Donate‘යහමඟ’ වෙබ් අඩවිය ශ්‍රී ලාංකීය සමාජය තුල ඉතා වැදගත් මෙහෙවරක් සිදුකරන වෙබ් අඩවියක් යන්න ‘යහමඟ’ පාඨක ඔබ හොදින් දන්නා කාරණයකි. විශේෂයෙන් ශ්‍රී ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහම හා මුස්ලීම් සමාජය සම්බන්ධයෙන් විටින් විට මතු වන ගැටළුවලදී ‘යහමඟ’ කරන මැදිහත්වීම හා ඒ පිලිබදව ඉස්ලාමීය දෘෂ්ඨියෙන් කථා කිරීම ඔබට හුරුපුරුදු කාරණයකි. වසර 05 ක පමණ කාලයක් මුළුල්ලේ දෙස් විදෙස් ශ්‍රී ලාංකීයන්ගේ ආකර්ශනය දිනාගෙන ඇති ‍’යහමඟ’ අඩවිය කිසිදු සංවිධානයක්, ආයතනයක් සමඟ සම්බන්ධ නොවී ස්වාධීනව කටයුතු කරන අඩවියකි. ආගම දහම විකුණාගෙන කන එය හොද ව්‍යාපාරයක් කරගෙන ඇති වකවානුවක බොහෝ දුෂ්කරතාවයන් මධ්‍යයේ තනිවම මෙවැනි දුර ගමනක් පැමිණීමට හැකිවීම සතුටට කාරණයකි.
‘යහමඟ’ මේ වනවිට ‘යහමඟ’ අඩවියට අමතරව ‘ශ්‍රී-කුර්ආන්’ නමින් ශුද්ධ වූ කුර්ආන් අඩවියක් ද මේ කෙටි කාලය තුල ශ්‍රී ලාංකීය සමාජයට දායාද කොට ඇති බව ඔබ දනී.

මේ දක්වා කිසිදු ආයතනයක සංවිධානයක මූල්‍යමය ආධාර හෝ පරිත්‍යාග නොලබා සාර්ථක ගමනක් පැමිණි ‘යහමඟ’ වෙබ් අඩවියට ඉදිරියේ දී ජය ගතයුතු ඉලක්ක ගණනාවක් ඇත. නමුත් එම ඉලක්ක ලඟාකර ගැනීමේ දී ඒ සදහා පසු කලයුතු පියවර එතරම් සරල හෝ සුළුවෙන් තැකිය හැකි ඒවා නම් නොවේ. එවන් පසුබිමක මෙම වෙබ් අඩවිය සාර්ථක පියවරක් ඉදිරියට තබන්නට නම්, අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදයට අමතරව ඔබේ දායකත්වය ද අත්‍යඅවශ්‍ය මෙන්ම තීරණාත්මක සාධකයක් වී ඇත.

ඒ අනුව මෙම අඩවිය මෙතෙක් කල මෙහෙවර සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත්වන්නේ නම්, එසේම මෙහි සාර්ථකත්වය තවදුරටත් ඔබ අපේක්ෂා කරන්නේ නම්, ඒ සදහා ඔබගේ මූල්‍යමය දායකත්වය මෙන්ම බුද්ධිමය දායකත්වය ද ‘යහමඟ’ අපේක්ෂා කර සිටි. මේ පිලිබදව වැඩිදුර විස්තර ඔබ දැනගැනීමට අපේක්ෂා කරන්නේ නම්, ඒ සදහා පහත දුරකථන අංක හෝ ඊමේල් තුලින් සම්බන්ධ වීමට ද පුළුවන.

දුරකථන – +94772200474

ඊමේල් – donate@yahamaga.com

 

Paypal









 

 

 

 

 



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *