විද්‍යා පුනරුදයේ සැබෑ උරුමක්‌කරුවා

0

අද මුස්ලීම්වරුන් අධ්‍යාපනය කෙරෙහි දක්වන උදාසීනත්වය නිසා මුස්ලීම් සමාජයේ අනාගතය අදුරු යුගයක් කරා යොමු වී පවතී. අතීතයේ මුඑ ලෝකයම මවිත කරවන නව නිර්මාණ හා සොයාගැනීම්වලට උරුමකම් කීවේ මුස්ලීම්වරුන් යන්න අපට අමතක කල නොහැක. මේ පිලිබදව සවිස්තරාත්මක තොරතුරු මෙම විකිපීඩියා සබැඳුම මගින් ඔබට දැකගත හැක. එසේම ලාංකීය ඉතිහාසය තුල ද ආචාර්‍ය ටී. බී ජායා, මාක්කාන් මරික්කාර්… යන විද්වතුන් අන්‍ය සමාජයට සාපේක්ෂව යම් සැලකිය යුතු ස්ථානයක් දිනාසිටි බව ද අප හොදින් දන්නා සත්‍යයකි. ඔවුන් ලාංකීය ඉතිහාසයේ ප්‍රෞඩ චරිත බවට පත්වුයේ හුදෙක් ආගම දහමට ලැදිව ජීවත්වීමෙන් හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් පමණක් ඉදිරියටයාමෙන් නොව ඉස්ලාම් දහමට අනුකූලව ජීවත් වී කිසියම් සමාජ මෙහෙවරක් ද සිදුකරමිණි. එම මෙහෙවර හා වගකීම එදායින් අවසන් නොවූ බවත් එදාට වඩා එය අද සමාජයට තදින්ම දැනෙන බවත් වර්ථමාන ලාංකීය මුස්ලීම් ප්‍රජාව හොදින් වටහා ගතයුතුය. අපගේ අතීත ප්‍රෞඩ ඉතිහාසය කථාකර කර සිටීමෙන් පලත් නැත. ලොව ජනප්‍රිය කියමනක් ඇත. ඒ “ඉතිහාසයක් නැති සමාජයකට අනාගතයක් නැත.” යන්නයි. ලොව කිසිදු සමාජයක‍ට අභියෝග කල නොහැකි ප්‍රෞඩ ඉතිහාසයක් මුස්ලීම් සමාජයට පැවත ඇත. (ඒ පිලිබදව දළ අවබෝධයක් ඉහත ලිපි තුලින් පවා ලබාගත හැක) එයට තවත් නිදසුනක් තමා පහත ලිපිය. අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ප්‍රෞඩ අතීතය තුලින් අපට බොහෝ පාඩම් උගතයුතුව ඇත. ඒ පාඩම් තුලින් සාර්ථක අනාගතයක් කරා පියනැඟීමට ඇත.

බටහිර රටවල් විසින් සොරාගත් විද්‍යා පුනරුදයේ සැබෑ උරුමක්‌කරුවා ඉස්‌ලාම් ලෝකයද…?

වර්තමානයේදී ලෝකයේ පැවැත්ම ප්‍රධාන වශයෙන් තීරණය වී ඇත්තේ විද්‍යාව සහ තාක්‍ෂණයේ දියුණුව මතය. මෙම දියුණුව ලෝකයට දායාද කළේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව විද්‍යාඥයන් අතර පවතින්නේ කඹ ඇදීමකි. ඇතැම් විද්‍යාඥයන් මේ පුනරුදය යුරෝපයට අයත් බව පවසන අතර තවත් සමහර විද්‍යාඥයින් පවසන්නේ ඉස්‌ලාම් ධර්මය පැවති රටවලින් මේ පුනරුදය බිහි වූ බවයි.

යුරෝපා රටවලට විද්‍යා පුරනරුදය ගමන් කිරීමට සියවස්‌ ගණනාවකට පෙර ඉස්‌ලාම් රටවල විද්‍යා පුනරුදය ආරම්භ වූ බවට මේ වන විට බොහෝ සාක්‍ෂි සටහන් හමුවී ඇත. මේ අනුව අකමැත්තෙන් වුවද විද්‍යා හා තාක්‍ෂණයේ මුල් උරුමය ඉස්‌ලාම් රටවලට ලබාදීමට යුරෝපා විද්‍යාඥයන්ට සිදුව ඇත.

විද්‍යා පුනරුදයේ මුල් පුරුක්‌වල හිමිකාරවරු ඉස්‌ලාම් රටවලට අයිති බවත් පසුකාලීනව මුදලට යට වූ සංවර්ධන ක්‍රියාදාම හමුවේ සංවර්ධිත රටවල් යුරෝපා රටවල් කේන්ද්‍ර කර ගනිමින් නව විද්‍යා පුනරුදයක්‌ ආරම්භ කළ බවත් පවසන්නේ බ්‍රිතාන්‍යයේ සරේ සරසවියේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ ජීම් අල්කලීල් මේ වසරේදී ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද…? නව කෘතිය මේ තේමාව කදිමට විවරණය කර දෙන්නකි.

ඉස්‌ලාම් රාජ්‍ය වල විද්‍යා පුනරුදය ඇති වූ අන්දමත් එය කෙමෙන් පරිහානියට පත් වූ අන්දමත් සම්බන්ධව අපූරු විවරණයක්‌ පසුගියදා නිව් සයන්ටිස්‌ට්‌ සඟරාව පළ කර තිබුණේ ජීම් අල්කලීල් සමග කළ සම්මුඛ සාකච්ඡාවක්‌ ඇසුරිණි. මේ ලිපිය සැකසෙන්නේ එහි අනුවාදයක්‌ ලෙසිනි. ඉස්‌ලාම් ලෝකය සම්බන්ධව අප නොදන්නා බොහෝ දේ මෙහිදී අනාවරණය වෙයි.

ඉරාකයේ උපත ලබා එහි හැදී වැඩෙන ජීම් අල්කලීන් ඉස්‌ලාම් විද්‍යා පුනරුදයේ ස්‌වර්ණමය යුගය සම්බන්ධව ප්‍රවීණයකු විය.

ඉස්‌ලාම් විද්‍යා පුනරුදයේ ස්‌වර්ණමය යුගය සම්බන්ධව බොහෝ බටහිර ජාතිකයන්ට කිසි අවබෝධයක්‌ නැත. ඒ සම්බන්ධව යමක්‌ පැවසුවහොත්?

“ඔව්. ක්‍රි. ව. 8 හා 9 වන ශත වර්ෂයේ ආරම්භ වන විට අරාබි අධිරාජ්‍යය ඉතා ප්‍රබල තත්ත්වයක පැවතුණා. අවට රාජ්‍ය වලින් අය කරගත් බදු මුදල් ආදායම නිසා අධ්‍යාපන අංශයේ වැඩ වලට වියදම් කිරීමටත්, ශිෂ්‍යත්ව ප්‍රදානය ආදියටත් අවශ්‍ය තරම් මුදල් තිබුණා.

බැග්ඩෑග් නගරයේ ඉදිවුන නුවණේ නිකේතනය පුනරුදයේ කේන්ද්‍රස්‌ථානය වුණා. අල් මාමක්‌නම් කැලිප්ස්‌වරයා මේ නිකේතනය බිහි කිරීමට පුරෝගාමියා වුණා.”

මුල් කාලයේ දී ග්‍රීක භාෂාවෙන් ලියවුණ පොත් පත් ආරාබි භාෂාවට පරිවර්තනය සිදු වූ අතර, මේ සමග ඉස්‌ලාම් ලෝකය තුළ බුද්ධි විප්ලවයක්‌ සිදු විය. ජාත්‍යන්තර විද්‍යා සාහිත්‍ය තුළ ප්‍රධාන භාෂාව බවට පත්වූයේ අරාබි භාෂාවය. අසල්වැසි පර්සියාවෙන්ද මේ කෙරෙහි බලපෑමක්‌ විය. මේ සම්බන්ධව අරාබි විද්වතෙකු පැවසූවේ, “අරාබියේ අපට අවශ්‍ය තරම් වචන තියෙනවා. ඒත් අදහස්‌ ගලා එන්නේ පර්සියාවෙන්” ලෙසිනි. ග්‍රීක විද්‍යාවෙන් අනුකරණයක්‌ සිදු කිරීම හැරෙන්නට අලුත් යමක්‌ සිදු කිරීමට ඉස්‌ලාම් ලෝකය අසමත් වූ බවට බටහිර රටවල මතයක්‌ පවතිනවා. මේ ගැන ඔබේ අදහස කුමක්‌ද?

“ලෝකයට බොහෝ නව නිෂ්පාදන බිහි වුණේ අරාබි විද්‍යාඥයන්ගේ අදහසිනි. තවද විද්‍යාව පළමු වරට ලෝකයට දායාද කළේත් අරාබි විද්‍යාඥයන් විසිනි. විද්‍යාත්මක සිද්ධාන්ත වගේම පර්යේෂණ රාශියකුත් මේ අතර ප්‍රධාන වේ. එම් සියල්ල බටහිර රාජ්‍යයේ විද්‍යා පුනරුදය ඇති වීමට වසර සිය ගණනකට පෙර ඇති වූවකි.”

අරාබි ලෝකය සතු වූ දියුණු විද්‍යා පුනරුදය සම්බන්ධව නිදසුන් ගෙනහැර දැක්‌විය හැකිද?

“ඇත්තෙන්ම ඔව්, ඉස්‌ලාම් ගණිතඥයකු වූ අල් – ක්‌වරිශ්මි විසින් ගණිතයට ඇල්ජිබරා…? යන වචනය හඳුන්වා දුන්නා. නැවත වරක්‌ පිහිටු වීම…? යන්න තමයි ඒකෙ තේරුම. අල්ජිබරා ගණිත ක්‍රමයේ පියා ලෙස සැලකෙන්නේ ඔහු තමයි. ඒත් ඒක තවම විශ්වාස නැහැ. නොදන්නා දේ හඳුන්වා දීමට යන සංකල්පය හඳුන්වා දුන්නෙත් ඉස්‌ලාම් පුනරුදයෙන් තමයි.”

ආලෝකයේ ගමන් මාර්ගය සරල රේඛීය ගමන් කරන බව අවබෝධ කර ගැනීමටත් පෙර සිටම ජ්‍යාමිතික ශිල්ප ක්‍රම ඉස්‌ලාම් ලෝකයේ භාවිත වුණා. ඉබ්ස්‌ – අල් සේතා විසින් ආලෝකයේ ගමන් මග පෙන්වීමට ජ්‍යාමිතිය භාවිත කර තිබෙනවා. මෙතරම් දියුණු ස්‌ථානයක පැවති ඉස්‌ලාම් විද්‍යාව මෙසේ පරිහානියට පත් වූයේ කෙසේද?

“11 වන සියවස වන විට ඉස්‌ලාම් ලෝකය මිත්‍යා විශ්වාස තම පැරණි විද්‍යාත්මක ක්‍රමයන් අමතක කරමින් මායාවන් පසුපස ගමන් කරන්නට වුණා. ඔවුන් ප්‍රතිවිද්‍යාවාදීන් වුණා. 13 වන සියවස වනවිට මෝගල් අධිරාජ්‍යයේ නැගී සිටීම බැග්ඩෑඩය විනාශ කළා.

කෙසේ නමුත් වුණත් අරාබි ලෝකයේ බිඳ වැටීම වේගවත්ව සිදුවූවක්‌ නොවෙයි. පහළොස්‌වන සියවස දක්‌වාම අරාබි විද්‍යා පුනරුදයේ පැවැත්ම සිදු වුණා.”

මේ තරම් දියුණු විද්‍යා පුනරුදයක්‌ ඉස්‌ලාම් ලෝකයේ පැවතියත් මේ සම්බන්ධව බටහිර ලෝකය අඩුවෙන් දැන සිටියේ ඇයි?

“අරාබි ලෝකය බිඳ වැටෙමින් පවතින විට යුරෝපය පුරා මුදල් සංසරණය සීග්‍රයෙන් සිදුවුණා.

යුරෝපා ජාතීන්ද විද්‍යා පුනරුදය ආරම්භ කළේ පැරණි අරාබි සහ ග්‍රීක සාහිත්‍ය ආභාෂය ලබමින් අරාබි භාෂාවෙන් ලතින් භාෂාවට සියල්ල පරිවර්තනය කරගත්තා. තෝමස්‌ ඇක්‌වයිනාස්‌ සහ ෆැන්සිස්‌ බේකර් වැනි දාර්ශනිකයන් අරාබි ලෝකයේ පුනරුදයේ ආභාෂය ලැබූ විද්වතුන් ගණයට අයත්.

පසු කාලීනව යුරෝපා රටවල් ලොව පුරා තම ජනපද පිහිටුවන්නට වුණා. ආසියාව, මැද පෙරදිග රටවල් හා අප්‍රිකානු රටවල් යුරෝපා ජාතීන්ගේ ආභාෂය ලැබුවා. මේ රටවල් යටත් කර ගන්නා විට නොදියුණු ග්‍රෝත්‍රික ජනයාගෙන් පිරී පැවැති බව පවසන්න ඔවුන්ට ඕනෑ වුණා.

තම රටවලට මෙන් නොව ආසියානු හා අප්‍රිකානු රටවල නොදියුණු ජනාවාස පැවති බව පෙන්වීමට බටහිර ජාතීන්ට ඕන වුණා. මෙම රටවල් තම යුරෝපා රටවල් වලට වඩා දියුණු තාක්‍ෂණයක්‌ පැවති බව පිළිගැනීමට යුරෝපා රටවල් කැමති නැහැ. ඒ කුහකත්වය ඔවුන් තුළ තිබෙනවා.”

බටහිර ලෝකයේ පීඩිත ඉස්‌ලාම් විද්‍යා පුනරුදය යටපත් කරගෙන තිබෙනවාද?

ඔව් යුරෝපා රටවල ඉස්‌ලාම් රටවල් කෙරෙහි දැඩි බියක්‌ පවතිනවා…?

මුස්‌ලිම් ලෝකය තමන් සතු වූ දියුණු විද්‍යා පුනරුදය සම්බන්ධව ආඩම්බර වන්නේ නැහැ නේද?

“ඔව් විද්‍යා දියුණුව සම්බන්ධව ඉස්‌ලාම් රටවල පවතින්නේ සෘණාත්මක ඥානයක්‌. කුරාණයේ නොමැති විද්‍යාවක්‌ සමග ජීවත්වීමට ඔවුන්ට අවශ්‍ය නැහැ. මීට වසර දහසකට පෙර ඉස්‌ලාම් ලෝකය පැවති දියුණුව සියල්ලටම අමතක වෙලා. මීට වසර දහසකට පෙර ඉස්‌ලාම් විද්‍යා පුනරුදය ඉතා ඉහළ ස්‌ථානයක පැවතුනා. විද්‍යාවේ පාලනය පැවතුනේ ඉස්‌ලාම් ලෝකය අතේ. පුනරුදය මුල් තත්ත්වයට යළි පත්වීමට උත්සාහ කරන්න ඕන.”

සෞදි අරාබියේ අබ්දුල්ලා රජු විද්‍යාව සහ තාක්‍ෂණය වෙනුවෙන් නව සරසවියක්‌ පසුගියදා විවෘත කළා නේද?

“ඔව් මේ සරසවිය නූතන ඉස්‌ලාම් විද්‍යා පුනරුදයේ ප්‍රධාන සන්ධිස්‌ථානය වේ. දැනටමත් යුරෝපයේ ප්‍රධානම සරසවි රැසක්‌ම මේ සරසවිය සමග එකතු වීමට තරග කරනවා. වසර තුනක්‌ ඇතුළත සෞදි ඩොලර් බිලියන ගණනාවක මුදල් ආයෝජනයක්‌ ලෙස මෙය ක්‍රියාත්මක වෙනවා.

මේ සරසවිය මගින් නව විද්‍යා පර්යේෂණ සිදු කිරීමට අපේක්‍ෂිත අතර අලුත්ම අලුත් විද්‍යාගාර පර්යේෂණ යටතේ සිදු කිරීමට නියමිතය.”

ඔබ විසින් සිදු කරන ක්‌වොන්ටම පර්යේෂණ සම්බන්ධව යමක්‌ පැවසිය හැකිද?

“පරමාණුව න්‍යෂ්ටියට සම්බන්ධ භෞතික භාවිතය ගැන පර්යේෂණ සිදු කරනවා. ප්‍රොaට්‍රොaන සහ නියුට්‍රොaන න්‍යෂ්ටිය තුළ තදින් මතු වී පවතින බව අප විශ්වාස කළත් සමහර නියුට්‍රොන න්‍යෂ්ටියට පිටතින් භ්‍රමණය වන බව මා සොයාගත්තා.”

(අන්තර්ජාලය ඇසුරින්)
වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

Link – 2010/09/19 දින දිවයින ඉරිදා සංග්‍රහය

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *