නව සඳ දැකීම හා උපවාසය ඇරඹීම

7

උපවාස සමය උදාවත් සමඟ මුස්ලීම් සමාජය තුල කාලීන මාතෘතාවක් වන්නේ ‘හඳ දැකීම හා උපවාසය ඇරඹීම’ යන්නයි. මේ හේතුව නිසාම ඒ පිලිබදව අද දින යහමඟ වෙබ් අඩවිය තුල අවධානය යොමු කිරීමට අදහස් කරමි. මෙම මාතෘකාව සාකච්චාවට ගැනීමට ප්‍රධාන හේතූන් දෙකක් ඇත. එනම්,

 

  • මුස්ලීම් සමාජයේම ඉතා සුළු පිරිසක් උපවාසය අරම්භ කිරීමේ දී, ඒ සදහා අනුගමනය කරන වැරදි ක්‍රමවේදයන්ය.
  • එම උපවාසය ඇරඹීමට මුස්ලීම්වරුන් අනුගමනය කරන ක්‍රමවේදයන් පිලිබදව ශ්‍රී ලාංකීය අන්‍ය ආගමික ප්‍රජාවට තිබෙන අනවබෝධය වැරදි ආකල්පයන්ය.

ඉහත වැරදි ක්‍රමවේදයන් හා ආකල්පයන් පිලිබදව කිසියම් පැහැදිලි කිරීමක් ලබාදීම පිණිස ඉදිරිපත් කරන මෙම ලිපිය ආරම්භයේ ශ්‍රී ලාංකීය අන්‍ය ආගමික සහෝදර ජනතාවට මෙම “නව සඳ දැකීම හා උපවාසය ඇරඹීම” යන කාරණය සරලව පැහැදිලි කරන්නේ නම්, ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසය ගණනය කිරීම සිදුවන්නේ හඳ හි චලිතය හා එහි පිහිටීම පදනම් කරගෙනය. (මේ විෂය පිලිබදව දීර්ඝ ලෙස මීට පෙර “නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය” යන මාතෘකාව ඔස්සේ මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත) මෙම හඳේ පිහිටීම අනුව මාසය නිර්ණය කිරීම යන්න ඉස්ලාම් ආගමට හෝ මුස්ලීම් සමාජයට පමණක් ආවේනික අංගයක් නොවේ. ශ්‍රී ලංකීය බහුතරයක් පිලිපදින බෞද්ධයන් පවා බෞද්ධ ක්‍රමයට මාසය ගණනය කරනු ලබන්නේ මේ හඳේ පිහිටීම පදනම් කරගෙනය. මේ හේතුව නිසා තමා පෝය දිනයන් හඳ පිහිටීම අනුව නිර්ණය වන්නේ. නමුත් මේ පිලිබදව නිසි අවබෝධයක් නොමැති සමහරක් බෞද්ධයින් පවා ඉස්ලාමීය චන්ද්‍ර මාස ක්‍රමය විවේචනය කිරීම හාස්‍ය ජනක කාරණයකි. මෙහි දී සදහන් කලයුතු විශේෂ කාරණයක් ඇත. එනම් බෞද්ධ සමාජයේ කිසියම් විද්වත් කණ්ඩායමක් නිර්මාණය කරදුන් චන්ද්‍ර මාස දින දර්ශනය අනුව වර්ෂය පුරාවට එය අනුගමනය කරමින් ඔවුන් ක්‍රියාකලද ඉස්ලාම් දහම චන්ද්‍ර මාසයේ ආරම්භය නිර්ණය කිරීම සදහා මුල් හඳ දැකීම මුස්ලීම් සමාජයට උනන්දු කරවයි. මේ නිසා ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයට සාපේක්ෂව මුස්ලීම් සමාජය නව හඳ නැරඹීමට දැඩි උනන්දුවක් දක්වීම පුදුමයට හෝ කුතුහලයට කාරණයක් නොවේ. එය ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව කුසල් ගෙන දෙන ක්‍රියාවක්ද වේ. මේ ආකාරයට මුල්හඳ දැකීමට උනන්දු කරවන ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව අවබෝධයක් නොමැති සමහරක් පිරිස් ඉස්ලාම් දහමට එරෙහිව ඉදිරිපත් කරන විවේචනයන් දෙස බලනවිට ඔවුන් කොතරම් අනවබෝධයෙන් එවන් ක්‍රියාවල නිරත සිටිනවාද? යන්න සිතේ. එයට නිදසුනක් පවසනවා නම්, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පුවත්පතක් වන “දිනමිණ” පුවත්පතේ මීට කලකට ඉහත පලවූ “සාහස්‍රය” නම් ගවේෂණාත්මක ලිපියේ එක්තරා තැනක එහි කතෘ සදහන් කර තිබුණේ පහත ආකාරයටය. එනම්,

“…ඉස්ලාම් දහමට අනුව හඳ උත්තරීතර වස්තුවකි, එහි දෙවියන්ගේ වාසස්ථානය ඇති බව ඔවුන්ගේ පිලිගැනීම වේ…”

ඉහත ආකාරයේ වූ අදහස් දැක්වීමන් මුස්ලීම් සමාජයට එක් පසෙකින් හාස්‍යය උපදවන අතර ඉස්ලාම් කිසිදු විටෙක නොපවසන ඉස්ලාමීය මූලික ඉගෙන්වීමන්ට පවා පරස්පර වූ එවැනි අදහස් දැක්වීම් දැක එවන් පිරිස් පිලිබදව පිලිකුලක් ද ඇති වේ. මෙවන් වූ සමාජ පසුබිමක මෙවැනි ලිපියක් ඉදිරිපත් කිරීම කාලීන අවශ්‍යතාවයක් යන්නෙහි දෙවැනි මතයක් කිසිවකුටත් පැවතිය නොහැක.

දැන් මෙම ලිපියේ මීලඟ අරමුණ මෙන්ම මුඛ්‍ය අරමුණ වන “රමලාන් මාසය උදාව ඉස්ලාමීය ක්‍රමයට නිර්ණය කරන්නේ කෙසේද?” යන කාරණය වෙත අවධානය යොමු කලේනම්, එහි මුස්ලීම් සමාජය තුල කිසියම් ආකාරයක මතභේදයන් ද ඇති බව අමතක නොකලයුතුය. එම කාරණයට යොමු වීමට ප්‍රථම සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් මුස්ලීම් සමාජයට මතභේදයක් පවතින්නේ රමලාන් මාසය ආරම්භ කිරීම සම්බන්ධයෙන් හෝ මාසය ආරම්භ කලයුත්තේ හඳ පදනම් කරගෙනද? යන කාරණයේ නොවේ. සමස්ථ මුස්ලීම් සමාජයම චන්ද්‍ර මාස ක්‍රමය ඒකමතිකව අනුමත කරයි. ඒ අනුව ඉස්ලාමීය ක්‍රමයට 9 වන මාසය වන “රමලාන්” (උපවාසය රකින) මාසයත් චන්ද්‍ර මාසය අනුවම තමා නිර්ණය වියයුත්තේ යන්නෙහි විරුද්ධ මතයක් මුස්ලීම් සමාජයේ නැත. මතභේදය ඇත්තේ මෙම චන්ද්‍ර මාසය නිර්ණය කරන්නේ කෙසේද? යන කාරණයේදී පමණි. එනම්,

  1. මාසයේ මුල (චන්ද්‍රයාගේ පිහිටීම) ගණනය කිරීම මඟින් හදුනා ගතයුතුයි
  2. ලොව කුමන රටක මුල් හඳ දුටුව ද එය මුළු ලොවටම පොදු වියයුතුයි
  3. කිසියම් රටක දකින මුල් හඳ එම රටට පමණක් සීමා වියයුතුයි
  4. (එකම රට තුල පවා) කිසියම් ප්‍රදේශයක දකින හඳ එම ප‍්‍රදේශයට පමණක් වලංගු වියයුතුයි

ඉහත ප‍්‍රධාන මතවාද 04 ට අමතරව තවත් අනු වාදයන් ද මුස්ලීම් සමාජය තුල සුළු වශයෙන් දක්නට ඇත. කෙසේ වෙතත් නිවරැදි ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්න පැහැදිලිව හදුනාගැනීම තුල ඉහත මතවාදයන් හා දුර්මතයන් මෙන්ම මෙහි සදහන් නොවූ අනිකුත් මතවාදයන් සියල්ල අවලංගු වී යනු ඇත යන්න මාගේ විශ්වාසයයි. ඒ අනුව ඉස්ලාමීය මාසය ආරම්භ කිරීමේ දී ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශය කුමක්ද? යන කාරණය වෙත අවධානය යොමු කරමු. එහිදී එය ඉස්ලාමීය මූලාශ්‍රයන් හෙවත් දිව්‍යමය මඟපෙන්වීමට යටත් විමසා බැලීම අත්‍යඅවශ්‍ය කාරණයකි. එනම් “ඉස්ලාම්” යයි පැවසෙන කාරණය දිව්‍යමය වදන් වන ශුද්ධ වූ කුර්ආනයේ (හෝ/හා) හදීසයේ සදහන් වී තිබීම අත්‍යඅවශ්‍ය වේ. ඒ අනුව ඉස්ලාමීය ආදර්ශය විමසා බැලුවේ නම්,

රමලාන් මාසය (උපවාසය) ආරම්භ කිරීම හා අවසන් කීරීම සම්බන්ධයෙන් මුස්ලීම්වරයෙකු අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගය පහත හදීසයන් තුලින් නබිතුමාණන් ඉතා පැහැදිලි ලෙස මෙසේ පවසයි. එනම්,

“රමලාන් හඳ දකිනා තුරු නුඔලා උපවාසය නොඅරභන්න හඳ දකිනා තුරු උපවාසය අත්නොහරින්න නුඔලාට, වලාකුළු හේතුවෙන් (එදින) හඳ නොපෙනුනේ නම් (මාසය දින 30 සේ) පූර්ණය කරගන්න.”

මූලාශ්‍ර ග්‍රන්ථය : බුහාරී

“රමලාන් හඳ දකිනා තුරු නුඔලා උපවාසය නොඅරභන්න හද දකිනා තුරු උපවාසය අත්නොහරින්න නුඔලාට වලාකුළු නිසා එදා හඳ නොපෙනුනේ නම් එම මාසය දින 30 ලෙස සලකන්න. එසේත් නැත්නම් (හඳ දුටු බවට) සාක්‍ෂි 02 ලැබුනේ නම් ඒ අනුව ක‍්‍රියා කරන්න.”

මූලාශ්‍ර ග‍්‍රන්ථය – නසායි

ඉහත හදීසයන් 02 දෙස බැලීමේදී මා ඉහතින් සදහන් කලාසේ නව හඳ බැලීම සෑම මුස්ලීම්වරයෙකුට අනිවාර්‍ය බව පැහැදිලිය. එසේම හඳ දැකීමෙන් හෝ (හඳ නොදුටු නිසා) ගෙවීයන මාසය දින 30ක් ලෙස පුර්ණ කිරීමෙන් පසුව තමා නව මාසය ආරම්භ කලයුතු වන්නේ යන්නත් පැහැදිලිය. එසේම සමස්ථ මුස්ලීම් සමාජයටම නව හඳ බැලීම අනිවාර්‍ය වුවත් තමන් නොදුටු හඳ වෙනත් කවුරුන් හෝ දැක එම සාක්ෂි ලැබුණේ නම් එය පිලිගතයුතු යන්නත් ඉහත දෙවන හදීසය අනුව පැහැදිලිය. ඒ අනුව හඳ නොදුටුවත් හද දුටුවන් දෙදෙනෙකුගේ සාක්‍ෂි පදනම් කරගෙන උපවාසය ආරම්භකල හැකි බවද ඉහත හදීසයෙන් පැහැදිලිය. එසේ නම් සියළු දෙනාටම හද බැලීම අනිවාර්‍ය වුවත් දෙදෙනෙකු එම හඳ දුටුවේ නම් උපවාසය ආරම්භ කිරීමට එය ප‍්‍රමාණවත් බව ද මින් තහවුරුවේ. ඉහත එම හදිසය සම්බන්ධයෙන් අදහස් දක්වන ඉස්ලාමීය විද්වතෙකු වන ඉබුනුතයිමියා (රහ්) තුමා “හඳ බැලීම සෑම කෙනෙකුටම කල නියෝගයක් නොවේ. එය ‘ෆර්ලු කිෆායා’ වේ” යනුවෙන් පවසයි. මේ අනුව ඉස්ලාමීය ක්‍රමයට නව මාසයක් ඇරඹීමට නව හඳ දැකීම යන්න සෑම කෙනෙකුටම අනිවාර්‍ය අවශ්‍යතාවයක් නොවන බවත්, සාක්ෂිමත පදනම්ව නව මාසය ඇරඹිය හැකි බවත්, ගණනය කොට නිර්ණය කිරීමට කිසිදු අවසරයක් අනුමැතියක් දහම තුල නොමැති බවත් පැහැදිලි වේ.

සැ: යූ: – මේ විෂය පිලිබදව මුස්ලිම් සමාජයේ පවතින විද්වත් මතවාදයන් comments හෝ ලිපි ලෙස (info@yahamaga.com) අදහස් පලකරන්නේ නම්, එම මතවාදයන් සංවාදයට බදුන් කිරීමට යහමඟ සූදානම්.

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 7 යි.

  1. මජීඩ් 2013-07-06 at 14:03

    සහෝදරයා ඔබේ මතයට අනුව මින් කුමණ කණ්ඩායමද නිවරැදි වන්නේ .

    • අබූ අර්ශද් 2013-07-06 at 15:13

      මේ කාරණයේ දී ඉස්ලාම් දහම පැහහැදිලිව ම සාක්ෂි පදනම් කරගන්න ක්‍රියා කිරීමට අවසර ලබාදී ඇත. එසේම රටක දේශසීමාවන් පදනම් කරගෙන දින නිර්ණය කරන වැරදි ක්‍රමවේදයක් ඉස්ලාම් කිසිදු තැනක පෙන්වාදී නැත. එම නිසා ගමින් ගමට හෝ රටින් රටට හඳ නිර්ණය කිරීම ඉස්ලාමීය ඉගෙන්වීමන්වලින්’ බැහැර වූ වැරදි ක්‍රමවේදයකි.

  2. මජීඩ් 2013-07-04 at 13:14

    නබි තුමාගේ හදීසිය අනුව සියළු රටවල් හෝ ප්‍රදේශ වෙනවෙනම නව සඳ දැකිය යුතුයැයි සඳහන් නොවේ ,නමුත් ඇයි මැද පෙරදිග හා ලංකාවේ එකම දිනයේ , නව සඳ උදාව අනුව කටයුතු සිදුනොවන්නේ ,
    සහෝදරයා කරුණාකර පැහැදිලි කර දෙන්න.

    • අබූ අර්ශද් 2013-07-04 at 17:02

      ඔබ පවසන කාරණය සැබෑවකි. මෙය මුස්ලීම් සමාජයේ සමහරක් පිරිසගේ හිතුවක්කාර තීරණ නිසාත්, සුළු පිරිසකගේ ආගමික අනවබෝධය එනම් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් හා හදීසයන් වැරදි ලෙස අවබෝධ කරගැනීම නිසාත් නිර්මාණය වී තිබෙන තත්වයකි. මෙම ගැටළුකාරී තත්වය මඟහරවා ගැනීමට සියළු පාර්ශවයන් ආගමික ඉගෙන්වීම තුල විවෘත මනසින් මැදිහත් වියයුතුව ඇත. මන්ද හඳ දැකීම පිලිබදව උනන්දු කරවන ඉස්ලාම් දහම තමා සාක්ෂි පදනම් කරගෙන මාසය ඇරඹිය හැකි බව පවසන්නේත්. (මේ පිලිබදව යහමඟ අඩවිය තුල විවෘත සංවාදයක් සදහා ඉඩ සලසා දීම ට වුවද සූදානම්ය)

      • අබූ අර්ශද් 2013-07-04 at 17:07

        මේ සම්බන්ධ ප්‍රධාන හදීසය…
        ‘වලාකුලූ හේතුවෙන් ෂව්වාල් හද අපට නොපෙනුනි එමනිසා අප උපවාසය රුක්කන් ලෙස පසුදාව ලැබුවෙමු එදින සවස් අවසාන භාගයේ එක්තරා මගී පිරිසක් (වාහන මගින්) නබිතුමාණන් හමුවට පැමින ‘අප ඊයේ හද දුටුවෙමු’ යයි සාක්ෂි පවසන ලදී. එවිට නබි (සල්) තුමානන් ඔවුන්ගේ උපවාසය අත්හරින ලෙසත් උදේ එලිවුනු වහාම ඔවුන් සියල්ලට අවුරුදු සලාතය ඉටුකරන ස්ථානයට (මුසල්ලාවට) යන ලෙසත් නියෝග කරන ලදී’
        දන්වන්නේ – අබු උමෙයිර් (රලි)
        ග‍්‍රන්ථය – අබුදාවුද්, ඉබුනුමාජා, නසායින් අල්කුබ්රා, බයිහකී, දාරකුද්නී, අල්ම්න්තහා, ඉබුනු හිෆ්ෆාන්, නසායි, අහ්මද්,

  3. zainul Luthufi 2013-07-03 at 02:45

    etharam sarthaka lipiyak nove .. anyagamikainta handa bala upawasa masaya erambeemata hetu nodekwena athara Muslim warunta thama viswasaya wardanaya kara geneemata pamanak mein karunu dekwena lipiyaki…

    Karnakara anyagamikainta therum kara diaheki akaraye handa bala upawasa masaya erambeemata hetu dekwena lipiyak pala karanne nema yahapathi

    • අබූ අර්ශද් 2013-07-03 at 04:04

      අසසලාමු අලෛකුම්,
      ප්‍රථමයෙන් කිවයුතු කාරණය නම් මා ඔබේ විවේචනය අගයනවා යන්නයි, ‘ඉන්ෂාඅල්ලාහ්’ ඔබ කියන කාරණය ගැන නැවත විමසා බලන්නම්. කොහොම වුණත් උපවාසය සම්බන්ධයෙන් ‘යහමඟ’ අඩවිය තුල ලියවුණූ ලිපි තුල ඔබ පවසන කාරණය යම්කාත් දුරකට හෝ ආවර්ණය වී තිබෙනවා යන්න මාගේ විශ්වාසයයි.
      යහමඟ අඩවිය තුල එසේ ලියවුණු ලිපි පෙලගැසීම කියවන්න මෙහි click කරන්න

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *