යහමඟ අලුත් වුනේ ඇයි?

4

වසර ගණනාවක් මුළුල්ලේ ඔබ සමීපව සිට ආගමික දැනුම බෙදාහදා ගන්නා යහමඟ අඩවිය 2012 වර්ෂයේ අළුත් මුහුණුවරක් ලබාගනිමින් නව ජවයකින් ඔබ හමුවට පැමිණියා යන පණිවුඩය යහමඟ අලුත් වේ යන ලිපියෙන් මීට දින කිහිපයකට පෙර පැහැදිලි කලෙමි. නමුත් යහමඟ පැරණි අඩවියට අසීමිතව ආදරය කල හා එය තුල ජීවිත් වූ පාඨක ප්‍රජාවට යහමඟ අළුත් මුහුණුවර කෙරෙහි එතරම් පැහැදීමක් නොමැති බව ඔවුන්ගේ ප්‍රතිචාර තුලින් අවබෝධ විය. මෙතෙක් දුරකට යහමඟ අඩවියේ සාර්ථකත්වයට පසුපසින් හිද නන් අයුරින් සහයෝගයන් ලබාදුන් පාඨක පිරිස නොසලකා හැර ඉදිරි පියවර තබන්නට යහමඟ සූදානම් නැත. මේ හේතුව නිසා යහමඟ අලුත් වුයේ ඇයි? යන කාරණය පිලිබදව යහමඟ පාඨක ඔබ දැනුවත් කිරීමට මා අදහස් කලෙමි.

මීට වසර කිහිපයකට පෙර (අබූ අර්ශද් වන මාගේ) ස්වයං නිර්මාණයක් ලෙස ඔබ හමුවට පැමිණි යහමඟ අඩවිය කෙටි කාලයක් තුල විශාල පාඨක පිරිසක් දිනාගැනීමට සමත් වුවා යන්න පාඨක ඔබ හොදින් දන්නා සත්යයයකි. දිනෙන් දින වර්ධනය වෙමින් ඔබ හමුවට ඉතා ආකර්ශණීය ලෙස මෙම අඩවිය ගෙන ආවද එහිදී පාඨක පිරිස් වන ඔබ දුටුවේ එහි එක් පැත්තක් පමණි. එහිදී ඔබ දකින පැත්ත සුන්දර වුවත් තිරය පිටුපස සංකීර්ණ ගැටළු රාශියක් පැවතී බව යහමඟ පාඨක බොහෝ පිරිස් නොදන්නා කාරණයක් විය. වෙබ් අඩවි නිර්මාණය පිලිබදව සාමාන්‍ය දැනුමක් පමණක් ඇති මා විසින් නිර්මාණය කල එම පැරණි වෙබ් අඩවිය තුල පැවතී දුර්වලතාවයන් එම විෂය පිලිබදව යම්තාක් අවබෝධයක් ඇති කෙනෙකුට පවා පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත. නමුත් යහමඟ අඩවියේ ඉදිරි ඉලක්ක පිලිබදව සැලකිලීමත්වීමේ දී එය අද ආරම්භ කොට හෙට දවසේ වසාදමන තවත් අඩවියක් නොවේ. කාලීන මාතෘකාවන් මෙන්ම උණූසුම් මාතෘකාවන් සංවාදයට ගැනෙන එහි විෂය පථය සීමිත කාල පරාසයකට සීමා කල නොහැක. ඒ අනුව දිනෙන් දින ඔබ හමුවට වැඩිදියුණු වෙමින් ගලා ආ යහමඟ ඉදිරියටත් සාර්ථක ගමන් මඟක් ගොඩනඟා ගැනීමට නම් ඒ සදහා පැවතිය යුතු මූලික අවශ්ය තාවයන් කිහිපයක් කාලයත් සමඟ හදුනාගැනීමට හැකිවිය. එවැනි අංග කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • පාඨක ප්‍රජාවට පහසු හා සමීප වන ආකාරයට ඉදිරිපත් කිරීම
  • පහසුවෙන් යාවත්කාලීන (update) කිරීම හා දෝෂ අවම කරගැනීම
  • අනිකුත් වෙබ් අඩවි හමුවේ අභියෝගාත්මකව නැඟී සිටීම
  • පිලිගත් ප්ර්මිතියකට පවත්වාගෙන යාම
  • අඩවිය සතු දත්ත ආරක්ෂා කරගැනීම
  • අන්තර්ජාලය තුල ඉහල තැනක් දිනාගැනීම
  • බාහිරින් එල්ල කරන බාධා කිරීම් හා බලපෑම්වලට හොදින් මුහුණදීම

මෙවැනි හේතු රාශියක් පදනම් කරගෙන තමා යහමඟ අඩවිය අළුත් මුහුණූවරකින් ඔබ හමුවට ගෙන එන්නේ, නමුත් පැරණි අඩවියට ආදරය කල එයට හුරුව සිටී පාඨක පිරිසට නව අඩවිය එකවර පිලිගැනීම තරමක් අපහසු කාර්ය යක් වී ඇතැයි යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. කාලයක් තිස්සේ යමකට පුරුදු පුහුණු වූ කෙනෙකු එය අතහැර නව දෙයක් වැලද ගැනීම යන්න සිදුවන්නේ තරමක් මන්දගාමීව යන්න මනුෂ්‍යය ස්වභාවයයි. ඒ අනුව අළුත් යමක් ධාරණය කරගැනීමටත් එය පිලිගැනීමටත් එහි යහපත හා සාර්ථකත්වය අවබෝධ කරගැනීමට කාලයත් බුද්ධියත් අත්දැකීමත් අවශ්‍යය වනු ඇත. ඒ අනුව වර්ථමානයේ පැරණි යහමඟ පාඨක පිරිස මේ පසුකරන්නේ එම සංක්‍රාන්ති අවධියයි. මෙහිදී මෙම නව යහමඟ මුහුණූවර සම්බන්ධයෙන් විවේචන පැවතිය නොහැක යන්න මා මෙයින් අදහස් නොකරමි. මන්ද මෙම අඩවිය තවත් මිනිස් නිර්මාණයක් වන නිසා මෙහි අඩුපාඩු දුර්වලතාවයන් ඕනෑ තරම් පැවතිය හැක. ඒවා පෙන්වාදීම හා අවශ්යා තැනකදී විවේචනක් වුවද සිදුකිරීමෙහි වරදක් නැත. නමුත් ඒ සියළු විවේචන හා සදහා පදනමක් හෝ හේතුවක් පැවතිය යුතු යන්න මාගේ සාධාර්ණ වූ ඉල්ලීමයි. මේ අඩවිය හොද නැහැ පරණ අඩවිය හොදයි යන්න පමණක් හේතුවක් විය නොහැක. හොද නැත්නම් එයට හේතුව කුමක්ද? එය නිවරුදි කරගැනීමට ඔබ ඉදිරිපත් කරන යෝජනාව කුමක්ද? යන්න මෙහිදී ඉතා වැදගත් සාධකයක් වේ.

මෙතැන දී බොහෝ පිරිසක් ඉදිරිපත් කරන ජනප්‍රිය චෝදනාවක් පිලිබදව කරුණු කිහිපයක් පවසන්නට අදහස් කරමි. එනම්, ‘මෙය බැලූ බැල්මටම යහමඟ අඩවිය කියලා හිතෙන්නේ නැහැනේ’ යන්න එම චෝදනාවයි. මෙය සැබෑ චෝදනාවකි. මන්ද පැරණි අඩවියට වඩා මෙහි බාහිර පෙනුම සම්පූර්ණයෙන් වෙනස් වේ. නමුත් ඔබ අවධානයට ගතයුතු අත්‍යාවශ්‍යය කාරණය භාහිර පෙනුම නොවේ. එහි වැදගත් සාධකය එදා අඩවියේ සහා වර්ථමාන අඩවියේ අන්තර්ගතයේ වෙනසක් පවතිනවාද? යන්නයි. විටෙක පෙර අඩවියට වඩා වර්ථමාන අඩවිය ඉදිරියෙන් සිටී ඒ පෙර අඩවියේ පැවතී ලිපිවල නොයෙක් අඩුපාඩුකම් වර්ථමාන අඩවියට එම ලිපි යෙදීමේ දී නිවරුදි කරගෙන ඇති නිසාය. එපමණක් නොව comments පහසුකම් ස්ථාපනය කිරීමේදී පෙර අඩවිය විවිධ කාලවල මුහුණ පෑ ගැටළු සුළුපටු නොවේ. එම දුර්වලතාවයද මෙහිදී සම්පූර්ණයෙන් මඟහරවාගෙන ඇත. මෙහිදී සමහරක් පිරිස් මතු කරන තවත් චෝදනාවක් ඇත. ඒ මේක blog එකක් වගේ නේ යන්න. මෙහිදී ද අවබෝධ කරගතයුතු කාරණය නම් ඉදිරිපත් කරන කරුණූ නිවරුදි නම් එය blog එකක් ද? එසේ නොවේද? යන්න වැදගත් සාධකයක් නොවන බවයි. ඒ කෙසේ වෙතත් මෙය blog එකක්ද? යන කාරණය මොහොතක් විමසා බලන්නේ නම්,

අද වෙබ් අඩවි නිර්මාණය සම්බන්ධයෙන් ලොව ප්‍රකට තාක්ෂණය වන wordpress තාක්ෂණය මෙම යහමඟ අඩවියට ගලපාගෙන තිබීම ඉහත චෝදනාවට මූලික හේතුවයි. ඇත්තෙන්ම මෙම යහමඟ අඩවිය එම wordpress තාක්ෂණයෙනුත් ඔබ්බට ගිය එකක් යන්න කාලයත් සමඟ ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. ඒ සදහා ඔබේ දෘෂ්ඨිපතයට ගෝචර වන නිදසුන් දෙකක් ගෙනහැර දක්වන්නේ නම්,

  • පරිඝණක භාවිතා කිරීමේදී නොයෙක් පිරිස් නොයෙක් ප්‍රමාණයේ resolution වල තම පරිඝණකය භාවිතා කරයි. එවිට සමහරක් පිරිසට මෙම අඩවියේ ලිපි නැරඹීමේ දී අකුරු ඉතා කුඩාවට හා තවත් පිරිසකට එය විශාලව දකින්නට පුළුවන් වේ. මෙම තත්වය මඟහරවා ගැනීම පිණිස යහමඟ අඩවිය (-අ අ +අ) නම් තාක්ෂණය තුලින් ඔබට අවශ්ය ප්‍රමාණයට අකුරු සකසා ගතහැකි පහසුව සලසා දී එම අපහසුතාවය මඟහරවා ඇත.

  • ලිපි සදහා අදහස් comments ඉදිරිපත් කිරීමේ දී බොහෝ දෙනෙකුහට සිංහල භාෂාවෙන් අදහස් ලිවීමේ අපහසුව (යතුරු පුවරු හසුරුවාලීමේ අපහසුව) නිසා අදහස් නොලියායාම හෝ සිංග්රීකසියෙන් ලිවීමක් සිදුකරයි. මෙම අපහසුතාවය මඟහරවා ගැනීම සදහා විශේෂ පහසුකම් සලසා දී ඇති අතර එය මෙහි රූප සටහන මඟින් ද අවබෝධ කරගත හැකි වනු ඇත.

  • අන්තර්ජාලය තුල පවතින අන්කුත් වෙබ් හා blog අඩවිවලට සාපේක්ෂව ඉතා වේගවත් වෙබ් අඩවියක් ලෙස ක්රිරයා කිරීමට අවශ්යත බොහෝ තාක්ෂණික අංග මෙම අඩවියට එක්කොට ඇත. එය අන්තර්ජාලය තුල සැරිසරන ඕනෑම කෙනෙකු හට පහසුවෙන් අවබෝධ කරගත හැක.

මෙවැනි පහසුකම් සමූහයක් පොදිබැදගෙන නව යහමඟ අඩවිය ඔබ හමුවේ මෙලෙස දිගහැරෙන්නේ එදාට වඩා හෙට දිනයේ ඔබට පෙරට වඩා සමීපවීමේ අරමුණින් හා දිගු ගමනක් ඔබත් සමග යාමේ අරමුණෙනි. එහිදී මෙතෙක් යහමඟ අඩවිය සමඟ දුකේදීත් සැපේදීත් එකසේ සමීප වූ පැරණි පාඨක ඔබ මෙතැනදී යහමඟ හුදෙකලා නොකොට යහමඟ නව මුහුණූවර එකසිතින් වැලදගැනීමත් එහි සාර්ථකත්වය සදහා අදහස් හා යෝජනා ලබාදීමත් යහමඟ පවුලේ ඔබ සියළු දෙනාගේ වගකීම හා යුතුකම නොවේද? එම වගකීම ඔබ නිසි ලෙස ඉටුකරන්නේ නම් මේ යහමඟ අඩවිය හෙට දවසේ සාර්ථකත්වයේ පල නෙලනු ඇත. ඒ සදහා ඔබ සියළුදෙනාගේ නන්අයුරින් වූ සහයෝගය හා ආශිර්වාදය නැවත නැවතත් බලාපොරොත්තුවෙන් ඒ සදහා ආරාධනා කරමින් මේ ලිපියට විරාමය තබමි.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 4 යි.

  1. Sudesh Jayantha-(Jeddah) 2012-10-20 at 03:56

    මම ඔබගේ පැරණි වෙබ් පිටු වලට ඉතාමත් ඇලුම් කලා. ඔබව ප්‍රවීනයෙකු ලෙස දුටුවෙමි . නව මුහුණුවර පිළිබඳව සතුටුදායක සුභාසින්ෂණයක් එක් කරන අතර අල්ලාහ් ගෙන් ඔබට ආශීර්වාද පතමි.

    • අබූ අර්ශද් 2012-10-20 at 04:26

      ඔබගේ උනන්දුව, මා දිරිගැන්වීම හා අවංක වූ ප්‍රාර්ථනාව මට ශක්තියක් ‘යහමඟ‘ අලුත් මුහුණූවරක් ගත්තේ ඇයිද? යන්න පිලිබදව මෙහි මා දීර්ඝ ලෙස පැහැදිලි කොට ඇති නිසා එම කාරණය පිලිබදව මීට වඩා කථා කිරීමට අදහස් නොකරමි.

  2. malik 2012-01-21 at 06:08

    as alikum .site 1ke technolgy 1k good thamay .but u ge old site 1ke atraction 1k me site 1ke na .first i thank my allah.alhamdulilah .”sathya samada gaya gannawa u do corect thing then insha allah u will win one day.alhamdulillah…………………………………………………………………….

  3. lalith 2012-01-18 at 05:30

    good explanation..thanx

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp