හලාල් පිලිබදව ඇත්ත නැත්ත – බුද්ධිමතුන්ට විසදා ගැනීම පිණිසයි!

0

මේ මාතෘකාව තුලින් ‘හලාල්’ පිලිබදව වූ තවත් දීර්ඝ ලිපියක් නම් ඉදිරිපත් කිරීමට අදහස් නොකරමි. මන්ද මේ වන විටත් මෙම ‘හලාල්’ විෂය මූලික කරගෙන ලිපි ගණනාවක්ම මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කර ඇත. විශේෂයෙන් වර්ථමානයේ අප රට තුල නිර්මාණය වෙමින් තිබෙන තත්වය මූලික කරගෙන මෙම විෂය සම්බන්ධයෙන් ‘යහමඟ’ ස්ථාවරය කුමක්ද? යන්න කරුණූ දක්වමින් ඉදිරිපත් කල ‘2013 මුස්ලීම්වරුන්ට තීරණාත්මක වර්ෂයක් හලාල් පිලිබදව යහමඟ ස්ථාවරය‘ යන ලිපිය එයට හොදම හා සමීපතම නිදසුනකි. තවද ‘යහහමුව’ සමාජ ජාල අඩවිය තුල  මෙන්ම අනිකුත් වෙබ් අඩවිවල ද දිගින් දිගටම ඉහත විෂය සම්බන්ධයෙන් කරුණූ සාකච්චා කලා නිසා තවදුරටත් අලුත් ලිපි ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැත. නමුත් ‘හලාල්’ විෂය පිලිබදව කොතරම් කරුණූ ඉදිරිපත් කල ද ඒ සියල්ල නිවරුදි ලෙස මේ රටේ මෙම විෂය පිලිබදව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ලඟා වුවාද? යන්න පිලිබදව විමසා බලන්නේ නම්, ඒ පිලිබදව බරපතල පැනයක් ඇත.

මේ පිලිබදව කථා කිරීමේ දී එනම් ‘හලාල්’ විෂය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමේ දී අප රටේ (රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත්, සඟරා, අන්තර්ජාල… යනාදී) මාධ්‍යයන් ක්‍රියා කල ආකාරය පිලිබදව මුස්ලීම්වරුන් වන අපට විශාල ගැටළුවක් ඇත. සමහරක් මාධ්‍යය මෙම වර්ථමාන තත්වය තම මාධ්‍ය ආයතනය ජනප්‍රිය කරගන්න ආශීර්වාදයක් කරගත්තා මිස සැබෑ හා සමබර මැදිහත්වීමක් එහි සිදුකලේ නැත. මේ නිසා ‘හලාල්’ විෂයට අදාල මෙතෙක් ඉදිරිපත් වූ ලිපි, සංවාද හා විෂයට අදාල අනිකුත් කරුණූ ශ්‍රී ලාංකීය ජනතාව අතරට ගෙනයාමේ විශාල වගකීමක් මුස්ලීම් සමාජයේ කර මත පැටවී ඇත. මන්ද කවදත් සත්‍ය වාර්ථා කරනවාට වඩා ජනප්‍රිය ජන ආකර්ශන පුවත් වාර්ථා කරන අප රටේ මාධ්‍ය සම්ප්‍රදාය තුල රටේ සුළුතරය වෙනුවෙන් මීට වඩා සාධාර්ණයක් අපේක්ෂා කල නොහැක. එයට පසුගිය දිනවල අප රටේ උණූසුම් පුවත් මැවූ ‘නයි නලඟන’ හා ‘පාසැල් දැරියගේ පොල් ගෙඩි අටේ සොරකම’ සමීපතම නිදසුනකි. මේ තත්වය හොදින් අවබෝධ කරගෙන වර්ථමානයේ රට තුල ‘හලාල්’ සම්බන්ධයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන වැරදි අවබෝධය දුරු කිරීමට මුස්ලීම් සමාජය විවිධ ‍ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරිපත් වියයුතුය. විශේෂයෙන් මුස්ලීම්වරුන් සතු  බ්ලොග් හා වෙබ් අඩවීන් තුලින් මෙන්ම ෆේසුබුක්, ටුවිටර්, ගෝගුල් ප්ලස්… යනාදී සමාජ ජාල අඩවි තුලින් විශාල වැඩකොටසක් ඉටු කලහැකිව ඇත. මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ද ඇත. එනම් සමහරක් පිරිස් අද ‘හලාල්’ විවේචනය කරන ආකාරයට වියරුවෙන් හා සමාජයක් කෙරෙහි වෛරයෙන් ඒවාට පිලිතුරු ලබාදීමට කටයුතු නොකලයුතුය. එසේම මේ විෂය පිලිබදව මුල, අඟ හා මැද පිලිබදව හොද අවබෝධයක් ඇතුව කටයුතු කලයුතුය. සරලව පවසන්නේ මඩ ව්‍යාපාරවලට නොගොස් ඉස්ලාමීය සීමාව තුල හිඳ  කටයුතු  කලයුතුය.

ඒ අනුව ඉහත මෙහෙවර‍ට අත්වැලක් ලෙස මෙන්ම මේ ‘හලාල්’ විෂය පිලිබදව අධ්‍යනය කරන්න උනන්දුවක් දක්වන පිරිසගේ පහසුව පිණිස පසුගිය කාලවල එම විෂය පිලිබදව අප රටේ විවිධ මාධ්‍යයන් තුල ඉදිරිපත් වූ හා නොවූ ඉහත ‘හලාල්’ විෂයට පක්ෂව හා විපක්ෂව සාකච්චා කල කරුණු පාඨක ඔබේ බුද්ධිමත් අවදානයට පහතින් පෙලගසන්නට මා අදහස් කලෙමි. ඒ,

  • ජාති හෝ ආගම්වාදී මුහුණුවරකින් මේ විෂය පිලිබදව නොබලන, අවංකව මේ විෂය පිලිබදව අධ්‍යනය කරන පිරිසට පහසුවක් වනු පිණිසය,
  • මේ විෂය බොහෝ මාධ්‍යයන් විකෘති කොට සමාජගත කරමින් සිටින නිසා මේ පිලිබදව සාධාර්ණ විනිශ්චයක් ඔබම ලබා ගැනීම පිණිස,
  • සමාජය තුල සාකච්චා වන කරුණුවල ඇත්ත නැත්ත ඔබම දැනගැනීම පිණිසය,
  • ‘හලාල්’ යනු කුමක්ද? ඒ වටා ගොඩනැඟූ තර්ක විතර්ක මොනවාද? එම තර්ක කොතරම් දුරකට සාධාර්ණ ද? යන්න ඔබම තීර්ණය කිරීම පිණිසය,
  • මේ හලාල් විරෝධී ව්‍යාපාරය තුල කොතරම් පටු අරමුණු ඔස්සේ සමහරක් පිරිස් හා සංවිධාන ක්‍රියා කරනවාද? යන්න ඔබම තීන්දු කිරීම පිණිසය,
  • කෙටියෙන් හා සරලව පවසනවා නම්, මෙය බුද්ධිමත් ඔබම විසදා ගැනීම පිණිසය.

(සැ: යු:- කෙසේ වෙතත් මේ විෂය පිලිබදව ඉදිරියේ දී ද අප රටේ මාධ්‍යයන් තුල සාකච්චා වන තොරතරු මේ ලිපිය තුල තවදුරටත් යාවත්කාලීන කිරීමට අදහස් කරන අතර මේ ‘හලාල්’ විෂයට පක්ෂව හා විපක්ෂව කරුණූ දක්වන පුවත් හෝ විඩි‍යෝ පාඨක ඔබ සතුව තිබේ නම්, එහි link ‘යහමඟ’ වෙත ලබා දෙන්නේ නම්, එයත් මෙම ලිපිය තුල ඉදිරිපත් කිරීමට කටයුතු කරමි.)

වීඩියෝ පෙලගැසීම
වීඩියෝ වීඩියෝ
2013/01/22 දින TNL හි අසාද් සාලි මහතා සමඟ පැවැත් වූ සාකච්චාව[audio:http://www.yahamaga.com/wp-content/uploads/TNL MP3/20130122 TNL.mp3] 2013/02/05 දින TNL හි බොදු බළ සේනා ස්වාමින් වහන්සේලා ඉදිරිපත් කල කරුණූ[audio:http://www.yahamaga.com/wp-content/uploads/TNL MP3/20130205 TNL.mp3]
2013/02/20 දින නෙත් Fm හි සිදුකල සාකච්චාව[audio:http://www.yahamaga.com/wp-content/uploads/TNL MP3/20130220 Neth FM.mp3]

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *