හදීස් කලාව – 02 මවුලූ වූ හදීස්

0

හදීස් කලාව පිලිබදව කථා කරන ලිපි මාලාව තුල මීට ඉහත හදීස් කලාව පිලිබදව විමසුමක් යන ලිපිය තුලින් හදීස් කලාව යනු කුමක්ද? යන්නත් ඉන්පසු හදීස් කලාව – 01 සහීහ් හදීස් යන ලිපිය තුලින් හදීස් කලාවේ ‘සහීහ්’ යන රීතිය ගොඩනැඟී ඇත්තේ කවර ආකාරයට ද යන්නත් සාකච්චා කලෙමු. අද මෙම ලිපිය තුලින් ‘මවුලූ’ හෙවත් ගොතන ලද හදීස් යනු කුමක්ද? යන්නත් ඊට අදාල රීති මොනවාද? යන්නත් මෙතැන් සිට විමසා බලමු.

ප‍්‍රතික්‍ෂෙප විය යුතු හදීස් අතුරින් මුල්තැන ගන්නේ මවුලූ වූ නම් හදීස් වේ. මවුලූ නැමැති පදයේ තේරුම ගොතන ලද දේ යන්නයි. නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ නොකල දෑ – ක‍්‍රියාත්මක නොකළ දෑ – හා අනුමත නොකළ දෑ එතුමාගේ නාමයෙන් ගොතා ප‍්‍රකාශ කිරීම ගොතන ලද හදීස් යැයි හඳුන්වනු ලැබේ.

  • දැනුම් දෙන්නන්ගෙන් කෙනෙකු හෝ කිහිපදෙනෙක් බොරුකාරයින් යැයි ඔප්පු වීම
  • ගොතන ලද පුද්ගලයා පසුකාලීනව තමා ගෙතූ බව පිළිගැනීම

ඉහත සඳහන් ලක්‍ෂණවලින් එකක් හෝ යම් හදීසයක අන්තර්ගත වේ නම් එය ගොතන ලද හදීසයක් වේ. ගොතන ලද හදීසයන් පිළිගත නොහැකි අතර ඒ අනුව අමල් කිරීම නොකළ යුතුය. ගොතන ලද හදීස් පිළිබඳ මෙම විස්තරය ප‍්‍රමාණවත් යැයි සිතමි. මේ පිළිබඳ අපි දැඩි අවධානයෙන් සිටිය යුතුය. මන්ද විවිධ අරමුණු පෙරදැර කරගෙන ඇතැමුන් නබි තුමාණන්ගේ නාමයෙන් හදීස් ගෙතූහ. එනම්,

  • ඉස්ලාම් ආගමේ වර්ධනය වැලැක් වීමට
  • ආගම පිළිබඳ ඇති දැඩි ආශාව
  • ගෞරවයක් ලබාගැනීමේ අරමුණින්
  • රජවරුන්ව සතුටට පත්කිරීමේ අරමුණින්
  • ආගමික නිකායන් අතර තරඟ, ගැටුම් හා ක්‍රෝධය
  •  ආගමික දේශණවල තම කථා වස්තුව අලංකාර කිරීම
  •  පෞද්ගලික ලාබ අපේක්‍ෂාවන්

වැනි හේතුන් නිසා නබි (සල්) තුමාණන්ගේ නාමයෙන් ගොතා ලද හදීස්  සමාජයට පිවිස තිබේ. හදීස් කළාව හොඳින් අධ්‍යනය කර, මේවා හඳුනාගෙන ඒවා සමාජයෙන් ඉවත් කිරීම මුස්ලිම්වර්න්ගේ යුතුකමයි. මේවැනි ගොතන ලද හදීස් හඳුනාගැනීම පහසු කිරීම පිණිස අතීතයේ විසූ ආගමික විද්වතුන් වන ඉමාම් ජවුසජානී, ඉමාම් ෂවුකානී… වැනි අය මේ විෂය යටතේ ග්‍රන්ථ රාශියක් දායද කර ඇත. මෙවැනි ග්‍රන්ථ අතුරින් ඉමාම් ෂව්කානී තුමාගේ ‘අල් ෆවාඉද් අල් මජ්මුඋ ‍ෆී අහාදීසිල් මවුලූආත්’ යන කෘතිය ප්‍රධාන තැනක් ගනී. එවන් කතෘ තුළින් මුස්ලිම් සමාජයේ දැනගිනීම පිණිස මවුලූ හෙවත් ගොතන ලද හදීස් කිහිපයක් පහතින් ඉදිරිපත් කරන්නේ නම්,

  • යමෙක් ලාඉලාහ ඉල්ලල්ලාහ් යැයි ප‍්‍රකාශ කරයි නම්, එම වදනෙන් අල්ලාහ් කුරුල්ලෙක්ව මවයි. එම කුරුල්ලාට දිවවල් හත්තෑ දහසක් ඇත. සෑම දිවක්ම භාෂා හත්තෑ දහසක්(70000) කතා කරයි.
  • වම්බටු අනුභව කිරීමෙන් සියළු රෝගවලට සුවය ලැබෙයි
  • මාළු අනුභව කිරීමෙන් ශරීරය දුර්වල වේ
  • ආලිම්වරයෙකුගේ සභාවක අසුන් ගැනීම රකඅත් දහසක් සලාත් කිරීමට වඩා ශ්‍රේෂ්ඨ වේ.
  • මාගේ සමාජයේ (ඉස්ලාමීය) පූජකවරුන් බනී ඉස්රායීල් සමාජයේ නබිවරුන් වැනිය
  • යමෙක්(ඉස්ලාමීය) පූජකවරුන් මුණගැසෙයි නම් ඔහු මාව මුණගැනීමට සමානය. (ඉස්ලාමීය) පූජකවරුන්ට මුසාෆහා කිරීම මට  මුසාෆහාකිරීමට සමානය.
  • රජුගේ අවසරයෙන් තොර ජුම්ආ සලාතය නැත
  • හිල්ර් හා ඉස්මායීල් යන නබි වරු දෙදනා ජීවතුන් අතර සිටිති. මිනාහි ඔවුන් දෙදෙනා අවුරුදු පතා මුණගැසෙති
  • රෝස මල මවා ඇත්තේ නබි (සල්) තුමාගේ දහදියෙනි.
  • මාගේ සමාජයේ මුහම්මද් ඉද්රීස් (මෙය අප රටේ ප්‍රධාන මද්හබය(නිකාය) වන ෂා‍ෆි මද්හබ්හි ප්‍රධාන ඉමාම් ලෙස සැලකෙන ෂා‍ෆී ඉමාම් තුමාගේ නමයි.) නමින් කෙනෙකු පහළ වෙනු ඇත. ඔහු ඉබ්ලීස්ට(ෂයිතාන්) වඩා මාගේ සමාජයට විනාශකාරී කෙනෙකි. මාතේ සමාජයේ අබූ හනී‍ෆා(මෙය තවත් ප්‍රධාන මද්හබයක්(නිකාය) වන හනෆි මද්හබයේ නිර්මාතෘ ලෙස සැලකෙන පුද්ගලයාය.) නමින් කෙනෙකු පහළ වනු ඇත. ඔහු මාගේ සමාජයේ ආලෝකය යි.
  • කාන්තාවන්ගෙන් උපදෙස් විමසන්න. ඊට පටහැනිව කටයුතු කරන්න.

මේවා සියල්ල නබි (සල්) තුමාණන් ප‍්‍රකාශ කළ බවට ගොතන ලද ඒවා වේ.  මෙවැනි හදීස් ගැන දැඩි අවධානයෙන් කටයුතු කිරීම මුස්ලිම්වරුන්ගේ අනිවාර්ය යුතුකම වේ.

මෙම විෂයට අදාලව මීට පෙර පලකල ලිපි

මෙම හදීස් කලාවේ තවත් කොටසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න…

 

ඉබුනු ජෙමීල්/අබූ අර්ශද්

 

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp