මේ නිදහස් දිනය අර්ථවත් කරමු

5

ජාතික නිදහස් දිනයමේ උදාවන ජාතික නිදහස් දිනය පෙරදැරි කොටගෙන රටම නිදහස සමරන්නට සූදානම් වන මේ මො‍හොතේ ශ්‍රී ලාංකිකයෙකු ලෙස මෙන්ම රටේ සුළු ජාතිය හා සුළු ආගම නියෝජනය කරන පුද්ගලයෙකු ලෙස මේ උදාවන නිදහස් දිනයේ සමස්ථ ජාතියේ අවධානයට කරුණූ කිහිපයක් යහමඟ ඔස්සේ පවසන්නට අදහස් කරමි. එයට පිවිසුමක් ලෙස ශ්‍රී ලාංකීය මුස්ලිම් සමාජයට හා ඉස්ලාම් දහමට එරෙහිව පසුගිය කාලවල අන්තර්ජාලය තුල හා අනිකුත් මාධ්‍යයන් තුල නිරන්තරයෙන් කථාබහට ලක්වූ කරුණූ කිහිපයක් නැවත ඔබගේ අවධානයට ගෙන එන්නට අදහස් කරමි. විශේෂයෙන් අද වනවිට සෘජුවම ඉස්ලාම් දහම හා මුස්ලම් සමාජය විවේචනය කරන සිංහල භාෂාමය බ්ලොග් ගණනාවක්ම ක්‍රියාත්මකව පවතී. මේවා තුලින් නිරන්තරයෙන් මතු කරන චෝදනා කිහිපයක් නම්,

  • …මුස්ලිම්වරුන් තම ජනගහනය බෝ කරමින් ආගම පුළුල්කර ගන්නවා…
  • …නැගෙනහිර පළාතේ ආයුධ සන්නද්ධ කල්ලියක් ක්‍රියාත්මකයි…
  • …ප්‍රේම සම්බන්ධතා මඟින් සූක්ෂම ලෙස බෞද්ධ තරුණයන් බිලි බාගනී…
  • …මුස්ලිම්වරුන්ගේ ව්‍යාපාර සියල්ල බිද දැමිය යුතුයි…
  • …නැගෙනහිර පළාත මුස්ලිම්වරුන්ගේ මව්බිම නොවන බවත්, ඔවුන්ගේ මව්බිම විය යුත්තේ සෞදිඅරාබිය…
  • …ඉස්ලාම් මූලධර්මවාදය ලොවපුරා පැතිරෙයි. මෙය ලංකාව තුල පතුරවන්නේ අසිපතින් නොවේ…
  • …එ වගේම දෙමවිපියො මුස්ලිම් වුවත් දරුවන් පහුවෙද්දි ඒ ආගමේ බොරුව අවබෝධ කරගෙන…
  • …ඉස්ලාම් කඩුවෙන් පතුරුවන ලද දහමක්…
  • …බලාපල්ලා තම්බියො දිහා. උන් ජීවිකාව ගෙනියන්ඩ පුළුවන් කරුමාන්තයක් පුරුදු පුහුණු වෙනවා…
  • …මීට අමතරව මුස්ලිම්වරුන්ට හා ඉස්ලාම් දහමට එරෙහිව ශ්‍රී ලංකාව තුල ලියවී තිබෙන පොත්පත්… ඒ පිලිබදව කියවීමට…


මා ඉහතින් ඉදිරිපත් කර ඇත්තේ මුස්ලිම් සමාජයට හා ඉස්ලාම් දහමට එරෙහිව නිතර නිතර එල්ල වන චෝදනාත්මක පාඨයන් කිහිපයක් පමණි. මේවා එකින් එක කරුණූ සහිතව “එම චෝදනාවන් කොතරම් දුරකට වලංගුද?” යන කාරණය පිලිබදව දීර්ඝ ලෙස හා පුළුල් ලෙස සාකච්චා කර ඇත. කෙසේ මෙවැනි සුවිශේෂි මොහොතක පවා නැවත නැවතත් එම කාරණයන් කථා කරන්නේ “එකින් එකා අතර අවබෝධතාවයන් ගොඩනැඟීම තුලින් පමණක් සැබෑ සමඟිය, සහයෝගය හා සමාදානය නිර්මාණය කල හැකි වන්නේ” යන්න දැඩිව විශ්වාස කරන නිසාය. එසේම ශ්‍රී ලාංකීය සමාජය තුල අවබෝධාත්මක සමඟියක් ගොඩනැගීම යහමඟ අඩවියේ ද ඒකායන අරමුණද වන නිසාය.

රටක නිදහස් දිනය යන්න එයට ජාතිවාදී හෝ ආගම්වාදී මුහුණුවරයන් ලබා දී එය පටු සීමාවන් තුල කොටු කලයුතු කාරණයක් නොවේ. එය ජාතී ආගම් භේදයකින් තොරව රටේ සියළු පුරවැසියන් එක්සේසත්ව සැමරිය යුතු දිනයකි. ඒ ජාතී ආගම් භේදයකින් තොරව සමස්ථ ශ්‍රී ලාංකිකයන්ම සාමුහිකව නිදහස දිනාගත් දිනයක් වන නිසාය. එසේම එය හුදෙක් ජාතීක කොඩිය එසේවීමකට හෝ රටේ ප්‍රසිද්ධ දේශපාලඥයින්ගේ දේශපාලන කථාවලට සීමා කලයුතු දිනයක් ද නොවේ. “මේ නිදහස සමරණ අද දවසේ සැබෑ ලෙසින්ම රටේ සියළු පුරවැසියන්ට එම නිදහස සාධාරණ ලෙස බෙදී ගොස් තිබෙනවාද?” යන්න සෑම පුරවැසියෙකුම තම හඳවතින් විපරම් කර බැලීම කාලීන මෙන්ම අත්‍යඅවශ්‍ය කාරණයක් වී ඇත. විශේෂයෙන් මේ නිදහස් දිනය පදනම් කරගෙන හෝ රටේ සෑම පුරවැසියෙකුගේම අවධානය යොමු වියයුතු කරුණූ කාරණා බොහෝමයක් ඇත. විශේෂයෙන් සුළු ජාතීන් හා මහා ජාතීන් අතර පවතින දුරස්ථභාවය, සුළු ආගම් හා මහා ආගම් අතර පවතින සීතල යුද්ධය, දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ජාතිවාදී අරඟල මේ අතර දැඩි අවධානයක් යොමු වියයුතු මුඛ්‍ය කාරණයන් වේ. කෙනෙකු හට “ඔය කියන තත්වයන් අප රටේ නැහැ” යනුවෙන් දේශපාලන අදහසක් පලකල හැක. නමුත් එවැනි තත්වයක් අප රට තුල තිබෙනවාද? නැද්ද? යන්න තම හඳවතින් විමසා බැලුවේ නම් හෘද සාක්ෂීය නිවරුදි උත්තර සපයනු ඇත. ඒ නැතත් LTTE සංවිධානය පරාජකල මොහොතේ ගරු ජනාධිපති තුමා කල කථාවේ “මේ රටේ සුළු ජාතීන් කියා පිරිසක් නැහැ” යන ප්‍රකාශයට අපේ රටේ සුළු ජාතීන් අමන්දානන්දයට පත්ව දැක්වූ ප්‍රිති ඝෝෂාවත්, එම ප්‍රකාශයට ජන මාධ්‍ය හා රටේ පුරවැසියන් දුන්නු ප්‍රතිචාරත්, මා ඉහතින් සදහන් කල අවශ්‍යතාවය හා වර්ථමානයේ පවතින මත අරඟලයත් මනාව පිළිඹිබු කරන්නකි. එසේ නම් අපෙන් අතපසු වී ඇති එම කාරණය මෙවර නිදහස් දිනය මූලික කරගෙන හෝ විමසා බැලීමත් ජාතීන් අතර සමඟිය හා සහයෝගය සදහා අවශ්‍ය පිඹූරුපත් සැකසීමත් සිදුවන්නේ නම් මේ නිදහස රටේ හෙට දවස වෙනුවෙන් වඩාත් අර්ථවත් වනු ඇත.

අතීතයේ එකම ජාතියක් ලෙස එකම ශ්‍රී ලාංකිකයන් ලෙස දිනාගත් නිදහසට අද වනවිට විවිධ ජාතිවාදී හා ආගම්වාදී සංවිධාන එයට ජාතිවාදී හා ආගම්වාදී පාට අලේප කොට ඇත. දැන හෝ නොදැන “නිදහස දිනාගැනීමේ දී ලොකු කෑල්ල අපේ” යන බොළද තර්කයන් තුල ලබාගත් නිදහස අර්ථ ශූන්‍ය කොට ඇත. එදා එකම ජාතියක් ලෙස එක්සේසත් වූ පිරිස අද ජාතිමය සමානාත්මකතාවය ප්‍රතික්ෂේප කොට බහුතරය පදනම් කරගත් ප්‍රබලයා උතුම් ජාතිය බවටත්, සුළුතරය හේතුවෙන් දුබලයාගේ පාලකයා බවටත් ඔවුන් පත්ව ඇත. බුද්ධියෙහි ඉනිපෙත්තෙහි ජීවත් වන නූතන මානවයා ඉතිහාසමය වශයෙන් හා විද්‍යාත්මක වශයෙන් ඔප්පු කිරීමට අසමත් කාරණයක් පවතී නම් ඒ උපතින් හෝ කාලයෙන් උරුම වන ජාතිය උසස්ද? පහත්ද? යන්නයි. එවන් වූ ජාතියක් වෙනුවෙන් අරඟල නිර්මාණය කරමින් ඒ හේතුවෙන් රටක් ලෙස පසුබැසීම සමස්ථ ජාතියෙම අවාසනාවක් නොවේද?. ඔබගේ බුද්ධිමත් විමසුමට History of Religion නම් කෘතියේ එහි කතෘ තබන සටහනක් වෙත අවධානය යොමු කරවන්නට කැමැත්තෙමි. “මිශ්‍ර නොවූ ජාතියක් කොහේවත් නැත. ජාතිවාදී න්‍යායය කිසිදු විද්‍යාත්මක සාධක මඟින් තහවුරු කර ද නැත”. මේ අනුව ජාතිය පදනම් කරගත් මතවාද සුළු ජාතිය වුවත්, මහා ජාතිය වුවත් එය මනුෂයා තුල හටගත් අමනුෂ්‍ය ගුණාංගයක් මෙන්ම මිත්‍යාවක් යන්න පැහැදිලි වේ. මේ හේතුව නිසා තමා මීට සියවස් ගනනාවකට පෙ‍ර දෙවියන් දිව්‍යමය පුස්තකය වන ශුද්ධ වූ කුර්ආනය මඟින් මිනිස් සමාජයට මෙසේ අවධාරනය කලේ,

“මිනිසුනි, අපි ඔබලා එක ම පුරුෂයෙක් හා ස්ති‍්‍රයක් තුළින් නිර්මාණය කළෙමු. පසුව ඔබලා එකිනෙකා හඳුනාගනු පිණිස ගෝත‍්‍රයන් හා ජාතීන් බවට පත් කළෙමු. සැබැවින්ම, ඔබලා අතරින් දෙවියන් හමුවේ වඩාත් ම ගෞරවයට පත් තැනැත්තා වන්නේ සදාචාර සම්පන්න පුද්ගලයාය.”

ශුද්ධ වූ කුර්ආනය 49-13

ඉහත වාක්‍යය හොදින් විශ්ලේෂණය කලේනම්, මානවයාගේ ශ්‍රේෂ්ඨත්වය ඔහු නියෝජනය කරන ජාතිය තුල නොව ඔහුගේ ක්‍රියාව තුල අන්තර්ගත වන බව පැහැදිලි වේ. ඔහු කොතරම් සමානාත්මක ලෙස හා මනුෂ්‍යත්වය අගයමින් ක්‍රියා කරන්නේද ඒ තුල ශ්‍රේෂ්ඨත්වය ගැබ්ව ඇත. සරලව පවසනවා නම් මිනිසා නැවතත් ආරම්භයේ සිට ආරම්භ කලයුතුව ඇත. මිනිස්කමේ මූලික පාඩම යලිත් වරක් උගනීමට සිදුවී ඇත. මෙසේ එකම ජාතියක් ලෙස ගොඩනැ‍ඟෙනවාත් සමඟ මතවාදීව ද එකින් එකා ගරු කරන සමාජ පසුබිමක් නිර්මාණය වීමේ අවශ්‍යතාවය ද දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. සමාජයක්, ඒකීය මතයක් ඔස්සේ ගොඩනැගෙනවා යන්න ප්‍රායෝගික නොවන කාරණයක් යන්න හි විවාදයක් නැත. සෑම විටම එක් මතයකට විරුද්ධව තවත් මතයක් හෝ කිහිපයක් නිර්මාණය වීම ලෝක ස්වභාවයකි. එවන් වූ මතවාදය ඔස්සේ පොදු ජනතාව මෙන්ම විද්වතුන් ද ඒකරාශී වීමත් තම මතවාදය සාධාර්ණීකරණය කිරීම පිණිස විද්වත් තර්ක විතර්ක ගොඩනැඟීමත් විරුද්ධ මතධාරීන් වැරදි බව සනාථ කිරීමට උත්සාහ කිරීමත් සියල්ලෙහි විසදුම තමන්ගේ මාර්ගය බවත්, සියළු අවුල්වලට හේතුව විරුද්ධ මතවාදයන් බවත් තර්ක විතර්ක ඉදිරිපත්වීමත් ලෝක ස්වභාවයකි. මෙතැනදී ද සියළු දෙනාට අතපසු වූ කාරණයක් ඇත. ඒ ඉහත දෙපාර්ශවයම සෑමවිටම නිවරුදි විය නොහැක්කා සේම විටෙක වැරදි වීමට ද නොහැක යන්නයි. ඒ මන්දයත් මේ දෙපාර්ශවයම වැදගත් කාරණයන් අතපසු කර තිබෙන්නට පුළුවන තම මතවාදය කෙරෙහි තිබෙන අනවබෝධය හා අන්ධ භක්තිය නිසා අනිකුත් මතවාදයන් වැරදි ලෙස පෙනෙන්නට පුළුවන. එසේම අනිකුත් මතවාදයන් කෙරෙහි තිබෙන අනවබෝධය නිසා පුර්ව නිගමනවල හිද තර්ක කරා වන්නට ද පුළුවන. සරලවම පවසනවා නම් කෙනෙකුට එක් ‍ක්ෂේත්‍රයක ඉහල කුසලතාවයක් පැවතිය හැක. ඒ නිසාම ඔහු සියළු ක්ෂේත්‍රයන් හි දක්ෂයකු යයි පැවසිය නොහැක. ඒ අනුව කිසියම් මතවාදයක් සැලකූවිට ඒ තුල හොද කරුණු පැවතිය හැක. නමුත් ඉන් අනිකුත් මතවාදයන් සියල්ල ප්‍රතික්ෂේප කලයුතුයි යන්න අදහස් නොවේ. නමුත් අප රටේ අවාසනාව බහුතර මතවාදය සුළුතර පිරිස මත බලෙන් යෙදවීමටත් එයට අවනත කර ගැනීමටත් ඒ ඔස්සේ විරුද්ධ මතවාදීන් ප්‍රබල මතධාරීන්ගෙන් බැගෑපත්විය යුතු වහලුන් ලෙස පත්කිරීමටත් වර්ථමානයේ සමහරක් පිරිස් කටයුතු කරමින් සිටීමයි.

දියුණු සංස්කෘති හා ශිෂ්ටසම්පන්න ඉතිහාසයන් පිලිබදව පුලපුලා කථා කරන අප ජාතිවාදය වැපිරීම හා අනිකුත් මතවාද ගැරහීම තුල සනාථ කොට ඇත්තේ ‘මනුෂ්‍යත්වය හා ආත්ම ගරුත්වය ඔවුන්ගෙන් උදුරාගෙන’ යන්න පමණි. අවසාන වශයෙන් අකමැත්තෙන් වුවද කිවයුතු කාරණයක් ඇත. එනම් මානවයාගේ මූලික අවශ්‍යතාවයන් වන මනුෂ්‍යත්වය හා ආත්ම ගරුත්වය පවා ආරක්ෂා කරන්නට තරම් විනයක් දහමකින් නොලබන්නේ නම් එහි කිසියම් වරදක් ඇත. එනම්,

  • ඒ දහමෙහි ඉගෙන්වීමන් තුල දුර්වලතාවයක්
  • දහම අවබෝධ කරගත් පිරිස තුල දුර්වලතාවයක්

මෙයින් වරද කොතැන පැවතුන ද එහි බලපෑම රටක් ලෙස සමස්ථ ජාතියටම බලපාන තත්වයකි. අද සමහරක් ආගම වෙනුවෙන් පෙනීසිටිනවා, එම දහමේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනවා, දහම පතුරුවනවා යයි පවසන බොහෝ වෙබ් අඩවීන් දෙස බලන කල එහි තමන් නියෝජනය කරනවා යැයි පැවසෙන එම ආගමික ඉගෙන්වීමන් හැර අන් සියළු දෑ අන්තර්ගතය. විශේෂයෙන් වෛරය, වියරුව, අපහසය, මුසාව, අවලාද… යනාදීය නම් අඩුවක් නැත. මේවා තුලින් නම් දැහැමි සමාජයක් නිර්මාණය කරන්නට යන්නේ එය මේ සමස්ථ ජාතීයම දෙවරක් සිතාබැලිය යුතු කාරණයකි. එසේම මෙවැනි සමාජ පසුබිමක් තුල නම් අප ජාතික නිදහස සමරන්නේ එය අර්ථවත් නිදහසක්ද? එය සැබෑ නිදහසක්ද? යන්නත් දෙවරක් නොව දහස් වරක් සිතා බැලිය යුතුය. අවසාන වශයෙන් නැවතත් පවසන්නේ මේ නිදහස සමරන්නේ ජාතීන් අතර සමානාත්මකතාවය විවෘත මනසින් පිලිගත් එසේම විරුද්ධ මතවාද ගරු කරන සමාජ පසුබිමකද? එසේ නම් මේ නිදහස සෑබෑ නිදහසක් වනු ඇත. නොඑසේ නම් මෙය තවත් අර්ථ ශුන්‍ය නිදහස් උත්සවයක් පමණක් වනු ඇත.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 5 යි.

  1. shahim 0000 2012-02-03 at 10:15

    nidahas dinaya vage MILADUNNABI samarana samagayakay api inne.
    MILADUNNABI da? NIDAHAS DINAYAD da? mama muslim varayek vashayen arthavath kalayuththe?

  2. mumeeth mohamed 2012-02-03 at 04:01

    ජයෙන් ජය

  3. ෆස්ලි 2012-01-31 at 01:41

    නියමයි. ඔබට ජසාකල්ලාහු හෛරා…

  4. Thushan 2012-01-30 at 23:17

    තොපි වගේ පාහරයින් එක්ක මොන නිදහසක්ද​? …???… ලමයි 5,6 හදන එක නවත්තපන්. …???… තොපේ පල්ලි වලින් ඇහෙන ඒ භයන්කර​, මූසල, පාපතර, ගෝත්‍රික මර ලතෝනිය මෙලෝ යකෙක්ට අහන්ඩ පුලුවන්ද​? …???… පල්ලි වලින් ඇහෙන ඒ හඩ මිනිස්සු වන අපිට විතරක් නෙමේ සතා සීපා වෙක්ටවත් අහන්ඩ පුලුවන්ද?​. සත්තු, ගහ කොල මල්, කුරුල්ලො පවා ඒ බියකරු “අල්ලා …???…” කියන කෑගැහිල්ලට බය වෙනවා. තොපි ඔක්කොටම යුදෙවුවන් ගෙම පිහිටයි. තොපි මේ ලෝකෙට මහ බරක්. …???… තොපිට ඇමරිකන් කාරයා …???… යද්දි ඒ …???… කෝ තොපේ අර …???… අල්ලා කියලා …???… නෑ. තොපිට ඒ ටික තේරුම් ගන්ඩ බැරිද​? …???… තොපිත් එක්ක අපිට සාමයක්, නිදහසක් ඕන්නෑ. තොපි අර අරාබි කාන්ථාරයටම පලයන්. එදාට අපිට මේ රටේ නිදහසේ ඉන්ඩ පුලුවන්.

    • abuarshed 2012-01-31 at 08:02

      පොදුවේ භාෂෘව තුල විනයක් නොමැති, එසේත් නැත්නම් අසභ්‍ය වචන භාවිතා කරමින් ඉදිරිපත් කරන comments අනුමත නොකරනවා යන්න යහමඟ ස්ථාවරයයි. නමුත් මෑත කාලයේ ඉස්ලාම් දහමටත් මුස්ලීම් සමාජයටත් එරෙහිව ‘ධර්මදීපයේ ඉරණම’ නමින් මඩ ව්‍යාපරයේ නිරතව සිටින බ්ලොගයකට ආවඩන නවතම රාල තමා ඉහත තුෂාන් සහෝදරයා. ඔහු යහමඟට අඛණ්ඩව comments ඉදිරිපත් කලත් ඔහුගේ කථාව තුල වෛරය, වියරුව… යනාදීය ගැබ්වූ අසභ්‍ය වචන හා පහත් වාග්මාලාවක් හැර ගතහැකි කිසිවක් නොවන නිසා එවැනි comments යහමඟ දිගින් දිගටම අනුමත නොකරයි. එවන් පසුබිමක ඉහත comments (හි අසභ්‍ය වචන ‘…???…’ යොදා) සංස්කරණය කොට පලකරන්නට අදහස් කලේ ඉහත ලිපිය තුලින් මා පවසන්නට උත්සාහ කල කාරණය ඔහුගේ අදහස් දැක්වීම තුල මනාව පිළිඹිබු වන නිසාය. මෙහිදී සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් නම් ඉස්ලාම් දහමටත් මුස්ලීම් සමාජයටත් එරෙහිව වර්ථමානයේ ක්‍රියාත්මක මඩ ව්‍යාපාරයේ තුෂාන් වැනි බොහෝ පිරිස් සිටින නිසා ඒ සියළු දෙනා සදහා ඉහත විග්‍රහය ලබාදෙන අතර පොදුවේ ඔවුනට ආරාධනාවක් කරන්නට කැමැත්තෙමි. ඒ ධර්මදීපයේ ඉරණම පිලිබදව කථා කිරීමට පෙර ඒ ධර්මය තුලින් ඔබ බොහෝ ආදර්ශයන් ලැබිය යුතුව ඇත. අඩුම තරමින් පලකල හැකි ආකාරයේ වචන කිහිපයක් ගලපා අදහසක් ලියන්නව්ත් උත්සාහ කරන්න. ඒකවත් බැරි ඔබ වැනි සහෝදරයන් ද ධර්මදීපයේ ඉරණම තීන්දු කරන්න හදන්නේ?. මේ නිදහස් දිනයේ බුද්ධිමත් ප්‍රජාව මෙයත් බුද්ධීමත් ලෙස විමසා බැලීම අත්‍යඅවශ්‍ය කාරණයකි.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *