යහමඟ අඩවියට තවත් වසරක් ගෙවීගිය වගයි!

3

‘අතීතයේ පටන් ආගම් තුලින් මිනිසා ලද ආදර්ශ යහපත් සමාජ පැවැත්මක් උදෙසා තීරණාත්මක සාධකයක් විය. එනමුත් මානවයාගේ අධ්‍යාත්මික බැදීම අභිබවා ලෞකික බැදීම වැඩිවීමත් සමඟ එදා සාමයට, සහජීවනයට මඟපෑදු බොහෝ ආගම් අද වෛරය, ක්‍රෝධය හා ඊර්ෂියාව… වැනි සමාජ පරිහානියට මඟපාදන දෙයට යමක් මිනිස් සමාජයට දායාද කොට නැත. එවන් සමාජ පසුබිමක ‘ඉස්ලාම්’ මිනිස් සමාජයට පෙන්වාදෙන යහමඟ දිව්‍යමය ආදර්ශයකි.  ඒ අසමසම දිව්‍යමය ආදර්ශය පිලිබදව සිංහල භාෂාව හසුරුවන ශ්‍රී ලාංකීය ප්‍රජාවට කිසියම් අවබෝධයක් ලබාදීම පිණිසත්, ඒ තුලින් ජාතීන් හා ආගම් අතර ගෞරවය හා අවබෝධය ගොඩනැඟීම පිණිසත් ‘යහමඟ’ නම් මෙම වෙබ් අඩවිය තුලින් පුංචි උත්සාහයක් දරමි.’

ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ මෙම වෙබ් අඩවිය අරම්භ කරන මොහොතේ මෙහි අරමුණු පැහැදිලි කරමින් ඉදිරිපත් කල ප්‍රකාශ යයි. එදා ශ්‍රී ලාංකීය සමාජය තුල ඉහත අරමුණූ ඔස්සේ ගමන් ඇරඹු ‘යහමඟ’ වෙබ් අඩවිය අද වනවිට එහි විෂය පථය තව තවත් පුළුල් කරමින් ඉදිරියට ගමන් කරමින් සිටින බව ඔබට පවසන්නේ හඳ පිරි සතුටිනි. ආගමික හා කාලීන කරුණූ මූලික කරගෙන වසර කිහිපයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය ප්‍රජාව සමඟ සුහඳ ලෙස අදහස් හුවමාරු කරගන්නා වෙබ් අඩවියක් ලෙස මෙම වෙබ් අඩවිය ආරම්භ කොට (2012/12/07 දිනට) තවත් වසරක් නිමාවන මේ මොහොතේ පාඨක ඔබේ අවදානය පිණිස කෙටියෙන් හෝ කරුණූ කිහිපයක් සදහන් කරන්නට කැමැත්තෙමි.

එහි ප්‍රථමයෙන් සදහන් කලයුතු මූලිකම කාරණය වන්නේ ‘යහමඟ’ මේ දක්වා පසුකොට පැමිණි  මාවත රතු පලස් මත සිදු වූ සුන්දර ගමන් මඟක් නොවන වගයි. සමාජ සම්ප්‍රදායන් හා සම්මතයන් දෙවැනි කොට සලකා දිව්‍යමය දහමේ ඉගෙන්වීමන්ට මුල් තැන දී ක්‍රියා කිරීම නිසා ශ්‍රී ලංකීය මුස්ලීම් සමාජයෙන් මෙන්ම මුස්ලීම් නොවන සහෝදර සමාජයෙන් ද ‘යහමඟ’ ට එල්ල වූ බාධාකිරීමන් හා අභියෝගයන් සුළුපටු නොවේ. (මේ පිලිබදව ‍මීට ඉහත මෙම අඩවිය තුල දීර්ඝ ලෙස කථා කොට ඇත.) ඒ ආකාරයට විටින් විට එල්ලවන බාධා කිරීමන් කවදත් අභීයෝගයක් ලෙසම ‘යහමඟ’ බාරගත් නිසා අද වඩාත් සාර්ථක වෙබ් අඩවියක් ඔබට ඉදිරිපත් කිරීමට හැකි ඇත. මේ සියළු කාරණයන් සවිස්තරව මා ‘යහමඟ අඩවිය ගැන’ යන ලිපිය තුලින් මීට ඉහත මෙම අඩවිය තුල කථා කොට ඇති නිසා යලිත් එම විෂයට යොමු නොවෙමි. එනමුත් මෙහිදී කණගාටුවෙන් වුවද සදහන් කලයුතු වැදගත් කාරණයක් ද ඇත. ඒ ඉහත අරමුණූ පෙරදැරිව ක්‍රියා කරමින් ශ්‍රී ලාංකීය සමාජය තුල කිසියම් ධනාත්මක වෙනසක් සිදු කිරීමට බොහෝ පිරිස් කොතරම් වෙහෙසුනත් ඒ සියල්ල ‘ගඟට කැපූ ඉනි’ මෙන් නිෂ්පල කර දමන ව්‍යාපාරයන් ද මේ සමාජය තුල ක්‍රියාත්මක වෙමින් පවතිනවා යන්නයි.

විශේෂයෙන් අතීතයේ පටන් මනුෂ්‍යාගේ අධ්‍යාත්මික යහපතට කටයුතු කල ආගම දහම අද පදික වේදිකා, පෙට්ටි කඩ… යනාදියේ පටන් මෙගා ව්‍යාපාර දක්වා හොදට අලෙවි වන සාර්ථක වෙළද ව්‍යාපාරයන් බවට පරිවර්ථනය වී ඇත. සමහරක් පුජකවරුන් හා ආගමික විද්වතුන් එහි ‘මුදලාලිලා’ බවට පරිවර්ථනය වී ඇත. එපමණක් නොව දේශපාලන භූමිකාවක් නිර්මාණය කරගැනීම, පුද්ගල ජනප්‍රියත්වය, සමාජ ගෞරවය හා අසීමිත ලෙස මුදල් උපයාදෙන මාර්ග… යනාදී වශයෙන් ‘කෝකටත් තෛලක්’ බවට අද ආගම දහම පරිවර්ථනය කොටගෙන ඇත. මේ ආකාරයට එහි ශූද්ධ අරමුණුවලින් බැහැරව අද සමහරක් ක්‍රියා කිරීමට පෙළඹිම නිසා ආගම දහම කෙරෙහි පැවතී පිලිගැනීම හා ගෞරවය අද රුපියල් ශතවලින් හා හිස් (ඔලු)ගෙඩිවලින් නිර්ණය කරන පහත් තැනට සමාජය පත්ව ඇත. ඔබ අන්තර්ජලය තුල නිතර සැරිසරණ කෙනෙකු නම්, විශේෂයෙන් සිංහල භාෂාමය වෙබ් අඩවීන් අතර සැරිසරණ කෙනෙකු නම් මා පවසන මෙම තත්වය එහි සුළභව හා මනාව දැකගත හැකි වනු ඇත.

බුද්ධිමත් ඔබේ නිරීක්ෂණය සදහා එවැනි එක් නිදසුනක් පවසන්නම්,

ආගම දහම පෙරටු කරගෙන ක්‍රියාත්මක බොහෝ වෙබ් හා බ්ලොග් අඩවීන් හොදින් නිරීක්ෂණය කර බලන්න එහි බො‍ඩ් ලෑල්ල (Domin name) හා බැනරය (Banner) හැර එහි ආගමික කරුණූ කිසිවක් අන්තර්ගත ද කියා. සීමිත වෙබ් අඩවීන් සංඛ්‍යාවක් ආගම දහම පිලිබදව කථා කලත් එහි අන්තර්ගතව ඇත්තේ ඒ ඒ පුද්ගල මතවාද පමණි. එසේ වුවද කම් නැත තවත් සමහරක් එවැනි වෙබ් අඩවි තුල දක්නට ඇත්තේ තවත් ජාතියක් හෝ ආගමක් ගැරහීමට ලක්කොට ජාතීන් අතර වෛරය, ක්‍රෝධය හා ඊරෂ්‍යාව… වැනි  පහත් ගුණාංග වර්ධනය කරන මිත්‍යා අදෝනාවන් පමණි.

ඉහත තත්වයට අමතරව තවත් ආකාරයේ වෙබ් කලාවක් ද මෑතක සිට අප රට තුල බිහි වෙමින් ඇත. ඒ පහත් මානසික හැඟීමන් අවධි කරවන ඕපාදූපයක් එසේත් නැත්නම් එවැනි වෙනත් බහුබූතයක් තම අඩවිය තුල පලකොට ඊට පාඨක  Like හා Comments අසීමිත ලෙස ගෙන්වාගෙන ඒ තුලින් ජනප්‍රියත්වයක් හා වෙළද දැන්වීම් ලබා ගැනීමේ ව්‍යාපාරයයි. ‍ඔබ වෙබ් පිටුවල comments කියවන කෙනෙකු නම් මෙම තත්වය පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත. එහි කොතරම් පහත් අන්දමේ ප්‍රතිචාර (Comments) ලිය වෙනවාද? යන්නත්, එම පහත්

මෙම අඩවිය අප රටේ තරුණ පිරිස් අතර ජනප්‍රිය අඩවියක් නමුත් ඉහත post එක බලන්න මාතෘකාව හැර වෙන කිසිවක් එහි ලියා නැත. තවද මෙහි අරමුණ කුමක්ද? යන්න මා පැහැදිලි කොට ඔබ අවබෝධ කරගැනීමට අවශ්‍ය නොවේ යයි සිතමි.

ක්‍රියාවට කොතරම් මනාප (Vote) හිමි වනවාද? යන්නත් ඔබට පහසුවෙන්  දැකගත හැක. එපමණක් ද නොවේ තම වෙබ් හෝ බ්ලොග් අඩවි තුල ලිපි (Post) සංඛ්‍යාව වැඩි කර ගැනීම පිණිස මොකක් හෝ වාර්ථා කරන තත්වයට ද මෙම පිරිස අද පත්ව ඇත.

මේ ආකාරයට ඉහතින් කරුණූ කිහිපයක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන ආවේ අප රටේ අන්තර්ජාල භාවිතය හා වෙබ් කලාව කොයි ඉසව්ව කරාද? යන්න පැහැදිලි කරදීමට වඩා ‘යහමඟ’ අඩවියේ ගමන් මඟ කොයි ඉසව්ව කරාද? යන්න පැහැදිලි කරදීම පිණිසයි. මෙහිදී ‘යහමඟ’ අඩවිය ඉහත සියළු දුර්වලතාවයන්ගෙන් 100% මිදුනු නිවරුදි වෙබ් අඩවියක් බව තීන්දු කිරීමට මා ඉක්මන් නොවෙමි. මන්ද තනි පුද්ගලයෙකුව හිඳ වසර කිහිපයක් මුළුල්ලේ විවිධ මාතෘකා ඔස්සේ ඔබට කරුණූ ගෙන ඒමේදී  මනුෂ්‍යයන් ලෙස මා අතින් ද වරදක් අතපසුවීමක් සිදුවිය හැකි බැවිණි. එවැනි අවස්ථාවන් පාඨක ඔබ පෙන්වා දී මීට පෙර වැරදි නිවරුදි කල අවස්ථාවන් ද නැතුවා නොවේ. එමනිසා ඉහත විනිශ්චය පාඨක ඔබට ම භාර කරමි. නමුත් එක් කාරණයක් ‘යහමඟ’ ට පැහැදිලිව පැවසිය හැක. ඒ ‘අප රටේ පවතින තුට්ටු දෙකේ ජනප්‍රිය වෙබ් හා බ්ලොග් කලාවට යහමඟ බිලිවී නැත’ මන්ද කවදත් ‘යහමඟ’ සිටියේ ‘අවබෝධයෙන් ගොඩනැඟුණු ඒකීය සමාජයක්’ යන සරල නමුත් ශුද්ධ වූ ගැඹූරු අරමුණක වන බැවිණි.

මෙය අප රටේ සමාජ සාධාර්ණත්වය හා මනුෂ්‍යත්වය අගයන බහුතර ජනතාවගේ පැතුම යන්නෙ හි සැකයක් නැත. එසේ නම් ඒ අරමුණු මුදුන්පත් කර ගැනීම පිණිස ඒකීය ජාතියක් ලෙස හිඳ ක්‍රියා කිරීමට අපට ශත්කිය දෛර්‍යය අපට ලැබේවා!, යනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් මා ප්‍රාර්ථනා කරමින් මේ සටහනට විරාමය තබන්නේ ගෙවීගිය වර්ෂය තුල ‘යහමඟ’ ට සහය වූ තවත් සුවිශේෂී පුද්ගලයන් කිහිපදෙනෙකු ස්තූති පූර්වකව සිහි කරවමිනි.

  • ‘යහමඟ’ අඩවියට ආරම්භයේ පටන් පැවතී විශාල අභීයෝගයක් වූ වෙනත් ආයතනයක නමින් පැවතී yahamaga.com නම් Domin නම අබූ අර්ශද් අයිතියට පවරා ගැනීමේ දී දැඩි කාර්‍යබහුලත්වයක් මධ්‍යයේ අවශ්‍ය තාක්ෂණික උපදෙස් පමණක් නොව ඊට අවශ්‍ය ශ්‍රමය ද ලබාදී එය සාර්ථකව ඉටු කරදුන් ‘නව්ෆර් සහෝදරයා මෙහි ස්තූති පූර්වකව සිහි කරමි.
  • ‘යහමඟ’ අඩවිය සමඟ නිරන්තරයෙන් සිටින එසේම විටින් විට ‘යහමඟ’ මුහුණපාන තාක්ෂණික ගැටළුවල දී මැදිහත් වන අස්මිල් සහෝදරයා ද මෙහි ස්තූති පූර්වකව සිහි කරමි.

අවසාන වශයෙන් මේ සියළු සාර්ථකත්වයට උරදුන් හා නන්අයුරින් සහය වූ මාගේ මිතුරන් හා විශේෂයෙන් පාඨක ඔබද ස්තූති පූර්වකව සිහි කරමින් ද ඔබ සියළු දෙනාට අල්ලාහ් (දෙවි)ගේ ආදර්ය හා ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ ලිපිය අවසන් කරමි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 3 යි.

  1. mohammednauzer 2012-12-10 at 18:38

    බොහොම ස්තුතියි අබුඅර්ශද් ඔබ මේ කරගෙන යන කාර්යය බොහෝම වැදගත් කාලීන අවශ්‍යතාවයක් .දිගටම මේ ගමන යන්න අල්ලාහ් ගෙ පිහිටයි .තව ද අපේ facebook වලට හැකර් ලාගෙන් වෙන බාදාවන්ට හා ඔවුන් අපේ පිටුවලට add කරන අසබ්‍ය පින්තූර වලින් වැළකෙන්නේ කෙසේදැයි ලිපියක් ලියන මෙන් ඔබගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ජස්සාකල්ලාහ් හය්ර් .

  2. usama 2012-12-07 at 12:06

    ALHAMDULILLAH obe uthsahayata allahge karunawa dayawath labewa. abu kisima dawasaka saleenna epa.u r worek is grate .obata help karanna allah oba wata mudal people and atmawishwasaya [PAHADILI EEMAN ,THAQWA WA }LABA DEWI.CONTINUE YOUR WORK.ALLAHUAKBAR

  3. Anees 2012-12-07 at 09:04

    තවත් ඉදිරියට කර ගෙන යාමට අල්ලාහ් වරම් ලබාදෙත්වා.මෙම වෙබ් අඩවිය කියවන අනෙක් සහෝදරවරුන්ගෙන් මා අයදින්නේ මෙයයි ඔබ ඔබගේ ෆේස් බුක්,ගූග්ල් ප්ලස් වැනි ප්‍රචාරක අවස්ථා උපයෝගී කර ගෙන මෙය සියළු දෙනා අතරට යැවීමට උත්සාහ කරන්න.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *