රාජ්‍ය පාලනය පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම

1

ජාත්‍යන්තරයෙත් විශේෂයෙන් අද ජාතික තලයෙත් වැඩි වශයෙන් කථා බහට ලක්වන මාතෘකාවක් බවට “දේශපාලනය” යන්න පත්ව ඇත. විශේෂයෙන් මැතිවර්ණ අවධියක සිටින ශ‍්‍රී ලංකාව තුල මෙය කාලීන මාතෘකාවක් බවට ද පත්ව ඇත. මෙම විෂය සම්බන්ධයෙන් විවිධ වූ විග‍්‍රහයන් හා වටමේස සාකච්චාවන් අද අපට අඩු නැතුව දක්නට ඇත. මෙම දේශපාලන විග‍්‍රහයන් අතර ආගම් පදනම් කරගත් දේශපාලන විග‍්‍රහයන් හා අර්ථ කථනයන් ද සුලබ වූ දසුනකි. විශේෂයෙන් ඒ ඒ ආගමික පූජකවරුන් හා විද්වතුන් තම දහම තුල මේවාට විසදුම් ඇති බවත් තම දහම අවධාරනය කරන්නේ මෙවැනි පාලන ක‍්‍රමයක් බවත් පවසමින් විවිධ ආගමික ඉගෙන්වීමන් ද ප‍්‍රකාශ කරමින් ජනතාව දිනාගැනීමේ මහා සටනේ නිරත වී සිටිති.

මෙවන් මෙහොතක ලාංකීය සුළු ප‍්‍රජාවක් ලෙස ජීවත් වන ලෝක ඉතිහාසයේ දේශපාලනයේ නොමැකෙන සලකුණු තැබූ මුස්ලීම්වරුන්ගේ දහම වන ඉස්ලාම් මේ පිලිබදව කුමක් පවසනවාද? යන්න ලාංකීය ප‍්‍රජාවට ප‍්‍රකාශ කිරීමේ අනිවාර්ය වගකීමක් මුස්ලීම් ප‍්‍රජාවට පැවරී ඇත. රටේ මුළු ජනගහනයෙන් 8% ක් වන අප දේශපාලනය තුල ඉස්ලාම් පෙන්වාදුන් ආකාරයට ක‍්‍රියාකරනවා වෙනුවට විවිධ කොටස් වලට බෙදී වැඩිම දේශපාලන පක්‍ෂ සංඛ්‍යාවකට උරුමකම් කියන දුර්වල ජන කොට්ඨාශයක් බවට අද පත්වෙමින් සිටි. මෙසේ ඉස්ලාමය හා මුස්ලීම් ප‍්‍රජාව ලංසුවට තබා දේශපාලනයේ වැජඹෙමින් මුස්ලීම් ප‍්‍රජාව විනාශ මුඛයට ඇද දමමින් සිටින සමහරක් දේශපාලඥයින් මුස්ලීම් ජනතාවගේ ඡන්දය බිලිබා ගැනීමේ අරමුණින් ඔවුන්ගේ දේශපාලන ක‍්‍රියාවලියට ඉස්ලාමීය ආගමික මුහුණුවරක් ලබාදීමට ද කටයුතු කරමින් සිටී. මෙහි ඛේදනීයම තත්වය වන්නේ ආගමි ආරක්‍ෂකයින් වන එහි පූජකවරුන් හා විද්වතුන් දේශපාලන පටු අරමුණු වෙනුවෙන් ඉහත සදහන් දේශපාලඥයන් වෙනුවෙන් දරදිය අදිමින් සත්‍ය දහම සමාජයට ප‍්‍රකාශ කරනවා වෙනුවට දේශපාලන වාසීන් වෙනුවෙන් ඉස්ලාම් දහම විකෘති කරමින් සිටීමය. මෙවන් වූ මොහොතක මෙම විෂය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය සමාජයට ප‍්‍රකාශ කිරීමේ අනිවාර්‍ය වගකීමක් මුස්ලීම් ප‍්‍රජාවට පැවරී ඇත. එසේම එම ස්ථාවරය පැවැසීමේ දී ඉහත සදහන් දේශපාලඥයන්, පූජකවරුන් හා ආගමික විද්වතුන් මෙන් ස්වමත, මන:කල්පිත හා පුද්ගලික චින්තන වැනි පටු අරමුණුවල කොටු නොවී ආගමික මූලාශ‍්‍රයන් පදනම් කරගෙන මෙම කාරණය සමාජයට පැහැදිලි කිරීම ද අනිවාර්‍ය අවශ්‍යතාවයක් වේ. මන්ද ඉස්ලාම් දහමට අනුව යම් විෂයක් පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කථා කරන්නේ නම් ඒ සදහා පදනම් කරගත යුතු ප‍්‍රධාන කරුණු දෙකක් ඇත. එනම්,

  1. ශුද්ධ වූ අල්කුර්ආනය (දේව වාක්‍ය පමණක් අන්තර්ගත ලියවිල්ල)
  2. අල් හදීසය (නබිතුමාණන්ගේ ආදර්ශය)

ඉහත මූලාශ‍්‍ර දෙකට පරිභාහිරව කුමන කාරණය ඉස්ලාම් නමින් සමාජය හමුවේ කව්රුන් තැබුවද හුදෙක් එය මනුෂ්‍ය චින්තනයක් මිස ඉස්ලාම් දහම නොවේ. මා එසේ අවධාරනය කරන්නේ වර්ථමාන සමාජයේ පූජකවරයෙකු හෝ සමාජය පිලිගත් ප‍්‍රභූවරයෙකු කිසියම් කාරණයක් පදනම් විරහිතව පැවසුව ද එයට ආගමික මුහුණූවරයන් ලබාදෙමින් හිස් මුදුනින් තබා පිලිගැනීමටත් ඒ වෙනුවෙන් හඩක් නැගීමටත් සමහරක් අන්ධ භක්තිකයන් පෙළඹී සිටීම අප නිතර දකින දසුනකි. මෙම දුර්වල ප‍්‍රවනතාවය දිගින් දිගටම සීඝ‍්‍රයෙන් සමාජයේ වර්ධනය වෙමින් පවතී. මෙවන් සංකීර්ණ සමාජයක මනුෂ්‍යයා බුද්ධිමත්ව ක‍්‍රියා කලයුතුයි. යම් කාරණයක් සමාජගත වේ නම් එහි දී එය සමාජ ගත කරන පුද්ගලයාට වඩා වැදගත් වන්නේ ඔහු සමාජගත කරණ කාරණයයි. ඒ සදහා සමාජය අවධීයෙන් හා බුද්ධීමත්ව සිටිය යුතුය. එය සෑම දහමක්ම දර්ශනයක්ම දැඩිව අවධාරනය කරන සිද්ධාන්තයකි. ඒ අනුව ඉහත සිද්ධාන්තය තුල හිද අපගේ මාතෘකාවට දැන් අවධානය යොමු කරමු.

රාජ්‍ය පාලනය පිලිබදව ඉස්ලාමීය දැක්ම

ඉස්ලාම් මානව හිතවාදය හා මානව අයිතිය දැඩිව අවධාරනය කරන ඒ වෙනුවෙන් හඩක් නගන දහමකි. එය තුල මානව හිතවාදයට හා අයිතීන්ට එරෙහි සංකල්ප නැත. කොතරම්ද දුරට ඉස්ලාම් එය අවධාරනය කරනවාද යයි පවසනවා නම්, දෙවියන් තමන්ට කරන වන්දනා මානවලට වඩා ඉහත සදහන් මානව හිතවාදය හා මානව අයිතිය දැඩිව අවධාරනය කරන දහමකි. එයට උදාහර්ණයක් ශුද්ධ වූ නබිවදනකින් පැහැදිලි කල හැක. එනම්,

“විනිශ්චය (මරණින් මතුව උදාවන) දිනයේ සමහරක් මිනිසුන්ගෙන් අල්ලාහ් (දෙවියන්) මෙසේ ප‍්‍රශ්න කරන බව නබිතුමාණන් පවසන ලදී ‘එම්බල ආදම්ගේ දරුවනි! මම රෝගිව සිටී අවස්ථාවේ ඇයි නුඹ මාගේ සුවදුක් බලන්නට නොපැමිණියේ?’ එයට එම මිනිසා විශ්මයට පත්ව ‘දෙවියනේ නුඹ රෝගිවන්නේ කෙසේද?’ යයි විමසනු ඇත. එවිට දෙවියන් එම මිනිසා ජීවත් වු ප‍්‍රදේශයේ රෝගිව සිටී අසල්වාසින් සිහිකොට ඒ අයගේ සුවදුක් බලන්න නොපැමිණිම දෙවියන් තමාව බලන්නට නොපැමිණියාසේ සලකන බව පවසනු ඇත. ඒ ආකාරයටම තවත් කෙනෙකු කැදවා ‘එම්බල ආදම්ගේ දරුවනි!, මා කුසගින්නේන් නුඹ ලගට පැමිණී මොහොතේ ඇයි නුඹ මට ආහාර ලබා නොදුන්නේ?’ එයට එම මිනිසා විශ්මයට පත්ව ‘දෙවියනේ නුඹට කුසගින්නක් කෙසේ ඇතිවන්නද? නුඹ කවදා ද මා හමුවට ආවේ?’ යයි විමසනු ඇත. එවිට දෙවියන් එම මිනිසා ජීවතව සිටිය දී ඔහු හමුවට ආහාරයට යමක් ඉල්ලා පැමිණි පිරිස මතක් කොට ඒ පිරිසට ආහාර නොදීම නුඹ මට ම ආහාර නොදී ප්‍රතික්ෂේප කලාසේය යනුවෙන් දෙවියන් පවසනු ලැබේ.”

(හදීස් කුදිසි)

ඉහත නබිවදනින් ඉස්ලාම් මානව හිතවාදය හා මානව අයිතිය කොතරම් දුරට අවධාරනය කරනවාද යන්න අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එසේ නම් එම කාරණයන් මනසේ රදවාගෙන මෙම විෂය එනම් “රාජ්‍ය පාලන පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද?” යන්න දැන් අවධානය යොමු කරමු.

ඉහත මාතෘකාව වඩාත් හොදින් පැහැදිලි කරගැනීම සදහා වර්ථමානයේ ජාත්‍යන්තරයේ හා ජාතික තලයේ අප දකින දේශපාලන ක‍්‍රම පිලිබදව බුද්ධිමත් විමසුමක් කිරීම සුදුසු බව හැඟේ. ඒ අනුව අද ලොව දේශපාලන රටාවන් හා තීන්දු තීරණ ගන්නා ආකාරය දෙස බලන විට අප දකින්නේ බහුතරයකගේ මතය අනුව තීන්දු තීරණ ගන්නා දේශපාලන රටාවකි. උදාහර්නයට 2010 ලාංකිය ජනාධිපතිවර්ණයේ පිලිබදව අවධානය යොමු කලේ නම් එහි 57% ප‍්‍රතිශතයක් ලබාගෙන එක් පාර්ශවයක් ජය ගනිද්දී ඡුන්ද 4173185 (40.15%) සංඛ්‍යාවක් ලබාගත් අනිත් අපේක්‍ෂකයා ඔහුගේ ප‍්‍රතිපත්තීන් සමග ප්‍රතික්ෂේප වී යයි. මෙය නූතන දේශපාලන න්‍යායයි. එහි බහුතරයක් මගින් තෝරාගනු ලබන ප‍්‍රතිපත්තියක් මගින් අණ පනත් සකස් කිරීම තුලින් මහජන මතය ක‍්‍රියාවට නැංවීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු මගින් ක‍්‍රියා කරති. සුළුතර මතය මෙහි සැලකිල්ලට නොගෙන ප‍්‍රතික්ෂේප වේ. මෙහි දී ප‍්‍රථිපලය පදනම් කරගෙන බහුතරය නිවරුදි කියා හෝ සුළු තරය නිවරුදි කියා කිසිවකුටත් තර්ක කල නොහැක. එසේම මේ දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් වැරදි කියාත් තර්ක කල නොහැක. ඇතැම් විට පරාජිත පිරිසගේ මතය රටට යහපත් වන්නට පුළුවන ප‍්‍රායෝගික වන්නට ද පුළුවන නමුත් මේ සියල්ලට ඉහලින් මහජන මතයට ලබාදී තිබෙන උත්තරීතර බව හේතුවෙන් බහුතර මතය මත ආණ්ඩුවක් ගොඩ නැගේ. මෙය මතුපිටින් බලන කල යම් සාධාර්ණයක් පෙනුන ද සැබැවින්ම එහි ගැටළු රාශියක් පවතී. මේ හේතුවෙන් ඉස්ලාම් මෙම ක‍්‍රමය අවධාරනය නොකරයි. මීට අමතරව සුළු වශයෙන් ජාත්‍යන්තරය තුල අප දකින තවත් දේශපාලන ක‍්‍රම කිහිපයක් ඇත. එනම්, රටේ පාලනය බලෙන් (හමුදා කුමණ්ත‍්‍රණ වැනි ක‍්‍රම මගින්) උදුරාගෙන එම පාලකයාට අවශ්‍ය ආකාරයට රට පාලනය කිරීම. උදාහර්ණයට පකිස්ථානය සදහන් කල හැක. වර්ථමානයේ දකින්නට තිබෙන තවත් පාලන ක‍්‍රමයක් වන්නේ බලවත් රටවල්වල අවශ්‍යතාවය මත කුඩා රටවල් ආක‍්‍රමණය කර එම බලවත් රටවල්වල අවශ්‍යතාවයන් අනුව එම කුඩා රටවල් පාලනය කිරීම. මෙහි දී තමන්ට අවනත නොවන පාලකයන් ඉවත් කිරීම, එම රටවල තිබන සම්පත් ලබාගැනීම… වැනි අරමුණු ඇතිව පාලනයන් ඇති කිරීම සිදුවේ. මේ ආකාරයේ වූ පාලන ක‍්‍රමවේදයන් ඉස්ලාම් දහම අනුමත නොකරයි.

එසේ නම් ඉස්ලාමීය දේශපාලන න්‍යාය කුමක්ද? ඉස්ලාම් පවසන්නේ කුමක්ද?

දේව විශ්වාසය මූලික පදනම් කරගත් ඉස්ලාම්, ඉහත ආකාරයේ ඒකපුද්ගල හා බහුතර මතය පදනම් කරගත් මනුෂ්‍ය චින්තන මත ගොඩනැගුණ දේශපාලන න්‍යායන්ට වඩා දෙවියන්ගේ සැලැස්මට හා තීන්දුවලට මුල්තැන දෙන දහමකි. වර්ථමාන දේශපාලන විද්‍යාව ප‍්‍රධාන අංග තුනක් ඔස්සේ සමාජය තුල ප‍්‍රකාශ වන විට ඉස්ලාම් දහම ද ඊට බොහෝ සමාන ආකාරයට එහි මූලික පදනම ගොඩනගා ඇත. ඒ අනුව වර්ථමාන දේශපාලන විද්‍යාව පදනම් කරගෙන ඉස්ලාමීය දේශපාලන ඉගෙන්වීම අධ්‍යනය කිරීම මෙම මාතෘකාව වඩාත් හොදින් අවබෝධ කරගැනීමට පහසුවනු ඇත. එනම්,

දේශපාලන විද්‍යාව ප‍්‍රධාන කොටස් තුනකට බෙදේ,

  • ව්‍යවස්ථාධායකය – රටේ නීතිය සකස් කිරීමේ වගකීම් පැවරෙන ආයතනය
  • විධායකය – රටේ නීතිය ක‍්‍රියවට නැංවීමේ වගකීම පැවරෙන ආයතනය
  • අධිකරණය – රටේ නීතිය ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරෙන ආයතනය

ඉහත ප‍්‍රධාන කොටස් තුන ඉස්ලාම් දහමේ ඉගෙන්වීම හා සංසන්ධනය කරමින් දැන් අපගේ මාතෘකාවට අවධානය යොමු කරමු.

ඉස්ලාමීය පාලන තන්ත‍්‍රිය තුල උතුම් ස්ථානය ව්‍යවස්ථාධායකයට හෙවත් දෙවියන් විසින් පහල කරන ලද දිව්‍යමය නීතිමාලාවන්ට හා අනපනත්වලට හිමිවන අතර එය ක‍්‍රියාවට නගන පාලකයාට ද සුවිශේෂී ස්ථානයක් ඉස්ලාම් ලබාදී ඇති බවත් දැන් ඔබට පැහැදිලිව අවබෝධ වී තිබිය යුතුය. එසේනම් ඉස්ලාම් පවසන ආකාරයේ සැම කලටම ප‍්‍රායෝගික එසේම ජනතාවගේ අයිතීන්, පැතුමන් හා අවශ්‍යතාවයන් සපුරාලන යහපාලනයක් අප රට තුල ද බිහිවේවා යයි ප‍්‍රාර්ථනා කරමින් මෙම ලිපිය අවසන් කරමි.

අබු අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. rizwan 2012-09-16 at 09:47

    මාෂා අල්ලාහ්

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *