බෞද්ධ අන්තවාදයේ ඊශ‍්‍රායල් බුද්ධිය

2

(මෙම ලිපිය 2014/4/27 ඉරිදා දින ‘රාවය’ පුවත්පතේ ‘හින්දු-බෞද්ධ අන්තවාදයේ ඊශ්‍රායිල බුද්ධිය’ යන මාතෘකාවෙන් පලවූ ලිපියෙහි කොටසකි. සම්පූර්ණ ලිපිය පහලින් ඇති link මඟින් කියවන්න)

යුදෙව් බුද්ධිය…වත්මන් බුරුම ආණ්ඩුව හා එහි ආරක්ෂක කටයුතු සමග ඊශ්‍රායිලය ඉතා සමීපව කටයුතු කරන බවත් ඇත්තකි. බුරුම ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මීය නායිකා, නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචි, 969 ගැන හා විරාතුගේ මුස්ලිම් විරෝධී බෞද්ධ අන්තවාදය ගැන කිසිවක් කතා නොකරන බවත් එවගේම ඇත්තකි.
අත්‍යාගමික හා මුස්ලිම් විරෝධී කසාවත් ත්‍රස්තවාදයට, රාජපක්ෂර ආණ්ඩුවෙන් කිසිම තහංචියක් නැති බව අවිවාදිත ය. ඒ පසුබිමෙහි, මුස්ලිම් විරෝධී බෞද්ධ අන්තවාදය සම්බන්ධව මේ කරුණු ද සැලකිල්ලට ගත යුතුව ඇත.
අහඹුවක් වූවත් පළමු යුදෙව් කේන්ද්‍රය මෙහි පිහිටුවන ලද්දේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වූ 2005 නොවැම්බරයේදී ය. ‘ෂබාඞ් නිවස’ ලෙසින් හඳුන්වනු ලබන දැනට රටවල් 70 ක පිහිටුවා ඇති මෙම යුදෙව් කේන්ද්‍රයද, මූලධර්මවාදී ගුරු කුලයක් විසින් සංවිධානය කෙරෙන්නකි. ශ්‍රී ලංකාවේ මෙය පළමුව පවත්වා ඇත්තේ හික්කඩුව රිසෝට් හෝටලයෙහි ය. දැන් කොල්ලූපිටියේ, ග්‍රීන් පාත්හි ස්ථිර ෂබාඞ් නිවසක් ලෙස පවත්වා ගෙන යන්නේ ය. යුදෙව්වන් බලාපොරොත්තු වන සියලූ ආගමික හා සංස්කෘතික කටයුතු එමගින් සංවිධානය කෙරේ. විස්තර සඳහා (වැඩි විස්තර සදහා) ඊශ්‍රායිලය හා ශ්‍රි ලංකාව අතර වෙළඳාම පමණක් නොව, ආරක්ෂක ගනුදෙනු ද වර්ධනය වී ඇත. ඉතිහාසයේ පළමු ශ්‍රී ලාංකීය රාජ්‍යය නායකයා ලෙස පසුගිය ජනවාරියේ දී  ඊශ්‍රායලයට ගිය ජනාධිපති රාජපක්ෂ එරට ජනාධිපති ෂිමෝන් පෙරෙස් හා අගමැති නෙතන්යාහු සමග සාකච්චා පැවැත්විය. ඔහුගේ සංචාරය ගැන

‘‘ජෙරුසලම් පෝස්ට්’’ පුවත් පත ජනවාරි 09 වන දින තැබූ එක් සටහනක් වනුයේ ’’ඊශ්‍රායල් සහ ශ්‍රී ලංකා සබඳතා දැන් කඩතොලූ මකා ගන්නේ ය. දෙරට අතර විශේෂයෙන් ආරක්ෂක ක්ෂේත්‍රයේ ඉතා හොඳ සම්බන්ධතාවක් පවතී.’’ යන්නය.

ඊශ්‍රායලය පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවට නුපුහුණු රැකියා 1,500 ක් ලබා දුන්නේ ය. කම්කරුවන් ලෙස පිරිස් එහි ගියහ. දැනටත් සත්කාරක සේවා ස්ත්‍රී පුරප්පාඩු 530 ක් සහ පිරිමි පුරප්පාඩු 580 ක් සඳහා අනුමැතිය ඇත. ඔවුන්ගේ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් දැන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සුභසාධන කළමනාකරුවකු ටෙල්ආවීව් හි නිල වශයෙන් රඳවා ඇත.
ඊශ්‍රායලයේ ගැලීලි නගරයේ කරවිල කොටුවේ ධම්මතිලක හිමි ඉන්නා පන්සල, ඊශ්‍රායලයේ දැනට ඇති එකම බෞද්ධ පන්සල ය. බොදු බල සේනා සංවිධානය ආරම්භ කළ නායකයන්ට 2011 ඔක්තෝබරයේ 20 සහ 26 අතර නෝර්වේ සංචාරයක් භධඍෑත්‍ නම් නෝර්වේජියානු ආයතනයේ සහභාගිත්වය ඇතිව සංවිධානය කර දී ඇත්තේ දීර්ඝ කාලයක් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන හිමිකරුවකු වූ නෝර්වේජියානු ජාතික ආනා ෆියටොෆ් සහ (එකල) නෝර්වේජියානු තානාපතිනිය, ග්රෙුටේ ල‘ෂෙන් විසිනි.
බොදු බල සේනාවේ ප්‍රධානියෙකු වන දිලන්ත විතානගේට අනුව, බොදු බල සේනා නමින් සංවිධානය ආරම්භ කර ඇත්තේ, ගලගොඩඅත්තේ ඥානසාර, විතාරන්දෙණියේ නන්ද, අලූත්වැව ආනන්ද, දපනේ සුමනවංස, වැලිමඩ ශාන්ත යන භික්ෂූන් පස්නම සමග ඔහුත්, පූජිත විජේසිංහ හා මාක් ඇන්තනී පෙරේරා යන අයත් නෝර්වේ ගොසින් පැමිණියාට පසු 2012 මැයි 07 වන දින ය. එහි දී ඔවුන් අමාත්‍ය එරික් සොල්හයිම් සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු වූ බව දිලන්ත පිළිගන්නේ ය. වැඩි විස්තර
බොදු බල සේනා මූලස්ථානය ලෙස යොදා ගන්නා හැව්ලොක් පාරේ (දැන් සම්බුද්ධත්ව මාවත) සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය යැයි නම් කර ඇති මහල් ගණනාවකින් යුතු යෝධ ගොඩනැගිල්ල, කිරම විමලජෝති හිමිගේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට අයිති වන්නකි. එම ඉඩම, මහජන බැංකුව විසින් උකසට සින්න වූ ඉඩමක් ලෙස වෙන්දේසි කිරීමට තිබුණකිි. එහි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ඉදි කෙරුණේ කෙසේද යන්නත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් ආයෝජනය කෙරුවේ කවුරුන්ද යන්නත් මහා ප්‍රහේලිකාවකි.
ගාල්ලේ පිලානේ ඉදි කෙරුණු ‘මෙත් සෙවණ’ බොදු බල සේනාවේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස 2013 මාර්තු 09 වන දින විවෘත කෙරුණේ නගර සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතිනි. ඒ ගැන ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ සඳහන් වන්නේ, ‘‘මෙත් සෙවණ ඉදිකර මහා සංඝයාට පූජා කරනු ලැබූයේ ජර්මනියේ මයිකල් ජේ.ඒ. කරත් යිට්මෙයර් විසිනි.’’ යනුවෙනි. මයිකල් කරා යිට්මෙයර් අනාථ වූ දරුවන් වෙනුවෙන් කොස්ලන්දේ ලිට්ල් ස්මයිල්ස් එසෝසියේෂන් නම් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා ගෙන යන්නෙකි. ඔහු ජර්මානු යුදෙව් සම්භවයක් ඇත්තෙකැයි දැන ගන්නට ඇත.
ඉකුත් මාර්තු ආරම්භයේ දී ගලගොඩඅත්තේ ඥානසාරගේ ප්‍රධානත්වයෙන් විතාරන් දෙණියේ නන්ද සමග දිලන්ත විතානගේ ඇතුළු නියෝජිත පිරිසක් බුරුමයට පිටත්ව ගොස් එහි දී අස්වින් විරාතු භික්ෂුව හමුවූහ. එලෙසින්ම විරාතු භික්ෂුවට ශ්‍රී ලංකා සංචාරයකට ද ඇරයුම් කොට ඇත. මේ සියලූ විදේශ ගමන් සඳහා මුදල් කොහෙන්දැයි තවම හෙළි වී නැත.
ඊශ්‍රායල් මූල්යි ගනුදෙනු නෝර්වේ හරහා ද සිදුවන බව දැන් බොහෝ තැන්වල සාකච්චා වන අතර, ඒවා නොයෙකුත් රටවල මුස්ලිම් විරෝධී සංවිධාන වෙනුවෙන් යොමු කෙරෙන බවත් බෙහෙවින් සාකච්චා වන මාතෘකාවකි. ඒ අතර, ඉකුත් ඉරිදා ‘ද සන්ඬේ ලීඩර්’ පුවත් පතට බොදු බල සේනා ගැන අදහස් දැක්වූ දිලන්ත විතානගේගෙන් ඔවුන්ට අරමුදල් ලැබෙන්නේ කොහෙන්දැයි ඇසූ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ,

‘ඇතැමුන් කියන්නේ අපට මුදල් ලැබෙන්නේ ඊශ්‍රායලයෙන් කියලා. ඒ සියල්ල බොරු. ගැටලූවක් හෝ ප්‍රශ්නයක් තියෙන ඕනෑම කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. අපේ කටයුතු ඉතා විවෘතයි.’

යන්නය. ඇත්ත ගැටලූව වන්නේ එලෙස ගොසින් පරීක්ෂා කිරීමට, ඔවුන්ගේ හික්මීම හා විනය ගැන විශ්වාසයක් ඇති ස්වාධීන පුද්ගලයකු සොයා ගැනීමය.

උපුටා ගැනීම – රාවය වෙබ් අඩවිය (සම්පුර්ණ ලිපිය කියවන්න මෙහි click කරන්න)

 

ඉදිරිපත් කිරීම – අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. කුමාර 2014-08-06 at 08:37

    එක් දෙයක් පැහැදිලිය. කොපමන උත්සාහ කලත් දෙයියන් අදහන මෝඩ මිනිසුන් වන මුසල්මානුවන්ගේ විනාසය කොතනකින් හෝ සිදු වේ. (ඉරාකය.. පලස්තීයය ) … බුදු දහමට නිගා දෙන තොප වැනි පවුකාරයන් සමීපයට දෙවියන් තියා දෙවියන්ගේ පුතා වත් පැමිනෙන්නේ නැත…

    • අබූ අර්ශද් 2014-08-06 at 17:19

      ඉරාකය, පලස්තීනය වැනි රටවල මුස්ලීම් ප්‍රජාවට සිදුවන හානිය තුල ඔබ කාලකන්නි සතුටක් ලබන බව නම්, ඉහත ප්‍රතිචාරය තුලින් මටත් පැහැදිලිය. මේ රටේ අවාසනාවකට මෑතක සිට ඔබ මෙන් සිතන පතන බෞද්ධ පිරිස් රට තුල සීඝ්‍රයෙන් වර්ධනයෙන් වෙමින් තිබෙන බව පැහැදිලිව දකින්න තිබෙන කාරණයකි. ඒක මේ රටේ පමණක් නොවේ බුදු දහමෙත් අවාසනාවක්.
      ඊලඟට ඔබ පවසන බුදු දහමට නිගාකරන පිරිස කවුද? යන්න ඔබම බුද්ධිමත්ව විමසා බලන්න. මම ඔබට අභියෝග කරනවා. පුළුවන් නම් මේ අඩවියෝ හෝ වෙනයම් ඉස්ලාම් දහම කථා කරන අඩවියක බුදුදහමට නිගා කරපු අවස්ථාවක් උපුටා දක්වන්න. හැබැයි බුදුදහම කියන අඩවීන් හා බ්ලොග් හොදින් නිරීක්ෂණය කර බලන්න. එහි බුදුදහම කියනවා වෙනුවට ඇත්තේ අනිකුත් දහමන්ට නිගා කිරීමන් නොවේද? කියා.
      ඔබ පවසන අනික් කාරණය දෙවියන් අදහන මෝඩ මිනිසුන්ට දෙවියන් හෝ දෙවියන්ගේ පුතාවත් උදව් කරන්නේ නැතැ යන්නයි. මේ ප්‍රකාශය තුල දේව විශ්වාසය පිලිබද ඔබේ අනවබෝධය මනාව ප්‍රදර්ශනය කරයි. ඔබ පවසන ආකාරයට මුසල්මානුවන්ට දෙවියන්ගේ උදව් උපකාර පහල වන අතර තුර සතුරන්ට විනාශය පහල වියයුතු නම්, මේ පොළොව මත අද වනවිට එක් තණකොල ගහක්වත් ඉතිරිව නොවනු ඇත. අද ලොවපුරා මුස්ලීම්වරුන්ට ඇති වී තිබෙන තත්වයන් ඔවුන් තව තවත් දෙවියන් වෙත සමීප කරවන තත්වයන් මිස දේව විශ්වාසයෙන් දුරස් කරවන තත්වයන් නම් නොවේ. එපමණක් නොව නියත වශයෙන්ම ලොවපුරා වෙසෙන මුසල්මානුවන්ට දෙවියන්ගේ සහය නිසි මොහොතේ නිසි ලෙස පහල වෙනවා ඒකාන්තය.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *