විවාහය හා යුගදිවිය – ඉස්ලාමීය විමසුමක්

0

විවාහයඅද යහමඟ අඩවිය තුල සාකච්චාවට ගැනෙන්නේ ‘ඉස්ලාමීය විවාහය’ යන විෂයයි. මේ යටතේ ‘විවාහය’ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්නත්, ඉස්ලාම් නමින් සමාජය තුල තිබෙන මිත්‍යා සම්ප්‍රදායන්  මොනවාද? යන්නත් මෙහි තරමක් ගැඹුරින් ඉදිරිපත් කෙරේ. කෙසේ නමුත් ඉස්ලාමීය විවාහය පිලිබදව කථා කරන විට එහි උණුසුම් මාකෘතාවක් වන ‘බහුවිවාහය’ යන්න මීට ඉහත මෙම අඩවිය තුල ‘බහු විවාහය සමාජ අවශ්‍යතාවයක්ද?’ හා ‘මුහම්මද් (සල්) තුමාණන් කල බහුවිවාහයන්’ යන මාතෘකාවන් යටතේ සාකච්චා කොට ඇති නිසා මෙහිදී ඒ පිලිබදව සාකච්චා නොවේ.
‘ඉස්ලාමීය විවාහය’ යන විෂය අද සැලකූවිට එය ශ්‍රී ලාංකීය සමාජය තුල කාලීන වශයෙන් වැදගත් මාතෘකාවක් වී ඇත. එක්පසෙකින් මුස්ලීම් නොවන ශ්‍රී ලාංකීය බහුතර ජනතාව මේ පිලිබදව අනවබෝධයෙන් කරන ප්‍රකාශ හා දරණ මතවාද මෙන්ම තවත් පසෙකින් ශ්‍රී ලාංකීය මුස්ලීම් ජනතාව අතර බහුතරයක් විවාහ කටයුතුවල දී අනුගමනය කරන චාරිත්‍රවාරිත්‍ර හා සම්ප්‍රදායන් ඊට මූලික හේතුවයි. විශේෂයෙන් විවාහය සම්බන්ධයෙන් ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්න පිලිබදව නිසි අවබෝධයක් නොමැති මුස්ලීම් නොවන සමහරක් පිරිස් අන්තර්ජාලය තුල කටයුතු කරන ආකාරය ඉතාම කණගාටුදායකය. ඉස්ලාමීය විවාහ නීතිරීති තුල මුස්ලීම් කාන්තාවන් අසාධාර්ණයට ලක්වන බවටත්, මෙම නීතිරීති පුරුෂ ආධිපත්‍යය මූලික කරගෙන මිලෙච්ඡ ආකාරයට සකස් වී ඇති බවටත් විවේචනයන් සිදුකරන අවස්ථා අනන්තවත් එහි දැකගත හැක. මෙවැනි විවේචන ප්‍රසිද්ධ කිරීම සදහා හා ඒ තුලින් ඉස්ලාම් දහමට මඩ ගැසීම සදහා බ්ලොග් අඩවීන් පවා පවත්වාගෙන යන පිරිස් මේ ශ්‍රී ලංකාව තුල සිටින බව සමහර විට ඔබ නොදන්නවා ද ඇත. මෙවන් පසුබිමක එවැනි පිරිසට ඉස්ලාම් දහමේ ඉගෙන්වීම පිලිබදව අවබෝධයක් ලබාදීම මුස්ලීම් සමාජයේ වගකීමයි. එසේම ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව නිසි අවබෝධයක් නොමැතිව විවිධ වූ අත්‍ය ආගමික සම්ප්‍රදායන් හා චාරිත්‍ර වාරිත්‍ර පවත්වන මුස්ලීම් සමාජයට ද මේ විෂය පිලිබදව පූර්ණ අවබෝධයක් ලබාදීම අත්‍යඅවශ්‍ය වේ. මේ සියල්ල සැලකිල්ලට ගෙන මෙතැන් සිට ‘විවාහය හෙවත් යුගදිවිය – ඉස්ලාමීය විමසුමක්’ යන මාතෘකාව යටතේ මෙලෙස කරුණු පෙලගසමි.

විවාහ දිවියක අවශ්‍යතාවය

විවාහය යනු මිනිස් ජීවිතයේ වැළෙක්විය නොහැකි ඉතා වැදගත් කටයුත්තක් වන්නේය විවාහය ප්‍රතික්ෂේප කරන්නේ ඉතාමත් සුළු කොටසක් වන බැවින් ඒ තුලින්ම එහි අවශ්‍යතාවය වටහා ගත හැකිය. ‘පවුල් ජීවිතය ශ්‍රාද්ධාවන්ත ජීවිතයට විරුද්ධයි’ යනුවෙන් ඇතැම් දහම් උකහා දැක් වූවද ඉස්ලාම් දහම එම දර්ශනය සහමුලින්ම ප්‍රතික්ෂේප කරයි. එසේ නොවී විවාහයට මහත් වූ රුකුලක් සහ උනන්දුවක් ඇති කරයි.

උස්මාන් බින් මළ්ඌන් (රලි) තුමා නබි නායක මුහම්මද් (සල්) තුමාණන් වෙත් ගොස් තපස් ජීවිතයක් ගත කිරීමට තමුන්ට අවසර දෙන ලෙස ඉල්ලා සිටී කළ එතුමාණන් එය සහමුලින්ම ප්‍රතික්ෂේප කළේය. ”නබි නායක (සල්) තුමාණන් තපස් ජීවිතයක් ගත කිරීමට ඔහුට අනුමැතිය දී් තිබුණේ නම් අපි පුරුෂ ගක්තිය හීන කරගෙන ඇත්තෙමු” යනුවෙන් ස:ද් බින් අබී වක්කාස් (රලි) තුමා දැනුම් දෙන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී සහ මුස්ලිම්

නබි (සල්)තුමාණන්ගේ කලණ මිතුරන්ගෙන් සමහරෙක් තමුන් විවාහ නොයන බව ද තවත් සමහරෙක් රාත්‍රිය කාලයේ නිදා ගැනීමෙන් වැළකී රෑ  මුළුල්ලේ ම යාච්ඥා කරන බව ද තවත් සමහරෙක් තමුන් අඛණ්ඩව (දිනපතා) උපවාස ගීලයෙහි යෙදෙන බව ද සාකච්චා කර ගත්හ. මෙම පුවත නබි නායක මුහම්මදි (සල) තුමාණන්ගේ සවනට වැටුණු කල්හි ”මෙසේ පවසන්නන්ගේ තත්වය කුමක් වේ ද? යනුවෙන් පවසා ”මම උපවාස ශීලයෙහි යෙදෙමි; එලෙසම (ඇතැම් දවස්වල) උපවාස ශීලයෙහි නො යෙදෙමි; මම රාත්‍රී කාලයේ යාච්ඥා කරමි; එමෙන්ම යහනට ද පිවිසෙන්නෙමි; මම කාන්තාවන් හා විවාහ වෙමි. මගේ මෙම චරිතය උදාසීන කරන්නේ කවරෙක් ද ඔහු මාගේ (සමාජයට අයත්) කෙනෙකු නොවේ.”යනුවෙන් අවවාදානුශාසනා කළහ.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 5063

මුස්ලිම්වරුන් හට විවාහය කොතරම් අත්‍යඅවශ්‍ය දැයි ඉහත් සඳහන් නබිවදන මගින් මනාව අවබෝධ කරගත හැකි වේ. එසේනම් මෙතැන් සිට එම විවාහයේ නීතිරීති විමසා බලමු.

  • විවාහ ගිවිසුම

  • කුත්බා දේශනාව

  • සාක්ෂි

  • අඩු වියදමින් චාම් ලෙස විවාහය පැවැත්වීම

  • විවාහ භෝජන සංග්‍රාහය

  • සුබ නැකැත් සහ ගර් ලහ ඵලාපල නැත

  • විවාහය සිදු කරන අවස්ථාවේදී කරනු ලබන ප්‍රාර්ථනාව

  • වැළකී සිටිය යුතු කරුණු

  • දම්පතීන්ගේ වගකීම

  • විවාපත් වීමට තහනම් වූ අය

  • විවාපත් වීමට තහනම් වූ නෑකම්

  • කිරි පෙවිය යුතු වයස සහ ප්‍රමාණය

  • අඹු සැමි කායික සම්බන්ධය

  • විවාහයේ පරමාර්ථය

    විවාහයේ වැදගත්කම ගැන පවසන කල්හි ඉස්ලාම් දහම කරුණු දෙකක් ඒ සදහා ඉදිරිපත් කරයි. එනම්,

    මනුෂ්‍යයනී! එකම එක් පුද්ගතයෙකුගෙන් නුඹලා උත්පාදනය කළ දෙවියන් හට බියවන්න! ඔහුගෙන් ඔහුගේ සහාකාරිය උත්පාදනය කළේය. එම දෙදෙනාගෙන් අපමණ පුරුෂයින් හා ස්ත්‍රීයන් වර්ධනය කෙරුවේය. නුඹලා කවරෙකු මුල් කරගෙන කෙනෙකු වෙත අනික් අය ඉල්ලීම් කරන්නෙහු ද එම අල්ලාහ් (දෙවි)ට බියවන්න! ඥාතීන් විෂයෙහි ද (බියවන්න!) අල්ලාහ් අධීක්ෂණය කරන්නෙකු ලෙස සිටියි.

    ශුද්ධ වූ කුර්ආනය 4-1

    යහපත් පරම්පරාවක් බිහි කරනු ලැබීම විවාහයේ අරමුණුවලින් එකක් යැයි මෙමගින් වටහා ගත හැකි ය.

    ‘නඩත්තු වියදම් දැරීමට නුඹලාගෙන් හැකියාව ලබෙන්නේ කවරෙක්ද ඔහු විවාහ විය යුතුයි මන්දයත් විවාහය (අනිකුත් කාන්තාවක් බැලීමෙන්) දර්ශනය වළකින්නක් ලෙස ද (රහස් අවයව ආරක්ෂා කර) පතිවත රකින්නක් ලෙස ද වන්නේ ය.’ යනුවෙන් නබි නායක මුහම්මද් (සල්) තුමාණන් දෙසූහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 1905,5065 සහ 5066.

    නොමග යෑමෙන් තමුන් වළක්වා ගැනීමත් විවාහයේ තවත් වැදගත් අරමුණක් වේ, යැයි මෙම හදීසය තුළින් පැහැදිලිව අවබෝධ කරගත හැකි වේ.


    ඉස්ලාමීය විවාහයක විධිවිධාන

    විවාහයක් සිදු විය යුත්තේ මෙලෙස යැයි ඉස්ලාම් දහම නීති සම්පාදනය කර ඇත. ඒ විවාහ නීති රීත අනිකුත් දහම් වල විවාහ ක්‍රමවලට වඩා හාත්පසින් ම වෙනස් ලෙස ද විප්ලව කාරී ලෙස ද ඉතා පහසුවෙන් සහ අර පිරිමැස්මෙන් ද ක්‍රියාවට නැංවිය හැකි විලසින් ද පිහිටා ඇත. එබැවින් කිසියම් විවාහයක් ඉස්ලාමීය විවාහයක් වශයෙන් සලකනු ලබන්නේ ඉස්ලාම් දහම පවසන අයුරින් ඒ නීතිරීති අනුව විවාහ කටයුත්ත නිම කළොත් පමණි. දැන් එම ඉස්ලාමීය විවාහයක් සිදු කරන්නේ කෙසේ දැයි බලමු.


    මනාලියක් තෝරාගැනීම

    මනාලිය තෝරාගැනීමේ දී ප්‍රථමයෙන් අවධානය යොමු කළ යුත්තේ ඇය ධර්මානුකූල ව හා යහපත් හැසිරීම්වලින් හෙබි විනයගරුක ගුණ යහපත් කාන්තාවක් වශයෙන් පසු වන්නී ද යනුවෙන් ය. ‘ආර්ථික තත්වය හෝ ඇගේ පරම්පරාව හෝ රූපසුන්දරත්වය හෝ මූලික දෙයක් වශයෙන් ප්‍රධාන කොට නොසැලකිය යුතුයි.’ යනුවෙන් ඉස්ලාම් දහම පවසයි.

    මෙලෙසින් ම මනාලයෙක් තෝරා ගැනීමේ දී කාන්තාවන් ද පරී දධාන වශයෙන් සැලකිය යුත්තේ පිරිමියාගේ ධර්මිෂ්ඨ භාවය හොඳ ගතිගුණ සහ විනයගරුක හැසිරීම් පිළිබඳව යි.

    ‘කාන්තාවන් ඔවුන්ගේ ධනවත්කම මත ද රූප සම්පත්තිය මත ද ඔවුන්ගේ පරම්පරාව (එනම් උසස් පහත් බව සැලකීම) මත ද විවාහ කර ගනු බවති. නුඹ (දැහැ) ශීලාචාර ගුණවගාව ඇත්තියක් තෝරා ගෙන (දෙලොවෙහි ම) ජය අත්පත් කර ගනිවි’ යනුවෙන් නබි නායක මුහම්මද් (සල්) තුමාණන් දේශනා කළහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 5090.


    මනාලිය බැලීම

    විවාහයට පෙර මනාල යුවල එකිනෙකා දැකබලා ගැනීම ඉතා වැදගත් වෙයි. සෑම කෙනෙකු ම තම අනාගත සහාකරුවා හෝ සහාකාරිය ගැන දහසකුත් එකක් අපේක්ෂාම සිතේ තබාගෙන සිටියි. එසේ ඔවුන්ගේ අපේක්ෂාව අනුව තම සහකරුවා හෝ සහාකාරිය නොලැබුනු බව ඔවුන් තම විවාහයෙන් පසු දැනගතහොත් දම්පතීහු (අඹුසැමි යුවල) අතර සාමූහික එකඟතාව බලපෑමකට ලක් විය හැකි ය.

    එහෙයින් විවාහය සිදුවන්නට පෙර (මනාලයා සහ මනාලිය වන) ඔවුන් තම සහාකරුවන් දැකබලා ගත යුතුයි.

    මම නබි නායක මුහම්මද් (සල්) තුමාණන් සමග සිටියෙමි. එවිට කෙනෙකු පැමිණ තමුන් අන්සාරිවරුන්ට අයත් ළඳක් විවාහ කරගැනීමට අපේක්ෂාරවෙන් සිටින බව කීවේ ය. එය ඇසූ නබි නායක මුහම්මද් (සල්) තුමාණන් ‘නුඹ ඇය දුටුවා’ දැයි විමසූහ. එයට ඔහු ‘නැත ’ යි පිළිතුරු දුන්නේ ය. එයට එතුමාණන් ”නුඹ ඇය බලනු! ඔවුන්ගේ නෙත් හි ප්‍රශ්නයක් ඇතැ” යි කීහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම් 2783.

    අන්සාරිවරුන්ට අයත් ළදුන්ගේ ඇස් අනෙකුත් ළදුන්ගේ නෙත්වලට වඩා වෙනස් බව හුවා දක්වා විවාහයෙන් පසු තම සහාකාරිය ප්‍රතික්ෂේප නොකළ යුතු බැවින් විවාහයට පෙර ම මනාලිය බලාගත යුතුයි යනුවෙන් නබි නායක මුහම්මද් (සල්) තුමාණන් අන් අයටත් මෙම ආදර්ශය ඔහුට ඔවදන් දීම මගින් පෙන්වූහ. (මෙම මගපෙන්වීම මනාලියක් හෝ මනාලයෙක් තෝරා ගන්නා කල්හි අප කවුරුත් පිළිපැදිය යුතුය.)

    මු:ගිරා බින් ෂු:බා (රළි) තුමාට ළඳක් විවාහ කරගැනීම පිණිස කතා කරන ලදී. ඔහු වෙත ‘ඇයව බලන්න! මන්දයත් එසේ බලාගැනීම ඔබ දෙපොළ අතර ආදරයක් ඇති කරවන්නට සුදුසු මගක් වේ’ යනුවෙන් නබි නායක මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බව මුගීරා (රළි) තුමා ම දන්වන්නේ ය.

    මූලාශ්‍ර ග්‍රන්ථය – තිරිමිදී 1007, නසඊ 3183 සහ ඉබ්නු මාජා1855.

    නබි නායක මුහම්මද් ?(සල්) තුමාණන්ගේ මෙම ඔවදන අපගෙන් බොහෝ දෙනෙකු මුළුමනින් ම උදාසීන කරති. මන්දයත් විවාහයට පෙර මනාල යුවල එකිනෙකා බලාගැනීම පවක් ලෙස ද ඇතැමුන් මනෝමය අසහස් දරන්නෝ ය. නමුත් (ඉස්ලාම් ධර්මය පිළිබඳ නිසියාකාර දැනුමක් නොමැති හේතුවෙන් කරන) මෙවන් ක්‍රි යා වෙන් අප කවුරුත් වැළකී සිටිය යුතුයි.

    අප සමාජයේ බොහෝ දෙනෙකු මනාලිය බැලීමට යෑම යන නමින් මනාලිය බැලීමට පිටත් වන්නේ මනාලියගේ මව සහ ඔහුගේ සහෝදරියන් පමණි. යුගදිවිය පටන් ගැනීමට සූදනම් වන දෙපොළ එකිනෙකා තම සහකරු බලා ගැනීමේ නිදහස මෙයින් මුළුමනින් ම උල්ලංඝනය වන්නේ ය.

    මනාල දෙපළ එකිනෙකා බලා ගැනීම ඉතා වැදගත් බව තහවුරු කරන තවත් හදීසයන් (නබි) වදන් කිහිපයක් ම ඇත.


    මනාලියගේ කැමැත්ත

    කාන්තාවකගේ කැමැත්තෙන් තොරව ඇයට විවාහයක් කර දීම ඉස්ලාම් දහම මුළුමනින් ම හෙළා දකින්නේ ය. එහෙයින් විවාහය සඳහා මනාල මනාලියන් දෙපොළගේ කැමැත්ත ලබා ගැනීම ඉතා වැදගත් කරුණක් වේ.

    ‘කන්‍යාවියක් වුවද කනවැන්දුම් කාන්තාවක් වුවද (විවාහය පිණිස) ඔවුන්ගේ කැමැත්ත ලබාගත යුතු’ යැයි නබි නායක මුහම්මද් (සල්) තුමාණන් පැවසූ කල්හි ‘කාන්‍යාවිය (තම කැමැත්ත ප්‍රකාශ කිරීමට) ලැජ්ජා වෙනවා නොවේද?’ යි විමසුවෙමි. එයට එතුමාණන් ‘ඇගේ නිහඩභාවය (මෞන භාවය) ඇගේ කැමැත්ත වේ’ යනුවෙන් පිළිතුරු දුන්හ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 5139, 6945, සහ 6969


    මනාලියගේ භාරකරු

    මනාලියගේ කැමැත්ත උවමනාව වුවද ස්ත්‍රියක් තම විවාහය සිය කැමැත්තෙන් ම කරගත නොහැකි’ යැයි ඉස්ලාම් දහම පවසා සිටියි. විවාහය මනාලියගේ මුළු කැමැත්ත මත ඇගේ භාරකරු විසින් සිදුකළ යුතු ය. නමුත් මනාලයාට මෙවන් කිසිඳු භාරකරුවෙක් අත්‍යඅවශ්‍ය නොවේ.

    වගකීම්භාර පුද්ගලයෙකුගේ ඉදිරිපිට දී විවාහ කටයුතු සිදුවන විට වංක ලෙස මනාලිය හෝ ඇගේ පවුලේ අය හෝ රුවටීමට උත්සාහ දරන පිරිමින්ගෙන් කාන්තාවන් ආරක්ෂාව ලබන්නෝ ය. කාන්තාවන් හට අයිති විය යුතු  ‘මහර්’ තොගය හෙවත් මංගල දායාදය ලබා දීමටත් කාන්තා පක්ෂ යට ‘වලී’ හෙවත් භාරකරු අවශ්‍ය වන්නේ ය.

    ‘(ඒකම දෙවියන් හට කිසිවෙකු හෝ කිසිවක්) ආදේශව උපකල්පනය කරන (නොඑසේනම් දෙවියන්ට සමානයන් තබන) ස්ත්‍රීයක් (එයින් මීද සැබෑ දේවවාදය) විශ්වාස කරන තෙක් ඔවුන් සරණපාවා නොගන්න!’ යනුවෙන් ශුද්ධ වූ කුර්ආනයේ 2-221 වන වැකිය තුළින් පිරිමින් හට නියෝග කරන දෙවියන්’ ආදේශ ව උපකල්පනය කරන පිරිමින් විශ්වාස කරන තෙක් ඔවුනට (නුඹලාගේ ස්ත්‍රීන්) සරණපාවා නොදෙන්න’ යි එම වැකියේ ම ප්‍රකාශ කරයි.

    පිරි්මින් හට භාරකරුවෙකු තොරව තමුන් විසින් ම විවාහ විය හැකි බවත් කාන්තාවන් හට ඔවුන්ගේ භාරකරුවන් ඉදිරිපත්වී විවාහ කර දිය යුතු බවත් එසේ භාරකරුවන් නොමැති වුවහොත් සමාජයේ නායකයා වුවද පෙරටු වී විවාහය පැවැත්විය යුතු බවත් මෙම පාරිශුද්ධ කුර්ආන් වැකිය ගවේශනාත්මකව අවධානය කිරීම තුළින් අවබෝධ කරගත හැකි වේ.

    ‘ඔවුන්(ස්ත්‍රීන්)ගේ පවුලේ අයගේ අනුමැතියෙන් ඔවුන් සරණපාවා ගන්න!’

    ශුද්ධ වූ කුර්ආනය 4-25

    කාන්තාවක් තම කැමැත්ත මත පමණක් ස්ව විවාහයක් කර ගත නොහැකි බව මෙම පාරිශුද්ධ කුර්ආන් වැකිය ද පැහැදිල කරයි.

    ‘භාරකරුවෙකුගෙන් තොරව (කාන්තාවකට) විවාහයක් නැතැ’ යි නබි මුහම්මද් (සල්) තුමාණන් පැවසූහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදී 1020 සහ අබූ දාවූද් 1785


    බලහත්කාරයෙන් විවාහ කරදීම

    මුස්ලිම් කාන්තාවක් සුදුසු මුස්ලිම් පිරිමියෙකු විවාහ කරගැනීමට අපේක්ෂාා කරන්නේ නම් ඇගේ කැමැත්ත සපුරාලීම දෙමාපියන්ගේ පරම යුතුකමකි. ධනය, තනතුර, කුලය, සහ තත්වය වැනි හේතුන් උකහා දක්වා කාන්තාවකගේ කැමැත්ත පරන්ගතික්ෂෙක්ප කිරීම පාප ක්‍රියාවකි.

    ස්ත්‍රීයක් ව දික්කසාද කළ පසු ඔවුන් තම නියමිත කාල සීමාව පරිපූර්ණ කළහොත් ඔවුන් (තමුන්ගේ සිතට ඇල්ලූ) ස්වාමිපුරුෂයන් ව කැමැතිවී සරණපාවා ගැනීම නොවළක්වන්න! නුඹලා අතුරෙන් අල්ලාහ් ගැන ද පරමාන්ත දිනය ගැනද විශ්වාස කරන්නන් හට මෙසේ උපදෙස් දෙනු ලැබේ. නුඹලාට පාරිශුද්ධ හා පවිතරගැන වනුයේ මෙයයි. අල්ලාහ් ම දනී. නුඹලා නොදනී.

    ශුද්ධ වූ කුර්ආන් 2-232

    අල්ලාහ් ගැනත් පරමාන්ත දිනය ගැනත් විශ්වාස කරන්නන් හැසිරිය යුත්තේ මෙසේ බව අල්ලාහ් තදබලව අවධාරණය කරයි. අල්ලාහ් මෙහිදී මෙලෙස අවධාරණය කරන්නනේ ස්ත්‍රීන්ගේ මෙම අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නන් ‘විනිශ්චය දිනයේ තදබලව විමසුමට ලක් වනු ඇතැ’යි යන්න හැඟවීමට ය.

    කාන්තාවන් තම කැමැත්ත දැන්වීම පවා පාප කරිිම යාවක් යැයි වත්මන් සමාජයේ ඇතැම් අය අදහස් කරති. එසේ නමුත් නබි නායක් මුහම්මද් (සල්) තුමාණන්ගේ සමයේ සිටි කාන්තාවන් තම කැමැත්ත එළිදරව් කර ඇත.

    ”නබි නායක මුහම්මද්(සල්) තුමාණන් වෙත කාන්තාවක් පැමිණ ‘අල්ලාහ්ගේ දූතයාණෙනී! ඔබ තුමාණන් මා විවාහ කර ගන්නවා දැ’යි විමසුවා ය. නමුත් නබි නායක මුහම්මද් (සල්) තුමාණන් එම කාන්තාව සරණපාවා ගැනීමට කැමැති නොවූහ. එම අවස්ථාවේදී එතැන සිටි නබි තුමාණන්ගේ කලණමිතුරෙක් නැගිට ඇය සරණපාවා ගැනීමට කැමැත්ත දැක්වූයේ ය. ඔහුට එම කාන්තාව ද කැමැත්තක් දැක්වූ පසු ඇය ව ඔහුට ම සරණපාවා දුන්හ.”

    මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 2311, 5029, සහ 5120.

    කිසිඳු ලැජ්ජාවක් විළිබියක් නොමැති ව මෙසේ විමසිය හැකි ද? යනුවෙන් එතුමාණන් ඇයට තරවටු කළේ නැත. ලැජ්ජාවක් විළිබියක් ඇතිවිය යුත්තේ කාම මිත්‍රචාරයේ හැසිරීමට මිස තමුන් ව සරණපාවා ගන්නවා දැයි ඉල්ලා සිටීමට ලැජ්ජාවක් හෝ විළිබියක් හෝ ඇතිවන්නට අවශ්‍යක නැත.

    උම්මු සුලෙයිම් (රළි) තුමිය මුල් අවධියේදී ම ඉස්ලාම් දහම පිළිගත් කාන්තාවකි. අබූ තල්හා ඇය ව විවාහ කරගැනීමට ආශා කළේ ය. එයට උම්මු සුලෙයිම් (රළි) තුමිය ”මා ඉස්ලාම් දහම පිළිගත් කාන්තකාවකි. ඔබත් ඉස්ලාම් දහම පිළිගතහොත් මා ඔබ විවාහ කරගන්නම්” යනුවෙන් පැවසුවා ය. ඔහු ද ඉස්ලාම් දහම පිළිගත්තේ ය.

    මූලාශ්‍ර ග්‍රන්ථය – නසඊ 3288.

    කාන්තාවන්ට තම සහකරුවා තෝරා ගැනීමේ අයිතිය ලැබ ඇති බවට මේවා සාධක වේ.

    එසේ නමුත් කාන්තාවන් තම විවාහය සිදුකර ගත යුත්තේ තම භාරකරුවන් හරහා ය. කාන්තාවන් තෝරා ගත් තම සහකරුවා සුදුසුව සිටියදී භාරකරුවන් (ධනය, කුලය, පදවිය, තත්වය, සහ තනතුර මත) ප්‍රතික්ෂේප නොකළ යුතු බව ඉස්ලාමය මඟපෙන්වයි.


    මහර් (මංගල දායාදය) සහ නඩත්තු ගෙවීම්

    විවාහ බන්ධනය කැඞී ගිය අස්ථාවක ඒ වෙනුවෙන් සැමියා විසින් දික්කසාද කළ බිරියට නඩත්තු ගෙවීම් වශයෙන් කිසියම් මුදල් පරවක මාණයක් පිරිනැමීම ඇතැම් සමාජය තුළ බහුලව පවතියි. නමුත් ඉස්ලාම් දහම සැමිය තම දික්කසාද බිරියට මෙවන් නඩත්තු මුදලක් ගෙවිය යුතු බව කිසිසේත් අණ කර නැත. ඒ වෙනුවට විවාහයට පෙර ම සැමියා තම විවාහක බිරියට යම් තොගයක් පිරිනමන ලෙස ඉස්ලාම් දහම නියම කරයි.

    බොහෝසෙයින් පවුල් ජීවිතයේ සෑම අතින්ම කරදරයට පත්වන්නේ කාන්තා පක්ෂමය බව රහසක් නොවේ ය. තරුණ වියේ තමුන් සතුව තිබුණු පරති සන්න ගතිය සහ තරුණකම අහිමි වූ පසු සමහර විට සැමියා විසින් දික්කසාද විය හැකිය. ඒ අවාසනාවන්ත අවස්ථාව සලකා බලා ඉස්ලාම් දහම මංගල දායාදය හෙවත් මහර් තොගය තීරණය කිරීමේ අයිතිය ඇයටම පවරා දී ඇත.

    දැනට සමාජයේ පවතින නඩත්තු ගෙවීම් කරතස මයට වඩා මහර් නම් වූ පෙර නඩත්තු දායාදය කාන්තා පක්ෂයයට බෙහෙවින් ආරක්ෂාිව සහිත මෙන්ම සහතික ය.

    ‘කාන්තාවන් හට ඔවුන්ගේ මහර් තොගය කැමැත්තෙන් ම පිරිනමන්න!’ යනු පාරිශුද්ධ කුර්ආනයේ ආඥාවයි.

    ශුද්ධ වූ කුර්ආනය  4-4

    මෙම මහර් තොගය කොපමණ වුවද ඇයට කැමැති අන්දමින් ඉල්ලා සිටිය හැකි ය. ‘ඉල්ලා සිටිය යුත්තේ මෙපමණයැ’ යි සීමා කිරීමට කිසිවෙකුට හෝ අයිතියක් නොමැත.

    ‘නුඹලා ඔවුනට විශාල පරීමාමාණයක් වුවද මහර් වශයෙන් දෙනු ලැබුවද එය ආපසු ලබා නොගත යුතුයි’ යනුවෙන් ද පාරිශුද්ධ කුර්ආනය නියෝග කරයි.

    ශුද්ධ වූ කුර්ආනය 4-20

    මහර් තොගය තීරණය කිරීමේ අයිතිය කාන්තාවයන් වෙත පැවරී ඇති බැවින් ඔවුන් මනාප වන්නේ නම් එය (නොලබා* අත්හැරි්ය හැක. එසේ නැත්නම් එම මහර් තොගය වාරිකව කොටස් ලෙස ලබා ගත හැකිය. (ශුද්ධ වූ කුර්ආනය 2-229, 237, 4-4, යන වැකියන් බලන්න)

    ඉස්ලාම් දහම කාන්තාවන් හට දී ඇති මෙම මහත් වූ අයිතිවාසිතම ඔවුන් ක්‍රියාවට නැංවීමට අපොහොසත් වූ බැවින් ඔවුන්ගේ තත්වය ඇත්තෙන්ම කනගාටු සහිත ය. මොවුන් තමුන්ට අයත් මහර් තොගය ඉල්ලා ලබාගැනීමට අපොහොසත් වීමෙන් අද පිරිමින් දෑවැද්ද ඉල්ලා කාන්තා පක්ෂීය පීඩාවට පත්කිරීම ඉහළ ගොස් ඇත.

    මහර් පිරිනමා විවාපත් වීමට වගකීමක් ඇති පිරිමින් ’කොපමණ දෙනවාදැ’ යි ඉල්ලා කරදර කිරීම හේතුවෙන් ලැජ්ජාවක් නොමැතිව තම ආත්ම ගරුත්වය කෙලෙසාගෙන අපකීර්තිමත් ලෙස පසුවෙති. ‘ දෑවැද්ද නොඉල්ලන්න’ යනුවෙන් මනාලයාට ඉස්ලාම් දහම ඔවදන් දෙනවාට වඩා ‘නුඹ ස්ත්‍රීයක් සරණපාවා ගන්නේ නම් ඇයට මහර් නම් වූ මංගල දායාදය දෙනු! යන්නෙන් තදබල ලෙස නියෝග කෙරේ. කිසිඳු සැබෑ මුස්ලිම්වරයෙකු කිසිසේත් එඩිතරව දෑවැද්ද ඉල්ලා සිටින්නේ නැත.


    දෑවැද්ද මහත් අපරාධකාරී සාහසික ක්‍රියාවකි

    විවාහ වීමේදී පිරිමියා මහර් පිරනමා විවාහ විය යුතු මිස ඔහු ස්ත්‍රීන්ගෙන් දෑවැදි වශයෙන් කිසිවක් නොඉල්ලිය යුතුයි යනුවෙන් ඉස්ලාම් දහම තරයේ කියා සිටියි.

    ඇත්තෙන්ම නුවණක්කාර මෙන්ම සාධාරණ පිළිවෙත වන්නේ ද මෙය වෙයි. ගිහි ජීවිතයේ අඹුසැමියන් දෙනො ම සැප විඳින්නෝ ය. සැමියා සිය බිරිඳගෙන් ද බිරිඳ සැමියාගෙන් ද සැප විඳිති. එබිැවින් සැමියා බිරිඳටත් බිරිය සැමියාටත් කිසිවක් පිරිනැමීමට අවශ්යළ වන්නේ නැත යන්න යථාර්ථය වේ.

    නමුත් මෙම ගිහි ජීවිතය තුළින් ලැබෙන වින්දනය විඳීමට මහත් ආයාසයක් දර්න්නේ කාන්තාවන් ය. ඇය බොහෝ කරදර වලට මුහුණ පා දහසකුත් දුක් දොම්නස්සට භාජනය වන බැවින් පිරිමියා දායාදයක් පිරිනැමීම සාධාරණ වන බව නොකියා ම වැටහැනු ඇත.

    1. මනාල යුවල විවාහ වූවායින් පසු පිරිමියා තම නිවසේ තම දෙමාපියන් සහ නෑදෑහිතමිතුරන් සමග පසුවන්නේ ය. නමුත් ඔහුට ළාබාල කාන්තාව වන මනාලිය තම දෙමාපියන් සහ නෑදෑහිතමිතුරන්ගෙන් වෙන්වී තම සැමියාගේ නිවසට පැමිණෙන්නා ය. ඇගේ මෙවැනි පරිත්‍යාගය වෙනුවෙන් පිරිමියා කාන්තාවන් හට දායාදයක් වශයෙන් යමක් දිය යුතු වන්නේ ම ය.

    2. විවාහයෙන් පසු පිරිමින්ගෙන් බහුතරයක් තම බිරියට කිසිඳු සේවයක් නොකරන්නෝ ය. උපරිම වශයෙන් පැවසුවහොත් ඔහු ඇගේ ජීවන වියදම හා සම්බන්ධව පමණක් වගකීමක් බාරගන්නේ ය. නමුත් ඇය තම සැමියා වෙනුවෙන් මු`ඵතැන් ගෙයි කටයුතු ඇඳුම් පැළඳුම් සේදීම සහ ගේදොර නඩත්තු කිරීම මෙපමණක් නොව සිය සැමියාගේ ඥාතීන් වෙනුවෙන් ද කටයුතු කිරීම වැනි දහසකුත් එකක් සේවාවන් හි නිරත වන්නී ය.එමෙන්ම ඇතැම් විට නැන්දම්මාගේ වධහිංසාවලට ලක්වීමට ද නැතහොත් ඇනුම් පදවලට ද ඉවසීමෙන් මුහුණ දීමට සිදු වේ. මෙවන් කරුණු කාරණා නිසාත් දායාදයක් දිය යුත්තේ පිරිමීන් මිස කාන්තාවන් නොවේ.

    3. ගිහි ජීවිතයෙහි නියලීම හේතුවෙන් කාන්තාවක් පිළිසිඳ ගත් කල්හි පිරිමියාට මෙමගින් කිසිඳු අපහසුතාවයක් හෝ වෙනසක් හෝ නැත. නමුත් මහත් අපහසුතාවටත් වෙහෙසටත් පත්වන්නේ කාන්තාවයි. ඇය කිසිවක් කැමැති සේ ආහාරයට ගැනීමට නොහැකි තත්වයකට ඇය ගැබිගත් මුල් මාසය තුළදී වමන යාම හේතුවෙන් ඇයට මුහුණ පාන්නට සිදුවේ. ඇගේ පහසුව අනුව සාමාන්යමයෙන් අවිදීමට ද නිදා ගැනීමට ද නොහැකි තත්වයට මුහුණ දෙන්නී ය. එසේම මරණයේ දොරටුව තට්ටුකර පැම්ණියා සේ සිය සැමියාගෙන් ගැබ්ගත් දරුවා පරවයටසූත කර යථා තත්වයට පැමිණෙන්නී ය. මෙම හේතුව සඳහා ඇයට කෝටියක් දුන්නද මදි තරම් ය.

    4. දරු පරපර සූතියෙන් පසු ඇය තම ළදරුවා වෙනුවෙන් කිරිදීම සය නින්ද පරිත්යාහග කිරීම සහ දරුවා හුරතල් කර නාවා කාවා පොවා හදා වඩා ගැනීම පිණිස දරණ පරිශර තමමය කියා නිම කළ නොහැකි ය. මෙවන් හේතුන් සළකා බැලීමෙන් ද සාධාරණ වන්නේ පිරිඅමින් කාන්තාවන් හට මහර් පිරිනැමීම යි.

    සැරින් සැරේ පරාර සවයට මුහුණ දෙන ඇය තම ජීවිතයේ සියලූ වසන්ත හැඟුමන් සහ ආශාවන් පසෙක දමා තම දරුවන් වෙනුවෙන් පරිශරනේ ම වී කටයුතු කළ යුතු ය.

    කාන්තාවන් විවාහයේන පසු අත්විඳින මෙවන් වගකීම් සහිත අවස්ථාවන් ගැන කිසිඳු හදවතක් ඇති පිරිමියෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. මේවා ගැන සිහි කිරීමේ දී ‘පිරිමියා විවාහයේ දී අනිවාර්යෙන්ම කාන්තාවට විශාල පරන් මාණයක දායාදයක් දිය යුතුව ඇත’ යන්නට කිසිඳු සැකයක් නැත.


    දෑවැද්දෙන් මුහුණ පාන්නට සිදුවන අනිසි ප්‍රථිපල

    දෑවැද්ද ඉල්ලීමේ කෲර ක්‍රියා කලාපය හේතුවෙන් සමාජයෙහි නොයෙකුත් නරක ප්‍රථිපල  ඇති වේ. මෙයින් සමාජයට මුහුණ පාන්නට සිදුවන නරක ප්‍රථිපල  වලට දෑවැදි ඉල්ලා සිටින්නන් ද එම අපරාධකාරී ක්‍රීයාවට පක්ෂයපාතී ව සිටින්නන් ද වගකිව යුතු හවුල් කරුවන් යන්නට කිසිඳු සැකයක් නොමැත.

    1. දෑවැදි ඉල්ලා සිටීම නිසා අඩු වයසේ සිට විවාහ ජීවිතය උදෙසා පෙරුම් පුරන ළාබාල තරුණියන් මැදිවියට පැමිණියත් විවාහ ජීවිතයක් නොලැබීම හේතුවෙන් කඳුළු සලමින් පසුවෙති.

    2. මෙම හේතුව නිසා සමහර තරුණියන් නිදිපැදුරටත් නොකියා කා සමග හෝ අතුරුදහන් වනු අපි අසා ඇත්තෙමු. එසේ හොර රහසේ යන සමහරුන් අවසානයේ රැවටීමට ලක්වී දුක් කරදරවලට භාජනය වෙති.

    එසේ නිවසට නොකියා පිටවන සමහරුන් අවසානයේ ගණකා මඩම්වලට පත්වන්නෝ ය. මෙම අනේක විධ දුක් කරදරවලට පරනො ධාන හේතුවක් වශයෙන් දෑවැදි යැයි කිව හැකිය.

    3. එහෙයින් විවාහ ජීවිතයක් නොලැබීම හේතුවෙන් මෙම නීච කරි යාවන්වල නියැලෙන කාන්තාවන්ගේ පාපයන්ට දෑවැදි ලබාගත්තවුන් ද සැබැවින් ම හවුල්කරුවන් වන්නෝ ම ය.

    4. ‘තමුන් හට විවාහ ජීවිතයක් ගත කළ නොහැකි ය’ යන අනපේක්ෂිත අවස්ථාවකට පත්වන ඇතැම් කාන්තාවන් සමහර විට සියදිවි නසා ගැනීමට ද පෙළඹෙන්නෝ ය. එසේම සමහර දෙමාපියන් ද තම දූදරුවන් හට විවාහ ජීවිතයක් අත්පත් කර දීමට නොහැකි කමින් සියදවි නසා ගන්නෝ ය. මෙම අවාසනාවන්ත අවස්ථාවට දෑවැද්ද ද හේතුවක් ලෙස කිව හැකි ය. මෙම අපරාධයටත් දෑවැදි ඉල්ලා සිටින්නන් හවුල්කරුවන් වනවාට කිසිඳු සැකයක් නොමැත.

    5. විවාහ ජීවි්තයක් නොලැබීම නිසා ඇතැම් අවස්ථාවන් හි දී කා සමග හෝ එක් කාන්තාවක් පැන ගිය කළ මේ අවලාදය හේතුවෙන් ඇයට පසුව පවුලේ ඉතිරි ව සිටින අනෙක් සහෝදරියන්ටත් විවාහ ජීවිතය නොලැබෙන අවස්ථාවක් උදා වනු ඇත. මෙවන් සිදුවීම්වලට ද දෑවැදි ඉල්ලා සිටින්නන් හවුල් කරුවන් වන්නෝ ම ය.

    6. දෑවැදි දුෂ්කරතාවය සහ එයින් ඇතිවිය හැකි ගැටලූ පිළිබඳ කලින් වටහා ගන්නා ඇතැමුන් ගැහැණු දරුවෙකු උපත ලැබුවහොත් සිය අතින් තම දරුවා මරා දමති. තවත් සමහරු ස්කෑන් වැනි නවීන උපකරණ මගින් කුසේ සිටින්නේ පිරිමි දරුවෙක් ද නැතහොත් ගැහැණු දරුවෙක් දැයි දැනගෙන ගැහැණු දරුවෙක් නම් ගර්භාෂයේ ම ගබ්සා කිරීම තුළින් විනාශ කර දමන්නෝ ය. සමහරුන්ගේ මෙවන් පාපීතර කරිව යාවට දෑවැද්ද ඉල්ලන්නන් ද වගකිව යුතු ව ඇත යන්නට කිසිඳු සැකයක් නොමැත.

    7. ආත්ම ගරුත්වයෙන් යුතු ව චරිතවත් ජීවිතයක් ගතකළ තැනැත්තෙකු තම ගැහැණු දරුවන් විවාහ කරදීම පිණිස දෑවැද්ද සොයා තැනින් තැන ගොස් අනුන් හට අතපෑමේ ඛේදවාචකයට ද පත් වෙති. මෙම කරුමයටත් මොවුන් වගකිව යුතුයි.

    8 . දෑවැදි හේතු නිසා පිනවිය යුතු ඉඳුරන් පිනවීම සඳහා නිසි අවධියෙහි විවාහ ජීවිතයකට ඇතුල් නොවන කල්හි බොහෝ තරුණියන් මානසික රෝගවලට ද පත් වන්නෝ ය.

    මෙසේ බොහෝ නපුරුකම් වලට සරල මංපෙත්තක් කපන දෑවැදි ඉල්ලා සිටින්නන් තමුන් ම පාපයට ඇතුල් වන්නෝ ය. විනිශ්චය දිනයේ දෙවියන් ඉදිරිපිට තමුන් වග උත්තර කරුවන් වන බවට අල්ප මාතරුල යක්වත් බියක් තිබේ නම් ඔවුන් කිසිදාක මෙවන් පාප කර්මයට අත වනන්නේ නැත.


    • විවාහ ගිවිසුම

    ඉස්ලාම් දහම විවාහය දෙදෙනකු අතර ගිවිසගන්නා ජීවන ගිවිසුමක් වශයෙන් සඳූහන් කරන්නේ ය.

    එම කාන්තාවන් නුඹලාවෙතින් ස්ථිර ගිවිසුමක් ගිවිසගෙන ඇත්තෝ ය.

    ශුද්ධ වූ කුර්ආනය 4-21

    විවාහය යනු කිසියම් සම්ප්‍රදායක පිළිවෙතක් නොවේ. එසේ නොවන්නට එය ජීවන ගිවිසුමක් බව මෙම පාරිශුද්ධ කුර්ආන් වැකිය පැහැදිලිව ම අවධාරණය කරයි.

    කිසියම් ගිවිසුමක් ගිවිස ගන්නා කළ එයට සම්බන්ධ වන දෙපිරිසම වටහා ගන්නා බසින් විය යුතුයි. නොදන්නා බසකින් (නුවණැති) කිසිවෙකු විසින් ගිවිසුමක් කිසිවිටෙක ගිවිසගන්නේ නැත.

    ‘මෙපමණ මහර් තොගයකට මම මාගේ දියණිය වන මැය ඇගේ සම්පූර්ණ කැමැත්ත පරිදි ඔබට විවාහ කරදෙමි’ යනුවෙන් මනාලියගේ පියා (නැත්නම් අගේ අනෙක් භාරකරු) පවසන්නට එය මු`ඵ සිතින් පිළිගත් බව මනාලයා පවසන කළ ඒ ගිවිසුම පරිසමාප්ත වන්නේ ය.

    එසේ නොවන්නට ’ඔබගේ දූව ඇගේ මුළු කැමැත්ත පරිදි මෙතරම් මහර් තොගයකට මට විවාහ කර දෙනවා ද? යනුවෙන් ඉල්ලා සිටී කළ ඇගේ පියා හෝ භාරකරු එය පිළිගනත්තේ නම් විවාහ ගිවිසුම අවසන් වන්නේ ය.

    මෙම ගිවිසුම උදෙසා විශේෂ වදන් පෙළක් නොමැති බව වටහා ගත යුතු අතර එය ‘අරාබි බසෙන් පරාහ කාශ කළ යුතුය’ යනුවෙන් කිසිඳු විධිවිධානයක් හෝ නැත.


    කුත්බා දේශනාව

    අප අතර විවාහ අවස්ථාවේ කුත්බා යන්නෙන් විශේෂ දේශනාවක් පැවැත්වීමේ සිරිතක් පවතී. නමුත් විවාහ සදු කරන අවස්ථාවේ එසේ දේශනාවක් පැවැත්වීමට උවමනා නැත.

    නබි නායක මුහම්මද් (සල්) තුමාණන්ගේ සමයේ එතුමාණන් කිසිඳු විවාහ අවස්ථාවකට හෝ දේශනා කිරීම පිණිස ගොස් සහභාගී වූයේ නැත. කිසිවෙකු හෝ එතුමාණන්ව එසේ කැඳවූයේ ද නැත. එතුමාණන් සිය දියණියගේ විවාහයේදී පවා එසේ දේශනාවක් පවත්වා ඇත යන්නට කිසිඳු සාධකයක් නැත.

    (එහෙයින් විවාහයක් සිදුවන අවස්ථාවක දේශනයක් පැවැත්වීම විවාහයට සම්බන්ධ කරුණක් ලෙස හෝ නබි තුමාණන් විසින් පෙන්වා දුන් මගපෙන්වීමක් (සුන්නාවක්) ලෙස හෝ නොවටහා ගත යුතුය.)

    නමුත් ජනයින් එක්රොක්වන ස්ථානවල උවමනා යැයි හැඟේ නම් නබි නායක මුහම්මද් (සල්) තුමාණන් දේශනා පවත්වා ඇත. මෙම පොදු අනුමැතිය අනුව එසේ ඒ මොහොතේ දේශනා කිරීමෙන් ජනයින් හට පරශන යෝජනයක් වනු ඇත යන්නෙන් හැෙග් නම් එවන් දේශනා වැළෙක්විය නොහැකි ය. නමුත් කුත්බා යන්නෙන් කිසියම් දේශනාවක් නො පැවැත්වීමෙන් විවාහයට කිසිඳු හානියක් සිදු නොවේ.


    සාක්ෂි

    විවාහයක් සිදුවන විට සාක්ෂිපකරුවන් පත් කරගත යුතුයි යන අදහසින් බොහෝ හදීස්යන් තිබෙන නමුත් ඒවා සියල්ලම ගවේශණය කර බැලූ කළ සම්මත (සහීහ්) නොවන (ළඊෆ්) දුර්වල ගණයට අයත් හදීසයන් වේ. එසේ නමුත් ගනුදෙනුවකදී සාක්ෂිළ තබා ගත යුතු බව පාරිශුුදධ කුර්ආනය පරෆ් කාශ කරයි.

    • ‘ණයක් දෙන විට සාක්ෂිිකරු ලෙස දෙදෙනකු පත් කරගන්නැ’ යි පාරිශුද්ධ කුර්ආනයෙහි 2-282 වන වැකිය පවසයි.
    • ‘අනාථයින්ගේ සේසත් ඔවුන් වෙත භාරදෙන කල්හි සාක්ෂිකකරුවන් පත් කරගන්නැ’ යි පාරිශුද්ධ කුර්ආනයෙහි 4-6 වන වැකියෙහි අල්ලාහ් පවසයි.
    • (කෙනෙකු මරණාසන්න සමයෙහි දෙනු ලබන අන්තිම කැමැත්ත දෙන අවස්ථාවේදීත් සාක්ෂිනකරුවන් පත් කර ගත යුතු යැයි දෙවියන් පාරිශුද්ධ කුර්ආන් 5-106 වැකිය මගින් පර්ධ කාශ කරයි.

    මේ සාධක මුල්කොටගෙන විවාහයටත් සාක්ෂි් කරුවන් අවශ්ය0 බව අවබෝධ කරගත හැකි ය.

    විවාහය සිදුවීමෙන් පසු දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් යම් යම් හේතු පෙන්වා පරබෝධතික්ෂෙශ්ප කළ හැකි බැවින් ද දුරාචාරයේ හැසිරෙන අය එය එළිවෙන කළ ‘තමුන් අඹු සැමියන්’ යැයි පවසා බේරී පලා යෑමෙන් වැළැක්වීමට ද අනෙකුත් ගනුදෙනු කරන විට සාක්ෂි කරුවන් පත් කරගන්නා විලසින් විවාහයක් පැවැත්වෙන කළ ද අඩු ම තරමින් සාක්ෂිද කරුවන් ලෙස දෙදෙනෙක් හෝ පත් කළ යුතු වේ.

    සාක්ෂි කරුවන් අවශ්‍ය වන්නේ විවාහයෙන් පසු දිනක යම් ගැටලූවක් මතු වී නම් සැබෑ දෑ ඒ විලසින් ම පැවසීමට ය. එසේ නොවන්නට සාක්ෂි හුදෙක් සම්ප්‍රදායක් උදෙසා නොවේ ය.

    සිදුවීම් ඒ සැටියෙන් ම පවසන්නට නම් විවාහය හා සම්බන්ධ කථා කරනු ලබන වැදගත් කතාබස් සහ මහර් ගනුදෙනු වැනි දේ එම සාක්ෂි කරුවන්ගේ ඉදිරිපිට ම සිදුවිය යුතු ය. සාක්ෂි කරුවන් වශයෙන් පෙනී සිටීමට සුදුස්සන් වන්නේ එවැනි පුද්ගලයන් ම ය.

    මනාලියගේ කැමැත්ත ලබාගත් බවත් මහර් තොගය පිරිනැමුනු බවත් මහර් තොගයේ වටිනාකම කොපමණ ද යන්නත් සාක්ෂි කරුවන් වශයෙන් පෙනී සිටින්නන් දැනගත යුතු ව ඇත. මෙවන් කරුණු කිසිවක් නොදන්නා හුදෙක් විවාහ උත්සවය පිණිස පැමිණ ඇති දෙදෙනකු සාක්ෂි කරුවන් ලෙස පත්කිරීම කිසිසේත් අර්ථවත් නොවන්නේ ය.


    අඩු වියදමින් චාම් ලෙස විවාහය පැවැත්වීම

    විවාහයක් ඉතා අඩු වියදමින් චාම් ලෙස සිදු කළ යුතු බව ඉස්ලාම් දහම පවසා සිටියි. තමුන් ගැන අනුන් උසස් අන්දමින් පරා අසංශා කර කතා කළ යුතු නිසා හෝ තම ධනවත්කම ලොවට හෙළිකරනු වස් හෝ විවාහ උත්සව සුඛෝපභෝගීව සිදුකිරීමෙන් වැළකිය යුතු ය.

    නාස්ති කිරීම පිළිබඳව පාරිශුද්ධ කුර්ආන මගින් අල්ලාහ් තරයේ අවවාද කරයි.

    නාස්ති නො කරන්න! නාස්ති කරන්නන් ඔහු (අල්ලාහ්) පරිහ ය නො කරන්නේ ය.

    ශුද්ධ වූ කුර්ආනය 6-14

    අනුභව කරන්න! පානය කරන්න! නාස්ති නො කරන්න! නාස්ති කරන්නන් ඔහු පරි ක ය නො කරන්නේ ය.

    ශුද්ධ වූ කුර්ආනය 7-31

    ඥාතීන් හට ද දිළින්දන් හට ද මගීන් හට ද ඔවුන්ගේ අයිතිවාසිකම් පිරිනමන්න! එකවරම නාස්ති නො කරන්න! නාස්ති කරන්නන් ෂෙයිතාන්ගේ සොහොයුරෝමයි. ෂෙයිතාන් තම දෙවියන්ට ගුණමකුවෙකු වේ.

    ශුද්ධ වූ කුර්ආනය 17-26,27

    විශේෂයෙන්ම විවාහ කටයුත්ත අඩු වියදමින් සිදු කරන ලෙස නබි නායක මුහම්මද් (සල්) තුමාණන් අවවාදානුශාසනා කර ඇත.

    ”අඩු වියදමකින් සිදු කරනු ලබන විවාහය අධික සෞභාග්‍යයන්ගෙන් යුක්ත (එනම් බරකත්) වේ” යනුවෙන් නබි නායක මුහම්මද් (සල්) තුමාණන් පැවසූහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – අහ්මද් 23388


    විවාහ භෝජන සංග්‍රාහය

    විවාහයෙන් පසු මනාලයා විසින් පිරිනමනු ලබන සංගරහයනහයට ‘වලීමා’ (وليمه) යනුවෙන් කියනු ලැබේ. මෙම භෝජන සංග්‍රාහය පිරිනැමීම නබි තුමාණන් විසින් පෙන්වා දෙන ලද ආදර්ශයකි.

    මනාලියගේ පවුලේ අය භෝජන පිරිනැමීමත් ඔවුන්ගෙන් භෝජන සංග්‍රාහය ඉල්ලා සිටීමත් දෑවැද්දක් යැයි නොකියා ලබාගන්නා එක්තරා දෑවැද්දක් හා සමාන ය. නබි තුමාණන්ගේ සමයේ මනාලියගේ පාර්ශවයන් විසින් භෝජන සංගරඑක්හයක් දෙන සිරිතක් නොතිබිණ.

    අනිවාර්යෙන්ම ම මනාලයා භෝජන සංගර්රහහ පිරිනැමිය යුතුයි යනුවෙන් හෝ ණයපත්වී හෝ භෝජන සංගර් භහ කළ යුතුයි යනුවෙන් හෝ ඉස්ලාම් දහම නොපවසයි. තමුන් හට හැකි අයුරින් කිහිපදෙනෙකුට සු`ඵවෙන් හෝ සංගරුතුහ කිරීමෙන් මෙම සුන්නාහ් ව පරිසමාප්ත වන්නේ ය.

    නබි නායක මුහම්මද් (සල්) තුමාණන් සෆීය්යා තුමිය සරණපාවා ගත් අවස්ථාවෙහි සුළු ප්‍රමාණයක පිටි ද සුළු පරි මාණයක රටඉඳි ද වලීමා සංග්‍රාහය වශයෙන් පිරිනැමූහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 371,2893.

    නබි නායක මුහම්මද් (සල්) තුමාණන් සරණපාවා ගත් විට තිරිඟු පිටි ‘මුද්දු’(මුද්දු – දෙකක් යනු ග්රෑම් 1600ක් පමණ වේ) දෙකක පරා) මාණයක් වලීමා සංග්‍රාහය ලෙස පිරිනැමූහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 5172.

    නබි නායක මුහම්මද් (සල්) තුාමණන් (‘සයිනබ් (රළි..) තුමිය සරණපාවා ගත් අවස්ථාවේදී සංග්‍රාහය කළ තරම් අන් කිසිඳු කාන්තාවක් විවාහ කරගත් විට සංග්‍රාහ කළේ නැත. (සයිනබ් (රළි..) තුමිය විවාහ කරගත් අවස්ථාවේදී බැටළුවෙකු (පිස) විවාහ සංග්‍රාහහය වශයෙන් පිරිනැමූහ.

    මූලාශ්‍ර ග්‍රන්තය – බුහාරී 5168,5171 සහ 7421

    නබි නායක මුහම්මද් (සල්) තුමාණන් පිරිනැමූ උපරිම වලීමා සංග්‍රාහය වනුයේ බැටළුවෙකු වලීමා සංග්‍රාහය වශයෙන් පිරිනැමූ අවස්ථාව වේ. එබැවින් වලීමා සංග්‍රහය යන නමින් කරනු ලබන නුඋවමනා ආඩම්බර වියදම් මුළුමනින් ම වළක්වා ගත යුතුයි.

    එසේම වලීමා සංග්‍රාහය පිණිස ආරාධනා කරන විට දුප්පත් ධනවත් යන පක්ෂ්පාතිත්වයකින් තොරව පොදුවේ සැමෝට ම ආරාධනා කළ යුතුයි.

    ”ආහාරයන්හි ඉතාමත් අයහපත් ආහාරය වනුයේ ධනවතුන් හට පමණක් ආරාධනා කර දිළින්දන් නොතකා පරමෝ තික්ෂෙහ්ප කරමින් සංග්‍රාහ කරන වලීමා භෝජන සංග්‍රාහය වේ.”

    මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 5177.

    එමෙන්ම වලීමා සංග්‍රාහය කැඳවනු ලැබුවේ නම් ඔහු එය ප්‍රතික්ෂේප නොකළ යුතු ය. මන්දයත් ඉහත සඳූහන් හදීසයෙහි ම නබි නායක (සල්) තුමාණන් කළ මීළඟ අවවාදානුශාසනාව වශයෙන් ‘වලීමා’ සංග්‍රාහය ට ආරාධනා කරනු ලැබ එය නොපිළිගන්නේ කවරෙක් ද ඔහු අල්ලාහ්ටත් ඔහුගේ දූතයාටත් පටහැනි වූයේ ය’ යනුවෙන් සඳහන් වී ඇත.

    විවාහ සංග්‍රාහයට ආරාධනාවක් ලැබුණහොත් එය පිළිගෙන එයට සහභාගීවීම ඉතා වැදගත් වුවද එම සංග්‍රාහය සිදුවන ස්ථානයෙහි ධර්මානුකූල නොවූ ධර්මයට පටහැනි වූ කටයුත්තක් සිදුවන්නේ නම් නැතහොත් නරක හැසිරීම්වලින් යුක්ත කෙනෙකු විසින් විවාහ සංග්‍රාහය පිරිනමනු ලබන්නේ නම් එම විවාහ සංගරනොකහයෙන් වැළකී සිටිය යුතු මෙන්ම එය සහමුලින්ම පිටුදැකිය යුතුයි.

    මම භෝජන සංග්‍රාහයක් සූදානම් කර නබි නායක (සල්..) තුමාණන් හට ආරාධනා කළෙමි. එතුමාණන් පැමිණ මගේ නිවසෙහි ඡුායාරූපයක් තිබෙනු දුටූ කල්හි ආපසු හැරී ගියහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – නසඊ 5256.

    නබි නායක මුහම්මද් (සල්..) තුමාණන්ගේ මෙම ආදර්ශමත් මගපෙන්වීම වචනයේ පරිසමාප්ත අන්දමින් අනුකරණය කරමින් එතුමාණන්ගේ කලණ මිකුරන් ද මෙවැනි විෂයන් හි දැඩි ලෙස කටයුතු කළෝ ය.

    වරෙක අබූ මස්ඌද් (රළි..) තුමා ව කෙනෙකු භෝජන සංගරටයුහයකට කැඳෙව්වේ ය. එවිට එතුමා කැඳවූ පුද්ගලයාගෙන් ”නුඹේ නිවසෙහි යම් පිළිමයක් වේ දැ”යි විමසුවේ ය. එයට ඔහු ”ඔවි” යනුවෙන් පිළිතුරු දුන්නේ ය. ”එසේ නම් එය කඩා විසිකරන තුරු මම පැමිණෙන්නේ නැත”යි පැවසී ය. ඔහුගේ නිවසට එතුමා ගියේ එම පිළිමය බිඳ විසිකළායින් පසුව ය.

    මූලාශ්‍ර ග්‍රන්ථය – බයිහකී

    මාගේ පියාණන්ගේ සමයෙහි භෝජන සංගරා ිහයක් සූදානම් කළෙමු. එම සංග්‍රාහයට මාගේ පියාණන් ජනයින් හට ද ආරාධනා කළේ ය. එසේ ආරාධනා කළ අය අතුරෙන් අබූ අයියූබ් අල් අන්සාරී (රළි..) තුමා ද සිටී ය. එතුමා අපගේ නිවසට පැමිණි අවස්ථාවේදී අපි පට රෙදි වලින් බිත්ති සරසා තිබූ බව දුටුවේ ය. එයට මාගේ පියාණන් ”කාන්තාවන් (මෙම විෂයෙහි) අප ඉක්මවා ගොස් ඇතැ”යි කීවේ ය. එයට එතුමා ”කාන්තාවන් නුඹ ව ඉක්මවා යනු ඇතැ යි මා බිය නොවෙමි” යනුවෙන් පැවසුවේ ය. එමෙන්ම ”මම නුඹලාගේ ආහාරය අනුභව කරන්නේ ද නැත. නුඹලාගේ නිවසට පැමිණෙන්නේ ද නැත.” යනුවෙන් පවසා ආපසු හැරී ගියේ ය.

    මූලාශ්‍ර ග්‍රන්ථය – මු:ජමුල් කබීර්

    ඉතා සාමාන්යන දෙයක් වශයෙන් අප විසින් සලකනු ලබන මෙවන් කරුණු කාරණාවලට පවා නබි නායක මුහම්මද් (සල්..) තුමාණන් ද එතුමාණන්ගේ කලණ මිතුරුන් ද තමුන් හට ආරාධනා කරනු ලැබූ සංග්‍රාහය පවා පරහම තික්ෂෙේප කර ඇතැ යි මේ තුළින් අවබෝධ කරගත හැකි ය.

    වත්මනයේ අපි මෙයට වඩා දහස් ගුණයක් අනවශ්ය වියදම් නුඋවමනා ආඩම්බර සැරසිලි සහ නාස්තිය බහුලවත් සුලබවත් කෙරෙනු ලබන භෝජන සංග්‍රාහයන් හි අප කිසිඳු ගණනකට නොතකා නොසිතා සිතට කිසිවක් නොදැනෙන සේ සහභාගී වන්නෙමු. මෙවන් සංග්‍රාහ වලට සහභාගී වීම ගැන වරකට දෙවරක් සිතා බැලිය යුතු ය.


    සුබ නැකැත් සහ ග්‍රහචාර ඵලාපල නැත

    විවාහ කටයුත්තක් සිදුකිරීම පිණිස සුබ දවසක් හෝ අසුබ දවසක් කියා නැකැත් බලන සිරිතක් ඉස්ලාම් දහමෙහි නොමැත. මුස්ලිම් වරුන් වන අප ඔවුනොවුන්ගේ ඉරණම හෙවත් දෛවය(කළා කද්ර්) අනුව විය යුතු සියල්ල සිදුවනු ඇතැ යි යනුවෙන් විශ්වාසයක් ඇත්තවුන් නම් කිසියම් දිනයක් සඳහන් කරමින් එදින යහපතක් සිදුවනු ඇත යනුවෙන් කිසිසේත් විශ්වාස කළ නොහැකි ය.

    අහසෙහි මෝරන සඳ දක්නට ඇති කාලෙයෙහි විවාහයක් පැවැත්වුවහොත් විශේෂත්වයක් ඇතැ යි ද එමෙන්ම අවසඳ පසුවන සමයෙහි විවාහය සිදු කළහොත් එම අඹු සැමියන්ගේ සම්බන්ධතාවය බිඳී යා හැකි යැයි ද ඇතැමුන් මතයක් දරති. මෙවැනි මතවලට ඉස්ලාම් දහමේ කිසිඳු සාධකයක් හෝ දක්නට නැත.

    මෝරන සඳ පවතින කාලයෙහි සුබ දවසක් බලා කෙරෙනු ලබන බොහෝ විවාහයන් අකාලයේ බිඳී ගොස් දික්කසාදයෙහි අවසන් වීම අපි සුලබ දකින්නෙමු. මේ තුළින් මෙවන් අදහස් මිත්‍යා මත යන්න අවබෝධ කරගත හැකි ය.

    නබි නායක මුහම්මද් (සල්) තුමාණන්ගේ සමයේ විසූ අරාබිවරුන් ෂව්වාල් මාසය අපල මාසයක් බව විශ්වාස කරමින් ඒ මාසයේ කිසිඳු වැදගත් කටයුත්තක් සිදු කරන්නේ නැත.

    මේ පිළිබඳව ආයිෂා (රළි..) තුමිය පවසන කළ ”නබි නායක මුහම්මද් (සල්) තුමාණන් මා විවාහ කර ගත්තේ ෂව්වාල් මාසයේ දී ය. ෂව්වාල් මාසයේදී මා සමග ගිහි ජීවිතයෙහි ද යෙදුනාහ. එතුමාණන්ගේ භාර්යාවන් අතුරෙන් එතුමාණන් ‘මට වඩා ඇලූම් කළේ කාහට ද?”යනුවෙන් පරද කාශ කළා ය.

    මූලාශ්‍ර ග්‍රන්තය – මුස්ලිම් 2782 සහ නසඊ 3184

    එහෙයින් විවාහ කටයුත්ත ඕනෑම මාසයක ඕනෑම දිනයක ඕනෑම වේලාවක සිදු කළ හැකි ය. කිසියම් දවසක් හෝ වේලාවක් හෝ අසුබයි නැත්නම් අපලයි යනුවෙන් තීරණය කිරීම මහත්වූ වරදක් වේ.

    ”ආදම්ගේ පුතරි නයාණන් (මිනිසා) කාලය විවේචනය කරයි. කාලය විවෙචනය කරන්නා මා විවේචනය කරන්නේ ය. කාලය වශයෙන් මමයි පසුවන්නේ. ? දවාල මාරුවෙන් මාරුවට පැමිණෙන්නට සලස්වන්නේ මමයි.” යනුවෙන් අල්ලාහ් පරශය කාශ කරන බව නබි නායක මුහම්මද් (සල්..) තුමාණන් පැවසූහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 4826,6181 සහ 7491.

    එහෙයින් කිසියම් දිනයකට නරක දවසක් හෝ අසුබ දවසක් හෝ අපල දවසක් යනුවෙන් පැවසුවහොත් එසේ විශ්වාස කළහොත් ‘අල්ලාහ් අයහපත් මූසල කෙනෙකු’ යැයි පරසුවකාශ කළ විශ්වාස කළ ඉමහත් පවක් අපට අයත් වනු ඇතැ යි වටහා ගත යුතුයි.


    විවාහය සිදු කරන අවස්ථාවේදී කරනු ලබන ප්‍රාර්ථනාව

    ඇතැම් විවාහ කටයුතු වලදී (දුආවක) සාමූහික වශයෙන් ප්‍රාර්ථනාවක් පවත්වනු අප සමාජය තුළ පවතින සිරිතකි. එනම් ”අල්ලාහ්ම්ම අල්ලිෆ් බයින හුමා….”යනුවෙන් පටන්ගෙන කෙරෙන පරා අපර්ථනාව නබි නායක මුහම්මද් (සල්…) තුමාණන්ගේ සමයේ හෝ සහාබා වරුන්ගේ සමයේ හෝ තාබිඊන්වරුන්ගේ සමයේ හෝ සිව් මහා ඉමාම්වරුන් වශයෙන් සලකනු ලබන්නන් (එනම් අබූ හනීෆා, මාලික්, ෂාෆිඊ සහ අහ්මද් ඉබ්නු හන්බල් යන අය) ගේ සමයේ හෝ ප්‍රායෝගිකව තිබූ බවට කිසිඳු සාධකයක් නොමැත. මෙවැනි ප්‍රාර්ථනාවන් මුස්ලිම් සමාජය තුළට චාරිතරේ සයක් වශයෙන් ධාර්මික කටයුත්තක් යන මුලාවෙන් ඇතුළු කරන ලද්දේ සුළු කාල පරිච්චේදයකට පෙරාතුව තමිල්නාඩුවට අයත් සමහරුන් විසින් ය. මෙය ඔවුන්ගේ නූතන සොයා ගැනීම් ය.

    එපමණක් නොව ”නබි ආදම් (අලෛ) තුමාණන් සහ හව්වා මෙන් ජීවත් වේවා! නබි අයියූබ් (අෙලෙ…) තුමාණන් සහ රහීමා මෙන් ජීවත් වේවා! නබි සුලෙයිමාන් (අලෛ) සහ බල්කීස් මෙන් ජීවත් වේවා! යනාදී වශයෙන් නොයෙකුත් නබිවරුන් ගත කළ ගිහි ජීවිත මෙන් ජීවත් වේවා! යනුවෙන් ප්‍රාර්ථනා කරන විලසින් මෙම ප්‍රාර්ථනාව නිර්මාණය වී ඇත.

    ඒ නබිවරුන් සහ ඔවුන්ගේ බිරියන් කෙබඳු ගිහි ජීවිතයක් ගත කළෝ ද? ඔවුන්ගේ බිරියන් ඔවුනට කෙතරම් දුරට කීකරු වී පවුල් ජීවිතයක් ගත කළෝ ද? යන්න පිළිබඳ ව විස්තර කෙරෙන කිසිඳු සම්මත සාධකයක් දක්නට නොමැත.

    ඔවුන් ගත කළ පවුල් ජීවිතය කෙසේ දැයි පිළිබඳව කිසිඳු විස්තරයකින් දැනුමකින් තොරව ‘ඔවුන් ජීවිතය ගත කළා සේ ජීවත් වේවා!’ යැයි පරාඳව ර්ථනා කිරීම අර්ථවත් නොවන බවත් වටහා ගත හැකි ය.

    ‘නුඹට දැනුමක් නොමැති දෑ නුඹ අනුගමනය නොකරන්නැ’යි අල්ලාහ් පාරිශුද්ධ කුර්ආන් 17-36 වැකිය තුළින් අවවාද කරයි.

    එහෙයින් මෙවන් ධර්මානුකූල නොවන පරාුගමර්ථනාවන්ගෙන් වැළකී සිටිය යුතුයි. එමෙන්ම සාමූහික වශයෙන් වෙනත් ප්‍රාර්ථනාවන් කිරීමටත් කිසිඳු සාධකයක් නැත.

    නමුත් මනාල යුවල උදෙසා නබි නායක මුහම්මද් (සල්..) තුමාණන් පහත සඳහන් අයුරින් ප්‍රාර්ථනා කරමින් ශුභ පතා ඇත.

    අබ්දුර් රහ්මාන් බින් අව්ෆ් (රළි..) තුමා තමුන් සරණපාවා ගත් පුවත නබි නායක මුහම්මද් (සල්..) තුමාණන් හට පැවසූ අවස්ථාවේදී  بارك الله لك – ”බාරකල්ලාහු ලක” – අල්ලාහ් ඔබට බරකත් (එනම් සැගවුණු සෞභාග්‍යයන් පහළ) කරත්වා! යනුවෙන් ප්‍රාර්ථනා කළහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 5155 සහ 6386

    මෙය සාධක කොට ගෙන ”බාරකල්ලාහු ලක” යැයි මනාල යුවලට සුබ පැතිය හැකි ය.

    එසේ නැත්නම් بارك الله عليك ”බාරකල්ලාහු අෙලෙක” යන්නෙන් ද සුබ පැතිය හැකි බවට බුහාරි නම් වූ ග්‍රන්ථයේ හි හදීස් අංක 6387 යටතේ සඳහන් වන හදීසය සාධකයක් ලෙස තිබේ.

    තවද නබි නායක මුහම්මද් (සල්..) තුමාණන් විවාහයේදී මනාල යුවලට ශූභ පතන විට ”බාරකල්ලාහු ලක වබාරක අලෛක වජමඅ බෛනකුමා ෆී කෛර්” යනුවෙන් පවසති.

    මූලා්‍රෛ ග්‍රන්ථය – අබූ දාවූද් 1819 සහ අහ්මද් 8599.

    بارك الله لك وبارك عليك وجمع بينكما في خير

    අල්ලාහ් ඔබට බරකත් කරත්වා! යහපත් කටයුත්තන් හි ඔබ දෙදෙනා ව ම එක් කරත්වා! යන්න ඉහත සඳහන් කළ පරා් ර්ථනාවේ අර්ථය වේ. සෑම කෙනෙකුම වාගේ එනම් පිරිමි පක්ෂය මනාලයාටත් කාන්තා පක්ෂය මනාලියටත් නබි මගට අනුකූල වූ මෙම ප්‍රාර්ථනාවලින් එකක් මගින් හෝ ශුභ පැතිය හැකි ය.



    වැළකී සිටිය යුතු කරුණු

    විවාහ කටයුත්තක් සිදුවන විට වත්මන් මුස්ලිම් සමාජය තුළ ධර්මය පිළිබඳ නිසියාකාර දැනුමක් නොමැති පිරිස විසින් ඇතැම් කරිසිදයාවන් චාරිතරජය වශයෙන් සිදු කරනු ලැබීම බහුලව දක්නට ලැබේ. සැබැවින්ම පැවසුවහොත් ඉස්ලාම් දමහටත් වෙමන් කටයුතු චාරිතරිතා සහ සිරිත්විරිත් වලටත් කිසිඳු සම්බන්ධතාවයක් නැත. එබැවින් එවන් සිරිත්විරිත්වලින් වැළකී සිටීම අප සියලූ දෙනාගේ ම වැදගත් යුතුකමකි.

    තැල්ල බැඳීම හෝ කළු පබළු වැනි දේවල් වලින් සාදන ලද ඇට මාල බැඳීම සහ මනාල යුවල ඉදිරියේ ආලාර්ති ඇල්ලීම. සරණපාවා දී අවසන් වූ විගසම මනාලයා ව බදාගෙන වැලඳ ගෙන ශුභ පැතීම සහ පිරිමීන්ගෙන් හා කාන්තාවන්ගෙන් පිරිසක් එක්වී මනාල යුවලට විහිළුතහළු කිරීම. කෙසෙල් ගස් සිටුවීම මනාලයා පෙරහැරක කැඳවාගෙන යෑම මංගල උත්සවයේ දී නැටුම් ගැයුම් සහ සංගීත ප්‍රසංග පැවැත්වීම මංගල උත්සවයේදී සිදු කෙරෙනු ලබන කටයුතු හා සිදුවීම් ඡායාරූප ගැනීම සහ වීඩියෝ පටිගත කිරීම. විවාහයෙන් පසු මනාලියගේ දෙමාපියන්ගෙන් තෑගි බෝග දායාදය යන නමින් විවිධ අවස්ථාවන්හි ඉල්ලනු ලබන දෑවැදි. කුළුඳුල් දරු උපතේ දී යම්යම් සිරිත්විරිත් යැයි පවසමින් පරන කථම දරුවාට ආභරණ සාදා දමන ලෙස කාන්තාවගේ පවුලේ අයගෙන් ඉල්ලා සිටීම, ප්‍රථම දරුවා ප්‍රසූත කිරීම සඳහා සම්බන්ධ වන වියදම් සියල්ල බිරියගේ දෙමාපියන් මත පැටවීම සහ නොයෙකුත් කරුණු කාරණා උකහා දක්වමින් විවිධ අවස්ථාවන් හි බිරියගේ පවුලේ අයගෙන් භෝජන සංග්‍රාහ පිරිනමන ලෙස ඉල්ලා සිටීම. අන්‍ය ගමිකයින් පිටපත් කරගත් මෙවැනි චාරිත්‍රර සිරිත්විරිත් වලින් මුළුමනින් ම වැළකී සිටිය යුතුයි.

    ”අන්‍යගමිකයින්ගේ සංස්කෘතිය අනුකරණය කරන්නේ කවරෙක් ද ඔහු එම සමාජයට අයත් වූවෙකි” යන්න නබි නායක මුහම්මද් (සල්..) තුමාණන්ගේ අවවාදය යි.

    මූලාශ්‍ර ග්‍රන්ථය – තබ්රානි (මු:ජමුල් අව්සත්* 8327, බස්සාර් 2966

    තෑගි බෝග සහ ‘මොයි’ හෙවත් විවා මගුලකදී කවරයක දමා මුදල් දීම විවාහ කටයුත්තකදී ද අනෙකුත් අවස්ථාවන්හිදී ද නෑසියන් වෙතින් ද අනෙකුත් හිතමිතුරන් වෙතින් ද තෑගි බෝග ලබා ගැනීම ඉස්ලාම් දහමේ කිසිඳු තහනමක් නොමැත.

    ”කෙනෙකුට ඔහුගේ සහෝදරයාගෙන් ඔහු නොඉල්ලා යම් යහපත් දෙයක් අනපේක්ෂිිතව ලැබෙන්නේ නම් ඔහු එය ප්‍රතික්ෂේප නොකර ලබා ගත යුතු ය. මන්දයත් එය ඔහුට අල්ලාහ් විසින් දෙන ලද භාග්‍යයකි.” යනුවෙන් නබි නායක මුහම්මද් (සල්…) තුමාණන් දෙසූහ.

    මූලාශ්‍ර ග්‍රන්තය – බුහාරී 1473,7163 සහ 7164.

    කෙනෙකු විසින් පිරිනමනු ලබන තෑගිබෝග ප්‍රතික්ෂේප නොකළ යුතු යන්න ඉහත සඳහන් නබි නායක මුහ්ම්මද් (සල්..) තුමාණන්ගේ මුදුවදන පවසා සිටීයි.

    මොයි හා සලාමී යන නම්වලින් හඳුන්වනු ලබන ව්යාගජ තෑගි බෝග පිරිනැමීමෙන් වැළකී සිටිය යුතු ය. ‘කිසියම් තොගයක් පිරිනමා තමුන්හටත් එවැනි අවස්ථාවකදී එවැන්නක් හෝ එයටත් වඩා වැඩි පරන් මාණයකින් යුතු ව එය ආපසු ලැබිය යුතුයි’ යන අදහසින් ම මෙම මොයි යනුවෙන් හඳුන්වනු ලබන දෙය පිරිනමනු ලැබේ.

    යමක් පිරිනමා ඒ හා සමාන ව හෝ එයට වඩා වැඩි වශයෙන් හෝ ලබා ගැනීමේ චේතනාවෙන් යම්කිසි දෙයක් පිරිනැමීම තිළිණයක් ලෙස ගත නොහැකි ය.

    ”කිසියම් තෑග්ගක් දී එය ආපසු අපේක්ෂා කරන්නා වමනය කර එය අනුභව කරන්නෙකු හා සමාන ය.” යන්න නබි නායක මුහම්මද් (සල්..) තුමාණන්ගේ ඔවදනකි.

    මූලාශ්‍ර ග්‍රන්ථය –  බුහාරී 1490, 2589, 2621, 2623, 3003 සහ 6975.

    එබිවින් මෙවන් පිළිකුල් කළ යුතු තිළිණ පිරිනැමීමෙන් වැළකී සිටිය යුතුයි.

    (සැලකිය යුතුයි :- කිසිම බලාපොරොත්තුවකින් තොරව මුදල් වුවද ඕනෑම අවස්ථාවකදීත් ඕනෑම කෙනෙකු හට තිළිණයක් වශයෙන් පිරිනැමීම කිසිඳු තහනමක් නැත. එමෙන්ම විවාහ කටයුත්ත ඇතුළත් ව ඉස්ලාම් ධර්මානුකූල ඕනෑම කටයුත්තකදී පවා තිළිණයක් පිරිනැමීම යන්න අනුමැතියක් මිස අනිවාර්ය නොවූ කරුණක් බව අවධානයෙන් යුතුව වටහා ගත යුතුයි. තවද අප විසින් වලීමා සංග්‍රාහයට හෝ ඕනෑම ඉස්ලාම් ධර්මානුකූල කටයුත්තකට හෝ ආරාධනා කරනු ලැබූවන් පැමිණෙන කල්හි කිසිවක් හෝ තිළිණයක් වශයෙන් රැගෙන ආ යුතුයි යන්නෙන් අපේක්ෂාක නොකළ යුතුය. මන්දයත් ආරාධනාව පිළිගෙන පරයෙ තික්ෂෙස්ප නොකර පැමිණීමට යුතුකමක් ව තිබෙන වලීමා සංග්‍රාහවලට ද පවා තිළිණයක් වශයෙන් කිසිවක් දිය නොහැකි තත්වයක පසුවන ඇතැමුන් හට මෙය අපහසුතාවයකි.)


    දම්පතීන්ගේ වගකීම

    ”කාන්තාවන් නැමුණු (ශරීර) ඇටකටුවක් හා සමාන ය.” නුඹ එය ඇද හරින්නට උත්සාහ කළහොත් එය කඩා දමනු ඇත. එම ඇදයේ ම නුඹ ඇය ව සිටින්නට අත්හැර දමන්නේ නම් නුඹ අගෙන් සතුටක් හා ආස්වාදයක් විඳිනු ඇත” යනුවෙන් නබි නායක (සල්..) තුමාණන් දෙසූහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය –  බුහාරී 3331,5184 සහ 5186.

    ”දේව විශ්වාසයක් ඇති පිරිමියෙකු දේව විශ්වාසයක් ඇති තම භාර්යාව පිළිකුල් නොකරපු දෙන්! ඇගේ යම් ගුණාංගයක් ඔහු පිළිකුල් කරන විලසින් පිහිටා ඇත්නම් ඔහු පිරභාරය කළ හැකි වෙනත් ගුණාංගයක් ඇය සතුව දකින්නට පු`ඵවනි” යැයි නබි නායක මුහම්මද් (සල්..) තුමාණන් පැවසූහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම් 2915.

    ”දේව විශ්වාසයෙහි පූර්ණත්වය ලද්දාවන්නේ යහපත් ගතිගුණ ඇත්තා ය. නුඹලා අතුරින් යහපත් පුද්ගලයා වන්නේ සිය බිරිඳ වෙත හො\‍කාරව හැසිරෙන්නා වේ.” යැයි නබි නායක මුහම්මද් (සල්..) තුමාණන් දෙසූහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – අහ්මද් 7095 සහ තිර්මිදී 1082.

    ”කාන්තාවන්ව යහපත් ලෙස නඩත්තු කරන්න! ඔවුන් නුඹලා යටතේ පිළිසරණ පතනු ලැබ ආරක්ෂාමව පිණිස පසුවන්නන් ය. ඒ හැර ඔවුන් කෙරෙහි නුඹලා හට වෙනත් කිසිඳු අයිතිවාසිකමක් නොමැත.” යනුවෙන් නබි නායක මුහම්මද් (සල) තුමාණන් පැවසූහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදී 1083.

    ”කාන්තාවක් තම ස්වාමි පුරුෂයාගේ තෘප්තිමත් භාවය ලැබ සිටි තත්වයේදී මරණයට පත්වුවහොත් ඇය ස්වර්ගයට පිවිසෙන්නේ ය.” යනු නබි නායක මුහම්මද් (සල)තුමාණන් ප්‍රකාශ කළ ශුභාරංචියකි.

    මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදී 1081.

    ‘අප අපගේ භාර්යාවන් හට කළ යුතු යුතුකම් කුමක්දැ’යි වරෙක විමසුවෙමි. එයට එතුමාණන් ”නුඹ කුමක් අනුභව කරන්නේ ද ඇයටත් එය දෙන්න! නුඹ කුමක් අඳින්නේද එය ම ඇයටත් අඳින්නට දෙන්න! තවද (නුඹලා දෙපොල අතර කිසියම් ගැටලූවක් මතුවූ අවස්ථාවකදී පවා) අගේ මුහුණට නොගසන්න! ඇය නින්දාවට පත් නොකරන්න! නිවසෙහි හැර පිටතැන්වල අයට අවවාද කරනු පිණිස සැර නොකරන්න!’ යනුවෙන් අවවාදානුශාසනා කළහ.

    මූලාශ්‍ර ගන්තය – අබූ දාවූද් 1830.


    විවාපත් වීමට තහනම් වූ අය

    1. මුස්ලිම්වරයෙකු අල්ලාහ් හට කිසිවෙක් හෝ කිසිවක් ආදේශ ව උපකල්පනය කරන්නන් වන මුෂ්රික්වරුන් ව විවාහ කර ගැනීම තහනම් ය.

    (එකම දෙවියන් හට) ආදේශ ව උපකල්පනය කරන ස්ත්‍රීන් විශ්වාස කරන තෙක් ඔවුන් සරණපාවා නොගන්න! ආදේශ ව උපකල්පනය කරන තැනත්තිය කෙතෙරම් නුඹලාව ආකර්ෂණය කළත් ඇයට වඩා විශ්වාස කළ වහල් ස්ත්‍රීය යහපත් තැනැත්තියකු වේ. ආදේශව උපකල්පනය කරන පිරිමීන් විශ්වාස කරන තෙක් ඔවුන්ට (නුඹලාගේ ස්ත්‍රීන්ව) සරණපාවා නොදෙන්න! ආදේශව උපකල්පනය කරන තැනැත්තා කෙතරම් නුඹලාව ආකර්ෂණය කළත් ඔහුට වඩා විශ්වාස කළ වහලා යහපත් තැනැත්තෙකු වේ. ඔවුහු නිරයට කැඳවති. අල්ලාහ් තම අභිමතය පරිදි ස්වර්ගය හා ක්ෂකමාව උදෙසා කැඳවයි. දැනමුතුකම ලබනු පිණිස (දෙවියන්) තම වැකියන් මිනිසුන් හට පැහැදිලි කරයි.

    ශුද්ධ වූ කුර්ආනය 2-221

    විශ්වාස කළ අයලූවනී! විශ්වාස කළ ස්ත්‍රීන් හිජ්රත් කර නුඹලා වෙත පැමිණියහොත් ඔවුන්ව පරිශීලනය කර බලන්න! ඔවුනගේ විශ්වාසය ගැන අල්ලාහ් මනාව දන්නකු වේ. ඔවුන් විශ්වාස කළවුන් යැයි නුඹලා දැනගතහොත් ඔවුන් ව (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කන්නන් වෙත ආපසු හරවා නො යවන්න! මොවුන් ඔවුනට අනුමැතිය ලද්දන් නොවේ! ඔවුන් මොවුනට අනුමැතිය ලද්දන් ද නොවේ. ඔවුහු (මෙම ස්ත්‍රීයන් වෙනුවෙන්) වියදම් දෑ ඔවුනට දෙන්න! ඔවුනට හමි (මංගල) දායාදයන් නුඹලා පිරිනැමුවහොත් ඔවුන් සරණපාවා කර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නොමැත. එකම දෙවියන් පරන් තික්ෂේ්ප කරන ස්ත්‍රීන් සමග (කලින් කළ) විවාහ ගිවිසුම් (මින් අනතුරුව) තව දුරටත් නො පනත්වාගෙන යන්න! නුඹලා වියදම් කළ දෑ නුඹලා ඉල්ලා ගන්න! ඔවුන් වියදම් කළ දෑ ඔවුන් ඉල්ලා ගත්ත දෙන්! අල්ලාහ්ගේ නියෝගය මෙය වේ. නුඹලා අතරෙහි ඔහු විනිශ්චය දෙයි. අල්ලාහ් සර්වඥයකු හා ප්‍රඥවන්තයකු වේ.

    ශුද්ධ වූ කුර්ආනය 60- 10

    2. ඉද්දා නම් වූ නියමිත කාලසීමාව අවසන් වන තෙක් විවාහ කර ගැනීම තහනම් වේ.

    ස්වාමී පුරුෂයා අහිමිවූ කාන්තාවන් තමුනට නියමිතවූ ඉද්දා නම් කාලසීමාව අවසන් වන තෙක් විවාහ වීමටත් විවාහ ගිවිසුම් ගිවිස ගැනීමටත් නොහැකි ය.

    (ඉද්දා නම් කාලසීමාව තුළ) ඔවුන් සරණපාවා ගන්නට අදහස් කිරීම හෝ විවාහ යෝජනාව ඉඟියෙන් මෙන් වකරාඉද ව ගෙනහැර පෑම හෝ නුඹලා කෙරෙහි වරදක් නොමැත. ඔවුන් ව නුඹලා (හදවතින්* කැමැති වන බව අල්ලාහ් දනී. යහපත් වදන් පර නුකාශ කිරීම හැර රහසිගතව ඔවුනට පොරොන්දු නොවන්න! නියමිත කාල සීමාව අවසන් වන තෙක් සරණපාවා ගැනීමේ නිගමනයට නොපැමිණෙන්න! නුඹලා තුළ ම තිබෙන බව අල්ලාහ් දනී යැයි දැනගෙන ඔහුට බියවන්න! අල්ලාහ් ක්ෂනමාකරන්නා ය; ඉතා ඉවසීමේ ස්වභාවයෙන් යුක්ත වූවකු යැයි දැනගන්න!

    ශුද්ධ වූ කුර්ආනය – 2-235

    3. තම පියාගේ බිරියන් සරණපාවා ගැනීම තහනම් වේ.

    නුඹලාගේ පියවරු සරණපාවා ගත් ස්තරීා ගන් සරණපාවා නොගන්න! කලින් සිදුවූ දෙය හැර ය. මෙය අපකීර්තිමත් හා පිළිකුල් සහගත අශීලාචාර කර්තරමයකි.

    ශුද්ධ වූ කුර්ආනය – 4:22


    විවාපත් වීමට තහනම් වූ නෑකම්

    පිරිමි පක්ෂ ය පහත සඳහන් වන ඥාතී සම්බන්ධකම් තිබෙන ස්ත්‍රීන් හා විවාපත් වීම සම්පූර්ණයෙන් තහනම් වේ.

    • සිය මව
    • සිය දියණිය
    • සිය සහෝදරියන්
    • සිය මවගේ සහෝදරියන්
    • සිය පියාගේ සහෝදරියන්
    • සිය සහෝදරයාගේ දියණියන්
    • සිය සහෝදරියගේ දියණියන්
    • තමුන් හට කිරි පෙවීමෙන් මව වශයෙන් පත්වූ අය
    • තමාට කිරි පෙවූ උපමාතාවගේ දියණියන්
    • තම බිරියගේ මව
    • තම බිරියගේ දියණියන්
    • තම පුතරයගේයාගේ බිරිය
    • තවද සම කාලයේ (එක් කුස උපන්* සහෝදරියන් දෙදෙනකු බිරියන් වශයෙන් පත් කර ගැනීමට ද නොහැකි ය.
    • කාන්තාවන් විවාපත් වීමට තහනම් වූ නෑකම්,
    • තම පියා
    • තම පුතර ් යා
    • තම සහෝදරයා
    • සිය මවගේ සහෝදරයන්
    • සිය පියාගේ සහෝදරයන්
    • සිය සහෝදරයාගේ පුතර් යින්
    • සිය සහෝදරියගේ පුතර් යින්
    • තමුන්ට කිරි පෙවූ මවගේ සැමියා
    • තමාට කිරි පෙවූ උපමාතාවගේ පුතරපන්යින්
    • තම සැමියාගේ පියා
    • සිය දියණියගේ සැමියා

    තවද (එක් කුස උපන්) තම සහෝදරියගේ සැමියා ඇය සමග එක්ව වසන තුරු විවාපත් වීමටත් නොහැකි ය. මෙසේ විවාපත් වීමට තහනම් වූ අය පිළිබඳව පාරිශුද්ධ කුර්ආනයේ 4-23 වැකිය තුළින් අවබෝධ කර ගත හැකි ය.

    නුඹලාගේ මෑණියන්, නුඹලාගේ දියණියන්, නුඹලාගේ සහෝදරියන්, නුඹලාගේ පියාගේ සහෝදරියන්, නුඹලාගේ මෑණියගේ සහෝදරියන්, සහෝදරයාගේ දියණියන්, සහෝදරියගේ දියණියන්, නුඹලාට කිරි පෙවූ උපමාතාවන්, කිරි පෙවූ උපමාතාවගේ දියණියන්, නුඹලාගේ බිරියන්ගේ මෑණියන් සහ නුඹලා සංවාසයෙහි යෙදුනු බිරියට (ඇගේ පෙර ස්වාමී පුරුෂයාට දාවා) උපන් නුඹලාගේ භාරකාරත්වයේ පසුවන බිරියගේ දියණියන් යන අය (සරණපාවා ගැනීමට) තහනම් කරනු ලැබූ අය වේ. නුඹලා නුඹලාගේ බිරියන් සමග (කිසිදාක* සංවාසයෙහි නොයෙදුන (තත්වයේදී අයව දික්කසාද කළ) හොත් (ඔවුන්ගේ දියණියන් ව සරණපාවා ගැනීම) නුඹලා කෙරෙහි වරදක් නොමැත. නුඹලාට උපන් පුත්‍රයන්ගේ බිරියන් ද (තහනම් කරන ලද්දන් ය) සම කාලයේ සහෝදරියන් දෙදෙනකු ව සරණපාවා ගැනීම ද (තහනම් කර ඇත.) පෙර සිදුවූ දෙය හැර වේ. අල්ලාහ් ක්ෂමා කරන්නකු ලෙසත් අසමසම දයාවන්තයකු ලෙසත් සිටියි.

    ශුද්ධ වූ කුර්ආන් 4-23

    ලේ නෑකම් හේතු කොට ගෙන සරණපාවා ගන්නට තහනම් වූ අය කවුරුන් දැයි පිළිබඳ ව ඉහත සඳහන් කළෙමු. එමෙන්ම අන්යව කාන්තාවන්ගෙන් කිරි උරාබීම හේතුවෙන් ඉහත හුවා දැක්වූ ඥාති සම්බන්ධකම් ඇති වන්නේ නම් ඔවුන් ව ද සරණපාවා ගත නොහැකි ය.

    එනම් කෙනෙකු ළදරුවකු ලෙස පසුවූ සමයෙහි එක් ස්ත්‍රීයකගෙන් ඇගේ තන පුඩුවෙහි මුව තබා කිරි උරා බිව්වහොත් ඇය එනම් එම උපමාතාව ඔහුට මවකු වශයෙන් පත් වන්නේ ය. මේ හේතුවෙන් ඇගේ බාළ සහෝදරිය ඔහුට පුංචි අම්මා වශයෙන්ද ඇගේ වැඩි මහල් සහෝදරිය ලොකු අම්මා කෙනෙකු වශයෙන්ද පත් වෙති. එහෙයින් ඔවුන් ව ද සරණපාවා ගන්නට අනුමැතියක් නොහැත.

    කිරි පෙවූ අන්යු කාන්තාව හෙවත් උපමාතාව තමා ව පරැතිසූත කළ මවගේ ස්ථානයේ තබා බැලූවහොත් ඇගේ නෑසියන් ද අප මුලින් හුවා දැක්වූ ඥාති සම්බන්ධකම් හි පසුවන්නේ නම් ඔවුන් ව ද සරණපාවා ගැනීමට තහනම් ය.

    ”ලේ නෑකම් හේතු කොටගෙන සරණපාවා ගැනීමට තහනම් කරන ලද නෑසියන් කිරි උරාබීම හේතුවෙන් ද තහනම් වූවන් වේ.” යනු නබි වදනකි.

    මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 2645 සහ 5110.

    තවද මේ හැර එක් ස්ත්‍රීයක් සමග විවාපත් වී වසන සමයෙහි ඇගේ මවගේ සහෝදරිය සමග ද සම කාලයේ විවාපත් වීමට තහනම් වේ. එලෙසින් ම බිරියගේ පියාගේ සහෝදරිය සමග ද සම කාලයේ විවාපත් වීමට තහනම් වේ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 5110.

    නමුත් බිරිය මරණයට පත්වුවහොත් නැත්නම් දික්කසාද කරනු ලැබුවහොත් බිරියගේ මවගේ සහෝදරිය හා විවාපත් විය හැකි ය. එමෙන්ම සිය බිරියගේ පියාගේ සහෝදරිය සමග ද විවාපත් වීමට කිසිඳු තහනමක් නොමැත.


    කිරි පෙවිය යුතු වයස සහ පර නෑමාණය

    ‘එක් කාන්තාවකගෙන් දරුවෙකු කුමන වයසේ කිරි උරා බීව ද ඇය එම දරුවාට මවකු බවට පත්වන්නේ ය‘ යන්නෙන් අපගේ බොහෝ දෙනෙකු අදහස් දරති. දරුවෙකුට කාන්තාවක් මවකු ලෙසට පත්වන්නේ වයස අවුරුදු දෙකක් නොඉක්වමූ එයට ඇතුළත් වූ වයසෙහි කිරි පෙවූ විට ය. කිරි පොවන පෙවිය යුතු වයස වශයෙන් පාරිශුද්ධ කුර්ආනය 2-233 වැකිය තුළින් ප්‍රකාශ කරන්නේ අවුරුදු දෙකක් ලෙසයි.

    එමෙන්ම දරුවා – මව යව සම්බන්ධකම ඇති වන්නේ දරුවාගේ කුස ගින්න නැති වන තෙක් ද සිව් වතාවටත් අධික ව ද කිරි පෙවූ විට ය.

    කිරි පෙවීම යනු කුස ගිනි නැති කිරීමයි යන්නෙන් නබි නායක මුහම්මද් (සල්..) තුමාණන් ප්‍රකාශ කළහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 2647 සහ 5102.

    ”වරක් හෝ දෙවරක් හෝ කිරි උරාබීම හේතුවන් විවාපත් වීමට තහනමක් ඇති නොවේ” යනුවෙන් නබි නායක මුහම්මද් (සල්..) තුමාණන් පැවසූහ.

    මූලාශර ද ය : මුස්ලිම් 2869.

    ආයිෂා (රළි.) තුමිය විසින් දන්වන ලද තවත් දැනුම් දීමක ‘විවාපත් වීමට තහනමක් ඇති වන්නේ පස් වතාවක් කිරි උරා බිවහොත් පමණි’ යැයි සඳහන් වේ.


    අඹු සැමි කායික සම්බන්ධය

    දම්පතීන්ගේ කායික සංසර්ගය අළලා නොයෙකුත් ව්යාපජ කථා සහ මිත්යාර මත මුස්ලිම් සමාජය තුළ පරකරුසාරණය වී ඇත. නමුත් ඉස්ලාම් දහම මෙම කරුණ අළලා ඉතා සුළු අන්දමින් අර්ථවත් ලෙස තහංචි පනවා ඇත.

    • ඔසප් කාලය

    මාසික සෘතුවීම් ඇති වන සමයෙහි සංවාසයෙහි යෙදීම මුළුමනින්ම තහනම් වේ.

    ”මාස් ශුද්ධිය පිළිබඳ ව ද නුඹගෙන් විමසති. එය පීඩාවකි. එහෙයින් ඔසප් වන කල්හි ස්ත්‍රීන්ගේන් (සංවාසයෙහි නොයෙදී) වැළකී සිටින්න!” ඔවුන් පිරිසිදු වන තෙක් ඔවුන් වෙත ළං නොවන්න! ඔවුන් පිරිසිදු වී අවසන් නම් අල්ලාහ් නුඹලාට නියෝග කළ පරිදි ඔවුන් වෙත යන්න! නිවැරැුදි කර ගන්නන් ව අල්ලාහ් පරි නොය කරයි. පිරිසිදු ව සිටින්නන් ව ද පරියෝගය කරයි.” යනුවෙන් පවසන්න!

    ශුද්ධ වූ කුර්ආන් 2- 222

    • ගුද මාර්ගයෙහි සේවනයෙහි යෙදීමත් ඉස්ලාම් දහම මුළුමනින් ම තහනම් කරයි.

    ”තම භාර්යාවගේ ගුද මාර්ගයෙහි සංසර්ග කරන්නා ශාප කරන ලද්දා වේ.” යැයි නබි නායක මුහම්මද් (සල්..) තුමාණන් අවවාද කළහ.

    මූලාශ්‍ර ග්‍රන්ථය – අබූ දාවූද් 1847.

    (සැලකිය යුතුයි : තවද උපවාස ශීලය රැක සිටින අවස්ථාවේ දී ද ඉ:තිකාෆ් හි පසුවන විට ද හජ් සහ උම්රා නැමදුම ඉටුකිරීම සඳහා ඇඳිය යුතු වස්තරඋපවය ඇඳ ඉහ්රාම්හි පසුවන විට ද සංවාසයෙහි යෙදීම තහනම් වේ.)

    මේ හැර දම්පතීන්ගේ කායික සම්බන්ධතාවයෙහි වෙනත් කිසිඳු තහනමක් නැත. ‘අසවල් අසවල් දිනවල නැත්නම් අසවල් අසවල් වේලාවල් හි කායික සංසර්ගය නොකළ යුතුයි’ යනුවෙන් අලි (රළි..) තුමා ප්‍රකාශ කළ බව කියනු ලබන සියලූ කියමන් සත්‍යයෙන් තොර ඒවා වේ.

    තවද සංසර්ගය කළ යුත්තේ නියමිත පරිදි යනුවෙන් ද දම්පතීන් අතර කෙනෙකු අනෙකාගේ රහස් අවයවයන් නොබැලිය යුතු යැයි ද ප්‍රකාශ වන සියල්ලක් ම වාගේ ගොතන ලද අමූලික මනෝමය මිත්‍යාවන් වේ. මෙලෙස තහංචි පැනවීමට පාරිශුද්ධ කුර්ආනයේ වැකියක් හෝ සම්මත හදීසයක් හෝ නොමැති බව සැලකිය යුතුයි.

    අල්ලාහ් කිසිවක් වසන්කරන්නේ ද නැත. එමෙන්ම කිසිවක් අමතක කරන්නේ ද නැත. සංවාසයෙහි යෙදෙන අවස්ථාවේදී වැළකී සිටිය යුතු දෙයක් තිබේ නම් සැබවින්ම ඔහු පැහැදිලිව පවසන්නේ ම ය.

    ඉහත දැක්වෙන අවවාදානුශාසනා සියල්ලම අඹු සැමියන් අවධානයට ගත යුතු ය. ඉස්ලාම් දහම පවසන මෙවන් කරුණු සහ ඔවදන් මනා අන්දමින් අප ජීවිතයේ පිළිපැදීමටත් මෙලොවෙහි හා පරලොවෙහි ජය ලබන්නටත් සර්ව බලධාරි අල්ලාහ් අප කෙරෙහි ආශිර්වාද කරත්වා!

     

    (මෙය අබූ මුහම්මද් නම් පාඨකයෙකු විසින් යහමඟට යොමු කල ලිපියක් පාඨක ‍ඔබේ කියවීමේ පහසුව සදහා සංස්කර්ණය කොට මෙලෙස ඉදිරිපත් කරමි.)

    ඉදිරිපත් කිරීම – අබූ අර්ශද්

    අබූ අර්ෂද්

    අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

    Similar articles

    

    අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

    විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *