හදීස් කලාව – 01 සහීහ් හදීස්

2

මීට ඉහත මෙම අඩවිය තුළ ඉදිරිපත් කළ ‘හදීස් හෙවත් ශුද්ධ වූ නබිවදන්‘ යන ලිපිය තුළින් ශුද්ධ වූ කුර්ආනය සේම ශුද්ධ වූ හදීසය ද දිව්‍යම භාෂිතය බව ද එම දිව්‍යමය භාෂිතයට ආවේනික කළාවක් ‘හදීස් කලාව‘ නමින් ලොව නිර්මාණය වූ බවද සාකච්චා කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. එසේම එම ‘හදීස් කලාව’ නම් විෂය පිලිබදව පුළුල් විග්‍රහයක් ‘යහමඟ’ අඩවිය තුල පියවරින් පියවර සිදුකරන බවට ද ඔබට පොරොන්දු වුවා මතකයේ ඇතැයි සිතමි. ඒ අනුව හදීස් කලාවේ පලමු. අංගය වන ‘සහීහ් හදීස්’ නම් විෂය මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස් කරමි.

සහීහ් නම් හදීස් කලාව

අද අප නබි (සල්)  තුමාණන් ගැන හදීසයක් පවසන අවස්ථාවේ බොහෝ විට ආරම්භක දැනුම් දෙන්නා (දැනුම් දෙන්නා හදීස් කලාව තුල ‘රාවි’ යැයි හඳුන්වනු ලැබේ.) වන සහාබිවරයා හැර අනිකුත් දැනුම් දෙන්නන්ගේ නමි සඳහන් නොකරමු. සියලු හදීස් ග්‍රන්ථවල ‘සනද්’ සඳහන් කර තිබීම ඊට හේතුවයි. නමුත් හදීස් ග‍්‍රන්ථාරූඩ වෙමින් තිබූ හිජ්රි 03වන හා 04වන සියවස්වල නබිතුමාණන් ගේ හදීසයක් පවසන විට එම  හදීසය හදීස් විශාරදයන් විසින් තම ග‍්‍රන්ථ වල සටහන් කිරීමට පොදුවේ පිළිගත් රීතියක් තිබිණි. එනම් ප‍්‍රවෘත්තිය තමා හට ප‍්‍රකාශ කරන ලද්දේ කා විසින්ද යන්නත් සඳහන් කළ යුතු විමය. එනම් හදීසය දැනුම් දෙන්නා තමාට ප‍්‍රකාශ කළ පුද්ගලයාව පමණක් ප‍්‍රකාශ කිරීම ප‍්‍රමාණවත් නොවිය. තමාට ප‍්‍රකාශ කළ පුද්ගලයා දැනගත්තේ කාගෙන්ද? ඔහු දැනගත්තේ කාගෙන්ද? මේ ආකාරයට දැනුම් දෙන්නන්ගේ දම්වැල නොකැඞී නබි (සල්) තුමාණන් දක්වාම ගමන් කළ යුතු විය. මෙසේ හදීසය ග‍්‍රන්ථයේ සටහන් කරන විශාරදවරයාට ප‍්‍රකාශ කළ රාවි(දැනුම් දෙන්නා) ගෙන් පටන් නබි (සල්) තුමාණන් දක්වාම දම්වැල නොකැඞී නිවැරදිව පිහිටිය යුතුය යන්න හදීසයක් පිළිගැනීමට(නොඑසේ නම් සහීහ් හදීසයක් වීමට) ප‍්‍රධාන සාධකය විය.

සියළු හදීස් සම්පාදනය කරණු ලැබුවේ මේ ආකාරයටයි. උදාහරණයක් ලෙසබුහාරී නම් හදීස් ග‍්‍රන්ථයේ සඳහන් වන පළමු හදීසය සලකා බලමු.

“සියලු ක්‍රියා චේතනාවට අනුවයි. කෙනෙකුට හිමිවන්නේ ඔහු චේතනා කරන දෙයයි. යමෙකුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ වක්තෘවරයා වෙනුවෙන් නම්, ඔහු ගේ හිජ්රතයට අල්ලාහ් සහ ඔහුගේ වක්තෘවරයා වෙනුවෙනි. යමෙකුගේ හිජ්රතයා ලෞකික සැපසම්පත් ලබා ගැනීම සඳහා නම් නොඑසේ නම්, කාන්තාවක් විවාහ කර ගැනීමට නම් ඔහුගේ හිජ්රතය ඔහු කුමක් සඳහා හිජ්රත් කළාද ඒ සඳහා ය.“

මෙය බුහාරි ග්‍රන්ථයේ පළමු හදීසය වන අතර හදීස් කලාවේ මෙය මතන් ලෙස හඳුන්වන බව අපි ඉහත සඳහන් කළෙමු. මෙම හදීසයේ  සනද් නම් කොටස වෙත අවධානය යොමු කරන්නේ නම්,

මෙම හදීසය නබි(සල්) තුමාණන් ප‍්‍රකාශ කළ බව පවසන පළමු දැනුම් දෙන්නා  උමර් (රලි) තුමා නැමැති සහාබි වරයා ය. මෙතුමා මෙම ප‍්‍රවෘත්තිය නබි(සල්) තුමාණන්ගෙන් කෙලින්ම අසා දැනුම් දුන්නේය.අල්කමා බින් වක්කාස්  මෙම ප‍්‍රවෘත්තිය උමර් (රලි) තුමාගෙන් සෘජුවම අසා ඇත. අල්කමා බින් වක්කාස් ගෙන් මුහම්මද් බින් ඉබ්රාහීම් නැමැත්තා මෙම ප‍්‍රවෘත්තිය අසා ඇත. මුහම්මද් බින් ඉබ්රාහීම්ගෙන් සෘජුවම අසා ඇත්තේ යහ්යා බින් සයීද් නැමැත්තාය. ඔහුගෙන් සුෆ්යාන් නැමැත්තාද සුෆ්යාන්ගෙන් හුමෛද් නැමැත්තාද සෘජුම අසා දැනගෙන ඇති අතර අවසානයේ බුහාරි ග්‍රන්ථයේ කතෘ වන ඉමාම් බුහාරි හුමෛදී සෘජුවම දැනගෙන තම ග්‍රන්ථයේ මෙම දැනුම් දෙන්නන්ගේ දම්වල සමග හදීසය සටහන් කර ඇත.නබි (සල්) තුමාණන්ගේ පටන් බුහාරි දක්වා වූ කාල පරාසය අවුරුදු 200ක් පමණ වන බව මෙහිදී අවධාරණය කළ යුතු කරුණකි.

ඒ අනුව මෙම හදීසය නිවැරදි (සහීහ්) හදීසයක් හැටියට පිළිගැනීමට නම් පහත සඳහන් සියළුකොන්දේසි සපුරා තිබීම අත්‍යවශ්‍ය වේ.

  • හදීසයක සනද් (දැනුම් දෙන්නන්ගේ දම්වැලේ) හි සියළු දැනුම් දෙන්නන් විශ්වාසවන්තයින් විය යුතුය.
  • ඔවුන් සියළු දෙනා තියුනු මතක ශක්තියකින් යුක්ත් අය විය යුතුය.
  • ඔවුන්ගේ අවංක භාවය පිළිබඳ සැකයක් පහළ නොවිය යුතුයි.
  • දැනුම් දෙන්නන්ගේ දම්වැලේ සිටින සියළු දෙනාම තමා හට දැනුම් දෙන පුද්ගලයාගෙන් සෘජුවම අසා තිබිය යුතුයි.

නිවැරදි හදීස් හැටියට පිළිගත හැක්කේ ඉහත ලක්‍ෂණ සියල්ලෙන් සමන්විත හදීස් පමණි.ඒ අනුව නිවැරදි – සහීහ් වූ හදීස්යන් අනුව අමල් කිරීම හා ඒවා පිළිපැදීම අනිවාර්ය වේ යන්න සියළු දෙනා මතභේදයෙන් තොරව අවිවාදයෙන්ම පිළිගන්නා අදහසයි.

‘හදීස් කලා’ පිලිබද කියවීමට මෙහි Click කරන්න.

ඉබුනු ජෙමීල් / අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. අබූ සුඅාද් 2013-10-23 at 17:25

    හදීස් සහීහ් ඝනයට අයත්වීමට තවත් ෙකාන්ෙද්සි ෙදකක් අැත ඒනමි ඒම හදීෙසෙෙයහි ෂුදූද් (ෂාද්) හා ඉල්ලත් (මුඅල්) ෙනාතිබිය යුතුය

    الشرط الأول: أن يكون الناقل له عدلاً أي عدلاً في دينه ليس بفاسق.

    الثاني: أن يكون ضابطاً ضبطاً تاماً بحيث لا يخطئ في التحمل ولا في الأداء والنادر لا حكم له يعني والخطأ النادر لا حكم له.

    الشرط الثالث: أن يكون السند متصلاً بحيث يرويه التلميذ عن شيخه مباشرة.

    الرابع: أن يكون الحديث غير معلل أي ليس فيه علة تقدح فيه لا في سنده ولا في متنه.

    الخامس: أن لا يكون شاذاً لا في سنده ولا في متنه فإذا تمت هذه الشروط كان صحيحاً مقبولاً يعمل به وإذا اختل شرط منها نزل عن درجة الصحة وإذا نزل عن درجة الصحة فهو درجات منه الحسن لذاته والحسن لغيره والصحيح لغيره والضعيف والموضوع والمرسل والمنقطع والمعضل وهذا معروف في علم المصطلح والذي يهمنا أن نعرف شروط الصحيح وهي خمسة كما ذكرته آنفاً.

    • අබූ අර්ශද් 2013-10-27 at 04:57

      ඔබ ඉදිරිපත් කර ඇත්තේ හදීස් කළාවේ විෂයන් දෙකකි. මෙම ලිපි මාලාවේ දී ඒ ගැන ඉදිරියේදී සාකච්චා කෙරේ. ඔබගේ උනන්දුවට ‍බොහෝමත්ම ස්තුති.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *