2015 මහ මැතිවර්ණය හමුවේ ඔබේ වගකීම

3

අප රටේ නැවතත් මැතිවර්ණයක් ප්‍රකාශයට පත්ව ඇත. මේ රටේ පවතින ඡන්ද ක්‍රමයන් අතුරින් තීරණාත්මක හා වැදගත්ම ඡන්දයක් වන්නේ මේ මහ මැතිවර්ණ ඡන්දයයි. රටේ වැදගත් තීන්දු තීරණ ගන්නා වූ එසේම රටේ නීති සම්පාදනය කරන්නා වූ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුව සදහා නියෝජිතයන් තෝරා ගැනීම මේ මැතිවර්ණය තුලින් සිදු කෙරේ. මෙහිදී රටේ පොදු ජනතාව තමන්ගේ වටිනා ඡන්දය බුද්ධිමත් ලෙස පාවිච්චි කොට රටට සේවයක් කලහැකි විද්වතුන් තෝරා පාර්ලිමේන්තුවට යැවීම පොදු ජනයාගේ වගකීම හා යුතුකමයි. නමුත් මෙවර එනම්, 2015 මහ මැතිවර්ණය දෙස බලන විට මේ රටේ බුද්ධිමත් ජනතාව තමන්ගේ සම්ප්‍රදායක වගකීමෙන් ඔබ්බට ගොස් මැතිවර්ණ කරලියේ පාර්ලිමේන්තු යන්න ඉදිරිපත්ව සිටින හොරුන්, ජාතිවාදීන්, අන්තවාදීන්, අපරාධකාරයින්… වැනි පිරිස් මේ රටේ දේශපාලනයෙන් පන්නා දැමීමේ හා ඔවුන්ගෙන් මේ රට බේරාගැනීමේ වගකීම ඔවුන්ට පැවරී ඇත.

විශේෂයෙන් මේ රටේ සුළුතරයක් වන මුස්ලීම් ප්‍රජාවට මෙම මැතිවර්ණය එක්තරා අන්දමකින් තීරණාත්මකය. ඒ මේ රට අඳුරු ඉසව්වකට ඇදගෙන ගිය ජාතිවාදය පරාජ කරමින් පසුගිය ජනාධිපතිවර්ණය දී යහපාලනයක් සදහා බුද්ධිමත් ජනතාව පෙලගැසීම යලිත් ආපස්සට හැරවීමට ජාතිවාදී කල්ලීන් ගණනාවක් අද අත්වැල් බැඳගෙන මේ මැතිවර්ණයට ඉදිරිපත්ව සිටීමය. ඔවුන් සෘජු හා වක්‍ර වූ ජාතිවාදී දේශපාලනික පොරොන්දු ගණනාවක් සමාජයට ලබාදෙමින් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මැතිවර්ණ කරලියට අද ඉදිරිපත්ව සිටී. මේ උත්සාහය යලිත් වරක් මේ පොළොව මත පරාජය කිරීමේ භාරදූර වගකීම මේ රටේ ජනතාව නැවතත් පැවරී ඇත. මේ සදහා කලයුතු වන්නේ තමන්ගේ වටිනා ඡන්දය පටු අරමුණු තුල කොටු නොකොට බුද්ධිමත් අයුරින් භාවිතා කිරීම පමණි.

මෙහිදී ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ව කිවයුතු වැදගත් පණිවුඩයක් ද ඇත. මේ රටේ බහුතර ජනතාවට මැතිවර්ණ අත්දැකීම අලුත් එකක් නොවූවත් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට නම් එය තරමක හුරු පුරුදු අත්දැකීමක් නොවේ. විශේෂයෙන් මුස්ලීම් කාන්තාවන් ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩි උනන්දුවක් නොදැක්වීම මෙහි විශේෂයෙන් කිවයුතුම කාරණයකි. ඉතිහාසය දෙස බලන විට ජනාධිපතිවර්ණ හා මහා මැතිවර්ණ වලදී ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය දළ වශයෙන් 40% ක් පමණි. නමුත් 2015/01/08 ජනාධිපතිවර්ණයේ දී මෙම තත්වය වෙනස් කරමින් 95% ක් පමණ මුස්ලීම් ප්‍රජාව ඡන්දය උනන්දුවෙන් ප්‍රකාශ කරමින් රටේ යහපාලනයක් සදහා ලබාදුන් දායතක්වය අප මෙහි ස්තූති පූර්වකව මතක් කලයුතුය. ඒ සක්‍රිය දායකත්වය යලිත් රටට ලබාදෙමින් තීරණාත්මක තීන්දුවක් ගැනීමේ අවස්ථාව 2015/08/17 දිනට උදාවීමට නියමිතව ඇත. එහිදී අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ පවසන ආකාරයට ඔබේ තීන්දුව විශිෂ්ට අයුරින් තීන්දු කලයුතුව ඇත.

…නුඹලාගේම දෑතින් නුඹලා විනාශයට නොහෙළනු. විශිෂ්ට අයුරින් සියලූ දෙයම කරනු. නියත වශයෙන්ම විශිෂ්ට අයුරින් කටයුතු කරන්නවුන් අල්ලාහ් ඇලූම් කරයි…

ශුද්ධ වු කුර්ආනය 2-195

මේ රට බහුතරයක් බෞද්ධයන් වෙසෙන බුදුදහමට අමතරව හින්දු, කිතුණු හා ඉස්ලාම් වැනි ආගම් ඇදහීමේ නීත්‍යනුකූල අයිතිය හිමි බහු ජාතීන් හා බහු ආගමිකයන් වෙසෙන ප්‍රජාතාන්ත්‍රවාදී රටකි. මේ රට තුල මුස්ලීම් ජනතාව සුළුතරයක් වූවද ඔවුන්ගේ ආගමික හා පුද්ගල නිදහස අතීතයේ පටන් ඉතා සුරක්ෂිත වුණි. විටින් විට සුළු සිද්ධීන් වාර්ථා නොවූවා නොවේ. නමුත් එවැනි අවස්ථාවල එවකට පාලකයින් සාධාර්ණ මැදිහත්වීමන් සිදුකරමින් එම තත්වයන් පාලනය කරණ ලදී. නමුත් පසුගිය පාලන සමයේ මේ සියල්ල උඩුයටිකුරු කරමින් සිංහල බෞද්ධ ජාතිවාදයක් ශ්‍රී ලාංකීය සුළු ජාතීන්ට විශේෂයෙන් මුස්ලීම් ප්‍රජාවට එරෙහිව දියත් කරවන ලදී. ඒ පසුපස දේශපාලන හස්තයන් නොඅඩුව ක්‍රියාත්මක වුවා යන්න ප්‍රසිද්ධ රහසකි. එය කොතරම් මිලෙඡ්ච අන්දමින් මේ රට තුල ක්‍රියාත්මක වුවාද යන්නට නිදසුන් බොහෝය. එවන් සිද්ධීන් හමුවේ රටේ පාලකයින් හා නීතිය ක්‍රියාත්මක වූ ආකාරය ඉතා විශ්මය ජනක මෙන්ම පිලිකුල් සහගතය. මෙම අඩවිය තුල කල එවැනි අණාවර්ණයන් කිහිපයක් නැවත ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

(මෙවැනි සිද්ධීන් හා ජාතිවාදී ව්‍යාපාරයන් ගණනාවක් පිලිබදව තවත් කරුණු කියවීමට ‘ජාතිවාදය‘ නම් ගොනුව කියවන්න) ඒ අනුව පසුගිය කාලවල මේ රටේ මුස්ලීම් ප්‍රජාව සමාජයෙන් කොන් කරමින් ඔවුන් ත්‍රස්ථවාදීන්, අන්තවාදීන්, මූලධර්මවාදීන්… යනාදී ලෙස චෝදනා පත්‍ර පෙලගසමින් ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවගේ,

  • දේවස්ථාන කඩා බිඳ ගිනිබත් කරමින් විනාශ කරද්දී,
  • ශුද්ධ වූ කුර්ආනය ගිනිබත් කරද්දී,
  • අල්ලාහ් (දෙවි) පඹයෙකු ලෙස සාදා ගිනිබත් කරද්දී,
  • මුස්ලීම් ගම්මානයන් (නිදසුනක් ලෙස බේරුවල අවට) විනාශ කරද්දී,
  • මුස්ලීම්වරුන් (මුස්ලීම්වරුන් වීම නිසාම) ඝාතනය කරද්දී,
  • ඔවුන්ගේ දේපල විනාශ කරද්දී,
  • ව්‍යාපාරික ස්ථාන විනාශ කරද්දී,
  • ඒවා ගිනිබත් කරද්දී,
  • ආගමික ආයිතීන් උදුරා ගනිද්දී,
  • ඒවාට විවිධ තහංචි පනවද්දී,
  • කාන්තාවන්ගේ ආගමික නිදහසට බාධා පමුණුවද්දී,
  • බොරු ඉතිහාසයන් ඉදිරිපත් කොට මුස්ලීම්වරුන්ගේ උරුමයන් උදුරා ගනිද්දී,

මේ රටේ මුස්ලීම් ප්‍රජාවට කරන්නට ඉතිරිව තිබුණේ ‘යාඅල්ලාහ්‘ යනුවෙන් දෙවියන් ඉදිරියේ දෑත් දිගුකොට මේ රටේ යහ පාලනයක් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම මිස අන් කිසිවක් නොවේ. කෙසේ වෙතත් මෙය මේ රටේ මුස්ලීම් ප්‍රජාවගේ පමණක් වූ පැතුමක් නොවිය. සාමය, සහජීවණය, සමගිය අගයන සිංහල, දමිල හා මුස්ලීම් සියළුදෙනාගේ ඒකායන පැතුම ද විය. ඒ පැතුම මල්පල ගන්වමින් උදාවූ 2015/01/08 ජනාධිපතිවරුණය. ඉහත අඳුරු යුගය නිමා කරමින් රටේ යහපාලනයක් නිර්මාණය විය. නමුත් ඒ යහපාලනය කෙටි කාලයකින්ම හිරු දුටු පිනිබිඳු මෙන් අතුරුදහන් වී නැවතත් මේ රට තුල අඳුරු යුගයක සෙවනැලි මතුවෙන්නට පටන්ගෙන ඇත. ඒ මේ රටේ දැන් (2015/08/17) ප්‍රකාශයට පත්ව ඇති මහ මැතිවර්ණය සමග මුස්ලීම් විරෝධී ජාතිවාදීන් හා ඔවුනට අනුබල දෙන දේශපාලඥයින් ජාතිවාදයම ප්‍රධාන තේමා පාඨය කරගෙන කරලියට බැස සිටීම නිසාය.

මේ මොහොත ඉතා තීරණාත්මකය. ජාතිවාදී වියරුවෙන් රට පාලනය කරන්නට වෙර දරණ කෘෘර පාලකයන්ට මේ රට නැවත භාරදෙනවාද?. නොඑසේ නම්, මේ රටේ යහපාලනයක් ගොඩනගන්න ඉදිරිපත්ව සිටින පිරිසට මේ රටේ ඉරණම භාර කරනවාද?. බුද්ධිමත් තීන්දුව ඇත්තේ ඔබ අප අතේම පමණි. මෙහිදී සම්ප්‍රදායික පක්ෂ දේශපාලන, සංවිධාන හෝ පුද්ගල චරිත මට ඔබට වැදගත් නොවේ. මේ සියල්ලෙන් ඔබ්බට ගිය බුද්ධිමත් තීන්දුවයි රටේ හෙට දවස තීන්දු කරන්නේ. එනම්, ඔබේ මගේ අනාගත ඉරණම තීන්දු කරන්නේ. මෙතැනදී ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ අවදානයට විශේෂයෙන් කිවයුතු කාරණා කිහිපයක් ඇත. එනම් මෙහි පලමුවෙන් වටහාගත යුතු පරම සත්‍යයක් නම්, කවර දේශපාලන පක්ෂ, ප්‍රතිපත්ති මේ රටේ පාලන බලය ගත්තත් කලින් කලට විවිධ වූ තාඩන පීඩන මුස්ලීම්වරුන්ට ඇතිවීම නොවැලැක්විය හැකි කාරණයක් යන්නයි. එය ලෝක ඉතිහාසය තුල නිරන්තරයෙන් දකින්නට ඇති සත්‍යයකි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් (දෙවි) පහත ආකාරයට පවසයි.

…බියෙන් හා සාගින්නෙන්ද වස්තූන්, ජීවිතහා බෝග(වල) පරිහානියෙන්ද අපි නුඹලාව පරීක්ෂා කරන්නෙමු. (මෙමපරීක‍ෂණයන්හිදී නොසැළෙන) ඉවසිලිවන්තයින්ට (මුහම්මද්!) නුඹ ශුභ ආරාංච්යදන්වා සිටිනු.

ශුද්ධ වු කුර්ආනය 2-155

අල්ලාහ් (දෙවි) සැබෑ මුස්ලීම්වරුන් කවුරුන්ද?, ඉවසිලීවන්තයන් කවුරුන්ද? යන්න පරික්ෂා කිරීම පිණිසත්, ඔවුන් දහම තුල කොතරම් දුරකට ස්ථීර කටයුතු කරනවාද? යන්න පරීක්ෂා කිරීම පිණිස විවිධ වූ තත්වයන් සමාජය තුල නිර්මාණය කරන්නේය. මෙය ශුද්ධ වූ අල්කුර්ආනයේ 47-31 වාක්‍යය මඟින් ද අවදාරණය කරයි. මේ නිසා ‘අපි මුස්ලීම් ඉතින් අපිට ඇයි මෙවැනි දුක් කරදර ?…‘ යන ප්‍රශ්නය සැබෑ මුස්ලීම්වරයෙකු තුල ඇතිවිය නොහැක. ඔහුට ගඟක් මෙන් ගැටළු, තර්ජන, ගර්ජන, තාඩන, පීඩන… ගලා එනු ඇත. ඒ සියල්ල හමුවේ ඔහු නොසැලී සත්‍ය මාර්ගය තුල සිටීමින් අල්ලාහ් (දෙවි) අපෙන් අපෙක්ෂා කරන ලෙස අප ක්‍රියා කරනවාද? යන්න පරීක්ෂා කර බැලීමයි මුස්ලීම්වරයෙකුගේ ලෞකික දිවිය වන්නේ. මෙය පහත ශුද්ධ වූ වාක්‍යයන් තුලින් ද ඔබට මනාව පැහැදිලි වනු ඇත. එනම්,

ඔවුන් කවරෙක් නම්, සැබැවින්ම ජනයා නුඹලාට විරුද්ධව රැස්ව සිටිති. එබැවින් ඔවුනට බියවෙන්නැයි, ඔවුනට ජනයා කී විට එය ඔවුන්ගේ විශ්වාසය වඩාත් ශක්තිමත් කළේය. හස්බුනල්ලාහුවනි‘මල් වකීල් (අල්ලාහ් අපට සර්වප්‍රකාරයෙන්ම ප්‍රමාණවත්ය). අනගිතමආරක්ෂකයා ඔහු බව ඔවුහු කීහ.

ශුද්ධ වූ කුර්ආනය 3-173

විවිධ වූ තාඩන, පීඩන, තර්ජන, ගර්ජන… හමුවේ සැබෑ මුස්ලීම්වරයෙකගේ ප්‍රතිපදව කෙසේ වියයුතුද යන්න ඉහත වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) මනවා පැහැදිලි කරයි. ඔවුන් බියගැන්වූ සෑම විටම ඔවුන්ගේ දේව විශ්වාසය දේව අවනතභාවය වඩාත් ශක්තිමත් වූවා මිස ඔවුන් ඉස්ලාම් හා දෙවියන් කෙරෙහි දුර්වල විශ්වාසයෙන් යුතු ‘අපි මුස්ලීම් අපිට මෙවැනි තත්වයන් ඇති වියයුතුද?..‘ යනුවෙන් කම්පා වන මුස්ලීම්වරුයෙකු බවට කිසිසේත් පත්නොවන බව අල්කුර්ආනය පවසයි. එලෙස නොබියව වඩ වඩාත් දෙවියන්ට නැඹුරුව සිටින පිරිස් සමඟ අල්ලාහ් (දෙවි) සිටින බව පහත වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) තවදුරටත් මෙලෙස අවදාරණය කරයි. එනම්,

…තවද නුඹ ඔවුන් කෙරෙහි දුක් නොවවු. ඔවුන් කුමන්ත්‍රණය කරමින් සිටින දෑ පිළිබඳව නුඹ පීඩනයෙහි පසු නොවවු.කවරෙකු බිය භක්තිකයින් හා දැහැමියන් වන්නේ ද සැබැවින්ම අල්ලාහ් ඔවුන් සමඟය.

 ශුද්ධ වූ කුර්ආන් 16-127,128

එසෙනම්, ඉහතින් සදහන් ආකාරයේ වූ තාඩන-පීඩන, තර්ජන-ගර්ජන මඟින් 2015/08/17 දින අප ගන්නා තීරණාත්මක තීන්දුවට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොවිය යුතුය. ඉහත 2-195 හි සදහන් ආකාරයට විෂිශ්ට අයුරින් අපගේ තීරණය ලබාදිය යුතුව ඇත. ඔබ ලබාදෙන බුද්ධිමත් තීන්දුව රටක් ලෙස පමණක් නොව ජාතියක් ලෙසත්, ආගමානුකූලත් ඉතා වැදගත් වේ. ඒ තීර්ණය පටු සීමාවන් තුල හිඳ ගැනීම හෝ එම අයිතිය නොසලකා හැරීම මේ රටටත්, සමස්ථ ජාතියටත්, ඉස්ලාම් දහමටත් කරන මහා අපරාධයක් යන්න අමතක නොකල යුතුය. එසේනම් ඔබේ යුතුකම වගකීම නිසි ලෙස අවබෝධ කරගෙන අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ 2-195 හි පවසන ආකාරයට එය ඉටු කරන්න. ඒ සදහා ඔබට නුවණැස පෑදේවා! ශක්තිය, ධෛර්‍යය ලැබේවා! යනුවෙන් යහමඟ ප්‍රාර්ථනා කරමි.

 

අබූ අර්ෂද්

 

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 3 යි.

  1. usama 2015-08-17 at 01:50

    Obeth buddimathungeth pathuma allah aniwaryayen sapala karawi.we r waiting for peaceful nation with YAHAMAGA
    YAHAMAGA ha ABU ARSHADTA ALLAHGE RAHMATHAYA(KARUNAWA) LABAWA!!!

  2. SoldierOfAllah 2015-08-17 at 01:03

    “අල්ලාහ් ගැන නුඹලා බොරු ගොතනු පිණිස නුඹලාගේ දිව අලංකෘත කරන දෑට මෙය හලාල්(අනුමත) මෙය හරාම්(තහනම්) යැයි නොකියනු. අල්ලාහ් ගැන බොරු ගොතන අය නියතවශයෙන් ජයග්‍රාහකයෝ නොවෙති” [16:116]

    “දහම් ලත් ජනයිනි! නුඹලාගේ දහමේ සත්‍යය හැර (නැති දෑ වැඩිපුර කියා) සීමා නොඉක්මවනු. නුඹලාට පෙර දුර්මාර්ගයේ ගොස් සෙසු බොහෝ අයත් නොමඟ යවා සම්‍යයක් මාර්ගයෙන් බැහැර ගිය ජනයාගේ සිතුවිලි නුඹලා අනුගමනය නොකරනුයි (නබි මුහම්මද්) පවසනු” [5:77]

    “විශ්වාසවන්තයිනි! නුඹලා අතුරින් ඔහුගේ ධර්මයෙන් බැහැරව යන යම් කෙනකු වේ නම් (ඔහු දත යුතුයි) ඔහු (අල්ලාහ්) ඔවුනට ප්‍රිය කරන, ඔවුන් ඔහු(අල්ලාහ්)ට ප්‍රිය කරන, විශ්වාසිකයින් කෙරෙහි නිහතමානී වන, ප්‍රතික්ෂේප කරන්නන් කෙරෙහි දැඩි වන, අල්ලාහ්ගේ මාර්ගයේ ඉතා කැපවීමෙන් වෑයම් කරන, තවද තමන්ට නින්දා අපහාස කරන්නවුන්ගේ අවලාදවලට බිය නොවන වෙනත් සමාජයක් අල්ලාහ් බිහිකරනු ඇත. මෙය අල්ලාහ්ගේ භාග්‍යයයි. ඔහු එය තමන්ට අභිමත කෙනකුට පිරිනමයි. අල්ලාහ් සර්ව ව්‍යාපකය, සර්වඥානීය” [5:54]

    සහෝදරයා, මමත් මෙම අඩවියේ ලිපි වසර කිහිපයක් තිස්සේ කියවනවා. ඇත්තටම ඔබේ කැපවීම අගය කරනවා. නමුත් දැන් ඔබ කරන්නේ දහමට පටහැනි ශිර්ක් වලට අහිංසක මුස්ලිම් ජනයා පෙළඹවීමක්. ඔබ අල්ලාහ්ට අභියෝග කරන්නේ දැනද? නොදැනද?

    ඔබ බුද්ධිමත් නම් පහත ඉගැන්වීම් අධ්‍යනය කර බලන්න. විස්තර කිරීම් අනවශ්‍ය යයි සිතමි. අල්ලහ්තාලාගේ පරමාධිපත්‍ය නීති සම්පාදනය කිරීමේ බලය අහකට / කුණුකූඩයට දමා අල්ලාහ්ගේ මැවීමකට ඒ මහඟු කර්තව්‍ය භාර දීමේ කටයුත්තට දායක වෙන්න එපා. එසේ ඔබ කරන්න දායක වෙනවානම් ඔබ අල්ලාහ් නොවන වෙනත් දැයකට අවනතවීමක්, වන්දනාමානය කිරීමක්. මෙය ශිර්ක් නම් මහා පාපයක්.

    මුස්ලිම් ජනයාට යහපතක් වියයුතයි නම් එය ආගමික ඉගැන්වීම් වලින් ළගා කරගත යුතුයි. එයට අල්ලාහ්ගේ ආදරය, කරුණාව, පිහිට ලැබෙයි. නමුත් එම යහපත අල්ලාහ්ට ශිර්ක් ආදේශ තබමින්, අල්ලාහ්ට අභියෝග කරමින් අල්ලාහ් විහුළුවට ලක් කරමින්, අල්ලහ්ගෙන් ප්‍රර්ථනා කරමින් ලඟා කරගැනීමට සිතීම, අල්ලාහ්ගේ කෝපයට භාජනය වෙයි. මෙම විෂයේදී අල්ලාහ්ට භය වන්න!

    පහත අල් කුරාන් ආයත් වලට සාධාරණයක් ඉෂ්ඨ කර ලිපිය නැවත ඔබගේත් අහිංසක මුස්ලිම් ජනයාගේත් යහපත පිණිස පළ කරන මෙන් ඉල්ලා සිටිමි.

    12-40 ශුද්ධ වූ කුර්ආනය
    ඔහු(අල්ලාහ්) හැර නුඹලා නැමදුම් කරන්නේ, නුඹලාද නුඹලාගේ මුතුන් මිත්තන්ද ඔවුනට නම් ආරූඪ කරගත් නාමයන්(ඇති අය) මිස නැත. ඒ ගැන කිසිම සාධනයක් අල්ලාහ් පහළ කර නැත. පරමාධිපත්යය අල්ලාහ්ට හැර (වෙනත් කිසිවකුට) නැත. ඔහු(අල්ලාහ්) හැර (වෙනත් කිසිවකුට) නුඹලා නැමදුම් නොකළ යුතු යැයි ඔහු(අල්ලාහ්) අණ කර ඇත. සෘජු මාර්ගය එයයි. නමුත් ජනතාවගෙන් බොහෝ දෙනෙක් නොදනිති.

    “(නබි මුහම්මද්!) අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. අල්ලාහ් නුඹ වෙත පහළ කළ දැයින් (මඟ පෙන්වීමෙන්) කිසිම දෙයකින් ඔවුන් නුඹ ඉවත් නොකරන්නට වග බලාගනු. ඔවුන් (එම මඟපෙන්වීමෙන්) බැහැර වනවා නම් ඔවුන්ගේ ඇතැම් පව් හේතුවෙන් ඔවුන් දුක් කරදරවල පටලැවීමටය අල්ලාහ් අභිමත වී ඇත්තේ යැයි දැනගනු. නියත වශයෙන්ම මෙම ජනයාගෙන් වැඩිදෙනා පව්කාරයෝ වෙති” [5:49]

    2-107 ශුද්ධ වූ කුර්ආනය
    අහස්වලද මහපොළොවෙහිද පරමාධිපත්යය නියත වශයෙන්ම අල්ලාහ්ටම යැයි නුඹ නොදන්නෙහිද? තවද නුඹලාට අල්ලාහ් හැර ආරක්ෂකයකු හෝ ආධාරකරුවකු හෝ නැත.

    25-2 ශුද්ධ වූ කුර්ආනය
    ඔහු කවරකු නම් අහස්වල සහ මහපොළොවෙහි පරමාධිපත්යය හිමිවන්නේ ඔහුටය. ඔහු පුතකු නොගත්තේය. තවද රාජ්යයෙහි ඔහුට කොටස්කරුවකු නැත. සෑම දෙයක්ම මවා ඊට ඉරණම නියම කළේ ඔහුය.

    35-13 ශුද්ධ වූ කුර්ආනය
    ඔහු රාත්රිය දහවලෙහි ඇතුළු කරවන්නේය. තවද දහවල රාත්රියෙහි ඇතුළු කරන්නේය. හිරුද සඳුද ඔහු පාලනය කරන්නේය. ඒ සියල්ල නියමිත කාලයකට ධාවනය කරති. (මේ සියල්ල සිදු කරන) අල්ලාහ්ම නුඹලාගේ රබ්(පරමාධිපති) වෙයි. පරමාධිපත්යය ඔහුගේය. ඔහු හැර නුඹලා යදින අය ඉදි ඇට සිවියක පවා හිමිකම් නොලබන්නෝය.

    අල් අහ්සාබ් – 36
    අල්ලාහ්ද, ඔහුගේ දූතයාද යම්කිසි කාරණාවක් ගැන නියෝග කිරීමෙන් අනතුරුව, එම කාරණාවෙහි (එයට වෙනස් අන්දමින් වෙනත්) අභිප්රායන් දැරීමට විශ්වාසීන් වන කිසිම පිරිමියෙකුට හෝ ගැහැනියකට හෝ අයිතියක් නැත. (එහි) අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද කවුරුන් හෝ වෙනස්කමක් කළහොත් නියත වශයෙන්ම ඔවුන් ප්රකට දුර් මාර්ගයෙහිම සිටින්නාහ.

    12-40 ශුද්ධ වූ කුර්ආනය
    ඔහු(අල්ලාහ්) හැර නුඹලා නැමදුම් කරන්නේ, නුඹලාද නුඹලාගේ මුතුන් මිත්තන්ද ඔවුනට නම් ආරූඪ කරගත් නාමයන්(ඇති අය) මිස නැත. ඒ ගැන කිසිම සාධනයක් අල්ලාහ් පහළ කර නැත. පරමාධිපත්යය අල්ලාහ්ට හැර (වෙනත් කිසිවකුට) නැත. ඔහු(අල්ලාහ්) හැර (වෙනත් කිසිවකුට) නුඹලා නැමදුම් නොකළ යුතු යැයි ඔහු(අල්ලාහ්) අණ කර ඇත. සෘජු මාර්ගය එයයි. නමුත් ජනතාවගෙන් බොහෝ දෙනෙක් නොදනිති.

    “අපි විශ්වාස කළෙමු, යයි කීවහොත් (පමණක් ප්‍රමාණවත්ය. ඒ ගැන) ඔවුන්ව පිරික්සුමට ලක් නොකර අත්හැර දමනු ලබන්නාහ යයි මිනිසුන් අදහස් කරමින් සිටින්නෙහුද?
    මොවුන්ට පෙර විසූවන් සියල්ලන්ම නියත වශයෙන්ම අපි පිරික්සුමට ලක් කර ඇත්තෙමු. එබැවින් (‘විශ්වාස කළෙමු’ යයි පවසන මොවුන්ගෙන්) සත්‍යය කතා කරන්නන් කවුරුන්ද යන්න නියත වශයෙන්ම අල්ලාහ් (පරීක්ෂා කර) දැන ගන්නේය. (ඒ ආකාරයටම මෙහි බොරුකාරයින්වද නියත වශයෙන්ම ඔහු (පරීක්ෂා කර) දැන ගන්නේය.
    පාපයන් කරන්නන් අපගෙන් බේරෙන්නෙහු යයි අදහස් කරමින් සිටින්නෙහුද? (එසේ නම් මේ ගැන) ඔවුන්ගේ තීරණය ඉතාමත් නපුරුය.
    අල්ලාහ්ව හමු වන්නෙමු යයි කවුරුන් විශ්වාස කරන්නෝද, ඔවුන් (එයට අවශ්‍ය කාරණාවන් කර ගැනීම අත්‍යාවශ්‍යය. මන්දයත් ඒ වෙනුවෙන් ඇති කරනු ලැබූ) අල්ලාහ්ගේ නියමිත වාරය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. ඔහු (සියල්ලට) සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය” [29:2-5]

    “(නබිවරයාණෙනී!) ඔබ මෙසේ පවසනු: “මිනිසුනේ! නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන්ම මෙම සත්‍ය ධර්මය ඔබ වෙත පැමිණ ඇත්තේය. කවුරුන් (මෙය අනුගමනය කර), ඍජු මාර්ගයෙහිම ගමන් කරන්නේද ඔහු, තමන්ගේ යහපත සඳහාම (එම) ඍජු මාර්ගයෙහි යන්නේය. කවුරුන් (මෙය අනුගමනය නොකර) මාර්ගය වැරද යන්නේද, ඔහු, නියත වශයෙන්ම තමන්ට නපුරු මාර්ගයෙහිම යන්නේය. තවද මා ඔබව (බල කර) පරිපාලනය කිරීමේ බලය ලැබූ කෙනෙකු නොව.
    (නබිවරයාණෙනී!) වහී මගින් ඔබට දැනුම් දෙනු ලැබූ දැයම ඔබ අනුගමනය කරමින් සිටිනු. අල්ලාහ් තීන්දුවක් දෙන තුරු (සතුරන්ගෙන් ඇති වන දුක් කරදර ඉවසීමෙන් යුතුව) විඳ දරාගෙන සිටිනු. විනිශ්චය දෙන්නන්ගෙන් ඔහුම ඉතාමත් ශ්‍රේෂ්ඨය” [10:108-109]

    “(දහම් පණිවිඩයට විරුද්ධවීමට) නපුරු කූටෝපක්‍රම යොදන අය, අල්ලාහ් ඔවුන් මහපොළොවෙහි ගිල්වීමෙන් හෝ ඔවුන් නොසිතූ පරිද්්දෙන් ඔවුන්ට දඬුවම් පැමිණවීමෙන් හෝ සුරක්ෂිතද?” [16:45]

    • අබූ අර්ශද් 2015-08-22 at 18:53

      සහෝදරයා, ඔබ පවසන්නට උත්සාහ කරන ක‍ාරණය මට හරියට ම පැහැදිලි නැත. මීට වඩා විස්තරාත්මකව හා නිදසුන් සහිතව ඉදිරිපත් කරන්නේ නම්, ඒ පිලිබදව විමසා බලා වරදක් සිදුව ඇත්නම් නිවරුදි කරගත හැක.
      මනුෂ්‍යයන් ලෙස වැරදි ඇතිවීම නොවැලැක්විය හැකි තත්වයකි. එය නිවරුදි කිරීම හා පෙන්වාදීම මෙවැනි මෙහවරයන් සාර්ථක කරගැනීමට මහත් උපකාරයකි.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp