මුස්ලිම් ජනයා හරක් සේ හීලෑ කර ගැනීම – බ්ලොග් විමසුම

3

අද දිනයේ අන්තර්ජාලය තුල සැරිසරන විට කාලීන වශයෙන් වැදගත් ලිපියක් නෙත ගැටුනි. ‘යහමහ’ අඩවිය තුල පවා දීර්ඝ ලෙස සාකච්චා කල විෂයක් වන ‘මාංශ අනුභවය හා ගව ඝාතනය’ සම්බන්ධයෙන් ද ඒ සමඟ වර්ථමානයේ රට තුල නිර්මාණය වෙමින් තිබෙන උණූසුම් තත්වය පිලිබදව ද ඉහත කී ලිපිය තුල දීර්ඝ ලෙස දේශපාලන මුහුණුවරකින් කරුණු සාකච්චා කොට තිබුණි. කෙසේ වෙතත් මෙම ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙන් ‘යහමඟ’ අඩවියට පූර්ණ එකඟතාවයක් නැත. ඊට හේතුව දේශපාලන සාකච්චා සදහා ‘යහමඟ’ අඩවිය තුල ඉඩ සලසා නොදෙන ප්‍රතිපත්තියක ‘යහමඟ’ එදා පටන් කටයුතු කරන නිසාය. නමුත් එම ලිපියේ අන්තර්ගත සමහරක් කරුණූ ‘යහමඟ’ පාඨක ඔබට වැදගත් යයි සිතූ නිසා මෙම අඩවිය තුල ‘බ්ලොග් විමසුම’ යන විෂය යටතේ ඉහත කී එම ලිපියෙන් කිසියම් කොටසක් උපුටා පහතින් ඉදිරිපත් කරමි. ඒ මේ සමජයේ සමහරක් පිරිස් ආගමික විනයක්, දියුණූ සංස්කෘතියක්, ආදර්ශමත් මඟපෙන්වීමක්… යනාදී වශයෙන් වහසිබස් පවසමින් කොතරම් අනවබෝධයෙන් හා පටු න්‍යායපත්‍ර තුල හිඳ ක්‍රියා කරනවාද? යන්න පිලිබදව ශ්‍රී ලාංකීය සමජායට කිසියම් අවබෝධයක් ලබාදීම අරමුණු කරගෙනය.

ඒ අනුව එම ලිපිය වෙත ඔබේ අවදානය යොමු කරන්නේ අතීත මතකය පමණක් නොව පහත ලිපිය තුලින් පවා පැවසෙන කිසියම් සිදුවීමක් ඔබේ අවදානයට ගෙන එන කෙටි වීඩියෝ දර්ශනයක් ද ඔබේ බුද්ධිමත් විමසුමට මෙසේ තබමිනි…

 

 

ඉහතින් සදහන් ලිපිය…

…‘සිංහල රාවයේ’ යම් පිරිසක් ගිය සතියේ ක‍්‍රිස්තියානි මිෂනාරි කණ්ඩායමක් බලහත්කාරයෙන් ‘අත්අඩංගුවට’ ගත්හ. ‘සිංහල රාවයේ’ තවත් පිරිසක් මේ සතියේ පොලීසිය බලාගෙන සිටියදී තංගල්ලේ මස් කඬේකට ගිනි තැබූ බව වාර්තා විය. මේ සංවිධානය ගව ඝාතනයට එරෙහිව කතරගම සිට කොළඹ බලා මේ වන විට පා ගමනක යෙදෙති. තංගල්ලේ සිදුවීම අනුව බලන කල, මේ කියන පා ගමනින් මස් මඩුවේ එක හරකෙකුගේවත් ජීවිතය බේරා නොගැනෙන අතර, සිංහල-මුස්ලිම් සමගියට නම්, පිළිසකර කළ නොහැකි හානියක් සිදු කෙරෙනු ඇත. ලංකාවේ හමුදාව එක දවසකට හරක් මස් කිලෝ කීයක් කා දමන්නේ දැ යි, හෙළ උරුම/බොදුබල සේනා/සිංහල රාවය නඩය, නිකමටවත් හොයා බැලූවේ ද? නැත්නම්, හරක් මස් අපනයන කිරීමට ආණ්ඩුව ඉඩ හරින්නේ මන්දැ යි ප‍්‍රශ්න කළෝ ද? හෙළ උරුම/බොදුබල සේනා/සිංහල රාවය නඩය අවංකවම ගව ඝාතනයට විරුද්ධ නම්, ගව මස් අපනයනය තහනම් කරන්නැ යි ආණ්ඩුවෙන් යැදීමටත්, ගව මස් නොකන්නැ යි හමුදාවෙන් ඉල්ලා සිටීමටත් ඉදිරිපත් විය යුතු නැත් ද? ඉල්ලූම අහුරන්න, එවිට සැපයුම හැකිලෙනු ඇත. ඉල්ලූම ඇති තාක් කල්, නීතියෙන් හෝ නීතියට පිටතින්, සැපයුම ද පවතිනු ඇත. ඇමරිකාවේ සුචරිතවාදී විකාර මත්පැන් තහනම අසාර්ථක වුණේ එබැවිනි.(මත්ද්‍රව්‍යවලට එරෙහි ඔවුන්ගේ යුද්ධය අසාර්ථක වෙමින් ඇත්තේ ද එබැවිනි).

ගව ඝාතන විරෝධී ව්‍යාපාරයේ(සහ හලාල් විරෝධී ව්‍යාපාරයේ) සැබෑ අරමුණ වන්නේ, හරක් ජීවිත බේරා ගැනීම නොව, ලාංකීය මුස්ලිම් ජනයාව හරක් සේ නිහඩ කොට හීලෑ කර ගැනීමයි. බොදුබල සේනා නඩ ආගමික හේතු මත එවැන්නකට පෙළඹෙන අතර රාජපක්ෂලාට දේශපාලනික හේතු මත එවැන්නක් අවශ්‍ය කරයි.

අවසානයේ දී රාජපක්ෂලා සහ ඔවුන්ගේ බෙර පදේට නටන උමතු වඳුරන් මේ රටේ මුස්ලිම් ජනයාව හතුරු කර ගන්නේ, ඔවුන්ගේ දේශපාලනික සහ දෘෂ්ටිවාදී පැරැන්නන් මේ රටේ දෙමළ ජනයාව හතුරු කරගත් විදිහටමයි…

(මේ ලිපිය දීර්ඝ ලිපියක් වන අතර කොටසක් පමණක් මෙහි උපුටා දක්වා ඇත)

 

උපුටා ගැනීම – http://www.vikalpa.org/?p=16314

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 3 යි.

  1. Adan A. Potter 2013-07-19 at 21:16

    උතුම් වෙසක් පෝ දිනයේ අහන්නට ලැබුණු සිත් සසල කරවන ආරංචිය වන්නේ, දළදා මාළිගාව ඉදිරිපිට බෝවත්තේ ඉන්දසාර කියල හාමුදුරු නමක් ගිනිතියාගෙන ඇති බව ය. දැන් උන් වහන්සේ කොළඹ ජාතික රෝහලේ බරපතල මට්ටමේ පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබන බව ද, ගිනි තබා ගැනීමට හේතුව ගව ඝාතනයට එරෙහි වීම බවද අහන්නට ලැබිණි. මේ ක්‍රියාවෙන් අනතුරුව බොහෝ දෙනා මෙය සාධාරණීකරණය කරන්නට සූදානම් වනු පෙනෙන්නට තිබිණි. එසේම, මෙය බෝසතුන් සිය දිවි දැන් දුන්නා හා සමාන කරන්නට ද උත්සාහ ගනිමින් සිටිති. මේ ලිපිය ලියැවෙන්නේ උන් වහන්සේට අපහාස පිණිස නොව, කටුක සත්‍යය හෙළි කරනු පිණිසය. පළමුව, ප්‍රස්තුත මාතෘකාව වන ගව ඝාතනය (සහ සමහරුන්ට අනුව ඉස්ලාම්කරණය) ගනිමු. බුද්ධ පාදස්පර්ශයෙන් තුන්වතාවක් පවිත්‍ර වුණායි කියන මේ පිංබිමේ මේ හාමුදුරුවන්ට පෙනුණේ ගව ඝාතන පමණද? ඉස්ලාම් ආක්‍රමණ පමණද? දවසකට ස්ත්‍රී දූෂණ තුනයි, ළමා අපචාර දෙකයි, කප්පම් සිද්ධි දහ අටයි. සතියකට පැහැරගැනීම් එකයි, මිනීමැරුම් එකයි, අතුරුදන් වීම් දෙකයි. දූෂණය නාස්තිය දළ ජාතික නිපැයුමෙන් 9%. මසකට ගෙවල් බිඳුම් තුනයි, කොල්ල කෑම් දෙකයි. මේ අපේ පිංබිමේ සැබෑ තත්වයයි. මේවට කතා කරන්නට, ඊට එරෙහිව උපවාස, උද්ඝෝෂණ කරන්නට, පෙළපාලි යන්නට තබා අඩුම තරමේ සත්‍යක්‍රියාවක් වත් කරන්නට කවරෙකු වත් වී ද? බෞද්ධයන් ලෙස ගව ඝාතනය පමණක් නෙමේ, ඕනෑම ඝාතනයක් අපට ප්‍රාණඝාතයකි. මස් මැරීම ගැන බොහෝ වේදනාවෙන් කෑගහන අපේ කීදෙනෙක් මාළු මරන ආකාරය දන්නේ ද? පිහියෙන් බෙල්ල කපනවාට වඩා සිය දහස් ගුණයකින් දරුණු වේදනාවක් විඳ ය, මාළුවා මැරෙන්නේ. බිලී කොක්ක සිය මුඛය සහ අන්තර් මෞඛ ආස්තරය පසාරු කරගෙන කැපී යද්දී, ගලන ලේ ධාරාවෙන් මුහුණම නැහැවෙත්දී, හුස්ම පොදක් ගන්නට බැරිව අපා දුක් විඳ ය, මාළුවා මැරෙන්නේ. එහෙත් ඒවාට එරෙහිව ගිනිතබා ගැනීම් ගැන අපට අහන්නට ලැබෙන්නේ නැත. නිවැරදිව බලන්නේ නම්, සත්ත්ව ඝාතනය ගැන කතා කරන්නට නිර්මාංශිකකුට හැරෙන්නට අන් කිසිවෙකුටත් අයිතියක් නැත.

    • අබූ අර්ශද් 2013-07-20 at 00:26

      මෙවැනි සමබර පාඨක ප්‍රතිචාර අද අප රටේ ඉතා විරලය. කුමක් හෝ අන්තයක් නියෝජනය කරනවා මිස සාධාරණය දකින්න බොහෝ පිරිස් මැලිවෙති. මෙම ප්‍රතිචාරය ලබාදුන් පාඨකයා අවසර දෙන්නේ නම්, පාඨක ලිපියක් ලෙස මෙය මෙම අඩවිය තුල ඉදිරිපත් කිරීම පිලිබදව සලකා බැලිය හැක.

  2. Jana D. Ashley 2013-07-15 at 14:46

    මාළු කෑමෙන් වළකින්නැ යි මොවුන් කිසිවෙකු කිසි දවසක කියනු අප අසා නැති බව මොහොතකට පැත්තකින් තියමු. ඒත්, ඌරු මස් කෑමෙන් වළකින්නැ යි මේ තරම් හයියෙන් ඔවුන් කෑ නොගසන්නේ ඇයි? එසේ කළොත් ඉස්ලාම් ආගමිකයා සමග අනන්‍ය වීමට සිදුවන බැවිනි. අනිත් අතට, ලංකාවේ ගවමස් කර්මාන්තයේ බලය හොබවන්නේ මුස්ලිම් ප‍්‍රජාවයි. ව්‍යාපාරික පදනමකින් කෙරෙන ගව ඝාතනය සහ වෙළඳාම බොහෝ විට පවතින්නේ ඔවුන්ගේ අතේ ය. මේ මොහොතේ මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව ගෙන යන ව්‍යාපාරය තුළ, ගව ඝාතනය තහනම් කැරැවීම යනු, ඒ අනුව, ඊනියා ගව-පේ‍්‍රමයට අමතරව, මුස්ලිම් ප‍්‍රජාවේ එක් ආර්ථික පදනමකට ද අභියෝග කිරීමකි. පිටරටින් හරක් මස් ගෙන්වා වැළඳීම මේ භික්ෂුවට ප‍්‍රශ්නයක් නොවන්නේ එබැවිනි.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *