ඉස්ලාමීය ප‍්‍රතිපත්ති විග‍්‍රහය

0

අසීමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ටමය සියලු ප‍්‍රශංසා ගොඩනැගිල්ලක ශක්තිමත් බව රඳා පවතින්නේ එහි අත්තිවාරම මත ය. ගොඩනැගිල්ල ශක්තිමත් වන්නේ අත්තිවාරම ශක්තිමත් නම් පමණි. අත්තිවාරම හොඳ නැත්නම් එම ගොඩනැගිල්ල කඩා බිඳ වැටෙනු ඇත. ඉස්ලාම්හි අත්තිවාරම එහි ඒක දේව ප‍්‍රතිපත්තියයි. මෙම ඒක දේව ප‍්‍රතිපත්තිය නිවැරදි වුයේ නම් පමණි, අනිකුත් කටයුතු හා නැමදුම් දෙවි විසින් පිළිගනු ලබන්නේ. ඒක දේව ප‍්‍රතිපත්තිය නිවැරදී වූයේ නැත්නම් අනිකුත් සියලු කටයුතු නිෂ්ඵල වනු ඇත. වර්තමාන මුස්ලිම්වරුන්ගෙන් බහුතරයක් හුදෙක්ම නාමික මුස්ලිම්වරුන් පමණි. ඔවුන් ඉස්ලාම්හි මූලික ප‍්‍රතිපත්තිය වන ලා ඉලාහ ඉල්ලල්ලාහ් – අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නොමැත යන කලිමාවේ යථාර්තය නිවැරදිව වටහාගෙන නොමැත. අල්ලාහ් යනු කවුරුන් ද? උන්වහන්සේගේ ගුණාංගයන් මොනවා ද? අපි ඊමාන් (විශ්වාස) කළ යුතු කරුණු මොනවා ද? යන මූලික කරුණු පවා මුස්ලිම්වරුන්ගෙන් බහුතරයක් නොදනිති. වර්තමාන මුස්ලිම්වරු සොහොන් වන්දනාව (දර්ගා නැමදුම), යන්තර, තහඩු, ජෞතිෂ්‍යය, මවුලූද්, නිමිති බැලීම, වැනි අල්ලාහ්ට සමාන (ෂිර්ක්) කිරීමේ කි‍්‍රයාවන් බොහෝමයක එල්බ ගෙන සිටිති. එම නිසා නිවැරදි ඉස්ලාමීය ප‍්‍රතිපත්තිය පැහැදිලිව වටහාගෙන එයට පටහැනි වූ සියලු ක‍්‍රියාවලින් වැළකී සිටිය යුතු ය. දැන් ඒවා විමසු බලමු.   ඊමාන් යනු කුමක් ද? ජිබ්රීල් අලෛහිස් සලාම් තුමන් නබි (සල්‍) තුමාණන්ගෙන් ඊමාන් (දේව විශ්වාශය) යනු කුමක් දැයි විමසූ විට, “ඊමාන් යනු අල්ලාහ්ව, උන්වහන්සේගේ මලායිකාවරුන්ව, උන්වහන්සේගේ පුස්තකයන්, උන්වහන්සේගේ වක්තෘවරුන්ව හා අවසාන දිනය විශ්වාස කිරීමයි.තවද යහපත හා අයහපත සියල්ල සිදු වන්නේ අල්ලාහ්ගේ (අධිෂ්ඨානය වූ) දෛවයට අනුව බව ඔබ විශ්වාස කිරීම වේ.” යැයි (නබිතුමාණෝ) පිළිතුරු දුන්හ. දැනුම් දෙන්නා :- උමර් (රලි) තුමා   ග‍්‍රන්ථය : – මුස්ලිම් (9) ඉස්ලාමීය මූලික ප‍්‍රතිපත්තිය   අල්ලාහ් දෙවියන් විශ්වාස කිරීම   මලාඉකාවරුන් හෙවත් දේව දූතයන් විශ්වාස කිරීම   පුස්තකය හෙවත් අල් කුර්ආනය විශ්වාස කිරීම   නබිවරුන් හෙවත් වක්තෘවරුන් විශ්වාස කිරීම   අවසාන දිනය විශ්වාස කිරීම   කරුමය විශ්වාස කිරීම 0000000000000000000000000 අල්ලාහ් දෙවියන් පිළිබඳව විශ්වාස කිරීම   අල්ලාහ් සිටින්නේ කොහි ද?     අල්ලාහ් අහසෙහි ඇති අර්ෂ් (නම් සිංහාසනයෙ)හි සිටින සේක. පහත සඳහන සාක්‍ෂි එ් සඳහා ඉදිරිපත් කළ හැක.     අහසෙහි සිටින්නා ඔබලාව පොළවෙහි ගිලෙන්නට නොසලස්වන්නෙහි යැයි ඔබලා නොබියව සිටින්නෙහුද? එවිට එය (පොළව) කම්පා වනු ඇත.   (අල් කුර්ආන් : 67:16)     අර් රහ්මාන් (පරම දයාලූ) අර්ෂය මත අසුන් ගත් සේක.   (අල් කුර්ආන් 20:5)   වහල් ස්ත‍්‍රීයකගෙන් නබි (සල්) තුමාණෝ අල්ලාහ් සිටින්නේ කොහිදැ යි විමසූ කල්හි “අල්ලාහ් අහසේ සිටින සේක” යැයි ඇය පිළිතුරු දුන්නා ය. මම කවුදැයි ඇසූ විට ”ඔබ අල්ලාහ්ගේ වක්තෘවරයාය,”යි කීවා ය. (එවිට) නබි (සල්) තුමාණෝ ඇගේ ස්වාමීට, “ඇය මු:මින් කාන්තාවකි, ඇයව නිදහස් කරන්න”යි ප‍්‍රකාශ කළහ.   දැනුම් දෙන්නා :- මුආවියා බින් හකම් (රලි)   ග‍්‍රන්ථය :- මුස්ලිම් (836)     අල්ලාහ් අප සමග සිටින්නේ ද?     “(ඔබ දෙපල) බිය නොවනු! මම බලමින් ද සවන් දෙමින් ද ඔබ දෙපල සමඟ සිටිමි” යි උන්වහන්සේ කී සේක.   (අල් කුර්ආන් : 20:46)   ”දෙවියන් වහන්සේ අප සමග සිටින සේක” යන්නෙහි අර්ථය උන්වහන්සේ අපව අධීක්ෂණය කර අප කරන ක‍්‍රියාවන් ආරක්ෂා කර තබා ගන්නා බවයි.     අර්ෂ්     අර්ෂ් යනු උන්වහන්සේගේ අති විශාල සිංහාසනයයි.     සත් අහසට ද ශ්‍රේෂ්ඨ අර්ෂයටද අධිපති කවුරුන්දැයි අසනු (මැනව!)   (අල් කුර්ආන් 23:86)   උන්වහස්සේගේ ආසනය අහස් ද පොළව ද අන්තර්ගත කරයි.   (අල් කුර්ආන් 2:255)   එදින (මුහම්මද්) ඔබගේ දෙවිගේ අර්ෂය (මලායිකාවරු) අටදෙනෙක් ඔවුන්ට ඉහලින් ඔසවාගෙන සිටින්නෝ ය.   (අල් කුර්ආන් 69:17)     අල්ලාහ්ගේ රුව     දෙවිට රුවක් නැතැයි ප‍්‍රකාශ කිරීම ඉස්ලාමයට පටහැනි සංකල්පයකි.     අල්ලාහ්ට රුවක් ඇත. පරලොවේදී සැදැහැවත්තු උන්වහන්සේගේ රුව දකින්නෝ ය.   එදින සමහරුන්ගේ මුහුණු දීපත්තිමත් වනු ඇත. ඔවුන්ගේ දෙවිව දකිනු ඇත.   (අල් කුර්ආන් 75:22,23)   පරලොවේදී අල්ලාහ් දේව විශ්වාසිකයන් හට ඔවුන් උන්වහන්සේ ගැන උපකල්පනය කර තිබූ රුවෙන් නොව වෙනත් රුවකින් ප‍්‍රථම වතාවට පැමිණ ‘ඔබලාග් දෙවි මමයි’ , යැයි පවසනු ඇත.   දැනුම් දෙන්නා :- අබූ සඊද් අල් කුද්රී (රලි)   ග‍්‍රන්ථය :- බුහාරි (7439)     දෙවියන් වහන්සේට අප විසින් රුවක් උපකල්පනය නොකළ යුතුය.   උන්වහන්සේ මෙන් කිසිවක් නොමැත. උන්වහන්සේ අසන්නා ය. බලන්නා ය.   (අල් කුර්ආන් 42:11)     අල්ලාහ්ව දැකිය හැකිද?     මෙලොවේදී කිසිවෙකුටත් අල්ලාහ්ව දැකිය නොහැක.   දෘෂ්ඨියන් උන්වහන්සේව ග‍්‍රහනය නොකරයි. උන්වහන්සේ දෘෂ්ඨියන්ව ග‍්‍රහනය කරන සේක.   (අල් කුර්ආන් 6:103)     අප පොරොන්දු වූ ස්ථානයට මූසා පැමිණ, ඔහුගේ දෙවි ඔහු සමග කතා කළ විට, ‘මාගේ දෙවියෙනී! (ඔබ වහන්සේව) මා හට පෙන්වනු මැනව! මම ඔබව බලමි’ යි කීය. එයට (දෙවියන් වහන්සේ) ඔබට මාව දැකිය නොහැකි ය. නමුත් එම කන්ද බලනු! එය සිය ස්ථානයේ ස්ථාවරව පැවැතියහොත් ඔබට මාව දැකිය හැක, යැයි ප‍්‍රකාශ කළ සේක. ඔබගේ දෙවි එම කන්දට දර්ශනය වූ විට, (උන්වහන්සේ) එය (කන්ද) සුනු විසුනු කළ සේක. (එවිට) මූසා සිහි නොමැතිව වැටුණේ ය. ඔහු (සිහිය ලබා) යථා තත්වයට පත් වූ විට ඔබ වහන්සේ පාරිශුද්ධවන්තයා ය. ඔබ වහන්සේගෙන්ම ක්‍ෂමාව අයදිමි. විශ්වාසවන්තයින්ගෙන් පළමුවෙන්නා මම යැයි කීය.   (අල් කුර්ආන් 7:143)   නබි (සල්) තුමාණන්ගෙන් “ඔබතුමාණා් ඔබගේ දෙවිව දැක්කේ දැයි” විමසනු ලැබු කල්හි “උන්වහන්සේ ආලෝකමත් ය, මම උන්වහන්සේව දකින්නේ කෙසේ දැයි” පිළිතුරු දුන්හ.   දැනුම් දෙන්නා   :- අබුදර් (රලි)   ග‍්‍රන්ථය   :- මුස්ලිම් (261)   පරලොවේදී සැදැහැමියන් දෙවිව දකිනු ඇත.   එදින සමහරුන්ගේ මුහුණු දීපත්තිමත් වනු ඇත. ඔවුන්ගේ දෙවිව දකිනු ඇත.   (අල් කුර්ආන් 75:22,23)     නබිතුමන්ගේ සමයේ ඇතැම් අය “අල්ලාහ්ගේ වක්තෘතුමනි! පරලොවේදී අපි අපගේ දෙවිව දකිමු ද?” යි ඇසූ විට නබිතුමාණෝ “ඔව්! දකින්නෙහු ය.කිසිදු වලාකුළක් නැති මධ්‍යහ්න ආලෝකයේ ඉර දැකීමට එකා අනිකාව පොරකන්නේ ද?” යි ඇසූහ. ජනතාව “නැත” යි පිළිතුරු දුන්නෝ ය. කිසිදු වලාකුළක් නැති පුන්සඳ සහිත රාත‍්‍රියේ ආලෝකයෙහි සඳ දැකීමට එකා අනිකාව පොරකන්නේ ද? යි ඇසූහ. ජනතාව (එවිටත්) “නැත” යැයි පිළිතුරු දුන්නෝ ය. මේ දෙකින් එකක් දැකීමට ඔබලා පොර නොකන්නාසේ ම පරලොවේදී අති උතුම් ශ්‍රේෂ්ඨ අල්ලාහ්ව දැකීමට ද ඔබලා පොරකන්නේ නැත, යි ප‍්‍රකාශ කළහ.   දැනුම් දෙන්නා :- අබුසඊද් අල් කුද්රී (රලි)   ග‍්‍රන්ථය :- බුහාරි (4581)   පරලොවේදී කාෆිර්වරුන්ට දෙවිව දැකීමේ භාග්‍ය ලැබෙන්නේ නැත.   එදින ඔවුන් ඔවුන්ගේ දෙවිගෙන් (ඈත් කර ඔහුව දැකීමෙන්) වළකනු ලැබේ.   (අල් කුර්ආන් 83:15)     අලංකාර නාමයන්   අලංකාර නාමයන් අල්ලාහ් සතු ය. ඒවා මගින් ම උන්වහන්සේගෙන් ප‍්‍රාර්ථනා කරන්න. උන්වහන්සේගේ නාමයන්හි සංශෝධනය කර පවසන්නන්ව අත් හරින්න. ඔවුන් කරමින් සිටි දේ වෙනුවෙන් දඬවම් ලබන්නෝ ය.   (අල් කුර්ආන් 7:180)   ‘අල්ලාහ් යැයි කැඳවන්න! නැතහොත් අර්රහ්මාන් යැයි කැඳවන්න! ඔබ කෙසේ කැඳවුවද ,අලංකාර නාමයන් උන්වහන්සේ සතු ය’ යි (මුහම්මද්! ඔබ) පවසනු! ඔබගේ ප‍්‍රාර්ථනාව ශබ්ද නගා නොකරන්න! පහත් හඬින්ද නොකරන්න! මේ දෙක අතර මාර්ගයක් අනුගමනය කරන්න!   (අල් කුර්ආන් 17:110)   උන්වහන්සේ ඒකකයි     ඔබලාගේ දෙවි එකම එක දෙවියෙකි. උන්වහන්සේ හැර වෙනත් දෙවි කෙනෙක් නැත. ඔහු අපරිමිත දයාන්විත ය. අසීමිත කරුණාවන්ත ය.   (අල් කුර්ආන් 2:163)   තමා හැර වෙන දෙවි කෙනෙකු නැතැයි අල්ලාහ් සාක්‍ෂි දරණ සේක. මලායිකාවරුන් ද යුත්තිය ස්ථාපිත කරන නැණවතුන් ද (සාක්‍ෂි දරන්නෝය). උන්වහන්සේ හැර දෙවිකෙනෙක් නැත. (උන්වහන්සේ) අති බලසම්පන්නය. අති ඥාණාන්විතය.   (අල් කුර්ආන් 3:18)   උන්වහන්සේමය ඔබලාගේ දෙවි වන අල්ලාහ්. උන්වහන්සේ හැර වෙනත් දෙවි කෙනෙක් නැත. සියලු දෑහි මැවුම්කරුවා උන්වහන්සේම ය. උන්වහන්සේටම (පමනක්) නැමදුම් කරන්න! සියලු දේ කෙරෙහි වගකීම් දරන්නා උන්වහන්සේ ය.   (අල් කුර්ආන් 6:102)   ඔවුන් පවසන්නාක් මෙන් උන්වහන්සේ සමග බොහෝ දෙවිවරු සිටියෙහි නම් ඔවුන් ද අර්ෂ්හි හිමිකරු (වූ අල්ලාහ්) ගෙන් (අල්ලාහ්ට අවනත වී) මාර්ගයක් පතනු ඇත.     (අල් කුර්ආන් 17:42)   අල්ලාහ්ට දුර්වලතා නොමැත.     අමතක වීම   (මුහම්මද්!) ඔබගේ දෙවිගේ නියෝගයෙන් තොර අපි නොමැරෙන්නෙමු. අප ඉදිරියෙහි ඇති දේ ද, පිටුපසින් ඇති දේ ද, ඒ දෙක අතර ඇති දේ ද උන්වහන්සේට ම අයත් ය. ඔබගේ දෙවි අමතක කරන්නෙකු නොවේ.   (අල් කුර්ආන් 19:64)   ‘එහි ඥාණය මාගේ දෙවිගේ (ළඟ ඇති) ලේඛනයේ (සඳහන්) ය. මාගේ දෙවි වරද්දන්නේ නැත. අමතක කරන්නේ ද නැත’ යි ඔහු පැවසුවේය.   (අල් කුර්ආන් 20:52)       කුසගින්න, පිපාසය     ‘අහස් හා පොළොවේ නිර්මාතෘවරයාණන් වන අල්ලාහ්ව හැර වෙනත් ආරක්‍ෂකයෙක් ව (මම) පත් කරගන්නෙමි ද? උන්වහන්සේ ය ආහාර සපයන්නේ. උන්වහන්සේ හට ආහාර සපයනු ලබන්නේ නැතැ’ යි පවසනු! ‘අවනතවන්නන්ගෙන් පළමුවැන්නා වීමට මා හට අණ කරනු ලැබ ඇතැ’යි පවසනු! කිසිවිටකත් (අල්ලාහ්ට) ආදේශ තබන්නන්ගෙන් කෙනෙක් නොවනු!   (අල් කුර්ආන් 6:14)   ඔවුන්ගෙන් මා කිසිඳු සම්පතක් අපේක්‍ෂා නොකරමි. ඔවුන් මා හට ආහාර සැපයීමද අපේක්‍ෂා නොකරමි.   (අල් කුර්ආන් 51:57)   උන්වහන්සේට සහායකයෙක් (අවශ්‍ය) නැත.       ‘පුතෙකු ඇතිකර නොගත් අල්ලාහ්ටමය සියලු ප‍්‍රශංසා. පාලනයෙහි උන්වහන්සේට කොටස් කරුවෙක් නොමැත. සහායකයා නැමති හෑල්ලූවද උන්වහන්සේට නැත’ යයි (මුහම්මද්) ඔබ පවසන්න! උන්වහන්සේව වැඩි වැඩියෙන් වර්ණනා (තක්බීර්) කරන්න!         අවශ්‍යතා නොමැත්තා     විශ්වාසවන්තයිනී! ඔබලා ඉපැයූ දෙයින් පිවිතුරු දෙය ද මහ පොළොවෙන් ඔබලා වෙනුවෙන් අප මතු කළ දෙයින් ද (යහමගෙහි) වියදම් කරනු! දෙනෙත් පියාගෙන මිස ලබා නොගන්නා තරම් අල්ප වූ දෙය වියදම් කිරීමට නොසිතනු! අල්ලාහ් අවශ්‍යතා නොමැත්තා ය. ප‍්‍රසංශාවට සුදුස්සාය යි දැන ගනු!   (අල් කුර්ආන් 2:267)   අහස් හා පොළොවෙහි ඇති දේ (සියල්ල) උන්වහන්සේටම හිමි ය. අල්ලාහ් පැසසුමට සුදුස්සා ය. අවශ්‍යතා නොමැත්තා ය.   (අල් කුර්ආන් 22:64)   භාර්යාව     (උන්වහන්සේ) අහස් ද පොළොවද පූර්වාදර්ශයකින් තොරව මැවූ සේක. උන්වහන්සේට භාර්යාවක් නොමැති කල්හි පුතෙකු සිටිය හැක්කේ කෙසේ ද? සියලු දේ මැවූයේ උන්වහන්සේ ය. උන්වහන්සේ සියලු දේ (හොඳින්) දන්නා සේක.   (අල් කුර්ආන් 6:101)   අප දෙවිගේ මහිමය අති උතුම්ය. උන්වහන්සේ භාර්යාවක් හෝ පුතෙකු පත් කරගත්තේ නැත.   (අල් කුර්ආන් 72:3)   පුතා     “අල්ලාහ් (තමාට) පුතෙකු (තෝරා) පත් කරගත්තා” යයි ඔවුහු පවසති. එසේ නොවේ! උන්වහන්සේ පාරිශුද්ධ ය. අහස්වල හා පොළොවෙහි ඇති (සියලු) දේ උන්වහන්සේට ම හිමි ය. සියල්ල උන්වහන්සේටම අවනත වෙති.   (අල් කුර්ආන් 2:116)   1. “අල්ලාහ් ඒකයෙකි” යි (මුහම්මද්!) පවසන්න!   2. අල්ලාහ් අවශ්‍යතා නොමැත්තෙකි.   3. උන්වහන්සේට දාව (කිසිවෙකු) ඉපදුනේ නැත.(කිසිවෙකුට දාව   උන්වහන්සේ) ඉපදුනේ ද නැත.   4.උන්වහන්සේට සමාන (වෙන) කිසිවෙකු නැත.   (අල් කුර්ආන් 112:1-4)     ජින්වරු     ජින්වරුන්ව අල්ලාහ් මවා ඇති විටත් ඔවුන් (ජින්වරුන්) ව උන්වහන්සේට සම කළහ. දැනුම නොමැති කමින් උන්වහන්සේට පිරිමි හා ගැහැනු දරුවන් (ඇතිබවට) උපකල්පනය කළහ. උන්වහන්සේ පාරිශුද්ධ ය. ඔවුන් විග‍්‍රහ කරන දෙයට වඩා උන්වහන්සේ උතුම් වූ සේක.   (අල් කුර්ආන් 6:100)   අල්ලාහ්ට ගැහැනු දරුවන් (ඇති බව) උපකල්පනය කරති. උන්වහන්සේ පාරිශුද්ධ ය. ඔවුහු කැමැති වන්නේ (පිරිමි දරුවන්ට)ය.   (අල් කුර්ආන් 16:57)   උන්වහන්සේට ගැහැණු දරුවන්, ඔබලාට පිරිමි දරුවන් ද?   (අල් කුර්ආන් 52:39)   අපරිමිත දයාන්විතයා (වු අල්ලාහ්)ගේ සුරතින්(මලායිකාවරුන්) ස්ත්‍රීන් බව ඔවුහු උපකල්පනය කළහ. ඔවුන්(මලායිකාවරුන්)ව මවන විට මොවුන් දුටුවේ ද? මොවුන්ගේ (මෙම) ප‍්‍රකාශය සටහන් කර, මොවුන් ප‍්‍රශ්න කරනු ලබයි.   (අල් කුර්ආන් 43:19)   ඔහුට සමාන (වෙන) කිසිවෙකු නැත.     ඔබලා වෙනුවෙන් මහපොළොව නවාතැනක් කළේ ද, අහස වියනක් කළේ ද උන්වහන්සේ ය. උන්වහන්සේ අහසින් ජලය පහළ කර (වැසි වස්සවා) එමඟින් ඔබලාට ආහාර ලෙස ඵල වර්ග (පොළොවේ සිට) හටගැන් වූ සේක. එබැවින් දැනගෙනම අල්ලාහ්ට කිසිවෙක් සම (යැයි උපකල්පනය) නොකරනු!   (අල් කුර්ආන් 2:22)     ‘මගේ සලාතය, මගේ නැමදුම්, මගේ ජීවිතය, හා මගේ මරණය ආදී සියල්ල විශ්වයේ අධිපති වූ අල්ලාහ්ට ම හිමි ය. උන්වහන්සේට සමාන (වෙන) කිසිවෙකු නැත. මා අණ කරනු ලැබී ඇත්තේ මෙලෙසයි. මුස්ලිම්වරු (අවනතවන්නන්ගෙන්) අතරින් මම පළමුවෙන්නා ය’ යි කියනු!   (අල් කුර්ආන් 6:162,163)     අහස් හා පොළොවෙහි ආධිපත්‍ය උන්වහන්සේට ම හිමි ය. උන්වහන්සේට දාවා පුතෙකු ඉපදුනේ නැත. ආධිපත්‍යයෙහි උන්වහන්සේට කොටස් කරුවෙකු නොමැත. සියලු දෑ මැවූයේ උන්වහන්සේ ය. එය උන්වහන්සේ නිසි ආකාරයට පිළියෙල කළ සේක.   (අල් කුර්ආන් 25:2‍)     අහස් හා පොළොවේ නිර්මාතෘවරයාණන් (උන්වහන්සේමය). ඔබලාට ඔබලාගෙන්ම (ස්වාමී පුරුෂයා හා භාර්යාව වශයෙන්) යුවල් ද, (සිවුපාවන්ට) සිවුපාවන්ගෙන් යුවල් ද (උන්වහන්සේ) ඇති කළ සේක. (මේ ආකාරයට) ඔබලාව එහි බෝ වී ව්‍යාප්ත වන්නට සැලැස් වූ සේක. උන්වහන්සේ මෙන් කිසි දෙයක් නොමැත. උන්වහන්සේ අසන්නා ය. බලන්නා ය.   (අල් කුර්ආන් 42:11)     අල්ලාහ්ට උදාහරණයන් නොදක්වනු. (සියල්ල) දන්නේ අල්ලාහ්ය. ඔබලා නොදන්නෙහුය.   (අල් කුර්ආන් 16:74)       සියලු බලතල උන්වහන්සේටම (පමනක්) හිමි ය!     දුකින් පසු මානසික තෘප්තිය ඇති කිරීම සඳහා උන්වහන්සේ මද නින්ද ලබා දුන් සේක. ඔබලාගෙන් පිරිසක් එයට යටත් විය. දුක තවත් පිරිසක් ග‍්‍රහනය කළේ ය. ඔවුහු අල්ලාහ් ගැන සත්‍යයට පටහැනි වූ අවිද්‍යාත්මක යුගයේ (ජාහිලීයා කාලයේ) අදහස් දැරූහ. “අප සිටිනුයේ සත්‍ය ධර්මයේ දැයි ඔවුහු ඇසූහ.”මෙම ධර්මය මුළුමනින්ම අල්ලාහ්ටම හිමි ය.” යැයි (මුහම්මද්) ඔබ පවසනු! ඔබ වෙත විවෘත ව ප‍්‍රකාශ නො කරන දෑ තම සිත්වල සඟවාගෙන සිටින්නෝ ය. “නිවැරදි ධර්මයේ අපි සිටියේ නම් මෙහි ඝාතනයට ලක් නොවන්නෙමු” යැයි පැවසූහ. “ඔබලාගේ නිවෙස්වල සිටියද ඔබ අතුරින් ඝාතනයට ලක්විය යුතු යැයි නියම කරන ලද්දෝ සිය ස්ථානය කරා යන්නට තිබුණි” අල්ලාහ් ඔබලාගේ සිත්වල ඇති දෑ පරීක්‍ෂණයට ලක් කරීම සඳහා ද ඔබලාගේ සිත්වල ඇති දෑ පිවිතුරු කිරීම සඳහා ද මෙසේ කළ සේක. “අල්ලාහ් ඔබලාගේ සිත්වල ඇති දෑ (හොඳින්) දන්නා” යයි පවසනු!   (අල් කුර්ආන් 3:154)     භීෂණය තුරන් වී ධර්මය සහමුලින්ම අල්ලාහ්ටම වන තුරු ඔවුන් සමග සටන් වදිනු! ඔවුහු වළකින්නේ නම් අල්ලාහ් ඔවුන් කරන දේ බලන්නා ය.   (අල් කුර්ආන් 8:39)     උන්වහන්සේමය සිය ගැත්තන් හට ආධිපත්‍ය යොදවන්නා. ඔබලා වෙනුවෙන් උන්වහන්සේ ආරක්‍ෂකයන් (වූ මලායිකාවරුන්)ව යවන සේක. එහෙයින් ඔබලා අතුරින් කෙනෙකුට මරණය ඇතිවන විට, අපගේ දූතයෝ (වූ මලායිකාවරු) ඔහුව අත්පත් කරන්නෝ ය. ඔවුහු(මලායිකාවරු) කිසිවිටකත් (සිය රාජකාරිය) පැහැර නොහරින්නෝය.   (අල් කුර්ආන් 6:61)     ඔබලා වෙනුවෙන් මා වෙත එවූ දෙය ඔබලාට බාර කළෙමි. ඔබලා ප‍්‍රතික්ෂේප කරන්නෙහු නම් ඔබලා හැර වෙනත් ප‍්‍රජාවක් ඔබලා වෙනුවට උන්වහන්සේ පත් කරනු ඇත. උන්වහන්සේට කිසිදු හානියක් කිරීමට ඔබලාට නොහැක. මාගේ දෙවි සියලු දේ අධීක්‍ෂණය කරන්නා ය(යැයි කීය).   (අල් කුර්ආන් 11:57)     කිසිවෙකුටත් නියමිත කාලයේ දී අල්ලාහ්ගේ කැමැත්තෙන් තොරව මරණයට පත්විය නොහැක.මෙලොවෙහිදී ප‍්‍රතිඵලය අපේක්‍ෂා කරන්නන් හට එය ලබා දෙන්නෙමු. පරලොවේදී ප‍්‍රතිපඵය අපේක්‍ෂා කරන්නන් හට එය ලබා දෙන්නෙමු. කෘතඥයින් හට (හොඳ) ප‍්‍රතිඵල ලබා දෙන්නෙමු.   (අල්කුර්ආන් 3:145)   (ලෝක විනාශය සිදුවන) එම හෝරාව පිළිබඳ ඥාණය අල්ලාහ් (පමනක්) සතුය. උන්වහන්සේ ය වැස්ස පහල කරන්නේ (වස්සවන්නේ). ගර්භාෂයන්හි ඇති දෑ උන්වහන්සේ (පමනක්) දන්නා සේක. තමා හෙට උපයන දෑ කිසිවෙකු නොදනී. තමා කොහි දී මරණයට පත් වන්නේ දැයි කිසිවෙකු නොදනී. අල්ලාහ් යහමින් දන්නාය, (සියල්ල පිළිබඳ) සුපරීක්‍ෂාකාරී ය.   (අල් කුර්ආන් 31:34)   දරු සම්පත ලබාදෙන්නා     අහස් හා පොළොවෙහි ආධිපත්‍ය අල්ලාහ්ටම හිමි ය. උන්වහන්සේ කැමැති දේ මවන සේක. උන්වහන්සේ කැමැති අය හට ගැහැනු දරුවන් ලබා දෙන සේක. උන්වහන්සේ කැමැති අය හට පිරිමි දරුවන් ලබා දෙන සේක. නැතහොත් පිරිමි හා ගැහැනු (දරුවන්) යන දෙක ම ලබා දෙන සේක. උන්වහන්සේ කැමැති අයව වඳ කරන සේක. උන්වහන්සේ (හොදින්) දන්නා ය, බලසම්පන්නයා ය.   (අල් කුර්ආන් 42:49,50)     قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا وَلَمْ أَكُن بِدُعَائِكَ رَبِّ شَقِيًّا :4* وَإِنِّي خِفْتُ الْمَوَالِيَ مِن وَرَائِي وَكَانَتِ امْرَأَتِي عَاقِرًا فَهَبْ لِي مِن لَّدُنكَ وَلِيًّا :5* سورة مريم     මාගේ දෙවියනී! මාගේ ඇටකටු දුර්වල වී ඇත. පැසුනු කෙස් ඔළුව පුරා විහි දී ඇත. මාගේ දෙවියනි! ඔබ වහන්සේගෙන් ප‍්‍රාර්ථනා කර මා අභාග්‍යවන්තයෙකු වී නොමැත. මගෙන් පසු නෑදෑයන් පිළිබඳ මා බියට පත් වෙමි. මාගේ සහාකාරිය ද වඳ ස්ත‍්‍රියකි. එබැවින් මා හට ඔබගෙන් උරුමක්කරුවෙකු ලබා දෙනු මැනව!   (අල් කුර්ආන් 19:4,5)     සම්පත් ලබා දෙන්නා     إِنَّ رَبَّكَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاء وَيَقْدِرُ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا :30* سورة الإسراء   ඔබගේ දෙවි උන්වහන්සේ කැමැති අය හට සීමා රහිතව සම්පත් ලබා දෙන සේක. සීමිතව ද ලබා දෙන සේක. උන්වහන්සේ තම ගැත්තන් ගැන යහමින් දන්නා ය, බලන්නා ය.   (අල් කුර්ආන් 17:30)     وَأَصْبَحَ الَّذِينَ تَمَنَّوْا مَكَانَهُ بِالْأَمْسِ يَقُولُونَ وَيْكَأَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاء مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَوْلَا أَن مَّنَّ اللَّهُ عَلَيْنَا لَخَسَفَ بِنَا وَيْكَأَنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ :82* سورة القصص     සිය ගැත්තන්ගෙන් තමා කැමැති අය හට අල්ලාහ් සීමා රහිතව සම්පත් ලබා දෙන සේක. සීමිතව ද ලබාදෙන සේක. ‘අල්ලාහ් අපහට කරුණාව නොදැක්වූයේ නම්, මහපොළොව අපව ගිලගන්නට සලස්වන්න තිබුණි. (ඒකක දෙවිව) ප‍්‍රතික්ෂේප කරන්නවුන් ජය නොලබන්නෝ ය’ යි පෙර දින ඔහුගේ තත්වයට ආශ කළවුන් එහි දී (අද දවසෙහි) ප‍්‍රකාශ කරන්නට වූහ.   (අල් කුර්ආන් 28:82)     වැස්ස ලබාදෙන්නා (වස්සවන්නා)     وَهُوَ الَّذِيَ أَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجْنَا بِهِ نَبَاتَ كُلِّ شَيْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُّخْرِجُ مِنْهُ حَبًّا مُّتَرَاكِبًا وَمِنَ النَّخْلِ مِن طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّاتٍ مِّنْ أَعْنَابٍ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَابِهٍ انظُرُواْ إِلِى ثَمَرِهِ إِذَا أَثْمَرَ وَيَنْعِهِ إِنَّ فِي ذَلِكُمْ لآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ :99* سورة الأنعام     උන්වහන්සේ අහසේ සිට ජලය (වැස්ස) පහළ කරන සේක. එ(ම වැස්ස) මගින් සියලු දෑ හි ඵලදාව මතු කරනන්නෙමු. එමගින් කොළ පැහැති අස්වැන්න මතු කරන්නෙමු. එම අස්වැනුවල එකක් මත එකක් සේ පිහිටි ධාන්‍ය මතු කරන්නෙමු. රට ඉඳි ගස් කොළොපුවල එල්ලෙන පළතුරු පොකුරු ද, මිදි වතු ද, ඔලිව් ගස් හා දෙළුම් යනාදිය ද ( මතු කරන්නෙමු.) ඒ දෙක (ස්වරූපයෙන්) එක සමාන ද (ගුණයෙන්) වෙනස් ද වෙයි. ඵලදාව දෙන විට ද, ඉදෙන විටද එහි පළතුරු දෙස අවධානය යොමු කරන්න. විශ්වාස කරන සමූහයට මෙහි බොහෝ සාධක ඇත.   (අල් කුර්ආන් 6:99)     هُوَ الَّذِي أَنزَلَ مِنَ السَّمَاء مَاء لَّكُم مِّنْهُ شَرَابٌ وَمِنْهُ شَجَرٌ فِيهِ تُسِيمُونَ :10* سورة النحل     අහසේ සිට ජලය පහළ කරන්නේ (වැසි වස්සවන්නේ) උන්වහන්සේ ය. එහි පානීය ජලය ද (ඇති අතර, ඔබලාගේ සිවුපාවුන්ට) තණ කැවීම සඳහා ගස් කොළන් ද (වැ) වෙයි.   (අල් කුර්ආන් 16:10)         أَمَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنزَلَ لَكُم مِّنَ السَّمَاء مَاء فَأَنبَتْنَا بِهِ حَدَائِقَ ذَاتَ بَهْجَةٍ مَّا كَانَ لَكُمْ أَن تُنبِتُوا شَجَرَهَا أَإِلَهٌ مَّعَ اللَّهِ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ :60* سورة النمل     (ඔබලා දෙවිට සමාන යැයි උපකල්පනය කරන දෑ උතුම් ද? එසේ නොහොත්) අහස් හා පොළොව මවා, අහසේ සිට ඔබලා හට ජලය (වැස්ස) පහළ කරන්නා ද(උතුම්)? එමඟින් සාරවත් වතු වැවෙන්නට සලස්වන්නෙමු. එහි ගසක් (පවා) වැවෙන්නට සලස්වන්න ඔබලාට නොහැක. අල්ලාහ් සමග තවත් දෙවියෙක් ද නැත. ඔවුන් (අල්ලාහ්ට වෙනත් අයව) සම කරන සමූහයක් ලෙස සිටින්නෝ ය.   (අල් කුර්ආන් 27:60)     وَلَئِن سَأَلْتَهُم مَّن نَّزَّلَ مِنَ السَّمَاء مَاء فَأَحْيَا بِهِ الْأَرْضَ مِن بَعْدِ مَوْتِهَا لَيَقُولُنَّ اللَّهُ قُلِ الْحَمْدُ لِلَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ :63* سورة العنكبوت     අහසේ සිට ජලය (වැස්ස) පහළ කර පොළොව මරණයට පත් (නිසරු) වූ පසු (යළිත්) පණගන්වන්නේ (සරු කරන්නේ) කවුරුන් ද? යි ඔවුන්ගෙන් ඔබ විමසුවහොත් ‘අල්ලාහ්’ යැයි පවසනු ඇත. ‘සියලු ප‍්‍රශංසා අල්ලාහ්ට යැයි පවසනු! එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් වටහා නොගනිති.   (අල් කුර්ආන් 29:63)     පාලනය ලබාදෙන්නා     قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَن تَشَاء وَتَنزِعُ الْمُلْكَ مِمَّن تَشَاء وَتُعِزُّ مَن تَشَاء وَتُذِلُّ مَن تَشَاء بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ :26* سورة آل عمران   අල්ලාහ්! පාලනයේ අධිපතියාණෙනී! ඔබ වහන්සේ කැමැති අයට පාලනය ලබාදෙන්නේ ය. ඔබ වහන්සේ කැමැති අයගෙන් පාලනය පැහැර ගන්නේ ය. ඔබ වහන්සේ කැමැති අයව ගෞරවයට පාත‍්‍ර කරන්නේ ය. ඔබ වහන්සේ කැමැති අයව නින්දාවට පමුණුවන්නේ ය. යහපත් (සියල්ල) ඔබ වහන්සේගේ අතෙහි ඇත්තේ ය. ඔබ වහන්සේ සියලු දේ කෙරෙහි බලසම්පන්නයා ය, යි පවසනු! (අල් කුර්ආන් 3:26)     රෝගයට සුවය ලබා දෙන්නා     وَإِن يَمْسَسْكَ اللّهُ بِضُرٍّ فَلاَ كَاشِفَ لَهُ إِلاَّ هُوَ وَإِن يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدُيرٌ :17* سورة الأنعام   අල්ලාහ් ඔබට අයහපතක් කළහොත්, එය තුරන් කරන්නට උන්වහන්සේට ම මිස වෙන කිසිවෙකුටත් නොහැක. උන්වහන්සේ ඔබට යහපතක් කළහොත්, උන්වහන්සේ සියලු දේ කෙරෙහි බලසම්පන්නයා ය.   (අල් කුර්ආන් 6:17)     وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ :80* سورة الشعراء   මම රෝගී වුවහොත්, උන්වහන්සේ මට සුවය දෙන සේක.   (අල් කුර්ආන් 26:80)   පාප ක්‍ෂමා කරන්නා     وَالَّذِينَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنْفُسَهُمْ ذَكَرُواْ اللّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُ وَلَمْ يُصِرُّواْ عَلَى مَا فَعَلُواْ وَهُمْ يَعْلَمُونَ :135* سورة آل عمران     ඔවුහු (කාමය වරදවා හැසිරීම වැනි) අශිෂ්ඨ ක‍්‍රියාවක් කළ විට හෝ තමන් හට ම අපරාධයක් කර ගත් විට අල්ලාහ්ව සිහි කර තම පාපවලට ක්‍ෂමාව පතන්නෝ ය. අල්ලාහ් හැර පාප ක්‍ෂමා කරනුයේ කවුරුන් ද? තමා කළ (පාප) කාර්යන්හි දැන ගෙන ම (නොකඩවා) නිරත නොවෙති.   (අල් කුර්ආන් 3:135)     قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنفُسِهِمْ لَا تَقْنَطُوا مِن رَّحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ :53* سورة الزمر     තමා හටම අයහපත සිදුකරගත් මාගේ ගැත්තනී! අල්ලාහ්ගේ කරුණාවෙහි බලාපොරොත්තු රහිත නොවනු! අල්ලාහ් සියලු පාපයන් ක්‍ෂමා කරන සේක. උන්වහන්සේ (පාප) ක්‍ෂමා කරන්නා ය. අසීමිත දයාන්විතයා ය.   (අල් කුර්ආන් 39:53)     භාරවීම     وَمَا أَنفَقْتُم مِّن نَّفَقَةٍ أَوْ نَذَرْتُم مِّن نَّذْرٍ فَإِنَّ اللّهَ يَعْلَمُهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ :270* سورة البقرة     ඔබලා (වියදමින්) යමක් (යහමාර්ගයේ) වියදම් කළ ද, භාරයක් වුව ද, අල්ලාහ් එය දන්නා සේක. අපරාධකරුවන්ට කිසිදු උදව්කරුවෙක් නොමැත.   (අල් කුර්ආන් 2:270)     إِذْ قَالَتِ امْرَأَةُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ :35* سورة آل عمران     ඕ! දෙවියෙනී! “මාගේ ගර්භයේ ඇති දේ (දරුවාව) ඔබ වහන්සේ (ගේ සේවය)ට කැප කිරීමට බාරයක් වෙම්. එබැවින් (මෙම භාරය) මගෙන් පිළි ගනු මැනව! ඔබ වහන්සේ (සියල්ල) අසන්නාය, (සියල්ල) දන්නාය” යි ඉම්රාන්ගේ භාර්යාව කියූ දේ සිහිපත් කර බලන්න!   (අල් කුර්ආන් 3:35)     فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنسِيًّا :26* سورة مريم     ඔබ අනුභව කර, පානය කර, සෑහීමට පත් වන්න! මිනිසුන්ගෙන් කිසිවෙක් ඔබ දුටු විට, ” මම අසීමිත දයාන්විතයා (වූ අල්ලාහ්) වෙනුවෙන් උපවාසයක් රැකීමට බාර වූයෙමි. එබැවින් අද දින කිසිදු මිනිසෙක් සමග කතා නොකරමි” යි කියනු!   (අල් කුර්ආන් 19:26)     ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ :29* سورة الحج     පසුව ඔවුහු තම අපවිත‍්‍රතාවයෙන් පිරිසිදු වෙත්වා! තම බාරයන් ඉටු කරත්වා! එම ඉපැරණි දෙවස්ථානය(කාබාව) තවාෆ් කරත්වා!   (අල් කුර්ආන් 22:29)   يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا :7* سورة الإنسان     ඔවුහු බාරය ඉටු කරන්නෝ ය. (පුළුල්ව) භීතිය පැතිරුනු දිනය ගැන බියට පත් වන්නෝ ය.   (අල් කුර්ආන් 76:7)   (සිවුපාවුන් කපා) බිලි දීම     إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالْدَّمَ وَلَحْمَ الْخَنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلاَ عَادٍ فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ :115* سورة النحل   මළ සතුන් රුධිරය සූකර මාංශ අල්ලාහ් හැර අන් අයට කපන ලද (සිවුපාවුන් ආදී) දේවල් අල්ලාහ් ඔබලාට තහනම් කර ඇති සේක. යමෙක් (සිතාමතාම දෙවිට) අකීකරු වීමේ හා (දේව නීතිය) උල්ලංඝණය කිරීම (වැනි අදහසකින් තොරව – කුසගින්න වැනි) බලපෑමකට යටත් වූයේ නම්, අල්ලාහ් ක්‍ෂමා කරන්නා ය, දයාන්විතයා ය.   (අල් කුර්ආන් 16:115)       إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ :1* فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ :2* إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ :3* سورة الكوثر   1. (ඕ! මුහම්මද්) අප ඔබ හට කවුසරය ප‍්‍රදානය කර ඇත්තෙමු.   2. එබැවින් ඔබගේ දෙවි වෙනුවෙන් සලාතය ඉටු කර, උන්වහන්සේ   වෙනුවෙන් (ම (සිවුපාවුන්) කපන්න.   3. ඔබගේ සතුරා පරම්පරා නොමැත්තා ය.   (අල් කුර්ආන් 108:1-3)     ප‍්‍රාර්ථනා     وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُواْ لِي وَلْيُؤْمِنُواْ بِي لَعَلَّهُمْ يَرْشُدُونَ :186* سورة البقرة   මාගේ ගැත්තන් මා ගැන ඔබගෙන් විමසුවහොත් “මා (ඔවුන්ට) සමීපයේ සිටිමි. ප‍්‍රාර්ථනා කරන්නා මාගෙන් ප‍්‍රාර්ථනා කරන් කළ ඔහුගේ ප‍්‍රාර්ථනාවට පිළිතුරු දෙමි. එබැවින් (ඔවුන්) මාගෙන්ම ප‍්‍රාර්ථනා කරත්වා! ඔවුහු යහමග යනු පිණිස මාවම විශ්වාස කරත්වා!” (යැයි කියනු!).   (අල් කුර්ආන් 2:186)   هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء :38* سورة آل عمران     එවිට ස‘කරීයා තම දෙවිව කැඳවා ”මාගේ දෙවියනී! ඔබවහන්සේගෙන් මාහට යහපත් දරුවෙකු ප‍්‍රදානය කරනු මැනව! ඔබවහන්සේ ප‍්‍රාර්ථනාවට සවන් දෙන්නාය” යි කීය.   (අල් කුර්ආන් 3:38)     قُلْ مَن يُنَجِّيكُم مِّن ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ تَدْعُونَهُ تَضَرُّعاً وَخُفْيَةً لَّئِنْ أَنجَانَا مِنْ هَـذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ :63* قُلِ اللّهُ يُنَجِّيكُم مِّنْهَا وَمِن كُلِّ كَرْبٍ ثُمَّ أَنتُمْ تُشْرِكُونَ :64* سورة الأنعام     මෙයින් (මෙම ආපදාවෙන්) උන්වහන්සේ අපව ආරක්ෂා කළ සේක් නම්, අපි කෘතඥ වෙමු” යැයි (ඔවුහු) යටහත් පහත්ව හා රහසිගතව උන්වහන්සේගෙන් ප‍්‍රාර්ථනා කරන විට “ගොඩබිමේ හා මුහුදේ අන්ධකාරයෙන් ඔබලාව ආරක්ෂා කරන්නේ කවුරුන් ද?” යි අසනු! මෙයින් ද, අන් සියලු ආපදාවන්ගෙන් ද ඔබලාව අරක්ෂා කරනුයේ අල්ලාහ් ය. පසුව ඔබලා (උන්වහන්සේට අන් අයව) ආදේශ කරන්නෙහු ය.   (අල් කුර්ආන් 6:63,64)     قُلْ أَمَرَ رَبِّي بِالْقِسْطِ وَأَقِيمُواْ وُجُوهَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ وَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ كَمَا بَدَأَكُمْ تَعُودُونَ :29* سورة الأعرافග     “මාගේ දෙවි යුක්තිය (ස්ථාපිත කිරීමට) අණ කර ඇති සේක”යැයි කියනු!. සලාත් කරන සියලු ස්ථානයන්හි ඔබලාගේ අවධානය ඒකාන්ත කරගන්න! නැමදුම උන්වහන්සේ හටම අවංක සිතින් ඉටු කර, උන්වහන්සේගෙන්ම ප‍්‍රාර්ථනා කරන්න! ඔබලා ව උන්වහන්සේ මුලින් ම මැවූ ආකාරයෙන් ම (උන්වහන්සේ දෙසට) හෙරෙන්නෙහුය.   (අල් කුර්ආන් 7:29)     يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُّسَمًّى ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ مَا يَمْلِكُونَ مِن قِطْمِيرٍ :13* سورة فاطر     උන්වහන්සේ රාත‍්‍රිය දවාලය තුලට ඇතුළු කරන සේක, දවාලය රාත‍්‍රිය තුලට ඇතුළු කරන සේක. ඉර ද සඳ ද සිය අණසට යටත් කර ගෙන සිටින සේක. (එ්වා) සියල්ල නියමිත කාලසීමාවක් දක්වා ගමන් කරති. උන්වහන්සේමය අල්ලාහ්: ඔබලාගේ දෙවි. ආධිපත්‍ය උන්වහන්සේටම හිමි ය. උන්වහන්සේ හැර ඔබලා විසින් කැඳවා ප‍්‍රාර්ථනා කරනු ලබන්නවුන් හට අබ ඇටයක තරම්වත් බලයක් නැත.   (අල් කුර්ආන් 35:13)     ගුප්ත ඥාණය ඇත්තේ දෙවිට පමණි     وَعِندَهُ مَفَاتِحُ الْغَيْبِ لاَ يَعْلَمُهَا إِلاَّ هُوَ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلاَّ يَعْلَمُهَا وَلاَ حَبَّةٍ فِي ظُلُمَاتِ الأَرْضِ وَلاَ رَطْبٍ وَلاَ يَابِسٍ إِلاَّ فِي كِتَابٍ مُّبِينٍ :59* سورة الأنعام   ගුප්ත දෑහි යතුරු උන්වහන්සේ ළගම ඇත්තේ ය. උන්වහන්සේ හැර වෙන කිසිවෙකු එය නොදනී. උන්වහන්සේ ගොඩබිමේ ද මුහුදේ ද ඇති දෑ (හොදින්ම) දන්නා සේක. උන්වහන්සේ නොදැන (ගසකින්) කොළයක් හෝ නොසැලෙයි. ගොඩබිමේ අන්ධකාරයෙහි ඇති බීජය ද,(එය) තෙත් වුව ද, වියලි වුව ද, පැහැදිලි ලේඛනයෙහි (සටහන් වී) නැත්තා නොවේ.   (අල් කුර්ආන් 6:59)     قُل لَّا يَعْلَمُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ :65* سورة النمل     “අල්ලාහ් හැර අහසේ හා පොලොවේ සිටින කිසිවෙකු ගප්ත දේවල් ගැන නොදනී. තමා (නැවත පණ දී) නැගිටුවනු ලබන්නේ කවදා දැයි ඔවුහු නොදන්නෝ ය” යි කියනු!   (අල් කුර්ආන් 27:65)     إِنَّ اللَّهَ عِندَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ :34* سورة لقمان     (ලෝක විනාශය සිදු වන) එම හෝරාව පිළිබඳ ඥාණය අල්ලාහ් (පමණක්) සතු ය. උන්වහන්සේය වැස්ස පහළ කරන්නේ (වස්සවන්නේ). ගර්භාෂයන්හි ඇති දෑ උන්වහන්සේ (පමණක්) දන්නා සේක. තමා හෙට උපයන දෑ කිසිවෙකු නොදනී. තමා කොහිදී මරණයට පත් වන්නේ දැයි කිසිවෙකු නොදනී. අල්ලාහ් යහමින් දන්නා ය, (සියල්ල පිළිබඳ) සුපරීක්‍ෂාකාරී ය.   (අල් කුර්ආන් 31:34) 111111111111111111111111111111111111111111 මලාඉකාවරුන් හෙවත් දේව දූතයන් විශ්වාස කිරීම   මලායිකාවරු දෙවිගේ ශ්‍රේෂ්ඨ ගැත්තෝ ය. ඔවුහු දෙවිට පමණක් නැමදුම් කර උන්වහන්සේට ම අවනත වෙති.   وَلَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَنْ عِندَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَ :19* يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَ :20* سورة الأنبياء   අහස් හා පොළොවෙහි සිටින සියලු දෙනා උන්වහන්සේට ම හිමි ය. උන්වහන්සේ සමඟ සිටින්නෝ (මලායිකාවරු) උන්වහන්සේ ව නැමදීමට ආඩම්බර නොවෙති. තවද ඔවුහු වෙහෙසට පත් නොවෙති. රාත‍්‍රියේ ද දවාලයේ ද (උන්වහන්සේව) සුවිශුද්ධ (තස්බීහ්) කරති. ඔවුහු ව්ඩාවට පත් නො වෙති.   (අල් කුර්ආන් 21:19,20)     لَا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ :6* سورة التحريم   උන්වහන්සේ ඔවුනට දුන් අණ කඩ නොකරන්නෝ ය. (ඔවුන් හට) අණ කරනු ලබන දේ කරන්නෝ ය.   (අල් කුර්ආන් 66:6)     මලායිකාවරුන්ට දේව ගති ගුණාංග නොමැති අතර මිනිස් ගුණාංග ද නොමැත. ඔවුහු දෙවිගේ පුතුන් ද නොවෙති.       මලායිකාවරුගේ රුව     මලායිකාවරුන්ව මවා ඇත්තේ ආලෝකයෙනි. ජින්වරුන්ව මවා ඇත්තේ අග්නියෙනි. ආදම් (අලෛ) තුමාණන්ව ‘ඔබට විග‍්‍රහ කරන ලද පසින් මවන ලදි’ යැයි නබි (සල්) තුමාණෝ වදාළහ.   දැනුම් දෙන්නා : ආයිෂා (රලි)   ග‍්‍රන්ථය : මුස්ලිම් (5314)     الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَّثْنَى وَثُلَاثَ وَرُبَاعَ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاء إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ :1* سورة فاطر     අහස් හා පොළොවේ නිර්මාතෘවරයාණන් වන අල්ලාහ්ටමය සියලු ප‍්‍රසංශා. (උන්වහන්සේ) මලායිකාවරුන්ව අත්තටු දෙක,තුන,හා හතරක් සහිත දූතයින් කළේ ය. උන්වහන්සේ කැමැති දෙය (සිය) මැවීමෙහි වැඩි කරන සේක. අල්ලාහ් සියලු දේ කෙරෙහි බලසම්පන්නයා ය.   (අල් කුර්ආන් 35:1)     නබි (සල්) තුමාණෝ ජිබිරීල් (අලෛ)‍‍ තුමාණන්ව අත්තටු 600ක් සහිතව දුටූහ.   දැන්ම් දෙන්නා : අබ්දුල්ලා බින් මස්ඌද් (රලි)   ග‍්‍රන්ථය : බුහාරි   ඇතැම් අවස්ථාවල මලායිකාවරු දෙවිගේ අණ පරිදි මිනිස් වෙසින් ද පැමිණෙති.     සංඛ්‍යාව   මලායිකාවරුන්ගේ සංඛ්‍යාව අල්ලාහටම හැර වෙන කිසිවෙකුටත් නිවැරදි ව ප‍්‍රකාශ කළ නොහැක.     නබි(සල්) තුමාණෝ එතුමන්ගේ මිහ්රාජ් (පරළොව) ගමනේ දී සත් වන අහසට ගියහ. එහි සිදුවීමක් ගැන කියන විට   ”මා හට බෛතුල් ම:මූරය පෙන්වන ලදී. ඒ ගැන මම ජ්බ්රීල්ගෙන් විමසුවෙමි. එතුමාණෝ (ජිබ්රීල්) මෙය බයිතුල් ම:මූරයයි. දිනපතා මලායිකාවරු හැත්තේ දහසක් මෙහි සලාතය ඉටුකරති. ඔවුහු එයින් පිට වූ පසු ඔවුන්ගෙන් කිසිවෙක් එයට යළිත් ඇතුලු වන්නේ නැත.” යැයි පැවසූහ.   ග‍්‍රන්ථය : බුහාරී (3207)     කුර්ආනයේ හා හදීස්වල නම් සඳහන් මලායිකාවරු   1) ජිබ්රීල් (අලෛ)   : (අල් කුර්ආන් 2:28)   2) මීකායීල් (අලෛ) : (අල් කුර්ආන් 2:98)   3) ඉසිරාෆීල් (අලෛ) : (මුස්ලිම්   1289)   4) මාලික් (අලෛ)   : (අල්කුර්ආන් 43:7)     වහී රැගෙන පැමිණීම     يُنَزِّلُ الْمَلآئِكَةَ بِالْرُّوحِ مِنْ أَمْرِهِ عَلَى مَن يَشَاء مِنْ عِبَادِهِ أَنْ أَنذِرُواْ أَنَّهُ لاَ إِلَـهَ إِلاَّ أَنَاْ فَاتَّقُونِ :2* سورة النحل     ‘මා හැර වෙනත් දෙවි කෙනෙක් නැත, එබැවින් මටම බිය වන්න’ යි අවවාද කිරීමට උන්වහන්සේ, උන්වහන්සේගේ ගැත්තන්ගෙන් තමා කැමති අය හට මලායිකාවරුන්ව වහී සමග යවන සේක.   (අල් කුර්ආන් 16:2)     පව් සහ කුසල් සටහන් කිරීම     وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ :10* كِرَامًا كَاتِبِينَ :11* يَعْلَمُونَ مَا تَفْعَلُونَ :12* سورة الإنفطار     ඔබලා කෙරෙහි කීර්තිමත් ලේඛකයින් වූ අධීක්‍ෂකයින් (පත් කර ලැබ) සිටින්නෝ ය. ඔබලා කරන දෑ (සියල්ල) ඔවුහු දනිති.   (අල් කුර්ආන් 82:10,11,12)     إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ :17* مَا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ :18* سورة ق     වම් පසහි හා දකුණු පසහි සටහන් කර ගන්නන් දෙදෙනෙක් සටහන් කරගන්නා විට, ඔවුහු කුමන වදන් ප‍්‍රකාශ කළත්, ඔහු කෙරෙහි අධීක්ෂණය කර සටහන් කරන්නෙකු නැත්තා නොවේ.   (අල් කුර්ආන් 50:17,18)   ප‍්‍රාණය අත්පත් කිරීම     قُلْ يَتَوَفَّاكُم مَّلَكُ الْمَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَى رَبِّكُمْ تُرْجَعُونَ :11* سورة السجدة     “ඔබලා වෙනුවෙන් පත් කරන ලද මරණය සඳහා වූ සුර දූතයා (මලක්) ඔබලාව අත්පත් කරනු ඇත. පසුව ඔබලාගේ දෙවි වෙත ආපසු ඔබලාව ගෙන යනු ලැබේ” යැයි පවසනු!   (අල්කුර්ආන් 32:11)     ආරක්‍ෂාව     لَهُ مُعَقِّبَاتٌ مِّن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ يَحْفَظُونَهُ مِنْ أَمْرِ اللّهِ ගගගගගගග :11* سورة الرعد     අල්ලාහ්ගේ අණ පරිදි ඔහු(මිනිසා)ට ඉදිරියෙන් හා පිටුපසින් (ඔහුව) ආරක්‍ෂා කරමින් ගමන් කරන්නන් (වු මලායිකාවරු) ඔහුට සිටිති.   (අල්කුර්ආන් 13:11)     අර්ෂය උසුලන්නන්     وَالْمَلَكُ عَلَى أَرْجَائِهَا وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ :17* سورة الحاقة     එදින (මුහම්මද්) ඔබගේ දෙවිගේ අර්ෂය (මලායිකාවරු) අටදෙනෙක් ඔවුන්ට ඉහළින් ඔසවාගෙන සිටින්නෝ ය.   (අල්කුර්ආන් 69:17)     නිරයේ මුරකරුවෝ     عَلَيْهَا تِسْعَةَ عَشَرَ :30* وَمَا جَعَلْنَا أَصْحَابَ النَّارِ إِلَّا مَلَائِكَةً وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا :31* سورة المدثر   එය (නිරය) කෙරෙහි (මලායිකාවරු) දහනව දෙනෙක් (පත්කර ලැබ) සිටිති. නිරයේ මුරකරුවන් ලෙස අපි මලායිකාවරුන්ව මිස පත් නොකළෙමු. ඔවුන්ගේ සංඛ්‍යාව (අපව) ප‍්‍රතික්ෂේප කරන්නන් හට පරීක්‍ෂණයක් බවට මිස පත් නොකළෙමු.   (අල් කුර්ආන් 74:30,31)     ගර්භාෂයේ දී දෛවය සටහන් කිරීම     මවගේ ගර්භාෂයේ දරු ගැබට සතර මසක් සපිරුණු කල්හි අල්ලාහ් මලක්වරයෙකු ව යවන සේක. ඔහුගේ ජීවිතය පිළිබඳ තොරතුරු, ජීවිත කාලය, ක‍්‍රියාවන්, ඔහු (අවසන් මොහොතෙහි) භාග්‍ය වන්තයෙක් ද නැත්නම් අභාග්‍ය වන්තයෙක් ද යන වග (අල්ලාහ්ගේ අණ පරිඳි) සටහන් කරන්නේ ය.   ග‍්‍රන්ථය : බුහාරී  (7454)     කබ්ර්(මිනී වළෙ)හි ප‍්‍රශ්න කිරීම   කබ්ර්හි මරණය තැන්පත් කළ පසු මලායිකාවරු දෙදෙනෙක් ඔහු(මරණය) වෙත පැමිණ අල්ලාහ් ගැනද, ඉස්ලම් ගැන ද, නබි කවුද? කියා ද ප‍්‍රශ්න අසන්නෝ ය.   ග‍්‍රන්ථය : තිර්මිදී (991) 222222222222222222222222222222222222222222 පුස්තකය හෙවත් අල්කුර්ආනය විශ්වාස කිරීම   මිනිස් වර්ගයා මෙලොවේදී යහමඟ ගමන් කිරීම සඳහා ද පරලොවේදී ජය ලැබීම සඳහා ද අල්ලාහ් විසින් දේව වක්තෘ(නබි)වරුන් හට පුස්කතයන් ප‍්‍රදානය කරන ලදී.   නබි මුහම්මද් (සල්) තුමාණන් හට ශුද්ධ වූ අල් කුර්ආනය ප‍්‍රදානය කළ ආකාරයටම එතුමාණන්ට පෙර ජීවත් වූ දේව වක්තෘවරුන් හට ද ඔවුනොවුන්ගේ භාෂාවලින්ම පුස්තකයන් ප‍්‍රදානය කරන ලදී.     وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلاَّ بِلِسَانِ قَوْمِهِ لِيُبَيِّنَ لَهُمْ فَيُضِلُّ اللّهُ مَن يَشَاء وَيَهْدِي مَن يَشَاء وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ :4* سورة إبراهيم     කිසිදු දේව වක්තෘවරයෙක්ව ඔහු ඔවුන්(ජනතාව)ට පැහැදිලි කිරීම පිණිස   ඔහු කතා කරන භාෂාවෙන් මිස අපි නොඑව්වෙමු. අල්ලාහ් තමා කැමැති අයව මග වරද්දන සේක. තමා කැමැති අයව යහමඟෙහි යවන සේක. උන්වහන්සේ අති බලවතා ය. ඥාණවන්තයා ය.   (අල් කුර්ආන් 14:4)   ශුද්ධ වූ කුර්ආනයේ නම් සඳහන් පුස්තකයන්     ශුද්ධ වූ කුර්ආනයේ පුස්තකයන් හතරක නම් සඳහන් වෙයි. ඒවා පහත පරිදි ය.     1) සබූර් : දාවූද් (අලෛ) තුමාණන් හට අනාවරණය කරන ලදී. (4:163)     2). තව්රාත් : මූසා (අලෛ) තුමාණන් හට අනාවරණය කරන ලදී. (ග‍්‍රන්ථය: බුහාරී 4116, 4367)   3) ඉන්ජීල් : ඊසා (අලෛ) තුමාණන් හට අනාවරණය කරන ලදී. (5:46)     4) ශුද්ධ වූ කුර්ආනය : මුහම්මද් (සල්) තුමාණන් හට අනාවරණය කරන ලදී.     අල්ලාහ් සියලු දේව වක්තෘවරුන් හට පුස්තකයන් අනාවරණය කළ සේක. නමුත් ඒවායේ නම් කුර්ආනයේ සඳහන් වී නැත.   كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِ ගගගගගගගගගග:2* سورة البقرة     (මුල දී) මිනිස්සු (දෙවිගේ එකම ධර්මයක් පිළිගත්) සමූහයක් වශයෙන් සිටියහ. (පසුව ඔවුන් මතභේද වූ හෙයින්) එවිට අල්ලාහ් ශුභාරංචි දෙන්නන් ලෙස ද, අවවාද කරන්නන් ලෙස ද, නබි (දේව වක්තෘ) වරුන් ව එවූ සේක. (තවද) ඔවුහු මතභේද වූ ද)යහි මිනිසුන් අතර විනිශ්චය කිරීම පිණිස ඔවුන් සමග සත්‍ය පුස්තකය ද පහළ කළ සේක.   (අල් කුර්ආන් 2:213)     කිතාබ් හා සුහුෆ් අතර වෙනස   මහා පරිමාණයෙන් අනාවරණය කරනු ලබන කිතාබ් නැමැති පුස්තකය ද සුළු පරිමාණයෙන් අනාවරණය කරනු ලබන සුහුෆ් නමැති කුඩා පුස්තකය ද ලෙස ඇතැම් අය දේව පුස්තකය වර්ග දෙකකට වර්ගීකරණය කරති.   නමුත් මෙසේ වර්ගීකරණය කිරීමට ශුද්ධ කුර්ආනයේ හෝ නබි තුමාණන්ගේ සහීහ්(නිවැරදී) වූ රුවන් වැකි වල හෝ කිසිදු සාක්‍ෂියක් නැත.   නබි(සල්) තුමාණන්ට කිතාබ් නමැති පුස්තකය පමණක් අනාවරණය කරන ලද බවත්, සුහුෆ් නැමැති කුඩා පුස්තකය අනාවරණය නොවූ බවත් මොවුහු පවසති.     رَسُولٌ مِّنَ اللَّهِ يَتْلُو صُحُفًا مُّطَهَّرَةً :2* سورة البينة   මොහු අල්ලාහ්ගේ වක්තෘවරයා වේ. පිවිතුරු සුහුෆ(පුස්තක)යන් පාරායනය කරන්නේ ය.   (අල් කුර්ආන් 98:2)   මෙම වාක්‍යයෙහි නබි (සල්) තුමාණන් සුහුෆය පාරායනය කර පෙන්වන බව සඳහන් වේ.   අල්ලාහ් විසින් සුහුෆ් යන්නත් කිතාබ් යන්නත් යොදවා ඇත්තේ එකම අර්ථයෙන් බව මෙයින් පැහැදිලි වේ.     වෙනස් වීම් වලට ලක් වූ පුස්තකයන්     මුහම්මද් (සල්) තුමාණන්ට පෙර අනාවරණය වු පුස්තකයන් විශ්වාස කිරීම යන්නෙන් අදහස් කරනුයේ ඒවා පිළිපැඳිය යුතු බව නොවේ. ‘පුස්තකය අනාවරණය කරන ලද්දේ මුහම්මද් (සල්) තුමාණන් හට පමණි. වෙන කිසිඳු වක්තෘවරයෙකු හට පුස්තක අනාවරණය වූයේ නැත’ යි නොසිතා ‘සියලු දේව වක්තෘවරුන් හට පුස්තක අනාවරණය කරන ලද්දේ ය’ යන ඉස්ලාම් දහමේ ප‍්‍රධාන මූලධර්මය විශ්වාස කළ යුතු ය යන්න මෙහි අදහසයි.   මුහම්මද් (සල්) තුමාණන්ට පෙර අනාවරණය කරන ලද පුස්තක විශ්වාස කිරීමට අණ කරන අල් කුර්ආනය එම පුස්තකවලට මිනිස් අදහස් එකතු වී ඇති බවත් විකෘති වී ඇති බවත්, එහි තිබූ සත්‍ය කරුණු සඟවන ලද බවත්, සංශෝධනයට ලක් වී ඇති බවත් බොහෝ තැන්වල සඳහන් කර ඇත.     أَفَتَطْمَعُونَ أَن يُؤْمِنُواْ لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ يَسْمَعُونَ كَلاَمَ اللّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِن بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ :75* سورة البقرة   (විශ්වාසවන්තයිනී) අල්ලාහ්ගේ වදන්වලට සවන් දී ඒවා මැනවින් අවබෝධ කර ගෙන අනතුරුව දැනුවත්ව ම එය විකෘති කරන පිරිසක් ඔවුන් අතරෙහි සිටිය දී (ඔවුන්) නුඹලා (ගේ ධර්ම දේශනාවලට සවන් දී) විශ්වාස කරතැයි (නුඹලා) ආශා කරන්නෙහු ද?   (අල් කුර්ආන් 2:75)   وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْوُونَ أَلْسِنَتَهُم بِالْكِتَابِ لِتَحْسَبُوهُ مِنَ الْكِتَابِ وَمَا هُوَ مِنَ الْكِتَابِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ اللّهِ وَمَا هُوَ مِنْ عِندِ اللّهِ وَيَقُولُونَ عَلَى اللّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ :78* سورة آل عمران     පුස්තකයෙහි නොමැති දෙය පුස්තකය යැයි ඔබලා සිතනු පිණිස පුස්තකය කියවනවා සේ තම දිව හරවන පිරිසක් ඔවුන් අතර වෙති. මෙය අල්ලාහ්ගෙන් ලැබූ දෙය යැයි ද ඔවුහු පවසති. එය අල්ලාහ්ගෙන් ලැබූ දෙයක් නොවේ. ඔවුහු දැනගෙන ම අල්ලාහ්ගේ නාමයෙන් බොරු කියති.   (අල් කුර්ආන් 3:78)     අවසාන පුස්තකය   අල්කුර්ආනය හැර විකෘති වීම් වලට ලක් නොවූ පුස්තකයක් මෙලොවෙහි නොමැත. මෙම පුස්තකය අල්ලාහ් විසින් ආරක්ෂා කර ඇත. කියාමත් දිනය දක්වා ම පිළිපැදිය යුත්තේ මෙම පුස්තකය (අල්කුර්ආනය) පමණි.   إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ :9* سورة الحجر   මෙම උපදේශය (වූ කුර්ආනය) අනාවරණය කළේ අප ම ය. අපිම මෙය ආරක්‍ෂා කරමු.   (අල් කුර්ආනය 15:9)   وَأُوحِيَ إِلَيَّ هَذَا الْقُرْآنُ لأُنذِرَكُم بِهِ وَمَن بَلَغَ:19*   මෙමගින් ඔබලාටත්, කා වෙත මෙය පැමිණියේ ද ඒ අයටත්, මම අවවාද කිරීම සඳහා මෙම කුර්ආනය මා වෙත (වහී මඟින්) දැනුම් දී ඇත.   (අල් කුර්ආන් 6:19) 3333333333333333333333333333333333333333333 නබිවරුන් හෙවත් වක්තෘවරුන් විශ්වාස කිරීම   දෙවිගෙන් ලැබුණු පණිවිඩය ජනතාව වෙත දැනුම් දී ඔවුන්ට අවවාද කිරීම සඳහා මිනිස් වර්ගයාගෙන් ම තෝරා පත් කර යවන ලද අය දේව වක්තෘවරුන් වෙති.     සියලු මිනිස් සමාජවලට දේව වක්තෘවරු   وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولاً أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُواْ الطَّاغُوتَ فَمِنْهُم مَّنْ هَدَى اللّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ الضَّلالَةُ فَسِيرُواْ فِي الأَرْضِ فَانظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ :36* سورة النحل   “අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු! අයහපත් බලවේග (වන ව්‍යාජ දෙවිවරුන් නැමදීම්) වලින් වළකිනු, යැයි (අවවාද කිරීම සඳහා) සියලු මිනිස් සමූහයන් හට දූතයෙක් ව (වක්තෘවරයෙක්ව) අපි යවා ඇත්තෙමු.   (අල් කුර්ආන් 16:36)     දේව වක්තෘවරුන්ගේ සංඛ්‍යාව   දේවවක්තෘවරුන්ගේ මුලු ගණන ගැන සඳහන් වන කිසිඳු නිවැරදි (සහීහ් වූ) හදීසයක් නොමැත.     අල්ලාහ් පවසන සේක.   وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِّن قَبْلِكَ مِنْهُم مَّن قَصَصْنَا عَلَيْكَ وَمِنْهُم مَّن لَّمْ نَقْصُصْ عَلَيْكَගගගගග :78* سورة غافر   ඔබට පෙර බොහෝ දූතයින්ව(වක්තෘවරුන්ව) අපි යවා ඇත්තෙමු. ඔවුන්ගෙන් ඇතැමුන් ගැන ඔබට පවසා ඇත්තෙමු. ඔවුන්ගෙන් ඇතැමුන් ගැන ඔබට පවසා නැත.   (අල් කුර්ආන් 40:48)     කුර්ආනයේ නම් සඳහන් නබිවරු   ශුද්ධ වූ කුර්ආනයේ දේව වක්තෘවරු විසි පස් දෙනෙකුගේ නම් සඳහන් වෙයි.   හය වන පරිච්චේදයේ 83 සිට 86 දක්වා වූ වාක්‍ය වල නබිවරු 18 දෙනෙකුගේ නම් සඳහන් වෙයි.     01)   ආදම්     (අලෛ)         (අල්කුර්ආන් 3:33)   02)   නූහ්        (අලෛ)   03)   ඉබ්රාහීම් (අලෛ)   04)   ඉස්හාක්   (අලෛ)   05)   යාකූබ්     (අලෛ)   06)   දාවූද්       (අලෛ)   07)   සුලෛමාන් (අලෛ)‍   08)   අයියූබ්     (අලෛ)   09)   යූසුෆ්     (අලෛ)   10)   මූසා       (අලෛ)   11)   හාරූන්     (අලෛ)   12)   ස‘කරීයා   (අලෛ)   13)   යහ්යා     (අලෛ)   14)   ඊසා       (අලෛ)   15)   ඉල්යාස්   (අලෛ)   16)   ඉස්මාඊල්   (අලෛ)   17)   අල්යසඋ   (අලෛ)   18)   යූනුස්     (අලෛ)   19)   ලූත්       (අලෛ)   20)   ඉද්රීස්     (අලෛ)   (අල් කුර්ආන් 19:50)   21)   හූද්       (අලෛ)   (අල් කුර්ආන් 26:124)   22)   සාලිහ්     (අලෛ)   (අල් කුර්ආන් 26:143)   23)   ෂුඅයිබ්     (අලෛ)   (අල් කුර්ආන් 26:178)   24)   සු‘ල්කිෆ්ල් (අලෛ)   (අල් කුර්ආන් 38:48)   25)   මුහම්මද්   (සල්)     (අල් කුර්ආන් 33:40)       ප‍්‍රථම නබි   ආදම් (අලෛ) තුමා ලෝකයේ ප‍්‍රථම මිනිසා හා නබි වරයා වෙයි. නමුත් ලෝ වැසියන් සියලු දෙනා වෙනුවෙන් පොදුවේ යවනු ලැබූ ප‍්‍රථම නබි වරයා වන්නේ නූහ් (අලෛ) තුමාණන් ය.   ෂෆාඅත් පිළිබඳ හදීසයෙහි… පරලොවේදී මිනිස්සු නූහ් (අලෛ) තුමා වෙත පැමිණ ලෝ වැසියන් හට එවනු ලැබූ දේව වක්තෘවරුන් අතරින් පළමුවැන්නා ඔබ තුමා යැයි පවසනු ඇත.   දැන්ම් දෙන්නා : අබූ හුුරෛරා (රලි)   ග‍්‍රන්ථය       : බුහාරී (3340)       අවසාන වක්තෘවරයා     දේව වක්තෘවරුන් අතරින් අවසාන වක්තෘවරයා වන්නේ නබි මුහම්මද් (සල්) තුමාණන් ය. අවසාන දිනය දක්වා ම මේ මිහිතලය මත ජීවත් වන සියලු දෙනා හට අවසාන නබි වරයා වන්නේ මෙතුමා පමණි. මෙතුමාණන්ට පසුව කිසිදු දේව වක්තෘවරයෙක් පැමිණෙන්නේ නැත. වක්තෘත්වය (හෙවත් නබිත්වය) මෙතුමාණන් සමඟ පරිපූර්ණ විය.     مَّا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا :40* سورة الأحزاب   මුහම්මද් ඔබලාගෙන් කිසිදු පුරුෂයෙකුට පියා වූයේ නැත. නමුත් අල්ලාහ්ගේ වක්තෘවරයා ද නබිවරුන්ගෙන් මුද්‍රාව (අවසානයා) ද වන්නේ ය.   (අල් කුර්ආන් 33:40)     وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِّلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ :28* سورة سبأ   (මුහම්මද්!) මුළු මිනිස් සංහතිය සඳහා ම ශුභාරංචි පවසන්නෙකු වශයෙන් ද අවවාද කරන්නෙකු වශයෙන් ද මිස අපි ඔබව නො යැව්වෙමු.   (අල් කුර්ආන් 34:28)     وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ :107* سورة الأنبياء     (මුහමුමද්!) ඔබව සකල ලෝ වාසීන් හට දායාදයක් ලෙස මිස නො යැව්වෙමු.   (අල් කුර්ආන් 21:107)     وَآخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا بِهِمْ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ :3* سورة الجمعة   ඔවුන් අතුරින් අනික් අය සඳහා ද (මුහම්මද් (සල්) තුමාණන්ව වක්තෘවරයා වශයෙන් යවන ලදී) මොවුන් තවම ඔවුන් හා එකතු වූයේ නැත.   (අල් කුර්ආන් 62:3)     وَأُوحِيَ إِلَيَّ هَذَا الْقُرْآنُ لأُنذِرَكُم بِهِ وَمَن بَلَغَගගගග :19* سورة الأنعام   මෙමඟින් ඔබලාටත් කා වෙත මෙය පැමිණියේ ද, ඒ අයටත් මම අවවාද කිරීම සඳහා මෙම කුර්ආනය මා වෙත (වහී මගින්) දැනුම් දී ඇත.   (අල් කුර්ආන් 6:19)       ව්‍යාජ නබිවරු     නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ : මාගේ සමාජයෙහි බොරුකාරයින් 30 දෙනෙකු බිහි වනු ඇත. ඔවුන් සියලු දෙනා ම තම තමන්ව නබිවරයා යැයි තර්ක කරනු ඇත. නබිවරුන්ගේ මුද්‍රාව මම යි. මගෙන් පසු කිසිඳු නබිවරයෙක් නොමැත.   දැනුම් දෙන්නා : සෆ්වාන් (රලි) ග‍්‍රන්ථය : තිර්මිදී (2145)     රසූල් හා නබි පිළිබඳ විග‍්‍රහය     කුර්ආනයේ නබි යැයි සඳහන් කරනු ලබන අය ද, රසූල් යැයි සඳහන් කරනු ලබන අය ද, දෙපිරිසක් බවට ඇතැමුන් අදහස් කරති. ඒ පිළිබඳ විමසා බලමු.   නබි යන වචනයේ අර්ථය දැනුම් දෙන්නා යන්නයි. දෙවිගෙන් ලබා ගන්නා පණිවිඩය ජනතාවට දැනුම් දෙන්නා යන අර්ථයෙන් මෙය ඉස්ලාමීය ව්‍යවහාරයේ භාවිතා වේ.   රසූල් නැමැති වචනය ද ශුද්ධ වූ කුර්ආනයේ භාවිතා වී ඇත. දූතයා (වක්තෘවරයා) යන්න මෙහි අර්ථය යි. ඉස්ලාමීය ව්‍යවහාරයේ දූතයා(වක්තෘවරයා) යනු දෙවිගේ පණිවිඩය ජනතාව වෙත ගෙන එන්නා ය.   මෙම වචන දෙක අතර විශාල වෙනසක් ඇතැයි ඇතැම්හු කල්පනා කරති.     රසූල් යනු (අල්ලාහ් විසින්) පුස්තකය අනාවරණය කරනු ලැබූ පුද්ගලයා බවත් නබි යනු එම පුස්තකයට අනුව ප‍්‍රචාරක කටයුතු වල නියැලෙන්නා බවත් සමහරු පවසති. ඔවුන්ගේ මෙම අදහස වැරදි ය. පහත සඳහන් කුර්ආන් වාක්‍යයෙන් දැනගත හැක්කේ (අල්ලාහ් විසින්) නබිටත් පුස්තක අනාවරණය කරනු ලැබ ඇති බවයි.     كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِ وَمَا اخْتَلَفَ فِيهِ إِلاَّ الَّذِينَ أُوتُوهُ مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ فَهَدَى اللّهُ الَّذِينَ آمَنُواْ لِمَا اخْتَلَفُواْ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ وَاللّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ :213* سورة البقرة     (මුලදී) මිනිස්සු (දෙවිගේ එකම ධර්මයක් පිළි ගත්) එකම සමූහයක් වශයෙන් සිටියහ. (පසුව ඔවුන් මතභේද වූ හෙයින්) එවිට අල්ලාහ් ශුභාරංචි දෙන්නන් ලෙස ද, අවවාද කරන්නන් ලෙස ද, නබි(දේව වක්තෘ)වරුන් ව එවූ සේක. (තවද) ඔවුහු මතභේද වූ දෙයෙහි මිනිසුන් අතර විනිශ්චය කිරීම පිණිස ඔවුන් සමග සත්‍ය පුස්තකය ද පහළ කළ සේක. ඔවුන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුත්, එහි මතභේද වූයේ පුස්තක ප‍්‍රදානය කරන ලද අයයි. ඔවුන්ගේ ඊර්ෂ්‍යාවමය, (එයට) හේතු විය. ඔවුන් මතභේද වූ දෙයෙහි සත්‍ය කුමක් ද යන්න අල්ලාහ් සිය කැමැත්ත පරිඳි විශ්වාසවන්තයින් හට මග පෙන් වූ සේක. අල්ලාහ් කැමැති අය ව සෘජු මාර්ගයෙහි යොමු කරන සේක.   (අල් කුර්ආන් 2:213)   තවද 2:136, 3:79, 3:81, 19:30, 27:112.117, 29:27, 5:16, 7:26, යන වාක්‍යවලත් නබිවරුන් හට ද පුස්තක අනාවරණය වූ බව සඳහන් වේ.   තවත් සමහරු නබි යනු තනි පුස්තකය ගෙන ආ පුද්ගලයා යැයි ද රසූල් යනු එම මාර්ගය අනුගමනය කරන්නා යැයි ද පවසති. මෙම මතය ද වැරදි ය. රසූල්වරයාට ද තනි පුස්තකය අනාවරණය වූ බව පහත සඳහන් කුර්ආන් වාක්‍යයෙන් පැහැදිලි වේ.     هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ :33* سورة التوبة     (අල්ලාහ්ට අන් අයව) සමාන කරන්නන් අප‍්‍රිය කළ ද, සියලු ධර්මයන් අභිභවා සිටීම පිණිස යහමඟ හා සත්‍ය පුස්තකය සමග සිය රසූල්(වක්තෘ) වරයා ව එවූයේ උන්වහන්සේම ය.   (අල් කුර්ආන් 9:33)   තවද 10:57, 17:1, 58:28, 6:19, යන වාක්‍යවලින් ද මෙම අදහස ම ප‍්‍රකාශ වේ.   රසූල්වරුගේ සංඛාව 313 ද නබිවරුන්ගේ සංඛාව එක් ලක්ෂ විසිහතර දහසක් ද වේ යන කියමනටද සහීහ් වූ හදීස් වල කිසිදු සාධකයක් නොමැත. රසූල් හා නබි යනු දේව වක්තෘවරුන්ව හදුන්වන වචන දෙකකි. මේ දෙකෙහිම අර්ථය එකකි. නබි හා රසූල් අතර කිසිදු වෙනසක් නොමැත.     දේව වක්තෘවරුන්ගේ ගුණාංග     දේව වක්තෘවරු සියලු දෙනා ම පුරුෂයෝ වෙති     وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ إِلاَّ رِجَالاً نُّوحِي إِلَيْهِمْ فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ :43* سورة النحل   අපි ඔබට පෙර වහී(දිව්‍යමය පණිවිඩ) දන්වා (වක්තෘවරු ලෙස) පිරිමියින්ව මිස නො යැව්වෙමු. ඔබලා නොදන්නෙහු නම් නැණවතුන් ගෙන් අසන්න.   සියලු වක්තෘවරුන් හට වෙන වෙන ම මාර්ග.     لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًاගගගගගග :48*   ඔබලා අතුරින් සියලු දෙනා හටම නීති මාලාවක් හා මාර්ගයක් ඇති කර ඇත්තෙමු.   (අල් කුර්ආන් 5:48)     නබිවරු ද දෙවිගේ ගැත්තන් ය.     وَاذْكُرْ عِبَادَنَا إبْرَاهِيمَ وَإِسْحَقَ وَيَعْقُوبَ أُوْلِي الْأَيْدِي وَالْأَبْصَارِ :45* سورة ص   බල සම්පන්න බවෙන් හා (නිවැරදි) දැක්මෙන් යුත් අපගේ ගැත්තන් වන ඉබ්රාහීම් ඉස්හාක් යාකූබ් නැමැත්තන්ව සිහිපත් කරනු!   (අල් කුර්ආන් 38:45)   දේව වක්තෘවරුන් ද මිනිසුන් ය.     قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِّثْلُكُمْ يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَمَن كَانَ يَرْجُو لِقَاء رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا :110* سورة الكهف   මා ද ඔබලා මෙන්ම මිනිසෙකි. (නමුත්) ඔබලාගේ දෙවි එකම දෙවියා යැයි මා හට වහී (දිව්‍යමය පණිවිඩ) දැනුම් දෙනු ලැබේ. තම දෙවිගේ හමුවීම අපේක්ෂා කරන්නා යහ ක‍්‍රියාම කරත්වා! තම දෙවිට කරන නැමදුමෙහි කිසිවෙක්ව (උන්වහන්සේට) ආදේශ නො කරත්වා යැයි පවසනු!   (අල් කුර්ආන් 18:110)     නබිවරු දෙවිගේ ආධිපත්‍යයෙහි කොටස්කරුවෝ නොවෙති.     قُل لاَّ أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلاَ ضَرًّا إِلاَّ مَا شَاء اللّهُ وَلَوْ كُنتُ أَعْلَمُ الْغَيْبَ لاَسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ إِنْ أَنَاْ إِلاَّ نَذِيرٌ وَبَشِيرٌ لِّقَوْمٍ يُؤْمِنُونَ :188* سورة الأعراف     අල්ලාහ් කැමැති වුවොත් මිස යහපතක් හෝ අයහපතක් මා හට අත් කරගන්නට මට නොහැක. මම ගුප්ත දෑ දැන සිටියෙමි නම් යහපතම අත්කර ගන්නෙමි. කිසිඳු අකරතැබ්බක් මා හට සිදු නොවන්නට තිබුණි. මම විශ්වාස කරන සමූහයාට අවවාද කරන්නෙකු හා ශුභාරංචි දෙන්නෙකු පමණෙක්මි.   (අල් කුර්ආන් 7:188)     නබිවරුන්ට සිය අභිමතය පරිදි ප‍්‍රාතිහාර්ය පෑමට නොහැක.     وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِيَ بِآيَةٍ إِلاَّ بِإِذْنِ اللّهِ ගගගගගගග:38* سورة الرعد     කිසිඳු රසූල්වරයෙකුට අල්ලාහ්ගේ අවසරයෙන් තොර කිසිඳු ප‍්‍රාතිහාර්යයක් (පෑමට) ගෙන ඒමට නොහැක.   (අල් කුර්ආන් 13:38)       නබිවරු පවුල් ජීවිත ගත කළහ.     وَلَقَدْ أَرْسَلْنَا رُسُلاً مِّن قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةًගගගග :38*   ඔබට පෙර අපි වක්තෘවරුන්ව (රසූල්වරුන්ව) යැවා ඇත්තෙමු. ඔවුන්ට භාර්යාවන් ද දූ දරුවන්ද ඇති කළෙමු.   (අල් කුර්ආන් 13:38)     ඊසා (අලෛ) තුමා අල්ලාහ්ගේ ගැත්තෙකි.   قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا :30* سورة مريم   (එවිට) ඔහු (එම දරුවා) “මම අල්ලාහ්ගේ ගැත්තෙකි. උන්වහන්සේ මා හට පුස්තකය ප‍්‍රදානය කර ඇති සේක. මාව නබිවරයෙක් කර ඇති සේක” යැයි පැවසීය.   (අල් කුර්ආන් 19:30)   මෙය ඊසා (අලෛ) තුමාණන් ළදරු වියේ දී කළ ප‍්‍රකාශයකි.     ඊසා (අලෛ) තුමාණන් ඝාතනයට ලක් නොවී ය.   وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَـكِن شُبِّهَ لَهُمْ وَإِنَّ الَّذِينَ اخْتَلَفُواْ فِيهِ لَفِي شَكٍّ مِّنْهُ مَا لَهُم بِهِ مِنْ عِلْمٍ إِلاَّ اتِّبَاعَ الظَّنِّ وَمَا قَتَلُوهُ يَقِينًا :157* بَل رَّفَعَهُ اللّهُ إِلَيْهِ وَكَانَ اللّهُ عَزِيزًا حَكِيمًا :158* سورة النساء     “අල්ලාහ්ගේ වක්තෘ වන මර්යම්ගේ පුත් මසීහ් නම් ඊසාව අපමය ඝාතනය කළේ” යැයි ඔවුන් පැවසූ නිසාත්, (අල්ලාහ් මුද්‍රා තැබූ සේක) ඔවුන් ඔහුව ඝාතනය කලේ නැත. ඔහුව කුරුසයේ තබා ඇණ ගැසුවේ නැත. නමුත් ඔවුන්ට ඔහු මෙන් කෙනෙක් බාර කරනු ලැබීණි. මෙ(ම කරුණෙ)හි මතභේද වූ අය සැකයෙහි පසුවන්නෝය. අනුමානය පිළිපැදීම මිස ඔවුන්ට මේ ගැන දැනුමක් නොමැත. ස්ථිර වශයෙන්ම ඔවුන් ඔහුව ඝාතනය කළේ නැත. නමුත් අල්ලාහ් ඔහුව තමන් වෙත ඔසවා ගත් සේක.   (අල් කුර්ආන් 4:157,158)     කුර්ආනය සමග නබිතුමාගේ මගපෙන්වීම පිළිපැදීම ද අනිවාර්ය වේ.   لَقَدْ مَنَّ اللّهُ عَلَى الْمُؤمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِّنْ أَنفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُواْ مِن قَبْلُ لَفِي ضَلالٍ مُّبِينٍ :164* سورة آل عمران     විශ්වාසවන්තයින්ට ඔවුන් අතුරින්ම වක්තෘවරයෙක් යැවීමෙන් ඔවුන් හට අල්ලාහ් මහත් අනුග‍්‍රහයක් දැක් වූ සේක. ඔවුන් හට ඔහු උන්වහන්සේගේ වදන් පවසන්නේ ය. ඔවුන්ව පිවිතුරු කරන්නේ ය. ඔවුන්ට පුස්තකයද ඥාණය ද උගන්වන්නේ ය. මීට පෙර ඔවුහු ප‍්‍රකට අයහමගෙහි සිටියහ.   (අල් කුර්ආන් 3:164)     وَمَا يَنطِقُ عَنِ الْهَوَى :3* إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى :4* سورة النجم   ඔහු සිය අභිමතයට අනුව (කිසිවක්) කතා නොකරයි. එය(සියල්ල) ඔහු වෙත වහී (දිව්‍යමය පණිවිඩ) මඟින් දැනුම් දෙන දේ මිස වෙන කිසිවක් නොවේ.   (අල් කුර්ආන් 53:3,4)   :44* سورة النحل   وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ     ජනතාව වෙත අනාවරණය කරන ලද දෙය ඔබ ඔවුන්ට විග‍්‍රහ කළ යුතු නිසාත්, ජනතාව කල්පනා කළ යුතු නිසාත්, මෙම දේශනය (වු කුර්ආනය) ඔබ වෙත පහළ කෙළෙමු.   (අල් කුර්ආන් 16:44)     ශුද්ධ වූ කුර්ආනය තේරුම් ගැනීම සඳහා ක‍්‍රම දෙකක් ඇති බව මෙම වාක්‍යයෙන් කිව වේ.   කුර්ආනය කියවන්නන්ම කල්පනා කර තේරුම් ගැනීම පළමු ක‍්‍රමය යි. මෙම කුර්ආනය දෙවිගෙන් ජනතාව වෙත ගෙන ආ තැනත්තා වන අල්ලාහ්ගේ වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් ලබා දී ඇති විග‍්‍රහ පදනම් කරගනිමින් තේරුම් ගැනීම දෙවන ක‍්‍රමය යි.     කුර්ආනය ගැන විමසා බලන කල බොහෝ වාක්‍ය කිසිඳු විග‍්‍රහයකින් තොරව කියවන විටම හෝ අවධානයෙන් යුතුව කල්පනා කරන විට වටහාගත හැක.නමුත් ඇතැම් වාක්‍ය කොපමණ කල්පනා කළ ද නබි (සල්) තුමාණන්ගේ විග‍්‍රහය නැතිව නිවැරදිව වටහා ගත නොහැක.   “මුහම්මද්! ඔබට පුස්තකය ලබා දුන්නේ ඔබ විග‍්‍රහ කිරීම සඳහාත්, ඔවුන් කල්පනා කිරීම සඳහාත්” යැයි මෙම වාක්‍ය ඉතා පැහැදිලිව පවසයි.   නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ විග‍්‍රහයන් මඟ හැරිය නොයුතු කුර්ආනය හා එකට බැඳුනු ඒවා ය යන්න පැහැදිලිව ම ඔප්පු කිරීමට මෙම වාක්‍යය ප‍්‍රබල සාධකයක් සපයයි.     නබිවරු අතර වෙනස්කම් දැක්වීම තහනම්   එක් එක් නබිවරුන්ට ලබා දී ඇති ශ්‍රේෂ්ඨත්වයන් මගින් ඔවුනොවුන්ව පැසසුමට ලක් කළ යුතු අතර අප විසින් ම නබිවරුන් අතර භේද භින්නයක් ඇති කිරීම නො කළ යුතු ය.     آمَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللّهِ وَمَلآئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِ وَقَالُواْ سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ :285* سورة البقرة   මෙම වක්තෘවරයා (මුහම්මද්) සිය දෙවිගෙන් තමා වෙත අනාවරණය වූ දැය විශ්වාස කළේ ය. විශ්වාසවන්තයෝ ද (මෙය විශ්වාස කළහ) සියලු දෙනා ම අල්ලාහ්වත්, උන්වහන්සේගේ මලායිකාවරුන්වත්, උන්වහන්සේගේ පුස්තක හා උන්වහන්සේගේ වක්තෘවරුන්වත් විශ්වාස කළහ.” උන්වහන්සේගේ වක්තෘවරුන් අතර වෙනස්කම් නො දක්වමු; අපි සවන් දුන්නෙමු; අවනත වුණෙමු. අපගේ දෙවියෙනී! ඔබ වහන්සේගේ ක්‍ෂමාව (අයදින්නෙමු). අපගේ නැවත පැමිණීම ඔබ වහන්සේ වෙත ය” යි පවසන්නෝ ය.   (අල් කුර්ආන් 2:285)   4444444444444444444444444444444444444 අවසාන දිනය විශ්වාස කිරීම   يُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُوْلَـئِكَ مِنَ الصَّالِحِينَ :114* سورة آل عمران   ඔවුහු අල්ලාහ්වත් අවසාන දිනයත් විශ්වාස කරති. යහපත් දෑ අණ කරති. අයහපත් දෑ වළක්වති. යහපත් දෑ කෙරෙහි ඉක්මන් කරති. ඔවුන්මය සැදැහැමියෝ.   (අල් කුර්ආන් 3:114)   وَاتَّقُواْ يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّهِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ :281* سورة البقرة   ඔබලාව අල්ලාහ් වෙත ආපසු ගෙන එනු ලබන දිනය ගැන බිය වනු! පසුව සියලු දෙනා හට (ඔවුනොවුන්) ඉපැයූ දේ ගෙවනු ලැබේ. ඔවුන්ට කිසිඳු අසාධාරණයක් සිදු නො කෙරේ.   (අල් කුර්ආන් 2:281)   كُلُّ مَنْ عَلَيْهَا فَانٍ :26* وَيَبْقَى وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ :27* سورة الرحمن   මෙහි සිටින සියල්ලෝ ම විනාශ වන්නෝ ය. කීර්තිමත් වූ ද උදාර වූ ද ඔබ දෙවිගේ මුහුණ පමණක් (විනාශ නොවී) පවතින්නේ ය.   (අල්කුර්ආන් 55:26,27)     අහස, පොළොව, ඉර, ග‍්‍රහ වසතුන්, මහ පොළොව මත ජීවත් වන මිනිසුන් හා අනිකුත් ජීවීන් ,ගස් කොළන් ඇතුළු සියලු දේ දිනක විනාශ කරනු ලැබේ. එදින විනාශ නොවී පවතින්නේ දෙවි පමණි.   යුගාන්තය, අවසාන දිනය, සූර් පිඹිනු ලබන දිනය, වැනි බොහෝ වචන මගින් මෙම දිනය කුර්ආනයේ සඳහන් වේ.   පසුව මිනිසුන් සියලු දෙනා හට පණ දී නැගිටුවනු ලබන අතර ඔවුන් ප‍්‍රශ්න කරනු ලබන්නෝ ය. ප‍්‍රශ්න කිරීම් වලින් පසු විනීශ්චය ලබා දෙනු ලැබේ. යහපත් පුද්ගලයන් හට ඉමහත් සතුට භුක්ති විඳිය හැකි ස්වර්ගය ද, අයහපත් පුද්ගලයන් හට විවිධාකාර වද වේදනාවලින් යුත් නිරය ද හිමි වේ. මෙම ස්වර්ග ජීවිතයට හා නිරයේ ගෙවිය යුතු ජීවිතයට අවසානයක් නොමැත.   විනිශ්වය දෙන දිනය, ???????, පරලොව, එක්රැස් කරනු ලබන දිනය, කිසිවෙකු විසින් වත් උදව් කළ නොහැකි දිනය, ආපසු හැරී යන දිනය, ප‍්‍රතිඵල දෙන දිනය, ප‍්‍රශ්න කරනු ලබන දිනය, ????????, පණ දෙනු ලබන දිනය, දෙවිව මුණගැසෙන දිනය, එලොව, දුක් වන දිනය, දෙවි ඉදිරියෙහි සිටිය යුතු දිනය, ගැලවිය නොහැකි දිනය, නැගිටුවනු ලබන දිනය, ඇතුළු තවත් නම් රැසකින් මෙම දිනය හඳුන්වනු ලැබේ.   සැකයෙන් තොර දිනය, ශ්‍රේෂ්ඨ දිනය, එදින, එම හෝරාව, පොරොන්දු වූ දිනය, කිසිඳු සැකයක් නැති දිනය වැනි වචන විනාශ කරනු ලබන දිනයටත්, පණ දෙනු ලබන දිනයටත්, පොදු ඒවා වේ.   විනාශ කරනු ලබන දිනය, නැවත පණ දෙනු ලබන දිනය, යන දිනයන් දෙකම සිදුවන්නනේ කවදාද යන්න නබි මුහම්මද් (සල්) තුමාණන් ඇතුළු කිසිදු මිනිසෙක් පමණක් නොව මලායිකාවරුන් පවා නොදනී. එම දිනය පැමිණෙන්නේ කවදාද යන්න අල්ලාහ් පමණක් දන්නා රහසකි.   මෙලොවෙහි මිනිසාට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා මෙවැනි දිනයක් පිළිබඳ විශ්වාස කිරීම ඉතා උපකාරී වේ යන්න අවධාරනය කර ගත යුතුය.     මිනී වළෙහි දඬුවම   වැරදි කරුවන්ට පරලොවේ දී දඬුවම් කිරීමට පෙර මරණයට පත් වූ පසු සුළු දඬුවම් මිනී වළේ දී දෙවි විසින් සැලසුම් කර ඇත. නබි තුමාණන්ගේ බොහෝ හදීස්වල මේ ගැන සඳහන් වේ. ශුද්ධ වූ කුර්ආනයේ ද මේ ගැන සඳහන් වී ඇත.     النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ :46* سورة غافر   ෆිර්අවුන්ගේ මිනිසුන්ව නපුරු වධ වේදනා වටකර ගත්තේ ය. ඔවුන්ව උදයේ සහ සවස නිර ගින්නට නිරාවරණය කෙරේ. එම හෝරාව වූ විට ෆිර්අව්න්ගේ මිනිසුන්ව දරුණු වධ වේදනාවට යොමු කරනු! (යැයි පවසනු ලැබේ).   (අල් කුර්ආන් 40:45,46)   ෆිර්අව්න්ගේ මිනිසුන් දිනපතා උදේ සහ සවස නිරාගින්නට නිරාවරණය කරනු ලබන බව මෙම වාක්‍යයේ සඳහන් වේ. මෙම දඬුවම පරළොවේ දී ලබා දෙන දඬුවමට පෙර තවත් දඬුවමක් (මිනී වළේදී) ලබා දෙන බව පැහැදිලි ව ඔප්පු කරයි. මක් නිසාද යත් මෙම වාක්‍යයේ භයානක යුගාන්ත දිනයේ දී මොවුන්ව දඬුවම් දීම සඳහා කැටුව යනු! යැයි සඳහන් වේ.   කබ්ර්හි දඬුවම් කිරීම යනු මෙම දඬුවම බව නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ.   5555555555555555555555555555555555 කරුමය විශ්වාස කිරීම   දෛවය විශ්වාස කිරීම   දෛවය විශ්වාස කිරීම යන්නෙන් අදහස් කරනුයේ අපට සිදුවන යහපත් හා අයහපත් දේ සියල්ල අල්ලාහ්ගේ නියමයට අනුව සිදුවන බව විශ්වාස කිරීම යි.   දෛවය විශ්වාස කිරීම ඉස්ලාමීය විශ්වාසයෙහි ප‍්‍රධාන අංගයකි. සියලු විශ්වාසයන්ට තර්කානුකූල ව විග‍්‍රහ ලබා දීමේ හැකියවෙ තිබුන ද, දෛවය පිළිබඳ ව තර්ක කිරීම මුහම්මද් (සල්) තුමාණන් විසින් තහනම් කර ඇත.   එක් කෝණයකින් බලන විට දෛවයක් ඇති බව හැඟේ. තවත් කෝණයකින් බලන විට දෛවයක් නැති බව හැඟේ. මෙසේ උභතෝකෝටික තත්වයකට මුහුණ පෑමට සිදු වන නිසා මුහම්මද් (සල්) තුමාණන් දෛවය පිළිබඳ වාද විවාද කිරීම තහනම් කර ඇත.   දෛවයක් ඇත්නම්, යහපත් හා අයහපත් පුද්ගලයෙක් වීම පිළිබඳව මම වගකීම් දරන්නේ කෙසේ ද? යන ප‍්‍රශ්නය එහි මතු වේ.   දෛවයක් නැත්නම් මම කරන්නට යන දේ ගැන දෙවි නොදනී යන තත්වයක් උද්ගත වෙයි. හෙට මම කරන්නට යන දේ ගැන නො දන්නා කෙනෙක් දෙවි වන්නේ කෙසේ ද? යන ප‍්‍රශ්නය මෙහි මතු වෙයි.   දෛවයක් නැතැ යි කීමද තර්කානුකූල නො වේ. දෛවයක් ඇතැයි කීමද තර්කානුකූල නො වේ. එබැවින් අපි දෛවය විශ්වාස කළ යුතු ය. නමුත් අපගේ ක‍්‍රියාවන් දෛවයට භාර කර නිදහස් නොවී කටයුතු කළ යුතු ය.   මෙය වටහා ගැනීමේ දැනුම අල්ලාහ් අප හට ලබා දී නොමැත යන සත්‍ය ද පිළිගත යුතු යැයි ඉස්ලාම් ආගම අපට අවධාරනය කරයි.   එසේ ම දෛවය විශ්වාස කිරීම නිසා ඇති වන යහපත ද ඉස්ලාමයෙහි අපට පහදා දී ඇත.   දෛවය විශ්වාස නොකරන පුද්ගලයෙකුට දරා ගත නොහැකි විපතක් සිදු වුවහොත් ඒ ගැන පසු තැවී ඔහු මරණයට පත් වනු ඇත.   දෛවය විශ්වාස කරන පුද්ගලයෙක් හට විපතක් සිදුවුවහොත් “අපේ අතෙහි කිසිදෙයක් නොමැත, සියල්ල ඇත්තේ දෙවිගේ අතේ ය” කියා විඳ දරා ගනී. මෙවැනි අවස්ථාවල දෛවය පිළිබඳ විශ්වාසය දුක් නිවාරකයක් ලෙස කි‍්‍රයා කර ඔහුගේ දුක මගහරවා ගැනීමට උපකාරී වේ.අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ධනයක්, ප‍්‍රසංශාවක්, ගෞරවයක්, කෙනෙකුට ලැබුනු විට එමගින් ඔහු ආඩම්බර වෙයි. එවැනි අවස්ථාවක මේ සියල්ල දෙවිගේ නියමයයි කියා සිතන්නෙහි නම් ඔහුට තමාව පාලනය කර ශාන්තිමත් බවක් ඇති කරගත හැකි වේ.   මෙවැනි අවස්ථාවක කෙනෙක් සියල්ල දෛවයට භාර කර සිය දුක මගහරවා ගත යුතු ය; ආඩම්බරය මැඩ පවත්වා ගත යුතු ය.     لِكَيْلَا تَأْسَوْا عَلَى مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ :23* سورة الحديد     ඔබලා හට මඟ හැරුනු දෑ පිළිබඳව දුක් නොවීමටත්, උන්වහන්සේ ඔබලා හට ලබා දුන් දෑ කෙරෙහි ප‍්‍රීතියෙන් ඉපිලී නොයෑමටත් (දෛවය නියම කර ඇත) උඩඟු කමින් හා ආඩම්බරයෙන් යුත් කිසිවෙකු ව අල්ලාහ් ප‍්‍රිය නොකරන සේක.   (අල් කුර්ආන් 57:23)   සිදු වී අවසන් වූ සියල්ල අපි දෛවයට භාර කළ යුතු ය. සිදු නොවු කටයුතු වල දී දෛවය කුමක් ද කියා අප නොදන්නා නිසා දෛවයක් නොමැති ආකාරයට අපගේ කටයුතු පවත්වාගෙන යා යුතුය යන මූලධර්මය මෙම වාක්‍ය තුලින් අපට වටහා ගත හැක.

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *