රෝම අධිරාජ්‍ය සහ පහත්ම පොළොව

0

සත්වන සියවසෙහි ආරම්භයේදී ලොව තිබූ මහා අධිරාජ්‍යයන් දෙකකි, ඒ “රෝම“ (බයිසාන්දියානු) අධිරාජ්‍ය හා “පර්සියානු“ අධිරාජ්‍යය. ක්‍රි.ව. 613 -614 කාල වකවානුවේ මෙම අධිරාජ්‍ය දෙක විශාල යුදයක පැටලුනි. එහි ප්‍රතිලපය වූයේ රොම අධිරාජ්‍ය පරාජයට පත්කොට පර්සියානුවන් ජය ලැබීමයි. එහිදී (“රෝම“ අධිරාජ්‍යයට අයත්) ඩමස්කසය හා ජෙරුසලම පර්සියානුවන් අතට පත් විය. ශුද්ධ වූ කුර්ආනයේ (“රෝමය“ නැමැති) 30 වන පරිච්චේදයේ ආරම්භයේ බයිසාන්තියානුවන් පරාජය වන නමුත් නොදුරු අනාගතයේදී යලිත් ජය ලබන බව පවසයි.

“අලිෆ්. ලාම්. මීම්.
(නබියාණෙනී!) රෝම අධිරාජ්‍යය මහපොළොවේ පහත්ම ස්ථානයේ දී පරාජයට පත් විය.
ඔවුන් (අද දින) පරාජයට පත් වුවද, ඉතාමත් ඉක්මනින් ඔවුන් ජයග්‍රහණය කරනු ඇත.
(එයත්) වසර කිහිපයක් ඇතුළතදීම (ජය පැරදුම ලබා දෙන) බලය මීට පෙරත් පසුවත් අල්ලාහ්ටම අයත්ය. (ඔවුන් ජයග්‍රහණය කරන) එදිනදී, විශ්වාසවන්තයින් අල්ලාහ්ගේ උදව්ව දැක සතුටට පත් වන්නාහ.”

30: 1 – 4 ශුද්ධ වූ කුර්ආනය

ඉහත සඳහන් (කුර්ආන්) වැකිය පහළ වූයේ ක්‍රි.ව. 620 දී ය. එනම්, සත්වන සියවසයේ පිළිම වන්නදාකරුවන් වන පර්සියානුවන් විසින් කිතුනු බයිසාන්තියානුවන්ව අන්ත පරාජයට පත් කළ ක්‍රි.ව 613 -614 කාල වකවානුවෙහි ය. නමුත් ඉහත වැකියෙහි, ඉතා ඉක්මනින් ඔවුන් ජයග්‍රහණය කරන බව සඳහන් වේ. නමුත් බයිසාන්තියානුවන්ගේ පරාජය කොතරම් ද යන්න පවසනවා නම්, ඔවුන් යළි ජයග්‍රහණය කිරීම කෙසේ වෙතත්, ඔවුන්ගේ පැවැත්ම පවා සැක සහිත විය.

පර්සියානුවන් පමණක් නොව, ( බයිසාන්තියානු අධිරාජ්‍යයට උතුරු දෙසින් හා බටහිර දෙසින් පිහිටි) ඇවාස්, ස්ලාවස් හා ලුම්බාඩ් වරුන් ද බයිසාන්තියානු අධිරාජ්‍යයයේ භෞමික අඛන්ඩතාවයට දරුණු ලෙස තර්ජනයක් වන ආකාරයට පෙනී සිටියහ. ඇවාස්ට් වරු කොන්ස්තන්තිනෝපලයේ ප්‍රාකාරය වෙතටම ලංගා වී අගරජුවත් අල්ලා ගන්නා තරමටම පැමිණියහ. බොහෝ ආණ්ඩුකාරවරු අගරජු හර්ක්‍යූලීස් සමග දරුණු ලෙස අමනාප වූ අතර, මුලු අධිරාජ්‍යම බිඳවැටීමේ ලකුණු පහළ විය. බයිසාන්තියානු අධිරාජ්‍යයට අයත්ව තිබූ මොසපටේමියාව, සිරියාව, ඊජිප්තුව, හා ආර්මේනියාව (යන රටවල්) පර්සියානුවන් විසින් ආක්‍රමණය කරන ලදී. කෙටියෙන් කිවහොත් බයිසාන්තියානු අධිරාජ්‍යය විනාශ වනු ඇතැයි සියල්ලෝම සිතූහ. නමුත්, “රෝමය“ නැමැති 30 වන මෙම කුර්ආන් පරිච්චේදය පලමු වාක්‍යයන් මගින් අනාවරනය කර තිබෙන්නේ බයිසාන්තියානු අධිරාජ්‍ය (මෙම පරාජයෙන් පසු) වසර කිහිපයක් තුලදී යළි විශිෂ්ට ජයක් ලබන බවයි. මෙම දේව හෙළිදරව්ව පහළ වී කෙටි කළකින්, බයිසාන්තියානු අගරජු හමුදාවේ වියදම් පියවා ගැනීමටත්, අහිමි වූ භූමි ප්‍රදේශය යළි අත්පත් කර ගැනීමේ මෙහෙයුමට අවශ්‍ය මුල්‍ය වියදම් පියවා ගැනීම පිණිසත්, පල්ලිවල ඇති රන් හා රිදී උණු කර මුදල් බවට පරිවර්ථනය කරන මෙන් අණ කලේය.

රෝමය නම් පරිච්චේදයේ මුල් වාක්‍යයන් අනාවරණය වී සත් අවුරුද්දකින් පමණ පසු, ක්‍රි.ව 627 දෙසැම්බර් මස බයිසාන්තියානු අධිරාජ්‍ය හා පර්සියානු අධිරාජ්‍ය අතර මළ මුහුද අවට ප්‍රදේශයේ දී තීරණාත්මක යුද්ධයක් සිදු වූ අතර, මේ වතාවේදී බයිසාන්තියානු හමුදාව සියල්ල මවිතයට පත්කරමින් පර්සියානුවන් පරාජය කළහ. මින් මාස කිහිපයකින් පසු, තමන් අත්කරගත් භූමි ප්‍රදේශ සියල්ල ආපසු බයිසාන්තියනුවන්ට බාරදෙන බවට එකඟතාවය පළකරමින් ගිවිසුමකට එළමීමට පර්සියානුවන්ට සිදුවිය.අවසානයේදී රෝමානුවන්ගේ ජයග්‍රහණය ගැන සර්වබලධාරී දෙවි ශුද්ධ වූ කුර්ආනයේ කළ පුරෝකථනය, සියල්ල මවිතයට පත්කරමින් සත්‍ය විය.

එම කාලවකවානුවේ කිසිවෙකුටත් සොයාගත නොහැකි භූගෝල විද්‍යාත්මක සත්‍යයක් ඉහත සඳහන් කළ වාක්‍යෙයහි ගැබ්වී තිබීම තවත් විශ්මයට කරුණකි. එනම් රෝමය නම් මෙම පරිච්චේදයේ තුන්වන වාක්‍ය මගින් පැවැසෙන්නේ රෝමය “මහපොළොවේ පහත්ම ස්ථානයේ දී“ (කුර්ආනය 30-03) පරාජයට පත්වන බවයි. ප්‍රධානම යුද්ධය සිදුවූ (ඩමස්කසය හා ජෙරූසලම) ස්ථානය පිහිටා තිබෙන්නේ “මහා පැළුම් මිටියාවත“ යැයි හඳුන්වනු ලබන අති විශාල පහත් බිම් ප්‍රදේශයක ය. මහා පැළුම් මිටියාවත යනු කිලෝමීටර් 5,000ක දිගින් යුක්ත විශාල ප්‍රෙද්ශයක් වන පෘතුවි පෘෂ්ඨයේ විභේදන රේඛාවයි. මෙය මැදපෙරදිග ආසියාවේ පිහිටි උතුරු සිරියාවේ සිට ගිණිකොන දිග අප්‍රිකාවේ පිහිටි මධ්‍යම මොසැම්බික් නගරය දක්වා පරාසය තුල පැතිරී පවතියි. උතුරු දිශාවේ විහිදුම සිරියාව ලෙබනනය, පලස්තීනය හා ජෝර්දානය හරහා පැතිර පවතී. පැළුම් දකුණු දිගින් ඒඩන් බොක්ක දෙසට විහිදී, ගිණිකොන අප්‍රිකාව හරහා ගොස් අවසානයේදී මොසම්බික් නගරයේ පිහිටි පහළ සැම්බිසි නදී නිම්නයෙන් අවසන් වේ.
චන්ද්‍රිකා තාක්ෂණයේ ආධාරයෙන් ගත් ඡායාරූප මගින් ඉතා මෑතකදී තහවුරු කළ විශ්මයජනක සත්‍යයක් නම්, (මහා පැළුම් මිටියාවතයේ පිහිටා තිබෙන)මළ මුහුද අවට ප්‍රදේශය මහපොළොවේ පහත්ම උන්නතාංශය යන්නයි. ඇත්තෙන්ම මහපොලොවේ පහත්ම ස්ථානය වන්නේ මුහුදු මට්ටමට පහළින් මීටර 400 ක් පමණ උන්නතාංශයක පිහිටා ඇති මළ මුහුදේ වෙරළ තීරය යි.

මළ මුහුදු පැලුම් මිටියාවත, ඊශ්‍රායෙලය හා ජෝර්දානය. මෙම සිරස් ජායාරූපයේ 190 නාවික සැතපුම් (කිලෝමීටර් 350) උන්නතාංශයේ දර්ශනය. මළ මහුදු පැලුම් මිටියාවත මැදපෙරදිගින් උතුර දකුණ ඡේදනය කරයි. මුහුදු මට්ටමට අඩි 1292ක් (මීටර් 394) පහළින් පිහිටා තිබෙන මළ මුහුදේ මතුපිට පෘෂ්ඨය පෘතුවියේ පහත්ම ස්ථානය යි.

එමනිසා මළ මුහුද ආසන්නයේ පිහිටි පැලුම් මිටියාවත අත්පත් කරගෙන සිටින රට හෝ ප්‍රාන්තය ශුද්ධ වූ කුර්ආනය මහපොලොවේ පහත්ම ස්ථනය යනුවෙන අදහස් කරන බව පැහැදිලි වේ. චන්ද්‍රිකා යානවන් හෝ නවීන තාක්ෂණය නොපැවති සත්වන ශතවර්ශයේ කිසිවෙකු මෙවන් සත්‍යයක් දැන සිටීමේ හැකියාව කොහෙත්ම නොමැති නිසා මෙය කුර්ආනයේ සත්‍ය ආශ්චර්යයක් වේ. නැවත වරක් මෙමගින් එළඹිය හැකි එකම නිවැරදි නිගමනය නම්, දේව වක්තෘ මුහම්මද්ට සකළ විශ්වයේම නිර්මාතෘ මෙන්ම පරිපාලකය ද වන දෙවි ගෙන් දේව පණිවුඩය ලැබූ බවයි.

 

ඉබුනු ජෙමීල්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *