වැස්ස – කුර්ආනීය විමසුමක්

0

වැස්ස‘වැස්ස’ අපේ රටේ මේ දිනවල උණුසුම් මාතෘකාවක් වී ඇත. රටපුරා පවතින කාළගුණික කැලඹීමත්, විවිධ ප්‍රදේශවල වැස්ස නිසා සිදු වූ ජීවිත හානිය හා දේපල හානියත්, මේ නිසාම රටේ නිර්මාණය වී ඇති ආපදා තත්වයත් මෙයට ප්‍රධාන හේතුවයි. වැස්සත් සමඟ ඇති වී තිබෙන මේ හදිසි තත්වය තුල අසරණ වී සිටින පොදු ජනතාව වෙනුවෙන් බොහෝ කාර්‍යභාරයන් හා වගකීමන් සමස්ථ සමාජයටම පැවරී ඇත. ජාති, ආගම්, පක්ෂ, පාට නොතකා සියළුදෙනා තම වගකීම් හැකි පමණින් ඉටු කිරීම සෑමදෙනාගේම යුතුකම බව ද මෙතැනදී යහමඟ ඔබට මතක් කර සිටිමි. එපමණක් නොව ‍එය මුස්ලීම්වරුන්ට ඉස්ලාම් දහම අනිවාර්‍ය කරන වගකීමක් බවද මෙතැනදී අවධාරණය කලයුතුව ඇත. (මීට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල සමාජ වගකීම් හා ඉස්ලාම් හා සමාජ යහපත අපේක්ෂා කිරීම යන ලිපි එයට නිදසුන් දෙකකි)

මේ ආකාරයට සමස්ථ සමාජයේ යුතුකම් හා වගකීම් මෙලෙස සිහි කරවමින් අද දින මෙම ලිපිය තුලින් විමසා බලන්නේ ‘වැස්ස’ යන විෂය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ දිව්‍යමය පුස්තකය වන ශුද්ධ වූ කුර්ආනයේ කුමක් සදහන් වන්නේද? යන්න පිලිබදවයි. මනුෂ්‍යාගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන ශුද්ධ වූ වාක්‍යයන් බොහෝමයක් කුර්ආනය තුල දැකගත හැකි වේ. එවැනි වාක්‍යයන් විටින් විට පෙලගැසීම සදහා යහමඟ අඩවිය තුල ‘කුර්ආනීය විමසුම’ යනුවෙන් වෙනම ගොනුවක් පවත්වාගෙන යන අතර ඉදිරියේදී විවිධ වූ මාතෘකා ඔස්සේ එවැනි පෙලගැසීමන් රාශියක් කරන්නට ද අපේක්ෂා කරමි. එහි තවත් පියවරක් ලෙස ‘වැස්ස – කුර්ආනීය විමසුමක්’ යන මාතෘකාව යටතේ ‘වැස්ස’ පිලිබදව වූ දිව්‍යමය වාක්‍යයන් ඔබේ බුද්ධිමත් විමසුමට මෙලෙස පෙලගසමි.

ශුද්ධ වූ කුර්ආනය ඔබේ බුද්ධිමයට කරන ආයාචනය…

අහස්වල හා මහපොළොවේනිර්මාණයෙහිද දිවා රාත්‍රි මාරුවීමෙහිද මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා (බඩුබාහිරාදිය පුරවා ගත්) සමුද්‍ර තරණයෙහි යෙදෙන යාත්‍රාවලද අල්ලාහ් (විසින්)අහසින් පහළ කරන ජලයෙහිද (මහපොළොව වියළි) මළ පසු එමගින් (වැසි ජලයෙන්) යළිපණ ගැන්වීමෙන් ද තවද, එහි විසුරුවා හැර ඇති සියලූම සතුන් කෙරෙහිද සුළඟ ඔබමොබ යැවීමෙහිද අහස හා මහපොළොව අතර (අල්ලාහ්ගේ ආඥාවට යටත්ව ක්‍රියාකාරීවීමට) සූදානම් කරන ලද මේඝයන්හිද නියත වශයෙන්ම බුද්ධිමත් අයට සංඥාවන් ඇත.

ශුද්ධ වූ කුර්ආනය 2-164

 අහසින් (වැසි) දිය පහළකළේ ඔහුමය. එමගින් සෑම වර්ගයකම පැළෑටි අපි මතු කරන්නෙමු. පසුව එයින් හරිතබිම් (කෙත්වතු) අපි හෙළි කරන්නෙමු. එමගින් ඝණව වැඩෙන ධාන්‍ය (විශේෂයන්) උත්පාදනයකරන්නෙමු. තවද පොකුරු පොකුරු ලෙස සමීපයෙන් එල්ලෙන එහි කෝෂයන්ගෙන් යුත්රටඉඳි කෙත්ද මිදිවතුද ඔලිව්(රට වෙරළු)ද දෙළුම්ද අපි හෙළි කරන්නෙමු. (පෙනුමෙන් එකිනෙකට) සමාන වූත් (රසයෙන්) වෙනස් වූත්. ඵල දරන විට ඵල දරනසැටිද එම පළතුරු පැසී මුහුකුරා යන සැටිද බලනු. විශ්වාස කරන ජනයාට නියතවශයෙන්ම මෙහි ආයාත් (සංඥාවන්) ඇත.

ශුද්ධ වූ කුර්ආනය 6-99

 අල්ලාහ් අහසින් ජලය පහළ කර එමගින් මහපොළොව එය මළ පසු පණගන්වන්නේය. සවන් දෙන ජනතාවට නියතවශයෙන් එහි සංඥාවක් තිබේ.

ශුද්ධ වූ කුර්ආනය 16-65

 නුඹ නොදුටුවෙහිද? අල්ලාහ් අහසින් ජලය පහළ කරන්නේය. එවිට භූමිය හරිතවන්නේය. නියතවශයෙන් අල්ලාහ් අති සූක්ෂමය, සුවිඥාණීය.

ශුද්ධ වූ කුර්ආනය 22-63

 වාසිය ද, බිය ද ලබා දියහැකි සේ (අකුණු) විදුලිය ඔහු ඔබට පෙන්වීමද, වලාකුළෙන් වර්ෂාව වැසීමට සලස්වා එමගින්මිය ගිය පොළොව සශ්‍රීක කිරීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. බුද්ධිමත්ජනතාවට නියත වශයෙන්ම මෙහි (එකක් නොව, බොහොමයක්) සාධකයන් ඇත්තේය.

ශුද්ධ වූ කුර්ආනය 30-24

 අල්ලාහ් අහසින් වැසි ජලයපහළ කරන බවත් එමගින් අපට විවිධ වර්ණවලින් යුත් පලතුරු වර්ග ලබා දෙන බවත්නුඹ නොදුටුවෙහිද? කඳුවලද පැහැපත් සුදු, රතු, ඝන, කළු ආදී විවිධ වර්ණ ඇත.

ශුද්ධ වූ කුර්ආනය 35-27

 (නබියේ!) “ඔබ බැලූවේනැද්ද? නියත වශයෙන්ම අල්ලාහ්ම වලාකුළෙන් වර්ෂාව වැසීමට සලස්වා, එය භූමියෙහිඋල්පත් බවට පත් කර, ගලන්නට සලස්වන්නේය. පසුව එමගින් විවිධ වර්ණයන්ගෙන්යුත් (විවිධ වර්ගයේ) භෝග ඔහු ඉකුත් කරන්නේය. පසුව (කරල්) පැසී, ඒවා කහ පැහැවී තිඛෙණු දකින්නෙහිය. පසුව එය (වියළී) පිදුරු බවට පත් වන්නේය. නියතවශයෙන්ම මෙහි බුද්ධිමතුන්ට හොඳ පාඩමක් ඇත්තේය.

ශුද්ධ වූ කුර්ආනය 39-21

 ඔහුම තමන්ගේ සාධකයන් ඔබටපෙන්වා, අහස්හි සිට ඔබට ආහාරයද පහළ කර තබන්නේය. (සෑම කාරණාවකදීම ඔහුවම)අපේක්ෂා කරන්නන් හැර, අන් සියල්ලන්ම (මෙමගින්) හොඳ වැටහීමක් ලබා ගනු නොලබන්නාහ.

ශුද්ධ වූ කුර්ආනය 40-13

 රාත්‍රිය හා දහවලමාරුවෙන් මාරුවට පැමිණෙන සේ ඔහු සලස්වා තිබීමෙහිද, අහසින් වර්ෂාව අල්ලාහ්පහළ කර (වියළී) මැරී ගිය භූමිය එමගින් පණ ගැන්වීමෙහිද, (විවිධ දිශාවන්ටද)සුළං හරව හරවා යැවීමෙහිද, බුද්ධිමත් ජනතාවට (බොහෝ) සාධකයන් ඇත්තේය.

ශුද්ධ වූ කුර්ආනය 45-5

 ඔබ බොන වතුර අවධානය කළෙහුද?වලාකුළෙන් ඔබ එය වසින්නට සලස්වන්නෙහුද? නැතහොත් අපි වසින්නට සලස්වන්නෙමුද?

ශුද්ධ වූ කුර්ආනය 56-68, 69

යහමඟ අඩවිය තුල බොහෝ විටශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් හා ශුද්ධ වූ හදීසයන් පදනම් කරගෙන කිසියම්මාතෘකාවක් ඔස්සේ දීර්ඝ ලිපි ඉදිරිපත් කරනවා යන්න ඔබ හොදින් දන්නා කරුණකි.නමුත් එම සම්ප්‍රදාය බිඳමින් ඒ වෙනුවට කිසියම් මාතෘකාවක් පදනම් කරගෙන ඒපිලිබදව ශුද්ධ වූ කුර්ආනය තුල සදහන් වන්නේ කුමක්ද? යන්න ඔබේ බුද්ධිමත්විමසුමට ඉහත ආකාරයට ඉදිරිපත් කරන අතර එහි ඉදිරිපත් කරන වාක්‍යයන්සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යනයන් කිරීමේ පහසුව සදහා ඔබට ‘ශ්‍රී- කුර්ආන්’ නම් කුර්ආන්අඩවියක් ද දැන් ‘යහමඟ’ ඔබට දායාද කොට ඇත. එම ‘ශ්‍රී- කුර්ආන්’ අඩවියට ඔබට ආරාධනා කරමින් මෙම ලිපියට විරාමයතබමි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *