විශ්වයේ අප කොතැනද?

0

මණ්දාකිණි විශ්වයේ උපත, ක්‍රියාකාරීත්වය හා විකාශනය පිලිබදව කථා කරන ලිපි පෙලක තවත් ලිපියක් අද දිනයේ ද ඉදිරිපත් කරන්නට අදහස් කරමි. මීට ඉහත ඉදිරිපත් කල ‘මහා පිපුරුම හා විශ්වයේ උපත‘ යන ලිපිය මඟින් විශ්වයේ උපත විද්‍යාත්මක හා ඉස්ලාමීය දෘෂ්ඨියෙන් විමසා බැලුවෙමි. එය කොතරම් දුරකට සමබර විමසුමක්ද? යන්න තීන්දු කිරීම ඔබට බාර කරමින් අද මෙහි මා අවදානය යොමු කරන්නේ තාරකා විද්‍යාව පිලිබදව, ග්‍රහවස්තූන්වල පිහිටීම පිලිබදව උනන්දුවක් දක්වන පිරිස් දැනසිටිය යුතුම වැදගත් තවත් මාතෘකාවක් පිලිබදවයි. ඒ ‘විශ්වයේ අප කොතැනද?’ යන කාරණය පිලිබදවයි. මේ ලිපිය කියවන සමහරක් පිරිසට මා පෙර සදහන් කලාසේ ‘ආගමික කරුණු කථා කරන විට මෙවැනි මාතෘකාවක් අපට වැදගත් වන්නේ කොහොමද?’ යනාදී ලෙස සිතෙන්නට පුළුවන. නමුත් කාරණා කිහිපයක් නිසා මෙම මාතෘකාව ආගමික දෘෂ්ඨියෙන් ද අපට ඉතා වැදගත් වේ. එනම්,

  • මා මීට පෙර ලිපි මඟින් ඉදිරිපත් කලාසේ, 2-164, 21-30, 10-101, 12-105… යනාදී ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මඟින් අණාවර්නය කලාසේ විශ්වය පිලිබදව හා එහි ඇති මැවීමන් අධ්‍යනය කිරීම ඉස්ලාම් අපට උනන්දු කරවන කාරණයක් නිසා.
  • මෙවැනි විෂයන් අධ්‍යනය කිරීම හා කථා කිරීම තුලින් අල්ලාහ් (දෙවි)ගේ නිර්මාණාත්මක ශක්තිය හා හැකියාව හොදින් වටහා ගැනීමට මනුෂ්‍යාට හැකි වන නිසා.
  • විශ්වය පිලිබදව නිසි අවබෝධයක් නොමැතිව වහසිබස් දොඩන පිරිස්, විටෙක ඉස්ලාම් දහමට එරෙහිව පවා අපහාසාත්මක ලෙස වහසිබස් දොඩන පිරිස් මේ විශ්වය තරම දැනගත යුතු නිසා.
  • මේ විශ්වය කොතරම් විශාලද? එහි අප කොතැනද යන්න නිවරුදිව වටහා ගැනීම අත්‍යඅවශ්‍ය නිසා

මෙවැනි හේතු රාශියක් නිසා මේ විශ්වය හා එහි අප සිටිනා තැන අධ්‍යනය කිරීම මුස්ලීම්වරුන් වශයෙන් අපට ද වැදගත් වේ. විශේෂයෙන් පහත ශුද්ධ වූ වාක්‍යය හොදින් විමසා බලන්නේ නම්, එය මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්‍ය අවශ්‍යතාවයක් වන ආකාරය ද හොදින් වටහාගත හැක. එනම්,

ඔවුහු අහස්හි සහ මහපොළොවෙහි ක්‍රියාකාරීත්වය ගැනද අල්ලාහ් නිර්මාණය කළ දැය ගැනද ඔවුන්ගේ අවසාන කාලය ළඟා වී ඇතැයි යන්න ගැනද සිත් යොමා නොබැලුවෙහිද?…

ශුද්ධ වූ කුර්ආනය 7-185

ඉහත වාක්‍යයට අමතරව වරක් අල්ලාහ් (දෙවි) පැවසූ බවට මුහම්මද් (සල්) තුමාණන් ද මෙසේ පවසන ලදී. එනම්,

‘මම සැඟවුණු නිධානයක් වෙමි. එමනිසා මාව මනුෂ්‍යාහට දැනගැන්වීමට අදහස් කලෙමි. ඒ හේතුව නිසා මැවීමන් කළෙමි.’ (හදීස් කුදිසි)

මේ හදීසය තුලින් ද කියාපාන්නේ දේව මැවීමන් පිලිබදව මුස්ලීම්වරුන් අධ්‍යනය කිරීම අත්‍යඅවශ්‍ය යන්නත්, ඒ තුලින් දෙවියන් හදුනාගැනීම පහසුවන බවත් ‍නොවේද?. එසේනම් මෙවැනි මාතෘකාවන් මුස්ලීම් සමාජය තුල සංවාදයට ගැනීම අනිවාර්‍ය අවශ්‍යතාවයක්ද?  යන්නෙහි තවදුරටත් සැකයක් පැවතිය නොහැක. මුස්ලීම්වරුන්ට පමණක් නොව සමහරක් අවස්ථාවල දී  මේ විෂය මුස්ලීම් නොවන පිරිසට ද වැදගත් වේ. විශේෂයෙන් ඉස්ලාමීය ඉගෙන්වීමන් හි මුල, අග, මැද නොදැන දේව සංකල්පය හා ඔහුගේ මැවීමන්විවේචනය කරන හා වහසිබස් දොඩන පිරිස ද මේ විශ්වයේ තරම හා එහි අප කොතැනද යන්න නිවරුදිව වටහා නොගෙන යම් යම් ප්‍රකාශයන් කරන අවස්ථාවන් දක්නට ලැබේ. ඒ අනුව ඉස්ලාම් දහමට එරෙහිව වහසිබස් දොඩන එවැනි පිරිසටත්, එම වහසිබස් මහා යෝධ එමෙන්ම බුද්ධිමත් තර්ක ලෙස හිස්මුදුන් තබා අගයන පිරිසටත්, මේ විෂය ඉතා වැදගත් වේ.

මේ විෂය කෙරෙහි නිසි අවබෝධයක් නොමැති සමාජය මධ්‍යයේ ඉදිරිපත් වන කිසිදු වැදගත්කමක් නොමැති සමහරක් මතවාද පවා ප්‍රබල වාදයන් බවට සමාජගත වන අවස්ථාවන් අප නිතර දකින්නෙමු. එවැනි නිදසුන් දෙකක් ඔබේ විමසුමට ගෙන එන්නේ නම්,

  • දේව සංකල්පය ප්‍රතික්ෂේප කල නීල් ආම්ස්ට්‍රෝං ප්‍රථමයෙන් හඳට ගොස් පැමිණ පවසා ඇත්තේ ’මා අහස පුරා දෙවියන් සෙවූවත් එහි දෙවියෙක් දැකගත නොහැකි විය’ යනුවෙනි. මේ ප්‍රකාශය බුද්ධිමත් ප්‍රකාශයක් ලෙස සමාජ ගතකරන්න අදටත් බොහෝ පිරිස් උත්සාහ කලත්, මේ ලිපිය ඉදිරියට කියවීමේ දී ඔහුගේ එම ප්‍රකාශය කොතරම් පටු එකක්ද? යන්න ඔබට ම වටහා ගත හැක.
  • එසේම මීට කලකට ඉහත අප රටේ ජනප්‍රිය පුවත්පතක් වන ‘දිවයින’ පුවත්පත එක්තරා ලිපියක සටහන් කර තිබුණේ ‘මුස්ලීම් ජනතාවගේ දෙවියන් හ‍දේ සිටින නිසා ඔවුන් හඳට මුල්තැන දී කටයුතු කරනවා’ යනුවෙනි. කිසිදු පදනමකින් තොරව මෙවැනි ප්‍රකාශ සිදුකිරීමට පවා මූලික හේතුව ඉස්ලාම් දහම පිලිබදව මූලික අවබෝධය නොමැති වීම මෙන්ම විශ්වය හා එහි ස්වභාවය පිලිබදව මූලික අවබෝධය ‍නොමැති වීමය.

එසේනම් විශ්වයේ අප කොතැනද? යන්න විමසා බැලීම මුස්ලීම් හා මුස්ලීම් නොවන විෂය පිලිබදව උනන්දුවක් දක්වන සියළුදෙනාට ම වැදගත් යන්නෙහි දෙවැනි මතයක් නැත. එසේනම් ඒ පිලිබදව දැන් අවදානය යොමු කරමු.

නූතන විද්‍යාත්මක පිලිගැනීම අනුව අපේ සූර්‍යග්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ ‘ක්ෂීරපථය’ නම් මන්දාකිණියක් තුලයි. මන්දාකිණියක් යනු සූර්‍යයාවන් (තාරකා) විශාල සංඛ්‍යාවක් (මිලියන ගණනනක්) එක් වී සෑදුනු තරු පොකුරකි. එක් මන්දාකිණියක විශ්කම්භය ආලෝක වර්ෂ 100000 ක් පමණ වන බවත්, විශ්වය පූරා මෙවැනි මන්දාකිණි බිලියන ගණනක් පවතින බවත් පැවසේ. තවද අපේ මන්දාකිණිය ආලෝක වර්ෂ 100000 යක විශ්කම්භයෙන් හා ආලෝක වර්ෂ 1000 ක ඝනකමින් යුක්තය. අපේ මන්දාකිණියේ කේන්ද්‍රයේ සිට ආලෝක වර්ෂ 30000 ක් පමණ දුරින් සූර්‍යයා පිහිටා ඇති බවත් ප්‍රකාශ වේ. තවද අපේ මන්දාකිණියට ආසන්නව තවත් මන්දාකිණි 03ක් පිහිටා ඇති අතර එවා දුර අනුව පිලිවලින්,

  • ක්ෂීරපථයේ සිට ආලෝක වර්ෂ 190000 ක් දුරින් ඇති ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණිය ජනවාරි මාස සිට සැප්තැම්බර් දක්වා උතුරු අහසේ කුඩා දුම්වලාවක් සේ පියවී ඇසට අපට පෙනේ,
  • ක්ෂීරපථයේ සිට ආලෝක වර්ෂ 150000 ක් දුරින් ඇති මැඟලන් මන්දාකිණිය ජනවාරි මාස සිට මාර්තු මාස දක්වා දකුණු දිග අහසේ පියවී ඇසට අපට දිස්වේ,
  • ක්ෂීරපථයේ සිට ආලෝක වර්ෂ 800000 ක් දුරින් ඇති මෙසියර් 31 නම් මන්දාකිණිය පිහිටා ඇත.

මණ්දාකිණිදැන් ඔබට අප පිහිටී තැන පිලිබදව දළ අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. එය තවදුරටත් අවබෝධ කරගැනීම පිණිස පහත රූප සටහන් පෙලෙන් උත්සාහ කරමු. එහිදී ඔබේ විශේෂ අවදානය යොමු වියයුතු කාරණා කිහිපයක් ඇත. එනම්,

  • එම රූප පෙලේ අංක අනුපිලිවල
  • එහි පරිමානය (Light Years) ‘ආලොක වර්ෂ’ (ආලෝක වර්ෂය යන්න කුමක්ද? යන්න මීට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත) යන්න කොතරම්ද? යන්න පිලිබදව
  • එසේම එම රූපරාමු පිලිබදව පහතින් කරන හැදින්වීම

එසේනම් එම රූප රාමුවෙත දැන් අවදානය යොමු කරමු.

විශ්වයඉහත රූප අතුරින්…

  1. මෙහි දැක්වෙන්නේ අප පෘථිවිය ඇතුළු සූර්‍යග්‍රහ මණ්ඩලයයි.
  2. අප පෘථිවිය අයත් සෞරග්‍රහ මණ්ඩලය කේද්‍රයකරගත් ආලෝක වර්ෂ 10 ක් තරම් විශාල ප්‍රදේශයක් තුල පිහිටි ග්‍රහ වස්තූන්
  3. සෞරග්‍රහ මණ්ඩලය කේද්‍රයකරගත් ආලෝක වර්ෂ 100 ක් තරම් විශාල ප්‍රදේශයක් තුල පිහිටි ග්‍රහ වස්තූන්
  4. සෞරග්‍රහ මණ්ඩලය කේද්‍රයකරගත් ආලෝක වර්ෂ 1000 ක් තරම් විශාල ප්‍රදේශයක් තුල පිහිටි ග්‍රහ වස්තූන්
  5. සෞරග්‍රහ මණ්ඩලය කේද්‍රයකරගත් ආලෝක වර්ෂ 10000 ක් තරම් විශාල ප්‍රදේශයක් තුල පිහිටි ග්‍රහ වස්තූන්
  6. සෞරග්‍රහ මණ්ඩලය කේද්‍රයකරගත් ආලෝක වර්ෂ 100000 ක් තරම් විශාල ප්‍රදේශයක් තුල පිහිටි ග්‍රහ වස්තූන්
  7. සෞරග්‍රහ මණ්ඩලය කේද්‍රයකරගත් ආලෝක වර්ෂ මිලියන 10 ක් තරම් විශාල ප්‍රදේශයක් තුල පිහිටි ග්‍රහ වස්තූන්
  8. සෞරග්‍රහ මණ්ඩලය කේද්‍රයකරගත් ආලෝක වර්ෂ මිලියන1 ක් තරම් විශාල ප්‍රදේශයක් තුල පිහිටි ග්‍රහ වස්තූන්
  9. සෞරග්‍රහ මණ්ඩලය කේද්‍රයකරගත් ආලෝක වර්ෂ බිලියන 1 ක් තරම් විශාල ප්‍රදේශයක් තුල පිහිටි ග්‍රහ වස්තූන්
  10. සෞරග්‍රහ මණ්ඩලය කේද්‍රයකරගත් ආලෝක වර්ෂ මිලියන 100 ක් තරම් විශාල ප්‍රදේශයක් තුල පිහිටි ග්‍රහ වස්තූන්

දැන් ඔබට අප ජීවත් වන විශ්වය කොතරම් විශාල ද යන්න පිලිබදව දළ අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. මෙතැනදී ඔබ වටහා ගතයුතු වැදගත් කාරණයක් ඇත. එනම්, ඉහත සියළු ගණනය කිරීම් නූතන විද්‍යාව විසින් කරන ලද 100% ක් නිවරුදි ගණනය කිරීම් නොවන බව හා එහි විටින් විට සංශෝධනයන් ද සිදුවන බවයි. නමුත් මෙම අගයන් හි විශාල වෙනස්වීමන් නම් අපේක්ෂා කල නොහැක. එසේනම් දැන් මා ඉහතින් සදහන් කල ‘නීල් ආම්ස්ට්‍රෝංගේ’ ප්‍රකාශය නැවත විමසා බලන්න. පෘථිවියේ සිට සඳට ගොස් විශ්වයේ මැවුම්කරුවා සෙවූ ඔහු බුද්ධිමතෙක්ද? ඔහුගේ එම ප්‍රකාශය බුද්ධිමත් ප්‍රකාශයක්ද?. එය කොතරම් බොළද එසේම අනුවනක්කාර ප්‍රකාශයක් ද?. එසේනම් මේ විශ්වයේ අප සිටිනා තැන කොතැනද යන්න දැන් ඔබට පැහැදිලි වියයුතුය. එය තීන්දු කිරීමට මීට වඩා දත්තයන් හා සාධක අවශ්‍ය ද නොවේ. එසේනම් මේ ලිපියේ තවත් කොටසක් වන ‘විශ්වය තුල අප යන්නේ කොයිබටද?’ යන්න පිලිබදව ඉදිරියේදී කථා කිරීමේ පොරොන්දුව මත මෙම ලිපියට විරාමය තබන්නේ ශුද්ධ වූ කුර්ආනය පවසන අභියෝගාත්මක හා මතභේදාත්මක සත්‍යයක් ද ඔබේ බුද්ධිමත් විමසුමට තබමිනි. ඒ…

‘මේ මහා විශ්වය තුල මනුෂ්‍යා ඇතුළු ජීවින් සිටින්නේ මේ පෘථිවිය තුල පමණි.’

පෙර ලිපිය…

ඉදිරියට…

  • විශ්වයේ අප යන්නේ කොයිබටද?

 

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *