහිරවාදීන් එම අවස්ථාව පලිහක් කරගෙන මුස්ලිම් ප්‍රජාව වෙත “මුස්ලිම්වරු නූතන ලෝකයේ දියුණුවට කිසිඳු ආකාරයකින් දායක නොවූ ජාතියක්” යන චෝදනාව ගොඩනඟමින් ඔවුන් කෙරෙහි වැරදි මතවාදයන් සමාජය තුල ගොඩනඟමින් සිටී. ඔවුන්ගේ දෝෂාරෝපණය හා වැරදි මතවාදය සාධාරණීකරන ආකාරයේ වූ සමහරක් ක්‍රියාවන් හි අද මුස්ලිම්වරුන් පවා නිරත වී සිටිනවා යන්න ද මෙහි සදහන් කලයුතු තිත්ත වූ ඇත්තකි. මේ පිලිබදව යහමඟ අඩවිය තුල මුස්ලිම් සමාජයේ අවධානයට ලිපි ගණනාවක් ඉදිරිපක් කර ඇති අතර මුස්ලිම්වරුනි!, ඔබ කොයිබටද? යන්න එවැනි එක් ලිපියකි. එය කෙසේ වෙතත් බටහිරවාදීන් හා ඔවුනට කඩේ යන අපේ ජාතීවාදීන්ගේ අවධානයට මෙන්ම බුද්ධීමත් පාඨක ඔබේ අවධානයට “ඇත්තෙන්ම මුස්ලිම්වරුන්ගෙන් ලෝකයාට කිසිදු සේවාවක් ඉටුවී නැද්ද?” යන කාරණය මොහොතක් විමසා බලමු.

වර්ථමාන ලෝකයේ මුස්ලිම්වරුන්ගේ ඉරණම එනම්, ලෝකයා විසින් ඔහුට උරුමකර දී ඇති යුද්ධය, සූරාකෑම, දේශපාලන කුමන්ත්‍රණ… යනාදී බලපෑම් හා මුස්ලිම්වරුන් විසින්ම උරුම කරගෙන සිටින කල්ලිවාදය, දේශපාලන කුමන්ත්‍රණ, ආගමික අනවබෝධය… යනාදී හේතූන් නිසා කිසියම් ආකාරයක පසුබෑමක් පවතිනවා යන්න සත්‍යයකි. නමුත් අද මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුව සිටින මුස්ලිම් සමාජයට ස්වර්ණමය යුගයක් පැවතුණු බවත් ඔවුන් එහිදී ලෝකයාට ලබාදුන් මෙහෙවර හා දායකත්වය අදටත් නූතන ලෝකයා විශ්මයට පත්කරවන සුළුය. “නූතන සොයාගැනීම් වලට මුළු දායකත්වය සපයන ලද්දේ බටහිර ජාතීන්ය” යන මතය මුසාවක් බවට පත් කරවන ස්වර්ණමය යුගය පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුල පලකල විද්‍යා පුනරුදයේ සැබෑ උරුමක්‌කරුවා යන ශ්‍රී ලාංකීය ජාතික පුවත්පතක පලවූ ලිපිය මෙන්ම මෙම විකිපීඩියා සබැඳුම මඟින් මනාව කියාපායි. ආගමේ නාමයෙන් විද්‍යාත්මක ගවේශණ සිදුකිරීමට බටහිර ජාතීන්ට තහංචි පනවා ඔවුන් මුළු ගැන්වූ වකවානුවක මුස්ලිම්වරුන් සිටියේ ඔවුනට වඩා පියවර ගණනාවක් ඉදිරියෙන් පරියේෂණ හා ගවේෂණ ගණනාවකට මැදිවීය. එහි ප්‍රථිපලයක් ලෙස මුස්ලිම්වරුන් අති විශාල සොයාගැනීම් ලෝකයට දායාද කල අතර බොහෝ විට නවීන සොයාගැනීම් රුසකටම පුරෝගාමීන් වූයේ මුස්ලිම්වරුන් ය. නමුත් අතී‍තයේ මුස්ලිම්වරුන්ට එරෙහිව විවිධ වූ ආක්‍රමණික යුද්ධයන් මෙහෙයවා අවාසනාවන්ත ලෙස එම සොයාගැනීමන් සොරාගත් බටහිරවාදීන් අද එහි සියළු ගෞරවයන් පුද ලබමින් සිටී. එය වඩාත් හොදින් අවබෝධ කර ගැනීමට පහත කරුණූ ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එමි.

[table "10" not found /]

ඉහතින් මා ඉදිරිපත් කර ඇත්තේ නිදසුන් කිහිපයක් පමණි. (තවත් කරුණූ  මෙම විකිපීඩියා සබැඳුම මඟින් කියවීමට ද හැක.) මේ අනුව වර්ථමානයේ මුස්ලිම් සමාජයේ පසුබෑමක් පැවතුනද? එයට ඉස්ලාම් ආගම හේතු සාධකයක් නොවන බව වටහා ගතයුතුය. මන්ද ආගම දහම කෙරෙහි දැඩි නැඹූරුවක් පැවතී යුගයක ලෝකයාට දායාදකල මෙම සොයා ගැනීමන් සදහා ඉස්ලාම් දහමේ මඟපෙන්වීම හා දිරිගැන්වීම නොඅඩුව ලැබුණි. එය චින්තන නිදහස හා වහල්භාවය යන තුලින් ඔබට හොදින් අවබෝධ කරගත හැකි වනු ඇත. ඒ වකවානුවේ බටහිර ජාතීන් ලෝකයා‍ට කිසිවක් දායාද කර ඇත්නම් එහි ගෞරවය ඔවුන්ගේ ආගමට හිමි නොවේ. මන්ද එදා එම ආගම් නව සොයාගැනීමන් සදහා තර්ජනයක් වූවා මිස කිසිදු විටෙක ආශිර්වාදයක් නොවූ බැවිණි.

කෙසේ වෙතත් අවසාන වශයෙන් මුස්ලිම් සමාජයට පැවසුය යුතු යමක් ඇත. ඒ අතීත මුස්ලිම්වරුන් ලෝකයා හට ලබාදුන් දායාදය කියාපාමින් කාලය ගෙවා දැමීම නොව අපෙන් වියයුත්තේ. ඔවුන් තුලින් උගතයුතු බොහෝ පාඩම් වර්ථමාන මුස්ලිම්වරුන් වන අපට තවම ඉතිරිව ඇත. මුස්ලිම්වරුන්ට එරෙහිව ඉදිරිපත් වන වර්ථමාන චෝදනාවෙන් අප මිදීමට නම් අතීතයේ ලෝක දියුණුවටත් සමාජ යහපතටත් අනගි දායකත්වයක් සැපයු අපට ඉදිරියටත් එවැනි විශ්මිතයන් සිදුකිරීමට සිදු වනු ඇත. ඒ වෙනුවෙන් ඉස්ලාමීය සමාජයේ අවධානය ලහිලහියේ යොමු විය යුතුව ඇත.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 9 යි.

  1. සුදේශ් ජයන්ත ( Jeddah ) සිට 2012-05-20 at 00:38

    බෞද්දයෙක් වශයෙන් මිට වසර 3 කට පෙර වසර 35 ක් පුරා ලංකාව තුල සිටින විට මම ඉස්ලාම් දුටුවේද අතැම් සහ බොහෝ ලාංකීය සහෝදරයන් දකිනා සේ වැරදි කෝණයකිනි. නමුත් මම සෞදි අරබියාවෙහි ජෙද්ද නගරයට පැමිණියාට පසුව මට සැබෑ ඉස්ලාමය හා සැබෑ මුස්ලිම්වරුන් ව දැකීමේ භාග්‍ය හිමිඋනා. එනිසා මම උනන්දු උනා ඉස්ලාම් දහම ගැන සොයාබලන්නට . ඒ අතර ලංකාවේ දී ට වඩා බුදුදහම ගැනත් ක්‍රිස්තියානි දහම ගැනත් සොයා බැලුව. මුලින්ම මම ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන තැන සිට අද්‍යනය කලේ .පසුව මම මද්‍යස්ථ ව සිට හැගීම් වලට වහල් නොවී අද්‍යනය කලා. ඉස්ලාම් හැර වෙනත් කිසිම දහමක් සත නොවන බව මට තහවුරු උනා. අද්‍යනය නොකර තර්ක කරන යට මම ආරාධනා කරනවා ඉස්ලාම් දහම ගැන නිවැරදි ආකාරයට අද්‍යනය කරන ලෙසට.

  2. Ami 2012-04-20 at 06:38

    @ Nandika Sirinuwan
    මිත්‍රයා ඔබගේ තේරුම්ගැනීම හැකියාව,අන් ආගම වලට ගරු කිරීම ගතිගුණය මම ඉතා අගය කොට සලකමි.

    අද ලෝකාවේ වැඩියෙන්ම වැරදිලෙස තේරුම්ගෙන ඇති ආගම ඉස්ලාම් දහමය්. වැඩියෙන්ම පහර වදින්නේ ඉස්ලාම් දහමටය .මෙයට හේතු තුනක් ප්‍රධාන වශයෙන් ඇත.
    1. මුස්ලිම් සමාජයේ සමහර වැරදි .
    2. මාධ්‍ය මගින් හුවාදක්වන දේ ( විශේෂයෙන් බටහිර මාධ්‍ය )
    3. ජාතිවාදී මානසිකත්වයකින් පෙලෙන , යමක් ගැන සොලබලීමකින් කතා කරන , තීරණ ගන්න මිනිසුන් ( ඉහත ප්‍රදීප් වැනි අය)

    සියලුම සමාජ වල ඔවුන්ගේම කළු බැටළුවන් සිටිති . මුස්ලිම් සමාජයටද එම දේ පොදුය . ඔවුන් කරන සියලුම වැරදි ඉස්ලාම් දහමට පටහැනි වේ. ඔවුන් ඉස්ලාම් දහම නියමාකාරයෙන් පිළිපදින අය නොවේ.
    1. මිනීමැරීම – ඉස්ලාමයේ සපුරා තහනම් වේ. දඬුවම මරණ දණ්ඩනය . ( මරණ දණ්ඩනය, තව මරන්නට එනවිට බේරීමට ඝාතකයාව මැරීමට වැනි කරුණු වලට අවසර ඇත )
    2. අනාචාරය – ඉස්ලාමයේ සපුරා තහනම් ය .( විවාහයෙන් පිට ලිංගික සම්බන්දත වලට මරණ දණ්ඩනය හෝ , කසපහර 80 කි )
    3.මත්පැන් පානය – ඉස්ලාමයේ සපුරා තහනම් ය . දඬුවම කසපහර 40 .
    4.සොරකම් කිරීම , වංචා කිරීම – ඉස්ලාමයේ සපුරා තහනම් ය
    5. බොරු කීම , කේලාම්කීම , බොරු සාක්ෂිදීම – ඉස්ලාමයේ සපුරා තහනම් ය ( කේලම් කියන්නා ස්වර්ගයට ඇතුල් නොවේ යය කුරානයේ ඇත )
    6. අන් ජාතින්හට හිරිහැර කරදර කිරීම – ඉස්ලාමයේ සපුරා තහනම් ය ( මෙය පිළිබඳව කුරානයේ සඳහන් කර ඇත. නමුත් වෙනත් ජාතියක් යුද්දක සඳහා එනවිට යුද්ද කරන ලෙසද කුරානයේ උපදෙස් දී ඇත. වර්තමානයේ බටහිර බලවේග මෙය “කුරානය ත්‍රස්තවාදය වපුරනවා” යැය බොරුවට චෝදනා කරන්නේ මේ නිසාය . යුද්දයකට එනවිට යුද්ද නොකර තපස් රකින්දද ??? ) ජිහාඩ් යන නාමයෙන් අහිංසක මිනිසුන් මැරීම විශාල වරදකි . මෙය ඉස්ලාමයේ ප්‍රතික්ෂේප කරි .

    මෙම වැරදි කිසිවක් නොකරන ඉතා යහපත් නියම මුස්ලිම් ජාතිකයන්ද අනන්තවත් සිටිති. නමුත් මාධ්‍ය ඔවුන් ගැන කතා කරන්නේ නැත.

    මෙලස තව තවත් කරන ලිවිය හැක. කිසියම් මුස්ලිම් ජාතිකයෙකු ඉතත සඳහන් වැරැද්දක් කළහොත් ඔහු කරන්නේ ඉස්ලාමයට විරුද්ද දෙයකි. ඉස්ලාමය විෂින් තහනම් කර ඇති දෙයකි. එම නිසා එම වැරැද්දට ඔහු වැරදිකරු මිස ඉස්ලාමය වැරදි නොවේ.

    දැන් මධ්‍යයේ හැසිරීම බලමු. යම් මුස්ලිම් ජාතිකයෙකු යම්කිසි වැරැද්දක කලවිට බොහෝ මාධ්‍ය ආයතන එම අපරාධකරු “මුස්ලිම්” ජාතිකයෙකු යය කීමට අමතක නොකරඊ . එයට “මුස්ලිම් අන්තවාදී , ඉස්ලාම් අන්තවාදී ” යය් නමක් අටවාගැනීමටද වගබලාගනී. නමුත් වෙනත් අගමිකයෙකු අපරාදයක් කලවිට තත්වයේ වෙනස්ය. උදාහරණයකට ඇමෙරිකාවේ පාසල්වල විටින්විට සිදුවන වෙඩිතැබීම , නොර්වේ ඝාතනය වැනි අපරාද වලදී අපරාද කරුගේ ආගම කිසිවිටකත් සඳහන් නොවෙඉ .මෙවැනි උදාහරණ බොහෝ ඇත. තවද මුස්ලිම් වරුන් විසින් කරන වැරදිවලට ඔවුන්ගේ ප්‍රවුර්තිවල වැඩි ඉඩකඩක් ඇත.වෙබ් අඩවි වලද තත්වය එසේමය. ලංකාවේද එවැනි වෙබ් අඩවි කිහිපයක් ඇත. එහෙම මාධ්‍ය වල ඒකායන අරමුණ ඉස්ලාම් දහම වැරදි යය ලොවට වැරදි පින්තූරයක් මවාපැමය. අවාසනාවකට අද ඔවුන්ගේ අරමුණ බොහෝදුරට ඉෂ්ටවී ඇත.

    දැන් තුන්වන කාරණය ගැන බලමු. මා දකින පරිදි ලංකාවේ සිංහල ජාතිකයන්ගෙන් 50% උග්‍ර ජතිවාදයකින් පෙලේ. සමහර වෙබ් අඩවි වලට දම ඇති කොම්මේන්ටු වලනි එබව මන පැහැදිලිවේ. ඉන් ඇති බහුතරයක් (99%) කුරානය හෝ නබි තුමාගේ වදන් අඩංගු පොත් කියවා නැත. නමුත් ඔවුන්ට හැකි උපරිම අයුරින් ඉස්ලාම් ආගමට බන වදී , අපහස කරය් . යමක් ගැන හරියට නොදැන යමකට බන වැදීම කොතරම් මෝඩ ක්‍රියාවක්ද ?

    කුරානයේ ඇත්තම කියන්නේ කුමක්දය් දැනගැනීමට කුරානයම කියවිය යුතුය.

  3. Ami 2012-04-20 at 05:40

    @ Pradeep
    මිත්‍රයා ඔබගේ කොමෙන්ටුව හුදෙක්ම වෛරයෙන් පිරි ද්වේශ සහගත එකකි . ඔබ මෙතරම් මුස්ලිම් සමාජය ගැන වෛරයෙන් සිටින්නේ මන්දය් නොදනිමි. එය ඉරිසියාව , මෝඩකම හෝ වෙනයම් කරුණක් වියහැක. මුස්ලිම් වරු සිටින හැම රටකම ඉහත ඔබ සඳහන් කල අපරාද වල අඩුවක් නැති පැවසීම කොතරම් බොළඳ අදහසක්ද. අපරාද වලට ආගම සම්බන්ද කරගැනීම කොතරම් අනුවන ක්‍රියාවක් ද .

    අද ලෝකයේ වැඩියෙන්ම මිනීමැරුම් සිදුවෙන රට වන්නේ හොන්ඩුරාස් රාජ්‍යය් , එය මුස්ලිම් රටක් ද ? එහි මුස්ලිම් ප්‍රතිශතය 0.1% .
    http://en.wikipedia.org/wiki/List_of_countries_by_intentional_homicide_rate

    සොරකම් වැඩියෙන්ම සිදුවවන රාජ්‍ය ලෙස ගන්නේනේ චිලි රටය් . එය මුස්ලිම් රටක්ද ? එහි මුස්ලිම් ප්‍රතිශතය 0.2 %.
    http://www.nationmaster.com/graph/cri_rob-crime-රොබ්බෙරිඑස්

    ස්ත්‍රී දුෂණ වැඩියෙන්ම සිදුවන රට ඇමරිකාව . එය මුස්ලිම් රටක්ද ? එහි මුස්ලිම් ප්‍රතිශතය 1%
    http://en.wikipedia.org/wiki/Rape_ස්ටටිස්ටිච්ස්

    මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් ගත්කල නම් ලොව වැඩියෙන්ම “අබිං” නමැති මත්ද්‍රව්‍ය නිපදවනේ ඇෆ්ගනිස්තනයය් .එය 100% මුස්ලිම් රටකි. ඒ සම්බන්දයෙන් මුස්ලිම් වරයෙකු ලේසි මා කණගාටු වෙමි. නමුත් ලොව වැඩියෙන්ම “හෙරොයින්” නිපදවන රට බුරුමය නැතහොත් මියන්මරයය් . එය මුස්ලිම් රටක්ද ? ලොව වැඩියෙන්ම “මර්ජුවානා නැතහොත් ගංජා ” නිපදවන රට මෙක්සිකොවඊ . එය මුස්ලිම් රටක් ද? ලොව වැඩියෙන්ම “කොකෙනේ” නිපදවන රට කොලොම්බියවි . එය මුස්ලිම් රටක් ද ?
    http://blog.thegooddrugsguide.com/0754/7-countries-where-drug-lords-lord-it-over/

    අනිත් රටවල් අමටක කරමු , අද ශ්‍රී ලංකාවේ තත්වය සිතන්ඩ. ඔබ කියූ අපරාද 4 මෙමෙ රටේ සිදුවේ.ලංකාව මුස්ලිම් රටක්ද ? නැත . මෙහි සිදුවන සම අපරාදයකට වගකියන්නේ මුස්ලිම් යද ?

    එම නිසා ඔබ කියන පරිදි මුස්ලිම් වරු මේලෝකේ සියලුම අපරාද වලට මුල නොවෙඉ . මුස්ලිම් ජාතිකයෙක් අපරදය් කලත් එය ඔහුගේ වරද මිස ඉස්ලාම් දහමේ වැරැද්දක් නොවේ.

    ඉස්ලාම් දහම ඔබ ඉහත සඳහන් කල අපරාද තරයේ පිළිකුල් කරය්. අනිත් ආගම්වලට වඩා දැඩි දඬුවම් ඉස්ලාම් ඉහත අපරාද වලට නිර්දේශ කරය් .

    ඔබ කුරානයේ පරිවර්තනයක් කියවා නැතිබව වැටෙහෙන නිසත , ඔබ කුරානයට කරන චෝදනාව පදනම් විරහිත , වෛරය පිරුණු එකක් වීම නිසාත් එයට පිළිතුරු නොදෙමි. ඔබ බුද්ධිමතෙකු නම් කුරානයේ පරිවර්තනයක් නොකියවා ඉහත ප්‍රකාශය නොකරනවා ඇත.

    ඔබට තවත් නොමිලේ උපදෙසක් දීමට කැමැත්තෙමි . ඔබ ඉතා දරුණු අසහනයකින් පෙලෙන බව පෙන. එම නිසා කරුණාකර ඉක්මනින් හොඳ මානසික වෛද්‍යවරයෙක් හමුවෙනු මැනවි.

  4. Nandika Sirinuwan 2012-04-11 at 23:12

    මට ඔබගේ ආගම ගැන ලොකු වටහිමක්,දැණුමක් නැත.මම මේ සියල්ල පවසනුයේ මගේ අත්දැකීම්,සමජයේ පෙනෙන දේ අනුවය.

  5. Nandika Sirinuwan 2012-04-11 at 23:08

    අබූ අර්ශද් පවසන පරිදි,

    “…… මෙහෙවරක් ලෝකයට ලබාදුන් මුස්ලීම්වරුන් අද එසේ නොවේ නම් එය ඉස්ලාම් දහමේ වරදක් නොව මුස්ලීම් සමාජයේ වරදක් බව පැහැදිලි ලෙස වටහාගත යුතුය. වර්ථමාන මුස්ලීම් සමාජයේ යම් යම් දුර්වලතාවයන් පවතින බව සැබෑවකි. නමුත් එය ….”

    මුස්ලීම් සමාජයේ වරද නිසා ඔබගේ ඉස්ලාම් ආගම ද,අද වැරදි ලෙස පිලිගැනීමට ලෝකයා සැරසෙයි.
    මම බෞද්ධයෙක් වෙමි.මම කිසිම ආගමකට නිගරු නොකරමි.
    නමුත්,ආගමේ පවතින වැරදි[සමහරවිට මුස්ලිම් වරුන්ගේ ආගම නිසි ලෙස තේරුම් නොගැනීමද විය හැකිය.] මම දකිමි.

  6. Nandika Sirinuwan 2012-04-11 at 22:55

    “වර්ථමාන ලෝකයේ මුස්ලිම්වරුන්ගේ ඉරණම එනම්, ලෝකයා විසින් ඔහුට උරුමකර දී ඇති යුද්ධය, සූරාකෑම, දේශපාලන කුමන්ත්‍රණ… යනාදී බලපෑම් හා මුස්ලිම්වරුන් විසින්ම උරුම කරගෙන සිටින කල්ලිවාදය, දේශපාලන කුමන්ත්‍රණ, ආගමික අනවබෝධය… යනාදී හේතූන් නිසා කිසියම් ආකාරයක පසුබෑමක් පවතිනවා යන්න සත්‍යයකි.”

    මම මෙම අදහස සත්‍යයක් යන්න තහවරු කරමි.නමුත්,මම සිතන පරිදි මෙම තත්ත්වයට අද මුස්ලිම් වරු පත්ව ඇත්තේ ඔවුන්ගේම වරදිනි.මම සිතන පරිදි ඔබගේ ආගම ඔබව මුලාවට පත්කර ඇත.සමහරවිට,මේ ලේඛකයා කියන පරිදි ඔබගේ ආගම ගැන ඔබට පවතින අනවබෝධය ද මෙයට හේතුවක් විය හැකිය.

    වර්තමාන තක්ශනයේ දියුණුවට හේතුව බටහිර ජතිකයන් පමණක් නොවන බව සියලු දෙනාම දන්නා ප්‍රසිද්ධ රහසකි.බටහිර ආධිපත්‍යයට යටත් වූ මෙම සමාජය තුළ එම සත්‍යය ඉස්මතු වීමට බටහිරයා ඉඩ නොදෙයි.
    ඔබගේ මෙම ලිපිය සමස්තයක් වශයෙන් හොදයි.

  7. mohamed 2012-03-03 at 06:54

    ‘හොඳ ලිපියක්’ කියා කියනවට වැඩිය ‘හොඳ මතක් කිරීමක්’ කියලා කියන්න පුලුවන්. කොහොම වුනත් ‘දායකත්වය’ ගැන කතා කරන කොට වර්තමාන ‘පරිහානිය’ත් සාකච්චාවට ගත යුත්තක් කියලා මං හිතනවා. එතකොට ඔය ප්‍රදීප්ලා වගේ මිනිස්සු කෑ ගහන්නේ නැහැ. ඒක හින්දා මුස්ලිම්වරුන්ගේ පරිහානිය ගැනත් ලිපියක් පල කරන්න. ඒ කිව්වේ පරිහානියේ ආරම්භය හා එය මේ දක්වා වර්ධනය වූ ආකාරය ගැන වගේ, ඒක මේ ලිපියට ඌණ පූරණයක් වෙනවා. ඒ වගේම අපේ මිනිස්සුන්ගේත් ඇස් ඇරෙන්න පටන් ගන්නවා.

  8. Pradeep 2012-02-26 at 05:42

    ලෝකයේ ධිවලොප් කරන්න මුස්ලිම් වරුන්ගේ දායකත්වය කොහොම උනත්, අද ලෝකය දිහා බලන විට අපිට පෙනෙන්නේ ලෝක විනාශය සඳහා මුස්ලිම් වරු කොතරම් වැඩ කොටසක් කරනවද යන බවයි.සරලව කියතොත් මුස්ලිම්වරු යනු ලෝකයට පිලිකාවකි.මුස්ලිම් වරු සිටින හැම රටකම
    (1). හොරකම්
    (2). කාන්තා අපචාර
    (3). මත් ද්‍රව්‍ය
    (4). මිනි මැරුම්
    අඩුවක් නැත. මගේ මතය නම් මුස්ලිම් වරු ලෝකයෙන් තුරන් කල යුතු බවය. නැතහොත් උතුරු අප්‍රිකාවේ මුස්ලිම් රටවලට කල දේ සියලු මුස්ලිම් රටවල් වලට කල යුතුය.ඉන් පසු අල්ලාහ් වෙනුවෙන්, මෝඩ මුස්ලිම් වරු උන් උන්ම මරාගෙන ලෝකයෙන් මුස්ලිම් උන් ඉවරයක් වනු ඇත.

    කුරානය යනු වැඩිහිටි ගැහැණු , තරුණ ගැහැණු ළමයි සහ ළදරු ගැහැණු ළමයින්ට …???… උගන්වන පොතකට නමකි. එහි වෙන දෙයක් නැත.

    ප්‍රදීප් අනූප් දෙව් සිරිවර්දන – සින්ගපුරුවේ සිට

    • abuarshed 2012-02-27 at 08:28

      ඔබ පවසන (1). හොරකම්, (2). කාන්තා අපචාර, (3). මත් ද්‍රව්‍ය, (4). මිනි මැරුම් අද තිබෙන්නේ මුස්ලීම්වරුන් ජීව්ත් වන රටේ නම්, එය වාදයකට සත්‍යයි ගත්තද එම මුස්ලීම්වරුන් තමා ඉහත ලිපිය තුලින් අනාවර්ණය කරන ස්වර්ණමය යුගයට එදා උරුමකම් කීවේ. එදා විශිෂ්ඨ මෙහෙවරක් ලෝකයට ලබාදුන් මුස්ලීම්වරුන් අද එසේ නොවේ නම් එය ඉස්ලාම් දහමේ වරදක් නොව මුස්ලීම් සමාජයේ වරදක් බව පැහැදිලි ලෙස වටහාගත යුතුය. වර්ථමාන මුස්ලීම් සමාජයේ යම් යම් දුර්වලතාවයන් පවතින බව සැබෑවකි. නමුත් එය ඔබ පවසන්නට උත්සාහ කරන තරම් කෲර එකක් නොවේ. දැන් ඔබේ වාදයට නැවත ගියේ නම්,
      ඔබ පවසන (1). හොරකම්, (2). කාන්තා අපචාර, (3). මත් ද්‍රව්‍ය, (4). මිනි මැරුම් යනාදී අපරාධ නොඅඩුව දිනපතා සිදුවන (අවශ්‍ය නම් සාක්ෂි ඉදිරිපත් කල හැක) අපේ රටේ සමාජ තත්වය ඔබ විග්‍රහ කරන්නේ කෙසේද? අප රටේ මුස්ලීම් නොවන බහුතරය ඉහත ආකාරයේ අපරාධයන් සදහා අභාෂ ලබන්නේ කොහින්ද? ඔබේ නිර්ණායක අනුව නම් ඔවුන් නියෝජනය කරන දහම තුලින් වියයුතුයි. නමුත් එවැනි පහති තීන්දුවලට යහමඟ කිසිවිටෙක යොමු නොවන බව තරයේ ප්‍රකාශ කර සිටිමි. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මෙවැනි අදහස් දැක්වීමන් තුල ශිෂ්ඨසම්පන්න ආකාරයට වචන භාවිතයක්වත් කරන්නට නොහැකිව අසභ්‍ය වචන ගොඩගසන (එම වචන ඉහත අදහස් දැක්වීම තුල ඉවත් කර ඇත) ඔබ වැනි පිරිස් එම ආභාෂය ලබාගන්නේ කුමන දහම පදනම් කරගෙනද? ඔබේ නිගමනය පූර්වාදර්ෂයක් ලෙස ගැනීමේ බරපතලකම ඔබට දැන් වැටහෙනවාද?
      අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ලොවපුරා මුස්ලීම්වරුන් කොතෙකුත් සිටියත් ඔවුන් තුලින් ඉස්ලාම් දහම 100% ක් පිලිඹිබු නොවේ. ඔවුන් ඉස්ලාම් දහමට පූර්වාදර්ශයක් නොවේ

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *