බුද්ධිය හමුවේ අවලංගු වී යන ආගම්වලට අභීයෝගයක් වු අල්කුර්ආනය

0

භූගත ජලයවර්ථමාන සමාජයේ මිනිසුන් අතර විවිධ ආකාරයේ විශ්වාසයන් පදනම් කරගත් දහමන් (ආගම්) හා දර්ශනයන් බොහෝමයක් දක්නට ලැබේ. මේවා දේව නියෝගයක් එසේත් නොවේ නම් යම් ශාස්තෘවරයෙකුගේ සුවිශේෂිත ඥානයක් පදනම් කරගත් ඒවා බවට ද පැවසේ. කෙසේ වෙතත් මේවා සියල්ල යම් ගුප්ත කාරණයන් පදනම් කරගත් ඒවා යන්නෙ හි කිසිවකුටත් මතබේදයක් නැත. අතීතයේ පටන් මිනිසා ගුප්ත කාරණයන් පිලිබදව දැක්වු කැමැත්ත හා ආකර්ෂණය හේතුවෙන් ඉහත සදහන් දේව විශ්වාසයන් හා ශාස්තෘවරුන්ගේ මඟපෙන්වීමන් සමාජය තුල ප්‍රතික්ෂේප නොවී වසර සිය ගනනක් පාරම්පරිකව මේ දක්වාම පැවතේ. මේ සියළු මතවාදයන් හුදෙක් විශ්වාසය මත පමණක් පදනම් වී පැවතේ. මේ ආකාරයට පාරම්පරිකව පැවත ආ මෙම විශ්වාසයන් වර්ථමාන බුද්ධිමත් මිනිසා ඉදිරියේ නිරුවත්වීමට පටන්ගෙන ඇත. ඒ අතීත මානවයා මෙන් තවදුරටත් බුද්ධීය උගසට තබා ඇසු දුටු සියල්ල හිස් මුදුනින් පිලිගැනීමට වර්ථමාන මානවයා සුදානම් නොවීම හේතුවෙනි. ඔහු මේ සියල්ල විචාරශිලීව, තාර්කිකව හා බුද්ධිමත් ලෙස බලන්න උත්සාහ කරයි. එසේම ඔහුගේ මනසට ගෝචර නොවන ඕනෑම කාරණයන් ප්‍රතික්ෂේප කිරීමටත්, ඔහුගේ මනසට ගෝචරවන විද්‍යාත්මක පදනමක් ඇති ඕනෑම කාරණයක් පිලිගැනීමටත් ඔහු කිසිවිටෙකත් දෙවරක් සිතන්නේ නැත. මෙවන් තත්වයක ලොව බොහෝ දහමන් හා දර්ශණයන් මුහුණපා සිටින්නේ ඛේදනීය ඉරණමකටය. දහමන් හා දර්ශණයන් පමණක් නොවේ එම දහමන්වල පුජකවරුන්ට හා දාර්ශණිකයන්ට ද අත්වෙමින් පවතින්නේ එවැනිම ඛේදනීය ඉරණමකි. මෙවන් ඉරණමක් වර්ථමාන බොහෝ දහමන්ට හා දර්ශණයන්ට අත්වීමට බලපෑ ප්‍රධානතම හා එකම හේතුව විද්‍යාවේ දියුණුව යන්නෙ හි විවාදයක් නැත. මන්ද විද්‍යාවේ දියුණුව හේතු කොටගෙන මිනිසා සියල්ල විද්‍යාත්මකව, විමසුම් ඇසින් බැලීමටත් තාර්කිකව අවබෝධ කර ගැනීමටත් පුරුදු වී සිටී. මෙවන් මොහොතක ආගමික ශාස්තෘවරුන් හා දාර්ශණීකයන් මුහුණපාන ප‍්‍රධාන ගැටළුන් කිහිපයක් ඇත. එනම්,

  • මෙම දහමන් හා දර්ශණයන් ජනතාව හමුවේ ඔවුන්ට පිලිගත හැකි ආකාරයට පවසන්නේ කෙසේද?
  • මෙම ආගම් හා දර්ශණයන් විද්‍යාව හා සංසන්ධනය කරන්නේ කෙසේද?
  • විද්‍යාව හා පරස්පර වන අවස්ථාවල අනුගමනය කලයුතු ක‍්‍රියා මාර්ගය කුමක්ද?

ඉහත ප්‍රශ්නයන් හමුවේ අසරණ වන ශාස්තෘවරුන් හා දාර්ශණිකයන් තම දහම එසේත් නැත්නම් දර්ශණය ජනයා හමුවේ අවලංගු නොවී බේරා ගැනීම සදහා දැඩි උත්සාහයන්වල නිරත වී සිටී. මොවුන්ගේ මෙම උත්සාහය කොතරම්ද යයි පවසනවා නම්, මේ දක්වා විද්‍යාවට පවා අනාවර්ණය කරගත නොහැකි වු විද්‍යාවේ උපකල්පනයන් වන මිනිසාගේ බිහිවීම, විශ්වයේ බිහිවීම, කළුකුහරය (Black Hole)… වැනි කාරණයන් පවා “ඔප්පුකල විද්‍යාව” යන පදනමේ හිද ඒවා සමඟ තම දහමන් හෝ දර්ශණය ගලපමින් කරුණූ ඉදිරිපත් කරයි. නමුත් උපකල්පන විද්‍යාව යනු සැබෑවටම විද්‍යාව නොවේ. එය පරීක්‍ෂණ, නිරීක්‍ෂණ හා නිගමනයන්වලින් තොර වු අනුමානයක් පමණී. කරුණූ මෙසේ තිබිය දී සමහරක් ශාස්තෘවරුන් හා දාර්ශණිකයන් විද්‍යාවට සමාන්තරව තම මතය ගෙනයාමේ අරමුණින් සහා තම දහම හෝ දර්ශණය “විද්‍යාත්මකයි” යන්න ඔප්පු කිරීමේ අරමුණින් විද්‍යාඥයින්ට පවා පාඩම් උගන්වන ආකාරයට විද්‍යාවේ උපකල්පනයන් පවා “ඔප්පුකල විද්‍යාව” බවට හුවා දක්වමින් ජනතාව හමුවේ කරුණු ඉදිරිපත් කරනවා නිරන්තරයෙන් දකින්නෙමු. මෙයට හොද උදාහර්ණයක් පසුගිය කාලයේ ශ්‍රී ලාංකීය සමාජය තුල පලවු “ජීවිතය හා මනෝකාය” නැමති පොතින් උපුටා දැක්විය හැක. මනෝකාය (Astral Body) පිලිබදව තවම විද්‍යාවට ඇත්තේ මනකල්පිත අදහසක් පමණී. නමුත් ඉහත පොතේ කතෘ පියවරක් ඉදිරියට ගොස් මනෝකාය හා භූතාත්ම වල ඡායාරූප පවා එලි දක්වා ඇත.

 

මෙහි දැක්වෙන්නේ එම පොතෙ හි පලකොට තිබු ඡායාරූපය

මෙහි දැක්වෙන්නේ එම පොතෙ හි පලකොට තිබු ඡායාරූපය

මෙය විද්‍යාව පිලිබදව සාමාන්‍ය දැනුමක් ඇති පිරිසට පවා සැබෑවටම හාස්‍යය උපදවන කාරණයකි. එසේම මෙය තමා පවසන කාරණය පිලිබදව ඔහු තුලම තිබෙන බංකලොත්තුභාවයට හොද නිදසුනකි. මෙවැනි මුද්‍රිත ප්‍රකාශන ලාංකීය සමාජයේ බහුලව දක්නට ලැබේ. මුද්‍රිත ප‍්‍රකාශන පමණක් නොවේ සමහරක් විද්වත් යයි පවසාගන්නා මාධ්‍යවල ද මෙවැනි සාකච්චාවන් නිරන්තරයෙන් දක්නට ලැබේ. මෙයින් පෙනීයන එක් කාරණයක් ඇත. එනම් මේ ආකාරයට විද්‍යාත්මක උපකල්පනයන්, විද්‍යාව හා බද්ධ කොට කරන පදනම් විරහිත ප‍්‍රකාශයන් තුලින් තහවුරු වන ප්‍රධාන කාරණ විද්‍යාව වර්ථමාන දහමන් හා දර්ශණයන්ට තීරණාත්මක සාධකයක් වී ඇත යන්නයි.

මෙම අභියෝගය හමුවේ අසරණ වු බොහෝ ශාස්තෘවරුන් හා දාර්ශණිකයන් තම දහම එසේත් නැත්නම් දර්ශණය “විද්‍යානුකූලයි” යයි පැවසීමටත් තම ආගම් විද්‍යාව හා පරස්පර නොවේ යයි තහවුරු කිරීමටත් විවිධ උත්සාහයන්වල නිරත වෙමින් සිටිති (එහි අතුරු ප්‍ර‍රතිඵලයක් තමා ඉහත පොත හා එහි ඡායාරෑප) මෙවැනි උත්සාහයන් එනම් විද්‍යාව පදනම් කරගෙන ආගමක් පිලිබදව කථා කිරීම සැබැවින්ම අගය කල යුත්තකි. මන්ද වර්ථමානයේ ඕනෑම කාරණයක් ඔප්පු කිරීමට ඇත වඩාත්ම සුදුසු මඟ මෙම විද්‍යාව වන බැවිනි. එසේම මිත්‍යාවන් සමාජයෙන් තුරන් කිරීමට ද විද්‍යාවෙන් සිදුවන්නේ ඉමහත් සේවයකි. මේ පිලිබදව කිසිවකුටත් මතභේදයක් හෝ තර්කයක් නැත. ඒ අනුව බොහෝ ආගම් හා දර්ශණයන්වලට මෙම විද්‍යාව අභියෝගයක් වී ඇත. නමුත් සැබෑම දහමකට, එසේත් නැත්නම් දර්ශණයකට මෙම විද්‍යාව ඇත්තෙන්ම වෙස්වලාගත් ආශිර්වාදයකි. මේ නිසා විද්‍යාව තුලින් කිසියම් දහමක් හෝ දර්ශණයක් පිලිබදව කථා කල හැක්කේ එය සැබෑම දහමක් හෝ දර්ශණයක් වුවානම් පමණි.

මෙහි දී ආගම් හා දර්ශණවාදීන්ගේ අවදානයට යොමු කල යුතු ප‍්‍රධාන කාරණ්‍යක් ඇත. එනම්, ඕනෑම ආගමක දර්ශණයක අන්ධ භක්තිකයන් මෙන්ම බුද්ධිමත් පිරිස ද සිටින බව අමතක නොහැක. එම නිසා “වර්ථමාන මිනිසා මෝඩයෙකි” යන පූර්ව නිගමනයෙන් හා අවතක්සේරුවෙන් කිසිවකුටත් කටයුතු කල නොහැක. මෙසේ මා පවසන්නට හේතුව වන්නේ විද්වතුන් යයි පවසාගන්නා බොහෝ පිරිසගේ “විද්‍යාත්මකයයි” පවසමින් පලකරන ලිපි හා අදහස් වෙත අවදානය යොමු කිරීමේ දී හැගීයන කාරණයක් නම් ඔවුන් තම දහම, දර්ශණය බේරාගැනීමේ අසහය උත්සාහයක පමණක් නිරතවී සිටිනවා මිස ඔවුන්ගේ ලිපි හා අදහස් ප‍්‍රකාශවල විද්‍යාත්මක හෝ බුද්ධිමත් කරුණූ අඩංගු නොවන බවයි. ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ කුමක් හෝ පවස ජනයා තම මතය තුල රදවාගැනීම පමණි. එය නූතන මිනිසාගේ බුද්ධිය හමුවේ වතුරයට සඟවාගත් රබර් බෝලයක් බදුය. ඒ ආකාරයට කටයුතු කරන විද්වතුන්ගේ අවධානයට මෙම ලිපිය යොමු වේවා! යයි ප‍්‍රාර්ථනා කරමි. එසේම විද්‍යාව හමුවේ නිරුවත් වෙමින් පවතින ලෝක දහමන් හා දර්ශණයන් හමුවේ තවත් දහමක් වන ඉස්ලාම් දහමට එහි හිමි තැන කුමක්ද? යන්න දැන් විමසා බලමු.

මෙම ලිපිය තුලින් මා බලාපොරොත්තු වන්නේ සමාජ සම්ප්‍රදායෙන් හා සම්මත ක‍්‍රමයන්ගෙන් එනම්, විද්‍යාව හා ආගම සංසන්ධනය කිරීමක් සිදුකිරීමට වඩා පියවරක් ඉදිරියට ගොස් මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක්නොවූ කාරණයක් පිලිබදව කථා කිරීමටයි. ඊට ප‍්‍රථම ශුද්ධ වූ කුර්ආනය පිලිබදව කෙට් අවදානයක් යොමු කලේ නම්,

ඉස්ලාම් දහම යනු මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) නම් වක්තෘවරයෙකු හට දේව පණිවුඩයක් ලෙස ලැබුණු පණිවුඩයක් ජනතාව හමුවේ ප‍්‍රකාශ කිරීමකි. එම දේව පණිවුඩ ආරම්භයේ පටන් ලිඛිතව ආරක්ෂා වූ අතර එම ආරක්ෂිත ලියවිල්ල “ශුද්ධ වූ කුර්ආනය” නම් වේ. මෙම කාරණය මා මෙහි පවසන්නේ යමක් පිලිබදව කිසියම් ගවේෂණයක් සිදුකිරීමට නම් ඒ පිලිබදව මූලික අවබෝධයක් හෝ තිබියයුතු බැවිණි. එසේම කිසියම් වාදයක්, මතයක් ගොඩනැගීමේ දී ඒ සදහා පදනම් කරගත් ලියවිල්ලක් වැනි පැහැදිලි සාක්ෂී අත්‍යඅවශ්‍ය වේ. උදාහර්ණයකට මා විසින් ඉස්ලාම් දහමේ “දරු කළලයේ විකාශණය පිලිබදව පියවරින් පියවර පවසනවා” යයි පැවසුවා නම්, එසේ පැවසීමෙන් පමණක් නතර විය නොහැක. එය පවසන්නේ කුමන ග‍්‍රන්ථයේද? කුමණ පරිච්ෙඡ්දයේ ද? එය කීවැනි වාක්‍යයේද? එම ග්‍රන්ථය ආරම්භයේ සිට ආරක්‍ෂා වී පැවතුනේ ද? යන්න මේ සියල්ල පදනම් සහිතව ඉදිරිපත් කිරීමට වගබලා ගතයුතුය. ඒ අනුව ඉහත සියළු ප්‍රශ්නවලට ඉස්ලාම් දහම හමුවේ පිලි තුරු ඇත (එය ඔබට ඉදිරියට දැකගත හැක). මේ අනුව එම දුර්වලතාවයෙන් ඉස්ලාම් සුවිශූද්ධය. එසේ නොවුවා නම් ලොව අනිකුත් දහමන්ට හා දර්ශනයන්ට විද්‍යාව විසින් අත්කර දුන් අවලංගු පුරාවෘත්තයක් යන ඉරණම ඉස්ලාම් දහමට ද අත්වනවා නොඅනුමානය. මෙම ලිපිය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ඌනපූරණයක්ව ඔබගේ අවදානයට යොමු කලයුතු තවත් කාරණයක් ඇත. එනම් අල්කුර්ආනය යනු විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කරන විද්‍යා ග‍්‍රන්ථයක් නොවන බව හොදින් අවබෝධ කරගත යුතුයි. මෙසේ මා පවසන්නට හේතුව විද්‍යා ග‍්‍රන්ථයක් කියවීමේ එහි පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන පැහැදිලිව සදහන් කොට තිබේ. මේ නිසා එය විද්‍යා ග‍්‍රන්ථයක් යන්න සාමාන්‍ය ජනයාට වුවද පහසුවෙන් අවබෝධ කරගත හැක. නමුත් අල්කුර්ආනය එසේ නොවේ. එය කියවන පුද්ගලයාගේ බුද්ධි මට්ටම හා ඔහු නියෝජනය කරන ක්‍ෂෙත‍්‍රය අනුව එහි අර්ථය පුළුල් වේ. උදාහර්ණයකට විද්‍යාඥයකු මෙම පොත පරිශීලනය කරන විට එය විද්‍යාත්මක සත්‍යයන් එලිකරන විද්‍යා ග‍්‍රන්ථයක් ලෙස පෙනෙනු ඇත. දේශපාලඥයකු මෙය පරිශීලනය කරන විට එය එම ක්‍ෂෙත‍්‍රය නියෝජනය කරනවා සේ පෙනෙනු ඇත. මෙම අල්කුර්ආනය සාමාන්‍ය ජනයා කියවද්දී එය ඉතා සරලව පවසන අවවාද අනුශාසනාවන් අඩංගු ලියවිල්ලක් සේ පෙනෙනු ඇත. මෙය මෙම අල්කුර්ආනය දිව්‍යමය පුස්තකයක් යන්න කියාපාන සුවිශේෂි ලක්‍ෂණයකි. මෙහි අවදාරනය කල යුතු තවත් කාරණයක් ද ඇත. එනම් මෙම අල්කුර්ආනය පහල වු ආරම්භ සමජයේ බුද්ධි මට්ටම හා වර්ථමාන සමාජයේ ජීවත්වන සුපිරි මිනිසාගේ දැනුම මට්ටම හා ශුද්ධ වූ කුර්ආනය පවසන කරුණූ සමඟ සංසන්ධනාත්මකව ගලපමින් එහි වලංගුභාවය පිලිබදව අවදානය යොමු කලේ නම්.

මෙම අල්කුර්ආනය එදා අරාබි දේශයේ (වර්ථමාන මක්කාව හා මදීනාව) ජීවත් වූ නොදියුණු සමාජයක් මධ්‍යයේ පහල විය. එසේ පහල වු අල්කුර්ආනය එදා නොදියුණු සමාජයට මෙන්ම වර්ථමාන සුපිරි මිනිස් සමාජයටත් කිසිදු පරස්පරතාවයකින් තොරව එකසේ ගැලපෙනවා අප දකිමු. මෙය මෙම අල්කුර්ආනයේ තවත් සුවිශේෂි ලක්‍ෂණයකි. මෙයට නිදසුනක් වශයෙන් ඉස්ලාම් දහමේ ආරම්භ කාලයේ සිදුවු සීඝ‍්‍ර වර්ධනයත්, මෑත කාලයේ එලිදැක් වු ලොව ප‍්‍රකට ඉතිහාසඥයකු වන “මයිකල් එච් හාට්” මහතාගේ ශ්‍රේෂ්ඨ කෘතියක් වන “ද 100” (THE 100) හි මුහම්මද් තුමා හා ඉස්ලාම් දහම පිලිබදව පවසන කරුණුත් ඉස්ලාම් වර්ථමාන බුද්ධිමතුන්ගේ විශේෂයෙන් විද්‍යාඥයින්ගේ ආකර්ශණය දිනාගැනීමට සමත් වී ඇති බවට හොදම සාක්‍ෂියකි. ඒ අනුව අල්කුර්ආනය මේ දක්වා ආ ගමන් මාර්ගය දෙස සිංහාවලෝකනයක් සිදු කලේ නම් පැහැදිලි වන කාරණයක් ඇත. ඒ මෙම අල්කුර්ආනය මිනිස් චින්තනයන්ගෙන් බැහැර වු දිව්‍යමය වචන යන්නයි. මීට වසර 1400 කට පමණ පෙර නොදියුණු සමාජයක ප‍්‍රකාශයට පත්වු අල්කුර්ආනය අදටත් සියළු දුර්වලතාවයන්ගෙන් සුවිශුද්ධවීම තුලින් ද මෙම අල්කුර්ආනය මිනිස් චින්තනයන්ගෙන් බැහැර වු දිව්‍යමය වාක්‍යයක් යන්න වඩ වඩාත් තහවුරු කරනවා නොවේද?. එසේම ඉස්ලාමීය විශ්වාසයට අනුව දෙවියන් යනු සුපිරි බලයක් එහි වැරදීම්, අතපසුවීම්, අමතකවීම්… යනාදී කිසිදු දුර්වලතාවයක් කිසිසේත් ඇතිවිය නොහැක. එවැනි කිසියම් දුර්වලතාවයක් එහි පැවතුනේ නම් සමස්ථ කුර්ආනයම ප‍්‍රශ්නාර්ථයක් වනු ඇත. වෙනත් ආකාරයකට පවසනවා නම් මෙම අල්කුර්ආනය තමා ඉස්ලාම් දහමේ තීරණාත්මක සාධකය. මෙම අල්කුර්ආනයේ කිසියම් වරදක් පවතින්නේ එනම් එහි ශුද්ධත්වය ඉන් කෙලෙසී යයි. එවිට ඉස්ලාම් පවසන ස්වර්ගය, අපාය, මරණින් මතු ජීවිතය, විනිශ්චය දිනය, වක්තෘවරුන්… යනාදී සියල්ල පිලිබදව සාධාර්ණ වු සැකයක් ඇතිවීම කිසිවකුටත් වැලැක්විය නොහැක. මෙතරම් තීරණාත්මක මොහොතකදී පවා ශුද්ධ වූ කුර්ආනය පියවර ගනනාවක් ඉදිරියට ගොස් “හැකිනම් මෙය අසත්‍ය කරන්න” යනුවෙන් මුළු මිනිස් සමාජයටම අභියෝග කිරීම එහි නිරවද්‍යතාවය මනාව කියාපෑමකි. මෙම අභියෝගය ශුද්ධ වූ කුර්ආනයේ වසර 1400 ක් මුළුල්ලේ සමාජගතව පවතී. ඕනෑම කෙනෙකුට අදටත් එය වලංගුය. එසේ තිබියදීත් තවම එය ජය ගැනීමට කිසිවකුටත් නොහැකි වුයේ මෙය දිව්‍යමය පුස්තකයක් නිසාම නොවේද?

ඒ අනුව දැන් මාතෘකාවට අවදානය යොමු කරමු

මෙම අල්කුර්ආනයේ මීට වසර 1400 කට පෙර පහල වු අතර එය ඊට වසර දහස් ගනනකට පෙර සිදුවු සත්‍යයන් මෙන්ම අනාගතයේ සිදුවීමට නියමිත සත්‍යයන් බොහෝමයක් පිලිබදච ද කථා කරයි. විශේෂයෙන් මෙම කුර්ආනයේ පැවසෙන අනාවැකීන් විවිධාකාරය. සමහරක් අනාවැකි කෙටි කාලීනය තවත් සමහරක් වසර කිහිපයකට එහා විය. තවත් සමහරක් වසර සියගනනක් එහා විය තවත් සමහරක් වසර දහස් ගනනක් එහාට විහිදුනි. තවත් සමහරක් විශ්වයේ විනාශ මොහොත දක්වා විහිදුනු අතර තවත් සමහරක් විශ්ව විනාශයෙන් පසුව උදාවන “කියාමත්” (හොද නරක අනුව ස්වර්ගයද අපායද යන්න තීරණය කරන) දිනයේ දී සිදුවීමට නියමිත සිද්ධීන් පිලිබදව පවසන කාලය තරම් දීර්ඝ එකක් විය. මේ ආකාරයට විවිධ මට්ටමේ අනාවැකියන් පවසන අල්කුර්ආනය වර්ථමාන මිනිසාගේ සහා අනාගත සුපිරි මිනිසාගේ බුද්ධිමත්භාවය හා විවාදශීලීභාවය අවබෝධ කරගත් නිසාදෝ අල්කුර්ආනය අනාවැකියක් පවසන විට එය තුල තවත් බුද්ධිමත් මිනිස් මනසට ගෝචර ප‍්‍රායෝගික වු සත්‍යයක් එහි බද්ධ කොට පවසයි. මෙය ලොව කිසිදු දහමක් හෝ දර්ශනයක දක්නට නොමැති ශුද්ධ වූ කුර්ආනයට පමණක් සුවිශේෂි වූ අංගයකි. එම සුවිශේෂි අංගය පිලිබදව තමා අද මෙම ලිපියෙන් අවදානය යොමු කරන්නේ. එයින් කිහිපයක් නම්,

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *