වර්තමාන ඉස්ලාමීය සමාජ ගැටලු හා විසඳුම්

1

(මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි )

සත්‍ය වශයෙන්ම ඉස්ලාම් දහම මිනිසුන්ගේ නොමිනිස්කම මධ්‍යයේ මිනිස්බවේ ප‍්‍රතිමූර්තිය මතුකර මිනිසුන් ජීවත් විය යුතු ආකාරය ගැන කෙටි විමසුමක් කරමු.

මේ පිළිබඳව අල්-කුර්ආනය තුළ කෙසේ විමර්ශනය කර ඇත්දැයි බලමු. “නබිවරයාණෙනි, සෑම කරුණක් ගැනම පැහැදිලිව විග‍්‍රහ කරන ආගමක් ඔබ වෙතට පහළ කළේ අපි වෙමු” යනුවෙන් ද

“අපි අල්කුර්ආනයේ කිසිම කරුණක් ගැන සඳහන් නොකරම මග නොඇරියෙමු.” යනුවෙන් ද පරමාධිපති දෙවියන් වහන්සේ පවසයි.

ඉහත අල්-කුර්ආන් වැකියෙන් ඉස්ලාම් දහම තුළ ගැටලු නොමැති බව මනාව පැහැදිලි වේ. නමුත් මේ සියල්ල අභිබවමින් ඉස්ලාමයට එරෙහිව වත්මන් සමාජය තුල අර්ථ විරහිත නගමින් පවතී. ඉන් කීපයක් මෙසේය. කාන්තා නිදහස, ඉස්ලාමීය දඬුවම් ක‍්‍රම, ඉස්ලාමීය ජීවන රටා යනාදිය වේ.

කාන්තා නිදහස පිළිබඳව අවධානය යොමු කරන කල්හි ඔවුන්ගේ නිදහස සීමාකර ඇති බව පෙනේ. එය සත්‍යයකි. ඊට හේතුව සමාජයේ රකුසු ඇස් විදහා ගිජු ලිහිණියෙකු සේ කාන්තාව ඩැහැගැනීමට පුද්ගලයන් සක්මන් (සැරිසරන) කරන බැවිනි. එය ඔවුන්ගේම ආරක්ෂාව සඳහා යෙදූ උපක‍්‍රමයක් බව දැන් ඔබට වැටහෙනු ඇත. එබැවින් තවදුරටත් ඉස්ලාම් ආගම තුළ කාන්තාවට ලබා දී ඇති නිදහස ගැන ගැටලුවක් නොමැත.

තවද ඉස්ලාමීය දඬුවම් ක‍්‍රම පිලිබඳව අන්‍ය ආගමිකයන්ගේ මතය නම් මෙසේ ය. ඉස්ලාමය කුරීරු දහමක් බවද  චෝදනා නගති. නමුත් පහත කරුණු අධ්‍යනයෙන් එය නිරාකරණය වනු ඇත. පුද්ගලයෙකුට දඬුවම් දිය යුත්තේ එම පුද්ගලයා ඒ පාපයෙන් ගලවා ගැනීමට මිස ඒ වෙත යොමු කිරීමට නම් නොවේ. එබැවින් එම දඬුවම පුද්ගලයා තුළ බිය ඇති කරන්නා වූද පාපය එපා කරන්නා වූද දඬුවමක් විය යුතු ය. මේ හේතුව ද සලකා බැලීමේදී ඉස්ලාමය තුළ ගැටලු නොමැති බව පැහැදිලි වේ.

අවසාන වශයෙන් ඉස්ලාමීය ජීවන රටාවෙහි ගැටලු ඇත්දැයි පිරික්සා බලමු.

ඉස්ලාමීය ජීවන රටාව ගැන අන්‍යආගමිකයන් එල්ල කරන චෝදනා නම් මුස්ලිම් වරුන්ට සංගීතයෙන් විනෝදය ලබන්න බෑ, ස්ත‍්‍රීන් ආශ‍්‍රය කිරීමට බෑ, අන්‍ය ස්ත‍්‍රීන් සමග කතා කිරීමටවත් අවකාශයක් නොමැති බවයි. නමුත් මෙය මෝඩයන්ට ගැටලුවක් වුවත් බුද්ධිමතුන්ට ගැටලුවක් නොවනු ඇතැයි මම සිතමි. ඉහත සඳහන් කළ කරුණු සියල්ලම මිනිසා අයහපත් මාර්ගයට කැඳවාගෙන යන බැවින් ඉස්ලාමය මේවා තහනම් කර ඇති බව මනාව පසක් වේ.

මේ ලිපිය මනා ලෙස අධ්‍යනය කර ඉස්ලාම් නම් වූ දහම තුළ ගැටලු නොමැති බවත්, මේ දහම ගැටලුවලට විසඳුම් ලබා දෙන දහමක් බවත් ඔබ සැම වටහා ගනු ඇතැයි මම අපේක්ෂා කරමි.

 ඔබ සැමට අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබේවා!

ආමීන්!

උසාමා පික්දාල්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. Ashan 2012-11-14 at 11:09

    ethakota sharia nithiya anuwa horekuge atha kapanne ama hora papayan galawa ganimata da , natnam a wetha thawath yomu kirimatada

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *