පලස්තීනය තුල බිහි වූ ඊශ්‍රාඊලය – ඉතිහාස විමසුමක්

5

මේ දිනවල ඉස්ලාමීය ලෝකයේ උණූසුම් මාතෘකාවක් බවට ‘ගාසා තීරයේ මුස්ලීම්වරුන්’ යන්න පත්ව ඇත. මෙම උණූසුම් මාතෘකාවට මූලික වී ඇත්තේ කාලයක් මුළුල්ලේ පලස්තීන හා ඊශ්‍රාඊල් නම් රාජ්‍ය  දෙකක් අතර පවතින අර්බුද යයි. මෙම අර්බුදයේ ඉතිහාසය නොදන්නා නිසාත්, මේ අර්බුදයට මුස්ලීම්වරුන් මැදි වී සිටින නිසාත්, එම කාරණය පමණක් පදනම් කරගෙන ඉස්ලාම් හා මුස්ලීම් විරෝධි විවිධ ලිපි අන්තර්ජාලය තුල ඉදිරිපත් කිරීමටත්, එම යුද්ධය තුල මුස්ලීම්වරුන්ට සිදුවන හානිය හමුවේ නරුම වින්දනයක් ලැබීමටත් අප රටේ සමහරක් බ්ලොග් හා වෙබ් අඩවීන් කටයුතු කොට ඇති ආකාරයක් පසුගිය දිනවල දක්නට ලැබුණි. මෙහි පුදුමයට කාරණය වන්නේ ඔවුනට පලස්තීන අර්බුදය මානුෂිකව බලන්නට නොහැකිවිම නොව අසීමිත ජාත්‍යාලයෙන් කථා කරන ඔවුනට අප රටේ හමුදාවට පුහුණුව ලබාදෙන අතර තුර කොටීන්ට ද යුද පුහුණුව ලබාදුන් මේ ‘ඊශ්‍රාඊල්’ යුදෙව්වන් වීරයන් වුයේ කෙසේද? යන්නයි.  කෙසේ වෙතත් මෙවැනි පිරිසට පිළිතුරක් ලබාදීමට ‘යහමඟ’ අපේක්ෂා නොකරන අතර මේ විෂය පිලිබදව අවංකව හා බුද්ධිමත් ලෙස විමසා බලන එසේම මේ පිලිබදව උනන්දුවක් දක්වන පිරිසගේ අවදානයට මෙම ලිපිය ඉදිරිපත් කරමි.

ශ්‍රී ලාංකීය සමාජයට ‘පලස්තීනය’ යන නම නුහුරු නුපුරුදු නමක් නොවේ. අතීතයේ පටන් මේ දක්වා අප රටේ විවිධ දේශපාලන පක්ෂ නායකයන් වර්ථමාන ජනාධිපති තුමා ඇතුළු බොහෝ මැති ඇමතිවරු පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් විවිධ අවස්ථාවල හඩනඟා තිබීම හා අදටත් හඩ නැඟීම එයට හොද නිදසුනකි. එපමණක් නොව මුස්ලීම් නොවන ශ්‍රී ලාංකීය සහෝදර සිංහල බෞද්ධ ජනතාව ‘ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා පදනම’ යනුවෙන් පදනමක් අප රට තුල පිහිටුවා ගෙන පලස්තීන ජනතාව සදහා අප රට තුල සහනාධාර එක්රුස් කිරීමට කටයුතු කිරීම මෙහි දී වි‍ශේෂයෙන් ස්තූති පූර්වකව මතක් කලයුතු කාරණයකි. එම කාරණය මතක් කරමින් පලස්තීන අර්බුදය වෙත යොමු වන්නේ නම්, මෙහි දී අන්තර්ජාලය තුල නිතර දක්නට තිබෙන ආකාරයට පලස්තීන යුද්ධය තුල එක් සිදුවීමක් අරගෙන එසේත් නැත්නම් එහි මනුෂ්‍ය ඝාතන, ආක්‍රමණ, අසාධාර්ණ, හිංසන, දූෂණ… යනාදී ලෙස පිටුගණන් පිංතූර, වීඩියෝ හා සංඛ්‍යා ලේඛන ගෙන ඒ තුල කථා කිරීමට අදහස් නොකරමි. මන්ද එම මෙහෙවෙර තුල අදත් බොහෝ පාර්ශවයන් නිරතව ඇත. (එය ද කාලීන අවශ්‍යතාවයක් යන්නෙ හි ‘යහමඟ’ට විවාදයක් නැත. මන්ද මෙම යුද්ධයේ බිහිසුණූ බව ලෝකයාට අවබෝධ කරගැනීම පිණිස ‍මෙවැනි දෑ ද පිටුවහලක් වන නිසාය. මේ හේතුව නිසාම මෙම ලිපිය තුල ද එවැනි රූපරාමු කිහිපයක් මා එක්කොට ඇත) නමුත් මෙතැන් සිට මා කථා කිරීමට අදහස් කරන්නේ වර්ථමාන පලස්තීනයට මෙවැනි ඉරණමක් උදාවීමේ පසුබිම කුමක්ද? යන්න සහා එය සමස්ථ ලෝකවාසී මුස්ලීම් ජනතාවට වැදගත් වන්නේ ඇයිද? යන්න පිලිබදවයි.

ලෝක සිතියමේ 1948 මැයි මස 15 දින තෙක් සටහන් නොවූ රටක් ‘ඊශ්‍රාඊල්’ යනුවෙන් ‘යුදෙව්වරුන්’ සදහා රටක් එදින සටහන් වීම මෙම අර්බුදයේ ආරම්භ යයි. එහි ඉතිහාසය වෙත යොමු වන්නේ නම්, 1914 දී එනම්, පලමු ලෝක යුද අවස්ථාවේ ජර්මනියට එරෙහිව ප්‍රංශයට මුස්ලීම් බොහෝ රටවල් සහයෝගය දක්වන ලදී. ඒ අතුරින් පලස්තීනය ජර්මනියට එරෙහිව ප්‍රංශයට සහයෝග දැක්වීමට මූලික හේතුවක් ද පැවතුණි. ඒ එතෙක් ප්‍රංශයේ යටත්විජිතයක් ලෙස පැවතී පලස්තීනයට නිදහස ලබා ගැනීම එහි අරමුණයි. මෙම පොරොන්දුව ද ප්‍රංශය පලස්තීනයට ලබාදී තිබුණි. මේ අතර තුර යුදෙව්වරුන් සොය සොයා සමූල ඝාතනය කිරීමේ ව්‍යාපාරයේ හිට්ලර් (කුඩා අවදියේ යුදෙව්වරුන් ඔහුට ලබාදුන් අමිහිරි මතකයන් හි ප්‍රථිපලයක් ලෙස) ඉතා දරුණූ ලෙස නිරත වී සිටී නිසා මේ යුදෙව්වරුන්ට පලස්තීන භූමිය තුල මුස්ලීම්වරුන් රුකවර්ණය ලබාදෙන ලදී. මේ හේතුව නිසාම ලොවපුරා වෙසනෙ යුදෙව් ජනතාව පලස්තීනය කරා සීඝ්‍රයෙන් ඇදී ඒමක්ද සිදුවිය. මෙසේ එක් පසෙකින් යුදෙව් ජනතාව පලස්තීන භූමියට ඒකරාශි වනවිට තවත් පසෙකින් ඉතා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ද සිදුවෙමින් පැවතුණි. ඒ ‘මේ පලස්තීනයට ඒකරාශි වන යුදෙව්වරුන් සදහා නිජබිමක් ලබා දෙන්නේ කොහින්ද?’ යන්න පිලිබදව වූ සාකච්චාවයි. මේ ප්‍රශ්නයට ඉදිරිපත් වූ ප්‍රංශය එම නිජබිම පලස්තීන භූමියෙන් ලබාදිය යුතු බවට ප්‍රකාශ කරන ලද්දේ ආරම්භයේ පලස්තීනුවන්ට ලබාදුන් පොරොන්දුව කඩවුණු පොරොන්දුවක් බවට පත් කරවමිනි.

ඒ අනුව 1918 වන විට ලොවපුරා වෙසෙන යුදෙව් ජනතාව සාමුහිකව පැමිණ පලස්තීන‍ය තම නිජබිම බවට පත්කරගත් අතර මේ සියල්ල දෙස පලස්තීන (මුස්ලීම්) රාජ්‍යය පමණක් නොව ලොවපුරා වෙසෙන අනෙකුත් සියළු මුස්ලීම් රාජ්‍යයන් බලා සිටියේ කිසිදු වගක් නොමැතිවය.ඒ අනුව පලස්තීන භූමියේ ‘යුදෙව්’ ජන සමාජය සැලකිය යුතු තරමින් පදිංචි වූ අතර 1845 තෙක් පලස්තතීන රාජ්‍යයේ සමස්ථ යුදෙව් ජනගහනය 12000 ක් පමණ වුවත් 1914 වන විට පලස්තීන භූමියේ සමස්ථ යුදෙව් ජනගහනය 85000 දක්වා සීඝ්‍රයෙන් වර්ධනය විය. මේ අතර තුර 1922 දී පලස්තීන භූමිය තුල ‘ඊශ්‍රාඊල්’ රාජ්‍යයක් ස්ථාපනය කිරීම පිලිබදව වූ යෝජනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද ඉදිරිපත් විය. මේ සියල්ල සිදුවන අතර තුර පවා පලස්තීන භූමිය තුල යුදෙව් පදංචිවීමේ ව්‍යාපාරය නොනවත්වා සිදුවිය. අවසානයේ පලස්තීන ජනතාවගේ දැඩි විරෝධතාවය මධ්‍යයේ පලස්තීන භූමිය දෙකඩ වී 1948 දී ‘ඊශ්‍රාඊල්’ නම් රාජ්‍යය ස්ථාපනය විය. මෙසේ පලස්තීන භූමිය තුල ‘ඊශ්‍රාඊල්’ රජ්‍යය ස්ථාපනය වීමේ දී ඔවුන් සදහා වෙන්කර දුන් සමස්ථ භූමි ප්‍රමාණය වූයේ 6% ක් පමණි. ඒ අනුව සමස්ථ පලස්තීන භූමියෙන් තවදුරටත් 94% පලස්තීනය රාජ්‍යයට හිමිව පැවතුණි. මේ එදා පලස්තීනය නම් මුස්ලීම් රාජ්‍යය මංකොල්ල කා එය නීත්‍යානුකූල කල ආකාර යයි. පහත සිතියම හොදින් නිරීක්ෂණය කලේනම් මෙම තත්වය වඩාත් හොදින් ඔබට අවබෝධ කර ගතහැකි වනු ඇත.

1946 සිට 2008 දක්වා පලස්තීන සිතියම වෙනස් වූ ආකාරය මෙහි පැහැදිලිව දැකගත හැක

එතෙක් රටක් නොපැවතී යුදෙව්වරුන් එදා පලස්තීන භූමියෙන් 6% ක් උරුම කර ගැනීමෙන් නතර වූයේ නැත. එතැන් පටන් සමස්ථ පලස්තීනයම ආක්‍රමණය කිරීමේ ව්‍යාපාරය ඔවුන් අරඹන ලදී. එදා පටන් අද දක්වා පලස්තීන මුස්ලීම් ජනයා සමූල ඝාතනය කරමින් මේ වනවිට පලස්තීනයට අයත් භූමියෙන්  90% ක් පමණ ‘ඊශ්‍රාඊලය’ ආක්‍රමණය කරගෙන ඇත. (ඉහත සිතියම බලන්න) ඒ අනුව වසර 62 ක් තමන්ට හිමි නොවන භූමියක් ආක්‍රමණය කොට ‘තමන්ට අත දුන් ජනතාව සපා කෑ’ ලොව එකම ජන කොට්ඨාශය බවට මේ යුදෙව්වරුන් ඉතිහාසගත වේ. ඔවුන්ගේ කෲරත්වය හා  මිලෙඡ්චත්වය කියාපාන සාධකයකි. ඔවුන්ගේ එම ගුණාංගය තවදුරටත් ලෝකයාට කියාපාන නිදසුනක් ගෙන එන්නේ නම්, පලස්තීන භූමිය තුල ‘ඊශ්‍රාඊලය’ ස්ථාපනය කිරීමට පෙරමුණ ගෙන කටයුතු කල, එසේම ඊශ්‍රාඊලයේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩෙවිඩ් බෙන් ගුරූන් (David Ben Gurion) ගේ ප්‍රකාශය සදහන් කල හැක. එය මෙසේය…

‘මම අරාබි නායකයෙකු වුයේ නම්, ඊශ්‍රාඊලය සමඟ කිසිදු ආකාරයක ගිවිසුමකට එළඹෙන්නේ නැත. මෙවැනි තීරණයකට එළඹීම ස්වභාවයෙන් මනුෂ්‍යා තුල ඇති වන්නකි. මන්ද අප ඔවුන්ගේ රට අල්ලා ගත්තෙමු. අප මෙහි පැමිණ ඔවුන්ගේ රට සොරාගත්තෙමු. ඔවුන් ඇයි මෙය පිලිගත යුත්තේ!’

තමන් විසින් කරන ලද පහත් ක්‍රියාවක් මේ ආකාරයෙන් ආඩම්භර ලීලාවෙන් ලෝකයා ඉදිරියේ ප්‍රකාශ කරන්න‍ට තරම් ඔවුන් බලගතු වුයේ කොහොමද?, සමස්ථ ලෝකයම හිස නමා ක්‍රියා කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ගෙන එන කිසිදු කොන්දේසියකට කිසිදු විටෙක හිස නොනැමීමට ශක්තිය ලැබුණේ කොහින්ද?, ලෝකයටම නීති කියාදෙන ඇමරිකාව පවා මේ ඊශ්‍රාඊලය අභියස බලු කුක්කෙකු බවට පත්වන්නේ ඇයිද?. මෙය දීර්ඝ ලෙස කථා කලයුතු මාතෘතාවකි. (ඉන්ෂාඅල්ලාහ් ඉදිරි දිනක ‘යුදෙව්වරුන්’ යන මාතෘකාව තුලින් ඒ පිලිබදව කථා කිරීම අදහස් කරමි.) කෙසේ වෙතත් ඔබේ බුද්ධිමත් විමසුමට සරලව කාරණා කිහිපයක් මෙහිදී සටහන් කරමි. එනම්,

එදා රටක් පවා නොමැතිව පැවතී යුදෙව් ජන සමාජය…

  • අද ‘නාමික දළ දේශිය නිෂ්පාදිතය’ මත පදනම් වූ ආර්ථිකය, 2008 වසරේ දී වාර්තා වූයේ ලොව 41 වන විශාලතම ආර්ථිකය ලෙසිනි.
  • අද එක්සත් ජාතීන්ගේ ‘මානව සංවර්ධන දර්ශකයේ’ මැදපෙරදිග රටවල් අතර ඉහලම මට්ටම වාර්තා වන්නේ ඊශ්‍රායලයෙනි.
  • අද වැඩිම ජිව්‍ය කාලය වාර්තා වන රටවල් අතරින් ද, ඊශ්‍රායලය එකකි.
  • ප්‍රධාන මුල්‍ය මධ්‍යස්ථානය ඔවුන් සතුය,
  • ලොව ධනවත්ම හා ලෝකයාට බලපෑම් ඇති කලහැකි ව්‍යාපාර සතු පුද්ගලයන් ඔවුන්ය

ඉහත කරුණූ බුද්ධිමත් සමාජය ගැඹූරින් විමසා බැලිය යුතු යන්න නැවතත් සටහන් කරමින් මෙම ලිපියේ ඉදිරි කොටස වන ‍සමස්ථ ලෝකවාසී මුස්ලීම්වරුන්ට මෙම පලස්තීන අර්බුදය බලපාන්නේ කෙසේද? යන්න වෙත දැන් යොමු වෙමි. මුස්ලීම්වරුන් වශයෙන් අපට මෙම අර්බුදය වැදගත් වන්නේ ඇයිද? යන්න පිලිබදව කථා කරන විට ලොවපුරා වෙසෙන මුස්ලීම්වරුන්ගේ විශේෂ අවදානයට යොමු කලයුතු කරුණූ කාරණා බොහෝමයක් ඇත. ඒ අසාධාර්ණයට එරෙහිව හඩක් නැඟීම හා මානුෂවාදී දෘෂ්ඨියෙන් මෙම ප්‍රශ්නය දෙස බලනවා වැනි තත්වයන්ට වඩා ඔබ්බට ගිය උරුමයක් මෙම භූමිය තුල මුස්ලීම්වරුන්ට පැවතීමය. ඒ ශුද්ධ වූ ‘බයිතුල් මුකද්දස්’ නම් වූ දේවස්ථානය මෙම පලස්තීනයේ ‘ජෙරූසලම්’ නම් නගරයේ පිහිටා තිබීමයි. ඒ දේවස්ථානය ලෝකවාසී මුස්ලීම් ප්‍රජාවට වැදගත් වන්නේ ඇයිද? යන කාරණය පිලිබදව කෙටියෙන් මෙහිදී විමසා බලන්නේ නම්,

එය ශුද්ධ වූ නබිවදනක් මෙසේ අවධාරණය කරයි.

අබූදර් (රලි) තුමාණන් වරක් නබිතුමාණන්ගෙන්, ‘නබිතුමණි!, මේ පොළොව මත ප්‍රථමයෙන් ඉදිකරන ලද දේවස්ථානය කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘එය මක්කාවේ පිහිටි අල් මස්ජිදුල් හරාම් (කව්බාව)‘ යනුවෙන් පිලිතුරු දෙන ලදී. එවිට අබූදර් (රලි) තුමා, ‘ඉන්පසු කුමක්ද?’ යයි නැවත විමසන ලදී. එයට නබිතුමාණන් ‘එය අල් මස්ජිදුල් අක්සා (හෙවත් බයිතුල් මුකද්දස්)’ යයි පවසන ලදී. ඉන්පසු අබූදර් (රලි) තුමා ‘මේ දේවස්ථාන දෙක ඉදිකල කාලයන් අතර පරාසය කොතරම්ද?’ යනුවෙන් නැවතත් ප්‍රශ්න කලවිට එය ‘වසර 40 ක්’ යනුවෙන් නබිතුමාණන් පිලිතුරු දෙන ලදී…

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත ශුද්ධ වූ නබිවදනට අනුව බයිතුල් මුකද්දස් ඉස්ලාමීය ලෝකයට ඉතිහාසමය වශයෙන් කොතරම් වැදගත් වනවාද? යන්න ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත. මෙම දේවස්ථානය මුස්ලීම් සමාජයට වැදගත් වන්නේ එහි ඉතිහාසමය වටිනාකම නිසාම පමණක් නොවේ. එය ආගමික වශයෙන් ද ඉතා වැදගත් තැනක් උසුලයි. ඒ පිලිබදව කෙටි කරුණූ දැක්වීමක් කරන්නේ නම්,

මුස්ලීම්වරුන්ගේ ‘කිබ්ලා’ (දේව වන්දනයේ නිරත වන මොහොතේ මුහුණලා සිටින දිශාව) ලෙස ආරම්භයේ පැවතුණේ මෙම ‘අල්-අක්සා හෙවත් බයිතුල් මුකද්දස්’ දේවස්ථාන යයි. නබිතුමාණන් මාස 16 හෝ 17 ක කාලයක් මෙම දේවස්ථානය දෙස හැරී ‘සලාත’ (දේව වන්දන)යේ නිරත වූ අතර පසුව එය ‘මස්ජිදුල් හරම්’ ලෙස වෙනස් කරන ලදී’ යනුවෙන් ෆරාවු බින් ආසිෆ් (රලි) තුමා දන්වයි.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

නබිතුමාණන් වරක් මෙසේ පවසන ලදී ‘(මක්කා නම් නගරයේ පිහිටි) මස්ජිදුල් හරම්, (මදීනා නගරයේ පිහිටි) මස්ජිදුල් නබවි හා (පලස්තීනයේ ජෙරූසලම් නගරයේ පිහිටි) මස්ජිදුල් අක්සා (හෙවත් බයිතුල් මුකද්දිස්) යන දේවස්ථාන තුන හැර කුසල් අපේක්ෂාවෙන් වෙනත් කිසිදු දේවස්ථනයකට ගමන් කිරීමට මුස්ලීම්වරුන්ට අවසර නැත

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත නබිවදන් දෙක හොදින් විමසා බලන්නේ නම් පලස්තීනයේ ජෙරූසලම් නම් නගරයේ පිහිටි අල් අක්සා දේවස්ථානය මුස්ලීම්වරුන්ට ආගමික වශයෙන් කොතරම් පූජනීය ස්ථානයක් හිමිව තිබෙනවාද යන්න අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත. එපමණක් නොවේ තවත් වැදගත් කාරණයක් නිසා මෙම දේවස්ථානය මුස්ලීම් සමාජයටත්, ඉස්ලාමීය ලෝකයටත් වැදගත් වේ. එය නබිතුමාණන් මෙසේ පවසන ලදී.

ලෝක විනාශයට පෙර සිදුවන පෙර නිමිති අතර බයිතුල් මුකද්දිස් (හෙවත් අල් අක්සා) දේවස්ථානය මුස්ලීම්වරුන් ජයගැනීම ද (එකක්) වේ… (දීර්ඝ හදීසයක්)

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

මේ ආකාරයට ආගමික හා ඉතිහාසමය වශයෙන් ඉස්ලාමීය ලෝකයට වැදගත් වූ ‘බයිතුල් මුකද්දස්’ ශුද්ධ වූ දේවස්ථානයට අත්කර දී ඇති හා අද අත්වෙමින් තිබෙන්නේ ඉරණම පිලිබදව දැන් මෙහි කෙටි අවධානයක් යොමු කරන්නේ නම්,

එදා පලස්තීන භූමිය තුල ලෝකවාසී මුස්ලීම් ජනතාවගේ ආදරයට හා ගෞරවයට පාත්‍රව තිබූ එම දේවස්ථානය අද මුළුමනින්ම පාහේ ඊශ්‍රාඊල්වරුන්ගේ පාලනයට යටත්ව ඇත. මේ නිසාම ඉස්ලාමීය ලෝකයේ අයිතිය වන මෙම ශූද්ධ වූ දේවස්ථානය මුස්ලීම්වරුන්ගේ හඳවත්වලින් උදුරා දැමීමට අවශ්‍ය පිඹුරුපත් මොහොතින් මොහොත යුදෙව්වරුන් සකසමින් ඇත. මුස්ලීම්වරුන්ගේ ගෞරවයට පාත්‍ර වූ මෙම දේවස්ථානය විනාශ කිරීමට ඉතිහාසය පුරාවට ගත් නොයෙක් උත්සාහයන් හා කුමණ්ත්‍රණයන් එය මනාව පැහැදිලි කරයි. එවැනි කිහිපයක් ‍ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,

  • 1969/08/21 දින ඉහත දේවස්ථානයට ගිණි තැබීම හා ගිනිනිවන හමුදාවට පැමිණීමට නොදී වැලැක්වීම. මෙහිදී මුළු දේවස්ථනයෙන් 1/3 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වීම,
  • 1969/08/18 දින දේවස්ථානය තුලට ‍යුදෙව්වරුන් 25 ක් පැමිණ ඔවුන්ගේ ආගමික කටයුතු ඒ තුල ඉටුකිරීමට උත්සාහ කිරීම,
  • 1976/12/28 දින ඊශ්‍රාඊල් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම දේවස්ථානය තුලට පැමිණ එහි ඊශ්‍රාඊල කොඩිය ඔසවා ජාතික ගීය වාදනය කිරීම,
  • 1980 මැයි, 1983/03/11, 1984/01/30… යන දිනවල මුළු දේවස්ථානය පුරුරවා හැරීමට බෝම්බ ඇටවීම හා දේව හාස්කමකින් එය අණාවර්ණය වීම,
  • වන්දනාවේ නිරතවන මුස්ලීම්වරුන් විටින් විට සාමූහිකව ඝාතනය කිරීම,
  • පුරාවිද්‍යා ගවේෂණය යන නමින් දේවස්ථානය අවට භූමිය 1967 පටන් කැනීම කටයුතුවලට ලක් කිරීම, (මේ හේතුව නිසා ඉහත දේවස්ථානය ඉරිතැලීම්වලට ලක්ව ඇති බව වාරථා වේ)
  • සැබෑ ‘බයිතුල් මුකද්දස්’ දේවස්ථානය කෙරෙහි ලෝකවාසී මුස්ලීම්වරුන්ගේ තිබෙන අවදානය වෙනතකට හැරවීම පිණිස වෙනත් ගොඩනැඟිල්ලක් ‘බයිතුල් මුකද්දස්’ ලෙස ලෝකයාගේ අවදානයට ගෙන ඒමට කටයුතු කිරීම, (වැඩි විස්තර…)

මේ ආකාරයේ ඉතා අවාසනාවන්ත ඉරණමකට ලක්ව දේව හාස්කමක් නිසාම අදටත් ආරක්ෂා වී පවතින ඉහත දේවස්ථානයට මෙම අවාසනාවන්ත තත්වය උදාවීමට බලපෑ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ද ඇත. ඒ එදා පලස්තීන භූමිය තුල ‘ඊශ්‍රාඊලය’ නම් රට බලහත්කාරයෙන් ස්ථාපනය කිරීමේ දී ඉහතින් සදහන් ශුද්ධ වූ දේවස්ථානය පිහිටි වර්ග කිලොමීටර් 21.1 වූ ජෙරූසලම් නගරයෙන් වර්ග කිලෝමීටර් 20.0 ක් යුදෙව්වරුන් හට ලබාදීම හා එම තීන්දුවට එරෙහිව එදා ඉස්ලාමීය ලෝකයෙන් දැඩි විරෝධතාවයක් එල්ල කිරීම නිසා 1949 දී ඉහත තීන්දු වෙනස් කරමින් එය පහත ආකාරයට සංශෝධනය කිරීමය. ඉස්ලාමීය ලෝකයට කරන තවත් අසාධාරණය ලෝකයාට මානාව කියාපාමින් එය සිදුකලේ පහත ආකාරයටය.

  • මුස්ලීම්වරුන් සදහා වර්ග කිලොමීටර් 2.4 ලෙසද (මෙය සමස්ථ භූමි ප්‍රමාණයෙන් 11.4% කි)
  • ඊශ්‍රාඊල්වරුන් සදහා වර්ග කිලොමීටර් 17.7 ලෙසද (මෙය සමස්ථ භූමි ප්‍රමාණයෙන් 84.03% කි)
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහා වර්ග කිලොමීටර් 1 ලෙසද (මෙය සමස්ථ භූමි ප්‍රමාණයෙන් 4.39% කි)

ඉහත තීන්දුවට අනුව මුස්ලීම්වරුන්ට අයත් භූමිය යුදෙව්වරුන්ට ලබාදී මුස්ලීම්වරුන්ට ඉවත්වීමට සිදුවූයේ උපන් දා පටන් හා පාරම්පරිකව උරුමව පැවති ඉඩකඩම් වෙළද ව්‍යාපාර සියල්ල අත්හැර දමමිනි. මේ අනුව එදා මුස්ලීම්වරුන්ට අයිතිව තිබූ භූමිවල කිසිදු බාධාවකින් තොරව 170000 ක් යුදෙව්වරුන් පදිංචියට පැමිණිමට හැකි විය. නමුත් ඉතිහාසය පුරාවට කවදත් පොරොන්දු, ගිවිසුම්, කොන්දේසි… පිලිනොපදින ජාතියක් වූ යුදෙව්වරුන් ඉහත තත්වයෙන් මෙවරද සෑහීමට පත් නොවිය. සමස්ථ ජෙරූසලමය ම තම අනසකට නතුකරවා ගැනීම පිණිස දිගින් දිගටම මුස්ලීම්වරුන්ට එරෙහිව යුධවාදී ක්‍රියාවන් හි නිරත විය. අවසානයේ සමස්ථ ජෙරූසලම් නම් එම නගරය යුදෙව්වරුන්ගේ අණසකට පත්වූයේ සමස්ථ ඉස්ලාමීය ලෝකයම කම්පා වෙද්දීමය. එතැනින් ද නතර නොවූ එම යුදෙව්වරුන් එම භූමිය තුල තවදුරටත් 700000 ක පමණ යුදෙව්වරුන් පදංචි කරවූ අතර තම ආක්‍රමණය නීත්‍යානුකූල කර ගැනීම කිරීම පිණිස 1980/06/30 දින ‘ඊශ්‍රාඊලය’ නම් තම රටේ අග නගරය ලෙස මෙම ජෙරූසලමය’ ප්‍රකාශයට පත්කරන ලදී. (මෙය තවම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිලිගෙන නැත)

මේ ආකාරයට සමස්ථ පලස්තීනයම තමා යටතට ගැනීම සදහා දිගින් දිගටම ක්‍රියා කරන යුදෙව්වරුන් අද පලස්තීන නිජබිම් උරුමක්කාරයන් වන මුස්ලීම් ජනතාව එම භූමිය තුල සීමිත තීර කිහිපයකට සීමා  කොට ඇත. වර්ථමානයේ දරුණූ සටන් මෙහෙයවමින් තිබෙන ගාසා තීරය (සිතියම බලන්න) එවැනි එකකි. පලස්තීන රට පිලිබදව කථා කලයුතු ලෝකයා ද අද ගාසා තීරය පිලිබදව කථා කිරීම තුල පලස්තීනය පරාජිත එසේත් නැත්නම් අහිමි වූ භූමියක් යන මානසිකත්වයට ලෝකවාසී මුස්ලීම් ජනතාව පත්ව ඇත. අවසාන වශයෙන් මෙහිදී ඉස්ලාමීය ලොකයේ අවදානයට කරුණූ කිහිපය ගෙන ආයුතුව ඇත. ඒ එතෙක් රටක්‍ නොපැවතී ලොව කෲර ජන සමාජයක් වූ යුදෙව්වරුන්ට ඉස්ලාමීය රජ්‍යයක් තුල රටක් ලබාදී එය නීත්‍යානුකූල වශයෙන් පිලිගැනීමට සැලැස්වීම ඉස්ලාමීය ලෝකයට වැදුණූ පලමු හෙණ ප්‍රහාරකි.  යුදෙව්වරුන් සම්බන්ධයෙන් ඉස්ලාම් දැඩිව අනතුරු අවවාද කර තිබිය දී ඒ සියල්ල නොසලකා පලමු ලෝක යුද සමයේ හා ඉන්පසුව ද මුස්ලීම්වරුන් ක්‍රියා කිරීම මෙම ඉරණම පලස්තීන භූමිය තුල නිර්මාණය වීමට බලපෑ දෙවන කාරණ යයි. ඉස්ලාමීය රාජ්‍යයක් තුල වෙනත් රාජ්‍යයන් අනිසි ලෙස මේ ආකාරයට අතපොවන විටත් ඒ සියල්ල ගොළුවන්, බිහිරන්, අන්ධයන් මෙන් අනිකුත් මුස්ලීම් රාජ්‍යයන් වටේ හිඳ බලා සිටීම මෙම තත්වයට බලපෑ තෙවන කාරණ යයි. සමස්ථ ලෝකයේම වෙසෙන යුදෙව්වන් එක් අරමුණක් ඔස්සේ පෙළ ගැසෙද්දී ඒකීය දහම තුල වෙසෙන මුස්ලීම් ජනතාව ආගමික කල්ලි වශයෙන් බෙදී ක්‍රියා කිරීම (අද පලස්තීනය තුල ශියාවරුන් නිසා ඇතිවී තිබෙන තත්වයත් එක් නිදසුනකි) පලස්තීනය දුර්වල කරන්න බලපෑ සිව්වන කාරණ යයි… ‍මේ ආකාරයට ඉස්ලාමීය ලෝකයට අතපසු වූ තැන් බොහෝමයක් මේ පලස්තීන අර්බුදය තුල ඇත. මේවා නිවරුදි කරගැනීමට මුස්ලීම් ලෝකය දැනුත් ප්‍රමාද නැත. මන්ද ඉහතින් සදහන් කලාසේ ‘බයිතුල් මුකද්දස්’ ජයග්‍රහණය මුස්ලීම්වරුන්ට කවදා හෝ උරුම ජයක් වන බැවිණි.

එම කාරණයත් බුද්ධිමත් අවදානයට යොමු කරමින් මෙම ලිපියට විරාමය තබන්නේ ඔබේ බලගතු වූ ආයුදය වන ‘ප්‍රාර්ථනාව’ සදහා මෙසේ ආරාධනා තබමිනි. පලස්තීන භූමිය තුල සෑම මොහොතකම ජීවිත අවදානමකින් ජීවිත් වන කුඩා දරුවන්, කාන්තාවන්, මහළුන් හා පලස්තීනයේ අයිතිය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සටන් කරන පලස්තීනුවන් වෙනුවෙන්, ඔවුන්ගේ නිදහස හා ජයග්‍රාහණය වෙනුවෙන්, ඉස්ලාම් විරෝධි ව්‍යාපාරවල බිඳ වැටීම වෙනුවෙන් ලොව පුරා වෙසෙන අප සෑම මුස්ලීම්වරයෙකු ම අඩුම තරමින් අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනාවක් හෝ කලයුතුව ඇත.

යාඅල්ලාහ්, ඉස්ලාමය හා මුස්ලීම්වරුන් ආරක්ෂා කර දෙත්වා!,

පලස්තීන ජනතාවට ඔවුන්ගේ අයිතිය ලබා දෙත්වා!,

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 5 යි.

  1. Nihas 2014-07-11 at 22:51

    Brother, keep ur writing . We all appreciate your effort. May Allah bless you.

  2. malik 2012-12-10 at 11:28

    alhamdulillah , grate abu.jwes lata allahge shapaya athwewa

  3. kamil 2012-12-07 at 14:46

    bayanaka samajayak gana danuwath karata jazakallah ………….

  4. MOHAMED ALI 2012-12-04 at 21:01

    MEWENI LIPI MAGIN APAWA DENUWATH KIREEMAGENA YAHAMAGATA MA STHUTI KARANA ATHARA HEKITAK MA SHARE KARAME

    • අබූ අර්ශද් 2012-12-05 at 14:53

      ඔබේ දිරිගැන්වීම හා උනන්දුව ‘යහමඟ’ට ශක්තියක්

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *