ශ්‍රී ලංකාවෙන් නෙරපූ ආගම්වාදීන්…

11

අද වන විට ශ්‍රි ලාංකීය සමාජයේ මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් වූ උණූසුම් මාතෘකාවක්  යහමඟ පාඨක ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඒ පසුගිය දින කිහිපයේ පුවත්පත්වල, හා අනිකුත් මාධ්‍යන් හි නිතර කථාබහට ලක් වූ ‘අන්තවාදී ආගම් පතුරුවමින් සිටි මුස්ලීම් විදේශිකයන් 161ක් රටින් පිටුවහල් ‍කෙරේ’ යන පුවතයි. මේ පිලිබදව කරුණූ දැක්වීමට පෙර අද දිනයේ එනම් 2012 ජනවාරි මස 24 වැනි දිනයේ අප රටේ ජාතික පුවත්පතක් වන ‘දිවයන’ හි මේ පිලිබදව පලවූ ප්‍රවෘත්තියකට ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි.

එය මෙසේය,

ශ්‍රී ලංකාවෙන් නෙරපූ ආගම්වාදීන් මෙහෙයවූවේ අල්කයිදාවෙන් මුම්බායි ප්‍රහාරයටත් සම්බන්ධලූ

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අන්තවාදී විදේශිකයන් එකසිය හැටපස්‌දෙනා සම්බන්ධ තබ්ලිග්හි ජමාම් සංවිධානය අල්කයිදා ත්රුස්‌තවාදීන් විසින් මෙහෙයවන බව ඉන්ටර්පෝල් පොලිසිය හා ඇමරිකානු රාජ්යය දෙපාර්තමේන්තුව විසින් හෙළිකර ඇත. අල්කයිදා සංවිධානය විසින් මෙම තබ්ලිස්‌හි ජමාම් සංවිධානයේ සාමාජිකයන්ට ජාත්යකන්තර ගමන් සඳහා අරමුදල් සපයා වීසා ලබාගැනීමට ක්‍රියා කරන බව ද අනාවරණය වී තිබේ.
2006 වසරේ 166 ක්‌ මරුමුවට පත්කරමින් සිදු වූ මුම්බායි ප්රවහාරයට මෙම සංවිධානය සම්බන්ධ යෑයි ද විමර්ශනවලදී හෙළිවී ඇත.
මේ වන විට හෙළි වී ඇති තොරතුරුවලට අනුව මෙරටින් පිටුවහල් කළ තබ්ලිස්‌හි සද්මාම් සංවිධානයේ ක්‍රියාකාරීන් ගතවූ කාලය තුළ නැගෙනහිර පළාතේ සැරිසරා ඇතැයි වාර්තා වී තිබේ.
මේ අතර මාලදිවයිනේ ඉස්‌ලාම් පදනමේ සභාපති ඉබ්රාහිම් පවුසි ප්‍රකාශයක්‌ කරමින් මාලදිවයින් ජාතිකයන් ද මෙකී සංවිධානයට සම්බන්ධවීම ගැන විමර්ශනයක්‌ පැවැත්විය යුතු බව දන්වා ඇත.
මෙම අන්තවාදී විදේශිකයන්ව මෙරටට කැඳෙව්වේ කවුරුන්ද යන්න ගැන ද බුද්ධි අංශ විසින් විමර්ශනයක්‌ අරඹා තිබේ.—-

මෙහිදී යහමඟ පාඨක ඔබේ අවධානයට ප්‍රථමයෙන් යොමු කලයුතු කාරණයක් ඇත. එනම් රටේ නීතියට එසේත් නැත්නම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට කවර මුස්ලීම්වරයෙකු ක්‍රියාකලත් ඔහුට එරෙහිව රටේ නීතිය දැඩිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් හා එය මාධ්‍ය තුලින් රටටම අනාවර්ණය කිරීම සම්බන්ධයෙන් සැබෑ මුස්ලීම්වරයෙකුට විරුද්ධ මත පැවතිය නොහැක. නමුත් කිසියම් ආගමික කාරණයක් පසුබිම් කරගත් ප්‍රවෘත්තියක් අනුමානය මත හිද මාධ්‍ය තුලින් අනාවර්ණය කිරීමේ දී එය යම්තාක් දුරකට හෝ වගකීමක් ඇතුව හා ඇත්ත නැත්ත සොයා බලා ඉදිරිපත් කිරීම මාධ්‍ය සදාචාරයක් විය යුතුය. නමුත් එම විනය අප රට තුල සුළු ආගම් කෙරෙහි ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබේ. අප රට තුල පසුගිය දිනවල ඉහත ප්‍රවෘත්තිය මාධ්‍යය තුල අනාවර්ණය කල ආකාරය ඉතාම පිලිකුල් සහගතය. පාරිශුද්ධ වූ ඒකීය දහම විවිධ කොටස්වලට බෙදාගෙන සිටින ඉස්ලාමීය ආගමික කල්ලිවාදීන්, සංගම් හා සංවිධාන පිලිබදව යහමඟ ට ඇත්තේ පිලිකුල් සහගත ආකල්පයකි. නමුත් එම කල්ලි, සංගම් හා සංවිධානවල පවතින යම් යම් විනයන් හා න්‍යාය පත්‍රයන් සම්බන්ධයෙන් පූර්ණ එකඟතාවයක් නොවුවත් කිසියම් දුරකට හෝ එකඟතාවයන් ද නැතුවා නොවේ. ඒ අනුව ඉහත චෝදනාවට සම්බන්ධ පාර්ශවය ගැන පවසනවා නම්, අප ර‍ට තුල මෙන්ම ලොව බොහෝ රටවල ඉතාම සාමකාමී අන්දමින් තමන්ට ආවේනික න්‍යාය පත්‍රයකට අනුව ඈත ප්‍රදේශවල ගම්දනව් පීරා ගොස් මුස්ලීම්වරුන් අතර ඉස්ලාම් දහම් ප්‍රචාරයේ යෙදෙන පාර්ශවයක් තමා ‘තබ්ලීග්’වරුන්. (‘තබ්ලීග්’ යන වචනයේ අරුථ වෙහෙස මහන්සි වී ක්‍රියා කරනවා යන්නයි.) මොවුන් තමන්ට ආවේනික න්‍යාය පත්‍රයකට අනුව මසකට දින 03ක්, වර්ෂයකට දින 40 ක් යනාදී ලෙස තම උපන් ගමින්, නගරයෙන්, රටින් බැහැරව ගොස් වෙනත් ප්‍රදේශයක පිරිසක් සමඟ එකතු වී තම ආගමික අත්දැකීම් හුවමාරු කරගනිමින් දහම් ප්‍රචාරයේ නිරත වීම සිරිතකි. මෙලෙස දහම් ප්‍රචාරයේ නිරත වූ මෙම පිරිස් ලොව මුලින්ම බිහි වන්නේ මීට දශක ගණනාවකට පෙර ඉන්දියාවේදීය. එහි නිර්මාතෘ වන්නේ ඉල්ලියාස් තුමාය (නමුත් අතපසුවීමකින් එය මුහම්මද් ජකරීයා තුමා යනුවෙන් මෙහි සදහන් වූ අතර එය නිවරදි කරන ලදී). එතුමා විසින් මෙම න්‍යාය පත්‍රය එම සාමාජිකයන් හට දායාද කරන අතර එතැන් පටන් මෙම ක්‍රියාදාමය දිනෙන් දින ලොව පුරා ව්‍යාප්ත වී අද වනවිට ශ්‍රී ලාංකීය බහුතර මුස්ලීම්වරුන්ගේ සිත් තුලද කිසියම් තැනක් දිනාගැනීමට සමත් වී ඇත. ඒ අනුව මීට දශක ගණනාවකට පෙර බිහිවූ මෙම පිරිසට ත්‍රස්ථවාදී ආරමුණූ හෝ අල්කයිදා වැනි ත්‍රස්ථ සංවිධානවල අරමුණූ ඉටු කිරීමේ අවශ්‍යතාවයක් පැවතිය නොහැකි බව පැහැදිලි ලෙස වටහාගැනීම අපහසු නොවනු ඇත. එසේ තිබිය දී ‘තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා සේ’ ඉහත පාර්ශවයට එරෙහිව පෙලගැසිය හැකි ලොව ප්‍රබලතම චොදනාවන් ‘ලූ…’ යන යෙදුම භාවිතා කොට ත්‍රස්ථවාදියෙක්ලූ, සම්බන්ධයිලූ, මරණවලූ, ගහනවලූ… යනාදී ලෙස චෝදනා පෙලගැසීම මාධ්‍ය කුහකකම හා සැඟවුණූ න්‍යාය පත්‍රය මනාව පිළිඹිබු කිරීමකි. මෙහිදී ඉහත සිදුවීමට සම්බන්ධ ‘තබ්ලීග්’ සංවිධානයට ද කිවයුතු කාරණයක් ඇත. මේ උද්ගත වී ඇති තත්වය පිලිබදව හා ඔවුන්ගේ න්‍යාය පත්‍රය පිලිබදව රටේ බලධාරීන්ට මෙන්ම ශ්‍රී ලාංකීක ප්‍රජාවට පැහැදිලි කිරීමක් ඔවුන් සිදු කලයුතුය. සැකයන් ඇති වීම මිනිස් ස්වභාවයකි. එම සැකයට තුඩු දෙන කාරණා ඉවත් කර ගැනීම මුස්ලීම්වරයෙකුගේ වගකීමකි. මෙය වටහා ගැනීම සදහා හදීසයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්,

දිනක් නබිතුමාණන් අඳුරැ වැටුණූ මොහොතක කරුවලේ තම බිරිඳ සමඟ කථාබහේ යෙදී සිටින විට ඒ අසලින් දෙදෙනෙකු ගමන් කරණූ දුටු නබිතුමාණන් ඒ දෙදෙනා කැදවා ‘මේ මගේ බිරිද’ යනුවෙන් පවසන ලදී. එයට ඒ දෙදෙනා විශ්මයට පත්ව ‘නබිතුමණි!, අප ඔබ තුමාණන්ව සැක කරන්නෙමුද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමානණ් ‘සැකය නුඹලාගේ සිත් හි ඇති කිරීම ශෛයිතාන්ගේ කාර්යනයක්. ඒ සදහා ඉඩ සලසා නොදිය යුතුය’ යනුවෙන් පවසන ලදී

ඉහත හදීසය තුලින් මුස්ලීම්වරයෙකු කොතරම් පරිස්සමින් හා විනිවිදභාවයකින් ක්‍රියා කලයුතුද? යන්න පැහැදිලි වනවා නොවේද? සරල ව පවසනවා නම් මුස්ලීම්වරයෙකු පොල් ගසක් පාමුල හිඳ කිරී බීම වුවද නොකලයුත්තකි. එසේ නම් ඉහත චෝදනාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ වගකීම ඉහත පාර්ශවයට පැවරී ඇති බවත් මෙය ‘තබ්ලීග්’ සංවිධාන සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට බලපාන ප්‍රශ්නයක් නිසා ඒ සදහා යහමඟ අඩවිය තුල ද අවස්ථාව සලසාදීමට සුදානම් බවත් ප්‍රකාශ කරමින් පාඨක ඔබේ අවධානය සදහා තවත් වැදගත් කාරණයක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

වර්ථමානයේ චෝදනාවට ලක්ව ඇති මුස්ලීම් සමාජයේ ‘තබ්ලීග් ජමාත්’ නම් පාර්ශවයට මේ එල්ල වී ඇති චෝදනාව බුද්ධිමත් මුස්ලීම් ප්‍රජාව විශ්මයට පත්ව පිලිකුලෙන් හෙලා දකින අතර මීට පෙර සිදුවූ මෙවැනි සිදුවීම් නිරීක්ෂණය කිරීමේ දී මේ පිටුපස ද නියත වශයෙන්ම මුස්ලීම් සමාජයේ කල්ලිවාදීන් කිහිපදෙනෙකු හා දේශපාලන බලවතුන් සිටිය හැකි බවට අනුමාන කලහැක. එසේම මෙම අවාසනාවන්ත තත්වය අවස්ථාවක් කරගෙන සමහරක් පිරිස් බොරදියේ මාළු බාන්න සැරසෙනවා යන්නත්, මෙවැනි අවස්ථාවල මුස්ලීම් සමාජය නොමඟ යාමකට ලක්වන්නට පුළුවන් යන්නත්ය. මෙම තත්වයන් හොදින් අවබෝධ කරගෙන අවධියෙන් ක්‍රියා කිරීම ඉතා වැදගත් කාරණයකි. වාදභේද පසෙකලා උද්ගත වී ඇති මෙම තත්වය දෙස සාමූහික හා අවංක හැඟීමක් ඇතුව දැකීම හා මැදිහත්වීම සමස්ථ මුස්ලීම් සමාජයේම අනිවාර්ය වගකීමකි.

මෙලෙස මා පවසන්නට මූලික හේතුවක් ඇත. වසර කිහිපයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය සමාජය තුල ආගමික කරුණූ සාකච්චා කරන යහමඟ අඩවිය අත්දැකීමෙන් ලද කාරණයක් නම් ඉස්ලාම් විරෝධීන් ඉස්ලාම් දහම ශ්‍රී ලාංකීය භූමියෙන් තුරන් කිරීමට දරණ උපක්‍රම හා සැලස්ම් සදහා මූස්ලීම් සමාජයේ සමහරක් කල්ලිවාදීන් දැන හෝ නොදැන දායකත්වයක් ලබාදෙනවා යන්නයි. විටෙක ඔවුන්ගේ දායකත්වය ඉස්ලාම් විරෝදී අන්තවාදී පිරිස් පවා අභිබවා යන්න තරම් ප්‍රබල වේ. මේ පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුලත් කිහිප අවස්ථාවක සාකච්චා කොට ඇති අතර එවැනි ලිපි කිහිපයක් ඔබගේ මතකයට ගෙන එන්නේ නම්,

එදා යහමඟ අඩවිය ඉහත ලිපි ඉදිරිපත් කරන විට සමහරක් මුස්ලීම් පිරිස් පවා මෙම අඩවියට කල්ලිවාදී බෝඩ් ලෑල්ල එල්ලන්න උත්සාහ කලා යන්න තිත්ත වූ ඇත්තකි. නමුත් එදා මා පැහැදිලිවම පැවසූ කාරණයක් අද යලිත් මතක් කලයුතුව ඇත. ඒ ‘මුස්ලීම් සමාජයේ මේ පිරිසට අද එල්ල වන චෝදනාව හෙට මුස්ලීම් සමාජයේම වෙනත් පිරිසකට මෙලෙසින්ම එල්ල විය හැක’ යන්නයි. එදා ‘වහාබි’වරුන්ට චෝදනාවන් එල්ල කරන විට මුස්ලීම් සමාජයේ සමහරක් කල්ලිවාදී පිරිස් ඒ තුලින් කාලකන්නි සතුටක් ලැබුවා යන්න පිලිකුල් සහගත සත්‍යයකි. අද ‘තබ්ලීග්’වරුන්ට චෝදනා එල්ල වන විට මුස්ලීම් සමාජයේ තවත් සමහර කල්ලිවාදීන් මේ දෙස බලමින් ඒ සතුට ලබනවා යන්නද එලෙසින්ම පිලිකුල් සහගත සත්‍යයකි. මෙවැනි ක්‍රියා කලාපයන් තුලින් මේ අප අවස්ථාව සලසා දෙන්නේ කව්රුන් සදහාද?. ඉස්ලාම් විරෝධීන් විවිධ උපක්‍රම යොදා චෝදනා පත්‍රර සකසමින් මුස්ලීම් සමාජයේ ඉරණම තීන්දු කරන්නට පිඹූරුපත් සකසද්දී මුස්ලීම්වරුන් වන අප කරමින් සිටින්නේ කුමක්ද? මෙය අවබෝධ කරගැනීමට මීට කලකට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල අනවබෝධය, වාචාලකම හා ජාතිමාමක අන්තවාදය යන ලිපිය ඔබට මහත් පිටුවහලක් වනු ඇත. යහමඟ එදත් පැහැදිලිව සදහන් කලා අදත් පවසනවා අල්ලාහ් (දෙවි) නිර්මාණය කරදුන් මුහම්මද් (සල්) තුමාණන් ක්‍රියාවට නැංවූ දහම තුල කල්ලි වාදයක්, සංගම් හෝ සංවිධාන වාදයක් නැත. එහි අවශ්‍යතාවයක් ද නැත. මෙම තත්වය අවබෝධ කර නොගෙන විවිධ කොටස්වලට බෙදී එකින් එකාට දොස් පවරාගෙන චෝදනාවන් සිදු කරගෙන ක්‍රියා කිරීමේ අවාසනා ප්‍රතිථිපලය ඉතා භයානකය. මෙය මුහම්මද් (සල්) තුමාණන් අලංකාර හදීසයක් තුලින් මෙසේ පැහැදිලි කරන ලදී.

අල්ලාහ් (දෙවි) පනවන ලද සීමාවන් තුල කටයුතු කරන හා එම සීමාවන් නොතකා කටයුකු කරන පිරිසට උපමාව නැවේ ගමන්කල පිරිසය. එහි ගමන්ගත් පිරිස් අතුරින් කොටසත් ඉහල ම‍හලේ සහා අනික් පිරිස් පහල මහලේ ගමන් කරන ලදී. මෙසේ ගමන් කරන විට පහල මහලේ ඉන්න පිරිසට ජලය අවශ්‍ය වූ විට ඉහල මහලට පැමිණ එය ලබා ගැනීමට සිදුවිය. මේ නිසා පහල මහලේ සිටී පිරිස් ‘අපි මේ පතුලේ සිදුරක් ඇති කරගමු එවිට අපිට පහසුවෙන් ජලය ලබාගත හැකි’ යනුවෙන් තීන්දු කරන ලදී. යනුවෙන් පැවසූ නබිතුමාණන් මෙහිදී ඉහල මහලේ සිටින පිරිස් පහල මහලේ එම පිරිසගේ ක්‍රියා කලාපය බලා සිටියේ නම් මේ දෙපාර්ශවයම විනාශ වන බවත් ඔවුන්ව වැලැක්වුයේ නම් දෙපාර්ශවයම දිවි ගලවා ගන්නා බවත් පවසන ලදී.
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත එම හදීසය තුල අවධාරණය කරන අවාසනාවන් ඉරණම කරා නොවේද? මේ අද ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය පියමනිමින් සිටින්නේ. මතවාද ඇතිවීම මනුෂ්‍ය ස්වභාවයකි. ඒවාට විසදුම් ‍සෙවිය යුත්තේ තම දේශපාලන බලවත් කම, පාරම්පරික සම්ප්‍රදාය හෝ තම නැණ පමණීන් නොව ආගමික ඉගෙන්වීමන් පදනම් කරගෙනය. මෙලෙස විසදුම් සොයනවා වෙනුවට තම විරුද්ධ මතවාදීයා තම හතුරාට පාවාදී විනාශ කරන්නට යන්නේ එම පිරිස පමණක් නොව සමස්ථ මුස්ලීම් සමාජයමය. මේ ඉහත සිදුවීමද එයට තවත් එක් නිදසුනක් පමණී. මෙවැනි පහත් පෙලේ උත්සාහයන් අප සමාජයේ සිදුවූ පලමු අවස්ථාව මෙය නොවන බව ඉහත කරුණූවලින් ඔබට දැන් පැහැදිලි වියයුතුය. මෙම තත්වය වෙනස් කලයුතුය. ඒ සදහා අවශ්‍ය වන්නේ කල්ලිවාදයට ඇබ්බැහි නොවූ විවෘත මනසක් හා සමාජය කෙරෙහි අවංක හැඟීමක් ඇති බුද්ධිමත් පිරිසක් පමණි.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 11 යි.

  1. invest liberty reserve 2012-02-19 at 00:05

    ””””’ I was recommended this web site by my cousin. I’m not sure whether this post is written by him as nobody else know such detailed about my problem. You’re incredible! Thanks! your article about ”””””” Best Regards Cassetta

  2. mumeeth mohamed 2012-02-02 at 12:47

    මේවාට විසදුම් අල්ලාහ් සතුව ඇත

  3. mohamed 2012-01-29 at 01:01

    පොඩි නිවැරදි කිරීමක් සහෝ.., තබ්ලීග් හී නිර්මාතෘවරයා zසකරියා තුමා නොව ඉල්යාස් තුමාය.

    • abuarshed 2012-01-29 at 09:19

      ඔබගේ නිවරුදි කිරීමට ප්‍රථමයෙන් ස්තූති වන්ත වන අතර ඔබ පවසන වරද මීට ඉහත siraj සහෝදරයා විසින් comments මඟින් නිවරදි කල නිසා එම ලිපියෙහි සිදුවූ වරද එලෙසින්ම තැබුවා අද එය නිවරදි කරන්නම්.

  4. සිංහල ඉස්‌ලාම් 2012-01-27 at 20:45

    ජනමාධ්‍ය වලට පින්සිදු වන්නට අද ඉස්ලාමය සහ මුස්ලිම්වරුන් පිළිබඳ කතිකාවක් ගොඩනැගීමට හා අධ්‍යන කිරීමට අනෙකුත් ශ්‍රී ලාංකික සමාජය යොමු වෙලා තියෙනවා. මෙය ඉතාම හොඳ ප්‍රවනතාවක්. 9/11 බෝම්බ පිපිරීමේ සිද්ධිය ප්‍රථමව මුස්ලිම් අන්තවාදීන් වෙත ඇගිල්ල දිගු වුවත්, සහ මුස්ලිම් වරුනට බොහොමයක් අවමන්, අකටයුතුකම් වලට මුහුණ පෑමට සිදුවුවත්, ඉතා කෙටි කලකදී ඇමෙරිකානුවන් ඉස්ලාමය දෙස බැලීමටත්, ඉස්ලාමය අධ්‍යනය කිරීමටත් ඉන් නොනැවතී ඉස්ලාමය වැළඳ ගැනීමටත් උත්සුක වුනා. යුරෝපයේ තත්වයත් මෙයමයි.

    අද ශ්‍රී ලංකාවට විදේශික තබ්ලීග් ජමාත් පැමිණීම තහනම් වුවත්, ඉතා කෙටි කලකින් ඔවුන් නැවත පැමිණෙන විට, ඔවුන් පිලිබඳ විශේෂ අවධානය යොමුවීම වලක්වන්න බැහැ. එලෙසම එමගින් අප මුස්ලිම් සමාජයට මෙන්ම අනෙකුත් සමාජයටද හිදායත් ලැබීම වැළැක්වීමට බැහැ. සියලු දේ දන්නේ දෙවියන් පමණි.

    මෙවන් අසීරු අවස්ථාවක අප කළයුතුව ඇත්තේ අපේ ඉස්ලාමයේ ඉගැන්වීම් අනුව සාමයෙන්, සමගියෙන්, සංයමයෙන්, හික්මීමෙන්, සහජීවනයෙන් සහ එකමුතුව නියම මුස්ලිම් වරුන් ලෙස ජීවත් වීමයි. මතක තබා ගන්න ඉහත තහනම තාවකාලික බව. අප නොසැලී සිටීම, අපේ ඊමානය තව තවත් ශක්තිමත් කරගැනීමට උත්සුක වීම ඉතාම වැදගත්. අප බෙදී වෙන්වී අනෙකුත් මිත්‍යා දෘෂ්ටිකයින් හා සමව විකාර සහ විලම්බීත ක්‍රියා සිදු කිරීමට උත්සුක වන්නේ නම් අප අර අන්තවාදී සුළු කොටස ආවැඩීමක් පමණක් කරන බව මතක තබා ගන්න.

    ” සත්‍යය පැමිණෙන විට මුසාව, එළිය දුටු කල අදුර නැති වනසේ ඉවත් ව යනු ඇත..” ඉඳින් අප ඉවසමු.. දෙවියන්ගෙන් කමාව අයදිමු. ඌනයෙන් තොර නිවැරදි සත්‍ය දහමේ පැවැත්ම සඳහා ඉදිරිපත් වෙමු. මෙලොව මෙන්ම මරණින් මතු ජීවිතයද සාර්ථක කරගැනීමට අල්ලාහ් දෙවියන්ගෙන්ම උදවු ඉල්ලමු.. ජසාකල්ලාහ් හයිර්

  5. abu amaan 2012-01-25 at 10:06

    තබ්ලිග් ජමාත් හි වගකිව යුත්තන්ට ඔබතුමා දිවයින පත්තරේ තිබෙන දේ ගැන දැනුම් දෙන්න ඔහුන් දමා තිබෙන ලිපිය ඔප්පු කල නොහැකිනම් සිරස් තලයේ සමාව ඉල්ලා ලිපියක් පලකරන්න කියන්න මිට පසු හරි වගකීමකින් යුතුව ලිපි පල කරවී අපි සත්‍ය දන්නවා උනාට ලිපිය කියවූ අන් අය දන්නේ එම කතු වරයා පල කල පුවත විතරය

  6. Shafraz 2012-01-25 at 00:16

    “මෙහිදී ඉහත සිදුවීමට සම්බන්ධ ‘තබ්ලීග්’ සංවිධානයට ද කිවයුතු කාරණයක් ඇත. මේ උද්ගත වී ඇති තත්වය පිලිබදව හා ඔවුන්ගේ න්‍යාය පත්‍රය පිලිබදව රටේ බලධාරීන්ට මෙන්ම ශ්‍රී ලාංකීක ප්‍රජාවට පැහැදිලි කිරීමක් ඔවුන් සිදු කලයුතුය….”

    ww.lankacnews.com/sinhala/news/44353/

    OK. The matter is now clarified, cleared and closed officially. Only the media is creating problems.

    Jazakallah for the article.

  7. Nizar Sheikh 2012-01-24 at 23:16

    මාද්‍ය වේදීන් කරන සමහර අවුල් නිසා මුළු මුස්ලිම් සමාජයටම ත්‍රස්තයන් යන නමක් එකතු කරගත්තා. ශ්‍රී ලංකාවේ තබ්ලීග් යන අපේ අරමුණ මෙලොව නොවේ.. අපේ මරණයෙන් පස්සේ අපිට නිමාවක් නොමැති ලෝකයක් තියෙනවා. එය අපි විස්වාස කරනවා. එහි නිමාවක් නොමැති ජීවිතය පමනය් අපේ බලාපොරොත්තුව. යහමග ජීවත්වූ අයට පමනය් එහි ස්වර්ගය ලැබෙන්නේ. ඒ නිසා තමා අපි තබ්ලීග් යනුවෙන් අප සමාජය අතර ගොස් අපි දන්නා දේවල් ඒ අයටත්, අපි නොදන්නා දේවල් ඒ අයගෙනුත් ඉගෙනගන්නවා. ඒ පමණක් නොව, ගමට පමණක් කොටුවී සිටින අයට තවත් වෙනස් සමාජයක් මුණගැසිලා, ඒ අය සමග අන්යෝන්යතාවයන් ඇති කරගැනීමේ පිරිසිදු හැගීමක් මත පමනය් මෙම ආගමික වන්දනාවේ තේරුම.
    කරුණාකරලා දෙවියන්ගේ නාමයට අහක යන කුණු ගොඩ අපේ ඔළුවට දාන්න එපා. අපි එදා පටන් මැරෙනකන් ඔයගොල්ලත් එක්ක තමා ජීවත්වීමට ඇත්තේ. නිකරුනේ අපිට වධ හිංසා කරන්න එපා..

  8. helaya 2012-01-24 at 20:31

    ඔබ නොදන්න දෙයක් ගෑන කතා කරන්න එපා.උන් සෙට් එක මෙහේ ඇවිත් ට්‍රස්තවාදය පතුරවන්න හෑදුවේ අපිම තමයි දෙන්නෙක් ගෑන මුලින් පෑමිනිලි කරේ,ඔය විදියට පක්ශක්ග්‍රාහී වෙන්න එපා,සදාරන විදියට හිතන්න

    • abuarshed 2012-01-24 at 20:50

      මුලින්ම කිවයුතු කාරණය නම් යහමඟ කිසිවිටෙක පක්ෂග්‍රාහී නොවන බවයි. එය ඉහත ලිපිය හොදින් කියවන්නේ නම් ඔබට පැහැදිලි වනු ඇත. අනික් කාරණය ඉහතින් ඔබ පවසන ‘උන් සෙට් එක මෙහේ ඇවිත් ට්‍රස්තවාදය පතුරවන්න හෑදුවේ’ යන කාරණය සත්‍ය නම් එය මීට වඩා සවිස්තර ඉදිරිපත් කිරීම වඩාත් සුදුසුය. නැත්නම් එයත් තව මඩ ව්‍යාපාරයක් වනු ඇත. අනික් කාරණය දෙන්නෙක් පමණක් ඔබලා අල්ලා දුන්නේ නම් අනික් අය එතැන සිටියේ නැද්ද යන කුතුහලය මතුවේ. තබ්ලීග් ජමාත් මේ ආකාරයට තනි තනිව කටයුතු කරන්නේ නැහැ කණ්ඩායම් වශයෙන් තමා ඔවුන් කටයුතු කරන්නේ ඒ අනුව ඔබගේ ප්‍රකාශ‍ය තුල නොදන්නා කාරණයක් කථා කරන බවක් පෙනෙනවා. කොහොම වුනත් අවසාන වශයෙන් නැවතත් පවසන්නට ඇත්තේ යහමඟ පෙනී සිටින්නේ සංගමයක්, සංවිධානයක් හෝ කල්ලියක් වෙනුවෙන් නොව ඉස්ලාම් දහම වෙනුවෙන් පමණි.

  9. lalith 2012-01-24 at 12:54

    thanks for the timely response

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp