‘ශ්‍රී ලාංකීය මූස්ලීම්වරුන්’ ඉතිහාස විමසුමක්

2

අතීතයේ කිසිදු දිනක නොදැකපු හා නොඇසූ ආකාරයේ ජාතිවාදී ව්‍යාපාරයන් අද අප රට තුල ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත. මේ නිර්මාණය වෙමින් පවතින අවාසනාවන්ත තත්වය පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස ලිපි ගණනාවකින්ම කථා කොට ඇති බව ‘යහමඟ‘ පාඨක ඔබ හොදින් දන්නවා ඇතැයි සිතමි. එමනිසා මෙහිදී එවන් ජාතිවාදීන් හෝ ඔවුන්ගේ ව්‍යාපාර පිලිබදව කථා කිරීමට අදහස් නොකරමි. නමුත් මේ ජාතිවාදී පිරිසගේ කුමණ්ත්‍රනකාරී ව්‍යාපාරවලට හසුවී සිටින ප්‍රධාන පාර්ශවයක් වන ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්‘ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අප රටේ බුද්ධිමත් පිරිසගේ අවදානයට ගෙන ඒමට මෙම ලිපිය තුලින් අදහස් කරමි. විශේෂයෙන් අප රටේ සුළුතරය වන ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට එරෙහිව දිනෙන් දින මිත්‍යා ප්‍රචාරයන් දියත් කරමින් ද, ඒ තුලින් ජාතීන් අතර විරසකය, වෛරය, ක්‍රෝධය, නොසතුට… යනාදිය නිර්මාණය කරමින් ද රටම අවසානාවන්ත තැනකට යොමු කරමින් සිටින පිරිසගේ අවදානයට හා ඔවුන්ගේ කුමන්ත්‍රණවලට ගොදුරු වී ක්‍රියා කරන පිරිසගේ අවදානයට අපේ සැබෑ අතීතයෙන් බිඳක් පහතින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි. අතීතයේ පටන් බහු ජාතීන් ජීවත් වන රටක් ලෙස ඉතිහාසය පුරාවට කොතරම් සුහඳව, සහජීවනයෙන්, විශ්වාසනීයව හා සාමූහික හැඟීමකින් සියළු ජාතීන් කටයුතු කලා ද? යන සුන්දර ඉතිහාසය අද අප රට තුල හිතාමාතා වසන් කොට හා විකෘති කොට සමාජගත කරමින් සිටී. මෙහි තවත් අවාසනාවන්ත තත්වය වන්නේ ඒ ඉතිහාසය බොහෝ මුස්ලීම්වරුන් පවා නොදැන සිටීමයි. මේ හේතුව නිසාම ඉහත ජාතිවාදී පිරිසගේ කුමන්ත්‍රණවලට සමහරක් මුස්ලීම් සහෝදරයන් ද බිලිවෙමින් සිටී. මෙවන් අවසානාවන්ත අවධියක ඒ සුන්දර ඉතිහාසය පිලිබදව තරමක් දුරකට හෝ ගවේෂණ කොට කෘතියක් ලෙස ජාතියට දායාද කල මහාචාර්‍ය ලෝනා දේවරාජා මහත්මියගේ ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්‘ නම් ගවේෂණ කෘතියෙන් කරුණූ කිහිපයක් උපුටාගෙන පහතින් මේ ආකාරයට ඉදිරිපත් කරන්නේ පටු අදහස්වල කොටු නොවී බුද්ධියෙන් විමසා බැලීම සදහාමය.

ලිපි පෙලගැසීම…

01. විහාරය හා විහාර භූමිය තුල මුස්ලීම්වරුන්.

02. මුස්ලීම්වරුන්ගෙන් ලාංකීය සමාජයට ලැබුණු දායකත්වය.

03. වෛද්‍ය ක්ෂේත්‍රයේ නොනිමි විශ්වාසනීය මෙහෙවරක.

04. රාජකීය මෙහෙවරේ විශ්වාසනීයව.

05. රටේ ආර්ථිකයට කරිිෙලයාකාරී දායකත්වය සපයමින්.

06. එදා ඔවුන්ගේ සමඟියට මුල් වූ සාධකය.

07. මූලාශ්‍රයන් හා වෙනත් තොරතුරු.

01

විහාරය හා විහාර භූමිය තුල මුස්ලීම්වරුන්

අනෙකුන් සියලූ ඇදහිලි මුළුමනින් ම බැහැර කර ඉස්ලාම් ආගමේ ශික්ෂා දැඩි ලෙස අනුගමනය කරන මෙන් ඉස්ලාම් ආගම සිය අනුගාමිකයන් හට නියම කරයි. උඩරට මුස්ලිම්වරුන්ට සිය ආගම නිදහසේ ඇදහීමට අවසර තිබුණු අතර ඔවුහු තම ආගමට භක්තිමත් වුහ. එහෙත් තමන් අදහන ආගමට හානියක් නොවන අයුරින් බෞද්ධ විහාර ක‍්‍රමයේ ක‍්‍රියාදාමයට හුරු වීමේ නම්‍යශීලී භාවයක් සහ හැඩ ගැසීමේ ශක්තියක් ඔවූන්ට තිබිණි. අප ඉහත දුටු පරිදි විහාර ගම්වලට දෙන ලද ඉඩම්වල, විහාරයේ රාජකාරී ඉටු කරන පංගුකරුවන් පදිංචි වූ අතර ඉන් සමහර දෙනෙක් මුස්ලිම්නරු වූහ. විහාර ක‍්‍රමය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වීමේනදී සමාජයේ විවිධ පාර්ශ්වයන් සුහද ව  ඒකාබද්ධව වීම අවශ්‍යයෙන්ම සිදුවිය යුතුය. ජාතිය සහ ආගම අතින් බහුතර  ජනතාව ගෙන් වෙනස් වූ මුස්ලිම්වරුන් අන්‍යෝන්‍ය ප‍්‍රතිලාභ සඳහා මේ ක‍්‍රියාදාමය හා බද්ධ වුයේ, කවර හෝ තත්වයකට අවශ්‍ය පරිදි හැඩ ගැසීමට මුස්ලිම්වරුන්ට ඇති ශක්තියත්, කවුරුත් හෝ වූව ඉවසීමෙන් පිළිගැනීමට උඩරට ආයතන සතු ශක්තියන්, විශේෂයෙන් ම ආගම පිළිබඳව දැඩි අවිචාර බුද්ධියකින් ක‍්‍රියා කළ අවධියකදී බෞද්ධයන් දැක්වූ සහනශීලීතාවන් ප‍්‍රදර්ශනය කරමිනි. විහාර ඉඩම් වල පදිංචි ව සිටි මුස්ලිම්වරුන් බුද්ධාගමට හරවාගැනීම සඳහා භික්‍ෂූන් වහන්සේලා කිසිඳු උත්සහයක් නොදැරු බව පැහැදිළිය.  ඒ වෙනුවට, ඔවුන් සතුව තිබුණු  දක්ෂතා සහ සම්පත් විහාරයට වැඩදායක වන අයුරින් යොදවාගනු ලැබීය.

අප විසින් දක්වන ලද පරිදි  මුස්ලිම්වරුන් ප‍්‍රධාන වශයෙන් වෙළෙන්ඳන් වූ අතර ඔවුන් සතුව තවලම් ගවයෝ සිටියහ. ඒ අනුව විහාර ඉඩම්වල  පදිංචිව සිටි මුස්ලිම්වරුන් බොහෝවිට  පැටවිලි පගු (ප‍්‍රවාහන කටයුතු සඳහා වූ ඉඩම්) භුක්ති විඳි බැව් පෙනේ. ඔවුන් විසින් විහාරයට කළ යුතු වූ ප‍්‍රධාන රාජකාරිය වුයේ, කුඹුරේ සිට අටුව (ධාන්‍ය ගබඩාව) දක්වා ධාන්‍ය  රුගෙන යාම සහ  මුහුදුබඩ ප‍්‍රදේශවලින් ඔවුන් ලබා ගන්නා ලූණු  සහ කරවල සැපයීමත්ය. මේ හිතකර සම්බන්ධතා ගොඩ නැගුණු ස්ථානයකට කදිම නිදර්ශනයක් නම් එහි සලකුණ අද පවා දක්නට ලැබෙන කුරුණෑගල පුරාණ රිදී විහාරයයි.  උඩරට රජවරුන්ගේ නොමසුරු ත්‍යාගශීලීභාවයෙන් විශාල ලාභ ප‍්‍රයෝජන අත්වූ මේ විහාරයට ගම්වර සතක් පූජා කර තිබිණි.  එයින් එකක් රඹුක්න්දක මුළුමතින්ම මුස්ලිම් ගමක් වුයේය. එහි එක් එක් කුලී නිවැසියා විසින් ඉටු කරන ලද රාජකාරිය සහ ගෙවූ මුදල රාජකාරි බදු ලේඛනයෙහි සඳහන් වේ. ඒ රාජකාරි අතරට, ධාන්‍ය ප‍්‍රවාහණය කිරීම, විහාර භූමිය අලංකාර කිරීම සඳහා සුදු වැලි ගෙන ඒම, යම් යම් වියලි සලාක ද්‍රව්‍ය, ප‍්‍රධාන වශයෙන් පොල් සහ කරවල සැපයීම සහ සුළු සුළු ගාස්තු මුදලින් ගෙවීම ඇතුළත් විය.

රිදි විහාරයේ භක්‍ෂුන් වහන්සේලා මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සඳහා විහාර ගමේ කොටසක් පවරා දී මුස්ලිම් පූජකවරයෙකුගේ නඩත්තුව සඳහා ද ඉඩම් කොටසක් වෙන් කර තිබීම. නූතන යුගයේ සම්මත පිළිවෙත අනුව පවා ඉතා උදාර කාර්යයන් වශයෙන් සැලකිය හැකිය. මුස්ලිම් පදිංචිකරුවන් කිසිඳු පැකිළිමකින් තොරව බෞද්ධ විහාරයට සේවය කළ ඇති අතර, ඔවුන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතා පිරිමසාලීම සඳහා මුස්ලිම් පූජකවරයකුට විහාරය විසින් විවෘත වම  සහයෝගය දක්වන ලදී. ආගම් පිළිබඳ ඉතිහාසයේ අද්විතීය ගණයේ එකක්වූ විශිෂ්ට ආගමික සහනශීලතාවක් ප‍්‍රකට කළ මේ සිද්ධිය 1870 දී බි‍්‍රතාන්‍ය රාජකාරි බදු කොමසාරිස්වරුන්ගේ විස්මයට හේතු විය. ඒ මුස්ලිම් පල්ලිය,  විහාරයේ සිට සැතපුම් භාගයක් දුරින්, මුලින් රිදී විහාරයට අයිතිව තිබුණු ඉඩමක අද ද පිහිටා තිබෙනු දැකිය හැකි යැයි ඒ විහාරයේ අධිපති තිබ්බොටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල නායක ස්වාමීන් වහන්සේ ග‍්‍රන්ථ කර්තෘව දන්වා සිටියහ. එය එකල ආගමික සහනශීලිතාව පිළිබඳ අනුස්මරණීය සිද්ධියකි. සමස්ථ සමාජ ආර්ථික ව්‍යුහය දැන් කඩා වැටී විසුනු වී තිබුණ ද හොඳ හිත සහ සුහදත්වය තවම පවති.

කුරුණෑගල දිස්ත‍්‍රික් සංවර්ධන සභාවේ සගිකයකු ව සිටි එ මෙන්ම රඹුකන්දන ගෞරව සැලකිල්ලට පාත‍්‍ර වූ පුරවැසියෙකු වූ යු. එන්. ආසන ලෙබ්බේ සාක්‍ෂ්‍ය දරමින්, 1930 දී මුස්ලිම් ළමයින් බොහෝ දෙනෙකු පන්සල්වල අධ්‍යාපනය ලැබු බවත් ඔවුන් ගෙන් ඇතැමුන් අවුරුදු දහයක් තරම් දීර්ඝ කාලයක් පන්සලේම පදිංචි ව සිටි බවත්  ප‍්‍රකාශ කළේය. ඔවුනතුරින් වැඩිදෙනෙක් සිංහල භෂාව සහ දේශිය වෛද්‍ය ක‍්‍රමය හැදෑරු හ. අධ්‍යාපනය හැම විටම නොමිලයේ සැපයුණු අතර, පන්සල්වල ඉඳුම් හිටුම් සහ කෑම බීම ද නොමිලයේ සැලසුණු නමුත් භක්‍ෂුන් වහන්සේලා තම භාරයේ සිටි ළමයින් බුද්ධාගමට හරවාගැනීමට කිසිඳු උත්සහයක් නොදැරූහ. පන්සල්වල ජීවත් වෙන අතරම ඔවුන් ගේ යාච්ඤ මෙහෙයන් පැවැතිවීමට සහ කෝරාන පන්තිවලට යෑමට මුස්ලිම් ළමයින්ට පහසුකම් සලසන ලදී.

ලෞකිකකරණයේ සහ නවීකරණයේ බලපෑම්වලින් තවම පාරම්පරිකව සාරධර්ම දිය වී ගොස් නොමැති මේ දුර බැහැර ගමේ පදිංචි මුස්ලිම් ජනතාව විහාරයේ කටයුතු වලට ස්වේච්ඡුාවෙන් දායක වන අතර විහාර උත්සවවලදී, විශේෂයෙන්ම ඇසළ පෙරහැරේදී මුස්ලිම් ළමයි කණ්ඩායමක් වශයෙන් ඊට සහභාගි වෙත්. ඔවුන්ගේ උදවු උපකාර අවශ්‍ය වන අවස්ථාවලදී භක්‍ෂුන් වහන්සේ විසින් ඒ බැව් මුස්ලිම් පූජකවරයාට දන්වනු ලබන අතර ඔහු අවශ්‍ය පිරිස් සැපයීම සඳහා සියළු විධි විධාන සලසයි. රාජකාරි සේවය නතර කොට ඇති බැවින් තව දුරටත් සේවය කිරීමට ඔවුන් බැඳි නොසිටින නමුත් ගරු සැලකිලි දැක්වීමේ සහ මිත‍්‍රත්වයේ ජීවය තවම බිඳවැටි නොමැත. නිශ්ශබ්ද වන ලෙස දැක්වෙන සංඥා පුවරු හෝ එසේ කරන ලෙසට විධානක කර හෝ නොමැති නමුත් පෙරහර මුස්ලිම් පල්ලිය පසුකර යන විට එහි බෙරකරුවන් ගෞරව දැක්වීමක් වශයෙන් ස්වේච්ඡුාවෙන්ම බෙර වාදනය නතර කරන බැව් යු. එන්. ආසන ලෙබ්බේ ප‍්‍රකාශ කළේය.

කලින් අප දුටු පරිදි අකුරණ උඩරට පැරනිතම මුස්ලිම් ජනවාසවලින් එකකි. මහනුවර අස්ගිරි අලූත් විහාරය සතු විශාල ඉඩම් ප‍්‍රමාණයක් අකුරණ පිහිටා තිබුණු අතර එහි යම් යම් පංගු භුක්ති විඳි මුස්ලිම් පවුල් ගණනාවක් සිටියහ. ලූණු දෙන පංගුව භුක්ති විඳි අය සිරිත් පරිදි ලූණු සහ කරවල  සැපයූහ.  අනිකුත් පංගුකරුවන් මසකට වරක් විහාරයට එළවළු කඳක් පිරිනැමු අතර අලූත් අවුරුද්දට පසුව ඒ සෑම අයෙක්ම එළවළු කඳක් හා බුලත් හුරුල්ලක් බැගින් නායක ස්වාමින් වහන්සේට පිළිගැන්වූ හ. විහාර ඉඩම් පංගුවක් භුක්ති විඳින මුස්ලිම් වෛද්‍යවරයෙකු වන අබුබකර් ලෙබ්බේ වෙදරාල වාර්ෂිකව අස්ගිරි අලූත් විහාරයේ නායක ස්වාමින් වහන්සේට මුදල් ත්‍යාගයක් හා දුම්කොළයක් පිළිගැන්වු බැව් සැලකිල්ල යොමු විය. යුතු සිද්ධියකි. දුම්කොළ බුලත් විට සඳහා අවශ්‍ය දෙයක් වන අතර ස්වාමින් වහන්සේලා ගේ ඉතා සුළු අවශ්‍යතාවක් පවා මේ ආකාරයෙන් සපුරාලූ බවක් පෙනේ. ඊටත් වඩා වැදගත් වනුයේ අලූත් අවුරුදු දිනයේදී  පංගුකාරයා සම්ප‍්‍රදායික තෑගි බෝග සමග අනිවාර්යයෙන්ම පෙනුමක් රුගෙන ගොස් නායක ස්වාමින් වහන්සේ බැහැ දැකීමයි. මුස්ලිම් නොවන විහාර ඉඩම් හිමියා සහ මුස්ලිම් කුලී නිවැසියා අතර පවත්නා අන්‍යෝන්‍ය රඳාපැවැත්ම ඉන් ශක්තිමත් වේ.

කුරුණෑගල රිදී විහාරය සහ මහනුවර අස්ගිරි අලූත් විහාරය සම්බන්ධ මේ සිද්ධීත්, මෑත කාලීන සංක‍්‍රමණිකයන් මෙන්ම ජාතිය සහ ආගම අතින් විජාතිකයන් වු මුස්ලිම්වරුන් උඩරට සමාජයට පිළිගනු ලැබුවේ අවාසිදායක තත්ව යටතේ නොවන බැව් පෙන්නුම් කෙරෙන නිදසුන් දෙකක් පමණි. විහාර ඉඩම්වල මුස්ලිම්වරුන් පදිංචි ව සිටි සෑම අවස්ථාවකම දී ඔවුන් විහාරයට සේවය කරමින් උඩරට සමාජ පද්ධතියේම කොටසක් බවට පත්වූ අතර, මුස්ලිම්වරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටි සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ ආධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලීම උදෙසා භික්‍ෂුන් වහන්සේලා හෝ රජු හෝ විසින් මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සඳහා ඉඩමක් වෙන් කර දෙනු ලැබිය. පංගොල්ලමඩ මුස්ලිම් පල්ලිය ඉදි කර ඇත්තේ දෙගල්දොරුව විහාරයට අයිති ඉඩම් කොටසකය. මහනුවර වර්තමාන කටුපල්ලිය සහ මිරාමක්කම් පල්ලිය ඉදි කරනු ලැබුවේ උඩරට රජවරුන් විසින් තෑගි කරන ලද ඉඩම් වලය. කටුපල්ලිය ගෘහ නිර්මාණ ශිල්පය අතින් දළදා මාළිගාවේ මඟුල් මඩුවට සමාන වන අතර එහි කැටයම් කළ දැව කණු ඇම්බැක්කේ දේවාලයය සිහිපත් කරවයි. පෙනුමෙන් උඩරට ලී දොරටුවක ස්වරූපය ගත්, බරුති පිත්තල කැබලි අල්ලා මුදුනේ කෝරාන පාඨයක් කොටා ඇති පල්ලි දොර, තත්කාලීන හැඟීම් මූර්තිමත් කරමින්, ආගම එක්සත් කිරීමේ සාධකයක් විය හැකි බව නරඹන්නන්ට සිහිපත් කරවයි.

දහහත් වන ශත වර්ෂය තරම් ඈත අතීතයේදී උඩරට රජවරුන් විහාරය සඳහා ඉඩම් පිරිනැමූ ආකාරයෙන්ම මුස්ලිම් පල්ලිවල නඩත්තුව සඳහාද ඉඩම් දුන් බවත්, එහෙත් අනිවාර්ය රාජකාරිය වෙනුවට කුලී පදිංචිකරුවන් එහි නඩත්තුව සඳහා මුදලින් ආධාර කළ බවත්, නොක්ස් ගේ තියුණු අධ්‍යයනයෙන් ප‍්‍රත්‍යක්‍ෂ වේ. පිනට දහමට ළැදි සිංහල ජනතාව විසින් පූජනීය ස්ථාන ඉදි කරගැනීම පිණිස මුස්ලිම්වරුන්ට ඉඩම් පරිත්‍යාග කරන ලද අවස්ථා ද විය. II වන රාජසිංහ රජු (1635 – 1687)සහ ඔහු ගේ රට වැසියන් පිළිකුල් කිරීමට හැමතින්ම හේතු තිබුණු රොබට් නොක්ස් මෙසේ පවසයි.‘‘සිංහල වර්ගයා ඔවුන්ගේ ජාතියට අයත් දුප්පතුන්ට පමණක් නොව විජාතික විදේශික වූ දුප්පතුන් හටත් එක්වන් අනුකම්පාවෙන් සලකති. විශේෂයෙන් ඉස්ලාම් භක්තික යාචකයන් හටත් පින් පිණිස දෙති. ඔවුන්ට අයත් සිද්ධස්ථානයක් කන්දේ නුවර පිහිටා ඇත්තේය. සැම නිදහස් ගම්වැසියෙකු විසින්ම මේ සිද්ධස්ථානයට පෙනුමක් දිය යුතු යැයි පෙර එක් රජෙක් නියෝගයක් කළේය. ඔවුන් හිඟමනෙහි එන්නේ දැඩි විශ්වාසයකිනි. ඔවුන් කියන්නේ ජනතාවගේ පින් පල සම්පූර්ණ කරලීම සඳහා ඔවුන් හිඟමනේ එන බවයි. ජනතාව හුදු පින් තකාම නිදහස් ලෙස ඔවුන්ට ආධාර කරති. ධනවතුන් විසින් ඔවුන්ට පිනට දෙන ලද ඉඩ කඩම් තැනින් තැන ඇත. එම ඉඩම්හි ගෙවල් තනා ජීවත් වන ඔවුහු ඒ දේපළ සදහටම පරපුරෙන් පරපුරට හිමි වන්නට ඉඩ හරිති.

ගම්පොළ අසල පිහිටි කහටපිටිය පල්ලිය හා සම්බන්ධ පුරාවෘත්ත සිංහල රජවරුන් මුස්ලිම් ජනතාව කෙරෙහි දැක්වූ නිර්ලෝභීකම තව දුරටත් පෙන්වාදෙයි. පල්ලිය දැන් පිහිටි භූමි භාගය පෙර ගසක් දෙකක් සහිත මුඩු බිමක් විය. පුරාවෘත්තයට අනුව, මක්කමෙන් පැමිණි තවුසකු මෙහි වාඩි වී භාවනාවේ නිමග්නව සිටි අතර කිතුල් ගසක් මදින්නට එහි පැමිණි රා මදින්නෙක් භාවනානුයෝගී තවුසා ගේ උදාර තැන්පත් ඉරියව් දැක වශි විය. මේ රූපය සජීවි එකක්ද අජීවී එකක් දැයි සැක හැර දැන ගැනීමට ඔහුට අවශ්‍ය වූයෙන් ඔහු විසින්ම ඒ රූපයේ නාස්තුඩ කපාදමන ලදැයි පැවසේ. තවුසා කිසිඳු සෙලවීමක් නොමැතිව පිළිමයක් මෙන් හුන්නේය. තමා විසින් කපා දමන ලද නාස්තුඩු යළිත් නාසයට සවි වී තිබෙනු පසු දා උදෑසන දුටු රා මදින්නා විස්මයෙන් ගල් ගැසිණි. ගෞරව සම්ප‍්‍රයුක්ත බියකින් ඇලලීගිය රා මදින්නා ගම්පොළ රජුට තමා දුටු දේ විස්තර කළේය. රජු තවුසා වෙත ගොස් ඔහුට කුමක් අවශ්‍ය දැයි විචාළේය. හිස තබාගැනීමට කුඩා බිම් කඩක් පමණකැයි තවුසා පිළිතුරු දුන්නේය. අවශ්‍ය බිම් ප‍්‍රමාණය කොපමණ දැයි රජ ඇසු විට තවුසා තම සක්කර වළල්ල සිටු දිසාවට විසි කර අවශ්‍ය ප‍්‍රදේශය දක්වා සිටියේය. ඒ අනුව, ඉල්ලීම ඉටු කැරුණු අතර ඒ භූමි භාගය සක්කරන් කොටුව නමින් දැනුදු ප‍්‍රසිද්ධ ව පවති.

භවකුෆ් සාන්තුවරයා දේවත්වයට පත් කොට ඔහු සිහි වීම පිණිස සොහොන් කොතක් ඉදි කරනු ලැබීය. පසු කාලයකදී ඒ ස්ථානයෙහි පල්ලියක් ගොඩ නගන ලද අතර, එය වන්දනාකරුවන් නිතර දෙවේලේ පැමණෙන ප‍්‍රසිද්ධ ස්ථානයක් වී තිබේ. පෘතුගීසීන්ගේ සහ  ඕලන්දකාරයන් ගේ තාඩන පීඩන ආරම්භ වීමටත් පෙර සිට උඩරට රජු සහ වැසියන් මුස්ලිම් භක්තිකයන්ට (එමෙන්ම අනෙකුත් සියලූ ආගමිකයන්ටත්) ඔවුන්ගේ ආධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලන තරමට පවා නැඹුරු වී සහනශීලීතාවකින් ක‍්‍රියා කළ බවට මෙය තව ද නිදසුනකි. තම ජාතියට අයත් නොවු ජනගහනයක් මැද කුඩා සුළු තරයකට තම ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව රැුකගැනීම පහසු වුයේ යහපත් අදහසින් කළ එවැනි ක‍්‍රියාවන් නිසාය.

නැවතත් අනුමාතෘකා වෙත…

02

සමාජයට ලැබුණු දායකත්වය

දිවයිනේ සැඟවුණු ප‍්‍රදේශවල විශේෂයෙන්ම නැගෙනහිර පළාත්වල මේ නොදියුණු පුරුද්ද තවම දැකිය හැකිය. මේ දිස්ත‍්‍රික්ක වල සංචාරය කිරීමේදී කඳුකර අඩි පාරවල් දිගේ වෙහෙසකර ගමනක ඇදෙන, බඩු බර පැටවුණු දිගු ගව පේළි අපට බොහෝ විට හමු වෙති. ගවයන් ඉදිරියට ඇදෙන විට කර බැඳි ගෙජ්ජි කිංකිණි රාවය නංවයි. ඇතැම් විට මධ්‍යාහ්න අවු රහ්මියේ කැලැබද දිය කඳුරක් අයිනේ ළිප් ගිනි මොළවාගෙන තම ආහාරය පිස ගැනීමට සුදානම් කරන ලද ගවයන් ඒ අසල උලාකමින් දියේ ගිලෙමින් සිටිනු පෙනේ. මුදාහළ බඩු ගෝනි පසෙකින් ගොඩ ගසා තිබේ. මේ සංචාරක වෙළඳාමේ නිරත වී සිටින බොහෝ කොට මුස්ලිම්වරු වූහ. ක‍්‍රමානුකූල වගා කිරීමකින් තොරව නිවෙස් වටා සුළුවෙන් වැටි ඇති දේශිය කෝපි සමග හුවමාරු කරගැනීම සඳහා ලූණු, මුහුදු බඩ පිහිටි ආණ්ඩුවේ ගබඩාවලින් උඩරට කඳුකරයට ගෙන ඒම ඔවුන්ගේ ව්‍යාපාරය විය. එසේ ලැබෙන ලාභවලින් කපු රෙදි සහ පිත්තල භාජන, කරවල සහ වෙනත් වෙළඳ ද්‍රව්‍ය මිලදී ගන්නා තවලම්කරුවෝ ඒවා රට අභ්‍යන්තරයේ හුදෙකලා වූ ගම්මානවලට ගෙන යති.

  • එමර්සන් ටෙනන්ටි

මේ වූකලි බි‍්‍රතාන්‍ය සිවිල් සේවකයෙකු විසින් මුස්ලිම් වෙළෙන්ඳන්ගේ තවලමක් පිළිබඳව ඇති දර්ශනීය විස්තරයකි. කාන්තාරයේ ප‍්‍රවාහණ ක‍්‍රමයක් වූ තවලම ශ‍්‍රි ලංකාවට හඳුන්වා දෙන ලද්දේ මුස්ලිම්වරුන් විසිනැයි සමහරු කියති. කාන්තාරයේ ඔටුවා වෙනුවට මෙහිදි ගවයා යොදාගෙන තිබේ. රාජධානියට පහසුවෙන් ප‍්‍රවේශ වීමට නෙහැකි වීම එය ආරක්‍ෂා කරගැනීමේ හොඳම ක‍්‍රමය වූ බැවින් ප‍්‍රවාහණ සහ පනිවිඩ හුවමාරු පහසුකම් වැඩි දියුණු කිරීමට උඩරට රජවරු කැමැත්තක් නොදැක්වූහ. නිර්භීත මුස්ලිම්වරුන් රට අභ්‍යන්තරයට පැමිණි පසු එහි දුෂ්කර කඳුකර මාර්ගවලට සරිලන ප‍්‍රවාහණ ක‍්‍රමයක් සකසාගැනීමට ඔවුන්ට සිදු වූ බැවින්, කාන්තාර තරණය කළ තවලම් පිළිබඳ මතකයක් තිබුණු ඔවුහු ඒ සඳහා ගවයා යොදාගත් හ.

  • මුස්ලිම්වරු සහ උඩරට වෙළඳාම

මුස්ලිම්වරුන් ප‍්‍රධාන අතරමැදියන් වශයෙන් ක‍්‍රියා කළ උඩරට රාජධානියේ වෙළඳ රටාව ගැන මේ අවස්ථාවේදි විමසා බැලීම වැදගත් වනු ඇත. ගිරි දුර්ග බවලින් වට වූ සිය රජාධානියට කොටු වී සිටීමට උඩරට රජවරුන් සුදානම් නොවු බවත්, දහහත් වන ශත වර්ෂයේදී ඔවුන් බල පරාක‍්‍රමයෙන් වැඩෙත්ම සිය වෙළඳ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට මෙන්ම බාහිර ලෝකය සමග සිය සම්බන්ධකම් පවත්වාගෙන යාමටද කැමැත්තක් දැක්වූ බවත් දක්නට ලැබිණ.

දිවයිනේ මුහුදුබඩ පළාත් පෘතුගීසීන්ගේ ග‍්‍රහණයෙන්  ඕලන්දකරුවන් අතට පත් වෙන විටත් නැගෙනහිර වෙරළේ කොට්ටියාර්හි සහ මඩකලපුවේ ද, බටහිර වෙරළේ කල්පිටියේ සහ පුත්තලමේ ද වරායවල් උඩරැුටිඉයනගේ පාලනයට යටත් ව තිබිණි. ඒවා මගින් ඔවුහු, මුස්ලිම්වරුන් සහ හෙට්ටීන් අතරමැදියන් ලෙසින් යොදාගෙන මදුරා සහ කොරමණ්ඩල් නගර සමග වෙළහෙළඳාම් කළහ. මේ එක් එක් වරායක් රාජධානීයේ බවිවිධ ප‍්‍රදේශ පිට වීමේ මාර්ගයක් වුයේය. රජුට අයත් හොඳම වරාය තිරිකුණාමලය අසල පිහිටි කොට්ටියාර් විය. එහි සිට සැතපුම් කිහිපයක් නුදුරින් රට අභ්‍යන්තරයේ කිලිවෙට්ටිහි, වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කළ විශාල වෙළෙඳපොළක් පිහිටියේය. එහි වූ රාජකීය රේගු මඩුවේ දී මුලාදෑනියෙක් රජු වෙනුවෙන් බදු අය කෙළේය. බි‍්‍රතාන්‍ය තානාපති ජෝන් පයිබස්ට පොළි වෙළෙන්ඳන් සමූහයක් මුණ ගැසුණේ ද කිලිවෙට්ටිහිදීය. රටවැසියන්ට විකිණීම සඳහා ඔවුහු තල ඇට, පබළු සහ කොට්ට පොල් ගෙන එමින් සිටියහ. කොට්ටියාර් සිට මහනුවර දක්වාවූ මාර්ගය මහවැලි ගං ඉවුර දිගේ වැටී තිබුණු අතර වෙළෙඳ ද්‍රව්‍ය ඔබ මොබ ගෙන යමින් සිටි මුස්ලිම් වෙළෙඳ තවලම් එහි නිරතුරුවම දක්නා ලදී. 1762 දී තිරිකුණාමලයේ සිට මහනුවර බලා යමින් සිටි පයිබස්ට අතරමගදී ගවයන් විස්සක් තිහක් සහිත මුස්ලිම් තවලමක් හමු විය. ඔවුහු ලූණුවලට මාරු කිරීම සඳහා ධාන්‍ය මලූ මුහුදු බඩ නගරවලට ගෙන යමින් සිටියහ. කාලයාගේ ඇවෑමෙන් මේ මාර්ග දිගට මුස්ලිම් ජනවාස බිහිවී ඇති බැවින් රට මැද සිට වරායවල් කරා විහිදි ගිය ඒ පැරණි වෙළඳ මාර්ග අපගේ අධ්‍යයනයට වැදගත් වේ. පණිවිඩ හුවමාරුව ඉතා දුර්වලව පැවති අවධියකදී බර අදින ගවයන් කිහිප දෙනෙකු ගෙන් සමන්විත තවලමකට එහි ගමනාන්තය දක්වා යාමට දින කිහිපයක්ම ගත විය. ඒ නිසා, රාත‍්‍රී ලැගුම් පොළවල් පමණක් නොව, වෙහෙස මහන්සියට පත්ව සිටි ගොන්නුන්ට තණ උලා කන්නට ද දිය බී පවස නිවාගන්නට සාගින්නෙන් පෙළුනු තවලම්කරුවන්ට ඔවුන් ගේ දිවා ආහාරය පිසගන්නට ද හැකි දිවා නැවතුම් පොළවල් ද, දිය පාරක් අසලින් අවශ්‍ය විය. බොහෝ මුස්ලිම් ජනාවාසවල කේන්ද්‍රස්ථානය වුයේ එ වැනි නැවතුම් පොළවල්ය.

පයිබස් පසු කළ මුස්ලිම් ගම්මාන කිහිපයක් ඔහු විස්තර කරයි. පඟුරාන එවැනි එක් ගමෙකි. නිවාස දොළසකින් පමණ සමන්විත මේ ගමේ වැසියන්ට කුඹුරු ඉඩම් තිබුණු අතර, ප‍්‍රධාන වශයෙන් මී හරකුන් ගෙන් සමන්විත පනහක හැටක පමණ ගව පට්ටියක් ද විය. ගොබවිතැන්  බත් කිරීමට උචිත අයුරින් පඟුරාන කවුඩුල්ල ඔය ඉවුරේ පිහිටා තිබුණු හෙයින් සමහර ගම්මු ගොවිතැන් කටයුතු සඳහාම එහි පදිංචිව සිටියහ. ඒ ඔය අසබඩ ම පිහිටි නුදම්මන ගම මුස්ලිම් ගෙවල් දස දොළසකින් පමණ සමන්විත විය. ගෙවල් හතඅටකින් සමන්විත, ගවයන් තිහහතලියක් සිටි නිකවටන පයිබස් විස්තර කළ  තවත් ගම්මානයකි. දහඅට වන සියවසේ අග භාගය වන විට රට අභ්‍යන්තරය කරා විහිදි ගිය වෙළඳ මාර්ග දිගට කුඩා මුස්ලිම් ජනාවාස බිහි වී තිබුණු බැව් පැහැදිලි වේ. වැඩි වුව හොත්, නිවාස දොළසකින් පමණ සමන්විත වූ ඒ ගම්වල වැසියන් ගේ ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගය වෙළඳාම වූවත්, ජලය ලබාගත හැකි ස්ථානවල ඔවුහු වී ගොවිතැන ද කළහ. ප‍්‍රවාහණ කටයුතු සඳහා මෙන්ම ගොවිතැන් කටයුතු සඳහාත් ඔවුහු ගවයන් ඇති කළහ. එදිනෙදා අදින ඇඳුම් සඳහා රෙදි විවීම ද ඔවුන් ගේ එක් කර්මාන්තයක් ව ූඅතර, ඩඑය කළේ ස්ත‍්‍රීපන් විය හැකිය. මහනුවර විසූ දිසාවට බදු වශයෙන් රෙදි කොටසක් බැගිපන් දීමට එක් එක් පවුලකට සිදු විය.

1762 දී පවා උඩරට රජුගේ බලය තිරිකුනණාමලය අවට ප‍්‍රදේශවල, ඔහුගේ මුස්ලිම් හා දෙමළ වැසියන් අතර පවා,  තදින් පැතිරි තිබුණු බැව් පයිබස් ගේ විස්තරයෙන් පෙනේ. මුතුර්හි ගම්මුලාදෑනියා රාජකාරිය සඳහා ගැමිබයන් කැඳවු අතර ඉන් සමහර දෙනෙක් රජුගේ ආගන්තුකයා, ඒ නම් පයිබස් කැටුව යාමට සහ ඔහුගේ ආවතේව කිරීමට යොදවනු ලැබූහ. පයිබස් ගමන් කළ පල්ලැක්කිය ඔසවාගෙන යාමත්, ඔහුට බත් සහ කුකුලූ මස් වැනි ආහාර සැපයීමත් ඇතැමුන් ගේ රාජකාරිය විය. දෙමළ පවුලකට අයත් නිවසක ඔහු රාත‍්‍රිය ගත කළ අතර, එයද ඔවුනට නියමිත වු රාජකාරියේ කොටසක් වූයේය. මේ ආකාරයට, රජුගේ ආගන්තුකයා වූ තානාපතිවරයා (පයිබස්) දිස්ත‍්‍රික්කයේ සීමාව පසු කරන තුරුම ඔහුගේ වුවමනාවෙන් පිරිමසාලීමට එම දිස්ත‍්‍රික්කයේ ගම්මුලාදෑනිවරුන් වගබලා ගත්හ. දිස්ත‍්‍රික්ක සීමාවේ දී ඊළඟ දිස්ත‍්‍රික්කයේ ගම්මුලාදෑනිවරුන් ඒ වගකීම බාරගත් අතර තානාපතිවරයා අගනුවරට පැමිණෙන තුරුම මේ ක‍්‍රමය අනුගමනය කරනු ලැබීය.

ක‍්‍රිස්තු පූර්ව කාලයේ සිට සිංහල රජවරුන් ගේ ධාන්‍යාගාරය වූ දීඝවාපිය මඩකලපු ප‍්‍රදේශයේ පිහිටියේය. දුටුගැමුණු රජු (ක‍්‍රි. පූ. 111 – 137) යුද කටයුතුවලට සුදානම් වීම සඳහා ගොවිතැන් කටයුතු මෙහෙය වීමට ඔහු ගේ මලණුවන් වූ සද්ධාතිස්ස කුමරුන් යවනු ලැබුවේ එම ප‍්‍රදේශයටය. වාරි ශිෂ්ටාචාරෙඉය් බිඳ වැටීමත් සමග මේ ප‍්‍රදේශය, සෙනරත් රජුගේ රාජ්‍ය සමය දක්වාම වල් බිහි වී විනාශ වී තිබිණි. පෘතුගීසීන්ට විරුද්ධව සෙනරත් රජු මෙහෙය වූ යුද කටයුතු සඳහා සුදානම් වනු පිණිස මේ ප‍්‍රදේශයේ වී ගොවිතැන යළි ආරම්භ කිරීමට ඔහු දෙමළ සහ මුස්ලිම් පිරිස් විශාල සංඛ්‍යාවලින් මේ ප‍්‍රදේශයේ පදිංචි කරවු බැව් අපි දුටුමු. මේ ප‍්‍රදේශයේ ප‍්‍රධාන වී නිෂ්පාදන ප‍්‍රදේශයක් වශයෙන් වර්ධනය බවිය. එහිදි මඩකලපුවේ අතිරික්ත වී ඒවා අවශ්‍ය දිවයිනේ වෙනත් පළාත්වලට ගෙන යනු ලැබීය. මහනුවර සිට මිණිපේ වෙල්ලස්ස හරහා මඩකලපුව දක්වා විහිදුණු මාර්ග තිබුණු අතර ඒවා දිගට මුස්ලිම් ජනාවාස බිහි විය. කොට්ටියාර් සහ මඩකලපුව වරායවලට යාත‍්‍රා කළ සම්පත් නම් කුඩා යාත‍්‍රා සිය ගණනින් දකුණු ඉන්දියාව සමග උද්‍යෝගවත්  ව වෙළෙඳ කටයුතු වල යෙදි සිටි බැව් පෙනේ.

පුත්තලම සහ කල්පිටිය වරායවල් ජනබහුල සරුසාර හත්කෝරලයට සම්බන්ධ විය. හත්කෝරලයේ නිෂ්පාදන, ප‍්‍රධාන වශයෙන් පුවක් සහ සහල්, මුස්ලිම් වෙළෙන්ඳන් විසින් තවලම් මගින් කල්පිටිය දක්වා ගෙනයාමට සිදු විය. මදුරාපුරයේ සහ තන්ජෝරයේ සිට පැමිණෙන විශාල යාත‍්‍රා සාමාන්‍යයෙන් කල්පිටියේ නැංගුරම් ලූ බැවින් එසේ කිරීම අවශ්‍ය විය. පුත්තලම් – කල්පිටි වෙරළ තීරුව දිගට විශාල මුස්ලිම් ජනගහනයක් කේන්ද්‍රගත ව සිටි අතර කුමාර වන්නිය නම් වූ ඒ ප‍්‍රදේශයේ ප‍්‍රධානයන් ගෙන් යටත් පිරිසෙයින් එක් තැනැත්තෙක් හෝ මුස්ලිම්වරයෙක් වූයේය. ඔහු පුත්තලමේ දිසාව යටතේ ක‍්‍රියා කළේය. ඔහුගේ බල සීමා ප‍්‍රදේශය තුළ මුස්ලිම් මෙන් ම සිංහල ගැමියෝද වූහ.

යුරෝපීය ජාතිකයන් බටහිර මුහුදු තීරය දිගට පැළ පදියම් වී සිටිය බැවින් උඩරට රාජධානියේ දකුණු හා නිරිත දිග ප‍්‍රදේශවල අයට මුහුදට ප‍්‍රවේශ වීමේ ඍජු මාර්ගයක් නොවීය. එබැවින්, වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කරගැනීම සිදුවුයේ දේශ සීමාවේ පිහිටි රුබවන්වැල්ල, සීතාවක සහ කටුවන නගරවලදීය. මුස්ලිම්වරුන් තම තවලම් සමග මේ නගරවල වෙළහෙළඳාමේ යෙදුණු බැව් කිහිප තැනකම සඳහන් වී තිබේ. උඩරට රාජධානීයේ නිෂ්පාදන රුවන්වැල්ලේ දි සහ සීතාවක දී කොළඹ වෙළඳපොළට ලබාගත හැකි වු අතර කටුවනදී දකුණේ වෙළෙඳුන් සමග ගනුදෙනු සිදු කරන ලදී.

නැවතත් අනුමාතෘකා වෙත…

03

මුස්ලිම් වෛද්‍යවරු

මුස්ලිම්වරුන් දන්නේ වෙළහෙළදාම් හා වාණිජ කටයුතු පමණකැයි සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලැබුවද, ඔවුන් දස්කම් පෑ වෙනත් අංශද තිබුණු බැව් පෙනේ. වෛද්‍ය වෘත්තිය එවැනි එක් අංශයකි. ඇතැම් ශ‍්‍රී ලාංකික මුස්ලිම් පවුල් වල සාමාජිකයන් අතර සුප‍්‍රසිද්ධ වෛද්‍යවරු සිටියහ. ඔවුහු ඒ වෘත්තියේ කෙළ පැමිණි අය වූහ. ‘හකීම්‘යනුවෙන් හැඳින්වුණු ඔවුහු බටහිර ලෝකයේ ඉස්ලාමිය අධ්‍යාපන මධ්‍යස්ථානයන්හි පැවති වෛද්‍ය හා විද්‍යාත්මක ඥානය රැුගෙන දහතුන් වන, දාහතර වන සියවස්හි ශ‍්‍රී ලංකාවට පැමිණි අරාබි සංක‍්‍රමණිකයන් තම මීමිත්තන් ලෙස සැලකූහ. ඊටත් පෙර සිට යුනානි වෛද්‍ය ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ දැන සිටි බැව් මෑතදී සොයාගත් කරුණුවලින් වටහාගත් හැකිය. දළ වශයෙන් එත් වන සියවසේ සිට නව වන සියවස දක්වා කාලයට අයත් යැයි සැලකෙන සැසේතියානු බුජම් අනුරාධපුරයේ මිහින්තලේ ඉපැරණිම රෝහල් භූමියේ නටබුන් අතරින් සොයාගෙන තිබේ. යුනානි ඖෂධ වර්ග මේ බුජම්වලින් අරාබියේ සහ පර්සියානු බොක්කේ සිට ශ‍්‍රී ලංකාවට ආනයනය කළේ යැයි සිතිය හැකිය. සිංහල රජවරුන් විසින් මේ රටට පැමිණ හකීම්වරුන් ඉත සිතින් පිළිගනු ලැබ ඔවුන්ට ඉඩම් පරිත්‍යාග කරනු ලැබීමෙන් ම යුනානි ක‍්‍රමය කෙතරම් ජනප‍්‍රිය ව තිබිණි දැයි ඔප්පු වේ.කල් ගත වීමේ දී, විශේෂයෙන්ම කන්ද උඩරට ප‍්‍රදේශවල යුනානි ක‍්‍රමය කෙරෙහි ආයුර්වේදයේ බලපෑම් ඇති වී ආයුර්වේද ඖෂධ යුනානි ක‍්‍රමයේ දී භාවිත කිරීමට පටන් ගනු ලැබීය. කෙසේ වූවද, කොළඹ, ගාල්ල සහ බේරුවල වැනි ඇතැම් මුහුදුබඩ නගරවල යුනානි ක‍්‍රමය අඩු වැඩි ලෙසින් පිරිසිඳු ආකාරයෙන්ම භාවිත කරන ලදී. උඩරට රජු විසින් ඔහුගේ ප‍්‍රදේශයට පැමිණෙන ලෙස ආරාධනය කරනු ලැබූ සුල්තාන් කුට්ටියා, ගාල්ලේ වෙදරාල ගැන කලින් සඳහන් කරන ලදී.

මේ වෙදවරුන් අතර ඉතාම ප‍්‍රසිද්ධ වූවෝ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ගැටබේරිය ගමේ ගෝපාල මුස්ලිම්වරු ය. ඔවුන් ගෙන් පැවතෙන්නත් තවම ජීවත් වන ගැටබේරිය ගම, එහි විසු මහලූ වැසියෙකුට දෙන ලද වෛද්‍යාධාර වෙනුවෙන් එම පරම්පරාවේ ආදිමතයකුට තෑගි කරනු ලැබීය. මේ වෙද පවුල ස්පාඤ්ඤයේ මවහාද් රජ පෙළපතට අයත් ආජකීය වෛද්‍යවරයෙකු වූ මහා පඬිවරයකු වූ හකීම් කෙනකු ගෙන් පැවත එන බැව් කියයි. ක‍්‍රි. ව. 1110 දී නැගෙනහිර ග්රැුනඩාවේ උපත ලැබූ ඔහු නමින් අබුබකර් මොහම්මද් ඉබු මලීක් අබු තුෆායිල් අල් මදානි විය. කෝර්ඩෝවා විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වූ ඔහු 1165 දී මොරොක්කෝවේ අබු යාහුබ් ඉබු යුසුෆ් කාලිෆ් රජ්ගේ ප‍්‍රධාන වෛද්‍යවරයා, උපදේශකවරයා, හා ලේකම් ද වුයේය. පාරම්පරික කතාවලට අනුව, ඔහුගේ දරු මුණුබුරන් ගෙන් පිරිමි දෙන්නෙක් උතුරු ඉන්දියාවේ සින්ද් පළාතේ ගොජ නමින් හැඳින්වූ නගරයක ජීවත් වූහ. දඹදෙණියේ II වන පරාක‍්‍රමබාහූ රජුගේ (1236 – 1270)ආරාධනාව මත ඔවුන්ට ශ‍්‍රී ලංකාවට යන ලෙස දිල්ලියේ සුල්තාන්වරයා ගේ අමාචත්‍යවරුන් අණ කර තිබේ. කවි සිළුමිණේ සුප‍්‍රසිද්ධ කතුවරයා මෙන්ම පඬිවරුන් ගේ ආරක්‍ෂකයෙකු ද වූ මෙ රජු රජ පැමිණ විසි දෙවන වර්ෂයේදී සුව කළ නොහැකි රෝගාබාධයක් වැලඳි ගොත ගසන්නට පයන් ගෙන අන්තිමේදී තම රාජකීය කටයුතු අමාත්‍යවරයෙකුට ද, පසුව තමාගේ පුත‍්‍රයාට ද භාර කිරීමට සිදු වු    බැව් ප‍්‍රසිද්ධය. එවැනි තත්වයක් යටතේ, තමාට ප‍්‍රතිකාර කිරීම සඳහා යුනානි වෙදැදුරන් දෙදෙනා එවන ලෙස රජු දිල්ලියේ සුල්තාන්වරයා ගෙන් ඉල්ලා සිටීමට බොහෝ සෙයින් ඉඩ ඇත. ඔවුන් පදිංචි ව සිටි නගරයේ නමින් සිංහල රජවරුපන් ඔවුන් ගෝපාල යනුවෙන් හැඳින්වූ බවත්, ඔවුන්ගේ කෘතිවල සහ ඔප්පු ආදියෙනිරන්තරයෙන්ම පාවිච්චි කරනු ලැබු ඒ නම නිසා ශ‍්‍රී ලංකාවේ වෙනත් සියලූම මුස්ලිම් පවුල්වලින් ඔවුන් වෙන් කොට හඳුනාගනු ලැබු බවක් පවසා තිබේ. වෛද්‍යවරුන් ලෙසින් පමණක් නොව උපදේශකවරුන් සහ සෙන්පතියන් වශයෙන් ද සේවය කර ඇති ගෝපාල මුස්ලිම්වරු සිංහල රජ වංශයේ හිතෛෂි අනුගාමිකයෝ බවට නම් දරා සිටිත්. II වන පරාක‍්‍රම බාහු රජ සමයේ සිට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජ සමය (1796 – 1815)දක්වා කාලය තුළ ගෝපාල මරක්කලයන් ගෙන් අයකු රාජකීය බේත් ගේ හෙවත් රජ ගේ වෛද්‍ය අංශය බාරව සිටිය හයි සිතිය හැකිය. ගෝපාල මරක්කල පරම්පරාවෙන් පැවතෙන්නෝ බේගේ උඩයාර් නිලමෙවරුන් වශයෙන් දැනුදු ප‍්‍රසිද්ධව සිටිති.

හිටපු පුරාවිද්‍ය කොමසාරිස්වරයෙකු වූ එච්. සී. පී. බෙල් මේ පවුලේ සම්භවය සම්බන්ධ පහත සඳහන් පරම්පරාගත සිද්ධිය සොයාගෙන තිබේ. සාංක‍්‍රමණික මුස්ලිම්වරුන් දෙදෙනා සිංහල ස්ත‍්‍රීන් සරණ පාවාගැනීමට කැමැත්තක් දැක්වුවද, ඔවුන් විදේශිකයන් වූ බැවින් වංශවත් කුලවල ස්ත‍්‍රීන් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබේ. මේ මුස්ලිම්වරුන් දෙදෙනා තම රාජධානියේ රඳවාගැපනීමට දැඩි අපේක්‍ෂාවක් ඇතිව සිටි රජු ඔවුන්ට සුදුසු කුල කාන්තාවන් ලබා ගැනීමට උපක‍්‍රමයක් යෙදුවේය. රජුට දීර්ඝායුෂ ප‍්‍රාර්ථනා කිරීම සඳහා කරනු ලබන චාරත‍්‍රානුකූල කටයුත්තක් වන ආවැඩුම කිරීම සඳහා අවුරුදු දහය දොළහේ වයසැති ගැහැණු ළමයි ගණනාවක් රජ මාළිගාවට කැඳවනු ලැබූහ. මුස්ලිම්වරු දෙදෙනා රාජකීය අනුග‍්‍රහය ලැබ ඔවුන් සිත්ගත් ගැහැණු ළමයි දෙදෙනෙකු පැහැරගෙන රජ මාළිගාවේ සඟවා තැබුහ. ඒ ළමයින්ගේ දෙමව්පියෝ ඔවුන් සොයා වෙහෙසට පත්ව ඔවුන් නැති වෙන්නට ඇතැයි සිතා සෙවිල්ල අත්හැරදැමුහ. ගැහැණු ළමයි දෙදෙනා ඉස්ලාම් ආගමට හරවා මුස්ලිම්වරුන් දෙදෙපනාට සරණ පාවා දෙනු ලැබූහ. අකුරණ මුස්ලිම්වරුන් සම්බන්ධයෙන්ද මෙවැනිම සිද්ධියක් වූ බැව් ඉහතින් සඳහන් වෙයි. මුලින් මුලින් සිංහල භාර්යාවන් ලබා ගැනීමට මුස්ලිම්වරුන්ට දුෂ්කරතා ඇති වූ බැව් ඒවායින් පෙන්නුම් කෙරේ.

ගෝපාල මුස්ලිම්වරු කෝට්ටේ රජවරුන්ට ද සේවය කළහ. කන්ද උඩ රජ කෙනෙකු ඔවුන් ගේ වෛද්‍ය දස්කම් ගැන අසා පැහැදී, රෝගාතුර ව සිටි බිසොවට බෙහෙත් හේත් කරන ලෙස ඔවුන් ගෙන් කෙනෙකුගෙන් ඉල්ලා සිටියේ යැයි කියති. වෛද්‍ය කර්මය ගැන ඔවුන් ගේ දැනුම පිරික්සා බැලීම පිණිස රජු පහත සඳහන් උපාය යෙදු බැව් සඳහන් වේ. වෙදැදුරාට ඇය නොපෙනෙන පරිදි රෝගියා කාමරයක තැබුවේය. ඔහුට නාඩි පිරික්සීමට පවා අවකාශයක් නොදෙන ලදී. ඒ වෙනුවඉට, වෛද්‍යවරයා නොමග යැවීමට සිතා, නූලක් ගෙන එහි එක් කෙළවරක් කාමරයේ දොර පොල්ලක ගැට ගසා අනෙක් කෙළවර වෛද්‍යවරයා අතට පත් කරන ලදී. නූල අල්ලා බැලූ වෛද්‍යවරයා එය අප‍්‍රාණික වස්තුවකට ගැට ගසා ඇතැයි ප‍්‍රකාශ කළේය. ඉන් පසුව එය සුනඛයෙකුට ගැට ගසන ලදුව ඒ සිවුපාවෙකැය වෛද්‍යවරයා ක්ෂණිකව හඳුනාගත්තේය. ඔහුගේ දක්‍ෂතාව ගැන මුළුමනින්ම පැහැදුණු රජ නූල බිසොව ගේ මැණික් කටුවේ බඳින ලෙස අණ කළේය. නූලේ අනෙක් කෙළවර ඇල්ලූ පමණින් ම රෝගය හඳුනාගත් වෛද්‍යවරයා ප‍්‍රතිකාරයක් නියම කළේය.  බිසෝව ගේ රෝගය සුව විය. වෛදයවරයා බේත්ගේ මුහන්දිරම් (රාජකීය වෛද්‍ය අංශයෙහි ප‍්‍රධාන) නිලය පිරිනැමු රජු පරණකූරු කෝරලේ, දුම්බර, මාතලේ, සහ යටිනුවර ඉඩම් නින්දගම් බවශයෙන් ප‍්‍රදානය කර වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදලියා යන නම්බු නාමය ඔහුට පට බැන්දේය. රාජ මාලිගාවේ වෛද්‍යවැන් 24 දෙනකු බේත්ගේ මුහන්දිරම් ගේ අධික්ෂණය යටතේ බේත්ගේ සේවය කළ අතර ඔවුන් ගෙන් කිහිප දෙනෙකු හෝ මුස්ලිම්වරුන් වන්නට ඇතැයි අනුමාන කිරීම සාධාරණය.

මේ සිද්ධිය ඇති වුයේ කවර රජු ගේ සමයේ දැයි අපගේ මූලාශ‍්‍රවලින් පැහැදිලි නොවේ. කොසේ වෙතත්, රාජකීය ගෞරවයට පාත‍්‍ර වීමෙන් පසුව පවුලේ බොහෝ දෙනෙකු මහනුවර පදිංචි වීමට දිරිමත් වූවා විය හැකිය. ගෝපාල මුස්ලිම්වරුන් හට තිබුණු වෛද්‍ය දැනුමට අමතරව ඔවුන්ගෙන් ඇතැමෙක් පශු වෛද්‍ය ක‍්‍රමයද දැන සිටිය බැවින් රජුගේ අලි ඇතුන්ට සහ අශ්වයන්ට ප‍්‍රතිකාර කළහ. කඩු හරඹයට ද ඔවුහු අතිදක්‍ෂයෝ වූහ. සංගීතය දැපන සිටි ඔවුන්ගෙන් සමහරු රජුගේ කවිකාර මඩුවට බැඳි වීණා වාදනය කළහ. මේ සියල්ලෙන්ම පැහැදිලි වනුයේ ඔවුපන් හා රජ මාලිගාව අතර සමීප සම්බන්ධතාවයක් පැවති බවයි.

1597 දී I වන විමලධර්මසූරිය රජු යටතේ ගෝපාල මුස්ලිම්වරයෙක් වෙරළාරක්‍ෂක හමුදාවේ සෙන්පති සහ ප‍්‍රධාන අණ දෙන නිලධාරි තනතුර දැරුවේය.‘සිංහල නිලධරයන් අතරින් නිර්භීතම පුද්ගලයා ඔහු විය. පෘතුගීසීන්  විසින් ඔහු අල්ලාගන්නා ලදුව බේරා ගැනීම පිණිස පගෝදි 5000 ක් ගෙවීමට ඉදිරිපත් වූවද ඔහු මරාදමනු ලැබීය. 1669  ඕලන්ද වාර්තාවක ගෝපාල මුදලියා සහ මුස්ලිම්වරුන් ගේ මොහොට්ටාල කෙනකු ගැන සඳහන් වේ‘යනුවෙන් පෝල් ඊ. පීරිස් කියයි. ගලගම අදිකාරම්ගේ නමට දෙවනු ව මේ නම සඳහන් වී තිබීමෙන් උඩරට ධූරාවලියේ මේ පවුලට හිමි වී තිබුණු තත්වය මැනවින් පෙන්නුම් කෙරේ.

නරේන්ද්‍රසිංහ රජ සමබෙය් (1707 – 1739* ගෝපාල මුස්ලිම්වරුන් රජුගේ අප‍්‍රසාදයට පාත‍්‍ර වී ඔවුන් ගේ සමහර ඉඩම් රාජසන්තක කොට ඔවුහු මහනුවරින් පිටමං කරනු ලැබූහ. මෙයට හේතු දැනගන්නට නොමැති නමුත්, නරේන්ද්‍රසිංහ රජු ගේ කාලයේ වසංගතයක් මෙන් බෝ වූ කුමන්ත‍්‍රණවලින් එකකට ගෝපාල මුස්ලිබම්වරුන් හවුල් වූ හයි සැක කරනු ලැබී යැයි සිතිය හැක. කොසේ වුවද, ඒ දුර්භාග්‍යය තාවකාලික එකක් විය. ඊළඟ රජ සමයේදී රුට දැක්වූ ඉමහත් පක්ෂපාතීත්වය සහ හිතෛෂීවන්ත භාවය වෙනුවෙන් රජු සරුසාර උඩුනුවර සිදුරුවාන ප‍්‍රදේශයේ ඉඩම් රාපක්‍ෂ වෛද්‍යතිලක ගෝපාල මුදලිට 1749 දී තෑගි කළ බවක් සඳහන් බෙව්.

කීර්ති ශ‍්‍රී රාජපසිංහ රජ සමයේ දී (1747 – 1781)ගෝපාල මුදලියා ගේ නම ප‍්‍රසිද්ධත්වයක් ඉසිලීය. 1749 දී නගරයේ ජීවත් වූ  කතෝලිකයන්ට සක‍්‍රමේන්තුව පිරිනැමීම සඳහා රජුගේ අවසරය ලබාගැනීමට මහනුවර විසු කතෝලික මිශනාරිවරුන් රජමාලිගාවේ විශාල පිළිගැනීමක් හිමි ව සිටි මුස්ලිබම් වෛද්‍යවරයකු ගේ සහාය පැතු බවක් කතෝලික මුලාශ‍්‍රය අපට දන්වයි. එය කරවාගැනීම සඳහා මිශනාරිවරු ඔහුට අල්ලස් දුන්හ. මේ බලගතු  මුස්ලිම්වරඉයා අන් කිසිවකු නොව, ඒ අවධියේ රජුගේ බේත්ගේ ප‍්‍රධානියා වූ ගෝපාල පවුලේ නියෝජිතයා ය. ඔහු ගේ මැදිහත් වීම නිසා මහනුවර නගරයට ඇතුළු වී සක‍්‍රමේන්තුව පිරිනැමීබමට මීශනාරිවරුන්ඩට අවසර දෙන ලදී.

මේ රජු සමයේ ම පසු කාලයකදී ගෝපාල මුදලාලියා තව තවත් ප‍්‍රසිද්ධ වුයේය. රජු ඝාතනය කර, භික්‍ෂු වේශයෙන් දිවයිනට පැබමිණ සිටි සියම් ජාතිකයෙකු සිංහාසනරූඪ කිරීමට අතිප‍්‍රබල අන්දමේ කුමන්ත‍්‍රණයක් 1760 දී ඇති විය. මේ කුමන්ත‍්‍රණය සැලසුම් කරනු ලැබුවේ මල්වත්ත විහාර භූමියෝ දීය. දෙවන අදිකාරම් සමරක්කොඩි, මල්වතු විහාරයේ මහා නායක හිමි සහ රාජකීය මුළු තැන්ගෙයි මුලාදෑනියෙකු වූ මොලදණ්ඬේ  රාල එහි නායකයෝ වූහ. තමන් ඝාතනය කිරීමට යොදාගෙන ඇති සැලසුම ගැන රජු ඔහුගේ හිතෛෂි අනුගාමික මුදලියා ගෙන් කල් ඇතිව දැන්ගත්තේය. මේ පක්‍ෂපාත ක‍්‍රියාව ගැන අතිශයින් පැහැදුණු රජු, කැරලිකාර මොලදණ්ඬේට අයිතිව තිබු සියලූ ඉඩකඩම් සමග ගැටබේරිය සන්නස් පත‍්‍රය, පල්කුමුරේ වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදලියාට පරිත්‍යාග කිරීමෙන් තම කෘතඥතාව පළ කළේය. රජුගේ රදළවරුන් සහ භික්‍ෂුන් වහන්සේලා ඔහුට විරුද්ධව කුමන්ත‍්‍රණ කළ විට ඔහුගේ දිවි ගලවාගත්තේ ඔහුගේ මුස්ලිම් අනුගාමිකයා වූ බැවින්, රජු ගෝපාල මුදලියා කෙරෙහි තැබු බවිශ්වාසය යුක්ති සහගත විය. මේ සිද්ධියෙන් පසුබව මුස්ලිම්වරුන්ගේ බලය සහ බලපෑම වඩාත් වර්ධනය වූයේ අනුමාන කිරීම සාධාරණ වේ.

එහි මුල් සන්නස් පත‍්‍රය, එකී පවුලෙන් පැවතෙන්නෙකු වන අල්හාප් එස්. එම්. අහමඞ් උඩෙයාර් ළඟ තවම තිබේ. සන්නස් පත‍්‍රය තිබෙන චාම් එහෙත් දැකුම්කලූ නිවසක් වූ ගැටබේරිය වලව්ව, ගැටබේරිය ගමේ අද ද දක්නා ලැබේ. එච්. සී. පී. බෙල් ගේ කාලයේ ගෝපාල පරපුරේ වයස්ගතම පුද්ගලයා වූයේ, 70 හැවිරිදි ගැටබේරිය සේගු මදාර් උඩෙයාර් ය. දක්‍ෂ වෛද්‍ය පවුලක් වශයෙනක් මේ පරපුර දැරූ විශාල ප‍්‍රසිද්ධිය සනාථ කරමින් ඔහුද වෛද්‍යවරයෙක් වූයේය. ඔහු ගෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා දුර පැහැර ප‍්‍රදේශ වල සිට රෝගීහූ එහි පැමිණියහ. තම පියා කරා පැමිණි සියලූම රෝගීන් හට ඔහු නොමිලයේ ප‍්‍රතිකාර කළ බැව් තමාට හොද හැටි මතක තිබේ යැයි ගැටබේරිය වලව්වේ වර්තමාන පදිංචිකරු වන 60 හැවිරිදි මොහම්මද් ඊබ‍්‍රාහම් උඩෙයාර් පවසයි. බෙහෙත් තුංඩු ලියන ලද්දේ සිංහල භාෂාවෙනි. ඔහු මුලින් හැදෑරු වෛද්‍ය පොත්පත් අරාබි භෂාවෙන් ලියන ලද ඒවා මුත්, පසුව ඒවා සිංහල පරිවර්තනය කරනු ලැබීය.

ගෝපාල මුස්ලිම්වරුන්ගෙන් කෙළින්ම පැවත එන තවත් පවුල් දෙකක් ගැටබේරිය වලව්ව සමීපයේ තවම ජීවත් බෙවති. 86 හැවිරිදි ගෝපාල වෛද්‍යරත්න මුදියන්සේලාගේ යාකුබි උඩෙයාර් මොහම්මද් ඊබ‍්‍රාහම් උඩෙයාර් සහ ඔහුගේ භාර්යාබව වන 82 හැවිරිදි පවුලාත් අම්මා එක් නිවසක පදිංචි ව සිටිති. විශ‍්‍රාම ලත් විදුහල්පතිවරයෙකු වන වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදියන්සේලාගේ සේගු අබු බකර් සේගු මොහම්මද් උඩයාර් අනික් නිවසේ වාසය කරයි. ඔහුගේ පියා චර්ම රෝග විශේෂඥයෙකු බව ූබවත්, අරාබි, සිංහල, හා දෙමළ භාෂාවලින් ලියු වෙද පොත් ඔහුට තිබූ බවත්, මොහම්මද් උඩෙයාර් පැවසුවේය. ඒතරම්වත් පොහොසත්කමක් නොතිබුණත් මේ සියලූ  පවුල් තම කීර්තිමත් මුතුමිත්තන් පිළිබඳ මතකය ආදර භක්තියකින් අගය කරත් සිංහල මෙන්ම මුස්ලිම් ගැමියන්ද මරක්කල පවුලේ අයට ආමන්ත‍්‍රණය කරනුයේ නිලමෙ සහ මැණිකේ යනුවෙනි. මේ ආමන්ත‍්‍රණ පද උඩරට රදළ පවුල්වල අය සම්බන්ධෙයෙන් යොදාගන්නා අතිගෞරවාර්ථ පද වේ.

රාජකීය බේත් ගේ සමග තිබුණු මුස්ලිබම් සම්බන්ධය රාජාධීරාජසිංහ රජුගේ කාලය (1782 – 1798)දක්වාම පැවතියේය. 1786 දී රජු ගේ බේත් ගේ වෛද්‍යබවරයෙකු වූ බූවැලිකඩ වෙදරාලගේ අබුබනරි පුල්ලේ, රජු ගේ ප‍්‍රියතම දෙවන බිසොව වූ අලූගම දුග්ගන්නා උන්නාන්සේට ප‍්‍රතිකාර කළ බැවින් ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් දාස්කර ගමෙන් ඔහුට ඉඩමක් ප‍්‍රදානය කරන ලදී.

මහනුවර අන්තිම රජ වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ කාලයේ දී (1798 – 1815)රාජකරුණා ගෝපාල මුදියන්සෙ රාලහාමි පිළිමතලව්වේ සහ ඇහැළේපොළ ඇමතිවරුන් සමග මහ නඩුවේ විනිශ්වයකාරවරයෙකු වශබෙයන් ක‍්‍රියා කළේය. බේත් ගේ වූ ඔහුගේ රාජකාරි වලට අමතරබව මේ නිලධාරියාට අධිකරණ රාජකාරියද පවරනු ලැබුවා විය හැකිය. උඩරට රජවරුන් ගේ රාජ්‍ය කාලය මුළුල්ලේ ම ගෝපාල මුස්ලිම්වරුන් සහ වෙනත් මුස්ලිම් වෛද්‍යවරුන් පක්‍ෂපාත සහ විහ්වාස කළ හැකි රට වැසියන් වූ  බැව් ඉහතින් සඳහන් කළ සාධකවලින් පැහැදිලි වේ.

මුහුදුබඩ පළාත්  ඕලන්ද සහ බි‍්‍රතාන්‍ය පාලනය යටතේ පැවති කාලවලදී මුස්ලිම් වෛද්‍ය වෘත්තික පවුල් එහි ජීවත් ඔවුන්ගේ දක්‍ෂතා ඒ ආණ්ඩු විසින් ද පිළිගනු ලැබු බැව් සැලකිය යුතු කරුණකි. තම හමුදාවල, නාවික පිරිස්බවල සහ බෙවනත්  ඕලන්ද ජාතිකයන්ගේ ප‍්‍රයෝජනය බසඳහා  ඕලන්දවරුන් මෙරට රෝහල්  ඉදි කළහ. ප‍්‍රධාන රෝහල කොළඹ පිඑිටි අතර ගාල්ල, යාපනය, මාතර, තිරිකුණාමලය, මන්නාරම, මඩකලපුව, සහ කල්පිටිය යන ප‍්‍රදේශ වල කුඩා රෝහල් ඉදි කරනු ලැබීය.  ස්වදේශිකයන්ට මේ රෝහල් වලට පැමිණිමට ඉඩ නුදුන් නමුත් දේශීය ප‍්‍රතිකාර ක‍්‍රම ඉතා ඉහළින් අගය කළ  ඕලන්දවරු ඒවායින් ඇතැම් ක‍්‍රම තම රෝහල්වලද භාවිතා කළහ. ඒ නිසා දේශීය වෛද්‍යවරුන් ගේ අවශ්‍යතාවක් ඇති විඉය. 1791 දී මීරා ලෙබ්බෙ මේස්ත‍්‍රියාර් සේක මරික්කාර් සහ සරීක් ලෙබ්බෙ වෛද්‍යවරුන් වශයෙන් පත් කරනු ලැබූහ.

රාජෝත්තමයන් වහන්සේගේ ලංකාණ්ඩුවේ අග‍්‍ර විනිශ්චයකාරවරයා ශ‍්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් විසින් 1806 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පාලනය යටතේ පැවති වෛද්‍ය දෙපාර්තමේන්තුවේ දේශීය අදිකාරිවරයා වශයෙන් මීරා ලෙබ්බේ මේස්ත‍්‍රියාර් පත් කරනු ලැබීම නිසා ඔහු තව තවත් ප‍්‍රසිද්ධ වුයේය. ඔහුගේ කාලයේ විසු දේශිය වෛද්‍යවරුන් අතරින් ඉතා උගත් පුද්ගලයා ඔහු යැයි සලකනු ලැබූ අතර, ඉතා දුර්ලභ ස්වදේශීය වෛද්‍ය පොත් සමූහයක් ඔහුගේ පවුල සතුව තිබිණි. ඒවා අවුරුදු හත්අටසීයක්  ඒ  පවුලට අයත් ව තිබූ ඒවායි. මේ මුළු ශතවර්ෂ  අට මුළුල්ලේ, යටත් පිරිසෙයින් , පවුලේ එක් සාමාකයකු හෝ වෛද්‍ය කර්මය ප‍්‍රගුණ කිරීම සිරිතක් විය.

දිවයිනේ මුස්ලිම් වෛද්‍යවරුන් විසින් ඉතා ඈත කාලයක සිට වෙද හෙදකම් සඳහා පාවිච්චි කරන ලද ශ‍්‍රී ලංකාවේ සියලූ ඖෂධ පැළෑටි පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් සම්පාදනය කළ මීරා  ලෙබ්බේ මේස්ත‍්‍රියාර් වෛද්‍ය වෘත්තියට ඇප කැප වූ පර්යේෂඥයෙක්  වූයේ ය. රාජකීය උද්හිද උද්‍යානය පිහිටුවීමේ මුල් අභිප‍්‍රාය වුයේ, දේශීය පරිභෝජනය සඳහා මෙන් ම වාණිජ කාර්යයන් සඳහා ද ඖෂධ පැළෑටි සහ ආහාරයට ගත හැකි ශාක වර්ග වගා කිරීම සහ වැඩි දියුණු කිරීමයි.

තවත් පරම්පරාගත කතාවකට අනුව, උස්භිද උද්‍යානය සැලසුම් කිරීම සහ ආරම්භ කිරී, ගම්පොළ හෝ මහනුවර හෝ රජවරුන් ගේ රාජ්‍ය සමයේ දී බේන් ගේ සේවයේ නියුක්ත ව සිටිමුස්ලිම් වෛද්‍යවරයකු ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කර තිබේ. 36 විවිධ ඖෂධ පැලෑටි සහ ඒවා වගා කිරිම අධික්ෂණය කිරීම සඳහා ඒ පවුලේ සමාජිකයකු උද්‍යානයේ පදිංචි ව සිටි බැව් පැවසේ. මේ පාරම්පරික කථාව ජොන්ස්ටන් ගේ සන්දේශවලින් අපට ලැබෙන තොරතුරු හා සමානවේ. බේන් ගේ වෛද්‍යවරයකු ගේ සහාය ඇතිව මේ ව්‍යාපෘතිය සිංහල රජකු ගේ රාජ්‍ය සමයේදී පැවති කලබලකාරී පරිසරය මැද නො සලකාහරින ලදුව මුස්ලිම් වෛද්‍යවරයකු ගේ මැදිත් වීම පිට බී‍්‍රතාන්‍ය ආණ්ඩුව විසින් යළි පණ ගන්වන ලදැයි සිතීමට  ඕනෑ තරම් සාධක ඇත. ඖෂධ පැලෑටි සහ ගස් වගා කිරිමට සිංහල රජවරුන් විශේෂ උත්සහයක් ගත් බැව් ප‍්‍රකට කරුණකි.

මුස්ලිම් වෛද්‍යවරුන් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රගුණ කළ වෛද්‍ය ක‍්‍රමය විමසා බැලීම වටී. බටහිර ලෝකයට ශතවර්ෂයක් පමණ කලින් මුස්ලිම් ලෝකයේ බස්රා, කුෆ, බැග්ඩෑඞ්, කයිරෝ සහ කෝර්ඩෝවා වැනි මධ්‍යස්ථාන ගණනාවක වැඩිදියුණු වී විශ්වවිද්‍යාලයයන් සමුහයක් වර්ධනය වී තිබිණි. මේ ආයතනවලට පෙරදිගින් හා අපරදිගින් ශිෂ්‍යයෝ පැමිණියහ. අරාබිවරුන් බොහෝ කලා සහ විද්‍යා ගොඩ නැගුවේ ගී‍්‍රක පදනම මතය. මෙහිදී, අපරදිග ලෝකයේ රාසේස් නමින් ප‍්‍රසිද්ධ වු ආර්. රාසි (865 – 965)සහ වෛද්‍යවරුන් අතර කුමාරයකු වු අවිසෙන්නා (ඉබන් සීනා) (980 – 1037)යන ශ්‍රේෂ්ඨ නම් දෙක සිහියට නැඟේ. අරාබි ශල්‍ය වෛද්‍යාවරු නිර්වින්දන භාවිතය දැන සිටිය හ. ඔවුන් පාවිච්චි කල උපකරණවල පින්තුර ‘කිටබුත්තස්රිෆ්‘නම් වු ග‍්‍රන්ථයෙහි දැක්වේ. 37 එච්.සී. පී. බෙල් 1892 දී ලියු සටහනකින්, ඔහු එය ලියු අවස්ථාවේදී ගැට්බේරියේ ගෝපාල මුස්ලිම්වරුන් ළඟ යකඩ, වානේ සහ පිත්තල ආදියෙන් සාදන ලද, තුවාල කැපීමට සහ පිලිස්සීමට භාවිත කළ ශල්‍ය වෛද්‍ය උපකරණ තිබුණු බැව් පවසයි.

වෙළදාම කෙරෙහි දැඩි අවධානයකින් ඔවුන් පසු වුවද, ශී‍්‍ර ලංකාවට පැමිණි ඇතැම් අරාබි ජාතිකයෝ ඉස්ලාම් ලෝකයේ විද්‍යාත්මක දැනුම් සාගරයෙන් බිඳක් ඔවුන් එන විට ගෙන ආහ. මුස්ලිම් පුජකවරු සහ වෙළෙන්දෝ ඇරිස්ටෝටල්, ඉයුක්ලිඞ්, ප්ලේටෝ, ගැලන් සහ ටෙලමි ආදීන් ගේ කෘතිවල අරාබි පරිවර්තනයන්හි සාරංශ රැගෙන නිතර නිතර ශී‍්‍රමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් හමු වීමට පැමිණියහ. ඔවුන් ගේ මුතුමිත්තන් ගේ පවුල් විසින් එම කෘතීන් මුලින්ම බැග්ඩෑඩයෙන් ලබාගෙන ඇති බව ඔවුහු කියා සිටියහ. ඖෂධ පිළිබද මුස්ලිම් වෛද්‍යවරුන් ගේ පුළුල් දැනුම ගැන සදහන් කරන ජොන්ස්ටන්, ශී‍්‍ර ලංකාවට ගෙනා ප‍්‍රථම වෛද්‍ය ග‍්‍රන්ථ අතර ඉබන් සීන ගේ සුප‍්‍රසිද්ධ කෘතිය ද තිබුණු බැව් පවසයි. මුස්ලිම් වෛද්‍ය පවුල්වල වර්තමානයේ ජිවත් වන සමහරුන් ළඟ අරාබි භාෂාවෙන් ලියු, තැනින් තැන සිංහල සහ දෙමළ කවි එකතු කර ඇති, පසු කොළ පොත් තිබේ.

නැවතත් අනුමාතෘකා වෙත…

04

රාජදුතයන් වශයෙන් මුස්ලිම්වරු

උඩරට රාජධානියේ මුස්ලිම් ජාතිකයන් නොයෙකුත් ආකාරයෙන් රඩුට සේවය කළ අතර, බොහෝ විට ඇතැම් සේවා රහස්‍ය සහ ගෞරව ස්වභාවයේ ඒවා විය. 1762 දී ඉංගි‍්‍රසි ජාතික ජෝන් පයිබස් දින 13ක් ගත කරමින් ති‍්‍රකුණාමලයේ සිට ගන්නෝරුව දක්වා ගිය ගමනේදී පයිබස් ගේ පරිවාරක නිලධරයා වශයෙන් ගිය රජු ගේ බලය ලත් නියෝජිතයා මුස්ලිම්වරයෙකු වුයේය. පරිවාරක නිලධරයා ගේ නම පයිබස් සදහන් කර පුතා පයිබස් සමග නිතර ගැවසෙනු දුටු බවක්, කොළඹ දී (මේ දුත මෙහෙවර පිළිබද ව ඉතා විමසිලිමත් ව සිටි)  ඕලන්දකාරයන්ට වාර්තා කර තිබේ. මවුලා මුහන්දිරම් ගේ පුතා ඉටු කළ සේවය ගැන ඉතා සතුටට පත් රජු ඊට තෑගි වශයෙන් ඔහු රත්රන්වලින් නැහැවීය. 39 ඊට අමතර ව, පියා ගෙන් සහ පුතා ගෙන් පගෝදි 1500ක සහ 2000ක මුදලක් භාණ්ඩාගාරයට අය විය යුතුව ඇති බවට වු පොරොන්දු නෝට්ටුවක් ඉරාදමා ණය අවසන් කරදමනු ලැබීය.40 කාර්ණාටකයේ නවාබ් මුහම්මද් අලි මගින් බි‍්‍රතන්‍ය උදවු උපකාර ලබාගැනීම පිළිබදව සාකච්ඡුා කරනු පිණිස උඩරට රජු විසින් මවුලා මුහන්දිරම් ගේ පුත් උදුමා ලෙබ්බෙ නවාබ් වෙත යවන ලද බැව් ඉහත සදහන් මුලාශ‍්‍රයයෙන් ම අපට දැනගත හැකිය.41 සැක පහල කළ නවාබ්, ඒ වැනි වැදගත් දුත මෙහෙවරක් සදහා සිංහල ඇමැතිවරයකු නෙන්ව්වේ මන්දැයි ඔහු ගෙන් ප‍්‍රශ්න කර, උදුමා ලෙබ්බේ ගේ නිර්ව්‍යාජත්වය සොයා බැලීම සදහා උඩරට රාජ සභාවට දුතයකු එවීමට තරම් දුරට ක‍්‍රියාත්මක වුයේය. තවත් අවස්ථාවක දී, රජු සහ  ඕලන්දවරුන් අතර ගැටුම උත්සන්න වුව හොත්, රජුට හේවායින් බඳවා ගැනීම සඳහා මවුලා මුහන්දිරම් මදුරාසියට යවනු ලැබීය. 42 රාජධානියෙන් පිටත සිදු වන දේවල් පිළිබඳව ඉක්මන් තොරතුරු ලබාගැනීම සඳහාත්, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ මෙන්ම සමාගම සතුව පැවති ප‍්‍රදේශවල බල දේශපාලන කටයුතු සොයා බැලීම සඳහාත් රජු ඔහු ගේ මුස්ලිම් වැසියන් යොදාගති. මුස්ලිම් වරුන් උඩරට රජු ගේ සිත් දුෂ්‍ය කරන බවටත්, මුස්ලිම්වරුන් උඩරට රාජසභාව ප‍්‍රයෝගකාරි වී ඇති බවටත්, සමාගමේ කටයුතු සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලබා ඇති බවටත්,  ඕලන්ද ආණ්ඩුකාර ජෑන් ස්කරූදර් (1757 – 1762)පැමිණිලි කරයි.

ඕලන්ද හමුදා මහනුවර අල්ලාගත් අවස්ථාවේ දී ඔවුන්ට විරුද්ධ ව සටහන් කිරීමට ප‍්‍රංශ ජාතිතයන්ට ගේ ආධාර ඉල්ලා කිර්ති ශී‍්‍ර රාජසිංහ රජු ඔහු ගේ ප‍්‍රිතම මුස්ලිම් වෛද්‍යවරයා වු ගෝපාල මුදලි පොන්ඩිචෙරියට යැවු බව, බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයෙන් සොයාගත්, 1765 දින දරන ඉඩම් ප‍්‍රදානය කිරිමේ තඹ සන්නසකින් අනාවරණය වේ. සන්නස් පත‍්‍රයේ ම සඳහන් වේ. උඩරට රජවරුන් තම මුස්ලිම් වැසියන් කෙරෙහි තැබු අවල විශ්වාසය සහ කුලූපග භාවය මෙයින් මනාව පෙනේ.

මුස්ලිම්වරුන් සතු වු මුහුදු යාත‍්‍රා පරිචය, අන්තර්ජාතික සම්බන්ධතා, විවිධ භාෂා කතා කිරීමේ දක්ෂතාව නිසාත්, 44 රයික්ලොෆ් වැන් ගොයන්ස්පවසන අන්දමට 45 චාටු බස් බිකිණිමට ශූර දැනුමක් ඔවුන්ට තිබුනු නිසාත්, උසස් පෙලේ මුස්ලිම්වරු වැදගත් විදේශ මෙහෙවර සඳහා තෝරාගනු ලැබුහ. යථෝක්ත අගනා දක්ෂතා නිසා ම ඔවුන්ට සුවිශේෂ වු ැාජතාන්ත‍්‍රික ඥානයක් තිබිණි. 1283 තරම් ඈත අතිතයේ දී යාපහුවේ ෂ වන බුවනෙකබාහු (1272 – 1284)වෙළෙඳ සම්බන්ධකම් කෙළින්ම ඇති කරගැනීම සාකච්ඡුා කිරිම සඳහා අල්හාප් අබු උත්මාන් ඊපජිප්තුවේ රාජසභාවට යැවු දා සිට, ඒ වැනි තානාපති රාජකාරි, සිංහල රජවරුන් විසින් සාම්ප‍්‍රදායික ව මුස්ලිම්වරුන්ට පවරා ඇති බව් පෙනේ.

තානාපති මුදියන්සේලාගේ යන වාසගම සහිත ඇතැම් මුස්ලිම් පවුල් උඩරට ප‍්‍රදේශවල සිටිනු දැකිම සැලකිය යුතු කරුණකි. මුදියන්සේ යනු ඉහළ නිලධරයෙකි. බොහෝ වාසගම් වලින් පවුලේ අය මුලින් දැරූ තනතුරු හෙළි කර බැවින්, මේ පවුල්වල ආදිතමයන් උඩරට රජවරුන් ගේ තානාපතිවරුන් ලෙස සේවය කළා විය හැකිය.

  • මුස්ලිම්වරුන් සහ රාජකීය උල්පැන් ගේ

රජ මාලිගාවේ තවත් වැදගත් අංශයක් වුයේ උල්පැන් ගෙය යි. පවුල් 500ක් පමණ සංඛ්‍යාවක් හවුල් වන මේ සේවය සංකීර්ණ එකකි. ඒ සියලූ ම පවුල් උල්පැන් ගේ රාජකාරිය සඳහා ලැබුණු ඉඩකඩම් භක්ති විදිති. මේ සංකීර්ණ රාජකාරියට මුස්ලිම්වරුන් බඳවාගත් බවට සාක්ෂ්‍ය ඇතත් ඒ කවර තත්වයේ තනතුරුවලට දැයි නිසැකව ම කිව නොහැකිය. රජු ගේ පා දෝවනය කිරීමේ වරප‍්‍රසාදය ඔවුන්ට පිරිනැමුවා විය හැකිය. ඒ සෙත් නැති නම්, මුස්ලිම්වරුන්ට පැන් උණු කිරීම සඳහා උල්පැන් ගෙට දර සැපයීමේ කාර්යය ඉටු කිරීමෙන් ඊට දුරස්ථ ව සහභාගි වුවා විය හැකිය. 46

  • මුස්ලිම්වරුන් සහ රාජකීය මුල්තැන් ගේ

මුස්ලිම්වරුන් යොදවනු ලැබු වඩා වැදගත් වගකිම්වලින් භාරදුර කර්තව්‍යයක් වුයේ, රජ මාලිගාවේ මුල්තැන් ගෙයයි. 47 රජු ගේ ජිවිතය රදා පැවතුණේ ඔවුන් ගේ අතේ බැවින් රාජකීය මුල්තැන් ගේ රාජකාරි කටයුතු අතිශයින් විශ්වාසවන්ත හිතෛෂි සේවකයන්ට පමණක් සීමා විය. කන්ද උඩරට රජවරුන් මුස්ලිම් ආහාර පාන සඳහා රුචිකත්වයක් ඇති ව සිටිනා පමණක් නොව, මුස්ලිම්වරුන් සිංහාසනයට ඉතා පක්ෂපාත අනුගාමිකයන් වශයෙන් සලකනු ලැබු බැව් ද දක්නට ලැබේ.

  • හමුදාවේ මුස්ලිම්වරු

ආරම්භයේ සිටම මුස්ලිම්වරු සිංහල රජවරුන් ගේ හමුදාවලට බැ`දී එහි ඉතා ඉහළ තනතුරුවලට පත් වුහ. සීතාවක, කෝට්ටේ සහ කන්ද උඩරට රජවරුන් වෙනුවෙන් ඔවුන් සටන් කළ අයුරු අපි දුටුමු. කන්ද උඩරට රාජධානිය පැවති කාලය මු`ඵල්ලේම උඩරට රජ්ජුරුවන් ගේ පාබළ හමුදාවේසැලකිය යුතු සංඛ්‍යාවක් මුස්ලිම්වරු වුහ. උඩරට රජු ගේ පාබළ හමුදාවේ, විශේෂයෙන්ම රාජධානියේ අවසන් දිනවල, මුදල් ප‍්‍රශ්න නිසා, කුඩා එකක් විය. 1810 දී මලාබාර්වරුන් 400 දෙනකු ද, මුස්ලිම්වරුන් 250 දෙනකු ද, මැලේ ජාතියන් 200 දෙනකු ද, මහනුවර සටන් පුහුණුව ලැබු බැව් දක්නා ලදි. 48 දේශීය කුමන්ත‍්‍රණ ගැන පරික්ෂාවෙන් සිටිම සඳහා රජවරුන් විසින් තම හමුදාවල සිංහල නොවන සේනාංකයක් තඩා ගැනීම අසාමාන්‍ය කරුණක් නොවීය.

නැවතත් අනුමාතෘකා වෙත…

05

රටේ ආර්ථිකයට උරදෙමින්

  • මුස්ලිම් පේෂකාරයෝ, සන්නාලියෝ සහ කරණවෑමියෝ

මුස්ලිම්වරු දක්‍ෂ පේෂකාරයෝ හෙවත් රෙදි වියන්නෝ වූහ.පරම්පරාගත කතාවලට අනුව, දිවයිනට පේෂකාර කුලය හෙවත් සලාගම් කුලය හඳුන්වාදුන්නේ මුස්ලිම්වරුන්ය. ඔවුන් සුවිශේෂි ආකාරයේ දක්‍ෂතාවයකින් රෙදි වියු බැව් පෙනේ. 1762 දී ජෝන් පයිබස් මහනුවරට ගිය ගමනේදි ඔහු තෙවන රාත‍්‍රිය ගත කළේ තිරිකුණාමලයට සැතපුම් 21 ක් නුදුරින් පිහිටි පඟුදාන නම් ගමේ ය. ඒ ගමේ පදිංචිකරුවන් වූ මුස්ලිම්වරුන් සත්ත්ව පාලනයට සහ ගොවිතැනට අමතරව, තමන්ගේ ම ඇඳුම් සඳහා දළ කපු රෙදි කෑලි කිහිපයක වියාගැනීමට පුරුදුව සිටි බවක් පියිබස් දුටුවේය. තමන්කඩුව පළාතේ පිහිටි මේ ගම්මානයේ පළාත් ආණ්ඩුකාරවරයා හෙවත් දිසාව වාසය කළේ මහනුවරය. දහ වන ශත වර්ෂයේ ආරම්භයේදී ශ‍්‍රී ලංකාව විසු එකම සන්නාලියන් වූයේ මුස්ලිම් ජාතිකයන් සහ සලාගම් වැසියන් පමණි. ඇඳුම් මැසීම ඔවුන් ප‍්‍රගුණ කළ තවත් කර්මාන්තයකි.  ඕලන්ද ජාතිකයන් විසින් තාවකාලිකව කොළඹ පදිංචි වීමට අවසර දෙනු ලැබු මුස්ලිම්වරුන් කිහිප දෙනා අතර ඇඳුම් මසන්නෝද වූහ. අද පවා මුස්ලිම් ඇඳුම් මසන්නන් කොළඹ බහුලව සිටිනු දැකියහැකිය. මුස්ලිම් කරණවැමියන් හෙවත් පණික්කියන් පිළිබඳව සඳහන් වේ.

  • මුස්ලිම් මැණික් කර්මාන්තකරුවෝ

පරම්පරා ගණනාවක් මුළුල්ලේ ලබා ඇති පළපුරුද්ද නිසා මුස්ලිම්වරු මැණික් හදුනා ගැනීම, කැපීම සහ විකිණිම සම්බන්ධයෙන් කිසිවකුටත් නොදෙවෙනි දක්ෂතාවක් ලබා සිටිති. අරාබි ජාතිකයන් පළමුවෙන් ම ශී5 ලංකාවට පැමිණිමට පෙඹුණේ මැණික් සඳහා වු වුවමනාව නිසායි. එදා සිට ඔවුහු අතර වෙළදාමට තිබු අභිලාෂය අත් නොහැරියහ. ඔවුන් අතර වෙළෙන්දන්, මුදල් හුවමාරුකරන්නන්, ස්වර්ණාභරණ කරුවන්, වඩුවන්, ඇදුම් මසන්නන් සහ සියලූ ආකාරයෙන් ප‍්‍රයෝජනවත් කාර්මිකයන් දැකිය හැකිය. මැණික් ගල් කැපීමේ දී සහ මුදු හා වෙනත් රක්රන් ආභරණ සෑදීමේ දී ඔවුහු විශේෂ දක්ෂතා සහ සහජ හුවමාරුවක් දක්වත්, ඔවුන් විසින්ම නිර්මාණය කරගත් සරල ක‍්‍රම භාවිත කරමින් කර්මාන්තයේ හසළ බුද්ධිය පෙන්නුම් කරන මෝස්තර වලින් යුත් දර්ශනිය ස්වර්ණාභරණ බොහෝ ප‍්‍රමාණයක් ඔවුන් නිෂ්පාදනය කර තිබේ. දිවයිනේ හමු වන සියලූ මැණික් වරග වටේට අල්ලා සාදනු ලබන මුදුව ඔවුන් ගේ ප‍්‍රියතම ආභරණවලින් එකෙකි.’’ යනුවෙන් ජෙමිස් කෝර්ඩිනර් පවසයි. 50 කෙසේ වෙතත්, මැණික් ගැරීම කරන ලද්දේ, සිංහලයන් විසිනි. ඔවුහු තමන් ලබාගත් මැණික් කැට පෞද්ගලික මුතුපර කර්මාන්තයේ යෙදුණු කිමිදුම්කරුවන් මුළුමනින් ම පාහේ ශව ප‍්‍රසිද්ධ වෙන්දේසි ම`ගින් හෝ මුස්ලිම්වරුන්ට විකිණියහ. මුතුපර කර්මාන්තයේ යෙදුණු කිමිදුම්කරුවන් මුඵමනින්ම ම පාහේ ශී‍්‍ර ලාංකික සහ ඉන්දියානු දෙවර්ගයට ම අයත් මුස්ලිම්වරු වු හ. සිංහලයෝ කවර අයුරින් හෝ එයට සම්බන්ධ නොවුහ.

නැවතත් අනුමාතෘකා වෙත…

06

සිංහල – මුස්ලිම් සමගියට මුල් වු සාධක

උඩරට රාජධානියේ විසු මුස්ලිම්වරුන් විවිධ කර්මාන්ත ගණනාවක හසළ දක්ෂතාවක් පෙන්නුම් කළ, නොයෙකුත් ආකාරවලින් රටට සේවය කළ විවිධ කාර්යයන්හි නිපුණ වු ජන කණ්ඩායමක් වු බව මෙතෙක් කරන ලද විග‍්‍රහයෙන් පැහැදිලි වේ. ඔවුන් ම්ථුල, කඩිසර, ශූර, ව්‍යාපාරික ජාතියක් වශයෙන් ඬේවි දුටුවේය. සමාජයක් සමන්විත වන විවිධ ජනවාර්ගික කණ්ඩායම්, අප‍්‍රසන්න බලහත්කාර ක‍්‍රියාවලින් තොරව සහජිවන මාර්ග වැඩි සියුණු කර ගැනීමෙන් ඇති කරගන්නා වු දීර්ඝ කාලීන ස්ථාවර තත්ත්වයකට මෙය කදිම නිර්ශනයකි. සමාජ විද්‍යාඥයන් විසින් එය සංජෛව සම්බන්ධතාවක් යනුවෙන් හදුන්වනු ඇත. සංජෛව යනු, යම් ප‍්‍රජාවක් අයත්, අසමාන සහ එකිනෙකට වෙනස් කණ්ඩාම් අතර ඔවුන් ගේ අනෝන්‍ය වාසිය සදහා මුල් වන අනෝන්‍ය රැදියාව මගින් ඇති කර ගැනෙන සම්බන්ධතාවකි. නුතන කාර්මික සමාජයේ ඉතා විරල මේ ආකාරයේ තත්ත්වයක දී හිග සම්පත් සදහා පොර කෑමේ හෝ ලබා ගැනීමට නොමැති රැකියා සදහා තරග කිරිමේ හෝ අවශ්‍යතාවක් නොවු අතර, ඔවුන් ගේ ශ‍්‍රම විශේෂකරණය පදනම් කරගෙන විවිධ කොටස් ස්වාධින සංජෛව ජාලයක් වශයෙන් එකට සම්බන්ධ කරන ලදි.

එක් ජනවාර්ගික කණ්ඩායමක් ගොවිතැන් කිරිමෙහි යෙදි සිටින අතර තවත් කණ්ඩායමක් කර්මාන්තවල නිතරතව සිටින ආකාරයේ ප‍්‍රජාවක් නොහොත් ප‍්‍රදේශයක් මෙයට කදිම උදාහරණයකි. කර්මාන්තකරුවෝ තම නිෂ්පාන ප‍්‍රජාව අතර ම හෝ ප‍්‍රදේශය තුළ සහ ඉන් පිටත හෝ විකිණිමෙන් ලබාගන්නා මුදලින් ගොවීන් ගේ නිෂ්පාදන මිල දී ගනිති. එක් අතකින් සුදු ජාතික වෙළෙන්දන් සහ අනෙක් අතින් ඉන්දීය දඩයම් කරුවන් සහ ප‍්‍රවාහනකයන් අතර කැනඩාවේ වර්ධනය වු අන්‍යෝන්‍ය රැු`දියාව සර්ව සම්පුර්ණ සංජෛවයකට නිදර්ශනයක් වශයෙන් දක්වනු ලැබේ. එවැනි සම්බන්ධතාවක් සූරා කෑමක්ද නැද්ද යන වග අදාළ නොවේ. එවැනි තත්වයකට පාත‍්‍ර වී සිටින ජනතාව එය ඔවුන්ගේ වාසියට හේතු වන්නාක් ලෙසින් සලකත් නම්, උඩරට රාජධානියේ සිදු වූවාක් මෙන්, ජනවාර්ගික සීමා බන්ධන ඉක්මවා යන පොදු සම්මුතියක් ගොඩ නැගේ.

මුස්ලිම්වරුන් විශේෂයෙන් යෙදුනේ ප‍්‍රධාන වශයෙන් සම්ප‍්‍රදායික සාරධර්ම සහ කුල බාධක නිසා උඩරැුටියන් ක‍්‍රියාත්මක වන්නට උනන්දුවක් නොදැක් වූ කර්මානත වලය. ‘වෙළඳාම හෝ සමුද්‍රතරණය හෝ කෙරෙහි සිංහලයෝ උනන්දුවක් නොදක්වති. ඇත්තෙන්බම, ඔවුන් ප‍්‍රධාන වශයෙන් දිවයිනේ අභ්‍යන්තර ප‍්‍රදේශ වල වාසය කරන බැවින්, ඔවුන්ට ඒ දෙකේම පුරුද්දක් නොමැත……’ අනික් අතට, මුස්ලිම්වරුන් මේ දෙකටම බැස්සේ,  ඕලන්දකාරයන් පවසන අන්දමට, ‘‘දියට දැමූ මාළුවෙකු මෙන්’’ය. ඉඩම් අයිතිය, ධන ඉපයීමේ එකම නම්බුකාර ක‍්‍රමය වශයෙන් සලකන, තැන්පත්, ප‍්‍රධාන වශයෙන් ගොවි ජනතාව වන උඩරැුටියන් විසින් මුස්ලිම්වරුන් සලකනු ලැබුවේ විවිධ අවශ්‍යතා ඉටු කරදෙන පාරම්පරික වශයෙන් තමන් මැදිහත් වීමට අකමැති නානා සේවාවන් සලසා දෙන ප‍්‍රයෝජනවත්, ධෛර්ය සම්පන්න මිත‍්‍රයන් සමූහයක් වශයෙනි.

මුස්ලිම් ජනතාව ඉන්දියාබවට පැමිණි ආකාරයෙන් රටවල් අල්ලන, තම ආගමට හරවාගන්නා බලවේගයක් වශයෙන් ශ‍්‍රී ලංකාවට නොපැමිණීම, මේ මිත‍්‍ර සම්බන්ධතාවයට දායක වූ වැදගත් කරුණක් විය. ඔවුහු අදාළ සියලූ දෙනාම සමග සුහද සම්බන්ධතා පවත්වා ගනිමින්, සිංහලයන් ගේම ප‍්‍රසාදය හා අනුග‍්‍රහය ලබමින්, එහෙත් බල කණ්ඩායමක් වශයෙන් හැඩ නොගැසි, අද මෙන් එදාත්, තම වැඩ කටයුතු වල සාමකාමී ව යෙදුණාහ. පෘතුගීසී සහ  ඕලන්ච තාඩන පීඩන යටතේ ඔවුන් රට අභ්‍යන්තරයට පැමිණි, විට, උඩරට රජවරු ඔවුන් සුහදව පිළිගෙන ඉඩකඩම් පවර් දී උඩරට ස්ත‍්‍රීන් සරණ පාවාගැනීමට ඔවුන් දිරි ගැන්වූහ. උඩරට රජවරුන් තම රාජධානියේ විසූ මුස්ලිම්, දෙමළ සහ හැම නිකායකටම අයත් ක‍්‍රිස්තු භක්තික ජනතාව කෙරෙහි දැක්වූ ආකල්පය උදාර වූ ද බෞද්ධ හින්දු රාජත්ව පරමාදර්ශනය හා සැබැවින්ම අනුකූල වූද ආකාරයේ එකක් විය. නිසැකව ම බුදු දහමේ දැක්වෙන සමානාත්මවාදය සහ විවීය භාවය නිසා, සිංහල සමාජයේ විදේශිකයන් සමග සහසබඳතාවලට සමාජ තහංචියක් නොවිය.

වෙරළබඩ ප‍්‍රදේශයේ පොදු සතුරකු සිටීම මේ සුහද සබඳතාවලට දායක වූ තවත් කරුණකි. ආරම්භයේ දී අරාබි වෙළඳ ජන කොටස් සහ දේශීය ජනතාව අතර අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිඳු හැලහැප්පීමකනොවූයෙන් ගැටුමක් ඇති නොවිය. දහසය වන හා හත් වන සහ දහ අට වන ශත වර්ෂ වලදී මුස්ලිම්වරුන් ශ‍්‍රී ලංකිකකරණය වීබෙම් ප‍්‍රවණතාවක් දක්පනා ලද අතර, මුහුදු බඩ ප‍්‍රදේශයෙන් මතු වූ යුරෝපීයයන් ගේ තර්ජන ඊට බොහෝ සෙයින් හේතු වූයේය. යුරෝපීයයන් විසින් මුහුදු බඩ ප‍්‍රදේශ අල්ලා ගනු ලැබීමෙන් රජු, රදළවරුන් සහ ජනතාව කෙරෙහි අයහපත් බලපෑබම් ඇති වූ අතර, එය විශේෂයෙන් ම, මුස්ලිම්වරුගේ අභිලාෂවලට හානිකර වුයේය. එ බැවින් විශාල තර්ජනයක් වූ නුරුස්නා පොදු හතුරකු සිටීම යම් අසමාදානයක් වී නම් එය යටපත් කොට විවිධ කණ්ඩායම් එකට බැඳ තැබීමට හේතු වුයේය. මුලාරම්භය සිටම උඩරට රාජධානිය මේ තර්ජනයට මුහුණ දුන් අතර, සමාජයේ සිටි එදිරිවාදීන් අතරින් මතු විය හැකි විශාල පිපිරීමක් වුයේ නම්, එය වැළැක්වීමට ඒ තර්ජනය මුල් විය. ඇතමෙක් ම ඒ තත්වය ඉස්මතු වූයේ එකී තර්ජනයට ප‍්‍රතිචාරයක් ලෙසිනි. ‘තරමක් දුර විවිධ වූ කොටස් අතර කල් පවත්නා සමගියක් ඇති කිරීම ප‍්‍රශ්නයක් වන අවස්ථා වලදී, නිරන්තර ගුප්ත කිසිදාක නොපිපිරෙන ගැටුමක් මගින්, උග‍්‍ර අනතුරකට වඩා නිදන්ගත අනතුරක් මගින් එක්සත් වීම අතිශයින් සාර්ථක වන්නේය’’ යනුවෙන් ජෝර්ජ් සිමෙල් පෙන්වා දී ඇත.

බි‍්‍රතාන්‍යයෙන් පැබමිණි සමාජයේ විවිධ කොටස් ඉතා දක්‍ෂ අන්දමින් භේද භින්න කරන තුරුම, සිංහලයන් සහ මුස්ලිම්වරුන් අතර වූ මේ දීර්ඝ වූත් ඉතා කිට්ට වූත් මිත‍්‍රත්වය අඛණ්ඩ ව පැවතිණි. ඉන්දියාවේ දී මෙන්, මුස්ලිම්වරු බි‍්‍රතාන්‍යයන් අතෙහි ප‍්‍රබල ආයුධයක් වූහ. කන්ද උඩරට රජුගේ බලය සහ බලපෑම දුර්වල කිරීම පිණිස බි‍්‍රතාන්‍යයන්ගේ වාසියට හරවාගත හැකි මිත‍්‍ර පක්‍ෂයක් වූහ. ඒ සියුම් උපක‍්‍රමවල ප‍්‍රතිඵල කඩිනමින් අපට ප‍්‍රත්‍යක්‍ෂ විය. සේවාවන් පරිවර්තනය වීම, ආර්ථිකය මුල්‍යමය වීම, සමාජයට ලෞකික සහ නවීකරණය වීම ආදි කරුණු, සහයෝගිතාවක් තිබුණු තැන තරඟයක් ඇති කිරීමට මුල් වීමෙන්, එතෙක් තිබුණු සිනිඳු මතුපිටෙහි ඉරි තැලීම් මතු වීම ආරම්භ වුයේය.

නැවතත් අනුමාතෘකා වෙත…

07

මූලාශ‍්‍ර හා වෙනත් පැහැදිලි කිරීමන්

ඉහත ලිපියට පදනම් කරගත් මූලාශ‍්‍ර හා වෙනත් පැහැදිලි කිරීමන්

  • Tennet, Volume II, pp. 619 – 692
  • M. I. C. H. Silver Jubilee Souvenir, 1944 69, p. 95
  • හෙට්ටි යනු – දකුණු ඉන්දියානු වෙළඳ ප‍්‍රජාවකි. ඔවුන් ගෙන් සමහරු දිවයිනේ පදිංචි වී සිටියහ.
  • S. Arasaratnam. The Kingdom of Kandy.: Aspects of its external relations & commerce 1658 – 1710. Ceylon / Journal of Historical and Social Studies. Volume III, No. 2, July – Dec. 1960, pp’ 110 – 127
  • කොට්ටියාර් (මහා වංශයේ කොට්ඨසාර) ගම් 64ක් පිහිටි කුඩා පළාතක් වූ කොට්ටියාරම්වරාය විය. කොට්ටියාරමේ දිසාව මහනුවර පදිංචිව සිටියේය. ඔහු එශුගේ බලතල ගම්මුලාදෑනීන් තිදෙනෙකුට පවරා තිබුණු අතර ඔයුහු ගම් පාලනය කළහ.
  • S. Arasaratnamඑම නිලධරයා හෙට්ටියෙක් විය.
  • 1762 දී මදුරාසියේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුව ගිවිසුමකට එළඹීම සඳහා තානාලතිවරයෙකු ලෙස ජෝන් පයිබස්, උඩරට රාජසභාවට යැවීය. The Pibus Embassy to Kandy, 1762, transcribed with notes by R. Raven Hart, Ceylon, 1950
  • ඕලන්දකාරයන් සහ බි‍්‍රතාන්‍යයන් විසින් දකුණු ඉන්දියානු මුස්ලිම් වෙළෙන්ඳන් හැඳින්වීමට යොදන ලද පදය.
  • The Pilbus Embassy, p. 34
  • John D’oyly, A Sketch of the Constitution of the Kandyan Kingdom, Ceylon, 1929, pp. 51 – 52
  • Diary of Mr. John D’oyly, J. R. A. S. C. B., Aolume XXV, No. 69 1917, p. 133
  • C. G. Uragoda, A History of Medecine in Sri Lanka, Colombo, 1987, pp. 15 – 16. Also see An EthnologicalSurvey of the Muslims of Sri Lanka, Sir RazikFareedFoundaton, Colombo.
  • S. M. Ahmed Udayar, Sri Lanka Moor Phycicians to the Sinhala Kings, M. I. C. H. Souvenir, IV 1977 – 82,pp. 171 – 174
  • U. C. H. C. Volume I, PartI. p. 625
  • M. I. C. H. Souvenir IV, p. 171
  • H. C. P. Bell, Report on the Kegalle District of the province of Sabaragamuwa. Ceylon Sessional Paper. XIX of1892, p. 99
  • Lawries Gazetteer, p. 943
  • Relacaoque O Padre Propozite de Congregacao de Goa Fez de estadoprezente de missao de Ceylon, ScrittureReferiteCongressi Indie Orientali, Volume 40
  • විස්තර සදහා L. S. Dewaraja, p. 109
  • H. C. P. Bell, Report on the Kegalle District, pp. 99 – 101
  • කුමන්ත‍්‍රණයේ විස්තර සඳහා L. S. Dewaraja, pp’ 119 – 127
  • Lawries Gazetteer, p. 134
  • Glimpses from the past of the Noors of Sri Lanka, Colombo, 1976, A. L. L. Marikkar, A. L. M. Lafir andA. H. MacanMakar, p. 195
  • S. L. N. A. 1/254/86 and 266
  • Despatch to Secretary of State dated 3 February 1827 appearing in the Transactions of the R. A. S. of G. B. andIreland, Volume I, p.537. Souvenir of the M. I. C. H. 1965, p. 55
  • M. I. C. H. Souvenir, IV, 1977 – 82, p. 172
  • M. I. C. H. Souvenir, IV, 1944 – 1965, p. 29
  • H. C. P. Bell, Report on the Kegalle District, p. 100
  • A.    Bertolocci, A View of Agricultural Commercial and Financial Interests of Ceylon, London, 1817, p. 43
  • Rev. James Cordiner, A Discription of Ceylon also see Amir Ali “Muslims Paticipation in the export sector ofSri Lanka 1800 – 1818 in M. A. M. Shukri (ed.) Muslims of Sri Lanka
  • GeargeSimmel, Conflict and the web Group of Affiliations, II- linois, 1955, p. 106

නැවතත් අනුමාතෘකා වෙත…

මහාචාර්‍ය ලෝනා දේවරාජා මහත්මියගේ ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්’ නම් කෘතියෙන් උපුටාගත් කරුණූ ඉහතින් ඉදිරිපත් කොට ඇත.
සකස් කොට ඉදිරිපත් කිරීම- අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *