පෘථිවි මිනිස් සම්භවය හා පරිණාම වාදය ඉස්ලාමීය දැක්මක්

2

මිනිසාගේ මෙලොව සම්භවය තවමත් නොවිසදුනු පැනයකි. මේ පෘථිවි මිනිස් සම්භවය පිලිබදව සමාජය තුල විවිධ වූ වාදවිවාද හා මතවාද පවතී. ඒ අතුරින් මත දෙකක් ප‍්‍රධාන තැනක් ගනී. එනම්,

  • පරිණාම වාදය
  • දේව මැවුම් වාදය

මේ ප්‍රධාන වාදයන් දෙකට අමතරව මේ වාද දෙකෙහි සම්මිශ‍්‍රණයක් ලෙස වූ වාදයක් ශ්‍රී ලාංකීය බෞද්ධයින් තුල පවතී. එනම්, මිනිසා පරිණාමවාදය පවසන ආකාරයට පියවරින් පියවර පරිණාමය වුවත් මනුෂ්‍යාහට අවශ්‍ය මානසික ශක්තිය ලැබුණේ බාහිරින් යන්නයි. මේ ආකාරයේ වූ වාදයන් ලෝකයේ මෙන්ම ශ්‍රී ලාංකීය සමාජයේ සමාජගතව තිබුනත් මෑතකදී එනම් 2005 නොවැම්බරයේදී ඇමරිකාවේ ප‍්‍රාන්තයක් වන කැන්සාස් හී පාසල් මණඩල අධ්‍යාපන බලධාරීන් අධ්‍යාපන ආයතනයක් හී ඉගෙනුම් ලබන සිසුනට සම්ප‍්‍රද්‍රයික ජීව විද්‍යා විෂයන් තුල විද්‍යා විෂය ඒකකයක් ලෙස “බුද්ධිමත් නිර්මාණකරණය” Intelligent Design නම් සංකල්පය හදුන්වා දෙනු ලැබීමත් සමඟ මෙය කාගෙත් අවධානයට ලක් වූ මාතෘකාවක් බවට පත්වඇත. මෙය ඇමරිකානු ජනාධිපතිවරයාගේ පැසසුමට පවා ලක්වී තිබේ. මේ නිසා පරිණාමවාදී මත දරන්නන් හා ඊට විරැද්ධ මත ඉදිරිපත් කරන්නන් අතර විශාල කැළඹීමක් ඇතිවී තිබේ. ශ‍්‍රි ලංකාවේද පසුගිය දිනවල මේ පිලිබදව පුළුල්ව කථාබහ කෙරුණි. සමහරක් විද්වතුන් තමන්ගේ මතය ඉදිරියට ගෙනයාමට ලහිලහියේ සුදානම් වෙති. මේ මොහොතේ පෘථිවි මිනිස් සම්භවය පිලිබදව ඉස්ලාමීය දැක්ම කුමක්ද? යන්න පැහැදිලි කිරීමේ වගකීම මුස්ලීම්වරුන් වන අපටද පැවරී තිබේ.

ජීවි පරිණාමය පිලිබදව වාදයන්

ජීවියාගේ ආරම්භය පිලිබදව මුල්ම එනම් මෙලොව ජීවි සම්භවය පිලිබදව මුල්ම විද්‍යාත්මක අදහස ලොවට ඉදිරිපත් කරන ලද්දේ ඇරිස්ටෝටල් විසිනි. නමුත් ඊටත් පෙර ඉතිහාසගත සාක්ෂි නොමැති වකවානුවල පවා මේ ජීවින්ගේ සම්භවය පිලිබදව කථා කොට ඇති බව විවිධ ආගමික ඉගෙන්වීමන් අධ්‍යනය කිරීමේ දී පෙනී යයි. විශේෂයෙන් මීට වසර 2500 කට පෙර ජීවත් වූ ආගමික ශාස්තෘවරයෙකු වන ගෞතම බුදුන් විසින් ද මේ විෂය පිලිබදව අදහස් දක්වා ඇති බව ත්‍රපිටකය පරිශීලනය කිරීමේ දී පෙනීයයි. ත්‍රපිටකයේ පමණක් නොව මීට වසර 2000 කට පමණ පෙර පැමිණි ආගමික ශාස්තෘවරයෙකු වන යේසුස් වහන්සේ ද මෙම විෂය සම්බන්ධයෙන් මෙසේ පැවසූ බවට බයිබලයේ සදහන් වේ.

“අද මේ ලොව දකින ජීවින් සියල්ල කෙසේ පවතින්නේද? ඒ ආකාරයටම ආරම්භයේ ඒ සියල්ල ඇතිවිය. ”

(උත්පත්ති 1:1සිට24)

ඉහත ආකාරයට ත්‍රපිටකය හා බයිබලය මේ විෂය පිලිබදව අදහස් දක්වන විට මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) නම් වූ ශාස්තෘවරයෙකු මඟින් ලෝකයට අනාවර්ණය වූ ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනය තුලින් මෙසේ පවසයි.

“මෙලොව සියලු ජීවින් ජලයෙන් නිර්මාණය කල බවයි.”

ශුද්ධ වූ කුර්ආනය තරමක වෙනස් මතයක් ඉදිරිපත් කලද ඇරිස්ටෝටල් මතය, ත්‍රපිටකය හා බයිබලය හි සදහන් කරුණු ජනයා අතරට ගිය තරම් අල්කුර්ආනයේ සදහන් කරුණු ජනතාව අතරට නොයන ලදී. එයට මූලික හේතු මෙම වකවානුවේ මුස්ලීම්වරුන් ආගම කෙරෙහි තිබු උදාසීන භාවය හා මෙම මතයට ක‍්‍රිස්තියානිවරුන් ගෙනගිය විප්ලවකාරී ක‍්‍රියා පිලිවතයි.

මෙසේ විවිධ මතවාදයන් සමාජගතව පවතින අවදියක මෙම විෂය එනම් පෘථිවි මිනිස් සම්භවය පිලිබදව ප්‍රබල විද්‍යාත්මක මතයක් සමාජයට ඉදිරිපත් විය. මෙම විද්‍යාත්මක මතය ඉදිරිපත් වුයේ 1809 දී ප‍්‍රංශ ජාතික විද්‍යාඥයකු වන ලාමාක් Lamarck නැමැත්තා විසිනි. මොහුගේ වාදය ප්‍රබල වාදයක් වූවද එය ඉතා ඉක්මනින්ම ජනතාවගෙන් ප‍්‍රතික්ෂේප විය. නමුත් ඔහුගේ අඩිපාරේ ගොස් මොහුට වඩා ප‍්‍රබල මතයක් පරිණාමවාදයේ පියා ලෙස හදුන්වන චාල්ස් ඩාවින් Charles Darwin විසින් මිනිස් සමාජයට ඉදිරිපත් කරන ලදී. මෙය ජනතා අවධානය දිනාගැනීමට සමත්විය. මොහු විසින් ඉදිරිපත් කල වාදය වුයේ,

“පෘථිවිය ජලජ අවස්ථාවේදී හෙවත් ආදී සුපයක්ව පැවතියදී ඇතිවු ප‍්‍රතික‍්‍රියාවක් හේතුවෙන් ජලජ අවස්ථාවේ පවතින් ඒක සෛලික ජීවියෙක් බිහිවු අතර එතැන් සිට සරල බහු සෛලික ජීවින් බිහිවී අනතුරුව තවදුරටත් එය වැඩිදියුණු වී පෘෂ්ඨවංශීන් හා අපෘෂ්ඨවංශීන් ලෙස පරිණාමය සිදුවී සතුන් බවටත් පක්‍ෂීන් බවටත් පත්විය.”

ඉහත වාදය ලොව ප්‍රබල දහමන් තුල විශාල කැළඹීමන් ඇති කරවීය. මන්ද මෙම ප්‍රකාශය පිලිගැනීම තුල බොහෝ ආගමි ප්‍රතික්ෂේප කරන අවාසනාවන්ත තත්වයක් ලොව උදාවිය. කෙසේ වෙතත් මෙම මතවාදය පිලිබදව ගැටළුකාරී තැන් කිහිපයක් ඇත. ඒ කෙරෙහි ප්‍රථමයෙන් අවදානය යොමු කලේ නම්,

මෙම ආරම්භක ජීවියා පසුකලෙක විවිධ හැඩරුවින් හා විවිධ ලක්‍ෂණයන්ගෙන් යුක්ත විවිධ ජීවින් බවට පරිවර්ථනය කල ශක්තිය කුමක්ද?

අප වර්ථමානයේ අනේක සතුන් දකින්නේමු. එම සතුන් ඔවුන්ට හැඩරුවින් සමාන පැටවුන් බිහිකරනවා මිස එහි පරිණාමයක් හෝ පරිණාමී ලක්ෂණයන් දක්නට නොවේ. එසේ නම් අද අප දකින පරිසරය මේ ආකාරයට ස්ථාවරව පවතින්නත් ආරම්භයේ පරිණාමයන් සිදුවන්නත් හේතුව කුමක්ද?

මෙයට ලාමාක් දෙන පිලිතුර වන්නේ “ජිවින්ගේ ජිවිත කාලයේ ඇතිවු විවිධ අවශ්‍යතාවයන්ල ඔවුන්ගේ උත්සාහයන් හා ඔවුන්ට ඇතිවු බලපෑම් හේතුවෙන් ඔවුන්ගේ පරම්පරාවට එම අවශ්‍යතාවය සැපිරුනා” යන්නයි. උදාහර්ණයක් ලෙස ජිරාෆ් නැමැති සතාගේ ගෙල මෙපමණ දික්වුයේ එම සතා ආරම්භ කාලයේ උස් ස්ථානවල ආහාර ගැනීමට වෙහෙසීමේ ප‍්‍රතිලයක් ලෙසය. මෙය “අවයව භාවිතා කරන හා නොකරන නීතිය (Law of use and Disuse) ” යනුවෙන් හදුන්වන ලදී. මෙම වාදය ආරම්භයේ ජනයාගේ සිත් දිනාගන්න සමත්වුවත් පසුකාලීනව එය ප‍්‍රතික්‍ෂ්ප වන්නට විය. ඊට බොහෝ විද්‍යාත්ඥයන්ගේ අසහස් ද සෘජුව බලපෑ අතර එය සාවද්‍ය මතයක් බව තහවුරු කිරීම පිණිස විවිධ පරීක්ෂණයන් ද සිදුකරන ලදී. ඉන් එක් පරීයේෂණයක් තමා ආචාර්ය වෛස්මන් (Weismann) විසින් මීයන් උපයෝගි කරගෙන සිදුකල පරීක්ෂණය. ඔහු එම පරීක්ෂණය තුලින් මෙම වාදය සාවද්‍ය පදනමි විරහිත එකක් බව ඔප්පුකරන ලදී. ඔහු කල පරීක්ෂණය මෙසේය, මීයන් විශාල සංඛ්‍යාවක් උපයෝගි කරගෙන මෙම පරීයේෂණය ඔහු විසින් සිදුකරන ලදී.ඔහු මීයන්ගේ වලිග ඉවත් කරමින් පරම්පරා 80 ක් පරීක්‍ෂා කරන ලදී. නමුත් කිසිදු පරම්පරාවක මීයන්ගේ වලිගයේ දිගෙහි අඩුවීමක් හෝ එහි වෙනසක් සිදුනොවුනි. ඒ අනුව ලාමාක්ගේ වාදය සත්‍ය නොවන මනක්කල්පිතයක් බව ඔහු පවසන ලදී.

ඉහත ලාමාක්ගේ වාදය සැබෑවක් යයි උපකල්පනය කලේ නම් ඉන් සතුන් හට ඇතිවන බලපෑම යහපතට මෙන්ම අයහපතටත් බලපෑයුතුයි. උදාහර්ණයක් ලෙස සතකුගේ පාදයක් අනතුරකින් කැඞීගියේ නම් එසේත් නැත්නම් අහිමි වුයේ නම් එම පරම්පරාවේ උපදින සතුන් පාදයක් අහිමිව උපදිය යුතුයි. නමුත් එය එසේ නොවේ. මේ ආකාරයට ලාමාක්ගේ මතයට විරුද්ධව ඉදිරිපත් කලහැකි ප‍්‍රබලවු ක්‍රියාවන් බොහෝමයක් අද මිනිස් සමාජයේ දක්නට ඇත. ඒවායින් කිහිපයක් ඔබේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරමි. එනම් මිනිසා ඈත කාලයේ සිටම නියපොතු කැපීම, කෙස් ඉවත්කිරීම සිදුකරයි. එසේම මුස්ලීම්වරුන් චර්මඡෙද්‍ය සිදු කරයි. මෙය අද ඊයේ නොවේ අවුරුදු දහස් ගනනක සිට පැවත එන චර්යාවන්ය. ලාමාක්ගේ වාදයට අනුව මෙය මිනිස් ප්‍රතික්ෂේප කරන අවයවයන් එසේනම් මෙය අද වනවිට මිනිසාට අහිමිවී තිබිය යුතුය. නමුත් අදටත් උපදින සියළු දරුවන්ගේ නියපොතු, කෙස් වර්ධනය වන අතර පුරුෂ ලිංගේනද්‍රයේ පෙර සම ද කිසිදු වෙනස්වීමකින් තොරව පවතී. නමුත් ලාමාක්ගේ වාදයට අනුව නම් එය එසේ විය නොහැක.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. Shah 2013-08-07 at 11:16

    memagin kisindu pahadili kireemak sidu nowe,nikan boruwata wate yamak pamanak sidu kara atha.

    • අබූ අර්ශද් 2013-08-08 at 04:20

      ලිපිය නැවතත් හොදින් කියවා බලන්න

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp