මුස්ලිම් ජනගහනය ඇත්ත හා බොරුව

0

මෙහි පහතින් ඉදිරිපත් කරන ලිපිය විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අප රටේ ජාතික පුවත්පතක් වන ‘රාවය’ පුවත්පතට 2014/06/15 දින ඉදිරිපත් කර තිබූ ලිපියකි.

රටේ ජනගහනය විමසුමක්වෛද්‍ය වෘත්තිය මිනිසාගේ පෞද්ගලික සහ පවුල් සංස්ථාව සමග අතිශයින්ම සමීප වූවෘත්තියකි. රජය මගින් සපයනු ලබන සෞඛ්‍ය සේවාව තුළ තමන්ට කැමති වෛද්‍යවරයාතෝරාගෙන ප‍්‍රතිකාර ගැනීමට අවස්ථාවක් නොලැබේ. රජයේ ප‍්‍රතිපත්තිය වන්නේ දජාති, ආගම් භේදයකින් තොරව රජයේ රෝහල් මගින් ජනතාවට සෞඛ්‍ය සේවාව සැපයීමයි.එහෙත් පසුගිය වසර කිහිපය තුළ අන්තවාදී ව්‍යාපාර ඇති කළ මුස්ලිම් විරෝධිප‍්‍රචාරයන් නිසා මුස්ලිම් වෛද්‍යවරුන් ද අපහසුතාවට පත් වූ බව පෙනේ. එයටහේතුව මුස්ලිම් වෛද්‍යවරුන් ජාතිවාදී ලෙස කි‍්‍රයාකරමින් සිංහල ජාතිය බෝවීමවැළැක්වීම සඳහා පවුල් සැලසුම් ක‍්‍රම බලහත්කාරයෙන් සිංහල මව්වරුන් වෙත ලබාදෙනවායැ’යි ප‍්‍රචාරය කිරීමයි. ඊට අමතරව මුස්ලිම්වරුන් අතර තම ජාතියේජනගහනය වර්ධනය කර ගැනීම සඳහා විශේෂ ව්‍යාපාරයන් දියත් කර ඇති බවත්ප‍්‍රචාරය කර තිබේ.
ශී‍්‍ර ලංකාවේ ජනගහන වර්ධන ඉතිහාසයදෙස නැවත හැරී බැලීමේදී මුස්ලිම් (ඉස්ලාම්), බෞද්ධ, හින්දු සහ කතෝලිකජනගහනයේ වර්ධන වේගයට වඩා වැඩි බව පෙනේ. එයට හේතුව විවිධ ආගමික කොටස් අතරපවතින සංස්කෘතිකමය හේතුවක් මිස ජාතිවාදී ව්‍යාපාරයක ප‍්‍රතිඵලයක් නොවන බවපෙනේ.

ශී‍්‍රලංකාවේ අඩුම ජනගහන වර්ධන වේගයක් සටහන් වන්නේ කතෝලිකයන් අතර ය. ඊළ`ගටපිළිවෙළින් සිංහල, හින්දු සහ මුස්ලිම් ලෙස සඳහන් ලෙස කළ හැකි ය. කතෝලිකපල්ලිය පවුල් සංවිධානයට (ස්වභාවික උපත් පාලන ක‍්‍රම හැර) විරුද්ධ වුවත්වැඩිම පවුල් සංවිධාන ක‍්‍රම භාවිත වන්නේ කතෝලිකයන් අතරය. එයට හේතුවකතෝලිකයන් අතර උගත්කම (අධ්‍යාපනය ලැබූවන්ගේ ප‍්‍රතිශතය) වැඩිවීමය. පැරණිසිංහල සංස්කෘතිය තුළ ද දරුවන් විශාල සංඛ්‍යාවක් තැනීමේ අවශ්‍යතාව තිබුණි.එයට හේතුව වැවත් දාගැබත් මුල්කර ගත් සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැගී තිබුණේකෘෂිකාර්මික සමාජයක වීමයි. එදා ගොවිතැන් කිරීම සඳහා වැඩි මිනිසුන්ප‍්‍රමාණයක් සිටීම සම්පතක් විය. වැඩි දරුවන් සංඛ්‍යාවක් සිටින පවුල් ගමේපොහොසත් සහ බලවත් පවුල් බවට පත්විය. එහෙත් අද සිංහල බෞද්ධයන් අතර පවතින්නේඊට හාත්පසින්ම වෙනස් වූ ආකල්පයකි. එනම් ‘පින් මඳ පුතුන් සියයක් ලදුවත්නිසරු, ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු’ ආකල්පය යි. ගැහැනු දරුවන්ටඉගැන්විය යුතුය යන මතය සිංහල බෞද්ධයෝ ඉතා ඉහළින් පිළිගනිති. එයට හේතුවකාන්තාවට ඇති සමාජ මට්ටම සිංහල බෞද්ධ සමාජය තුළ ඉතා ඉහළින් තිබීමයි. එවන්සමාජයක් තුළ අතිශයින්ම පෞද්ගලික කරුණු පිළිබඳව තීරණ ගැනීමේදී කාන්තාවටනිදහසක් සහ බලයක් ලැබේ. එබැවින් තමන් දරුවන් කී දෙනෙක් ලබාගත යුතුද යනතීරණය ගනු ලබන්නේ කාන්තාව විසිනි. එවන් තත්ත්වයක් තුළ සිංහල කාන්තාවන්පවුල් සැලසුම් ක‍්‍රම භාවිතය සඳහා යොමු වීම අරුමයක් නොවේ.

ශී‍්‍රලංකාවේ පවුල් සංවිධාන සංගමය ආරම්භ වූයේ 1952 දී ය. ඉන් අනතුරුව 1960 දශකයේදී රජය මගින් පවුල් සැලසුම් ක‍්‍රම ජනතාව තුළ ප‍්‍රචාරණය කිරීමප‍්‍රතිපත්තියක් ලෙස පිළිගෙන පවුල් සෞඛ්‍ය කාර්යාංශය බිහිකරනු ලැබිණ. පවුල්සංවිධාන කටයුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහාගම් නියම්ගම්වල ප‍්‍රචලිත කරනු ලැබූ අතර ඔවුහු එම පහසුකම් නිවසට ගොස්සැපයුවෝය.

පවුල්සෞඛ්‍ය නිලධාරීන් ලෙස බඳවා ගනු ලැබූ කාන්තාවන් බහුතරය සිංහල බෞද්ධකාන්තාවන් ය. ඊළ`ගට හින්දු, දෙමළ කාන්තාවන් ය. මුස්ලිම් කාන්තාවන් පවුල්සෞඛ්‍ය නිලධාරීන් අතර නොමැති තරම් ය. එබැවින් මුස්ලිම් ජනතාව තුළ පවුල්සැලසුම් ක‍්‍රම ප‍්‍රචලිත කිරීමේ ගැටලූවක් පැනනැගුණේය. එයට හේතුව පවුල්සැලසුම් ක‍්‍රම පිළිබඳව මුස්ලිම් කාන්තාවන් දැනුවත් කිරීම සඳහා පවුල්සෞඛ්‍ය නිලධාරිනියන් අපොහොසත් වීමයි. භාෂාව සහ සංස්කෘතිය ඔවුනට බාධකයක්වීමයි.
සිංහල බෞද්ධ සමාජයක් තුළ පවුල්සැලසුම් භාවිතය වැනි අතිශයින්ම පෞද්ගලික වූ කරුණක් පිළිබඳව තීරණ ගැනීමේදීකාන්තාව බලවත් වූ අතර මුස්ලිම් සමාජය තුළ ඒ පිළිබඳව තීරණ ගැනීම පැවරුණේපවුලේ ප‍්‍රධානි යා වූ පිරිමින්ට ය. මෙය ද මුස්ලිම් කාන්තාවන් අතර පවුල්සැලසුම් ක‍්‍රම භාවිතය අඩුවීමට හේතුවක් විය.
ඒ කෙසේ වෙතත් සිංහල, දෙමළ හාමුස්ලිම් ජනයා අතර සිටින උගතුන් (ගුරුවරු, ලිපිකරුවන්, වෘත්තිකයන්) දෙසබැලීමේදී පෙනීයන්නේ ඔවුන් අතර පවුල් සංවිධාන කටයුතු වෙනසක් නොමැතිව සම සේසිදුවන බවය.

විද්‍යානුකූලවපෙනීයන තවත් විශේෂ කරුණක් තිබේ. එනම් මුස්ලිම් සමාජය තුළ ජනගහනය වැඩිවීමටප‍්‍රධාන හේතුව පවුල් සැලසුම් ක‍්‍රම භාවිතය නොව මුස්ලිම් කාන්තාවන් අඩුවයසින් විවාහ වීම බවයි. කාන්තාවකට දරුවන් බිහිකිරීමේ හැකියාව ලැබෙන කාලසීමාව සාපල්‍යතා වයස ලෙස හැඳින්වේ. එය සාමාන්‍යයෙන් වයස අවුරුදු පහළොවත්හතළිස් පහත් (15 – 45) අතර කාලය ලෙස දැක්විය හැකිය. එය සාමාන්‍යයෙන්අවුරුදු තිහකි. සිංහල කාන්තාවන්ගේ විවාහ වීමේ වයස පසුගිය දශක කිහිපය තුළශීඝ‍්‍රයෙන් ඉහළ ගියත් මුස්ලිම් කාන්තාවන් සඳහා එය එසේ සිදු වුණේ නැත.සිංහල සමාජය තුළ විවාහවීමේදී කාන්තාවන්ගේ උගත්කමට සහ රැුකියාවට වැඩිසැලකිල්ලක් ලැබෙන අතර මුස්ලිම් සමාජය තුළ එම සැලකිල්ල ලැබෙන්නේ කාන්තාවන්ගේඅඩු වයසට සහ රූපාලංකාරයට මිස උගත්කමට නොවේ. නිදර්ශනයක් ලෙස කාන්තාවක වයසඅවුරුදු තිහේදී විවාහ වන්නේ නම් ඇයගේ සාපල්‍යතා වයස සියයට පනහකින් අඩු වේ.එනම් වයස අවුරුදු පහළොවේදී දී විවාහ වූ කාන්තාවක ලබන දරුවන් සංඛ්‍යාව සියයටපනහකින් අඩු වේ. එදා දරුවන් දහදෙනා දොළොස්දෙනා බිහි කළ මව්වරුන් හිටියත්අද එවැනි මව්වරුන් දක්නට නොලැබෙන්නේ විවාහ වීමේ වයස ඉහළ යෑම නිසා මිස පවුල්සැලසුම් භාවිතය පමණක් ම නොවේ.

කාන්තාවන්විදේශගත වීම ද දරුවන් බිහිකිරීම (ජනගහනය) අඩු වීමට තවත් හේතුවකි. මෙසේවිදේශගත වන කාන්තාවන්ගෙන් බහුතරය සිංහල සහ දෙමළ මිස මුස්ලිම් අය නොවෙන බව දසැලකිල්ලට ගත යුතුව තිබේ. විදේශගත වන බොහෝ කාන්තාවෝ අවිවාහකයෝ ය. සිංහල සහදෙමළ බොහෝ කාන්තාවන් විදේශගත වන්නේ තමන්ට විවාහ වීම සඳහා අවශ්‍ය කරනමුදල්හදල් (දෑවැද්ද) සොයා ගැනීම සඳහා ය. ඔවුන් විදේශගත වී මුදල්හදල්සොයාගෙන ගෙවල් දොරවල් වැඩිදියුණු කර ටිවී, කැසට්, ශීතකරණ යනාදිය මිලදී ගෙන, කනකර ආභරණ සකසාගෙන දෑවැද්ද සඳහා ද මුදලක් ඉතිරි කර ගන්නා විට ඇයගේසාපල්‍යතා වයසින් හරි අඩකටත් වඩා ගෙවී ගොස් හමාරය.
සිංහල කාන්තාවන් අතර දරුඵල අඩුවීමටතවත් හේතුවක් තිබේ. එනම් ඔවුන් අධ්‍යාපනය කෙරෙහි වැඩි බරක් තැබීමයි. සිංහලසමාජයේ පවතින ආකල්පයක් නම් තම දරුවන් හොඳින් ඉගෙනගෙන වෛද්‍යවරයකු හෝඉංජිනේරුවකු වනු දැකීමයි. නොඑසේ නම් රජයේ රැුකියාවක් කරනු දැකීමයි. එබැවින්උසස් අධ්‍යාපනයෙන් පසු රැුකියාවක් ලබාගෙන විවාහවීමට යෑමේදී තම සාපල්‍යතාවයසින් වැඩි කොටසක් ඒ සඳහා ඔවුනට කැපකිරීමට සිදු වේ. එබැවින් ඔවුන්ට ලැබෙනදරුවන් ප‍්‍රමාණය අඩු වේ.
ශී‍්‍ර ලංකාවේ පවතින සංස්කෘතිය දෙසබැලීමේදී ආගමික පූජකවරුන්ට හිමි වන්නේ එම සමාජයේ ඉතා ඉහළම ස්ථානයකි. එහෙත්ඉස්ලාම් ආගමේ පූජකයන් ලෙස කටයුතු කරන්නන්ගේ වෙනසක් තිබේ. එනම් මුස්ලිම්පල්ලිවල ආගමික කටයුතු කරන පූජකවරුන් (මව්ලවිවරු) ඒවාගේ භාරකරුවන් නොවීමයි.පල්ලිවල භාරකාරත්වය හිමි වන්නේ එම ප‍්‍රදේශයේ මුස්ලිම් දායක සභාවට ය.එබැවින් මුස්ලිම්වරුන් විසින් ගන්නා තීරණ එම දායක සභාවල නායකයන් විසින්ගන්නා තීරණ මිස පූජකවරුන් විසින් ගන්නා තීරණ නොවේ. දිනපතා පස්වරක් පල්ලියටගොස් (පිරිමින්) යාඥා කිරීමත්, සෑම සිකුරාදාවකම පල්ලියේ ආගමික නායකයන්විසින් පවත්වන දේශනවලට සහභාගි වීමත් මගින් මුස්ලිම් සමාජය තුළට ඉතාඉක්මණින් අදහස් උදහස් සන්නිවේදනය වේ. එවැනි ප‍්‍රබල සන්නිවේදන මාධ්‍යයක්බෞද්ධයන් සතු නොවේ. බොදුබල සේනාව ජනමාධ්‍ය මගින් මුස්ලිම් විරෝධි අදහස්ප‍්‍රකාශ කළත් මුස්ලිම්වරුන් ඒවාට කුපිත වී කලබල ඇතිකර නොගන්නේ ඔවුන් සහමුස්ලිම් පල්ලිය අතර පවතින ශක්තිමත් බැඳීම නිසා ය. මෙය ද මා දකින්නේඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණයක් ලෙස ය.

මුස්ලිම්සමාජය තුළ පූජකවරුන් (බෞද්ධ ස්වාමින්වහන්සේලා හෝ පල්ලියේ පියතුමන්ලා මෙන්)නැතිවා මෙන්ම පල්ලියේ ආගම දේශනා කරන මවුලවිවරු ද විවාහ වී සාමාන්‍ය දිවිපෙවෙතක් ගෙවන පුරවැසියෝය. එබැවින් පූජ්‍ය පක්ෂයට ඇතුළු වී විවාහ නොවීම නිසාජනගහනය බෝවීම අඩුවීම පිළිබඳ ගැටලූවක් ද මුස්ලිම් සමාජය තුළ දක්නට නො ලැබේ.

මාවනැල්ලප‍්‍රදේශයේ මා පදිංචියට පැමිණියේ 1979 වසරේ දී ය. වසර තිස්පහකට පෙරය. එදාමෙදා තුර මා ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, ප‍්‍රදේශයේ දිස්ති‍්‍රක්වෛද්‍ය නිලධාරි, දිස්ති‍්‍රක්කයේ මාතෘ හා ළමා සෞඛ්‍ය කටයුතු භාර වෛද්‍යනිලධාරි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේප‍්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ මාගේ පෞද්ගලිකරෝහලේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇත්තෙමි. පවුල් වෛද්‍ය විද්‍යාව සහප‍්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධි හදාරන වෛද්‍යවරුන්ට දේශකයකුලෙස සහ උපදේශකවරයකු ලෙස කටයුතු කරමි. එබැවින් පවුල් සැලසුම සහ ජනගහනවර්ධනය පිළිබඳ බොහෝ අත්දැකීම් මා ලබා තිබේ. මෙම වකවානුව තුළ මිලියනයකට පමණමා ප‍්‍රතිකාර කර තිබේ. මා වෙත ප‍්‍රතිකාර සඳහා පැමිණෙන අයගෙන් සියයට තිහක්පමණ මුස්ලිම්වරුන් ය. එහිදී මා කළ වැදගත් නිරීක්ෂණයක් නම් පවුල් සැලසුමපිළිබඳව බලපාන ප‍්‍රධාන සාධකය ඔවුන් අදහන ආගම නොව ඔවුන්ගේ උගත්කම බවයි.උගතුන් අතර බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික භේදයකින් තොරව පවුල් සංවිධානක‍්‍රම අනුගමනය කරන බව පෙනේ. එබැවින් විවාහ වීමේ වයස සහ නූගත්කම ජනගහනයවැඩිවීම සඳහා බලපාන ප‍්‍රධාන සාධක දෙක ලෙස පෙන්වා දිය හැකිය. ජාති ආගම්භේදයකින් තොරව අප අපේ සමාජය දෙස විවෘත මනසකින් බැලූවහොත් දරුවන් වැඩිග‍්‍රාමීය (අඩු වයසින් විවාහ වන) සහ උගත්කමින් අඩු (පාසල් වේලාසනින් හැරයන) සමාජය තුළ බව ඔබට වැටහෙනවා ඇත.

බොදුබලසේනාවේ හිමිනමක මුස්ලිම් වෛද්‍යවරුන් වැඩිදෙනෙක් පශ්චාත් උපාධිය (විශේෂඥතාව) සඳහා දැන් තෝරාගන්නේ ‘නාරිවේදය’ බවත් ඔවුන් එසේ කරනු ලබන්නේසිංහල කාන්තාවනට වඳ සැත්කම් අදහසින් බවත් ප‍්‍රකාශ කරන අයුරු මුහුණු පොතේමා දැක තිබේ. එවැනි ප‍්‍රකාශයක් තුළ කිසිදු පදනමක් නැත. පශ්චාත් උපාධි සඳහාතමන්ට කැමති විෂයක් තෝරාගැනීමට ඕනෑම වෛද්‍යවරයකුට නිදහස තිබේ. ඒ සඳහාවිෂයයන් තෝරා ගනු ලබන්නේ විභාගවලදී ඔවුන් දක්වන දක්ෂතාවන් මතය. ශී‍්‍රලංකාවේ විශ්වවිද්‍යාලවල (වෛද්‍ය පීඨවල) හා පශ්චාත් උපාධි ආයතනයේ නාරිවේදයපිළිබඳව මහාචාර්යවරුන් බහුතරය සිංහල බෞද්ධ විශේෂඥ වෛද්‍යවරුන් මිසමුස්ලිම්වරු නොවෙති. එබැවින් නාරිවේදය විශේෂඥතාව සඳහා තෝරාගැනීමේදීමුස්ලිම් වෛද්‍යවරුන්ට විශේෂ වරප‍්‍රසාද ලැබීමට ඉඩකඩක් නොමැත. බොදුබල සේනාවමගින් කරනු ලබන වගකීමෙන් තොර මෙවැනි ප‍්‍රකාශ නිසා ජනතාව කුපිත වෙනවාපමණක් නොව සිංහල මුස්ලිම් ජන කොටස් දෙක අතර ක්‍රෝධය සහ වෛරයද වර්ධනය වේ.

 

ඉදිරිපත් කිරීම – අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *