මෙන්න තවත් ප්‍රහාරයක් – ඔබේ අවධානය පිණිසයි !

6

ඉහත මාතෘකාව දුටූ පමණින් විවිධ වූ ප්‍රහාරයන් පිලිබදව ඔබේ සිත යොමු වනවා නොඅනුමානය. නමුත් මෙහිදී ඔබ කලබල වියයුතු කිසිවක් නොවේ. මන්ද මෙතැන දී අප කථා කරන්නේ ජාතිවාදී වියරුවෙන් පෙලෙන පිරිස් අප රට තුල දිනෙන් දින දියත් කරමින් සිටින මිත්‍යා ප්‍රහාරයන් පිලිබදව වන නිසාය. ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට එරෙහිව අප රටේ මෑත කාලයක පටන් දියත් වන මෙවැනි ජාතිවාදී හා ආගමික අන්තවාදී ප්‍රහාරයන් පිලිබදව බොහෝ අවස්ථාවල මෙම අඩවිය හරහා ඔබ පුළුල් ලෙස දැනුවත් කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. එහිදී මුස්ලීම් නොවන සහෝදරයෙකු ‘මිත්‍යා ප්‍රහාරය‘ නමින් මෙම අඩවියට ඉදිරිපත් කල පාඨක ලිපිය ඉතාම විශිෂ්ඨ මෙන්ම ආදර්ශමත් එකක් ද වුවා යන්න ඔබේ මතකයේ ඇතැයි සිතමි. මේ ආකාරයට කුමන මෙහෙවරක අප නිරත වුවත් ඉහත සදහන් පිරිසගේ ජාතිවාදී හා ආගමික අන්තවාදී වියරුවෙහි නම් කිසිදු අඩුවක් දක්නට නැත. රටේ ජාතික කොඩියත්, බෞද්ධ ලාංඡනයත් පෙරටු කරගෙන තමන් ජාතික ‍හා ආගමික මෙහෙවරක නිරත වන බව පවසා ගනිමින් ‘මුසාවාදය’ පමණක් මූලික එකම අඩිතාලම කරගෙන ක්‍රියාත්මක වන මේ පිරිස් වෙනුවෙන් මෙම අඩවිය තුල තවදුරටත් පිටු ගණන් වෙන් කිරීම අනවශ්‍ය කාරණයක් ලෙස මා දැන් දකිමි. මන්ද මේ සම්බන්ධයෙන් මෙතෙක් මෙම අඩවිය තුල සාකච්චා කල ලිපි තුල අන්තර්ගත කරුණූ මේ ජාතිවාදී හා ආගමික අන්තවාදී වියරුවෙන් පෙලෙන පිරිසගේ පටු න්‍යාය පත්‍රය කුමක් ද? යන්න අවබෝධ කරගැනීමට හොදටම ප්‍රමාණවත් වන බැවිණි.

එසේ නමුත් ඉදිරියටත් අප රට තුල මෙලෙස දියත් වන මිත්‍යා ප්‍රහාරයන් පිලිබදව ‘යහමඟ’ අඩවිය නොසලකා කටයුතු කිරීමට සූදානම් නැත. ඉදිරියේ දී ද දියත් වන එවැනි වියරුවාදී මිත්‍යා ප්‍රහාරයන් කෙටියෙන් හෝ ‘මෙන්න තවත් ප්‍රහාරයක්’ නම් මෙම ලිපිය තුලින් ඔබේ බුද්ධීමත් විමසුමට මෙතැන් සිට පෙල ගස්සනට අදහස් කරමි.

මෙන්න නවතම ප්‍රහාරය

(මෙහි පලමු රෑපයෙන් දැක්වෙන්නේ විකෘති කල දැන්වීමයි. දෙවන රෑපයෙන් දැක්වෙන්නේ නිවරුදි දැන්වීමයි)

ශ්‍රී ලංකාව තුල ජනප්‍රිය ඉස්ලාම් ආගමික විද්‍යාලයක් වන ‘ගෆූරියා’ (මහරගම පිහිටා ඇත) විද්‍යාලය.  අතීතයේ පටන් අප රට තුල විශීෂ්ඨ සේවාවක් මුස්ලීම් සමාජයට ඉටු කරන පාසලකි. විශේෂයෙන් ආගමික විනයක් තුල කටයුතු කලහැකි තරුණ පිරිසක් අපේ රටටත්, ලෝකයටත් දායාද කිරීම එහි ප්‍රධාන මෙහෙවරයි. එවන් මෙහෙවරක එක් පියවරක් ලෙස මේ උපවාසය (Ramazan) මාසයේ තරුණ පිරිස් සදහා ආගමික වැඩමුළුවක් සංවිධානය කොට (මේ ආකාරයට තරුණ පිරිස් සදහා උපවාස මාසයේ (පාසැල් නිවාඩු සමයේ) විවිධ ආගමික වැඩ සටහන් මුස්ලීම් සමාජය තුල සංවිධානය වීම සාමාන්‍ය තත්වයකි) එය දැනුවත් කිරීම සදහා නිකුත් කල දැන්වීම් පත්‍රිකාවක් අපේ රටේ කිසියම් ජාතිවාදී කල්ලියක් විකෘති කොට එනම් එහි සදහන් ‘Ramazan’ යන වචනය වෙනුවට ‘Jihad’ යනුවෙන් එය විකෘති කොට අන්තර්ජාලයට මුදාහැර තිබුණේ ඉහත ආකාරයටය. (එහි සත්‍ය අසත්‍ය එම දැන්වීම් පත්‍රිකාවේ සදහන් දුරකථන අංකවලට කථා කිරීමෙන් හෝ එම ස්ථානයට යාමෙන් ඔබට පහසුවෙන් දැනගත හැක)

මෙම තත්වයන් පිලිබදව ශ්‍රී ලාංකීය ප්‍රජාව ජාතිභේද හා ආගම් භේද පසෙකලා බුද්ධීමත් ලෙස අවධානය යොමු කලයුතු යන්න මාගේ විශ්වාස යයි. ජාතික ආරක්ෂාවට හා සමඟියට තර්ජනයක් වන මෙවැනි කටයුතුවල කවර පාර්ශවයක් නියලුනත් ඔවුනට එරෙහිව දැඩි නිතිමය පියවර ගතයුතු යන්න මාගේ විශ්වාස යයි. ඒ අනුව අවසාන වශයෙන් ඉහත ජාතිවාදී කල්ලිය මෙන්ම ‘යහමඟ’ අඩවියට ද අවධාරණය කරන්නට ඇත්තේ ‘ජාතික ආරක්ෂාව අනතුරේ, ගරු ආරක්ෂක ලේකම් තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි!’ යන්න පමණී.

 

ඉහත ආකාරයේ මිත්‍යා ප්‍රහාරයන් පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුල විටින් විට සාකච්චා කල ලිපි කිහිපයක් ඔබේ බුද්ධීමත් විමසුමට පෙල ගසන්නේ නම්,

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 6 යි.

  1. Ahmed 2012-09-10 at 08:08

    ලංකාවේ LTTE යට පස්සේ le(blood) වගුරුවන්න බෙරිවුන නිසා ජාතිවාදය අවුස්සලා රට විනාශ කරන්න තමෛ මෙයාලගේ අදහස.
    එකඊ ඇත්ත වෙනස්කරලා විසබීජයක් විදියට පතුරුවන්නේ.

  2. ibnujemeel 2012-08-14 at 02:42

    මුස්ලිම්වරුන්ගේ සෑම ප්‍රශ්ණයක්ම දැඩි උනන්දුවෙන් ගවේශණයට ලක් කරන යහමග මියන්මාර් ඛෙදවාචකය ගැන නිහඬව සිටින්නේ ඇයි ?

    • abuarshed 2012-08-14 at 10:16

      මියන්මාරයේ සිදුවන්නේ කුමක්ද? යන්න පිලිබදව ‘යහමඟ‘ අවධීයෙන් සිටින්නේ නමුත් අවාසනාවකට නිවරුදි (සාක්ෂි සහිතව) තොරතුරු අනාවර්ණය කරගැනීමට තවම මා අපොහොසත් වී ඇත. නිවරුදි තොරතුරැ සාක්ෂී ඇතිව කිසිවකු ඉදිරිපත් කරන්නේ නම් ‘යහමඟ‘ ඒ සදහා ඉඩ සලසාදීමට සූදානම්, නොඑසේ නම් එහි සිදුවන සිදුවීම් පිලිබදව නිවරුදි තොරතුරු වාර්ථා කරන්නේ නම් ඒ පිලිබදව ‘යහමඟ‘ කථා කරන්න සූදානම්, ඒ සදහා යහමඟ පාඨක ඔබ සියළු දෙනාගේ සහයෝගය ද අපේක්ෂා කර සිටිමි.
      —අවසාන වශයෙන් අවධාරනය කරන්නට ඇත්තේ ‘යහමඟ‘ අඩවිය ඇසූවිරූ දෑ පදනම් කරගෙන හෝ හැඟීමන්ට වහල් වී කරුණූ ඉදිරිපත් නොකරන බවයි.

  3. kjfjz 2012-08-09 at 04:23

    ඔබතුමා වගේම අපිටත් මේ වගේ කතා අහලා ඒවා ලියන්නන් ගැන පිළිකුලක් ඇති වෙනවා.මේ වගේ අහුවෙන මෝඩ කතා ලියන්න ලැජ්ජා නැද්ද දන්නේ නැහැ.මේ දේවල් හුදෙක් වියරුවෙන් ලියනවා උනත් ඉස්ලාම් ජාතිය අපහස වෙන විදිහට දිගටම ලියන්න නොදී නිසි බලදරයන්ට කියා මේ මන්ධ බුධ්දිකයන්ව නවත්වන්න අපි සේරම උත්සහ කරමු.

  4. abu amaan 2012-08-08 at 10:37

    ඔබ තුමා මේ ගැන ආගමික නායකයන්ව දැනුවත් කරන්න.මන්ද මේ වාගේ මන්දබුධ්දික කතාවන් නැවතුවේ නැත්නම් මේ රටේ ජනතාව විනාසයට පත්වීම වගේම බේද ඇතිවීම වලක්වන්න බැරිවෙනවා.

  5. Dilshad 2012-08-06 at 04:35

    මෙම තත්වයන් පිලිබදව ශ්‍රී ලාංකීය ප්‍රජාව ජාතිභේද හා ආගම් භේද පසෙකලා බුද්ධීමත් ලෙස අවධානය යොමු කලයුතු යන්න මාගේ විශ්වාස යයි. ජාතික ආරක්ෂාවට හා සමඟියට තර්ජනයක් වන මෙවැනි කටයුතුවල කවර පාර්ශවයක් නියලුනත් ඔවුනට එරෙහිව දැඩි නිතිමය පියවර ගතයුතු යන්න මාගේ විශ්වාස යයි. ඒ අනුව අවසාන වශයෙන් ඉහත ජාතිවාදී කල්ලිය මෙන්ම ‘යහමඟ’ අඩවියට ද අවධාරණය කරන්නට ඇත්තේ ‘ජාතික ආරක්ෂාව අනතුරේ, ගරු ආරක්ෂක ලේකම් තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි!’ යන්න පමණී.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *