සත්ව හිංසාව, ඝාතනය හා ඉස්ලාම්

2

අද ලොව කෝටි 600 කටත් අධික ජනගහනයක් ජීවත් වේ. එම මුළු ජනගහනයෙන් 95% ක් පමණ මාංශ වර්ග ආහාරයට ගන්නා බව තහවුරු වී තිබේ. එසේම ලොව මුළු ජනගහනයෙන් 23% ක් ඉස්ලාම් භක්තිකයන් වන අතර මේ සියලූ දෙනාම මාංශ වර්ග ආහාරයට නොගනී. කරුණු එසේ වුවත් තර්කයක් සදහා “ඉස්ලාම් භක්තිකයන් සියලූ දෙනා මාංශ වර්ගයන් අනුභව කරනවා!” යයි. උපකල්පනයක් කලත්, එය ලොව මාංශ අනුභව කරන්නන් වන කෝටි 570 න්, කෝටි 140 ක් පමණි‚. එසේ නම් ලොව මාංශ අනුභව කරන මුස්ලීම් නොවන්නන් ගනන කෝටි 430ක් පමණ වේ. කරුණු මෙසේ තිබිය දී ලෝව මුළු ජනගහනයෙන් 23% වන මුස්ලීම්වරුන්ගේ මාංශ අනුභවයට පමණක් පටු අරමුණුවල හිද චෝදනාත්මක ඇගිල්ල දිගු කිරීම කොතරම් සදාචාර සම්පන්නද? මෙම චෝදනවන් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට ඉදිරිපත් වේ. එනම්,

  • සතුන්ගේ අයිතීන් ලබාදීමට කටයුතු කරන බව පවසමින් මිනිස් හිංසාවන්ට වඩා සත්ව හිංසාවන්ට හඩ නගන ස්වෙච්ඡා සංවිධානයන් වශයෙන්
  • තනි පුද්ගල වශයෙන් ය.

මෙසේ පුද්ගල වශයෙන් හා සංවිධාන වශයෙන් සත්ව ඝාතනය හා හිංසාවට එරෙහිව ඉදිරිපත් වී සිටියත් මොවුන්ගේ ප්‍රකාශයන් හා ක්‍රියා කලාපයන් දෙස බලන විට “ලොව එකම සත්වයා ගවයා පමණක් දෝ” යයි සිතන්නට හැගේ. මන්ද සත්ව හිංසාව, ඝාතනය යන්න සැලකුවිට එම සත්වයාගේ විශාලත්වය පදනම් කරගෙන විශාල සතුන් ඝාතනය කලා නම් එය පාපයක් කුඩා සතුන් නම් එසේ නොවේ යයි තර්ක කල නොහැක. මේ පිලිබදව “බුදුන් නොවදාළ ධර්ම” නම් තම කෘතියේ අදහස් දක්වන ඩී. ඒ. එන්. සේනාරත්න මහතා “යමෙක් ප‍්‍රාණ ඝාතන අකුසල කිරීමේදී ඝාතනය කරන ලද ජීවියා විශාල සිරුරක් ඇත්තෙක්ද, කුඩා සිරුරක් ඇත්තෙක්ද, ගොඩ වසන්නෙක්ද, දියෙහි වසන්නෙක්ද එසේත් නැතහොත් පාදවලින් ගමන් කරන්නෙක්ද, බඩගා යන්නෙක්ද වැනි භේදවලට අනුව ප‍්‍රාණ ඝාතන අකුසල් කර්මයෙහි අඩු වැඩි වීමක් ඇතැයි නොසිතමි.” යනුවෙන් පවසයි. නමුත් වර්ථමාන ලාංකීය සමාජය සැලකවේ නම් “ගව ඝාතනය පමණයි පාපයක් වන්නේ!” යයි සිතෙන ආකාරයට කටයුතු කරමින් සිටී. උදාහරණයක් ලෙස ගවයකු ඝාතනය කොට එම මාංශ අවම වශයෙන් පුද්ගලයින් 1000ක් පමණ අනුභව කරන විට සත්ව ඝාතනයට හා හිංසාවට විරුද්ධව හඩක් නගමින් සත්ව කරුණාව පිලිබදව කථා කරමින් එක් බත් කටකට එක හාල්මැස්සා ගානේ ගිලදමයි. මේ ආකාරයට තමන්ටම ප්‍රායෝගික නොවන දර්ශණයක් ලොවට පවසමින් ගවයා වෙනුවෙන් පමණක් පෙනී සිටීම තුල එක් කාරණයක් පැහැදිලිය. එනම් මේ පිරිසට අවශ්‍යව ඇත්තේ සත්ව ඝාතනයට එරෙහිවීම නොව ගව ඝාතනයට එරෙහිවීමයි. විටෙක එහි ද කුතුහලයක් ඇතිවේ. මන්ද ගව ඝාතනයට එරෙහි වන ප්‍රධාන දහමන්වල ඕනෑම සුභ කටයුත්තක් අරඹන්නේ මගුල් ඛෙරයක් වාදනය කරමිනි. මේ මගුල් ඛෙරයට යොදා ඇත්තේ හරක් හම සහා වියලාගත් බොකුයි. එසේ නම් ගව ඝාතනයට එරෙහි වන මේ පිරිසට එම සතා මරා ලබාගන්නා මේවා සුභවුනේ කෙසේද? යන්නයි. එසේනම් මෙහි දී මොවුන්ගේ පටු වු අරමුණුවල සිට කටයුතු කරනවා යන්න පැහැදිලිය. එනම් මොවුන්ගේ අරමුණු වී ඇත්තේ සෘජුවම හා වක්‍රව ඉස්ලාම් දහමට හා මුස්ලීම් ප්‍රජාවට ඇගිල්ල දිගු කිරීමයි. මේ පිලිබදව නිසි අවබෝධයක් නොමැති සමාජයත් “ගව ඝාතනය තමා සත්ව ඝාතනය” යයි සිතමින් ඉහත පිරිස හා අත්වැල් බැදගනී. මේ ආකාරයට පදනම් විරහිත කරුණූ පවසමින් ඉස්ලාමය විවේචනය කිරීම අද ඊයේ ආරම්භ වුවාක් නොවේ. මේවා අතීතයේ සිටම ජාත්‍යන්තර තලයේ ඉස්ලාම් මුහුණ දෙන ජනප්‍රිය වූ සුපුරැදු තත්වයකි. ඉස්ලාම් සම්බන්ධයෙන් ලෝක ප්‍රවණතාවය එසේ තිබිය අප රට ද ඊට දෙවැනි වී නැත. එවන් මොහොතක මේ කාරණය එනම් සත්ව ඝාතනය හා හිංසාව පිලිබදව ලාංකීය සමාජය පදනම් කරගෙන අවදානය යොමු කලේ නම්, එය කරුණු කිහිපයක් ඔස්සේ කථා කල හැක. එනම්,

  • මෙහි දී ඉස්ලාමයට එල්ල කරන චෝදනාවන් කුමක්ද?
  • එය කොතරම් දුරට සාධාර්ණද?
  • එසේ මාංශ අනුභවයට විරුද්ධව ඔවුන් ඉදිරිපත් කරන තර්කයන් කුමක්ද?
  • එය කොතරම් ප්‍රායෝගිකද?

මෙම කාරණයන් පිලිබදව බුද්ධිමත් ආකාරයේ අවධානය යොමු කිරීම කාලෝචිත මෙන්ම මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්ය වගකීමක්ද වේ. ඉහත කාරණය පිලිබදව අවධානය යොමු කිරීමට ප්‍රථම සත්ව හිංසාව, ඝාතනය හා මාංශ අනුභවය සම්බන්ධයෙන් ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න අවධානය යොමු කලේ නම්. යමක් “ඉස්ලාම් පවසයි” යයි පැවසීමට නම් එ සදහා තිබිය යුතු මුලික අවශ්‍යතා කිහිපයක් ඇත. එනම් එය ශුද්ධ වු අල්කුර්ආනයේ (දෙවියන් විසින් පහලකරන ලද ශුද්ධ වු දේව වාක්‍යයන් පමණක් අන්තර්ගත ලියවිල්ලේ) හෝ අල්හදීසයේ (නබිතුමාගේ ආදර්ශයේ, (මෙයද ආරම්භයේ සිට මේ දක්වා ලිඛිත ග්‍රන්ථයක් ලෙස ආරක්ෂා වී පවතී.)) තිබිය යුතුයි. එ අනුව මේ කාරණය පිලිබදව මෙම ශුද්ධ වු ලියවිලිවල කුමක් පවසනවා ද? යන්න ප්‍රථමයෙන් අවධානය යොමු කලේ නම්,

අල්කුරආනයේ මෙසේ සදහන් වේ.

  • “ශාක භක්ෂක සතුන් නුඹලාට (ආහාරයට) අවසර ලබාදී ඇත.” (අල්කුර්ආන් 5-1)
  • “සත්ව කොට්ඨාශය, (මිනිසුන් වන) නුඹළා වෙනුවෙන්ම මවන ලදී. නුඹලාට එයින් උණුසුම් වස්ත්‍රද, වෙනත් පලයන්ද, නුඹලාට ආහාරද සැපයෙන්නේය.” (අල්කුර්ආන් 16-5)
  • “සත්වයන් තුලද නුඹලාට උපදේශයන් ඇත්තේමය. උන්ගේ උදරයෙහි ඇති දැයින් අප නුඹලාට පානයක් සපයන්නෙමු. තවද එහි බොහෝ ප්‍රයෝජන ඇත්තේය. එයින් නුඹලාට ආහාරද සැපයෙන්නේය.”(අල්කුර්ආන් 23-21)

ඉහත අල්කුර්ආන් වාක්‍යයන්ට අනුව ඉස්ලාම් දහම මාංශ අනුභවය සදහා පොදුවේ අවසර ලබදෙයි. මෙහිදී අවධාරණය කලයුතු කරුණක් ඇත. එනම් හුදෙක් මෙය අවසරයක් පමණක්ම වන අතර නියෝගයක් නොවේ. එ අනුව මුස්ලීම්වරයෙකු හට අවශ්‍ය නම් මාංශ අනුභව කිරීමට ද හැක. අනවශ්‍ය නම් ඉන් වැලකීසිටීමට ද හැක. කිසිවකුටත් ඉස්ලාමයේ බලකිරීමක් නැත. අල්කුර්ආනයේ මේ ආකාරයට පොදු අවසරයක් ලබාදුන්නද එම අවසරය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලයුතු ආකාරය අල්හදීසයේ (මුහම්මද් (සල්) තුමාණන්) පෙන්වා දී ඇත. එනම් කුමන වර්ගයේ සතුන්ද ආහාරයට ගත යුත්තේ, එම සතුන් හදුනාගන්නේ කෙසේද? එම සතුන් ඝාතනය කලයුත්තේ කෙසේද? ඒ ආකාරයට ඝාතනය කිරීමේ ඇති යහපත කුමක්ද? වැනි කරුණු දීර්ඝ වශයෙන් ඉස්ලාම් පවසා ඇත.

මෙසේ හේතූන් සහිතව සත්ව ඝාතනයට අවසර ලබාදෙන ඉස්ලාම් දහම සතුන් හිංසා කිරීම සම්බන්ධයෙන් ඉතා දැඩිව අවවාද ද කරයි. එසේ කරන අවවාද කිහිපයක් ඔබේ අවධානයට යොමු කරන්නේ නම්,

  • “කුඩා ගල්වලින් සතුන් දඩයම් නොකරන්න. මන්ද කුඩා ගල් කැබැලිවලින් සතුන්ට පහරදීමේදී එ මගින් එම සතුන් මරණයට පත්නොවන අතර එම ක්‍රියාව නිසා සතුන්ගේ දත් කැඩී ඇස් තුවාලවී එම සතුන්ට හිංසාවන් සිදුවනු ඇත. එම නිසා එම කාර්‍යය නබි තුමා තහනම් කරන ලදී.” (ග්‍රන්ථය බුහාරී 5479)
  • “මුහම්මද් (සල්) තුමා, සතුන්ගේ මුහුණට පහරදීම තහනම් කරන ලදී.” (ග්‍රන්ථය බුහාරී 5541)
  • “යහක්‍රියාවල නිරත වු කාන්තාවක් තම නිවසේ ආහාර නොදී පුසෙකු බැදදමා තිබීම හේතුවෙන් එම කාන්තාව නිරයට ගියබව මුහම්මද් (සල්) තුමා පවසන ලදී.” (ග්‍රන්ථය මුස්ලීම්)
  • “බනු ඉස්රායිල් සමාජයේ සිටී පවුකාර කාන්තාවක් (ගනිකාවක්), අධික තිබහක් සහිතව සිටී බල්ලෙකු හට බීමට වතුර ලබාදීම හේතු කොටගෙන ඇයගේ සියලූ පාපයන් (දෙවියන්) සමාකරන ලදී” යනුවෙන් මුහම්මද් (සල්) තුමා පවසන ලදී.”(ග්‍රන්ථය බුහාරී 3467)

ඉහත හදීසයන් දෙස හොදින් අවධානය යොමුකලේ නම්, සත්ව හිංසාව කොතරම් පුළුල් ආකාරයට ඉස්ලාම් දකිනවා ද යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක. අද මුස්ලීම් නොවන සමාජයේ සත්ව ඝාතනය තමා සත්ව හිංසාව යයි සිතන විට ඉස්ලාම් පියවර ගනනාවක් ඉදිරියට ගොස් සතුන්ට කරන පහරදීම, බැදතැබීම, කුසගින්නේ තැබීම යනාදී සියල්ල සත්ව හිංසාවන් යයි පවසයි. මෙසේ සත්ව හිංසාවන් පෙන්වාදීමෙන් නතර නොවී එවැනි හිංසාවන් දැඩිව තහනම් කිරීම තුල සත්ව හිංසාව කොතරම් දුරට ඉස්ලාම් වලක්වා තිබේද යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක. මෙසේ ඉහත ආකාරයට සත්ව හිංසාව තරයේ ප්‍රතික්ෂේප කරන ඉස්ලාම් දහම මාංශ අනුභවය සදහා අවසර ලබාදීම බොහෝ දෙනෙකුගේ කුතුහලයට හේතූ වී තිබේ. එ පිලිබදව පුළුල්ව අවධානය යොමු කිරීමට ප්‍රථම පැහැදිලි කරගත යුතු තවත් කාරණයක් ඇත. එනම්,

ඉස්ලාම් යනු දේව නියෝගයන් පමණක් පදනම් කරගත් දහමකි. ලොව අනිකුත් දහමන්මෙන් මෙහි මනුෂ්‍ය චින්තනයන් අන්තර්ගත වී නැත. එසේම ඉස්ලාම් ලොව අනිකුත් දහමන් මෙන් ආගමික වතාවත් පමණක් ප්‍රකාශ කර ජනතාව විවිධ වූ ඇදහිලි තුල කොටු කරන දහමක් ද නොවේ. ලොව බොහෝ දහමන් ප්‍රායෝගික නොවන වතාවත් පමණක් පවසමින් එහි අනුගාමිකයන් විවිධ වූ සංකීර්ණ ගැටළුවල හා අපහසුතාවයන්වල කොටු කරන දහමක්ද නොවේ. එය මනුෂ්‍යාගේ සෑම අංශයක් පිලිබදව හොදින් හදුනාගෙන ලෞකික හා කෝකොත්තර සාර්ථක දිවියක් සදහා මඟපෙන්වන දිව්‍යමය දහමකි. එසේම එහි අනපනත් නියෝග වචනයට පමණක් සීමා නොවූ දේව වක්තෘවරයෙකු (මුහම්මද් (සල්) තුමාණන්) මගින් ප්‍රායෝගිකව සමාජයට පෙන්වාදෙන ලද දහමකි.

එ අනුව මෙම ප්‍රායෝගික වු දහම තුල මිනිසා සදහා නිර්මාංශීකර ප්‍රතිපත්තිය යනු ප්‍රායෝගික නොවන මනක:ල්පිතයක් යන්න අද සමාජීය හා වෛද්‍ය ක්ෂේත්‍රයන් පවා පිලිගන්නා සත්‍යයකි. විශේෂයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය පෙන්වා දෙන්නේ මාංශ අනුභවය යනු මිනිස් සිරැර සදහා අත්‍ය අවශ්‍ය අංගයක් ලෙසය.

(මේ පිලිබදව මෑතක කල වෛද්‍ය වාර්තාමය (වීඩියෝ) හෙලිදරව්ව)

මෙලෙස වෛද්‍ය විද්‍යාව මිනිස් සිරැර සදහා මාංශ අනුභවයේ අවශ්‍යතාවය අවධාරනය කරන විට කිසියම් දහමක් හෝ දර්ශනයක් ඒ සමඟ ගැ‍ටේ නම් ඉන් පිළිඹිබු වන ප්‍රශ්න දෙකක් ඇත. එනම්,

  • එය මිනිස් අවශ්‍යතාවය නොහදුනන ප්‍රායෝගික නොවන දහමක්‍ හෝ දර්ශනයක්
  • විද්‍යාව පවසන කාරණය මුසාවක්

ඉහත ගැටළුවට විසදුම් සෙවීම මා බුද්ධීමත් ඔබට ම බාරකරමින් ලිපියෙහි ඉදිරියට ඔබගේ අවධානයට කරුණු ඉදිරිපත් කරමි. මන්ද ලොව එක් ප්‍රදේශයකට නිර්මාංශ පමණක් යන්න ප්‍රායෝගික වුවත් තවත් ප්‍රදේශ ගනනාවකට එය ප්‍රායෝගික නොවේ. එයට උදාහර්ණයක් ලෙස ධ්‍රැව ප්‍රදේශවල ජීවත්වන ජන කොට්ඨාශය ගෙනහැර දැක්විය හැක. ඔවුන්ගේ ආහාරය සදහා ඇත්තේ මතස්‍යන් හා දඩයම් සතුන් පමණි. එසේනම් ඔවුන්ට ප්‍රායෝගි වන්නේ මාංශ අනුභවය පමණි. මාංශ අනුභවය සත්ව හිංසාව යයි පවසා මාංශ අනුභව නොකර සිටියේනම් ඔවුන්ට සිදුවන්නේ කුසගින්නේ මියයාමටයි. මෙවැනි අපහසුතාවයන්වලින් තොර සෑම ප්‍රදේශයටම ප්‍රායෝගික වන ආකාරයේ නීතියක් සකස් කිරීමට නම් ලොව සියළු කාරණවන් පිලිබදව මෙන්ම අතීතය, අනාගතය හා වර්ථමාන සමාජය හා ජීවන රටා වැනි කරුණු පිලිබදව පුර්ණ අවබෝධයක් ඥානයක් පැවතිය යුතුවේ. ඉස්ලාමීය විශ්වාසය අනුව එවැනි බුද්ධියක් ඇත්තේ දෙවියන්ට පමණි. ඉස්ලාම් විශ්වාසයට අනුව දේව නියෝගයක් නම් එය සෑම කාලයටම, සෑම ප්‍රදේශයටම, සෑම කෙනෙකුටම ප්‍රායෝගික විය යුතුයි. එ අනුව අතීතයේ අප පසුකල දඩයම් යුගයත්, වර්ථමානයේ පවතීන සංකීර්ණ සමාජයත්, අනාගතයේ බිහිවන සුපිරි සමාජයත් පිලිබදව පුර්ණ අවබෝධයක් ඇති දෙවියන් මාංශ අනුභවය සදහා අවසර ලබදීම තුල අවබෝධ වන්නේ ඉස්ලාම් දහම ප්‍රායෝගික දහමක් යන්න නොවේද?. අද මාංශ අනුභවයට විරුද්ධ විවිධ ආගම් තම විරෝධතාවයන් ප්‍රකාශ කරමින් සිටී. මෙම විරෝධතාවයන් ප්‍රායෝගිකද? නැද්ද? යන්න මොහොතකට පසෙක තබා මෙසේ මාංශ අනුභවයට විරුද්ධව හඩක් නගන ශ්‍රී ලංකාවේ ආගම් දෙකක් වන බෞද්ධයින් හා හින්දු භක්තිකයන් මේ පිලිබදව කුමක් පවසනවාද? යන්න පිලිබදව කෙටි අවධානයක් යොමු කලේ නම්,

බුදුදහමද, ඉස්ලාම් පවසන ආකාරයටම සත්ව හිංසාව ප්‍රතික්ෂේප කරයි. එම කාරණයේ දී මුස්ලීම්වරුන් හා බෞද්ධයින් අතර පරස්පරතාවයක් නැත (මෙහි දී අවධාරණය කලයුත්තක් නම් මෙසේ ඉස්ලාම් අනිකුත් දහමන් හා පරස්පරවීම හෝ එසේ නොවීම ඉස්ලාම් දහමේ වලංගුභාවයට කිසිසේත් බලනොපාන අතර අන්‍ය ආගමිකයින්ගේ අවධානය පිණිස මෙම කාරණයන් ඉදිරිපත් කරමි). එසේ නම් පරස්පරතාවය ඇතිවන්නේ කොතැණක දී ද? යන්න අවධානය යොමු කලෙනම් එම පරස්පරතාවය ඇති වන්නේ මාංශ අනුභවය සම්බන්ධයෙන්ය. එසේ නම් මාංශ අනුභවය පිලිබදව බුදුදහමේ ස්ථාවරය කුමක්ද?, යන්නත්, සත්‍ය වශයෙන්ම බුදුදහම මාංශ අනුභවය තහනම් කර තිඛෙනවාද?, යන්නත් දැන් කෙටි අවධානයක් යොමු කරමු. එසේ බෞද්ධ මූලාශ්‍රයන් අධ්‍යනය කරන විට මාංශ අනුභවයට අනුබල දෙන ආකාරයේ ඉගෙන්වීමන් කිහිපයක් එහි දක්නට ලැබේ. එවැනි සදහන් කිහිපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කලේනම්,

  • බුදුරජාණන් වහන්සේහට සාමාවතී නම් කාන්තාවක් විසින් කුකුළෙකු මරා උයා ආහාරයට පිළිගැන්වු බව සදහන් වේ.
  • බුදුරජාණන් වහන්සේ අවසාන කාලයේ රෝගාතුර වුයේ සුකර මාංශ අනුභවය නිසා බවද සදහන් වේ.
  • බුදුසමයේ ජීවත් වු “ජීවක” නම් වෛද්‍යවරයා කරණා තුනකින් මාංශ වර්ග පිරිසිදු නම් තමා අනුභව කරන බව පවසයි. (මජ්ජම නිකායේ ජීවක සුත්‍රය)
  • බුදුන්වහන්සේ විසින් භික‍ෂුන් වහන්සේලාට වර පහක් පනවන ලදී එයින් එකක් නම් “භික‍ෂුන් වහන්සේලාට (දිය/ගොඩ) මාංශ දුන්නාට කමක් නැහැ.”
  • බුදුන්වහන්සේ විසින් භික‍ෂුන් වහන්සේලාට දස මාංශ (මාංශ වර්ග 10ක්) විමසා ප්‍රතිෙක‍ෂ්ප කරන ලෙස පවසා ඒවා සර්ප, වියාග්‍රා, සුනඛ, අශ්ව, මිනිස්, දිවි, වලස්, සිංහ, අලි ඇත් හා වෘක යන්න නම් කරන ලදී.
  • බුදුසමයේ එක්තරා භික‍ෂූන් වහන්සේනමකට “රේ” (මාළු විශේෂයක්) මාංශ අනුභව කිරීමට දැඩි ආශාවක් ඇතිවිය. මෙය අවබෝධ කරගත් බුදුන්වහන්සේ එම භික‍ෂුන් වහන්සේට අහවල් ප්‍රදේශයට පින්ඩපාතයේ යන ලෙස පවසන ලදී. එම භික‍ෂුව ද ඒ ආකාරයට ගිය අතර එම ප්‍රදේශයේ සිය`එම නිවැස්වල එදා දවසේ පිස තිබුණේ “රේ” මාංශය ඒ අනුව එම භීක‍ෂුවගේ ආසාව එදින තුරන් වී එදා සවස එම භික‍ෂු අරහත් බවට පත්විය.
  • භීක‍ෂුන් වහන්සේලාට පින්ඩපාතයේ ගොස් “ර” මාංශ රැගෙන එන ලෙස පවසන ලද අවස්ථාවන්ද දක්නට ලැබේ.
  • සමහරක් භික්ෂුන් වහන්සේලා රෝගාතුර වු අවස්ථාවල දී එය සුවකර ගැනීම සදහා කෑමට මස් තිඛෙන ස්ථානවලට පිණ්ඩපාතයේ යන ලෙස බුදුන් පැවසු බවට සදහන් වේ.

ඉහත කරුණු පිලිබදව අවධානය යොමු කිරීමේ දී බුදුදහම මාංශ අනුභවය තහනම් කර නැතිබව පැහැදිලි වේ. නමුත් මාංශ අනුභව කිරීමේ දී,

  1. අදිටඨං
  2. අසුතං
  3. අපරිසංකිතං

යන ත්‍රිකෝටික පාරිශුද්ධත්වයක් ඇති මාංශ අනුභවයට තහනමක් නොමැති බව බුදුදහම අවධාරනය කරයි. මෙය වඩාත් හොදින් අවබෝධ කරගත හැකි සිදුවීමක් ත්‍රිපිටකයේ සදහන් වේ. එනම්,

“දෙව්දත් තෙරුන් භික්ෂුව දිනක් බුදුන් අභිමුවට පැමිණ ‘එළවළු පමණක් වැළදිය යුතුයයි’ නීතියක් ගෙනෙන ලෙස ඉල්ලා සිටියේය. එවිට බුදුන් වහන්සේ දේශනා කලේ ‘එවැනි නීතියක් අනවශ්‍ය’ බවයි.”

(අංගුත්තර නිකායේ – පඤ්චක නිපාතයේ)

එසේ නම් බුදුදහමට මෙම නිර්මාංශ සංකල්පය උරුම වුනේ කෙසේද? යන්න පිලිබදව අවධානය යොමු කලේනම් බුදුරජාණන්ගෙන් පසු කාලෙක පැමිණි ඉන්දියාවේ අශෝක රජු විසින් මෙම බුදුදහමේ විවිධ සංශෝධනයන් සිදුකරන ලදී. එහි දී ඉන්දියාවේ හින්දු ආගමෙහි පැවතී බොහෝ කරුණු මෙන්ම එවකට පැවතී ජෛන ආගමේ විවිධ කොටස් ද බුදුදහමට එක් කරන ලදී. මේ නිසාම සමහරක් කාලවලදී බුදුදහම අශෝක දහම නමින් ද හදුන්වන ලදී. මේ හේතුව නිසා හින්දු දහමේ හා ජෛන දහමේ ආභාශයෙන් “මාංශ අනුභවය පාපක්‍රියාවක්” යන සංකල්පය බුදුදහමට එක්වන ලදී. හින්දු දහමේ ආභාශයෙන් මාංශ අනුභවය තහනම් යයි බෞද්ධයන් අවබෝධ කරගත්තද හින්දු දහමේ ද මාංශ අනුභවයට අවසර ලබාදෙන ආකාරයට එහි මූලාශ්‍රයන් හි සදහන් වන බව ඔවුන්ගෙන් බහුතරයක් නොදනිති. එවැනි අවස්ථා කිහිපයක් පිලිබදව සදහන් කරන්නේ නම්,

  • “ආහාර අනුභව කරන්නා මාංශ අනුභව කරන්නේ නම් ඔහු අනුභව කරන මාංශය ඔහුට කිසිදු හානියක් නොකරනු ඇත. සැමකලම මාංශ අනුභවකලත් එසේය. මන්ද සමහර මැවීමන් අනුභව කිරීම සදහාත් තවත් සමහර මැවීමන් අනුභවය සදහාත් මවන්නා දෙවියායි.” (මනු ශාස්ත්‍රිරම් 5-30)
  • “මාංශ අනුභව කිරීමත් නිවරුදි කැප කිරීමකි.” (මනු ශාස්ත්‍රිරම් 5-1)

මීට අමතරව…

  • රිග්වේද – ග‍්‍රන්ථ අංක 10 ගීතිකා අංක 16 වාක්‍ය 10
  • ගීතිකා අංක 27 වාක්‍ය 2
  • ගීතිකා අංක 28 වාක්‍ය 2
  • ගීතිකා අංක 86 වාක්‍ය 13
  • අතර්වා වේද – ග‍්‍රන්ථ අංක 9 ගීතිකා අංක 5 – වාක්‍ය 37 38 39

මෙසේ හින්දු ආගමට අනුව සැලකුවද ඉහත අවස්ථාවන් අමතරව තවත් බොහෝ ස්ථානවල මෙම මාංශ අනුභවය සදහා අවසර ලබාදෙන ආකාරයට සදහන් වේ. කරුණු මෙසේ තිබියදී ඉස්ලාම් දහම පමණක් සත්ව ඝාතනය හා මාංශ අනුභවය සදහා අවසර ලබාදී ඇති බව පවසමින් ඉස්ලාම් දහමට චෝදනා කිරීම හාස්‍ය උපදවන කාරණයකි. ඉහත කරුණුවලට අනුව මෙම කාරණය සදහා ඉස්ලාමයට ඇගිල්ල දිගු කිරීම තමන් කෙනෙකුහට දඹරඇගිල්ල දිගු කිරීමේ දී තමන් නොදැනම තමා දෙසට ඇගිලි 04ක් දිගු වෙනවාසේය. කෙසේ වෙතත් මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමයට විරුද්ධව ඉදිරිපත් කරණ චෝදනාවන් කුමක්ද? යන්නත් එය කොතරම් දුරට සාධාර්ණද? යන්නත් අවධානය යොමු කිරීම මුස්ලීම් ප්‍රජාවගේ අනිවාර්ය වගකීමකි.

එසේ ඉස්ලාමයට එල්ල කරන ප්‍රධාන චෝදනා කිහිපයක් වේ,

  • සත්ව ඝාතනය සතුන්ට කරන හිංසාවකි.
  • සත්ව ඝාතනය එම සතුන්ගේ අයිතීන් උදුරා ගැනීමකි.
  • මාංශ අනුභවය නිසා මිනිසා ද තිරිසනකු බවට පත්වේ.

ඉහත චෝදනාවන් එකින් එක අවධානය යොමු කරමු.

සත්ව ඝාතනය සතුන්ට කරන හිංසාවකි

අප අද 21 සියවසයේ ජීවත් වන්නේමු. වර්ථමානයේ නොයෙක් වෛද්‍ය අවශ්‍යතාවයන් සදහා සිහි නැති කොට වේදනාවන් නොදැනෙන ආකාරයට මිනිසුන් සදහා වෛද්‍ය ප්‍රතිකාර කරනු ලබයි. මේ ආකාරයට අනුභවයට සුදුසු සතුන් ද සිහි නැති කොට වේදනාවක් නොදැනෙන ආකාරයට ඝාතනය කල හැක. සත්ව ඝාතනයේ ඔවුන් වේදනාවක් විදින නිසායි එම මස් අනුභව නොකරන්නේ යයි කිසිවකු පවසන්නේ නම්, එසේ තර්ක කරන්නන් වේදනාවක් නොදැනෙන ආකාරයට සත්ව ඝාතනය කලේ නම් ඉතහ හේතුන් පවසන ඔබ එම මස් අනුභව කරන්න සුදානම් ද? එසේ අනුභව කරන්න සුදානම් පමණි ඉහත තර්කය ඉදිරිපත් කල යුත්තේ.

එසේම වර්ථමානයේ සත්ව ඝාතනයන් සිදුකරන ආකාර කිහිපයක් සමාජයේ පවතී. මේ අකාරයේ සත්ව ඝාතනයන්වලදී සත්වයන්ට කොතරම් දුරට වේදනාවක් දැනෙනවාද? ඇත්තෙන්ම මෙම සතුන් වේදනා විදිමින් මියයනවාද? වැනි කරුණු පිලිබදව අවධානය යොමු කිරීමද කාලෝචිත වේ. එසේ අවධානය යොමු කිරීමේදී මෙම සත්ව ඝාතනය අද ආකාර කිහිපයකට සිදුවේ. එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කර දැක්විය හැක. එනම්,

  • මුස්ලීම්වරුන් සිදුකරන සත්ව ඝාතන ආකාරය
  • මුස්ලීම් නොවන්නන් සිදුකරන සත්ව ඝාතන ආකාරය

ඉහත සත්ව ඝාතන ආකාරයන් පිලිබදව වෙන වෙනම සාකච්චා කිරීමට පෙර අද සමාජයේ ඉහත සදහන් ඝාතනයන් සිදුවෙන ආකාරයන් පිලිබදව කෙටි අවදානයක් යොමුකලේ නම්, මුස්ලීම්වරුන් සතුන් ඝාතනය කරනු ලබන්නේ මුවහත් (තියුණු) ආයුධයකින් ඛෙල්ල ගසා දැමීම හෙවත් ඛෙල්ල කැපීම මගිනි. මුස්ලීම් නොවන්නන් සතුන් ඝාතනය කරනු ලබන්නේ පොලූවලින් ගසා, වෙඩි තබා, ගල්වලින් ගසා, වතුරේ ගිල්වා, ඔලූව අඹරා……. වැනි එ එඅවස්ථාවේ හැටියට විවිධ අයුරින් ඝාතනය සිදුකරයි. මේ ආකාරයන් සියල්ලෙන්ම සත්වයා මිය ගියත්. මේ ආකාරයන්ගෙන් කුමන ආකාරයට ඝාතනය සිදුකලොත් ද එම සතුන්ට වේදනාවක් නොදැනෙන්නේ. එසේත් නැත්නම් වේදනාව අවම වන්නේ?. මෙයයි අවදානය යොමු කල යුතු කාරණය.

මේ කාරණය පිලිබදව ජේර්මනියේ (German) තිඛෙන හනෝවර් (Hanower- විශ්ව විද්‍යාලයේ පරියේෂණයක් සිදුකෙරුණි. එම පරියේෂණය මහාචාර්‍ය සුල්ජ් (Professor Shultj) සහා ඔහුගේ සහය කරු ආචාර්‍ය හාසීම් ( Dr. Hasim) විසින් සිදු කෙරුණි. ඔවුන් කල එම පරියේෂණ පියවරවල් කුමක්ද? යන්නත් එහි ප්‍රථීපලය කුමක්ද? යන්නත් පියවරින් පියවර දැන් බලමු.

  • මිනිස් ආහාරයට ගන්නා සතුන් වර්ග තොරා ගැනීම.
  • සැත්කමක් මගින් එම සතුන්ගේ මොළයේ හා ශරීරයේ විවිධ ස්ථානවල ක‍ෂද්‍ර තරංග උපකරණ තැන්පත් කිරීම.
  • නැවත එම සතුන් යථා තත්වයට පත් වනතුරු සති කිහිපයක් ඉන්නට හැරීම.
  • ඉන්පසු එම සතුන් ප්‍රමාණයෙන් අඩක් ඉස්ලාම් පවසන ආකාරයටත් ඉතිරි සතුන් ඉස්ලාම් නොවන්නන් සිදුකරන ආකාරයන්ටත් ඝාතනය කිරීම.
  • මෙසේ ඝාතනයට ලක්වු සියඑම සතුන් පිලිබදව ඊ.ඊ.ජි (EEG) හා ඊ.සී.ජි (ECG) පරීක‍ෂණ සිදුකිරීම.

ඉහත ආකාරයට පියවරින් පියවර සිදුකල මෙම පරියේෂණයේ ප්‍රථිපල පහත ආකාරයට විය.

ඉහත පරීයේෂණයට අනුව සත්ව ඝාතනයේ දී ඛෙල්ල කපා ඝාතනය කිරීමේ දී එම සත්වයාට කිසිදු වේදනාවක් නොදැනීම මියයන බව තහවුරු විය. මෙසේ සිදුවීමට විශේෂිත වු හේතුන් කිහිපයක් ඇත. එනම්,

  • ඝාතනය කිරීමේදී එම සත්වයාගේ ශරීරය හා මොළය සම්බන්ධ වන ප්‍රධාන නාලයන් කිහිපයක් විසන්ධි වේ. විශේෂයෙන් මොළයට රුධිරය සපයන නාලය. මේ නිසා මොළය අක්‍රිය තත්වයට පත්වීම.
  • ශරීරයෙන් මොළයට පණිවුඩය ගෙනයන නාල සියල්ල විසන්ධි වීම නිසා ශරීරයේ වේදනාව එම සත්වයාට අවබෝධ කරගැනීමට නොහැකිවීම.
  • ස්වාස නාලය ද එ මොහොතේ විසන්ධි වේ. මේ නිසා මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබීයාම නිසා සිහිය නැතිවීමේ තත්වයට මොළය පත්වීම.

මේ අනුව සත්ව ඝාතනයේ දී ඉස්ලාම් පවසන ආකාරයට සත්ව ඝාතනය කිරීමේ දී කිසිදු වේදනාවක් නොවිද එම සත්වයා මියයන බව අවබෝධ වේ. මේ ආකාරයට ඝාතනය කිරීමේ දී අනිකුත් ආකාරයන්ට වඩා තවත් යහපතක් පවතී. එනම් ඉස්ලාම් පවසන ආකාරයට සත්ව ඝාතනය සිදුකිරීමේ දී සත්වයාගේ ශරීරයේ ඇති ප්‍රධාන ලේ නහර කිහිපයක් කැපීයන නිසා මොළයට ලේ සැපයීම අඩාලවේ. මේ නිසා මොළය හා හදවත් අතර තිඛෙන සම්බන්ධතාවය විසන්ධි වේ. මෙය පිලිබදව අවබොධයක් නොමැති හදවත මොළයට අවශ්‍ය ලේ ප්‍රමාණය සැපයීමට හෘද වස්තුව උපරිමයෙන් ක්‍රියා කරයි. එහි ප්‍රථීපලයක් ලෙස ශරීරයේ ඇති සියලූම ලේ කැපීගිය නහර මගින් ශරීරයෙන් පිටවේ. මෙසේ සිදුවීමේ දි මස්පිඩුවල ඉතා වේගයෙන් සංකෝචනය සිදුවේ. මේ නිසා එම සත්ව ශරීරයේ අධික චලනයක් ද ඇති වේ. මේ ආකාරයට එම සත්වයාගේ ශරීරයේ තිඛෙන සියලූම ලේ පිටවීම නිසා තවත් යහපත් සිදුවේ. එනම් එම මාංශවල විෂබීජ ක්‍රියාකාරීත්වය ඉතා අවම තත්වයට පත්වේ. මන්ද බැක්ටීරියාවන් ක්‍රියාකාරී විම සදහා ලේ යනු ප්‍රබල මාධ්‍යයකි. නමුත් ශරීර අභ්‍යන්තර ඇති ලේ පිටවීම නිසා බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට ඇති අවස්ථාව ඇහිරී යයි. එම නිසායි අනිකුත් ආකාරයන්ට සිදුකරන ඝාතනයන් මගින් ලබාගන්නා මාංශයට සාපේක‍ෂව ඉස්ලාම් පවසන ආකාරයට සිදුකල ඝාතනය මගින් ලබාගන්නා මාංශ වැඩි වේලාවක් නරක් නොවී කල්තබාගත හැකි වන්නේ. මෙහි දී අවබෝධ කරගත යුතු විශේෂ කාරණයක් තිබේ. එනම් සත්ව ඝාතනයේ දී ඉස්ලාම් පවසන ආකාරයට ඝාතනය කලොත් පමණි මුස්ලීම්වරුන් සදහා ආහාරයට සුදුසු වන්නේ එසේම ඉස්ලාම් පවසන ආකාරයෙන් බැහැරව සතුන් ඝාතනය කිරීම පාප ක්‍රියාවක් මෙන්ම එම මාංශ අනුභවයද තහනම්ය මෙහිදී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත එනම් සත්වයාට වේදනාවක් නොදැන ආකාරයට ඝාතනය කලේනම් එය ආහාරයට සුදුසුයි. එසේ නොවේ නම් එය ආහාරයට නොසුදුසුයි. යන්න ඉස්ලාමයේ ස්ථාවරය නොවේ. නමුත් දේව නියෝගයට අනුව සත්ව ඝාතනයක් සිදු කලේනම් එම සත්වයා වේදනාවක් නොවිද මියයන බව ඉහතින් තහවුරු වේ.

මාංශ අනුභවය ප්‍රායෝගික අවශ්‍යතාවයක් ද?

මෙම ලොව සියල්ල මවන ලද්දේ මනුෂ්‍යා සදහා යන්න ඉස්ලාමීය විශ්වාසයයි. නමුත් එයින් අදහස් කරන්නේ සියල්ල ආහාරය සදහා යන්න නොවේ. ප්‍රායෝගික ජීවිතයේ ලොව විවිධ දෑ විවිධ අවශ්‍යතාවයන් සදහා උපයෝගි කර ගනුලැබේ. ආහාරය සදහා මාංශ වර්ගයන් යන්න ඉන් එකකි. අද සත්ව ඝාතනය යන්න ආහාර සදහා පමණක් නොව ඖෂධ නිෂ්පාදනයට (ගවයන්, ඌරන්…), ඖෂධ අත්හදා බැලීම (මීයන්, හාවුන්, ගවයින්…) වැනි කාරණාවන් සදහා ද සිදුකරනු ලබයි. සත්ව ඝාතනය ලොව තහනම් කලානම් එය ඖෂධ නිෂ්පාදනයට ප්‍රබලව බලපානු ඇත. අද සත්ව ඝාතනය හෙලාදකින පුද්ගලයාට පවා හෙට ලෙඩක් ඇතිවුයේ නම් ඔහුට ලබාදෙන ඖෂධය පවා සත්ව ජීවිත ගනනාවක් බිලිගෙන බිහිවු ඖෂධයකි. එසේනම් හෙට දවසේ මේ පිරිස ඖෂධ භාවිතයද හෙලාදකීද?. එසේ ක්‍රියාකිරීම ප්‍රායෝගිකද? මින් පෙනීයන්නේ සත්ව ඝාතනයට විරුද්ධවීම වර්ථමාන ලෝකයේ කිසිසේත් ප්‍රායෝගික නොවන බව නොවේද? මෙහි තවත් හාස්‍යජනක කරුණක් වන්නේ සත්ව ඝාතනයට එරෙහිවන බහුතරයක් අවබෝධකරගෙන සිටින්නේ “විශාල ප්‍රමාණයේ සතුන් ඝාතනය තමා පාපයක් වන්නේ කුඩා සතුන් ඝාතනය පාපයක් නොවේ”යන්නයි. මෙය උපහාසාත්මක තර්කයකි. කොයි ආකාරයේ ජීවියකු වුවත් එය ජීවිතයකි. විශාල ප්‍රමාණයේ ඇතැකු වුවත් ඉතාම කුඩා ක්ෂද්‍ර ජීවියෙකු වුවත් එ දෙකෙන් කුමක් ඝාතනය කලත් එය ප්‍රණ ඝාතනයකි. එය 21වන සියවසයේ කිසිදූ තර්කයකින් තොරව සියල්ල පිළිගන්නා සත්‍යයකි. මේ සියල්ල පසකලා ගවයා පමණයි සත්වයකු යයි පවසන ආකාරයටත්, මුස්ලීම්වරුන් පමණයි ගවමස් අනුභව කරන්නේ යයි පවසන ආකාරයටත්, ඉස්ලාම් දහමට ඇගිල්ල දිගුකරයි. මේසේ ඇගිල්ල දිගුකරන ප්‍රජාවගෙන් වර්ථමාන ලාංකීය ප්‍රජාව පදනම් කරගෙන ප්‍රශ්න කිහිපයක් අසන්නට කැමැත්තෙමි,

  • සත්ව ඝාතනය පාපයක් නම් කෘෂි කාර්මික කෙෂ්ත්‍රයේ භාවිතා කරන සියලූම ආකාරයේ කෘමි නාශකවලින් මිදෙන්න ගොවියන් සුදානම්ද?
  • එසේම විවිධ නම්වලින් භාවිතා කරන කැරපොත්තන්, හුනන්, මැස්සන්, කූඹීන්…….වැනි සතුන් විනාශ කිරීම සදහා භාවිතා කරන විෂ රසායනවලින් ජනයා මිදෙන්න සුදානම්ද?
  • ඉහත සියල්ලට සුදානම් වුවත් ඔබ බොන වතුර නොබී සිටීමට සුදානම්ද?

දැන් ඔබට ගැටඑවක් මතුවේ. එනම් “ඇයි වතුර නොබී සිටින්නේ?” යන්නයි. මෙම ප්‍රශ්නය මීට වසර 100කට පමණ පෙර ඇසුවේ නම් එය හාස්‍යයක් වන්නට තිබුණි. නමුත් දියුණු අන්වීක‍ෂයන් සොයාගෙන ඇති වර්ථමානයේ ඔබටම මෙම කාරණය පහසුවෙන් අවබෝධ කරගත හැක. කලයුත්තේ වතුර වීදුරුවක් ගෙන අන්වීක‍ෂයකින් එ දෙස බැලීම පමණි. එසේ ඔබ නිරීක‍ෂණය කලේනම් එහි කොතරම් ප්‍රමාණයක් ජීවින් සිටින්නේද? යන්න පහසුවෙන් අවබොධ කරගත හැක. දැන් ඔබ එම වතුර වීදුරුව පානය කරනවා යනු එම ජීවීන් අමු අමුවේ ගිල දැමීමකි. එසේ නොමැතිව එම වතුර උණුකර පානය කරන්නේ නම් එම සතුන් තම්බා (සූප්) පානය කිරීමකි. දැන් ඔබ එම ජීවින්ට හිංසාවක් නොකොට වතුර පානය කරන්නේ කෙසේද? යම් දර්ශණයක්, මතයක් සමාජය ඉදිරියේ තැබීමේදී එය වලංගුවීමට හා පිළිගැනීමට නම් එහි තිබිය යුතු මුලික අංගයන් කිහිපයක් ඇත. එනම්

  • එය සෑම කෙනෙකුටම ප්‍රායෝගික විය යුතුයි.
  • සෑම ප්‍රදේශයකටම ප්‍රායෝගික වියයුතුයි.
  • සෑම කාලයටම ප්‍රායෝගික විය යුතුයි.
  • එයින් ජනතාවට අපහසුතාවයන් ඇති නොවිය යුතුයි.

ඉහත පදනමේ හිද මේ කාරණය පිලිබදව අවධානය යොමුකලේ නම්, එදා දඩයම් යුගය පසුකල එ අතීත සමාජයට මෙය ප්‍රායෝගික වී නැත. වර්ථමානයේ පවා ධ්‍රැව ආශ්‍රත ජීවත්වන ජනයාගේ ප්‍රධාන ආහාර මාර්ගය මත්සයන් හා දඩමස් පමණි. ඔවුන්ට ද මෙය ප්‍රායෝගික වී නැත. ඔවුන්ට එය හැර වෙන කිසිවක් ආහාරය සදහා සපයාගත නොහැක. එසේම උෂ්ණ අධික ප්‍රදේශවලට ජීවත්වන මිනිසුන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කරගැනීම සදහා මාංශ අනුභවය අනිවාර්‍ය අවශ්‍යතාවයක් වී තිබේ. මෙවැනි හේතුන් විශාල ප්‍රමාණයක් හේතුකොටගෙන නිර්මාංශ ප්‍රතිපත්තිය ප්‍රායෝගික නොවන උපකල්පනයක් පමණක් බව පැහැදිලි වේ. මේ කාරණය පිලිබදව තවත් කොණයකින් අවධානය යොමුකලේ නම් අද ලොව කෝටි 600 ක පමණ ජනගහනයෙන් මාංශ අනුභව කරන්නන් ප්‍රමාණය දළ වශයෙන් කෝටි 570ක් මේ ප්‍රමාණය හෙට දවසේ තීරණය කලා නම් නිර්මාංශකයින් වන්න. ලෝකය ප්‍රබල වු ආහාර ගැටලූවකට මුහුණපානු ඇත. අද ලොව ආහාර අවශ්‍යතාවය ශාක මගින් මෙන්ම සත්ව මාංශවලින් ද සැපයිමින් තිබේ. ලොව සියල්ල නිර්මාංශකයින් වුවානම් අද නිර්මාංශකයින් ලෙස ජීවත්වන පිරිසටද එම ප්‍රතිපත්තියේ තවදුරටත් රුදෙන්නට නොහැකි වනු ඇත. එ අනුව සැලකුවද මෙය ප්‍රායෝගික නොවේ.

මෙම සත්ව ඝාතනය පිලිබදව මෑතක ලංකාවේ ජනප්‍රිය පුවත්පතක දීර්ඝ ලිපියක් පලවී තිබුණු අතර එම ලිපිය ආරම්භයේම මෙසේ සදහන්ව තිබුණි. එනම් ගරු කථානායක වී. ජේ. මු. ලොකුබණ්ඩාර මහතා එක්තරා අවස්ථාවක “මහින්ද රාජක‍ෂ ජනාධිපති තුමාගේ කාලයේ හැරෙන්නට ගව ඝාතනය තහනම් කරන්න වෙනත් කාල පරිච්ඡේදයක් නැත.” යනුවෙන් පැවසු බව පවසා මේ පණිවුඩය තුල ගරු කථානායක තුමා මස් බුදින සමාජයට රතු එළියක් දැල් වු බව ඉහත ලිපියෙහි කතෘ පවසා තිබුණි. ඉහත ගරු කථානායක තුමාගේ ප්‍රකාශයෙන් එතුමා බලාපොරොත්තු වන්නේ ගවයා සදහා වැඩි සැලකිල්ලක් ගෞරවයක් දැක්විය යුතුයි යන්නනම්, එම ප්‍රකාශයේ මා වරදක් නොදකිමි. නමුත් ගව ඝාතනය සත්ව හිංසාවක් පාපයක් යයි පවසා එම සත්ව ඝාතනය කිසියම් ආකාරයටකට තහනම් කරන්න කිසිවකු සිතයි නම්, ඉහත සදහන් රතු එලිය මස් බුදින්නන් සදහා පමණක් නොවේ. විශේෂයෙන් කෘෂි කාර්මික රටක්වන අප රටටම එය රතු එලියකි. මන්ද සත්ව ඝාතනය පාපයක්, හිංසාවක් නම් ගොවින් කෘෂි රසායනිකවලින් ඈත්විය යුතුයි. එසේ වුවානම් වර්ථමාන කෘෂි ආර්ථීකයේ ඉරණම කුමක් වේද? මේ ආකාරයට විවිධ ඬේත්‍ර ඔස්සේ මේ කාරණය කථාකල හැකි වුවත් අවසාන වශයෙන් පැවසිය හැක්කේ සත්ව ඝාතනයට එරෙහිවීම යන්න ප්‍රායෝගික නොවන මනක:ල්පිතයක් යන්නයි. මේ අනුව මුස්ලීම්වරුන්ගේ සත්ව ඝාතනය හා මාංශ අනුභවය සත්ව හිංසාව යයි තර්ක ඉදිරිපත් කිරීම අනවබෝධයකි. එසේම ඔවුන්ගේ වචනයෙන්ම කියනවා නම් එය ස්වභාධහමට එරෙහිවීමකි.

දේව නියමය හෙවත් ස්වභාධර්මයේ තේරිම

දැන් ඔබට තවත් ගැටඑවක් මතුවෙනු ඇත. මෙය ස්වභාධර්මයට එරෙහිවීමක් වන්නේ කෙසේද?

මේ කාරණය පිළීබදව කථා කිරීමට ප්‍රථම අවබෝධ කරගතයුතු සත්‍යයක් තිබේ. එනම් ස්වභාධහම යනු යම් කාර්‍යයක් බුද්ධිමත්ව සිතා සැලසුම් කරණයක් කලහැකි ශක්තියක් නොවේ. දේව නිර්මාණයන් හා සැලසුම්කරණයන් දකින මේ විශ්වයේ බුද්ධිමත්ම සත්වයා වන මනුෂ්‍යා ඔහුගේ තිඛෙන නීචත්වය හා දේව විශ්වාසය ප්‍රතිඬේප කලයුතුයි යන අන්තවාදීත්වය හේතුකොටගෙන අතීතය, අනාගතය හා වර්ථමානය පිළිබදව පුර්ණ අවබොධයක් ඇති සර්ව බලධාරී දෙවියන්ගේ සියලූම ආකාරයේ බුද්ධිමත් සැලසුම් කරණයන් “ස්වභාධහමට” භාරකරයි. (මේ පිළිබදව වැඩි විස්තර “දේව විශ්වාසය හා විද්‍යාව ප්‍රතාඬේප කරයිද?”පොතින් දැකගත හැක). එ අනුව අවබෝධ කර ගතයුතු ප්‍රධාන කාරණයක් වන්නේ වර්ථමානයේ ස්වභාධහමට භාරකරන සියල්ල තුලින්ම විදහාපාන්නේ දේව විශ්වාසයයි. නමුත් එය ප්‍රතිඬේප කිරීම තුල මෙම බුද්ධීමත් මිනිසාගේ අනවබෝධය, අන්තවාදීත්වය හා නීචත්වය මනාව පැහැදිලි කරමින් සිටී.

දැන් ඉහත කාරණය එනම් මාංශ අනුභවය ප්‍රතිඬේප කිරීම ස්වභාධහමට එරෙහිවීම යන කාරණය පිලිබදව අවධානය යොමු කලේ නම්. මෙය (දෙවියන්ට) ස්වභාධර්මයට එරෙහිවීමක් වන්නේ කෙසේද? ඉහතින් සාකච්චා කල ආකාරයට ලොව ජනයාට අවශ්‍ය ආහාර නිර්මාංශවලින් මෙන්ම මාංශ මගින්ද සැපෙයේ නමුත් ජාත්‍යන්තර මට්ටමින් සලකන විට ආහාර ඛෙදීයාමේ ගැටඑවක් ඇතත් ආහාර හිග බවේ ගැටඑවක් නැත. මන්ද එක් රටක් ආහාර නැතුව දුක්විදිද්දී තවත් රටක් අතිරික්ත ආහාර මුහුදටහලයි. මේ අනුව ආහාර ඛෙදීයාමේ ක්‍රියාවලියේ දුර්වලතාවක් පවතිනවා මිස හිගකමේ පැහැදිලිවම ගැටඑවක් නැත. මෙසේ මාංශ හා නිර්මාංශවලින් ලොව අවශ්‍ය ආහාර ප්‍රමාණය සැපයීම සර්ව බලධාරී දෙවියන්ගේ (අදේවවාදීන්ට අනුව ස්වභාධර්මයේ) නියමයකි.

එසේම මිනිස් ශරීරය පිලිබදව අවධානය යොමු කලේ නම් නිර්මාංශ භක්ෂකයින් හට පමණක් සුවිශේෂ නොවන ආකාරයටත්, මාංශ භක්ෂකයින් හට පමණක් සුවිශෙෂ නොවන ආකාරයටත් ශරීර අභ්‍යන්තර අවයවයන් සැකසී ඇත. උදාහර්ණයක් ලෙස දත්වල පිහිටීම පිලිබදව අවධානය යොමු කලේ නම් සිංහයන්, කොටියන්, දිවියන්… සේ මාංශ පමණක් අනුභවයට අවශ්‍ය ආකාරයට දත් පිහිටන්නේද නැතුව, එසේම ගවයන්, අශ්වයන්, එඑවන්… සේ නිර්මාංශ පමණක් අනුභවයට අවශ්‍ය ආකාරයට දත් පිහිටන්නේ නැතුව මේ දෙආකාරයේ ආහාර වර්ගයන් අනුභවයට පහසු ආකාරයට මිනිස් දත් පිහිටා තිබේ. එසේම මිනිස් ආහාර ජීර්ණ පද්ධතිය සැලකුවේ නම් මාංශ මෙන්ම නිර්මාංශ ජීරණය සිදුවීමට පහසු ආකාරයට පිහිටා තිබේ. මෙයද දෙවියන්ගේ (ස්වභාධර්මයේ) සැලසුම් කරණයකි.

එසේම අද මිනිස් ආහාරයට ගන්නා සහා නොගන්නා සතුන් ලොවෙන් වදවීමේ ප්‍රවනතාවය හා බෝවීමේ වේගය පිලිබදව අවධානය යොමු කලේ නම් මාංශ ආහාර සදහා යොදා ගන්නා සතුන්ට වඩා වේගයෙන් මාංශ සදහා යොදා නොගන්නා සතුන්ගේ බෝවීම ඉහල තත්වයක පවතී උදාහර්ණයකට එළදෙනෙකු වසරකට වරක් එක් පැටවෙකු බිහිකරයි. නමුත් බල්ලෙකු, දිවියෙකු, කොටියෙකු, සිංහයෙකු… වැනි සතුන් වසරකට දෙවරක් පැටවුන් 4 හෝ 5ක් බිහකරයි. මෙසේ තිබිය දී ලොවින් තුරන්වීමේ අවධානම ඇත්තේ කුමන සතුන් සදහා ද බුද්ධිමත්ව අවදානය යොමුකොට බලන්න. කිසිදිනක ඔබ ලංකාවේ ඇති ගවයන්, කුකුඑන් අවසන්වීමට ආසන්නයි යනුවෙන් අසා තිබේද? නමුත් සිංහයන්, කොටියන්, අලියන්… වැනි සතුන්ගේ තත්වය කුමක්ද? වසරකට ලංකාවේ ඝාතනය වන ගවයන්, කුකුඑන් ප්‍රමාණය ගනනය කර බැලූවේ නම් ඔබ මවිත වනු ඇත. නමුත් දකින දකින ඕනෑම ස්ථානයක ගවයෙක් කුකුලෙක් දැකීම සුලබ දර්ශණයකි. පසුගිය දිනක ජනප්‍රිය පුවත් පතක ප්‍රධාන නගරවල සැරිසරණ ගවයින් නිසා නගර ජනයාටත් රියදුරන්ටත් විශාල බාධාවක් යන්න හුවාදක්වමින් දීර්ඝ ලිපියක් රූප රාමු සහිතව පලවී තිබු, අධික ජනාකීර්ණයක් සහිත නගරවල මේ ආකාරයට ගවයින් සැරිසරයි නම් ගම්වල තත්වය පැවසීම අවශ්‍ය නොවේ යයි සිතමි.

මේවායින් අවබෝධ වන්නේ කුමක්ද? දෙවියන් (ස්වභාධර්මය) මනුෂ්‍යා සදහා සාධාර්ණයක් ඉටුකර ඇති බව නොවේද? එසේ නම් එ දෙවියන්ට (ස්වභාධර්මයට) අප එරෙහි වන්නේ ඇයි? එය නුවනක්කාර ක්‍රියාවක්ද? මෙසේ දෙවියන්ට එසේත් නැත්නම් ඔබේ විශ්වාසයට අනුව ස්වභාධර්මයට එරෙහිව සිදුවු මිනිස් ක්‍රියාකාරකම්වල අවසාන ප්‍රතිපලය වුයේ විවිධ කාලවල විවිධ ආකාරයේ ඛේදනීය තත්වයන් පෘථීවිතලය මත දකින්නට ලැබීමයි.

ශාක හා සත්ව යන දෙවර්ගයම ජීවින්මය.

නුතන විද්‍යාවට අනුව සතුන් පමණක් නොවේ ශාක වර්ගද ජීවි වර්ගයට අයත් බව ඔප්පුකොට ඇත. වර්ථමානයේ මෙම කාරණය ඔප්පුකලත් අතීතයේ සිටම මිනිසා මේ බව අවබෝද කරගෙන සිටින ලද්දකි. එමනිසයි අතීතයේ පටන්ම ගසක් වියලී ගියවිට එම ගස මැරුණු බව පැවසුවේ. පණ ඇතිබව අවබෝධ කරගෙන සිටී නිසා නොවේද මියයන බව පවසන්නේ. එදා පටන් පණ ඇතිබව පමණක් අවබෝධ කරගෙන සිටියත් වර්ථමානයේ එම ශාකවලත් ජීවින් මෙන්ම ස්ත්‍රි, පුරුෂ භේද, පලයක් හටගැනීම සදහා ස්ත්‍රී පුරුෂ එක්වීම වැනි ලක‍ෂණ දකින්නට ඇති බව විද්‍යාවට අනාවර්ණය කරගැනීමට හැකි විය. මෙසේ මා පවසන විට ඔබට තර්කයක් ඉදිරිපත් කල හැක. එනම් මනුෂ්‍යා ඇතුඑ ජීවින් සදහා ඇත්තේ පංචබුද්ධියකි. එනම් දැකිම, ඇසිම, කථා කිරීම, ගද සුවද දැනීම, සංවේදීවීම, යන්නයි. නමුත් ශාක සදහා ඇත්තේ මෙම පංච කාරණාවලින් එකක් හෝ කිහිපයක් පමණි. මේ කාරණය සම්බන්ධයෙන් තරමක බුද්ධිමත් අවධානය යොමු කලේ නම්, මෙම තර්කයද සාධාර්ණ වු තර්කයක් නොවන බව අවබෝධ කරගත හැක. එනම්,

ඔබ පවුලේ ඔබේ සහෝදරයෙක් සිටිනවා යයිද ඔහු උපතින්ම අන්ධ, ගොඑ, බිහිරි යයිද සිතන්න. දැන් ඔහුට සත්වයකුට හිමි පංච බුද්ධිය පවා නොමැත. මෙසේ පංච බුද්ධිය පවා නොමැති නිසා ඔහුව මනුෂ්‍යයකු වශයෙන් නොසලකා හරින්නෙමුද? එසේම කව්රුන් හෝ ඔහුව ඝාතනය කලේ නම් මාගේ සහෝදරයාහට පංච බුද්ධියක් නොතිබුණු නිසා ඝාතකයාට අඩු දඩුවමක් ලබාදෙන ලෙස ඔබ පවසනවාද? ඔබේ වාදය කුමක් වනු ඇත්ද? නියත වශයෙන්ම ඔබ “ඇස් පේන්නේ නැති, කන් ඇසෙන්නේ නැති, කථා කරන්න බැරි මාගේ සහෝදරයාගේ ඝාතනය වෙනුවෙන් වරද කරුහට දැඩි දඩුවම් ලබාදෙන” ලෙස ඉල්ලනු ඇත. එසේ නම් එ පදනමේ හිද බෝග වර්ග ආහාරයට ගැනීම පිලිබදව අවදානය යොමු කලේ නම් සත්ව මාංශ ආහාරයට ගැනීමට වඩා බෝග වර්ග ආහාරයට ගැනීම ප්‍රබල වු වරදක් බව අවබෝධ වේ. මෙසේ කරුණු පැහැදිලි කරණ විට කිසිවක් පවසාගත නොහැකි. පිරිස පවසන ප්‍රධාන තර්කය මේ ආකාරයට සිතීම, පැවසීම අන්තවාදී අදහස් යන්නයි. නමුත් සැබැවින්ම මෙය අන්තවාදීත්වය නොවේ. නමුත් කිසිදු පදනමකින් තොරව ඔවුන්ගේ වචනයෙන්ම පවසනවා නම් ස්වභාධර්මයට ද එරෙහිව ඔවුන්ටම ආරඬාකරගත නොහැකි නිර්මාංශ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම සැබැවින්ම අන්තවාදී අදහසක් වේ.

ඉහත ආකාරයට නිර්මාංශ අනුභවය මෙන්ම මාංශ අනුභවයද අවශ්‍ය මෙන්ම අනුමතකල කාරණයක් යන්න හේතුන් සහිතව පවසද්දී මෙම සත්ව ඝාතනයට එරෙහිව මා පෙර සදහන් ආකාරයට ලොව මාංශ අනුභව කරන එකම ජන කොඨටාශය මුස්ලීම්වරුන් යන පදනමේ හිද තවත් තර්කයන් කිහිපයක් ඉදිරිපත් කරයි. ඒවා පිලිබදව ද කෙටි අවධානයක් යොමු කලේනම්,

සත්ව ඝාතනය එම සතුන්ගේ අයිතීන් උදුරා ගැනීමකි.

සත්ව ඝාතනයට එරෙහිව ඉදිරිපත් කරන තවත් ප්‍රධාන තර්කයක් වනනේ සත්ව ඝාතනය මගින් එම සතුන්ගේ අයිතීන් උදුරාගනු ලබන බවයි. මෙය බැලූ බැල්මට සාධාර්ණ වු තර්කයක් ලෙස පෙනුනත් මේ කාරණය පිලිබදව බුද්ධිමත් ආකාරයට අවදානය යොමු කිරීමේ දී මෙම තර්කයද ප්‍රායෝගික නොවන තර්කයක් බව අවබෝධ වේ.

එනම් සත්ව ඝාතනය මගින් සතුන්ගේ අයිතීන් උදුරාගැනීමක් සිදුවන්නේ නම් එ සියලූම ආකාරයේ සතුන් සදහා පොදු වු තර්කයක් විය යුතුයි. එසේ නොමැතිව විශාල සතුන් සදහා පමණක් යයි ද එසේත් නැත්නම් තමන් පි්‍රයකරන සතුන් සදහා පමණක් යයිද, සුවිශේෂ නොකල යුතුයි. උදාහර්ණයකට අලියකු මරණවා දකින කෙනෙකු එම අලියාගේ අයිතිය වෙනුවෙන් කථා කරන ආකාරයටම මදුරුවෙකු මරණවා දකින විටත් එ මදුරුවාගේ අයිතීන් වෙනුවෙන් කථාකල යුතුයි. එසේම තම ප්‍රියතම සත්වයා ගවයා ඝාතනය වනවිට එ සත්වයාගේ අයිතීන් වෙනුවෙන් කථාකරනවා සේ අනිකුත් සතුන්ගේද අයිතීන් වෙනුවෙන් කථා කලයුතුයි. නමුත් වර්ථමාන ලාංකීය සමාජය දෙස බැලූවිට ගවයා පමණයි එකම සතෙකු ලෙසත්, පන්සිල් පදයේද සදහන් වන්නේ ගවයා පමණක් ලෙසත් සිතන ආකාරයට අද බෞද්ධයින් ක්‍රියා කරයි. මෙය සාධාර්ණ වු ක්‍රියාවක් නොවේ. යම් තර්කයක් ඉදිරිපත් කරන්නේ නම් එය ඒ ආකාරයේ වු සියල්ල සදහාම පොදු විය යුතුයි. එ අනුව සතුන්ගේ අයිතීන් ලබාදීමේ අරමුණින් හෙට දිනයේ “සියලූ සතුන්ගේ අයිතීන් ලබාදිය යුතුයි කිසිදු සත්වයකු ඝාතනය නොකල යුතුයි” යනුවෙන් තීරණය කලේ නම් ඉහතින් සදහන් කලා සේ හෙට දිනයේ සිට කිසිවකුටත් වතුර වීදුරුවක් පානය කිරීමට, ඖෂධ නිෂ්පාදනය කිරීමට හෝ කෘෂි කර්මාන්තයේ කෘෂි රසායන භාවිතා කිරීමට නොහැකි වනු ඇත. එම නිසා සත්ව ඝාතනය සතුන්ගේ අයිතීන් උදුරාගැනීමක් යන්න ප්‍රායෝගික නොවන මන:කල්පිතයකි.

මාංශ අනුභවය නිසා මිනිසා ද තිරිසනකු බවට පත්වේ.

සත්ව ඝාතනයට එරෙහිව මතු කරන මීළග ප්‍රධාන තර්කය වන්නේ මාංශ අනුභව කරන මිනිසුන් හැසිරෙන්නේ එම තිරිසන් සතුන්මෙනි. යනුවෙන් පවසා උදාහර්ණයකට ලොව මුස්ලීම්වරුන්ගේ ත්‍රස්ථ ක්‍රියාවන් ගෙනහැර දක්වයි. මේ කාරණය පිලිබදව අවදානය යොමු කලේනම්.

මෙම තර්කය ලොව කිසිදු විද්‍යාඥයකු කිසිදු විද්‍යාගාරයක ඔප්පුකොට නැත. මෙය ජනයාගේ උපකල්පනයක් පමණි. වාදයකට එය සත්‍ය යයි උපකල්පනය කලත් ඉස්ලාම් තිරිසන් සතුන්ගේ එනම් මාංශ භක්ෂකයින් වන සිංහයන්, කොටියන්, දිවියන්… වැනි සතුන්ගේ මාංශ මිනිස් ආහාරය සදහා අවසර ලබානොදෙන අතර ශාක භක්ෂකයන් වන එළවන්, ගවයන්, ඔටුවන්… වැනි සතුන් අනුභවය සදහා අවසර ලබාදීම තුල ඉහත චොදනාව සත්‍ය වුවත් එම චෝදනාවෙන් ඉස්ලාම් ශුද්ධ වී ඇත. එසේම මේ තර්කය සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් මතුකිරිමට සිදුවේ. එනම් ලාංකීය සමාජයේ මාංශ වර්ග අනුභව නොකරන ගවයා, දේවත්වයෙන් සලකන දෙමළ ජනතාවගෙන් කොටසක් වන කොටි ත්‍රස්ථවාදීන් ත්‍රස්ථ කි්‍රයාවල නියලෙන්නේ මාංශ අනුභව කල නිසාද? එසේම විවිධ ප්‍රදේශවල බෞද්ධ ජනයාත් මැරක්‍රියාවල නියලෙන්නේ මාංශ අනුභව කරන නිසාද? එසේම ඉන්දියාවේ මුස්ලීම්වරුන්ගේ ඉපැරණි දේවස්ථානය වන “බබර් මස්ජිද්” හින්දු භක්තිකයින් ආගම නමින් කඩාබිද මුස්ලීම්වරුන්ද ඝාතනය කලේ ඔවුන් මාංශ අනුභව කල නිසාද? එසේම පසුගිය කාලවල ජපානයේ බෞද්ධ නිකායකට අයත් පිරිසක් උමං මාර්ගයකට විෂ වායු යොදා මිනිසුන් ඝාතනය කලේ මාංශ අනුභව කල නිසාද?……… මේ ආකාරයට ප්‍රශ්න වැලක් පෙළගැස්විය හැකි වුවත් බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුහට මෙම කාරණය පහසුවෙන් අවබෝධ කරගත හැක. මේ අනුව මාංශ අනුභවය තුලින් මිනිසා තිරිසනකු බවට පත්වනවා යන්න අන්තවාදී හාස්‍ය උපදවන මන:කල්පියක් පමණක් බව පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත.

මේ ආකාරයට මාංශ අනුභවයට විරුද්ධව කුමන ආකාරයේ තර්ක ඉදිරපත් කලත් එවා සියල්ල හුදෙක් තර්කයන් පමණක්ම වන අතර එවාට කිසිදු පදනමක් හෝ ප්‍රායෝගික බවක් නැත. එසේ නම් එවැනි ප්‍රායෝගික නොවන පදනම් විරහිත කරුණක් වෙනුවෙන් එරෙහි වනවා යන්න දේව නියමයන්ට එසේත් නැත්නම් ඔබේ වචනයෙන් පවසනවා නම් ස්වභාධහමට එරෙහිවීමකි. දේව නියමයක් නම් එහි නොගැලපීම් ඇතිවිය නොහැක. පටු සීමාවක හිද බලන විට නොගැලපීම් ලෙස පෙනුනත් සමස්ථ ලෝකයම සැලකුවිට බුද්ධිමත් සැලසුම්කරණයක් බව පෙනී යනු ඇත. එම සැලසුම්කරණය තුල මාංශ අනුභවය යනු ලාංකීය සමාජයට ප්‍රබල අවශ්‍යතාවයක් නොවුවත් සමස්ථ ලෝකයම සැලකුවිට අත්‍ය අවශ්‍ය කාරණයක් බව අවබෝධ වේ. එ අනුව මාංශ අනුභවය ලෝක අවශ්‍යතාවයකි. එසේම එය ප්‍රායෝගික සත්‍යයකි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. Mohammed 2012-02-02 at 07:29

    මෙම ලිපියේ කියවෙන මාංශ අනුභවය පිලිබදව බුදුදහමේ ස්ථාවරය කුමක්ද? යටතේ උපුටා දක්වන කරුණු කේසේ කුමන පොතකින් උපුටා ගතේද කියා සදහන් කරන්නේ නම් මැනව.
    මගේ බෞද්ධ මිතුරෙකු පවසන්නේ …
    1. බුදු දහම කිසි විටෙක මාංශ අනුභවය සඳහා අනුබල දී නොමැත.
    2. බුදුරජාණන් වහන්සේ අනුභව කළ “සූකර මද්දවය” ඌරු හතු වර්ගයකි. එහි සූකර යන වචනය පමණක් උපුටා ගෙන, බුදුන් ඌරු මස් කෑ බව පැවසීම පිළිකුල් සහගත ය.බුදුන් ඌරු මස් කෑ බව පැවසීම පිළිකුල් සහගත ය.

    මෙහි එන බුද දර්මයට සම්බන්ද උපුටා ගැනීම නියම ලෙස ගෙන හැර දක්කවන්න. මක් නිසාද යත් තව ආගමක් වෙනස් කොට ගෙන හැර දැක්වීම නොකළ යුතු දෙයකි.
    කරුණාකර මෙයට නිසි පිළිතුරක් ලබාදෙන්න.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *